Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2017

බහු අවයවක හා එහි භාවිත

සරල අණු නැතහොත් ඒකාවයවක(Monomers) රාශියක් නිශ්චිත රටාවකට සම්බන්ධ වීමෙන් සෑදෙන විශාල රසායනික ඒකක බහු අවයවක (Polymers) ලෙස හැදින්වේ.  පොලිඑතීන්(පොලිතීන්) ‚පොලිප්‍රොපීන් ‚පොලිස්ටයරීන්‚ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්‚ පොලිටෙට්රා ෆ්ලෝරො එතීන්‚ නයිලෝන් කෙඳි‚ කෘත්‍රිම රබර්(නියොෆ්‍රීන්)‚ ප’ස්පෙක්ස්‚ බේක්ලයිට්‚  සිලිකන් රබර්‚ ටෙරිලීන්‚ පොලියුරතේන්‚ නොමැක්ස් කෘත්‍රිම බහුඅවයවක සඳහා උදාහරණ කිහිපයකි. පිෂ්ඨය‚ සෙලියුලෝස්‚ ප්‍රෝටීන් ස්වභාවික බහුඅවයවක සඳහා උදාහරණ කිහිපයකි.

 පොලිඑතීන්(පොලිතීන් ) බහුඅවයවකය සෑදී ඇති ඒකාවයවකය එතිලීන් වේ. මෙය සතු විශේෂ ගුණ ලෙස ජල රෝධක‚  වායු රෝධක හා විද්‍යුත් පරිවාරක වීම‚ සැහැල්ලු බව හා ආතතිවලට ඔරොත්තු දීම‚ කල්පැවැත්ම‚ දිරාපත් නොවීම දැක්විය හැක. මෙය ප්ලාස්ටික් බෝතල්‚ සෙල්ලම්  බඩු‚ ගමන් මලු‚ පොලිතීන් ප‍ටල සෑදීමට යොදා ගනී.
ප්‍රොලිප්‍රොපීන් සෑදී ඇති ඒකඅවයවකය ප්‍රොපිලීන්ය. මෙහි ඇති විශේෂ ගුණ ලෙස විද්‍යුත් හා තාප පරිවාරක ගුණ‚ ආතතිවලට ඔරොත්තු දීම ‚   කල්පැවැත්ම‚ දිරාපත් නොවීම දැක්විය හැක.මෙය ප්ලාස්ටික් තහඩු තැනීම‚ පොහොර උර සෑදීමට යොදා ගනී.
පොලිස්ටයරීන් බහු අවයවකයේ   ඒකඅවයවකය ස්ටයරීන් වේ. විද්‍යුත් හා තාප පරිවාරක ගුණය‚ ජල රෝධක බව හා සැහැල්ලු බව‚ කම්පන වලට ඔරොත්තු දීම මෙහි විශේෂ ගුණ ලෙස දැකිය හැකිය.ආහාර ද්‍රව්‍ය ඇසුරුම් වල තාප හානිය අවම කිරීම සඳහා මෙය යොදා ගනී.
පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) බහුඅවයවකය සතු විශේෂ ගුණ ලෙස තාප ස්ථායි බව‚ තාප පරිවාරක බව‚ විද්‍යුත් පරිවාරක බව‚ ජල රෝධක හා සැහැල්ලු බව දැකිය හැක. මෙය ජල නළ‚ වැහිපීලි‚කොන්ඩියුට් පයිප්ප‚ වාහන ආවරණ කොටස් සෑදීමට යොදා ගනී.
පොලිටෙට්රා ෆ්ලෝරො එතීන් (ටෙෆ්ලෝන්  -PTFE)  බහුඅවයවකය තාප ස්ථායි‚ විද්‍යුත් පරිවාරක‚ ජල රෝධක හා කල්පැවැත්ම යන ගුණ වලින් යුක්ත අතර ආහාර පිසින  නොඇලෙන බදුන් වල (Non Stick) ආලේප කිරීමට යොදා ගනී.
 බහු අවයවකයක් වන නයිලෝන් කෙඳි කෘත්‍රිම රෙදි පිළි  සඳහා කෙඳි සෑදීමට‚ නූල් හා ක්‍රීඩා උපකරණ සෑදීමට‚ බුරුසු සඳහා කෙඳි සෑදීමට යොදා ගනී.
බහු අවයවකයක් වන කෘත්‍රිම රබර් මැලියම් වර්ග නිපදවීමට‚ ගොල්ෆ්  බෝල ආවරණ සෑදීමට යොදා ගනී. බහු අවයවකයක්  වන බේක් ලයිට්   දුරකථන සෑදීමට‚ ලැමිනේට් කඩදාසි‚ කැන්වස් රෙදි ‚ බොත්තමි සෑදීම සඳහා යොදා ගනී.
 බහුඅවයවකයකන් වන සිලිකන් රබර්‚ හෝස් පයිප්ප‚  ජල ප්‍රතිරෝධී  උපකරණ සෑදීමටද  ටෙරිලීන් බහු අවයවකය  චුම්බක පටි ඡායා රූප පටල‚ රෙදි පිළි සඳහා කෙඳි තැනීමට යොදා ගනී. පොලියුරතේන් බහුඅවයවකය ‍රබර් මෙට්ට කෘත්‍රිම හම්( රෙක්සීන් )සෑදීමට යොදා ගනී. නොමැක්ස් බහු අවයවකය පැරෂුට් කවර‚ අභ්‍යාවකාශ තරණයේදී යොදා ගන්නා තාප පරිවාරක ඇදුම් සෑදීමට යොදා ගනී. එමෙන්ම ස්වාභාවික බහු අවයවකයක් වන ස්වාභාවික රබර් රබර් ආශ්‍රිත නිෂ්පාද න සඳහා(ටයර්‚ පාපිසි‚ සපත්තු අඩි‚ බැලූන‚ මෙට්ට) යොදා ගනී.
මෙවැනි     බහු අවයවකයකන් භාවිතයේ වාසි මෙන්ම භාවිතයේදී  විවිධ ගැටඵද මතුවේ. දිරාපත් වීමේ වේගය අඩු වීම‚ දිරාපත් නොවීම‚ පිලිස්සීමෙන් පිටවන විෂ දුම් හා දූෂක වර්ග වායු ගෝලයට එකතු වීම‚ අම්ල වර්ෂා ඇතිවීම‚ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීම‚ වන සතුන් මේවා ආහාරයට ගැනීමෙන් ඔවුන්ට හානි සිදු වීම ඉන් කිහිපයකි.මෙම ගැටඵ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයට හා නැවත  නැවත භාවිතයට ගත හැකි  ආකාරයට  බහු අවයවක සෑදීමත් දිරාපත් වන  බහුඅවයවක සෑදීමත් විසදුම් ලෙස ඉදිරිපත් කළ හැකිය.

 සැකසුම-(පොත පත ඇසුරිනි)

කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන-විද්‍යා හා තාක්ෂණ තිලධාරී-බලපිටිය

පරිභෝජනයට නුසුදුසු මාළු

ආහාරයක් වශයෙන් මාළු සකස් කිරිමේදි  නරක් නොවු අළුත් මාළු  භාවිතා කිරිම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.එය ආහාරයක් ලෙස මාළුවල පෝෂක ගුණය , රෝග නොවැලදීමට හා නියම රසයක් ලබා ගැනිමට ද උපකාරී වේ.ඇතැම් විට නරක් වූ මාළු ආහාරයට ගැනීම විෂ වීමට ද හැක.
 ශීත රටවලට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලදි  මසුන් මිය ගිය මොහොතේ සිට ඉතා වේගයෙන් නරක් වීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.
මිට අමතරව ප්‍රධානතම  වන්නේ අපරික්ෂාකාරි පරිහරණයේදි සිදුවන තුවාල වලට ක්ෂුද්‍ර ජීවින්  ඇතුල් වි එන්සයිම පිට කිරිම නිසා නරක් විමේ වේගය වේගවත් වීමයි.මසුන් ඇල්ලිමේ ක්‍රම,  මැරිමේ ක්‍රම හා ඉන්පසු අසුරන ක්‍රමද මෙම  භෞතික හානි වලට හේතු වේ.

පරිභෝජනයට නුසුදුසු මාළු  හදුනා ගන්නේ කෙසේද

මාළුවාගේ ඇස් ඉතා දීප්තිමත්, විනිවිද දැකිය හැකි එළියට නිරාවරණය වි හා කළු පැහැති විය යුතුය. නරක් වීමත් සමග  ඇස ක්‍රම ක්‍රමයෙන්  ගිලා බසි. ඇස තුල පැහැය වෙනස් වි සුදු පැහැයක් සහිත වී වැඩිපුර නරක් විමත් සමග ඇස ඇතුළට ගිලා බසි. වියළි ස්වභාවයක් ගනි.

අලුත් මසුන්ගේ කරමල තද රතු පැහැතිය. ශ්ලේෂ්මය නොපවති. අලෙන සුළු නොවේ. කරමලෙහි කුඩා කොටස් පහසුවෙන් වෙන් කර දැකගත හැක. ඒවා පහසුවෙන් නොකැඩේ.
මාළු නරක්  වීමත් සමග කොරළ පහසුවෙන් ගැලවිමට පුළුවන.මාළු නරක් වන විට මුලින්ම සිදුවනුයේ කොරළ ඉවත් වීමයි.
නරක් වු මාළුන්ගේ හම දීප්තිමත් බව අඩු වි ශ්ලේශ්මලය පවති.එසේම දුර් ගන්ධය දැනිමද සිදු වේ.
එසේම අළුත් මාළුවකුගේ  ඇග  ඇගිල්ලෙන් එබු විට එම ඇගිලි සලකුණ ඉක්මනින්  නැතිවෙන නමුත්  නරක් වු මාළුවකුගේ  එම ඇගිලි සලකුණ ඉක්මනින් ඉවත් නොවි බොහෝ වේලාවක් පවති.

ණිර්මාණික ළමුන් ( ඩිසයිග්නර් බේබීස් )

වෛද්‍ය වරයකු  යුවලක් සදහා  ඔවුන්ගේ කුඩා බිළිදාගේ  පූර්ව කලලයේ රුවක් තිරයක් මත පෙන්වමින් , එම කලලය පරම්පරාගත රෝග වලින් තොර නීරෝගි බව පැහැදිලි කරමින් සිටී.  එවිට එම යුවල පවසන්නේ  ඔව්නට දුඹුරු පැහැති ඇස් ඇති, කලු කොන්ඩය සහ පැහැපත් සමක් ඇති දරුවකු අවශ්‍ය බවට තීරණය කරයි.  එහිදී වෛද්‍යවරයා තවදුරටත්, බිළිදාගේ ජාන වලින් ඇති වීමට හැකි  දිගු දුර අන්ධ භාවය,  මත් ද්‍රව්‍ය ඇබ්බැහි භාවය, තරබාරු කම, ගෘහ හිංසාව  ඉවත්කිරීමට කටයුතු කර බවත් ප්‍රකාශ කරයි.
අපිට නම් ඒ ගැන නැවත දෙපාරක් සිතන්න අවශ්‍ය නෑ, “ මා කියන්නේ  ලෙඩරෝග ගැන” ​සඵල මව පවසයි. එවිට ස්වාමි පුරුෂයා  එක් වරම පවසන්නේ  ඇතැම් දේ වාසනාවට ඉඩ හැරිම සුදුසු බව තමා සිතන බවය.

වෛද්‍ය වරයා බලාපොරෝත්තු පිරිපුන් දෙපලට  ඔව්න් තමා වෙත පැමිණියේ මන්දයා මතක් කර දෙයි. එය තම දරුවාට ඉතා හොදම ආරම්භය ලබා දීමටය.

“මෙය මීට වසර 20 කට පෙර ඔක්ටෝබරයේ වෙදීකා ගතවූ ගටකා චිත්‍රපටයේ ජවනිකාවක සංවදයක කොටසකි”.  නමුත් මෑත කලීන ජාන සංකරණ  විද්‍යාවේ අදාරයෙන්  ( ක්‍රිස්පආර්, කෑස් 9 = CRISPR/Cas9 ) මිනිස් කලලයක් ජාන සංස්කරණය කිරීම හා පාලනය කිරීම සැබෑවක් වෙමින් පවතී.
චිත්‍ර පටයේ පන්වන ආකාරයට  නිර්මාණික ලමුන් ( designer babies ) ලගදීම මානව අවශ්‍යතාවක් වනු ඇති බව  මානව වාදී දාර්ශණිකයින් පෙන්වා දෙයි.
ගටකා චිත්‍රපටයේ කතෘ පවසන්නේ  මෙලෙස කෘතීම කලල වැඩීමේ  පරිසරයක ජාන සංස්කරණය කරන ලද ආකාරය ආනාගතයේ සාමාන්‍ය ළමුන් බිහිවීමේ ක්‍රමය වන බවයි.  එලෙසම එහිදී  තම දරුවනට එම පර්යේෂණ සදහා මුදල් යෙදවිය නොහැකි  යටත් පංතියක් නිර්මාණය කෙරෙන බවද ඔහු පෙන්වා දෙයි.
මෑතක් වන තුරුම මෙලෙස මිනිස්  ඩීඑන්ඒ (DNA) සංස්කරණය කිරීම, සැකසීම  විද්‍යාත්මක පෙන්වා දීමක් හා ආදර්ශ කතාවක්ද,  ජීව විද්‍යාව හා ජාන තාක්‍ෂණය මගින් එල්ලවිය හැකි ජීව විෂම තාවයට අනතුරු ඇගවීමක් විය. මෙය පසුගිය හැස්ටින්ග් මධ්‍යස්ථානය මූලිකත්වයෙන් සාකච්ඡාවකදී  මාධ්‍යවේදීන්, විද්‍යාවේදීන්, දාර්ශණිකයන් හා වෛද්‍යවරු මගින් විවිචනයට හා අභියෝගයට ලක්ව ඇත.
මෑතදී ( ක්‍රිස්පආර්, කෑස් 9 = CRISPR/Cas9 ) ක්‍රමයෙන් බිහිරි භාවය, හෘද හා රුධිර අක්‍රමිකතා සදහා පිළියම් සොයාගත් බව වාර්තා කර ඇත.  ජාන සංස්කරණය සදහා මෙම විද්‍යාව හා උපකරණ භාවිතය වසර 5ක් පමණ කාලයක් දියුණු හා වර්ධනය කල බවත් එමගින්  නිර්මාණිකව මීයන්, ඌරන්, මාලුවන්, ශාක හා අනෙකුත් සතුන් සාදා අත්හදා බැලූ බවත් වාර්තා වේ. මෙය මිනිසුන් සදහා යොදාගන්නේද නැද්ද යන්න අතිශයින්ම විවාදයට ලක්වේ. 

එස් කූල් - S’cool


ඔබ හිතවතකු , යහළුවෙකු හෝ ඔබ කැමති වෙනත් අයෙකුට  නත්තල හෝ වෙනත් ප්‍රීති සමයක් සදහා තෑගි ලෙස කැමරාවක් සහිත ජංගම දුරකථනයක්  මිලදී ගන්නේ නම් ඔව්නට එය ලෝක ගෝලය හා  වීද්‍යා පරීක්‍ෂණ සදහා යොදා ගන්නා ආකරයද පෙන්වා දීම ඉතා වැදගත් දෙයකි. 

එස් කූල් - S'COOL
ඔබ වලාකුළු වලට ප්‍රය මනාප නම් මෙය ඔබට ඉතා අගනා දෙයකි.  එස් කූල් - S'COOLනිර්මාණය කොට තිබෙන්නේ  භූමියේ සිට වලාකුළු පරීක්‍ෂා කිරීමට හා ඒවායේ හැඩය පිළිබද තොරතුරු සැපයීමටය.  මෙහිදී එකතු කරගන්නා දත්ත  අභ්‍යවකාශගත චන්ද්‍රිකාවක් මගින් ගබඩා කර ගනී. (CERES - Clouds and the Earth's Radiant Energy Sytem ) දැන් මෙම චන්ද්‍රිකාව නාසා ආයතනයේ  වලාකුළු ගෝලීය කාලගුණයට බලපාන අන්දම අධ්‍යනය සදහා යොමුවූ අංශයක් ලෙස  ලෝක ගෝලයට ඉහලින් කක්ෂගත වේ. එබැවින් ඔබටද දැන් මේ සදහා ඇතුලත් විය හැකිය. එය ඔබගේ පාසල හෝ පංතිය හෝ තනිව විද්‍යාඥයකු ලෙස දායක විය හැකිය.

ඒ සදහා සහභාගී වීමට ඔබට අවශ්‍ය නම් පහත වෙබ් අඩිවියට පිවීසීමෙන් ඉට කර ගහ හැකිය.

සාගරය රකින කොරල් පර

කොරල් පර සාගරයේ දැකිය හැකි වැදගත් පරිසර පද්ධතියකි. වෙරළේ ආරක්ෂාවටත් ධීවර කර්මාන්ත‍යේ පැවැත්මටත් සංචාරක කර්මාන්තය‍ටත් එමගින් ඉමහත් මෙහෙයක් ඉටුකරයි. දේශගුණික වෙනස් වීම් සාගර දූෂණය හා හිරිගල් කැඩීම වැනි හේතු මෙම පරිසර පද්ධතියේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

සාගරයේ වටිනාම සම්පත වන  කොරල් පර ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදේ.එනම් දෘඩ කොරල් (Hard corals) හා මෘදු කොරල් (Soft corals) වශයෙනි. දෘඩ කොරල් වල කැල්සියම් කාබනේට් වලින් හැදුණු බාහිර සැකිල්ලක් දැකිය හැකි අතර මෘදු කොරල්වල අභ්‍යන්තරයේ සුඵ වශයෙන්  කැල්සියම් කාබනේට් ඇත. ශ්‍රී ලංකාව සතු කොරල්පර ප්‍රමාණය සීමිතය. ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ කොරල් විශේෂ 183ක් පමණ ඇතැයි විශ්වාස කරන අතර එහි   දෘඩ කොරල් හා මෘදු කොරල් යන කාණ්ඩ දෙවර්ගයම හමුවේ.

කොරල් සෑදී ඇත්තේ බුහුබාවා නම් ඉතා කුඩා ජීවීන් රැසකගේ එක් වීමෙනි. බුහුබාවා විසින් දෘඩ  කොරල් වල කැල්සියම් කාබනේට් ආවරණයක් නිර්මාණය කරයි . එවන් ආවරණ රාශියක් එක් වී කොරල් ඝනාවාසයක් සෑදෙන  අතර. දෘඩ කොරල් වාස  භූමි සිය ගණනක් එකිනෙකට ආසන්න වීමෙන් එකමත එක වැඩීමෙන් කොරල් පරයක් නිර්මාණය වේ. කොරල් වලට වර්ණය ලැබෙනුයේ බුහුබාවන්ගෙන් වන අතර බුහුබාවන්ට එම වර්ණය ලැබෙනුයේ ඔවුන්ගේ ශරීර තුල ජීවත් වන ඒක සෛලික ඇල්ගී මගිනි.

නමුත්  කොරල් සෑම මුහුදකම හෝ මුහුදු තීරයකම වර්ධනය නොවන අතර එයට සාධක ගණනාවක් අවශ්‍ය වේ. ඒ සඳහා මුහුදු තීරයේ උෂ්ණත්වය සෙ.අංශක 25-30 අතර තිබීම යෝග්‍ය වේ. අධික හිරු එළිය කොරල් වලට හානිදායක වන නමුත් කොරල් හා සහජීවනයෙන් ජීවත් වන සුසැන්තිලේ  වැනි  ඇල්ගී   විශේෂ වර්ධනයට හා ශක්තිය නිපදවීමට හිරු එළිය අවශ්‍ය වේ.එමෙන්ම කොරල් වර්ධනයට ජලයේ පැහැදිලි බව ඉතා වැදගත් වේ. එමෙන්ම කොරල් මිරිදිය ජලයේ වර්ධනය නො‍වන අතර අධික ලවණතාවය සහිත ජලයට ඔරොත්තු දේ. කොරල් නිර්මාණය අවුරුදු දහස් ගණනක් තිස්සේ සිදුවන අතර ඒවායේ වර්ධනය ඉතා සෙමින් සිදුවේ. ඇතැම් කොරල් වසරකට සෙ.මී 15 පමණ වර්ධනය වන අතර තාරකා කොරල් හා මස්තිෂ්ක කොරල් වැනි විශාල කොරල් වර්ග වසරකට අඟල් 1/8-3/4 දක්වා ‍වර්ධනය වේ.   

ගැටි කොරල් බාධක පර අතොල් පර ලෙස කොරල් වර්ග කිහිපයකි. ගැටි කොරල් වෙරළට ආසන්නව වර්ධනය වී ඇත. වෙරළේ සිට මුහුද දක්වා විහිදී ඇත. බාධක කොරල් වෙරළ තීරය‍ට සාමාන්තරව ඇති අතර වෙරළෙන් වෙන් වන්නේ ජල තීරුවකිනි. එනම් එමගින් වෙරළත් මුහුදත් අතර බාධකයක් නිර්මාණය කරඇත. ගිලුණු ගිනිකන්දක ආවාට මුදුන වටා හෝ සාගරය තුල ගිළී පවතින කදු මුදුන් ව‍ටා කවා කාර හැඩයෙන් යුත් දූපත් ලෙස වර්ධනය වී ඇති කොරල් අතොල් පර  නමි. ශ්‍රී ලංකාවේ  බහුලවම ඇත්තේ ගැටි කොරල් පරය. බාධක පර හා අතොල් පර දැකිය නොහැකිය. ගැටි කොරල් පර බොහොමයක් නිරිත දිග දකුණ හා නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව ව්‍යාප්තව ඇත. ඒ අනුව දකුණු වෙරළ තීරයට අයත් හික්කඩුව උණවටුන වැලිගම ආසන්න වෙරළ තීරයේත් නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලය පරෙවි දූපත ආසන්නයේත් හොදින් වැඩුණු කොරල්පර දැකගත හැකිය.මීට අමතරව මන්නාරම් බොක්කේද  කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ගැඹුරු මුහුදේද  හොදින් වැඩුණු කොරල්පර දැකගත හැකිය.     
                        
මුහුදු රළ‍ට එරෙහිව බාධකයක් වී වෙරළ ආරක්ෂා කරන සාගරයේ සිටින මසුන්ට හා අනෙකුත් අපෘෂ්ඨ වංශීන්ට ජීවත් වීමට පරිසරයේ ආරක්ෂාව හා ආහාර ලබා දෙන කොරල් පර සාගර ජෛව විවිධත්වය කෙරෙහි ඉතා වැදගත් වන පරිසර පද්ධතියකි.

සැකසුම-‍‍(පොත පත ඇසුරිනි)
කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-බලපිටිය

December 30, 2017

යෝධ නෙලුම්

නිසල ජලය ඇති ජලාශවල, පොකුණු හා වැව් ඉවුරුවල දක්නට ලැබෙන ඕලු, නෙලුම්, මානෙල් යන නම්වලින් හදුන්වන ජලජ ශාක උද්භිදවිද්‍යාත්මක වශයෙන් දෙයාකාරයක් පවතී.
මින් එක් ආකාරයක් නම් Water lily ලෙස හදුන්වන අතර Nymphaeaceae පවුලට අයත්වේ.  අනෙක් ආකාරය Lotus ලෙස හදුන්වන අතර Nelumbo යට අයත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි ආසියාතික නිවර්තන දේශගුණික කළාපයේ රටවල් වල බොහෝ සෙයින් හමුවන්නේ නෙලුම් හෙවත් Lotus ලෙස හදුන්වන විශේෂයන්ය.
මැක්සිකෝව, ගල්ප්, උතුරු ඇමරිකාව ආදී සෞම්‍ය කළාපයේදී හමුවන්නේ Water lily ලෙස හදුන්වන විශේෂයන්ය. කෙසේ නමුත් නෙඑම් විශේෂ 58ක් හදුනාගෙන ඇත.
බොලිවියාවේ පලමුවරට හදුනාගනු ලැබූ Victoria amazonica නම් විශේෂය ලොව විශාලතම නෙලුම් හෙවත් Water lily වර්ගයවේ. එය බ්‍රසීලයේ හා ඇමසන් ගංගා ඉවුරේ සුලබය.
  • Kingdom: Plantae
  • Phylum: Magnoliophyta
  • Class: Magnoliopsida
  • Order: Nymphaeales
  • Family: Nymphaeaceae
  • Genus: Victoria
  • Species: Victoria amazonica
  • Common Name: Giant Water Lily
මේවායේ පත්‍ර විශ්කම්භය මීටර් 3ක් දක්වාද නටුවේ දිග මීටර් 7ක් 8ක් දක්වාද වර්ධනය වේ. එම පත්‍රයක් මත මිනිසෙකුට සිටගෙන සිටීමට පවා හැකි අතර කිලෝග්‍රෑම් 137ක බරක් දරා සිටිය හැකි බවට පර්යේෂණ කර ඇත. පත්‍ර මතුපිට කොළපැහැයක් ද යටි පැත්ත දම් පැහැයක්ද ගන්නා අතර පත්‍ර යටි පැත්තේ ඇති ශක්තිමත් ඝනකම් නාරටි ජාලයකින් සමන්විතවේ.  මෙම ඝන නාරටි නිසා මාඑ සහ වෙනත් ජලජ ජීවීන්ට පත්‍ර ආහාරයට ගැනීම අපහසු වී ඇති අතර ජල පෘෂ්ඨය මත පාවෙන පත්‍ර මතුපිට දක්වා දිවෙන මෙම නාරටි නිසා කුරුල්ලන්ටද පත්‍ර ආහාරයට ගැනීම අපහසු වන ලෙස අනුවර්තනය වී ඇත.



 මෙම පවුලේ ශාකවල පුෂප සුදු, රෝස, දම්, නිල්, ලාකහ පාටවලින් යුක්ත වන අතර Victoria amazonica පුෂ්පය සුදුය. මෙම පුෂ්ප රාත්‍රි කාලයේදී පමණක් පිපෙන අතර දින 3ක් පමණකින් පරවේ. පරපරාගනය සදහා කෘමීන් ආකර්ෂණය කර ගැනීමට අන්නාසි සුවදට සමාන සුවදක් නිකුත්කරයි. නිවර්තන දේශගුණික කළාපයේ වැඩෙන විශේෂයන් වසරපුරාම මල් හටගන්නා නමුත් මෙම විශේෂය ගිම්හාන කාලයේදී පමණක් මල් හටගැනීමත් පරාගනයත් සිදු කරයි.


කෙසේ වෙතත් මෙම යෝධ නෙලුම් විශේෂය පරිසර පද්ධති කෙරේ ඇති කරන බලපෑමද සලකා බැලිය යුතුය. පත්‍රවල විශාලත්වය නිසා ජලපෘෂ්ඨය ආවරණය වීමෙන් හිරුඑළිය ජලාශයේ පතුලට නොලැබීයයි. මේ නිසා මේවා වැඩෙන ජලාශවල ඇල්ගී වර්ධනය අවම මට්ටමක පවතී. එනිසා ඇල්ගී ආහාරයට ගන්නා මත්ස හා සත්ව විශේෂ වලට අහිතකර බලපෑම් ඇතිකරයි.
එන්ගලන්තයේ පර්යේෂනණාගාර තුල Victoria amazonica ජාන වෙනත් ශාක හා  සංයෝජනය කරමින් බෝගවගාව පිළිබද වැඩිදුර පර්යේෂණ සිදු කරමින් පවතී.



December 29, 2017

ලොව ප්‍රථම ශූන්‍ය විමෝවන කළාපය -)Zero Emission Zone ( ZEZ )

ලෝකයේ රථ වාහන භාවිතය අධික වීමට සමානුපාතිකව ඒවායින් වායුගෝලයට පිටවන වායූන් නිසා සිදුවන පරිසර දූෂණය ද වැඩිවෙමින් පවතී. මෙයට විසඳුමක් ලෙස වාහනවලින් වායුගෝලයට පිටවන විෂදුම් අවම කිරීම කෙරෙහි ලෝකයේ අවධානය දැඩිව යොමුවී ඇත.




මෙම කරුණ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා එංගලන්තයේ ඔක්ස්‍ෆර්ඩ් නගර සභාව ඇතුළු ආයතන මේ වන විට කටයුතු කර ඇත. එනම් ඔක්ස්‍ෆර්ඩ් නගරය 2035 වන විට ලොව ප්‍රථම ශූන්‍ය විමෝවන කළාපය ( Zero Emission Zone - ZEZ ) බවට පත් කිරීමයි. එයට ප්‍රධාන හේතුව ඔක්ස්‍ෆර්ඩ් නගරය ආශ්‍රිත වායුගෝලයේ දැනට පවතින අධිත  NO2 සාන්ද්‍රණයයි. මේ හේතුවෙන් පිළිකා ඇතුළු රෝග රාශියක් නිසා වසරකට මියයන සංඛ්‍යාව 40000කට ආසන්නය. ඔවුන්ගේ අවසාන ඉලක්කය වනුයේ අධික ලෙස දූෂණයට ලක්ව ඇති “ජෝර්ජ් ස්ට්‍රීට්” වැනි මාවත් ආශ්‍රිතව NO2 සාන්ද්‍රණය 2035 වන විට 74%කින් පමණ අඩු කිරීමයි.



මෙම කටයුත්ත 2020 දී නගරයේ වීදි කීපයක් තෝරා සිදු කරන අතර එම වීදිවල පෙට්‍රල්/ඩීසල් කාර්, ටැක්සි, වෙළඳ වාහන හා බස් ධාවනය තහනම්ය. 2025 දී එයට තවත් වීදි ප්‍රමාණයක් ද 2030 දී තවත් වීදි ප්‍රමාණයක් ද බැඟින් එකතු කරමින් 2035 දී ඉන්ධන භාවිතාකර ධාවනය කරන වාහන සියල්ල නගරය තුළ තහනම් කිරීමට නියමිතය. එසේම 2040 වනවිට සියළුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් රථ අලෙවිය අවසන් කිරීමට ද එංගලන්ත රජය බලාපොරොත්තු වේ.

වසන්ත රණසිංහ - මුලටියන විදාතා මධ්‍යස්ථානය