Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 7, 2016

තරබාරුකම ඇති වන්නේ කෙසේද?

 
කැලිඊෆෝනියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ජීව රසායන විද්‍යාඥ ජුලියෝ ලුකිනියෝ ප්‍රමුඛ ජීව රසායන විද්‍යාඥයන් කණ්ඩායමක් තරබාරුකම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමෙන් නවතම විද්‍යා තොරතුරු රැසක් අනාවරණය කළහ. නවතම පර්යේෂණයන්ට අනුව කාන්තා පරපුර සීඝ්‍රයෙන් තරබාරුවට ගොදුරු වන බව අනාවරණය වී ඇත. තරබාරුවට ඉවහල් වන මේද සෛල කුසගින්නට එරෙහිව ක්‍රියාත්මක වන අතර ශරීරයේ ආරක්ෂාවද සපයයි. එයින් නිකුත්වන හෝමෝන හා රසායන ද්‍රව්‍යයන් ආසාදන ඇති කෙරෙන හෙයින් තරබාරුව ඇති කෙරේ. මෙම සෛල නිරන්තරයෙන් වර්ධනය වන බැවින් නිදන්ගත ආසාදනයන්ට මඟ පාදයි.

වර්තමානයේ අවයව ලෙහෙසියෙන්ම ආසාදනය වීමට හේතු වී ඇත්තේ මිනිසා අනුගමනය කරන අක්‍රමවත් ආහාර රටාවන් හා ක්‍රම වේද නිසාය. කැලරි අවශෝෂණය වීමේදී මේද සෛලයන් විශාල වන අතර හය ගුණයකින් පමණ ප්‍රසාරණය වේ. ශරීරය විශාල වී ස්නායු පද්ධතියට බෙහෙවින් බලපෑම් ඇතිකරන හෙයින් තරබාරු අය අලස කමින් නිදා ගැනීමට යොමු වීමෙන් හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝගයන්ට ගොදුරු වේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,

ගම්පහ 

සිඟිති ජීවීන් බෝකරන ඇමීබයසියා

බ්‍රෙස්ලයා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ඇන්ටෝනායෝ ටෙයිෂේරියා, ඇමීබයසියා හෙවත් ඇමීබා රෝගය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමෙන් නවතම විද්‍යා තොරතුරු රැසක් හෙළිදරව් කළේය. ඇමීබා රෝගය හෙවත් ඇමීබයසියා නමින් හැඳින්වනුයේ එන්ටැමීබා හිස්ටොලිටිකා නමැති ඒකසෛලික පරපෝෂිතයෙකුගෙන් සෑදෙන රෝග ගණනාවකි. ඇමීබාවන් කීප වර්ගයකට මනුෂ්‍ය ශරීර ගත වී සිටිය හැකි වූවද ඔවුන් අතරින් ආසාදන සාද වන්නේ මිනිස් රක්තාන සහිත එන්ටැමීබා හිස්ටොලිටිකා පමණකි. ඇමීබාගේ නියම වාසස්ථානය මහ බඩවැලය. ආන්ත්‍රික ඇමීබා රෝගයේ ලක්ෂණ විවිධාකාරය. සමහරකුට සුළු බඩේ කැක්කුමක් පමණක් ඇති වන අතර ඇතැමෙකුට උග්‍ර ලේ අතීසාරය සෑදේ.

ඇමීබයසියාවට ප්‍රතිකාර සේ සැලකෙනා ඖෂධ රැසක් ඇතත් ඒ එකක්වත් රෝගය නිට්ටාවට සුවකළ හැකි යයි කිව නොහැක. මේ ඖෂධ අතර තවමත් මුල් තැන ගන්නේ එමටීන් නම් බෙහෙතයි. මෙයින් ලෙඩේ උග්‍රතාවය ඉක්මනින් අඩු වෙයි. ඇතැම් අය අතීසාරය උග්‍ර අවස්ථාවල පෙනිසිලින් ටෙට්‍රසයික්ලින් ආදී ඖෂධ පාවිච්චි කරති.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි ,
ගම්පහ

November 2, 2016

කාමරංගා වල ගුණ

එක්සත් ඡනපදයේ‚ දකුනු ආසියාවේ‚ කැරබියන්හි වැනි රටවල  සෑදෙන මෙම පළතුර‚ ඝර්ම කලාපීය පළතුරක් ලෙස හැදින්වේ.මෙම පළතුර කහ පාටින් හා සීනි රසැති මෙන්ම තිත්ත රසැතිය. ලංකාවේ වියළි දේශගුණය පවතින පහතරට තෙත් කලාපයේ කාමරංගා හොදින් වැඩී ඵල දරයි.ඈත අතීතයේ පටන් කාමරංගා ආහාරයට ගත් බව පත පොත මගින් අපට පැහැදිලි වේ.(එදා හෙල දිව)

හිතකර වාසී

රැධිර පීඩනය යාමනය කරයි.පොටෑසියම් වලින් පොහොසත් මෙම පළතුර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි.වැඩි තන්තු ප්‍රමාණයක් පැවතීම නිසා හෘද රෝග ඇති කරවන කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි.විටමින්  සි වලින් පොහොසත් නිසා සිරුරේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරයි.

එසේම මැග්නිසියම් හා වැදගත් ඛනිඡ ලවණ මගින් ඡීර්ණ පද්ධති‍යේ ඡීර්ණය ක්‍රමවත් කිරීමට මෙහි ඇති තන්තු විශාල ලෙස සහය ලබා දෙයි.මළ බද්ධය සදහාද හොද ප්‍රතිකාරකයකි.

ගර්භනී කාන්තාවන්ටද සුදුසුය.මෙහි ඇති ෆෝලික් අම්ලය නිසා කුසේ සිටින දරුවාගේ නිරෝගි තත්වයටද බල පායි.එසේම මව් කිරි නිෂ්පාදනයටද දායක වේ.මෙහි ඇති සීනි ප්‍රමානය අඩු අතර සීනි අවශෝෂණය පාලනය කරයි.සෙම් රෝගයටද මෙම පලතුර ගුණ දායකය.

හෝර්මෝන පද්ධතියේ සමතුලිත බාවයට වැදගත් මෙහෙයක් ඉටු කරන කාමරංගා තයිරොයිඩ් පද්ධතියේ ක්‍රීයාකාරීත්වයට අවශ්‍ය පොස්පෙරස්  සින්ක් සහ  විටමින් සී ලබා දේ.


කෙතරම් හිතකර වාසි තිබුනද මෙම පලතුර අධික ලෙස ආහාරයට ගැනීම අගුණය.විශේෂයෙන් වකුගඩු රෝගීන් සදහා සුදුසු නැත.

බී.ආර් ටි.එම් බස්නායක
රඹුක්කන

බීට් ගැන ඔබ නොදත් දේ....

 වර්තමාන කාලයේදී සුඛෝපභෝගි ආහාර ලෙස බොහෝමයක් ආහාර නම් කර ඇත. එළවළුව වර්ග බොහොමයකට මෙම නම ආරෝපණය කරඇත. එවැනි ආහාරවල ඇති සෞඛ්‍ය හා ගුණාත්මක භාවය ගැන නොසලකා හැර මෙවැනි අදහසක් ප්‍රකාශකර ඇත. අප කාඅතරත් බීට් ලෙස හදුන්වන එළවළුව සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකිය හැකිද?  


බීට් යනු මොනවාද?


            බීට්, බීට්රූට් යනුවෙන්ද හදුන්වනු ලැබේ. ටේබල් බීට්, ගාඩ්න් බීට් හා රෙඩ් බීට් යනු Beta vulgaris වල අන්තර්ගත බීට් විශේෂයන්ගෙන් සමහරකි. බීට් වගා කරනුයේ ඒවායේ පත්‍ර හා අල සදහායි. වගාකරනු ලබන අනෙකුත් වගීය සුගර් බීට් නම් වේ. ඒවායේ මදය සුදු පාටින් යුක්ත වන අතර Chard නමින් හදුන්වනු ලබන කොළ එළවළුවක්ද වේ.

           බීට් බොහෝ විට තද රතුපාටින් යුක්තවේ. කෙසේ වෙතත් ඒවා රත්‍රංපාටින්, සුදුපාටින්, ලබාගත හැක. වාර්තාගත ඉතිහාසයන් පටන්ගත්දා පටන් ඒවා වගාකර ඇත. ඒවා ආහාර සදහා මෙන්ම බෙහෙත් වර්ග සදහාද යොදාගෙන ඇත. වෛද්‍ය කටයුතු සදහා යොදාගෙන ඇත්තේ උණ, බඩේ අමාරුව හා සමෙහි රෝග සදහායි. 


බීට් වල ඇති ඹෟෂධීය ගුණ

             අධි රුධිර පීඩනය අඩු කරයි. අධි රුධිර පීඩනය ඇති අයට බීට් අනුභව කිරීමෙන් හෝ බීට් යුෂ පානය කිරීමෙන් ය අඩු කරගත හැකි  බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
බීට් යුෂෙහි ඇති නයිට්ට්‍රෙට් නිසා  අධි රුධිර පීඩනය අඩුකිරීමට හේතුවන බව සොයාගෙන ඇත. පහසුවෙන් ලේ සංසරණය කිරීමට හැකිවන සේ ලේ නහර පුළුල් කිරීමට මෙම නයිට්ට්‍රෙට් වලට හැකියාවක් ඇත. පර්යේෂකයින් අවබෝධකරගෙන ඇති ආකාරයට, බීට් යුෂ  කෝප්පයක් පානය කිරීමෙන් සැලකියයුතු ප්‍රමාණයකින් අධි රුධිර පීඩනය ඇති අයගේ අධි රුධිර පීඩනය අඩුවන බවයි.

ස්නායු හානිය අඩුකිරීම
           දියවැඩියා රෝගීන්ගේ ස්නායු හානිය අඩු කිරීමට බීට්වල අඩංගු Antioxidant වන Alpha-lipoic නැමති අම්ලය උපකාරි වන බව පර්යේෂණ මගින් වාර්තා වී ඇත.

  
ව්‍යායාම වැඩිදියුණු කිරීමට
         බීට් යුෂ පානය කිරීමෙන් ව්‍යායාම කරන අවස්ථාවේදී මස්පිඩු වලට ඔක්සිජන් ලබාගැනීම වැඩිදියුණුකර  ව්‍යායාම කිරීම වේගවත් කිරීමටත්, ක්‍රමාණුකූලව කිරීමටත් හැකිවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.  ව්‍යායාම කිරීම, හෘදරෝග වර්ධනය වීම අඩු කිරීමටත් අනෙකුත් හෘදස්පන්දනය කිරීමේ අක්‍රමිකතාවයන් මර්ධනය කිරීමටත් ඉවහල් වේ. මෙය විශේෂයෙන්ම දියවැඩියාව ඇති අයට මහෝපකාරි වේ. මක්නිසාද යත් එවැනි අයට ආබාධිත තත්වයන් තදින් බලපවත්වන බව යි.

බීට්වල ඇති ආහාර පෝෂණය
          බීට්වල  ඉතාමත් අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර ඇන්ටි ඔක්සිජන් ප්‍රමාණය ඉතාමත් අධිකය. එසේම මෙහි අන්තර්ගත Betalains  නැමති phytonutrients අඩංගු වේ. එසේම මෙහි Folate, Manganese වැඩි ප්‍රමාණයක් අඩංගු  වන අතර, Chlolesterol  නොමැති අතර ඉතා සුළු ප්‍රමාණයක් මේදය අඩංගු වේ.
බීට් 100g  කාබෝහයිඩ්‍රේට් 9.96g  ක්ද සීනි 7.96g ක්ද   Dietaryfiber 2g  ක්ද ප්‍රෝටීන්  1.68g ක් සහ විටමින් සහ ඛණිජලවන ඇතුලත්ය. 

සකස් කලේ-
ඒ.ඒ.සී.වී. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - අරණායක

November 1, 2016

කිමිදීමේ සූරයාගේ වගතුග

සත්ව ලෝකයේ අවිහිංසක මෙන්ම මිනිසාගේ ස්වරූපයෙන් ඇවිදින පෙන්ග්වින්(Penguin) ජීව ලෝකයේ ඉතාමත් අපූරු සත්ව විශේෂයකි. දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙහි පෙන්ග්වින් විශේෂ 17ක් සිටින අතර උත්තර ධ්‍රැව ප්‍රදේශයෙහි වර්ග 2ක් දක්නට ලැබේ. කුඩා ශරීරයක් ඇති විශේෂය ඇංඩලි යනුවෙන් හැඳින්වෙන අතර ලොකු වර්ගය එම්පරර් යනුවෙන් හැඳින්වේ. ඇඩෙල වර්ගයේ පෙන්ග්වින් පක්ෂීයෙකු අඩි 4ක් පමණ උස වන අතර උගේ පාද අඟල් 3ක් පමණ උසය. ඔවුන් ගමන් කරන්නේ සෟජුව ඉදිරිය බලාගෙනය. ඇඩෙලි වර්ගයේ පෙන්ග්වින් පක්ෂියෙකුගේ ගමන් වේගය පැයට සැතපුම් 10 ක් පමණ වේ. අධික ශිත සෟතුවේදී ඇන්ටාන්ටිකාවේ සිට සැතපුම් 500 ක් දුරට ඇවිදගෙන යන් පක්ෂීන් පිළිබඳව සත්ව විද්‍යාඥයන් විශේෂයෙන් සඳහන් කර ඇත.

ඇතැම් විට හිම කඳු මුදුනක තැනිතලා පෙදෙසක එක් පෙන්ග්වින් රංචුවක 20,000 ක් 30,000 ක් අතර පෙන්ග්වින් පක්ෂීන් සංඛ්‍යාවක් දැකිය හැක.

පෙන්ග්වින් ගැහැණු සතාත් පිරිමි සතාත් වෙන් වෙන්ව හඳුනාගැනීම  දුෂ්කර වන අතර ශරීර ප්‍රමාණයෙන් හා ස්වරූපයෙන් දෙදෙනාම එක සමානය. ගැහැණු සතා එක්වරකට බිත්තර 2 ක් පමණ දමයි. බිත්තර දින 40කට පමණ පසුව පුපුරා පැටවුන් බිහිවෙයි. මේ කාලය තුළ පෙන්ග්වින් කුරැල්ලා සහ කිරිල්ලිය මාරුවෙන් මාරුවට බිත්තර රකිති. උන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මූදු පැලෑටියක් වන ප්ලැංක්ටන් සහ එවැනි මූදු පැලෑටියි. එහෙයින් මුහුදේ ආහාර සේවීමට උන්ට සිදු වේ. උගේ කෙටි පියාපත් දියමත පිහිනීමට උපකාර වන අතර පැයකට සැතපුම් 25 ක පමණ වේගයෙන් ඌට  පිහිනීමට හැක.