Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 13, 2013

හද වවමු - දිවි රකිමු


ඉන්ද්‍රියන් බද්ධ කිරීම සඳහා ඉන්ද්‍රියන් නිෂ්පාදනයේ ඉදිරි පියවරක් තබමින් stem සෛල රෝපනයෙන් මිනිස් හදවතක පටක විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත. එම මිනිස් හදවත් පටක පේට්‍රි දීසියේ ක්‍ෂණිකව ස්පන්දනය වූ බවද ලිපියේ සඳහන් වේ.

මිනිස් සමේ සෛල වලින් ලබා ගත් ප්‍රේරිත phiripotent stem සෛල භාවිතයෙන් MCPs නම් පූර්වගාමී (precursor) හදවත් සෛල පෙන්සිල්වේනියාවේ පිටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ පරීක්‍ෂණ කණ්ඩායමක් විසින් නිපදවා ඇත.
IPS සෛල යනු පරිණත වූ මිනිස් සෛල වන අතර පරිගණක ප්‍රතික්‍රම ලේඛණයෙන් (reprogrammed) බහුනිපුන (පහසුවෙන් වෙනස් කල හැකි), මූලික තත්වයට පරිවර්තනය කළවිට එම සෛල ශරීරයේ ඕනෑම සෛලයක් සෑදීම සඳහා පෙළඹවිය හැකිය. මෙලෙස නිපදවූ මූලික (primitive) හදවත් සෛල මීයකුගේ හදවත් “scaffold” හි අමුණන ලද්දේ එහි තිබුණු මීයාගේ හදවත් සෛල සියල්ල ඉවත් කිරීමෙනි. මෙම “scaffold” යනු ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට් වලින් සමන්විත ජීවය රහිත පටක ජාලයක් වන අතර ඒවායේ සෛල තැන්පත් කර රෝපණය කරයි.

ත්‍රිමාණ “scaffold” හි පුරෝගාමී (precursor) සෛල රෝපණය වී හදවතෙහි පේෂී බවට පරිවර්තනය වේ. දි 20 ක් රුධිරය සැපයීමෙන් පසු මෙම නැවත සකස් කල මීයාගේ හදවත විනාඩියකට වාර 40 - 50 ප්‍රමාණයකින් ස්පන්දනය වූ බව පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාල ප්‍රකාශනයේ දැක්වේ.


එහෙත් මෙම ක්‍රියාවදාම මඟින් සම්පූර්ණ මිනිස් හදවතක් සෑදීම සඳහා තව ඉදිරියට යායුතු බව ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලී යෑන්ග් පවසයි. දායක හදවත් හිඟවීම, අවසාන අදියරේ හදවත් නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි වීම හා ඖෂධ වලින් අඩු ප්‍රථිඵල ලැබීම නිසා හදවත් රෝගීන් මිලියන 17 ක් වාර්ෂිකව මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වේ.


උපුටාගැනීම:


ජංගමයා මෙහෙයවන කෘතිම අත

ටච් බයෝනික්ස් ආයතනය විසින් ජංගම දුරකථනයෙන් ක්‍රියා කරවිය හැකි සමහර සත්ව වි‍ශේෂයන්ට මෙන් ප්‍රතිවිරුද්ධ මාපටැඟිල්ල සහිත නව prosthetic අතක් සමග එය පිළිබඳ තොරතුරු පසුගියදා නිරාවරණය කරන ලදි.

බලගැන්වූ මාපටැඟිල්ල පාලනය වනුයේ භාවිතා කරන්නාගේ බාහුවල පේෂීන් සහ ජංගම දුරකථන හරහා ලබා දෙන සංඥා මඟිනි. ජංගම දුරකථනයේ තිරය ස්පර්ශ කිරීමෙන් යාන්ත්‍රික අත ස්වයංක්‍රීයව කලින් සකස් කල අල්ලා ගැනීමේ ස්වරූපයකට(ගැම්ම) පත් වේ. මාපටැඟිල්ල මෙලෙස විවිධ අල්ලා ගැනීමේ ස්වරූප 24කට පරිවර්තනය කළ හැකිය.මීට අමතරව  සංවේදී නව ඇඟිලිතුඩු වල විද්‍යුත් අග්‍ර ක්‍රියාකාරකමේ හුරුබව වැඩි කිරීමට උපකාර වෙති.

 

ජංගම දුරකථනය සම්බන්ධ කිරීම, පූර්ණ වටයක් කැරකැවිය හැකි බලගැන්වූ මාපටැඟිල්ල සහ සියලුම වර්ගයේ අල්ලා ගැනීමේ ස්වරූප (ගැම්ම) ක්‍ෂණිකව ඇති කර ගත හැකි වේ. මෙවැනි යාන්ත්‍රික අතක් හිමි  බටොල්ට් වෙයාර්ගේ අදහස නම් ස්වාභාවික අතක් මෙන් තම යාන්ත්‍රික අත භාවිතා කළ හැකි වීම තමා කිසිසේත් අපේක්‍ෂා නොකල බවයි.                   
   
ජංගම දුරකථනයේ “වැඩ යන කාණ්ඩය යටතේ ඇති ක්‍රියාකාරකම් ලෙස යතුරු ලියනය, ලේඛණ භාවිතය, පරිගණක මවුසය භාවිතය වැනි දේ සඳහන්වේ.ඒ සඳහා අවශ්‍ය ඇල්ලීම් කලින් සකස් කරගැනීම පහසුවෙන් කළ හැකිය. නවකයින් සඳහා කෘතිම අතක් ලබාදීමේ සම්පූර්ණ ක්‍රියාවලියට කෘතිම අත ගැන තොරතුරු සහ භාවිතයේ පුහුණුව ඇතුළත්ව තිබේ.




උපුටා ගැනීම  :- Douglas Heaven, reporter

November 12, 2013

ගණිත මිණිත දස්කම් වඩනා බ්ලොක් ක්‍රීඩා

නවතම අධ්‍යයනයකට අනුව බ්ලොක් (blocks/රූකැට/ඝටක) සමඟ ක්‍රීඩා කිරීම මඟින් පෙර පාසල් වියේ දරුවන්ගේ ගණිතය හා අවකාශය පිළිබඳ හැකියාවන් වර්ධනය වන අතර එ පසු කාලීනව විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප ඉගෙනීමට උපකාරී වන බව අධ්‍යයනයකදී හඳුනාගෙන තිබේ.

අවකාශය පිළිබඳ හැකියාවන්ගෙන් දුර්වල, බොහෝ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා බ්ලොක් ක්‍රීඩාව වඩා වැදගත් බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

බ්ලොක් ඉදිකිරීමේ ක්‍රීඩා සහ ප්‍රෙහ්ළිකා විසඳීමේ ක්‍රීඩා මඟින්, පාසලේ ඉහළ ශ්‍රේණි වලදී සංකීර්ණ ගණිත ගැටළු විසඳීම සඳහා ප්‍රයෝජනවත් වන අවකාශය පිළිබඳ අවබෝධය වර්ධනය වූ බව අධ්‍යයනයේ එක් කතුවරයෙකු වූ ඩෙල්වෙයාර් විශ්ව විද්‍යාලයේ බ්‍රයන් එන් වර්ඩයින් පවසයි. මෙම අධ්‍යයනය සඳහා විවිධ සමාජීය හා ආර්ථික මට්ටම් වල තුන්හැවිරිදි දරුවන් 100 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇත. ගොඩනැගිලි ව්‍යුහ පිටපත් කිරීමේ හැකියාව වැඩි දරුවන් මූලික ගණිතයේදී වැඩි දක්‍ෂතා පෙන්වා තිබේ. බ්ලොක් සමඟ ක්‍රීඩාවේදී බ්ලොක් ඉහළින් හෝ පහළින් පිහිටිය යුතු බව හඳුනාගැනීම, බ්ලොක් ඒක රේඛීයව පිහිටුවීම මෙම අධ්‍යයනයේදී පරීක්‍ෂා කරන ලද හැකියාවන් වේ.


අඩු ආදායම් පවුල්වල තුන් හැවිරිදි දරුවන් බ්ලොක්, සෙල්ලම් බඩු හා වෙනත් ද්‍රව්‍ය සමඟ ඇති අඩු අත්දැකීම් වල ප්‍රථිඵලයක් ලෙස මෙන් ඔවුන්ගේ අවකාශය පිළිබඳ අවබෝධය අඩු බව අධ්‍යයනයේදී වාර්තා වී ඇත. ඔවුන්ගේ දෙමව්පියන් “ඉහළ”,“පහළ” යනාදි වචන දරුවන් හා අඩුවෙන් භාවිතා කිරීමද ඊට හේතු විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.


උපුටා ගැනීම :- Society for Research in Child Development & World Science Staff
                        http://www.world-science.net/othernews/130924_blocks.htm

                            http://www.youtube.com/watch?v=9_Pf2G1GQsw

November 11, 2013

සියළුම දේ පාලනය කල හැකි ජංගම දුරකථන

              වර්මානය වන විට ජංගම දුරකථනය, ස්මාට් ජංගම දුරකථතනය දක්වා විකාශණය වී ඇත. එය තවදුරටත් විකාශණය වෙමින්, පරිගණයේ භාවිතයේ සිට ගරාජයේ දොර විවෘත කළ හැකි තරමේ ස්මාට් ජංගම දුරකථනයන් භාවිතයට පැමිණ ඇත. එය universal remote control ලෙස හදුන්වයි.


  $100 කට මිළ නියම කර ඇති මෙම Blackberry ජංගම දුරකථනය මගින් තම නිවසේ ඇති සෑම TiVos, Blu-Ray players, iPods and VCR වැණි අංගයක්ම පාලනය කළ හැකිය. තවද මෙය Bluetooth තාක්ෂණය අන්තර්ගත කොට ඇත.  
එසේම මෙහි මොඩුයලයන් දෙකක් ලෙස අනාගතයේදී වෙළද පොළට නිකුත් කිරීමට නියමිතව ඇතඑමගින් තම ගරාජයේ දොර විවෘත කිරීම හා අනෙක තම පරිගණකය භාවිතය සදහා වන අතර ඒවා පිළිවෙලින් $40 තට හා $30 මිළ නියම කර ඇත.     
  

උපුටා ගැනීම



දෘෂ්‍යාබාධිතයින්ට පෙනුම ලබා දෙන හැඩකාර උපැස් යුවල


අලංකාර අව්කණ්ණාඩියක් ලෙස දිස්වන මෙම උපැස් යුවල අසම්පූර්ණ දෘෂ්ඨියක් සහිත පුද්ගලයන්ගේ දිවියට අළුත් ආලෝකයක් ගෙන එන්නකි.
බොඳ වූ ද්‍රව්‍යයන් නාභිගත කිරීමකට අමතරව බොහෝ දෑ සිදු කිරීමට මෙම උපැස් යුවලට පුළුවන. මූලාකෘතියක් ලෙස නිපදවා ඇති මෙම හැඩකාර උපැස් යුවලට දෘෂ්‍ය තොරතුරු දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට දැකගත හැකි ප්‍රතිබිම්බ බවට පරිවර්තනය කළ හැක.

අන්ධ පුද්ගලයින් බොහෝ දෙනෙක්ට සියුම් ආලෝකයක් හෝ චලනයක් අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්ටීවන් හික්ස් වැඩිදියුණු කල මෙම උපැස් යුවල අවශිෂ්ට දෘෂ්ඨිය හැකිතාක් ප්‍රයෝජනයට ගැනීමට දැරූ උත්සාහයකි.
මෙම උපැස් යුවල කැමරා දෙකකින් හෝ කැමරාවක් සහ ළඟ ඇති වස්තූන්ගේ ආසන්න දුර නිර්ණය කළ හැකි ප්‍රක්‍ෂේපනයකින් සමන්විත වේ.
උපැස් යුවල පැළඳ සිටින්නා දිශා ගත කිරීමට උපකාරී වනුයේ මෙහි ඇති ගයිරස්කෝපය (Gyroscope) මාලිමාව සහ GPS (Global Positioning System) තාක්‍ෂණයයි.

එකතු කර ගත් තොරතුරු OLED displays (Organic - Light Emitting Diode) මත විවිධ ප්‍රතිබිම්බ බවට පරිවර්තනය කෙරෙනුයේ කණ්ණාඩිය පැළඳ සිටින පුද්ගලයාට වඩාත් වැදගත් වන ආකාරයටය. උදාහරණයක් ලෙස බාහිර පරිසරයෙන් වස්තුව වඩාත් පැහැදිලිව වෙන් කර දීම හෝ ප්‍රතිබිම්බයේ දීප්තිමත් බව අනුව බාධකයකට ඇති දුර ඇඟවීම හෝ සිදු වේ.
නවෝත්පාදන සඳහා රාජකීය සංගමය මඟින් පිරිනමන බ්‍රේන් මේසර් සම්මානය දිනාගැනීමට හික්ස්ගේ මෙම උපැස් යුවලට හැකි විය. මුදල් ත්‍යාගය ලෙස ඔහුට ලැබුනු ඩොලර් 50,000 ක මුදල ඔහු යෙදවීමට බලාපොරොත්තු  වනුයේ මෙම උපැස් යුවලේ වස්තු සහ අක්ෂර හඳුනාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහායි.

උපුටා ගැනීම - 2013 Oct 31 Flora Grahana
New Scientist ඇසුරෙනි.
http://www.newscientist.com/article/dn24504-smart-glasses-that-help-the-blind-see.html#.UoCCw6y6YdU

November 8, 2013

බාහු බල වඩන ප්‍රෝටීන

බර ඉසිලීම වැනි ප්‍රතිරෝධී ව්‍යායාම නිසා විශාල, ශක්තිමත් මාංශ පේෂී ඇති වීමට හේතු වූ ප්‍රෝටීනයක් (කලින් හඳුනා නොගත්) හා සම්බන්ධතාවය ගොඩනැගීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.
මාංශ පේෂී වල ස්කන්ධය හා ශක්තිය, අණු මඟින් වර්ධනය කරවූ මීයන්ගේ මාංශ පේෂී ක්‍ෂය වීමේ පොදු ලක්‍ෂණය සහිත කෘශතාව (cachexis ) නම් පිළිකා රෝගයෙන් සිදු වන මාංශ පේෂී ක්‍ෂය වීම අඩු විය.

මෙම ප්‍රෝටීන ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි නම් එමඟින් (ප්‍රෝටීන වලින්) දැඩි සත්කාර ඒකක වල දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මාංශ පේෂී ක්‍ෂය වීම අඩු කළ හැකි අතර මාංශ පේෂී විෂමතා (muscles dystrophy) රෝගය හා වයස්ගත වීම නිසා සිදුවන මාංශ පේෂී ක්‍ෂය වීම කෙරෙහිද ප්‍රයෝජනයක් ලැබේ යැයි බොස්ටන්හි Dana-Farber පිළිකා ආයතනයේ ජොග් රූස් පවසයි.

PGC-1 alpha 4 නම් මෙම ප්‍රෝටීනය, මනුෂ්‍යයින්ගේ හා මීයන්ගේ සැකිලි මාංශ පේෂී වල දක්නට ලැබෙන අතර බර ඉසිලීම වැනි ප්‍රතිරෝධී ව්‍යයාම මඟින් එම ප්‍රෝටීන උද්දීපනය කර ජෛව රසායනික වෙනස්කම් ඇති කරවන බව ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු වූ බ්‍රෑස් ස්පීගල්මන් පවසන ලදි.

මාංශ පේෂීවල ප්‍රමාණය විශාල වීමට වඩා දරා ගැනීමේ හැකියාව වර්ධනය වන දිවීම වැනි ව්‍යායාම නිසා ශරීරයේ උත්තේජන පරිවෘත්තියට වැදගත් වූ PGC-1 alpha ප්‍රෝටීනය, PGC-1 alpha 4 ප්‍රෝටීනයට (නව ප්‍රෝටීනය) සුළු වශයෙන් වෙනස්/ස්වරූපයෙන් සමාන වේ. තවද මෙම ප්‍රෝටීන දෙකම එකම ජානයකින් සැදී ඇති අතර ව්‍යායාම දෙක මඟින් හසුරවනු ලැබේ.


උපුටාගැනීම:
  Dana Farber Cancer Institute & World Science Staff

November 7, 2013

රුධිර කැටියක් හිරවුනොත් මොකද කරන්නේ?

     
(ආඝාතය යනු  STROKE නම් ඉංග්‍රීසි වදනේ සිංහල අනුවාදයයි.) 

ආඝාතය හඳුනා ගැනීම සඳහා පිළිගත් දර්ශක තුනක් ඇත. දැන් ඔවුන් හතර වෙනි දර්ශකයකුත් සොයා ගෙන ඇත. 
 ඔබේ දිවයි!

පළමු  දර්ශක තුන
STROKE: පළවෙනි අකුරු තුන මතක තබා ගන්න…. S.T.R
        සැම දෙනාටම මෙවැනි සුළු දෙයක් මතක තබාගත හැකි නම්, එය සහෘදයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමක් විය හැකියි!!                                                                                                                                    
        දැන් ඉතා අවධානයෙන් මෙය කියවන්න........:
  ආඝාතයක් හඳුනාගැනීම
දිනක් සාදයකදි මාගේ මිතුරියක් හදිසි ඇදවැටීමකට ලක් වුනා.අප වෛද්‍ය උපකාර කැඳවීමට සැරසුනු විට  ඇය තමා හොඳින් බව අපට පැවසුවා.ඇදවැටීමට හේතුව තමාගේ අලුත් පාවහන් යුගල බවයි ඈ අපට පැවසුවේ.
තරමක කැලඹීමක ගතියක් පෙන්වූවත් ඇය ඉන් පසුවද සාදයේ සාමාන්‍ය ලෙස හැසිරුනා.
එදින සවස මා හට දුරකථන ඇමතුමක් ලැබුනා. ඒ මාගේ යෙහෙලියගේ ස්වාමි පුරුෂයාගෙන්. ඔහු පැවසුවේ ඇය සවස රෝහල්ගත කල බවයි. 
(අවාසනාවකට එ දින සවස 6.00 ට පමණ ඈ අප හැර ගියා).
ඇය සාදයේදි ආඝාත තත්වයකට ලක් වෙලාතිබු බව සොයාගෙන තිබුනා. !!
එහි සිටි කාටහෝ ආඝාත තත්වයක් හඳුනා ගැනීමේ හැකියාවක් තිබුනේනම්, සමහර විට අදටත් ඇය ජීවතුන් අතර විය හැකියි.
සමහරු මැරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අසරණ, බලාපොරොත්තු නොවූ තත්ව වලට පත්වෙනවා.
මෙය කියවීමට විනාඩි කීපයක් ගත කරන්න.......................
පසුව ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මා සමග පැවසුයේ, අඝාත තත්වයෙන් පැය 3ක් ඇතුලත රෝගියා තමා හමුවට ගෙන ආවේනම් (කිරීමට අපහසු වුවත්) ඇය එම තත්වයෙන් සම්පූර්ණයෙන්ම මුදවාගැනීමට හැකියාවක් තිබු බවයි. සම්පූර්ණයෙන්ම!!
·    ආඝාත තත්වයක් නිවැරදිවම හඳුනා ගැනීම.
ඔබ කල යුතු පළමු දේ නම් S.T.R  යන අකුරු මතක තබා ගැනීමයි.
              කියවා ඉගෙන ගන්න.!!!!
ඇතැම් වෙලාවට ආඝාතයක (A Stroke) ලක්ෂණ හඳුනාගැනීමට අපහසුවේ. අවාසනාවට, ඒ පිළිබඳව නොදැනුවත්කම ඉන් සිදුවන හානිය තවත් වැඩිකිරීමට බලපායි.බොහෝ විට එවැනි අවස්ථා වලදි රෝගියාගේ මොලයට තදබල  ලෙස හානි වීම්ට අසල සිටින්නවුන්ගේ නොදැනුවත්කම බොහෝවිට බලපායි.
දැන් වෛද්‍යවරුන් පවසන්නේ, රෝගියාගෙන් ඉතා සරල ප්‍රශ්න තුනක් ඇසීමේන් ඔබට අඝාත අවස්ථාවක් හඳුනා ගතහැකි බවයි!.

S- (SMILE)     ඔහුට සිනාසීමට පවසන්න.

T- (TALK)     ඔහුට කථා කිරීමට පවසන්න.                                                               (කුඩා,සරළ වාක්‍ය   ඛණ්ඩයක්).
R- (RAISE)   ඔහුට දෑත් ඔසවන්න පවසන්න.

ඔහුට මෙම ක්‍රියා 3න් එකක් හෝ කලනොහැකිනම් වහාම වෛද්‍ය උපකාර සඳහා ඔහුව කැඳවන්න.
මීට අමතරව ඔබට ආඝාතයක් හඳුනා ගැනීමට අළුත්ම දර්ශකයක් හඳුනාගෙන තිබේ.!
ඒ ඔබේ දිවේ හැසිරිමයි.

 Ø රෝගියාට ඔහුගේ දිව පිටතට යොමුකරන ලෙස පවසන්න. දිව ඇදවීමකට  ලක්වේනම් හෝ පැත්තකට ඇලවීමකට ලක්වේනම් එයද අඝාතයක ලක්ෂණ ලෙස සැලකිය හැකිය!

මෙය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ඔබට ජීවිතයක් ගලවා ගැනීමට අවස්ථාවක් ලබාගත හැක.


උපුටා ගැනීම . http://www.healthcentral.com



බලය ලබා දෙන මොලය

බලය දූෂිත හෝ දූෂිත නොවිය හැකිය. නමුත් එය පුද්ගලයා වෙනස් කරයි. බලය පුද්ගලයෙකු තුල ඇති කරන මෙම වෙනස් වීම් ඔහු/ඇය ගේ මොලය තුල සිදුවන අයුරු නවතම අධ්‍යයනයකින් වාර්තා වී ඇත. අන් අයගේ පෙරදිසි (perspectives) ලබා ගැනීම සඳහා බලගතු මිනිසුන්ගේ අනුවර්තන කැමැත්ත අඩු වීම කෙරෙහි බලපාන යාන්ත්‍රනය හඳුනාගැනීමට ස්නායු පිළබඳ විද්‍යාඥයෝ මෙම අධ්‍යයනයේදී උත්සුක වූහ.

අන් අයගේ ප්‍රායෝගික අත්දැකීම අප තුලට ඇතුළුකර ගැනීම (අනුවර්තනය), “motor resonance system (යාන්ත්‍රික අනුවර්තන ක්‍රමය)” ලෙස හඳුන්වන මොලයේ ස්නායු පරිපථ ජාලයක් මඟින් ක්‍රියාත්මක වේ. අන් අය කෙරෙහි බලය පැතිරවීමේදී බලය පතුරවන්නාගේ මොලයේ එම ක්‍රියාවලිය අක්‍රිය වන බව සොයා ගෙන තිබේ.
 උදාහරණයක් ලෙස යම් කෙනෙකු බෝලයක් විසි කරනු අප දුටු විට බෝලයක් විසි කිරීමේ ක්‍රියාවලියට අදාල අපගේ මොලයේ කොටස්ද අනුවර්තනයෙන් සක්‍රිය වේ. අන් අයගේ ක්‍රියාව අපට දැනෙන අපේ මොලයේ ක්‍රියාකාරීත්වය අනුනාද වීමේ (resonate) ක්‍රියාවක් ලෙස මොලයේ ඉහල කොටසේ ඇති tronto-parieta ප්‍රදේශයේ සිදු වේ.

විවිධ ක්‍රියාකාරකම් මඟින් බලවත්, අසරණ, උදාසීන වැනි චිත්තාවේග ඇති වීමට සලස්වා ඒ අවස්ථා වලදී ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය transcranial magnetic stimulation (ට්‍රාන්ස්ක්‍රේනියල් චුම්බක උත්ප්‍රේරණය) මඟින් හඳුනාගැනීමට කැනඩාවේ වෝටලුහි විල්ෆ්‍රඩ් ලොරියල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ ජෙරමි හොග් එමීන් හා කණ්ඩායම සමත් වී තිබේ.

අන් අය පිළිබඳ සාපේක්‍ෂව නොගැඹුරු අවබෝධය(හෝ නොසළකාහැරීම) මඟින් බලය නිර්මාණය වන බව මෙහි සරල අදහස යැයි පර්යේෂකයෝ පවසති.


උපුටා ගැනීම :
World Science – July 4,2013

පීසා අච්චු ගැසීම

NASA මූල්‍ය දායකත්වයෙන් ආහාර මුද්‍රණය කරන ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳව මෙම ගිම්හාන සෘතුවේදී, වාර්තාවුවද එය මූලාකෘති (Prototype) මට්ටමේ බැවින් වැඩියමක් ප්‍රදර්ශනය නොවීය. System Materials Research සමාගම් සමූහය මඟින් නිෂ්පාදිත Lo - behold ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය පීසා මුද්‍රණය කරන (පිසින) අයුරු ප්‍රදර්ශනය කරන ලදී. පීසා මුද්‍රණ සඳහා පාන්පිටි, හතු ඉෂ්ම හා චීස් යොදය භාවිතා කරන ලදි.


මෙම ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයද තවමත් මුල් අවධියේ නිර්මාණයක් නිසා පීසා පිසීමේ ක්‍රියාවලිය සර්ව සම්පූර්ණයෙන්ම සිදු කලේ නැත. පීසා වල අඩංගු වියයුතු මූලික ආහාර වර්ග වල ආදේශක, සෝස් වෙනුවට තක්කාලි ඉෂ්ම,fine ricotta වෙනුවට චීස් යොදය, එක් කරමින් පීසාව සෑදී ඇති විවිධ ස්ථර සාදන ලද්දේ පීසා පෙති (කෑලි) සෑදිම වෙනුවටය. නරක් නොවන සුලු මූලික ආහාර ඇතුළත් ගබඩාවෙන් ලබාගත් පිටි මඟින් පළමු ස්ථරයද, තක්කාලි ඉෂ්ම මඟින් දෙවන ස්ථරයද උඩින්ම චීස් යොදය ස්ථරයද මුද්‍රණය කළ අතර රත්වූ මතුපිට  මඟින් පිසීම කරන ලදී.


 NASA ආයතනය ත්‍රිමාණ මුද්‍රණ ආහාර පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමට හේතුව මෙමඟින් නිරූපණය වේ. පිසූ ආහාර පිරවූ පෙට්ටි අභ්‍යවකාශයට රැගෙන නොයෑම නිසා ඉඩකඩ ඉතිරි වන අතරම ගඟනගාමීන්ට නිවසේ පිළියෙල කළ ආහාර රසවිදීමට අවස්ථාව උදාකරද තිබේ. තවද මෙය විනෝදජනකය (වීඩියෝව නරඹන්න)






උපුටා ගැනීම :-   http://www.youtube.com/watch?v=L_uDm0yjnN8

                        ” Popular Science” October  Colin Lecher

November 5, 2013

බිත්තියට මුවාවිය නොහැක.


X කිරණ මඟින් සම තුළ ඇති අස්ථි දැකිය හැකි සේම බිත්තිය පිටුපස තිබෙන දේ පන්වන අතේ ගෙන යා හැකි ප්‍රමාණයේ උපකරණයක් නිපදවිය හැකි තාක්ෂණයක් තිබේද? බිත්තිය පිටත චලනය වන ඕනෑම දෙයක් පිළිබඳ තොරතුරු බිත්තිය දෙසට යොමුකර ලබා ගැනීමේ හැකියාව සහිත අතේ රැගෙනයා හා හැකි උපකරණයක මුලාකෘතිය (Prototype) MIT ආයතනයේ ඉංජිනේරුවන් විසින් සකස් කර තිබේ. Wi-Vi නමින් හඳුන්වන මෙම ක්‍රමය මඟින් බිත්තියට පිටුපස සිටින මිනිසුන් බිත්තිය දෙසට හෝ ඉවතට ගමන් කරන අයුරු මෙන්ම පියවරක් තැබීමේ සරල චලනය පවා දක්වයි.

ගොඩනැගිලි තුල සැඟවී සිටින හෝ සිරවී සිටින (සුළු චලනයන් සහිත) මිනිසුන් පොලිස් නිලධාරීන්ට මෙන්ම හදිසි අවස්ථාවකදී සහන සේවකයින්ට හඳුනා ගැනීමට මෙවැනි Wi-Vi උපකරණයක් මඟින් හැකිවේ. තවද Wi-Vi ට චලනයන් හඳුනාගත හැකි බැවින් එය නව මෙවලමක් ලෙස, විදුලි බුබුලු දල්වන හෝ බාහු චලනයෙන් ක්‍රියාත්මක වන බොහෝ ක්‍රියාවලි සඳහා සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

ක්‍රියාකාරිත්වය
Wi-Vi සංඥා බිත්තිය දෙසට Wi-Vi උපකරණය මඟින් නිකුත් කරයි. සංඥා වලින් කොටසක් බිත්තිය විනිවිද ගමන් කර බිත්තිය පිටු පස සිටින චලනය වන පුද්ගලයෙකු නිසා පරාවර්තනය වී නැවත බිත්තිය තුලින් ආපසු Wi-Vi උපකරණය දෙසට ගමන් කරනු ලැබේ. එවිට එම චලනය හඳුනා ගතහැකිය Wi-Vi ව්‍යුහය මඟින් නිකුත් කරන එකිනෙකට ප්‍රතිලෝම සංඥා වර්ග දෙකක් එම සංඥා දෙකම නිශ්චල වස්තුවක (ගෘහභාණ්ඩ, ඡායාරූප) ගැටුනු විට එකිනෙක ශුන්‍ය කරයි. එහෙත් චංචල වස්තුවක ගැටීමේදී එසේ ශුන්‍ය නොවන අතර ගැටෙන වස්තුව අනුව විවිධ ප්‍රමාණයෙන් පරාවර්තනය වීම නිසා චලනය වන පුද්ගලයින් හා වස්තු පහසුවෙන් හඳුනා ගතහැකි වේ.
   

උපුටාගැනීම :
 MIT news, France Dep- Popular Science, June