
ලෝකයේ ආහාර නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට එක් හේතුවක් නම් බෝග හා සත්ව නිෂ්පාදනයට උපකාර වන රසායන විද්‍යාවට අයත් රසායන ද්‍රව්‍ය පරාසයයි. පොහොර යෙදීම මගින් නිසරු පසක් සරු පසක් බවට පත්කළ හැකිවන අතර එමගින් කෘෂිකාර්මික ඉඩමක නිෂ්පාදිතතාවය ඉහළ දැමිය හැකිය. නමුත් කෘෂි රසායන යෙදීමට පෙර ඒවායේ හායන සහ ඒවාට සම්බන්ධ අවධානම් සාධක ඇතුලත් යාන්ත්‍රන පිළිබද දැනුමක් ඇතිකර ගැනීම නිෂ්පාදකයා සතු වගකීමක් වේ. එනම් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන්නේ කෙසේ ද, කුමන අවස්ථාවේ ද යන්න මනා දැනුමක් නිෂ්පාදකයා තුළ තිබිය යුතුය. තවද පාරිභෝගිකයාගේ සෞඛ්‍යට අහිත කරවිය හැකි කෘෂි රසායන අවශේෂ (Pb,As,Hg) පිළිබද දැනුමක් ආහාර නිෂ්පාදකයා තුල තිබිය යුතුය. ආහාර සැකසීමේ දී සමහර විෂ රසායන ජනනය වන නිසා එකී සැකසීම් කරණ පුද්ගලයා එවැනි ප්‍රතික්‍රියා පිළිබද දැනුවත් වියයුතු අතර උෂ්ණත්වය සහ තාපය සපයනු ලබන කාලය වැනි සැකසීම් තත්ව පිළිබද පැහැදිලි විද්‍යාත්මක දැනුමක් ආහාර නිෂ්පාදකයා හෝ ආහාර සැකසුම්කරු තුළ තිබිය යුතුය.
පළතුරු ඉදීමේ දී
භාවිතා කරණ කෘතීම ඉදවුම් කාරක ජනප්‍රිය වී තිබේ.
ඉදවුමු කාරකය පිළිබද තීරණය කිරීමට පෙර ඒවා භාවිතා කරණු ලබන පුද්ගලයාට ඒවා
යොදා ගන්නා ආකාරය, ද්‍රව්‍යයෙහි වියෝජනය සහ රසායනික අවශේෂවලට සම්බන්ධ අන්තරායකාරි
තත්ව යනාදිය පිළිබදව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.



ආහාර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ට රසායන විද්‍යාවේ වැදගත්කම
විද්‍යා හා තාක්ෂණ නිලධාරි : ඒ.එම්.සී.එල්. සේනාධීර
0 comments:
Post a Comment