August 5, 2014

යතුරු පැදි සදහා සරල එලාම් (Alarm) පද්ධතියක්

කාර්,වෑන් වැනි වාහන සොරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනිමට එහි දොරවල් වලට හා වාහනයට අත තැබු විගස නාද නිකුත්වන ආරක්ෂක එලාම් පද්ධති පිළිබද තිබේ.

මෙහි සදහන් කරනුයේ සරලව සකසා ගත හැකි හා පහසුවෙන් සවි කල හැකි එවැනි ආරක්ෂක පද්ධතියක් පිළිබද තොරතුරු වේ. මෙය කුඩා පරිපථයක් වන අතර සංකීර්ණ වයර් ප්‍රමාණයක් නොමැති නිසා පහසුවෙන් සගවා තැබිය හැකිය. බයිසිකලයේ 12 V බැටරියක් ඇති නිසා මෙය පහසුවෙන් සවිකළ හැකි වේ. මෙම පරිපථය සදහා විශාල විදුලියක් වැය විමක්ද සිදු නොවේ.

මෙම සැගවුන පරිපථයේ S1  යන තද කල විට On වන Switch (Push  to on) 1ක් භාවිතා කළ හැකි වේ. මෙම Switch ය වෙනුවට චුම්බකයක් සහිත Reed  Switch  යක් හෝ ඔබට හැගෙන වෙනත් පහසු ක්‍රමයක් යොදාගත හැකිය. මෙම පරිපථය නිර්මාණය කර ඇත්තේ අඩු විභවයකින් ක්‍රියාත්මක වන MOSFET Timers 2 කිනි. මෙහි S2  යන යතුරු පැදියේ On/Off  වන Switch යට යොදාගත (Ignition)  හැකිය.


මෙහි S3  Switch(Tilt) Switch  යකි.  එනම් සොලවන විට ක්‍රියාත්මක වන Switch යකි. මෙහි ක්‍රියාකාරිත්වය දැක්විම සදහා අදාල විඩියෝව පහත දැක් වේ. යතුරු පැදිය මගින් S2 Key  එක සම්බන්ධ වි MOSEFT  T2  වෙත විදුලිය ලැබේ. Ignition  (S2) Switch  ය Off  කළ විගස ආසන්න වශයෙන් තත්පර 15ක් තුළ යතුරු පැදිය නවති. මෙය සිදුවන්නේ R6 Resister  ය හරහා C3  කැපසිටරය Charge  විම මගිනි. යම් පුද්ගලයෙක් බයිසිකල ගෙන යාමට තැත්කලහොත් ආසන්න වශයෙන් තත්පර 15ක් තුළ එලාම් එක ක්‍රියාත්මක විම ආරම්භ වි යතුරුපැදිය පනගන්වන ස්විචය Off වේ. (Ignition Circuit)  මිට අදාල පරිපථ සටහන් රූපය 1            මගින්ද අදාල SCR  සහ Transistor  වල පාද හදුනාගැනිම රූපය 2 මගින්ද දක්වා ඇත.

රූපය 1             අඩු වියදම් යතුරුපැදි එලාම් පද්ධතිය


රූපය 2             පාදවල පිහිටිම BT169,BS170,BCS48    

මෙම පද්ධතිය අත්හදා බලා ඔබගේ අදහස් දක්වන්න.

උපුටා ගැනිම -  http://www.electronicsforu.com/newelectronics  වෙබ් අඩවියෙනි.



ඒ.ඒ.ඡේ.එස්. අතාවුද,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
ගලගෙදර.

0 comments:

Post a Comment