පිෂ්ඨමය ආහාර කාණ්ඩයට අයත් වන සහල් දකුණු
ආසියානු ලාපයේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආහාරය වේ. අපගේ පෝෂණයෙහි ප්‍රධාන ශක්ති ප්‍රභවය වනුයේ
සහල්ය. වෙනත් ධාන්‍ය වර්ග හා සැසදීමේදී සහල්වල තිබෙන ප්‍රෝටීන ගුණාත්මක භාවයෙන්
ඉහල වේ. එයට හේතුව වනුයේ සහල්වල තිබෙන ප්‍රෝටීන වල අඩංගු ඇමිනෝ අම්ල අප ශරීරයට අවශ්‍ය අනුපාත
වලින් අඩංගු වීමයි.
සහල් යකඩ (Fe), කැල්සියම්(Ca) ඌණ ආහාරයක් වුවද එහි ඇති පොස්ෆරස්(P) ප්‍රමාණය ආහාරයේ ඇති
යකඩ හා කැල්සියම් වඩා හොදින් අවශෝෂණයට
උපකාරී වන නිසා එම ඌණතාවය මග හැරේ. සහල්
ඉතා හොද විටමින් බී හා නිවුඩු සහල් ඉතා හොද මැංගනීස් (Mn) ප්‍රභවයකි.

සහල් වල පෝෂණ අගයන්
දුඹුරු සහල් (රතු) නොපාහින ලද
|
සුදු කැකුළු
|
තම්බපු සහල්
|
|
ශක්තිය
|
කැලරි 4360
|
කැලරි 360
|
කැලරි 360
|
ප්‍රෝටීන
|
ගෑම් 7.5
|
ගෑම් 6.7
|
ගෑම් 7.5
|
ලිපිඩ
|
ගෑම් 1.8
|
ගෑම් 1.7
|
ගෑම් 1.1
|
කැල්සියම්
|
මිලි ගෑම් 15
|
මිලි ගෑම් 10
|
මිලි ගෑම් 14
|
යකඩ
|
මිලි ගෑම්
1.4
|
මිලි ගෑම් 0.9
|
මිලි ගෑම් 1.0
|
විටමින් ඒ
|
මයික්‍රො ගෑම් 10
|
-
|
-
|
විටමින් බී1
|
මයික්‍රො ගෑම් 0.33
|
මයික්‍රො ගෑම් 0.08
|
මයික්‍රො ගෑම් 0.22
|
විටමින් බී2
|
මයික්‍රො ගෑම් 0.05
|
මයික්‍රො ගෑම් 0.03
|
මයික්‍රො ගෑම් 0.04
|
නියැසින්
|
4.6
|
1.6
|
3.8
|

ආසාත්මිකතා ඇති නොකරන බැවින් ළදරු ආහාර නිෂ්පාදනයේදී සහල් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. අජීර්ණය වැනි උදරාබාධ , සුළු පාචනය සහ මලබද්ධය සුව කිරීමට සහල් යොදා ගනී. නිවුඩු සහල් මගින් බඩවැල් පිළිකා ඇති වීම වැනි උදර රෝග, හෘද රෝග , අධික තරබාරුව, ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව ඇතිවීම වලකාලයි.
යම් ආහාරයක් ජීර්ණයේදී කොතරම් ඉක්මණින් සීනි බවට හැරෙනවාද යන්න ග්ලයිසිමික් දර්ශකය මගින් පෙන්නුම් කරයි. සහල් වන ග්ලයිසිමික් අගය මධ්‍යම ප්‍රමාණයේ පවතී. මේ නිසා සහල් ආශ්‍රිත ආහාර තිරිගු පිටි සහිත ආහාර වලට වඩා සුදුසු වන අතර විශේෂයෙන් දියවැඩියා රෝගීන්, තරබරු පුද්ගලයින් සහ බර වැඩවල යෙදෙන පුද්ගලයන් සදහා වඩාත් සුදුසු වේ.
ආහාර වර්ගය
|
ග්ලයිසිමික් අගය
|
සුදු පාන් , ඩොනට් , අල
|
70
ට වැඩි ( වැඩි)
|
නිවුඩු සහල් බත් , කැකුළු සහල්
බත්
|
55 – 70 ( මධ්‍යම)
|
තැම්බු සහල් බත්, කිරි , සෝයා ,
කඩල
|
55
ට අඩු ( අඩු)
|
දැනට ලංකාවේ වගා කිරීම සදහා භාවිතා කරන වී වර්ග වනුයේ බීජී, ඒටී සහ බීඩබ්ලිව් ය. තවද බටපොලල්, බෙහෙත් හීනැටි , සහනල , දෙවැරිද්දිරි , දික් වී , ගොඩහීනැටි, ගෝනබරු, හේරත් බණ්ඩා , හොඩරවාළ , කහට වී, කළුබාල වී, කළු හීනැටි, කට්ටමණ්ජල්, කොටිටයාර්, මඩතවාළු, මසුරන්, පචිචපෙරුමාල්, රන් සුවදැල් රත්තැල්, රතුහීනැටි, සුදු හීනැටි, සුදුරු සම්බා , සුලයි, සුවදසම්බා , වන්නි, දහනල වැනි දේශය පාරම්පරික වී වර්ගද ලංකාවේ පවතී.
තුෂංග හේරත්, විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
හාලිඇල.
0 comments:
Post a Comment