February 15, 2017
සුළගින් දුවන විදුලි දුම්රිය
නෙදර්ලන්ත දුමිරිය සමාගම විසින් 2015 වර්ෂයේදී ගන්නා ලද එක් සුවිශේෂි තීන්දුවක් හේතුකොට ගෙන ප්රවාහන ක්ෂේත්රය තුල වැදගත් වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එනම් ඔවුන්
භාවිතා කරන මගීන් ප්රවාහන විදුලි දුම්රිය සඳහා විදුලිය
උත්පාදනය කිරීමට සුළං බලශක්තිය යොදාගත යුතු බව දුම්රිය සමාගම විසින් තීරණය කිරීමයි.
මෙම ව්යාපෘතියට අනුව 2018 වර්ෂය ආරම්භ වන විට එරට සියලු මගී ප්රවාහන දුම්රිය
සඳහා සුළං බළශක්තියෙන් විදුලිය සැපයිය යුතු විය. මේ සඳහා දුම්රිය සමාගම බලශක්ති
නිෂ්පාදන සාමාගමක් වන එනිකෝ සමාගම සමග ගිවිසුම් ගත වූ අතර ඔවුන් එක්ව ගත් ප්රයත්නයේ
සාර්ථක ප්රතිඵලයක් වශයෙන් 2017 වර්ෂය
ආරම්භ වන විටම අදාල ඉලක්ක වෙත ලගාවීමට ඔවුන්ට හැකියාව ලැබිණි.
මෙම නව ව්යාපෘතිය
හේතුකොට ගෙන විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන භාවිතයේදී පරිසරයට එකතුවන
කාබන්ඩයොක්සයඩ් ප්රමාණය අඩු කල හැකි අතර මෙය පොසිල ඉන්ධන ශක්ති ප්රභවයක් වශයෙන්
භාවිතාවන අනෙකුත් කර්මාන්ත සඳහාද ආදර්ශයක් වනු ඇතැයි එනිකෝ සමාගමේ අදහසයි. නෙදර්ලන්තය
සැලකීමේදී ප්රවාහනය මගින් පරිසරයට මුදාහරින මුළු
CO2 ප්රමාණය 20% පමණ වන අතර, ප්රවාහන පහසුකම් සලසා
ගන්නා අතරම පරිසරය ආරක්ෂා කිරීමද මෙම ව්යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.
දිනකට
නෙදර්ලන්ත ජනතාවගෙන් මිලියන 1.2 පමණ දුම්රියෙන් ගමන් ගන්නා අතර මේ සඳහා ටෙරාවොට්
පැය 1.4 ක විදුලියක් සුළං බලශක්තියෙන් උත්පාදනය කලයුතු වේ. මෙම ප්රමාණය
ඇමස්ටරඩෑම් ප්රදේශයේ ගෘහස්තව පරිභෝජනය කරන මුළු විදුලි බලයට සමානවේ. එනිකෝ සමාගමේ
දත්ත වලට අනුව සුළං බලශක්ති නිෂ්පාදනාගාරයක් පැය 01ක් ක්රියාත්මක කිරීම මගින්
විදුලි දුම්රියකට කි:මී: 200(සැතපුම් 120) යාමට අවශ්ය ශක්තිය උත්පාදනය කරගත හැක.
ව්යාපෘතිය
ආරම්භයේදී විදුලි දුම්රිය සඳහා අවශ්ය වන සුළං විදුලිබලශක්තිය ආසන්න රටවලින්
ලබාගැනීමට අපේක්ෂා කල අතර කෙසේ නමුත් අවසානයේදී රට තුලම සුළං විදුලිබලශක්ති ජනන
මධ්යස්ථාන ප්රමාණය වැඩිකිරීම මගින් අදාල බලශක්ති අවශ්යතාවය සපුරාගැනීමට දුම්රිය සමාගමට හැකියාව ලැබිණි. ඔවුන්ගේ මීලග
ඉලක්කය වන්නේ මගියෙකු සඳහා වැයවෙන ඉන්ධන ප්රමානය 2005 වසර හා සැසදීමේදී 2020
වසරේදී 20% අඩු කිරීමයි.
උපුටාගැනීම: http://www.sciencealert.com/all-electric-trains-in-the-netherlands-are-now-100-powered-by-wind-energy
සදාකාලිකව කොලෙස්ටෙරෝල් අඩු මට්ටමක තබා ගත හැකි එන්නතක්
ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඔබගේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුව පවත්වා ගැනීමට හැකි එන්නතක් නිපදවීමට
හැකි විභවයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
කිසිදු අතුරු
ආබාධයකින් තොරව හදවත් රෝග වලින් අඩු අවදානමක් සහිත වීම සඳහා අවශ්ය විශේෂ ජාන
විශේෂයන් අකර්මන්ය කරන සහජ විකෘතිතාවයකින් (mutant) යුත්
මිනිසුන් අප අතර සිටියි. මේ හා සමාන ලෙස මෙම සුවිශේෂි ජාන අකර්මන්ය කරන එන්නතක්
සතුන් සඳහා සාර්ථකව අත්හදා බලා තිබේ.
මිනිස් ශරීරයේ
සමහර සෛල තුල ඇති DNA ස්ථිරව වෙනස් කරමින්
මෙම ප්රතිකාරය කිරීමේ හැකියාවක් පවතින බවද වාර්තා වන අතර මිනිසුන් සඳහා එම ප්රතිකාරය භාවිතා කිරීමට පෙර
එය කෙතරම් ආරක්ෂාකාරී දැයි සෙවීම දැන් සිදුවේ. කෙසේ වෙතත් ප්රතිකාරය
ඉතා ඉහල ප්රතිලාභ ලබා දෙනු ඇතැයිද විශ්වාෂ කෙරේ. න්යායාත්මකව එය මිලියන ගණන්
මිනිසුන්ට සෞඛ්යය සම්පන්න දීර්ඝායුෂ ලබාදීමට සමත් වනු ඇත.
ජානමය අස්වාභාවිකතාවක් හේතුවෙන්
තම අක්මාව තුල PCSK9 නමැති ප්රෝටීනය නිපදවීම වැලැක්වෙන මිනිසුන් හඳුනාගත් බව 2005 දී වාර්තා
විය. ඔවුන් තුල හෘද රෝග වර්ධනය ඉතා සීමිත වු අතර එනිසා ඇතිවූ වෙනත් අතුරු ආබාධය
පිළිබද තොරතුරු වාර්තා නොවු බව PCSK 9 ප්රෝටීනය පිළිබඳ අධ්යයනයේ
යෙදෙන Gilles Lambert නම් විශ්ව විද්යාලීය
ආචාර්යවරයා පවසයි.
PCSK 9 ප්රෝටීනය සාමාන්යයන්
රුධිරය තුල සංසරණය වෙමින් රුධිර වාහීනි මතුපිට ඇති ප්රෝටීන වර්ගයක තත්වය බාල
කරයි. මෙම දෙවන ප්රෝටීන වර්ගය රුධිරයෙන් LDL කොලෙස්ටෙරෝල් ඉවත්
කරයි. දෙවන ප්රෝටීන වර්ගය PCSK 9 මගින් අඩු කිරීම
වේගවත් වීමට සමානව පුද්ගලයකුගේ කොලෙස්ටෙරෝල් මට්ටම
ඉහල යෑමද සිදුවේ. එනිසා ජානමය විකෘති භාවය මඟින් PCSK 9 ප්රෝටීනය අඩුවු අයගේ LDL කොලෙස්ටෙරෝල් ඉවත් කරන දෙවන ප්රෝටීනය වැඩි නිසා රුධිරයේ කොලෙස්ටෙරෝල්
මට්ටම අඩුව පවතියි.
හෘදයාබාධ හා ආඝාත
නිසා බොහෝ මිනිස්සු මිය යන අතර රුධිරයේ නරක LDL කොලෙස්ටෙරෝල් මෙම
අවදානම තීව්ර කරයි. මේ සඳහා දැනට සාර්ථක ප්රතිකාර ඇතත් ඒවා සමහර රෝගීන්ට
අසාත්මික වේ. එනිසා බොහෝ ඹෟෂධ සමාගම් විකල්ප ප්රතිකාර සඳහා යොමු වීම මෙම සොයා
ගැනිමට මූලික වී තිබේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=PNdO80cvGZ0
සඳ වියලිව ඉපදුනාද?
න්යෂ්ඨික පරීක්ෂණ
සිදුවූ ස්ථානවල සැදී ඇති විදුරු වර්ග අනුව සඳ වියලිව ඉපදුනාදැයි විද්යාඥයෝ සැක
පහල කරති. සඳුගේ නිර්මාණයට හේතුවූ ස්වභාවිකව සිදුවූ ඝට්ටනය ප්රායෝගිකව ඇති කිරීමට
මිනිසාට හැකියාව නැති නමුත් මනුෂ්යා විසින් වෙනත් සුවිශාල පිපිරීම් සිදුකර තිබේ. කාලයකට
පෙර සිදු කරන ලද න්යෂ්ඨික අවි පිපිරීම් වල අවශේෂ නිරීක්ෂණය කිරීම මගින් චන්ද්රයාගේ
අතීතය අවබෝධ කර ගැනීමට පර්යේෂකයන් උනන්දු වී තිබේ.
1945 ජුලි 16 දින එක්සත්
ජනපදයේ හමුදාව විසින් Trinity (ත්රිත්ව) යන අනවර්ථ නාමයකින් න්යෂ්ඨික අවියක්
පුපුරුවා හරින ලදී. TNT කිලෝ ටොන් 20 ක බලශක්තියකින් න්යෂ්ඨික බෝම්බය පිපිරුණු
අතර එමගින් පොලොව යට තිබු වැලි ද්රව බවට පත්විය. මෙම trinitite (ට්රිනිටයිට්) තුළ
කොළ පැහැති විදුරු වලින් සමන්විත සිහින් ස්ථරයක් නිර්මාණය වී තිබේ.
න්යෂ්ඨික
බෝම්බය පිපිරුණු අවට ප්රදේශයේ උෂ්ණත්වය 800 0C දක්වා ඉහළ ගොස් ඇති අතර
80,000 ක පමණ වායුගෝලීය පීඩනයක්ද ඇති වී තිබේ. අඟහරු ග්රහයාගේ ප්රමාණයේ
ග්රහාකයක් සහ පෘථිවිය ගැටීමෙන් සඳු නිර්මාණය විමේදීද මෙවැනි හෝ ඊට විශාල ආන්තික
බලශක්තියක් නිදහස් විය. තවද සෞරග්රහ මණ්ඩලයේ මුලික අවධියේ ග්රහ මණ්ඩල මුහුණ දුන්
තත්වය මෙවැනි පිපිරීම් වලට බොහෝ සේ සමාන බව කැලිෆෝනියාවේ Scripps සාගර විද්යායතනයේ
James Day පවසයි. ග්රහලෝක විද්යාව සදහා මෙම Trinity පිපිරීමේ විස්තර කොටස් කර මැන
වාර්තා කිරීමට විද්යාඥයන්ට හැකි වීම වාසනාවකි. එමගින් අධ්යනය සදහා විශාල තොරතුරු
සමුදායක් ලැබී තිබේ.
සාපේක්ෂව අඩු
වාෂ්පශීලි අගයන් ගන්නා ජලය හා අනෙක් වාෂ්පශීලි
ද්රව පෘථිවියට වඩා සඳ තුළ මෙතරම් අඩුවීම සොයා බැලීමට මෙම පිපිරිමේ යථාතත්යන්
Day සහ ඔහුගේ කණ්ඩායමට ප්රයෝජනවත් විය. ඒ අනුව ඔවුහු පිපිරීමේ සිට විවිධ දුර පරාස
වල පිහිටි වාෂ්පශීලි මුලද්රව්ය සින්ක් වැනි trinitite කොටස් ව්යාප්තිය අධ්යනය කළෝය.
වඩාත් තීරණාත්මක විභාජන සාධකය නම් බර සහ සැහැල්ලු සමස්ථානික මෙම පිපිරුම් ස්ථාන වල
එකිනෙකින් වෙන්වී පවතින ස්වරුපය සඳේ එම ද්රව්යවල පවතින ස්වරුපයට සමාන වීමයි.
සින්ක් සහ
විශේෂයෙන් ජලය වැනි වෙනත් වාෂ්පශීලි මුල ද්රව්ය
සඳ නිර්මාණයේදී සිදුවූ සාහසික ගැටුම නිසාම හෝ එම දැඩි උෂ්ණත්වය පැවතී කාලය
තුලදීම සම්පුර්ණ වශයෙන් වාෂ්ප වී ඇති බව මෙමගින් හැගේ.පෘථිවි වැසමේ පවතින ලෙසට සඳ
අභ්යන්තරයේද ජලය පවතින බවට විද්යාඥයන් විශ්වාශ කිරීමටද හේතු වුයේද සඳ මත තැන්පත්ව
ඇති මෙම අසාමාන්ය ප්රමාණයක විදුරුයි. එහෙත් සඳ නිර්මාණයේදීම ජලය වාෂ්පීකරණය වූයේ
නම් සඳ තුළ තවදුරටත් ජලය කොතරම් පවතීදැයි සැක සහිත බව ඔවුන්ගේ අදහසයි.
කෙසේවෙතත්
පෘථිවිය මත ඇති දත්ත පරික්ෂා කිරීමෙන් බොහෝ ග්රහලෝක ගැටළු විසදා ගත හැකි බව
ටෙක්සාස්හි චන්ද්රයා සහ ග්රහලෝක නිරීක්ෂණ ආයතනයේ Patrick McGovern පවසයි.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=5OO9Wnna-As
February 14, 2017
පිරිසිදු ජල හිගයට ලාභදායි සුර්ය බලශක්ති ජල පෙරණය
ලොව මිලියන ගණන්
මිනිසුන් මුහුණ දෙන ශෝචනීය ගැටළුවක් ලෙස පිරිසිදු ජල හිගතාවය සදහන් කළ හැකිය. ශ්රී
ලාංකිකයන්ටද මෙම ගැටලුව පිළිබද බොහෝ කටුක අත්දැකීම් තිබේ. ලොව පුරා පවතින මෙම
ගැටලුවට යම් ප්රමාණයක සහනයක් ලෙස ලවණ මිශ්ර හා අපිරිසිදු ජලය පිරිසිදු කිරීමට
හැකි ඉතා අඩු වියදම් ජල පෙරණයක් නිපදවීමට පර්යේෂක කණ්ඩායමක් සමත් වී ඇතැයි වාර්තා
වේ.
වානිජමය නිෂ්පාදනයන්ට
වඩා 2.4 ගුණයක වැඩි වේගයකින් ජලය පිරිසිදු කළ හැකි ලාභදායි ජංගම උපකරණයක් මගින්
පිරිසිදු ජලය නිපදවීමේ කාර්යක්ෂමතාව පර්යේෂකයන් විසින් වර්ධනය කර තිබේ. ඔවුන්
විසින් සාමාන්ය සුර්ය ස්ථාලිය වර්ධනය කිරීම සහ මෙම පර්යේෂණ වල ප්රතිඵල Global
Challenges (ලෝක ව්යාප්ත අභියෝග) සගරාවේ පළ කර තිබේ.
වාෂ්පීකරණ ක්රියාවලියේදී
සුර්ය බල ශක්තිය උපරිමව භාවිතා කළ හැකි ක්රමයක් නිර්මාණය කළ බවත් ඒ සදහා ඉතා අඩු
මිල අමුද්රව්ය යොදා ගැනීමට තමන් සමත් වූ බවත් පර්යේෂණ කණ්ඩායමේ නියමු Qiaoqiang Gan ප්රකාශ කරයි. ඉන්ජිනේරු ශිල්පය
සහ ව්ය්වාහරික විද්යාව සදහා වූ Bufffalo School නම් විශ්ව විද්යාලයේ විදුලි
ඉන්ජිනේරු මහාචාර්යවරයා වන Gan වාෂ්පීකරණ ක්රියාවලියේදී උෂ්ණත්ව
හානි වන ප්රමාණය අවම කර ගැනීමටද තම කණ්ඩායම සමත් වූ බවද සදහන් කරයි.
සුර්යාගේ රශ්මිය උපයෝගී
කරගෙන ජලය වාෂ්පීකරණය මගින් ජලයේ ඇති බැක්ටීරියා, ලවණ සහ වෙනත් අපද්රව්ය ඉවත් කිරීම මෙම සුර්ය වාෂ්පීකරණ
උත්පාදක උපකරණය මගින් සිදු කරයි. ඉන්පසුව ජල වාෂ්ප ඝනීභවනය කර පිරිසිදු ජලය ලබා
දේ.
ජලය උරා ගැනීමට සහ හිරු
එලිය උපරිම වශයෙන් උරා ගැනීමට හැකි ලෙස කාබන් කළු වර්ණයෙන් වර්ණ ගැන්වූ කඩදාසිය
මෙම ක්රමය සදහා යොදා ගත් සුවිශේෂී අංගය වේ. කුඩා ශීතකරණයක් තරම් විශාල වූ උපකරණය ජලය
මත පාවෙමින් මතුපිට ජලය පමණක් පිරිපහදුව සදහා භාවිතා කරයි. එනිසා එය ඕනෑම ජල ප්රභවයකදී
භාවිතා කළ හැකි අතර දිනකදී වතුර ලීටර 3-10 අතර ප්රමාණයක පිරිසිදු ජලය නිපදවයි. වර්තමාන
මිල ගණන් අනුව උපකරණයේ වර්ග මීටරයක මිල $ 1.60 ක් පමණක් වන නමුත් විශාල ප්රමාණයෙන්
ජලය පිරිසිදු කරන්නේ නම් එම මිලද තවදුරටත් අඩු කළ හැකි බව සදහන් වේ.
පිරිසිදු ජල හිගයෙන් පිඩා
විදින මිලියන 700 ක පමණ ජනගහනය පිළිබද සලකා බැලීමේදී මෙවැනි පිරිවැය-ඵලදායී සාර්ථක
නිර්මාණ වල අවශ්යතාව බොහෝ සේ වැදගත් වේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
February 13, 2017
වසර දහයක ආයු කාලයක් සහිත බැටරි විශේෂයක්
වසර දහයක ආයු
කාලයක් සහිත විදුලි කෝෂ (බැටරි) නිසා පුනර්ජනන බල ශක්තියේ අනාගතය විප්ලවකාරී වනු
ඇත.හාවර්ඩ් විශ්ව විද්යාලයේ විද්යාඥයින් විසින් වසර දහයකට වඩා කල්පවතින නව
විදුලි කෝෂ විශේෂයක් නිර්මාණය කර තිබේ. ඉතා පහළ මට්ටමේ අවක්රමනයක් සහිත මෙම
නිර්මාණය ඵල දැරුවුවහොත් පුනර්ජනන ප්රභව වලින් නිෂ්පාදනය කරන බලශක්තිය ගබඩා
කිරීමේ ප්රමුඛයා වීමට එයට හැකියාව තිබේ.
Michael Aziz සහ Roy Gordon ගේ මෙහෙයවීමෙන් පළකර
ඇති ACS බලශක්ති තොරතුරු අනුව redox flow (රෙඩොක්ස් ප්රවාහ) විදුලි කෝෂය මේ සදහා
යෝජනා වී තිබේ. මෙම ක්රමය මගින් ආරෝපණ (විදුලිය), විශාල ද්රාවක ටැංකි තුළ ගබඩා
කෙරේ. නව redox flow බැටරිය smart දුරකථනය සදහා බලය සැපයීමට නොව නිවාස ඇතුළු විශාල
ප්රදේශ සදහා බලශක්තිය ලබාදීමේ විප්ලවයක් වේ.
පුනර්ජනන
බලශක්ති ක්ෂේත්රයේ හදුනාගෙන ඇති ප්රධාන දුර්වලතාවයක් නම් නිපදවිය හැකි අමතර පුනර්ජනන
බලශක්තිය පසු ප්රයෝජනය සදහා ගබඩා කිරීමේ ක්රම වේද ඉතා සාර්ථක මට්ටමේ නොතිබීමයි. පුනර්ජනන
බලශක්තිය නිපදවනුයේ සුළං මෝල, සුර්ය පනේල යනාදියෙන් නිසා ඒවා නිපදවූ විට කෙලින්ම
විදුලි ජාලයට (electricity grid) යොමු කෙරේ. මේ අනුව අමතරව නිපදවිය හැකි පුනර්ජනන
බලශක්තිය භාවිතය අවශ්ය නොවන නිසා කාර්යක්ෂමව ගබඩා කරගැනීම ඉතා වැදගත් වේ. ගබඩා
කිරීමට දැනට භාවිතාවන ක්රමය නම් ලිතියම්-අයන් (Lithium-Ion) බැටරියි. ටෙස්ලා සමාගම මගින් මහා පරිමාණයෙන්
ලිතියම්-අයන් විදුලි කෝෂ නිෂ්පාදනය දැනටමත් ආරම්භ කර ඇතත් එම කෝෂ වල ජීව කාලය වැඩි
කිරීමට හා අධික නිෂ්පාදන වියදම අඩුකිරීමට කරන ලද පර්යේෂණ සාර්ථක වී ඇති බව වාර්තා
නොවේ. එමගින් විකල්ප ගබඩා කිරීමේ ක්රම වේද වල අවශ්යතාවය තවදුරටත් මතු වී තිබේ. නව
ප්රවාහ කෝෂ (flow battery) විකල්ප තරගයේ ජයග්රහාහකයා වීමට බොහෝ දුරට සමත් වනු
ඇත.
ද්රාවක සංයෝග
සහිත විශාල ටැංකි දෙකක් මගින් ප්රවාහ කෝෂ (flow battery) මුලිකව ක්රියාත්මක
වේ. මෙම ද්රාවක සංයෝග බලශක්තිය + ආරෝපිත විද්යුත් විච්ජේදක සහ - ආරෝපිත විද්යුත්
විච්ජේදක ලෙස ගබඩා කර ගනියි. ඉන්පසුව අවශ්ය විටක මෙම ආරෝපිත ද්රාවක සංයෝග එකිනෙකා
අතර ගලායාමෙන් බලය නිපදවනු ඇත.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=AagO07cHRG8
February 9, 2017
විශ්මයජනක තාරකා ක්රියා නිරීක්ෂණය කිරීම.
මෙම දශකයේ
හොඳම සොයා ගැනීම ලෙස සැලකෙන ගුරුත්වාකර්ෂණ තරංග සොයාගැනීම සඳහා යොදා ගත් අනාවරක
දැන් විශ්මයජනක තාරකා හා ඒවායේ ක්රියාවන් ගැන වඩාත් නිරවද්යව නිරීක්ෂණය කිරීම
ආරම්භ කර තිබේ.
ගුරුත්වාකර්ෂණ
තරංග වැනි හෝ ඊටත් වඩා සුවිශාල තරංග සදහා සූදානම් වන මෙම ගුරුත්වාකර්ෂණ තරංග
අනාවරක වොෂින්ටන් සහ ලුසියානා වල පිහිටුවා තිබේ. සුර්යා නිසා, පරිසර හානි නිසා, ග්රහ
වස්තුන් නිසා පෘථිවිය විනාශ වන විද්යා ප්රබන්ධයන්ට ගුරුත්වාකර්ෂණ තරංගද එක්වනු ඇත.
කළුකුහර යුගල
දෙකක් තම ජාලය තුල එකිනෙක හා සිදු වූ
ගැටීම සහ තවත් යුගලයන් දෙවනවර ගැටීම සඳහා යොමු වී තිබීම වැනි සිද්ධීන් වල පෙර නිරීක්ෂණ
හැකියාව නොතිබූ බලාපොරොත්තු නොවු තොරතුරු
හා සිදුවීම් පිළිබඳව මෙම LIGO නම් ගුරුත්වාකර්ෂණ
තරංග අනාවරක අවදියෙන් සිටියි. ඇමෙරිකානු භෞතික විද්යාඥ සමාජය අනාවැකි
පලකරමින් සුවිශාල තරංග සඳහා සුදානම් වන ලෙස දන්වා සිටියි.
යම් ස්කන්ධයක්
චලනය වන විට ගුරුත්වාකර්ෂණ තරංග බිහිවේ. සරල උදාහරණයක් ලෙස කුහුඹුවන් (ස්කන්ධය) පොකුණක
ජලය (කාල - අවකාශ නිර්මිතිය) මත ගමන් කිරීමේදී ජලයේ ඇති වන රැලි (තරංග) මඟින් මේ
පිළිබඳව අදහසක් ලබාගත හැකිය. සියලු ස්කන්ධයන් කාල - අවකාශ නිර්මිතියේ රැලි
නිර්මාණය කරයි. එකිනෙකා ගැටීමට පෙර සියලු කළු කුහර දැඩි දඟර තුල එකිනෙකා භ්රමණය
වන විට ඒවායේ වේගය බලවත් වේ. මෙමගින් කාල - අවකාශයේ සංකෝචනයක් සිදුවේ. පෙර හඳුනා
ගැනීමට නොහැකිව තිබුණද LIGO
අනාවරකයට යම්
මට්ටමකට වඩා ප්රභල රැලි නැඟීම් හා කාල-අවකාශ සංකෝචන දැන් හඳුනගත හැකි බව වාර්තා වේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=CLeQtSR_hrA
February 8, 2017
ලෝදිය පිට කරන “අපායට පිවිසුම”
ඉතියෝපියාවේ
පිහිටි අඛණ්ඩව ගිනිගන්නා ලෝ දිය විලක් නිසා “අපායට පිවිසුම” යයි නම් පටබැඳි පිටාර
ගලන ගිනි කන්දක වර්ණවත් ඡායාරූප නාසා ආයතනයේ චන්ද්රිකා මඟින් ලබාගෙන ප්රසිද්ධ කර
තිබේ. මෙම වසරේ ජනවාරි 26 දින මෙම
ඡායාරූපය ගන්නා ලද්දේ, නාසා හා ඇමරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතනයේ චන්ද්රිකාවක්
වූ Land Sat 8 විසිනි. නාසා ආයතනය පවසන පරිදි මෙම ඡයාරූපය
භූ චලන භූ තැටි තුනක් එකිනෙකින් ඈත්වන ස්ථානයක ඡයාරූපයක් වේ.
එය පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ Danakil
Depression නම් ස්ථානයේය. වෙන්වන භූ චලන තැටි දාරයේ දශක ගණනක සිට
පවතින ලෝදිය කල්දේරම සහිත Erta Ale ගිනිකන්ද ලොව
වඩාත්ම සක්රීය ගිනිකන්ද වේ.
මෑතකදී Erta Ale ගිනිකන්දේ ඇති
නව පැල්මක් හඳුනාගන්නා ලදි. එමගින් ගිනි
කන්ද මුදුනේ සිට කි.මී. 7 (සැතපුම් 4) ක පළලින් යුක්තව විශාල ප්රමාණයක ලෝදිය
පිටාර ගැලීමක් සිදුකරයි.මෙම පිටාර ගැලීමක ලාවා ප්රමාණයේ වෙනස්වීම නිසා ඇතිවූවක් ලෙස
සැලකේ. “දුම් දමන කන්ද” දිගේ පිටාර ගලන ලෝදිය
ඡායාරූපයෙන් දැක්වේ.
Land Sat 8 චන්ද්රිකාවේ Operational Land Imager (OLI) මඟින් ඡායාරූපය
ලබා ගෙන ඇත. එය ස්වාභාවික වර්ණ (OLI band
4-3-2) සහ අධෝරක්ත
කෙටි තරංග (OLI band 7) වලින් සමන්විතය. අධෝරක්ත
කෙටි තරංග සාමාන්ය ඇසට
දෘශ්යමාන නොවන නමුත් ප්රබල SWIR සංඥා ඉහළ ගිය උෂ්ණත්වය
පෙන්වා දෙයි. සුවිශේෂී මට්ටම් දෙකක ලාවා ගලනය අධෝරක්ත කිරණවල විශේෂ ලක්ෂණ වලින් දෘශ්ය
වේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=ErmccO0q2GM
February 7, 2017
නවීන (smart) නගර සදහා දියුණු අන්තර්ජාලයක්
අන්තර්ජාලයේ ක්රියාකාරිත්වය
ඉහළ දැමීමට සුදුසු කාලය පැමිණ තිබෙන බව
එක්සත් රාජධානියේ පර්යේෂකයෝ ප්රකාශ කරති. ඒ සදහා ඔව්හු ජාතික මට්ටමේ නව වර්ගයේ
අන්තර්ජාල යටිතල පහසුකම් පිළිබද සොයා බැලීමේ උත්සහයක යෙදී සිටිති. Internet “Playground” / අන්තර්ජාල “ක්රීඩාපිටිය” නම් මෙම
ව්යාපෘතිය බොහෝ විශ්ව විද්යාල සම්බන්ධ කරගෙන ක්රියාත්මක වේ.
සැතපුම් සිය ගණනක ඇතක
සිට ක්රියාත්මක කරන රොබෝ ශල්යකර්මයක සිට විවිධ මහද්වීප කිහිපයක ගායකයින් තම
භුමියේ සිට එකිනෙකා සම්බන්ධ වී එකවර ඉදිරිපත් කරන ප්රසංගයක් හෝ සමුහ ගායනයක් වැනි
විවිධ නව ක්රියාවලි ක්රියාත්මක කිරීම දක්වා දියුණු වූ අන්තර්ජාලයක් නිර්මාණය
කිරීමට හැකිවෙතැයි ඔව්හු විශ්වාෂ කරති.
ආරම්භයේදී අන්තර්ජාලය
නිර්මාණය වුයේ email වැනි සන්නිවේදන කටයුතු සදහා වුවත් දැන් වීදියේද ඇති 4K වීඩියෝ
පවා අපට අන්තර්ජාලයෙන් ලබා ගැනීමට අවශ්ය බවත් ඒ සදහා සුදුසු අන්තර්ජාලයක්
නිර්මාණය කලයුතු බවත් එංගලන්තයේ බ්රිස්ටල් විශ්ව විද්යාලයේ Dimitra Simeonidon පවසයි. එනම් වඩා වේගවත් වඩා ආරක්ෂාකාරී
නව පහසුකම් සහිත දියුණු අන්තර්ජාලයක් නවීන
(smart) නගර සදහා අවශ්ය වේ. උදාහරණයක් ලෙස රොබෝ විසින් ක්රියාත්මක කරන ශල්යකර්මයක්
මෙහෙයවීම සදහා ශල්ය වෛද්යවරයෙක් නිතිපතා සැතපුම් සිය ගණනක් දුම්රියෙන් ගමන් කරන
බවත් එය ඔහුට තම නිවසේ සිටම ක්රියාත්මක කළ හැකි බවත් ලන්ඩනයේ Kings විද්යාලයේ
Toktam Mahmoodi පවසයි.එහෙත් buffering වැනි හේතුන් නිසා එය මරණිය අනතුරුදායක
තත්වයක් බැවින් වත්මන් අන්තර්ජාලය ඒ සදහා ප්රමාණවත් පහසුකම් ලබා නොදේ සුදුසු
නොවේ.
එහෙත් Internet “Playground”අත්හදා බැලීම්
දැනට භාවිතා වන අන්තර්ජාලය තුළ සිදු කළ නොහැක. එය සංකීර්ණය එමගින් මිලියන ගණන්
මිනිසුන් භාවිතා කරන ක්රමයන්ට හානි සිදු විය හැකිය. එනිසා මෙම අත්හදාබැලිම්වලට
දැනට සහභාගී වන බ්රිස්ටල්, එඩින්බර්ග්, ලන්ක්ස්ටර්
වැනි විශ්ව විද්යාල සහ ලන්ඩනයේ Kings විද්යාලය විසින් ඉතා වේගවත් විශේෂිත server
භාවිතා කරයි. එමගින් නවීන (smart) නගර සිට 5 G ජංගම අන්තර්ජාල දක්වා වූ සියලු දේ
සම්බන්ධ කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
February 3, 2017
ලියුකේමියා රෝගී ළදැරියන් බේරාගත් ජාන සකස් කිරීමේ ප්රතිකාරය
පිළිකාව වැනි
සුවකල නොහැකි රෝග නිසා අන්ධකාරයේ පවතින වත්මන් ලෝකයට විද්යාව විසින් බොහෝ ආලෝකයන්
සපයමින් නව ප්රතිකාර මඟින් එම රෝගීන් ආරක්ෂා කිරීමට පියවර ගනී. සුවකල නොහැකි
ලියුකේමියා රෝගී තත්වයක් ලෙස පෙර පැවති රෝගයකට ගොදුරු වූ ළදැරියන් දෙදෙනෙකු ජාන
සංස්කරණ නව ක්රම වේදය මඟින් බේරාගැනීම මේ සඳහා හොඳ උදාහරණයකි.
ජාන ඉංජිනේරු
ශිල්පය උපයෝගී කරගෙන සුදු රුධිර සෛල ලබා දීම මඟින් ළදැරියන් දෙදෙනාගේ පිළිකාමය සෛල
සාර්ථකව සටන් කිරීමට හැකියාව ලැබී තිබේ. ඒ නිසා Acute lymphocytic leukemia (උග්ර වසාසෛට
ලියුකේමියාව) රෝගය නිසා මිය යමින් සිටි ළදැරියන් දෙදෙනා දැනට සුවෙන්
පසුවන බව යුරෝපීය පර්යේෂක කණ්ඩායම Science Translational Medicine නමැති සඟරාවට
ප්රකාශ කර තිබේ.
මීට පෙර බොහෝ
ඹෟෂධ සමාගම් මෙම තාක්ෂණය භාවිතා කළේය. එහෙත් ඒවායේදී ඔවුන් සකස් කිරීම සඳහා භාවිතා
කරන ලද්දේ රෝගියාගෙන්ම ලබා ගත් සුදු රුධිර සෛල වේ. නව ක්රමයේදී සටන් කරන ජානමය සෛල නිර්මාණයට අවශ්ය සෛල ලබා
ගන්නා ලද්දේ නිරෝගී රුධිර දායකයන්ගෙන්ය. ප්රතිකාරයෙන් මාස දෙකකට පසුව එක් ළදැරියකගේ ප්රතිශක්ති ප්රතිචාරය ප්රතිකාරය
සඳහා සතුටුදායක ලෙස බලනොපාන ලදි. නමුත්
ඇයට විටමින් හා හෝර්මෝන සංයෝග (Steroids) සහ ඇටමිදුලු
ප්රතිබද්ධ යන ප්රතිකාර
කිරීමෙන් පසුව ඇය සුවපත් වූ බව වාර්තා වේ.
පිලිකා
විවිධාකාර ස්වරූප වලින් පැමිණේ. සැමවිටම ඒවා ප්රතිශක්ති පද්ධතියට රහසින් ඇතුළු වී
අපගේ ශරීර දුබල කරයි. මෙම ප්රතිකාර ක්රමය වැඩිහිටියන් හා තරුණයන් සදහා ක්රියාත්මක
කිරීමට නම් එය තවදුරටත් දියුණු විය යුතු බවද පර්යේෂකයෝ ප්රකාශ කරති.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්යා හා තාක්ෂණ නිලධාරි
https://www.youtube.com/watch?v=orWjnq7FXR8
February 2, 2017
ඩ්රැගන් පෘට්
Hydrocereus undatus යන විද්යාත්මක
නාමයෙන් හදුන්වනු ලබන ඩ්රැගන් පෘට් Cactaceae
කුලයට අයත්
අපිශාකයකි.
දකුණු
ඇමරිකාවේ සම්භවයක් වූ මෙම ශාකය pitaya යන නමින් උතුරැ ඉන්දියවේ දී හදුන්වු ලැබේ.
මෑත භාගයේ සිට
සීඝ්රයෙන් ජනප්රිය වන මෙම ශාකය තායිලන්තය වියට්නාමය වැනි රටවලද ජනප්රිය වෙමින්
පවතී.
මෙම පලතුර ඉතා
අලංකාර රෝස පැහැයෙන් යුක්ත වේ. ඩ්රැගන් පෘට් කොලෙස්ටරෝල් ඉතා අඩු මට්ටමක පවතින අතරන්
ඇන්ටිඔක්සිජන් ඉතා බහුල වේ.




















