October 12, 2016
සුර්යාලෝකය වෙනුවට අන්තරික්ෂණ කිරණ මගින් ජිවය ලැබීම
අන්තරික්ෂණ (cosmic) කිරණ මගින් ජිවය ලබන
පිටසක්වල ජීවින් පැවතිය හැකිද? ධුර්ත ග්‍රහලෝක (rogue planets), වල්ගාතරු යනාදියෙහි
පැවතිය හැකි ක්ෂුද්‍ර ජිවින් හට මෙවැනි
මරණිය විකිරණ උදේ ආහාර වේල වේද? තාරකා මණ්ඩලයේ අන්තරික්ෂණ (cosmic) කිරණ වල එක්
ප්‍රභවයක් ලෙස සිතු Supernova තුළ මෙවැනි ජීවින් බලගැන්වීම සදහා ප්‍රමාණවත් බල
ශක්තියක් ඇත.
පෘථිවිය, සුර්යා
මගින් බල ගැන්වී තිබේ. සුර්යා අප වෙත විදින පොටෝන කදම්භ මගින් පෘථිවියේ ඇති කොළ
පැලැටි තුළ ශක්තිය ගොඩ ගැසේ. ඉන්පසු එම පැළෑටි අපි ආහාරයට ගනිමු නැතිනම් එම පැළෑටි
අනුභවය කරන සත්වයන් අපි ආහාරයට ගනිමු. ආහාර දාමය ලෙස සලකන මෙම ක්‍රියාදාමයට අමතරව අපට
මිහිරි සුර්ය බලශක්තිය වක්‍රව අපිද උරා ගනිමු.
ධුර්ත ග්‍රහයන්
හා කක්ෂ ගත වූ තාරාකා නොමැත. ඒවා තාරකා අතර පවතින අදුරු අවකාශයේ (interstella) ඉබාගාතේ
සැරි සරයි. පෘථිවිය තුළ සිදුවන සුර්යාලෝක ක්‍රියාවලියට සමාන ලෙස ධුර්ත ග්‍රලෝක තුළ
අන්තරික්ෂණ කිරණ ක්‍රියා කරනු ඇත. එනම් මෙම
අධි ශක්ති කිරණ මගින් සුර්ය කිරණ හෝ වායුගෝලයක් නොමැති ගැඹුරු බිමෙහි පාරිසරික
පද්ධතිය බල ගැන්වේය යන අදහස යෝජනා වී ඇති බව Royal Society Interface සගරාව ප්‍රකාශ
කරයි.
පෘථිවිය තුළ
පවා සිදුවන අද්භූත සිදුවීම් මෙම උපකල්පනයට හේතු වී තිබේ. පොළව යට ඉතා ගැඹුරු ප්‍රදේශයේ
සිටින Desulforudis audaxviato බැක්ටීරියාව
ජීවත්වනුයේ යුරේනියම්, තෝරියම්,
පොටෑසියම් වැනි විකිරණශීලි මුලද්‍රව්‍ය වල අතුරු නිෂ්පාදන ආහාරයට ගනිමින්ය. පෘථිවිය මතුපිට ඇති
ශාක සුර්යාගේ ශක්තිය උපයෝගී කරමින් ජලය කොටස් කර කාබෝහයිඩ්රේට්
නිෂ්පාදනය කරයි. ඒ ආකාරයෙන්ම මෙම බැක්ටීරියාව විකිරණශීලි පර්වත අහුරන අංශු වල හැකියාව ප්‍රයෝජනයට ගනියි. එම
අංශු ජලය කොටස් කරමින් වෙනත් අංශු හා සම්බන්ධ වී බැක්ටීරියාවට අවශ්‍ය ආහාර
නිපදවයි.
Blue Marble Space
විද්‍යායතනයේ තාරකා ජීව විද්‍යාඥ Dimitri Atri යෝජනාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ
කලේ තාරකා මණ්ඩලයේ අන්තරික්ෂකණ විකිරණ ජලය හා වෙනත් අණු වඩා ප්‍රයෝජනවත් ස්වරූප
සදහා කොටස් කිරීමට අවශ්‍ය ශක්තිය සපයන බවයි.
පෘථිවි පරිසර
පද්ධතිය මෙවැනිම වූ ආකාරයකට ක්‍රියාත්මක වන නිසා මෙම උපකල්පනය සම්පුර්ණයෙන් සැලකිය
යුතු බව මෙම පර්යේෂණයට සහභාගී නොවූ NASA හි තාරකා ජීව විද්‍යාඥ Chris Mckay පවසයි.
අන්තර්ජාලය ඇසුරෙණි.
October 10, 2016
නොබෙල් සම්මානය ලද “අණුකමය යන්ත්‍රය (molecular machine)”
රසායන විද්‍යාව
නව මානයකට යොමු කරමින් රසායන විද්‍යාව සදහා 2016
නොබෙල් සම්මානය ලබා ගැනීමට “අණුකමය යන්ත්‍රය (molecular machine)” නම් මෙම ක්ෂුද්‍ර
යන්ත්‍රය සමත් වූ බව රාජකීය ස්වීඩන විද්‍යාපීඨය වාර්තා කළේය. ධාවනය කළ හැකි රෝද
හතරකින් සමන්විත නිනිති මොටර් රථය (nano four wheel driver car) මෙන්වූ වූ අණුකමය යන්ත්‍රය
මාංසපේශිමය අණු මගින් ගොඩ නැගු ඉතාමත්
කුඩා උත්තෝලකයකි. එය නිර්මාණයට දායක වී ඇමෙරිකානු ඩොලර් 933,000(ආසන්න ලෙස රු.මිලියන
130 ක් පමණ) ක ත්‍යාග මුදල ලබා ගත් විද්‍යාඥයන් තිදෙනා එකිනෙකාගෙන් ස්වාධීනව එහි
කොටස් නිර්මාණය කර අවසානයේදී ඒවා සංකලනයෙන් අණුකමය යන්ත්‍රය ගොඩ නැගීමට
සමත් විය.
ඇමෙරිකා එක්සත්
ජනපදයේ Northwestern විශ්ව විද්‍යාලයේ
ශ්‍රීමත් James Fraser Stoddart මේ සදහා පළමු පියවර
තබමින් 1983 දි වලලාකාර අණු දෙකක් එකට සම්බන්ධ කර අණු දාමයක් සකස් කළේය.
ප්‍රංශයේ Strosburg විශ්ව විද්‍යාලයේ Jean-Pierre Sauvage යාන්ත්‍රික
බැදීමක් උපයෝගී කර ගනිමින් තඹ අයණ යොදා ගනිමින් අණු අන්තර්බද්ධ කිරීමට සමත් විය.
1991 දි Stoddart අණුක
ආරෝහකයක් (උත්තොලකයක්) සැදීමට හැකි වන පරිදි
rotaxane නම් ඩම්ප්බෙල් (දෙකොන බර යෙදු) ස්වරුපයේ අණුක ව්‍යූහයක්
සංවර්ධනය කළේය. Stoddart ගේ පරීක්ෂක
කණ්ඩායම මතුපිට පෘෂ්ඨයේ සිට තමාවම නැනෝ මීටර 0.7 ක් එසවිය හැකි උත්තොලකයක් වැනි
අණුක යන්ත්‍රයක්ද පසුව නිපදවන ලදී.
නෙදර්ලන්තයේ Garnigen විශ්ව විද්‍යාලයේ Bernard L. Feringa 1999 දි පළමු
වරට අණුක මෝටරයක් සහ 2011 දි ධාවනය කළ හැකි රෝද හතරේ නැනෝ මෝටර් රථයක් නිපද වුයේය.
මෙම නිර්මාණ සංකලනයෙන්
අවසානයේදී සම්මනයාට පාත්‍ර වූ අණුකමය යන්ත්‍රය
නිෂ්පාදනය කළ අතර ඒ පිලිබදව “අපි හුදෙක් විද්‍යාඥ පවුලක් පමණක් නොවේ අපි ජෛව විද්‍යාත්මක
පවුලක්ද වෙමු.”යයි Stoddart ප්‍රකාශ කළේය.
පියවි ඇසට හෝ සාමාන්‍ය
අන්වික්ෂයකට හෝ නොපෙනන තරම් කුඩා අණුකමය යන්ත්‍රය, හිසේ කෙස් ගහකට වඩා 10000 ස්
ගුණයකින් කුඩාය. මෙවැනි කුඩා යන්ත්‍රයකට මෙතරම් විශාල විභවයක් ඇතැයි සිතා ගැනිමටද
අපහසුය. එහෙත් මෙම සොයාගැනීම 1830 දි පළමු වරට විදුලි මෝටරය සොයාගැනීම බදුය.
විදුලි මෝටරය ලෙස රෝද සමග කැරකෙන වක් දණ්ඩක් හදුනාගත් විට එය පසු කලෙක විදුලි
දුම්රිය, සෝදන යන්ත්‍ර, විදුලිපංකා, ආහාර සකසන වැනි අනේක විධි භාණ්ඩ සැදීම සදහා
යොදා ගනු ඇතැයි 1830 දි කිසිවෙකු සිතුවේද නැත. අණුකමය යන්ත්‍රයද ඉදිරියේදී ශරීරය
තුළ පිළිකා දඩයමේ යන රොබෝවරු, පරිගණක සදහා කුඩා බලශක්ති ඒකක යනාදී ආදේශක ලෙස
දියුණු වනු ඇත. අණුකමය යන්ත්‍ර ආදේශකයක් ශරීරයේ ශිරා නාලයකට එන්නත් කර පිළිකා සෛල
වලට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයාට නුදුරු අනාගතයේදීම හැක වනු ඇත.
අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=I5JgJsjq3Q4
October 6, 2016
විද්‍යාඥයෝ සොයාගත් විභ්‍රමණය වන නිල් ගින්දර
ගින්දර පිළිබද විශාරද
දැනුමක් ගල් යුගයේදීම තමන් ලබා ගත බව මිනිසුන්ගේ විශ්වාසයයි. එහෙත් වසර සිය දහස් ගණනකට
පසුවද ගින්දර තවමත්, වශීකරණයට සහ ව්‍යාකුලත්වයට හේතුවක් වී තිබේ.
National Academy of Sciences (විද්‍යාවන් පිළිබද ජාතික
විද්‍යාපිඨයේ) වත්මන් ක්‍රියාකාරකම් ලෙස ප්‍රසිද්ධියට පත්කළ අධ්‍යයනයකට අනුව මින්
පෙර නිරීක්ෂණය නොකළ ගින්දර විශේෂයක් එනම් මාරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්
විසින් “Blue Whirl (නිල් සුළිය)” යනුවෙන් නම් කළ සම්පුර්ණයෙන් නිල පැහැයෙන්
දිදුලන සහ ජලය මතුපිට පවා වේගයෙන් භ්‍රමණය වන ගිනිදැල් විශේෂයක් හදුනාගත් බව
වාර්තාවිය.
“සම්ප්‍රදායික ගිනි සුළි
වලින් නව Blue Whirl (නිල් සුළිය)
පරිණාමනය වී යයි මෙම සොයාගැනීමේ සම කතෘ සහ Glen
L Martin ආයතනයේ ඉංජිනේරු මහාචාර්ය Elaine Oran පවසයි. දුඹුලු අංශු
පැතිරීම නිසා සාමාන්‍ය ගින්දර කහ පැහැය ගන්නේ ඉන්ධන සම්පුර්ණයෙන් දහනය වීම සදහා
අවශ්‍ය O2 (ඔක්සිජන්) ප්‍රමාණවත්ව නොතිබීම නිසාය. එහෙත් Blue Whirl (නිල් සුළිය)
පෙන්වාදෙන්නේ සම්පුර්ණ දහනය සදහා O2 ප්‍රමාණවත්ව ලබා
ගෙන ඇති බවයි. දුඹුලු අඩු හෝ සම්පුර්ණයෙන් නොමැති නිසා එය වඩා පිරිසිදු දහනයක් වේ.
මෙම නිල්
සුළිය හුදෙක් වර්ණවත් දර්ශනයක් ඉදිරිපත් කිරීමට අමතරව ද්‍රව යාන්ත්‍රණයට සම්බන්ධ
සලා ප්‍රභේද (vortices) සහ භ්‍රමණ භූමික (vortex) අධ්‍යයනය සදහා
යොදා ගත හැකිය. පර්යේෂණාගාර ක්‍රියාවලි වලට අමතරව ප්‍රයෝගික ජිවිතයේ ක්‍රියාවලි
සදහාද නිල් සුළිය ආදේශ කර ගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. එහි ඇති ස්ථාවරත්වය ,
පිරිසිදු බව, ඵලදායී බව සහ නිපදවීමට පහසු වීම යන ලක්ෂණ නිසා එය විශාල තෙල් ඉහිරීම්
පිරිසිදු කිරීමට භාවිතා කළ හැකිය.
“නිල් සුළිය
දහනය වෙනත් වර්ගවල දහනයන්ට වඩා කාර්යක්ෂම වේ. දහනය වේගවත්ව හා වඩා සම්පුර්ණව සිදු
වීමට අවශ්‍ය අයුරින් ප්‍රබල ලෙස වර්ධනය වූ උණුසුමක් ඉන්ධන මතුපිට ඇති කිරිමට එය
සමත්.” යයි මෙම ඉදිරිපත් කිරීමේ සම කතෘ සහ ගිනි නිවාරණ ඉංජිනේරු අංශයේ සහකාර
මහාචාර්ය Michel Gollner පැහැදිලි
කළේය. “ ජලය සම්බන්ධව කළ අපගේ පරීක්ෂණයේදී සංසරණය වන නිල් සුළිය නිපදවීම ඉන්ධන
ඇදගැනීම පහසු කරයි. එනිසා නිල් සුළි වලට සමාන වූ වඩා විශාල මට්ටමකින් ගීනිදැල් ඇති කර ගත හැකිනම් අපට වායු විමෝචනය අඩුකර වඩා පිරිසිදු
බවක් එනම් ඉන්ධන ඉහිරීම් පිරිසිදු කිරීමක් කළ හැකිය.” ඔහු තවදුරටත් සදහන් කළේය.
කෙසේවෙතත් නිල්
සුළිය නිර්මාණය වන ක්‍රමවේදය හෝ යාන්ත්‍රණය නිවැරිදීව හදුනාගැනීමට පර්යේෂකයන් සමත්
වී නැත. එනමුත් ඉහල කාර්යක්ෂමතාවක්, අඩු විමෝචක දහනයක් නිරුපනය කිරිම නිසා ඔව්හු
නිල් සුළි පිළිබදව දැඩි උනන්දුවක් දක්වති.
අන්තර්ජාලය
ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=WVeJ2Sieg44
October 5, 2016
අපි එකිනෙකාට වෙනස් වන්නේ මොළයේ කවර කොටස නිසාද ?
සියලුදෙනාම එකිනෙකාට
වෙනස්ය. අපගේ ස්වීයත්වය එසේ එක් එක් පුගලයාට අනන්‍ය ලෙස ක්‍රියාකරනුයේ මොලයේ කුමන ප්‍රදේශයේ
කුමන හේතු නිසාද? මෙම ස්වීයත්වය නිරුපනය කරන ලක්ෂණ වර්ගීකරණයට මනෝවිද්‍යාඥයෝ බොහෝ
කාලයක සිට විවාද කරති.
සංවාදය
අපේ පැවැත්මේ ප්‍රධාන අංගය
මොළය ලෙස සැලකේ. එහෙත් මොළයේ සුවිශාල ධාරිතාව පුර්ණ ලෙස හදුනාගැනීමට තව බොහෝ
කාලයක් ගතවනු ඇත. දැනට අපගේ මොළයේ රටාව ගවේෂණාත්මකව හදුනාගෙන ඇති ආකාරයට භාෂාව, ගතිය
(මනෝභාවය), මතකය, දැක්ම, කාරක හැකියාව සහ පුද්ගලතාව(පෞද්ගලිකත්වය) යන මධ්‍යගත කාර්යන්
6 ක් ලෙස මොළයේ නියෝග මත හැසිරේ යයි සැළකේ.
මෙහිදී එම නියෝග සාවද්‍ය වුවහොත් කුමක් සිදුවේද?
පුද්ගලිකත්වය යනු පුළුල්
මාතෘකාවක් වන අතර එමගින් මිනිසුන් ලෝකය හා සම්බන්ධ වීමේ පුරුද්ද සහ ඔවුන්ගේ අධ්‍යාත්මික
ස්වීයත්වය විදහා පායි. ළමාවියේ සිට වැඩිවිය දක්වා වූ සංවර්ධනයන්ගෙන් පසුවද මේ හා
සම්බන්ධවන රටාව බොහෝදුරට වෙනස් නොවී ජිවිත කාලය පුරාවට ස්ථාවරව පවතී. එම රටාව ඌරුව
(ගතිය) සහ පුහුණු වූ හැසිරීම මගින් පෙළඹවීම් හා උද්වේග සදහා යොමු වේ.
පෙර සදහන් කළ පරිදි සැම
පුද්ගලයෙකුට අදාළ අනන්‍ය ලෙස විදහාපාන පුද්ගලිකත්වය කිසියම් වූ හදුනාගැනිමකට ලක් කළ
හැකි වර්ගිකරණයකට මනෝවිද්‍යාඥයෝ විවිධ ක්‍රම ඉදිරිපත්කර තිබේ.
ඒවායින් බොහෝ කාලයක් භාවිතා කළ වඩාත් ජනප්‍රිය පිවිසුමකට අනුව පුද්ගලිකත්වය මාන 05
කට වර්ගීකරණය කර තිබේ.
1. අත්දැකීම්
සදහා විවෘතභාවය / Openness to experience - ( අනුකුලත්වය/curious හෝ පරික්ෂාකාරිබව/ cautious )
2. සිහිය/conscientiousness - (සැලසුම්සහගත බව/organized හෝ නොසැලිකිලිමත් භාවය / careless)
3. බහිර්වර්තනය/extraversion - (මිතුරු/outgoing හෝ හුදෙකලා බව/ solitary)
4. මනාපතාවය/ එකගත්වය/agreeableness - (මනාප/friendly හෝ වෙන්වූ/detached )
5. ස්නායුවිකාරිත්වය/neuroticism - (කලබල බව/nervous හෝ රක්ෂිත බව /secured)
ස්වයං විචාරක ප්‍රශ්ණාවලියක්
මගින් ලබාගත් පිළිතුරු අනුව මෙම මාන සදහා ලකුණු ලබාදී එමගින් යම් පුද්ගලයකුගේ
පුද්ගලිකත්වය විස්තර කරනු ලැබේ. මෙවැනි විස්තර වලින් පුද්ගලයන්ගේ සාමාන්‍ය සහ
අසාමාන්‍ය හැසිරීම් ද හදුනාගත හැකි වන අතර ඔහුගේ හෝ ඇයගේ රැකියා සඵලත්වය, ශාස්ත්‍රීය
ජයග්‍රහණ සහ අන්තර් පුද්ගල සම්බන්ධතා පිලිබදව පුරෝකථනය කිරීමට හැකියාව ලැබේ.
යම් පුද්ගලයකුගේ
පෞද්ගලිකත්වය සදහා ජාන සහ පාරිසරික සාධක යන දෙකම බලපායි. ජානවල දායකත්වය 30 – 50%
අතර වේ. ඉතිරියෙන් බොහෝ ප්‍රමාණයක් සදහා එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ ලෙස පාරිසරික
අත්දැකීම් දායක වේ.
අතීතයේදී මෙම විෂය
ක්ෂේත්‍රය අධ්‍යනය සහ සංවර්ධනය සිදුවුයේ ඉතිහාසගත සිද්ධි පාදක කොට ගෙනය.
වර්තමානයේදී පෞද්ගලිකත්වය හදුනාගැනීම සදහා වූ ස්නායුවේදී මනෝවෛද්‍ය විද්‍යාව
බොහෝවිට මනෝවිද්‍යාවේ ශුද්ධවූ බදුන ලෙසද සැලකේ. 1895 දි විද්‍යාත්මක මනෝවිද්‍යාව නම්
වූ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ ව්‍යාපෘතියේ මුඛ්‍ය ලියවිල්ල සදහා මාතෘකාව වුයේද පෞද්ගලිකත්වයයි.
පුද්ගලිකත්වය ඇතිවීම පිලිබදව ප්‍රධානම උදාහරණයක් ලෙස සලකනුයේ ඇමෙරිකානු ජාතික
දුම්රිය මාර්ග සේවකයෙකු වූ Phineas Gage ගේ පෞද්ගලිකත්වය වෙනස්
වූ ආකාරයයි. 1823 – 1860 කාලය තුළ ජීවත්වූ Gage හදිසි අනතුරකට මුහුණපෑවේය.
එහිදී විශාල යකඩ බටයක් ඔහුගේ හිස සම්පුර්ණයෙන් සිදුරු කර ඔහුගේ මොළයේ ලලාට ඛණ්ඩිකාවේ විශාල කොටසක් විනාශ කළේය. ඉන්පසු
සුවය ලැබූ Gage ගේ පෞර්ෂය
විශාල ලෙස වෙනස් වීමකට භාජනය වී තිබු බව වාර්තා වේ.
https://www.youtube.com/watch?v=C0aNjxCrjrY
September 30, 2016
එකිනෙකාට හිංසා කිරීමට මනුෂ්‍යයා පරිණාමනය වුයේ කෙසේද?
එකිනෙකාට හිංසා කරගැනීමට
හැකි ලෙස මිනිසා පරිණාමනය වී තිබේ.එහෙත් අපි සාදාකල් එසේ නොවුනෙමු. එලෙසම අපට එසේ
වීමට අවශ්‍ය වන්නේද නැත.
අනෙක් ක්ෂීරපායි සත්වයන්
හා සංසන්දනාත්මකව සහ අපගේ ඉතිහාසයට අනුව අනෙකාගේ ලේ සෙලවීමට අප යොමු වුයේ කෙසේදැයි
ග්‍රනාඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝස් මරියා ගෝමස් ඇතුළු කණ්ඩායමක්
පර්යේෂණාත්මක අධ්‍යනයක යෙදුනේය. මියගිය මිනිසුන් මිලියන 04 ක දත්ත සහ වංශ ප්‍රවේණිකත්වය
මෙම අධ්‍යයනය සදහා ඔවුන් භාවිතා කර තිබේ.එහිදී අවුරුදු 50,000 කට පෙර සිට අද දක්වා
විසු මිනිසුන්ගෙන් 600 ක පමණ මනුෂ්‍ය ප්‍රජාවක්ද වර්ග 137 ක ක්ෂීරපායි සත්ව විශේෂ
1024ක්ද පර්යේෂණයට භාජනය කරමින් ඔවුන් දක්වා ඇති ප්‍රචණ්ඩත්වයේ මට්ටම නිරීක්ෂණය කර ඇත.මරණය
සිදුවීමට හේතුව යුද්ධය, මනුෂ්‍ය ඝාතන, අමානුෂික පහරදීම්,
ළදරු ඝාතන, බිලිදීම්, මිනිමස් ආහාරය, යනාදිය පිලිබදව ඔව්හු විශේෂයෙන් විමසීමට භාජනය කළෝය. මාරක සිදුවීමේ තත්වය සදහා වගකීම එක
අපරාධකරුවෙකුද නැතහොත් සන්ධානගත සහ සමුහ මරා දැමීමක්ද යන්න නොසලකන ලදී. මේ අනුව ලද
විශාල දත්ත ප්‍රමාණයකින් පහත කරුණු ඉස්මතුවූ බව වාර්තා වේ.
සියලු මනුෂ්‍ය මරණ වලින්
2% කට හේතුව අන්තර් පුද්ගල සාහසිකත්වයයි.
වඩාත් ප්‍රචණ්ඩ වී ඇත්තේ
මධ්‍යතන යුගයයි.එනම් ගෙන්ජිස් ඛාන් ,කුරුස යුද්ධය ,පුජනිය රෝම අධිරාජ්‍යය ,කළු වසංගතය
යනාදිය පැවති කාල වකවානුව වේ.
විශාල මිනිසුන් ප්‍රමාණයක්
එක ප්‍රදේශයක ගාල් වීම හෙවත් ජන ඝනත්වය වැඩි වීම මිනිසුන් මහත් කෝපයෙන් හැසිරීමට
තරමේ ආතතියක් පෙන්වීමට හේතු වී නැත. ජනඝනත්වය වැඩිවීම ක්ෂීරපායි සත්වයන් අතර
කලහකාරී බව ඇති කිරීමට හැකි පොදු හේතුවක් බැවින් පර්යේෂකයන් ඒ සදහා වැඩි
සැලකිල්ලක් දක්වා තිබේ. ජනඝනත්වය වැඩි වර්තමානය හා සමකාලින යුගවලට වඩා ජනඝනත්වය
අඩු යුගවල මාරක ප්‍රචණ්ඩත්වය වැඩි බවද නිරීක්ෂණය වී තිබේ.
වර්තමානයේදී වඩාත්ම
අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයක් පෙන්නුම් කර ඇත්තේ සංචරණ කණ්ඩායම් විසිනි. දඩයක්කාර-ඵලවැල
රැස්කරන්නෝ (hunter-gatherers) ලෙස අධ්‍යනයේදී අර්ථ
දැක්වූ මොවුහු සමානත්වතාව පිළිබද කුඩා සංචරණ කණ්ඩායම් වේ. මේ සදහා පුරාවිද්‍යාත්මක
සාක්ෂි වලට වඩා වර්තමානයේ ජිවත්වන ජනතාව අතර හොද දත්ත තිබෙන බව ගොම්ස්ගේ පැහැදිලි කිරිමකි.
දඩයක්කාර-ඵලවැල රැස්කරන්නෝ වැඩි ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට හේතුව ඔවුන්
දැන් ජීවත්වන ජනඝනත්වය වැඩි පරිසරය තුළ ඇති අන්තර් කණ්ඩායම් ගැටුම් වැඩි වීමයි.
එසේ නැතිනම් ඔවුන් ඇසුරු කරන යටත් විජිත සමාජයේ රණකාමිත්වය සමග අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය
නිතර සිදුවීම මගින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමයි.
කෙසේවෙතත් ප්‍රචණ්ඩත්වය
වර්ධනය අඛණ්ඩව සිදු නොවන බව දත්ත මගින් පැහැදිලි වීම බලාපොරොත්තු තැබිය හැකි
කරුණකි. ප්‍රචණ්ඩත්වය උපරිම හා අවම අතර දෝලනය වෙමින් පවතී. ප්‍රචණ්ඩත්වයට ජානමය
බැදීමක් නොමැති නමුත් සමාජ හැසිරීම සහ දේශභුමිකත්වය බැදී තිබේ.
යම් දිනක මෙම ප්‍රචණ්ඩත්වය
උපරිම මට්ටම පසු කර අපගේ පරිණාමනයේ සීමාවන් ඉක්මවා යාවිද? මේ සම්බන්ධව පර්යේෂණ
කණ්ඩායම පවසන්නේ අපගේ මුලාරම්භය කොතරම් ප්‍රචණ්ඩද නැතිනම් සාමකාමී(ශාන්තිකර) ද
යන්න එතරම් වැදගත් නොවන බවත් අපට අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සදහා
අපගේ සමාජීය පරිසරය වෙනස් කිරීම යොදා ගත හැකි බවත්ය.
එනම් සාමකාමී
සමාජයක් අපට අවශ්‍ය නම් මනුෂ්‍යයාට එය නිර්මාණය කරගත හැකි වේ.
අන්තර්ජාලය ඇසුරෙණි.
Drones (ඩරෝණ) වලින් අහස පිරේද?
මේ දිනවල Drone (ඩරෝණ) නියමු
බලපත්‍රය ලබා ගැනීම හා Drone (ඩෝණ)
ලියාපදිංචිය සදහා විශාල අයදුම් පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. මේනිසා නුදුරු
අනාගතයේදීම අහස මිනිසුන් රහිත ගුවන් යානා මිලියන ගණනකින් පිරී යනු ඇතැයි ඇමෙරිකානු
ෆෙඩරල් ගුවන්සේවා ආයතනය (FAA) සැක පහල කරති.
ෆෙඩරල්
ගුවන්සේවා පරිපාලනය මගින් Drone ලියාපදිංචි
කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර මාස 9 ක් වැනි කාලයක් තුලදී 550,000 කට වැඩි ප්‍රමාණයක
මිනිසුන් රහිත ගුවන්යානා ලියාපදිංචි වී ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂ අර්ල් ලෝරන්ස්
පවසයි. දිනකට 2000 ක පමණ Drone ලියාපදිංචි
කිරීම් සිදුකරන බවත් ඊට සාපේක්ෂව මිනිසුන් සහිත ගුවන් යානා 260 ක් පමණක්
ලියාපදිංචි වන බව නව රාජ්‍ය කර්මාන්ත උපදේශක කමිටුවේදී ලෝරන්ස් ප්‍රකාශ කර තිබේ.
වාණිජ ක්‍රියාකාරකම්
වෙනුවෙන් Drone නියමු බලපත්‍ර
සදහා මසක් ඇතුලත 13,710 ක් ඉල්ලුම් කර ඇති අතර ඉන් 5,080 ක් සමත් වී ඇත.2016 අවසාන
වනවිට 15,000 කට වඩා Drone බලපත්‍ර
නිකුත් කිරීම සිදු විය හැකිය. ඒ අනුව FAA පුරෝකථනය නම් 2020 වනවිට බලපත්‍රධාරි Drone නියමුවන් 15,000 ක්
පමණ බිහිවෙන බවයි.
විනෝදාංශය
මෙන්ම වාණිජ ක්‍රියාකාරකම් සදහා Drone භාවිතය
වෙනුවෙන් FAA හි ලියාපදිංචිය අත්‍යාවශ්‍ය වන නමුත් ලියාපදිංචි නොකළ Drone පිලිබද තක්සේරුවක්
කිරීම අපහසු වී තිබේ. මේ අතර එක්සත් ජනපදයේ Drone අලෙවිය මේ
වසරේ මිලියන 2.4 ක් වන අතර ලබන වසරේ එය දෙගුණයකට වඩා වැඩි වන බව Drone නිෂ්පාදකයන් සම්බන්ධ පාරිභෝගික
තාක්ෂණ ආයතනය පවසයි. මේ නිසා FAA ආයතනය NASA සමග එක්වී Drone සදහා ගමනාගමන පාලන
පද්ධතියක් අඩු උත්තරාන්ශ්‍රයකින් සකස් කිරීමට කටයුතු කරයි.
අන්තර්ජාලය
ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=4uPb6OKpHJA
September 29, 2016
අධික වායු දුෂණය නිසා මිනිසුන් 92% කට බලපෑම් සිදුවේ.(ලෝ.ස.සං)
අධික වායු දුෂණය නිසා
ලොව සෑම පුද්ගලයින් 10 කින් 9ක්ම හදවත් රෝග, ආඝාත, පෙනහළු පිළිකා ඇතුළු විවිධ
ගැටලුවලට මුහුණපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) වාර්තා කරයි.
අග්නිදිග ආසියාව, නැගෙනහිර
මධ්‍යධරණිය සහ බටහිර පැසිපික් ප්‍රදේශවල වායුවේ ගුණාත්මක බව ලෝක සෞඛ්‍ය
සංවිධානයේ සිමා පසු කරමින් පිරිහී තිබෙන බවත් එම රටවල ජනගහනයෙන් 92% කට මෙම තත්වය
දරුණු ලෙස බලපා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ වාර්තාවේද සදහන් වේ.
නව චන්ද්‍රිකා
දත්ත මගින් සැම රටකටම පාහේ සම්බන්ධ ප්‍රදේශ 3000 ක පමණ දුෂණය පිළිබද සම්ප්‍රදායික
බිම් මට්ටමේ මිනුම් වාර්තා කර ඇත.මේවාට වැඩි වශයෙන් නාගරික ප්‍රදේශ මෙන්ම ග්‍රාමීය
ප්‍රදේශද ඇතුලත් වේ.මැයි මාසයේ WHO නිකුත් කළ වාර්තාවකට
අනුව අඩු සහ මධ්‍යම ආදායම් රටවල පිහිටි නගරයන්හි වැසියන් 98%ක් පමණ අධික වායු දුෂණ
ව්‍යසනයට මුහුණදී තිබේ.
ලොව සෑම මරණ
10 කින් එක් මරණයක් ගෘහස්ත සහ එළිමහන් දුෂණය නිසා සිදුවන බවද WHO ප්‍රකාශ කරයි. හාත්පස
පැතිරුණු වායු දුෂණය නිසා ලොව ඉහලම මරණ අනුපාතය Turkmenistan යෙන් වාර්තා වේ. එම WHO
වර්ගීකරණයට අනුව ටජිකිස්තානය, උස්බෙකිස්තානය ඇෆ්ගනිස්තානය ,ඊජිප්තුව සහ චීනය අනුපිළිවෙලින් මරණ අනුපාතය වැඩි රට වල් වේ.
අවසාන වතාවට
ලබා ගත් දැනට පවතින 2012 සංඛ්‍යාලේඛන වලට අනුව බාහිර වායු දුෂණය නිසා වසරකට මිලියන
3 ක් මියයන බව සදහන් වේ.
“වායු දුෂණය
සම්බන්ධ ලොව සිදුවීම් දෙකයි. පළමුවැන්න ධනවත් රටවල වායුවේ ගුණාත්මක බව වර්ධනය වීම
හොදින් සිදුවේ. දෙවැන්න දුගී රටවල වායුවේ ගුණාත්මක බව සීඝ්‍රයෙන් පහත බසියි. අවසාන
වශයෙන් සිදුවන්නේ මෙයයි.” යන්න පාරසරික සහ සමාජයීය සෞඛ්‍ය නිර්ණායක සදහා WHO හි
සම්බන්ධිකාරක Carlos Dora පවසයි. ආසියාවේ සමහර රටවල මෙන් මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවයක්
WHO හදුනාගෙන නැති බවත්
වෛද්‍යවරු ,රෝගීන්ට හදවත් රෝග අවදානම පිලිබදව හෝ භූමිතෙල් ලාම්පු වෙනුවට සුර්ය
බලශක්ති ලාම්පු භාවිතා කිරීම පිලිබදව උපදෙස් ලබාදෙන්නේ නම් වඩාත් සුදුසු බව Dora තවදුරටත් පවසයි.
අන්තර්ජාලය ඇසුරෙණි
https://www.youtube.com/watch?v=YsmxZ_1AbRc
පෘථිවියේ CO2 තීරණාත්මක සීමාවක!!!
පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම සෑම වසරකම සැප්තැම්බර්
මාසයේදී අඩුවීමක් දක්නට ලැබුනද මෙම 2016 වසරේදී එය සීමාකාරී මට්ටම ඉක්මවා ගොස් ඇත.
ගිම්හාන කාලයෙන් පසු සාමාන්‍යයෙන් ශාක වර්ධනය පටන්ගන්නා නිසා කාබන්ඩයොක්සයිඩ්, ශාකවලට ලබාගැනීම
සාපේක්ෂව ඉහළ යයි. එම නිසා උතුරු අර්ධගෝලයේ කාබන්ඩයොක්සයිඩ්
ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී, සාපේක්ෂව පහළ අගයක් ගනී. කොළ හැලෙන කාලයේදී ඒවා පසට
එක්වී දිරපත්වෙන විට කාබන්ඩයොක්සයිඩ් නැවත පරිසරයට මුදාහරියි. මෙම ක්‍රියාවලිය මේ වසරේදීත් එලෙසින්ම සිදු වුවත් කාබන්ඩයොක්සයිඩ්
ප්‍රමාණයේ අඩුවීමක් සිදු වී නොමැත.
කාර්මික
විප්ලවයෙදී, මිනිසුන් වායුගෝලයට
අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් එකතු කිරීමෙන් මෙම ශාක වලට ලබාගත නොහැකි වූ, අතිරික්ත කාබන්ඩයොක්සයිඩ්
ප්‍රමාණය නිසා මෙලෙස
විපර්යාස සිදුවී ඇති බව විද්‍යාඥයින් පවසයි. කාබන්ඩයොක්සයිඩ්
මට්ටම ඉහළ යාම නිසා අනෙකුත්
දේශගුණික විපර්යාස කෙරෙහි බලපෑම් රැසක් සිදුව ඇත.
හෙට දින, ලෝකයේ කාබන්ඩයොක්සයිඩ්
විමෝචනය නවතා දැමුවද මෙම තත්වය තවත් දශක ගණනාවක්ම එලෙසින් පවතීවි. මේ වන විටත් වායුගෝලයේ
ඇති කාබන්ඩයොක්සයිඩ් නිසා කාර්මික
විප්ලවය ආරම්භයේ පටන් ලෝකය 1.8 F කින් උණුසුම් වී ඇත. මේ වසරේ, අපගේ නව 400 ppm ලෝකයේ ඇරඹුම
සනිටුහන් කිරීමට අමතරව,
වාර්තා වූ
උණුසුම්ම වසර ද වේ.
පෘථිවියේ වන ඝනත්වය සීග්‍රයෙන් අඩු වී යාම නිසා මෙම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය
තුලනය කිරීමට සොබාදහම අපොහොසත් වී ඇත. එමෙන්ම, පෘථිවියේ යහපත් හෙට දවසක් වෙනුවෙන් තිරසාර පාරිසරික සංවර්ධනයන් උදෙසා නිරතුරුව සැමගේ අවධානය යොමු විය යුතු ය.
උපුටා ගැනීම: http://www.scientificamerican.com/article/earth-s-co2-passes-the-400-ppm-threshold-maybe-permanently/
Google නව පික්සල් දුරකථන Android ක්‍රියා පද්ධති හදුන්වාදෙයිද?
Google ආයතනයේ 18 වෙනි
උපන්දිනය සමරණ මේ දිනවල ඔක්තෝබර් 04 දා පවත්වන ඔවුන්ගේ මාධ්‍ය උත්සවය පිළිබදවද
මාධ්‍ය අවධානය යොමු වී තිබේ. නව smartphone යක්, නව ක්‍රියාකාරී පද්ධතියක් සහ නව
ලැප්ටොප් පරිගණකයක් එහිදී එළිදැක්වෙනු ඇතැයි කටකතා පැතිරේ. කිසිවක් තවමත් තහවුරු
කර නැතත් Google සමාගම වැඩිවියට පත්වීම ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන නිවේදන
මගින් පික්සල් (pixel) හා Andromeda වචන දෙක කේන්ද්‍ර කර ඇත. වඩාත් කතා බහට ලක්වී
ඇති Pixel smartphone ය හෝ android බලගැන්වූ Google ගේ Nexus ජාලය නව විශේෂ
නිෂ්පාදන ලෙස එළි දක්වනු ඇතැයි අනුමාන කළ හැකිය.
සමාගමෙහි දෘඩකාංග
නිෂ්පාදනයේදී Nexus වසර ගණනක් ප්‍රධානත්වය හෙබවුවද එය අතහැර දැමීම හෝ එය Pixel නිෂ්පාදනයන්ට හැකිලීම
ලබන සතියේදී සිදුවිය හැකිය. දැනටමත් ඔවුන් සතු Pixel 2 නෝට්බුක් සහ Pixel C ටැබ්ලට් නිෂ්පාදන අංශ
දෙක එකට එකතු කිරීම ඔවුන්ගේ අලෙවිකරණ ප්‍රතිපත්තිය අර්ථවත් කරනු ඇත.
ලබන අගහරුවාදා Google
ආයතනය Pixel දුරකථන දෙකක්
හදුන්වාදීමට නියමිතය. අගල් 5 Pixel සහ අගල් 5.5 Pixel XL නම් දුරකථන දෙකහිම බඳය
ඇලුමේනියම් සහ විදුරු වලින් සදා තිබීම විශේෂත්වයකි එමගින් ඒවා සාමාන්‍ය ප්ලාස්ටික්
Nexus දුරකථනවලට වඩා Apple iPhone
වලට සමාන වේ. මෙලෙස ගුණාත්මක අමුද්‍රව්‍ය සදහා කළ වැඩි ආයෝජනය නිසා වැඩි මිලක්
නියම කරනු ඇතැයි විශ්වාෂ කෙරේ. එනම් මිල වැඩි Apple නිෂ්පාදන වෙනුවට ආදේශ ලෙස වූ
Google නිෂ්පාදන තවදුරටත් එසේ නොවනු ඇත.
මාදිලි දෙකම HTC ආයතනය
මගින් නිෂ්පාදනය කරනු ඇතැයි හැගියන අතර එය සමාගම විසින් පෙර Nexus 5X හා 6P නිෂ්පාදනය කළ
ආයතනවූ LG Electronics හෝ Huawei නොවේ. නිෂ්පාදනය එක
ආයතනයකට පැවරීම, නව මාදිලිවල නිර්මාණ සහ නිෂ්පාදනයන්ගේ වැඩි පාලනයක් Google සමාගමට
ලබා ගැනීමේ අරමුණ හේතුකොට ගෙන බව පැහැදිලි වේ. එවිට ඔවුනට iPhone සහ Samsung Galaxy නිෂ්පාදන හා වඩා හොද
තරගකාරිත්වයකින් කටයුතු කළ හැකිය.
උපුටාගැනීම:
New Pixel Phones and Andromeda OS
expected at Google Event by Jef Cozza
https://www.youtube.com/watch?v=9qJ4QM5j1q0ඉක්වදෝරයේ ස්පර්ශ නොවූ ජෛව විවිධත්ව සුරපුරයෙන් ඛනිජතෙල්
ඉක්වදෝරයේ මෙතෙක්
කිසිවකු අත නොතැබූ ඇමසන් වනාන්තරයේ මුළු ගැන්වුණු ප්‍රදේශ වලින් පළමු ඛනිජතෙල් බිංදුව
මෑතකදී ඉක්වදෝර් රජය විසින් ලබා ගත් බව වාර්තා වේ.
මෙම ග්‍රහ
ලෝකයේ වඩාත්ම ජෛව විවිධත්වය සහිත ප්‍රදේශය ලෙස නැගෙනහිර ඉක්වදෝරයේ යසුනි (Yasuni) ජාතික වනෝද්‍යානය
සැලකේ. එලෙසම එම ප්‍රදේශය යට 40% ක හෙවත් බැරල් බිලියන 1.67 ක ප්‍රමාණයක තෙල්
සම්පතක් ඇති බවද සනාථ වී තිබේ. ඉස්පින්ගෝ, ටම්බෝකොව සහ ටිපුටිනි තෙල් බිම් වල තෙල් ඛැනීමට එරෙහිව
මතුවූ සුවිශාල විරෝධතා ව්‍යාපාරය අවසාන කරමින් සහ මාස ගණනක පොම්ප කිරීමෙන් පසු
ඉක්වදෝර් රජයට අයත් Petromazonas තෙල් සමාගම ප්‍රථම
වරට ඛනිජතෙල් බැරල් ගණනාවක් ලබා ගන්නා ලදී.
“අද නව යුගයක
ආරම්භයයි. සියලු ඉක්වදෝර වැසියන්ට නව දිගන්තයක් ලැබී තිබේ.”යයි ඉක්වදෝර උප
ජනාධිපති ජෝජ් ග්ලාස් බදාදා ටිපුටිනි තෙල් බිමෙහි පැවති උත්සවයේදී ප්‍රකාශ කළ බව
ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.
කෙසේවෙතත්
පරිසරවේදීන් සහ ස්වදේශික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් මෙම තෙල්
ඛැනීම පිලිබදව බලවත් අසතුට ප්‍රකාශ කරයි. ප්‍රදේශයට සහජ උරුම උභය ජීවින් විශේෂ 150
කට වැඩියෙන් සහ කුරුළු විශේෂ 500 ක පමණ වූ අපරිමිත මෙම ජෛව විවිධත්වයට අමතරව මෙම
ප්‍රදේශයේ විවිධාකාර වර්ගයේ ස්වදේශික මිනිස් ජනගහනයක් ඇත. Tagarei-Taromenane ප්‍රදේශය වටවී
ඇති තෙල් ඛැනීමේ වැඩ බිම් විශාල ප්‍රමාණය නිසා එහි පැවැත්ම පවා අස්ථිර බව Amazon Watch වාර්තා කරයි.
“තෙල් ඛැනීම
සදහා භාවිතා කිරීමට කිසිසේත්ම නුසුදුසු මෙන්ම ඒ සදහා සිතාගත හැකි නරකම ප්‍රදේශය
මෙයයි.Yasuni වැනි ප්‍රදේශයක් නැති කර ගැනීම ලොවට දරා ගත නොහැකියි.”යයි Amazon Watch හි ස්වදේශික
අයිතිවාසිකම් කණ්ඩායමේ ඉක්වදෝර වැඩ සටහන් අධ්‍යක්ෂක කෙවින් කොනින් පවසයි.තවදුරටත්
ප්‍රකාශයක් නිකුත් කරමින් “ විපත්තිකාර කාලගුණ විපර්යාස වැලැක්වීමට පෘථිවිය මත ඇති
තෙල් සංචිත වලින් 80% ක් පොළව තුළ එසේම පැවතිය යුතු බව විද්‍යාඥයන් සනාථ කර තිබියදී
තෙල් සදහා ඛැනීම් කළ යුතු පෘථිවියේ අවසාන භුමිය Yasuni යි. අයිස් යුගයේදී පවා බොහෝ සත්ව විශේෂ ආරක්ෂා කර
ගැනීමට Yasuni සමත් වූ නමුත් වර්තමාණ ඛනිජතෙල් යුගයේදී තවදුරටත් එම රක්ෂණය කළ හැකි
දැයි අපි බලා සිටිමු.” කොනින් සදහන් කළේය.
අන්තර්ජාලය ඇසුරෙණි




















