Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 12, 2015

BPA ගැන ඔබ දන්නවාද?


BPA   යනු bisphenol A හදුන්වන කෙටි නාමයයි.1960 සිට මේ දක්වා කර්මාන්ත ශාලාවල සමහර ප්ලාස්ටික් හා රෙසින නිෂ්පාදනය සදහා මෙම BPA භාවිතා කරයි.මෙම BPA , පොලි කාබනේට ප්ලාස්ටික් ( polycarbonate plastics) සහ ඉපොක්සි රෙසින (epoxy resins) තුල දැකිය හැක.මෙම පොලිකාබනේටි ප්ලාස්ටික් , ආහාර ද්‍රව්‍යය හා බීම වර්ග ගබඩා කිරීමට භාවිතා කරන ඇසුරුමි වල දැකිය හැක.උදා: වතුර බෝතල්,දරුවන්ගේ කිරි බෝතල් යනාදිය.

ඉපොක්සි රෙසින(epoxy resins) ලෝහ නිෂ්පාදනවල ඇතුල් ස්ථරයේ දැකිය හැක.එනමි ආහාර ද්‍රව්‍යය අසුරන කෑන් වර්ග,බෝතල් වැසුමි(Bottle tops) සහ ජලය සපයන නල මාර්ගවල දැකිය හැක.

සමහර දන්ත පිරවුමි වලද,අක්ෂි කාච වලද, DVD සහ CD වලද  මෙම BPA දැකිය හැක.තවද නිවෙස්වල භාවිතා කරන විදුලි උපකරණ සහ ක්‍රිඩා උපකරණ වලද මෙම BPA දැකිය හැක.මෙම bisphenol A  අන්තරාසර්ගි හෝමෝන පද්ධතිය සදහා බාධකයක් ලෙස ක්‍රියා කරයි.ස්වභාවික හෝමෝන නිෂ්පාදනය,ශ්‍රාවය,ප්‍රවාහනය සහ ක්‍රියාකාරිත්වය සදහා මෙය බලපැමි කල හැක.මෙම BPA , අප ශරීරයේ  ස්වභාවිකව නිෂ්පාදනය වන හෝමෝන  මගින් සිදුකරන ක්‍රියාකාරිත්වය ,අනුකරණය කිරිමේ හැකියාව ඇති බැවින් එය අපගේ ශරීර සෞඛ්‍යයට හානිදායක විය හැක.කුඩා දරුවන් හා තරුණ වියේ පසුවන්නන් , මෙම BPA ගින් සිදුකරන්නාවු අහිතකර බලපෑමි සදහා ඉතා සංවේදි වේ.රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය(CDC)   මගින් කරන ලද පර්යේෂණ අනුව වැඩිහිටියන්ගෙන් 95% ක හා ළමයින්ගෙන් 93% ක මුත්‍රා සාමිපල් පරික්ෂා කලවිට මෙම BPA දැකිය හැකි බව පෙන්වාදි ඇත.


මිනිසා BPA සදහා නිරාවරණය වන ප්‍රධානම ආකාරය , කෑන් වල අසුරණලද ආහාර හා ගැටෙන ප්ලාස්ටික් ස්ථරය බව සොයාගෙන ඇත.මෙම BPA දැකිය හැකි පොලිකාබනේටි (polycarbonate) ප්ලාස්ටික්  භාජන සහ ඇසුරුමි,සේදුමිකාරක දියර,උණුසුමි දියර වර්ග හෝ ආමිලික ද්‍රාවණ‍යන්ගෙන් පිරිසිදු කලවිට එහි සුමට ස්ථරය පළුදුවන බැවින් BPA වැඩි වශයෙන් ආහාරවලට එකතුවිම සිදුවේ.


තවද Thermal කඩදාසි සහ කාබන් රහිත කඩදාසි වලද විවිධ ප්‍රමාණවලින් BPA අඩංගු විය හැකි අතර ඒවා අතෙහි සහ අතැගිලි වල තැවරීමට පුළුවන.මෙම Thermal කඩදාසි සිනමාශාලාප්‍රවේශ පත්‍ර, ලේබල් සහ ගුවන්ගමන් ප්‍රවේශපත්‍ර සදහා භාවිතාකරනු දැකිය හැක.මෙහි අඩංගු BPA සම හරහා අවශෝෂණය නොවන අතර අත් සහ අතැගිලි හරහා මුඛය තුලින් ආහාර මාර්ගයට ඇතුළුවිය හැක.

පොලිකාබනේටි බෝතල් වතුරබිම සදහා භාවිතාකරනවිට  BPA ශරීරගතවිම තුන්හතර ගුණයකින් වැඩිවනබව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
එමෙන්ම මවිකිරිවලින් පෝෂණය වන දරුවකුගේ ශරීරගතවන BPA ප්‍රමාණය ඉතාඅඩුවන අතර ප්ලාස්ටික් බෝතල්වලින් කිරිබොන දරුවන්ට ශරිරගතවන BPA ප්‍රමාණය ඉතා ඉහලය.

  
BPA රිරගත වු විට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද?

ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍යතා ඇතිවිය හැක.එනමි කාන්තාවන්ගේ ඩිමිබ පරිනතවීම හා සමිබන්ධ ගැටළු මතුවිය හැක.
පුරුෂ ශක්තිය හීනවීම (Male impotence) හා ලිංගික ආශාවන් නැතිවි යා හැක.
කාන්තාවන් තුල  හෘද රෝග ඇතිවිය හැකිබව හදුනාගෙන ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද පර්යේෂණයක් මගින් වැඩිහිටියන් දියවැඩියාව හා හෘද රෝග සදහා ගොදුරුවිය හැකිබව හදුනාගෙන ඇත.
තවද පුරුෂයන් තුල ලිංගික හොමෝන වල වෙනස්කමි සිදුවිය හැකි බවද පෙන්වාදිඇත.මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කමිද සිදුවිය හැක.එනමි ධාරණ හැකියාව සහ ඉගෙනගැනිමේ හැකියාවද අඩුවන බව සොයාගෙන ඇත.
කාන්තාවන්ගේ ඩිමිබ වල සරු භාවය කෙරෙහිද බලපැමි සිදුකලහැකිබව හදුනාගෙන ඇත.තවද කාන්තාවන් තුල පියයුරු පිළිකා වර්ධනය වීමේ හැකියාවද ඇති බව පර්යේෂණ මගින් සනාථ වි ඇත.
ඇදුම රෝගය සදහාද බලපෑමි සිදුකල හැකිබව සොයාගෙන ඇත.

BPA ශරිරගතවිම වලකාලිම සදහා ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් පෙන්වාදී ඇති උපදෙස් වනුයේ,

BPA රහිත නිෂ්පාදන මිළදි ගැනිමට උනන්දු විය යුතුය.මෙහිදි මෙම නිෂ්පාදනවල ලේබලයේ BPA රහිතය යන්න සදහන්කර ඇත.ප්ලාස්ටික් නිෂ්පාදනවල අංක 3 හෝ 7 යොදා ඇත්නමි එය BPA සහිත නිෂ්පාදනයකි.
කෑන් වල අසුරන ලද ආහාර පරිභෝජනයෙන් වැලකිය යුතුය.එයට හේතුව බොහෝ කෑන්වල ඇතුල් පෘෂ්ඨයේ BPA ආලේපනය කර ඇත.
තවද BPA අඩංගු භාජන කිසිම අවස්ථාවක රත්කිරිමෙන් වලකින්න.එයට හේතුව මෙම ප්ලාස්ටික් වියෝජනය වී එහි අඩංගු  BPA ආහාර සමග මුසුවිය හැක.ආහාරවල කුඩා ප්‍රමාණවලින් BPA පැවතීම හානිදායක නොවන තර නිතර එම ආහාර ද්‍රව්‍යය ලබාගත්විට ඉහත සදහන් ආකාරයේ  සෞඛ්‍යයට අහිතකර බලපෑමි සිදුකරන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
ප්ලාස්ටික් ඇසුරුමි වෙනුවට උණුසුමි ආහාර ද්‍රව්‍යය බහාලිම සදහා විදුරු,පෝසිලේන් හෝ මළනොබැදෙන වානේ භාජන භාවිතාකිරීමට පුරුදු විම වැදගත්ය.

එබැවින් BPA අඩංගු ප්ලාස්ටික් භාජන භාවිතයෙන් ඈත්විම නුවනට හුරුය.


උපුටාගැනීම - www.medicalnewstoday.com
                       www.wikipedia.org/wiki/Bisphenol
.       
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

    

March 11, 2015

සැතපුමක් ඈත සිට ට්‍රක් රථ විනාශ කරන කිරණ

අපි නිමවුණු අනාගතයේ ජීවත් වෙමු. ඒ සඳහා අද දින සාක්ෂි ලෙස පසුගිය සතියේ නිකුත් කළ අධි බලැති ලේසර් කිරණ වල ක්‍රියාවලිය දැක්විය හැක. මෙම අධි බලැති කිරණ සැතපුමක් ඈත පිහිටි ට්‍රක් රථයක් එහි එන්ජිම තුලින් දිලිසෙනරතු කුහරයක් සේ පුළුස්සා දමයි. 
ඉහත රුපය  මෙම ලොක්හීඩ් මාටින් නවතම සෘජු බලශක්ති ආයුධයේ ක්‍රියාකාරී බලය පෙන්නුම් කරයි.
ගිනි අවිය සඳහා ලොක්හීඩ්ගේ සංකේත නාමය ATHENA  වේ. එය අධී බලශක්තියේ ප්‍රයෝජන පිලිබඳ උසස් පරීක්ෂණ (Advanced Test Higher Energy Asset) යන්නෙහි කෙටි යෙදුම වේ. ඇතීනා (ATHENA) යනු ප්‍රඥාව පිලිබඳ ග්‍රීක දේවතාවියගේ නාමය මේ සඳහා යොදා ගෙන තිබුණද යුද්ධයට අධිපති Ares (ඒරීස්) දෙවියන්ගේ නාමය එයට  යොදා ගත්තේ  නම් වඩාත් සුදුසුය. මක්නිසාද යත් අනාගත යුද්ධයන්හී සුවිශේෂී අවියක් ලෙස ATHENA සැලකිය හැකි වීමයි. ඒ වෙනුවට NASA ආයතනයේ අවලංගු වූ වාහන පද්ධතියන් ඒරීස් ලෙස නම් කර තිබුණි. විනාඩියකදී සැතපුමක් ඈතින් පිහිටි ට්‍රක් රථයක් පුලුස්සා දැමීමට ATHENA ට හැකිය. ප්‍රායෝගික තත්වය  නිර්මාණ කිරීම සඳහා මෙම ට්‍රක් රථයේ එන්ජිම    ධාවනය වන වේදිකාවක රඳවා අත්හදා බලන ලදි.

වත්මන් යුද්ධයේ වඩාත් සාමාන්‍ය  ක්‍රියාවක්‌ වූ ට්‍රක් රථය පිටුපස අවි ආයුධ සවිකර ගමන් කිරීමේ ස්වරූපය මේ ආදර්ශනය සඳහා යොදාගෙන තිබේ. ලොව පුරා සන්නද්ධ කල්ලි විසින් භාවිතා කරන විශේෂයෙන් ISIS විසින් ද භාවිතා කරන මෙවැනි ට්‍රක් රථ “Technicals” නාමයෙන් හඳුන්වන අතර සමහර රාජ්‍ය හමුදා කර්මාන්තශාලාවල ඒවා නිෂ්පාදනය කරන බව ලිපියෙන් ප්‍රකාශ වේ.

අනෙක් අතට තාක්ෂණයෙන් දියුණු රටවල හමුදාවන් රථය පිටුපස අවි ආයුධ සවිකර ගමන් කරන ට්‍රක් රථ වෙනුවට ලේසර් කිරණ සඳහා වැඩි උනන්දුවක් දක්වති. ලේසර් කිරණ සංවර්ධනය සඳහා අධීක මිලක් අවශ්‍ය වුවද එය  භාවිතයේදී ඉතා හොඳ පිරිවැය ඵලදායීතාවයකින් යුක්තය.

ලේසර් කිරණ පහරදීමක් සඳහා සෑම විටම මිසයිල උණ්ඩ පහරදීමකට වඩා ඉතා අඩු මිලක් වැයවේ. සමහරවිට සාමාන්‍ය උණ්ඩ වලින් පහරදීමකට වඩා ලාභදායී වේ. ඉතා දුරක සිට විදින ලේසර් වලින් සතුරා හා සතුරු ට්‍රක් රථ හා ආයුධ වනසා දැමීම දැනට චිත්‍රපටි වල දකින ආකාරයටම නුදුරු දිනකදී සත්‍ය ලෙසම ක්‍රියාත්මක විය හැකිය.

උපුටාගැනීම :LOCKHEED LASER DESTROYS A TRUCK FROM A MILE AWAY
LASERS VERSUS TRUCKS: THE FUTURE OF WAR IS A TRANSFORMERS MOVIE By Kelsey D. Atherton 


March 3, 2015

ආහාර ඇසුරුමිකරණයේ අහිතකර බලපැම්


කාර්යබහුල ජීවිතයේ කාලය කෙට්ව්මත් සමඟම මිනිසුන් ඇසුරුම්කරණය කරණලද ආහාර පරිභෝජනයට නැඹුරුවී සිටි.ආහාර ද්‍රව්‍ය ලබාගැනිමේ පහසුවත් රැගෙනයාමේ පහසුවත් මෙයට තවත් හේතුවකි. අහිතකර දිලිර හා බැක්ටිරියා ආසාදනයන් වැලැක්විම සහ ආහාරයේ ගුණාත්මකබව හොදින් පවත්වාගැනිම ආහාර ඇසුරුම්කරණයේ  ප්‍රධාන කාර්යභාරයන් වේ.තවද සෞඛ්‍යාරක්ෂිතබව මෙන්ම ආහාරයේ ආයුකාලයද වැඩිකිරිම මෙහි අරමුණ විය යුතුය.එමෙන්ම ආහාර අපතේයැමද යම් ප්‍රමාණයකට වලකා ගත හැකිවිය යුතුය.ඔබත් ඇසුරුමිකරණය කරන ලද ආහාර බුදින්නෙක්ද?
කෙසේ වෙතත් විශේෂඥයන් හා වෛද්‍යවරුන් මෙම ඇසුරුම්කරණය කරන ලද ආහාර, ආහාරයට ගැනිම බරපතල රෝගාබාධයනට හේතුකාරක වන බව පෙන්වාදි ඇත.බහුලව භාවිතා කරන ඇසුරුම්කරණ ද්‍රව්‍යයන් හා ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගාබාධයන් කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැක.

1 විදුරු  -  විදුරු , සෞඛ්‍යාරක්ෂිත ආහාර ඇසුරුම්කරණ ද්‍රව්‍යයක් බව ආහාර හා ඖෂධ අධිකාරිය(FDA) මගින් හදුනාගෙන ඇත.නමුත් දියර වර්ග ගබඩාකිරිමට භාවිතා කරන සමහර විදුරු බෝතල්වල‍ ලෙඩි නමැති බැර ලෝහය අඩංගු වන බව සොයාගෙන ඇත.මෙම ලෙඩි මුලද්‍රව්‍යය ස්නායුවිෂකාරකයක් වන අතර ශරීරයේ විවිධ ක්‍රියාවලීන් සදහා බලපෑමි ඇතිකරන බව සොයාගෙන ඇත.ලෙඩි අධිමාත්‍රයන්ගෙන් දිගුකලක් ලබාගැනිම නිසා වමනය,විෂවීමි,අක්මා සහ වකුගඩු සදහා හානිදායක බලපෑමි ඇතිවිය හැක.
තවද වීදුරු බෝතල් සදහා යොදන ලෝහ මුඩිය මගින් නිදහස් කරන phthalate නමැති රසායනික ද්‍රව්‍යය නිසා අන්තරාසර්ගික හෝමෝන පද්ධතිය කෙරෙහි විවිධවු බලපෑමි සිදුවන බවද හදුනාගෙන ඇත.තවද සමහර විදුරු බෝතල් ප්ලාස්ටික්(PVC) මුඩි මගින් ආවරණය කර ඇති අතර එහි අඩංගු di(2-ethylhexyl)phthalate(DEHP) නැමති රසායනික ද්‍රව්‍යයද අහිතකර ප්‍රතිඵල ලඟාකරදෙන බව හදුනාගෙන ඇත.

2 ශක්තිජනක පානයන් සහිත ටින් සහ බියර් කැන්- තූනි ඇලුමිනියමි සහ ටින් ලෝහයෙන් සෑදුනු මෙම ඇසුරුමිවල ortho-phenylphenol නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වන අතර එය බැක්ටිරියා සහ දිලිර වර්ග විනාශකිරිම සදහා භාවිතාකරන කෘමිනාශකයකි.එය පිලිකාකාරකයක් බව හදුනාගෙන ඇත.

3 ප්ලාස්ටික් ඇසුරුමි- ආහාර ඇසුරුමිකරණය සදහා යොදාගන්නා ප්ලාස්ටික් ඇසුරුමි, ආහාර කර්මාන්තය මුහුණදෙන විශාලම ගැටළු සහගත ඇසුරුමි ලෙස හදුනාගෙන ඇත.Bisphenol A (BPA) නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු බැවින් මෙම ඇසුරුමි තහනමි කරන ලෙස ආහාර හා ඖෂධ අධිකාරිය(FDA)  සදහා ඉල්ලීමි කර ඇත. මෙම BPA නමැති රසායනික ද්‍රව්‍යය ළමයින්ගේ මොළය හා ප්‍රජනක පද්ධතිය කෙරෙහි නොයෙකුත් බලපෑමි සිදුකරයි.තවද දරුවන්ගේ මුඛ සෞඛ්‍යය කෙරෙහිද විවිධ වු බලපෑමි සිදුවිය හැකි බව අනාවරණය විඇත.

4 කිරි සහ පළතුරු බීම අඩංගු විවිධ හැඩැති කෑන් වර්ග-  මෙම ඇසුරුමිකරණ ද්‍රව්‍යය polyolefins ලෙස හදුන්වයි.මෙහි benzophenone  නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වන අතර එමගින් ස්ත්‍රි ලිංගික ප්‍රජනක හෝමෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝනය කෙරෙහි බලපෑමි ඇතිකර ස්ත්‍රීන්ගේ ප්‍රජනක සෞඛ්‍යය කෙරෙහි බලපැමි සිදුකරනු ඇත.

5 කඩදාසි- ඇසුරුමිකරණය සදහා කඩදාසි සහ කාඩිබෝඩි පෙට්ට් භාවිතා කිරීමද විවාදයට තුඩුදි ඇත.මුද්‍රිත පත්තර ඇසුරුමිකරණය සදහා යොදාගත්විට එහි පවතින තීන්ත ආහාරවලට මුසුවිය හැකිබව අනාවරණය වි ඇත.ඒ හේතුවෙන් හෝමෝන පද්ධතියේ අසමතුලිතතාවයන් හටගැනීමට හේතුවිය හැක.

ප්‍රතිචක්‍රිකරණයට භාජනය කරනලද කඩදාසි ඇසුරුමිවල di isobutyl phthalate සහ di-n-butyl phthalate අඩංගු වන අතර ඒ හේතුවෙන් ජීරණ ආබාධ හා විෂවීමි සිදුවිය හැක.
එබැවින් ඇසුරුමිකරණය කරන ලද ආහාර කැමට පෙර දෙවරක් සිතා බලන්න.   

උපුටාගැනීම - www.medicalnewstoday.com

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි




          

March 2, 2015

ලොව විශාලතම සුර්ය විදුලි බලාගාරය

ලොව විශාලතම සූර්ය විදුලි බලාගාරය ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී 2015 පෙබරවාරි 9 විවෘත ලදී. කැලිෆෝනියාවේ රිවර්සයිඩ් ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරය මගින් මෙගා වොට් 550ක ධාරිතාවයකින් විදුලිය නිෂ්පාදනය කරන  අතර මෙය  නිවාස 160,000කට අවශ්‍ය විදුලිය සැපයීම සඳහා ප්‍රමාණවත් වන බව සඳහන්.


මෙම ව්‍යාපෘතියේ ලාභය ලෙස බලශක්ති දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් හෝ 6ක් පමණ වනු ඇති. පුරා වසර තුනක් සේවකයින් 440 දෙනෙක් මෙම විදුලිබලාගාරය ගොඩනැගීම සඳහා දායක වී ඇති අතර, දැන් එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සදහා පුර්ණ කාලීන සේවකයින් 15 දෙනෙක් යොදවා තිබෙනවා.
විකල්ප බලශක්ති සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත රජය විශාල වශයෙන් මුදල් ද ආයෝජනය කරන අතර  ඔවුන් ඒ පිලිබඳව ඉතා විශාල උනන්දුවක් දක්වනවා.


මෙසේ ඉතාම සීග්‍රයෙන් සහ සාර්ථකව විකල්ප බලශක්ති වෙත යොමුවීමට ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්ති බොහෝ සෙයින් බලපා තිබෙන  අතර වසර 2020 වන විට ප්‍රාන්තයේ බලශක්ති අවශ්‍යතා වලින් 33%ක්ම පුනර්ජනනීය ප්‍රභව වලින් ( renewable energy) ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බවත්  එමෙන්ම  වසර 2030 වන විට මෙම ප්‍රමාණය 50%  දක්වා ඉහල නැංවීමටත් ඔවුන්ගේ  අපේක්ෂාව  බව කැලිෆෝනියා ප්‍රාන්ත රජයේ බලධාරීන් ප්‍රකාශ වල සඳහන්.

February 23, 2015

විටමින් ඩි ගැන ඔබ දතයුතු දේ

විටමින් ඩි අනෙක් විටමින් වලට සාපේක්ෂවවෙනස්කම් ඇත. ඇත්තටම මෙය හෝමොනයකි.ශිරුර හිරු එලියට නිරාවරණය වුවිට නිෂ්පාදනය වන steroid හෝමොනයකි.මේ නිසා Sunshine විටමිනය ලෙස හදුන්වයි. හිරුඑලියට අමතරව අවශ්‍ය ප්‍රමානයට විටමින් ලබා ගැනිම සදහා ආහාර මගින් සපයා ගැනිමද වැදගත් වේ.නමුත් අවාසනාවකට සැලකිය යුතු ප්‍රමාණයක් ඩි සහිත ආහාර ඉතාම දුර්ලභයි.එබැවින් ඌණතාවයන් බහුලයි.දත්ත වලට අනුව යුරෝපිය ජනගහනයෙන් 41.6%විටමින් ඩි ඌණතාවයෙන් පෙලෙයි.
විටමින් ඩි යනු මේදයෙහි දියවන ශිරුරේ දිගු කාලිනව ගබඩා කර තබා ගත හැකි විටමිනයකි.මෙය ප්‍රධාන ආකාර දෙකක් ලෙස ආහාර වල දැකිය හැක.

විටමින් D3 (chdecaleiferol) සමහර සත්ව ආහාර වල දැකිය හැක
විටමින් D2 (ergocaleiferol) සමහර හතුවර්ග වල දැකිය හැක. නමුත් රැධිර ගත විටමින් ඩි ප්‍රමානය විටමින් D2 වලට සාපේක්ෂව විටමින් D3 මගින් දෙගුණයකින් ගුණකරයි.මුලිකව විටමින් ඩි වැදගත් කමක් නැත. මෙය ක්‍රියාකාරි විමට පරිවර්ථන අවස්ථා දෙකකට ලක් විය


යුතුය.පලමුව අක්මාව තුලදි calcidiol හෝ 25(OH)D බවට පරිවර්ථනය වේ. දෙනනුව වකුගඩු වලදි Calcitriol හෝ 1.25(OH)2D බවට පරිවර්ථනය වන අතර මෙම ආකාරය විටමින් ඩි වල ක්‍රියාකාරි Steroid හෝමොන ආකාරයයි. මේවාශිරුර හරහා ගමන් කරමින් සෛල නි්‍යෂ්ඨිය වෙත ගමන් කරයි එහි ඇති විටමින් ඩි ප්‍රතිග්‍රාහකමගින් අල්ලා ගනි.ප්‍රතිදේහ හා බැදුනු පසු අනෙකුත් steroid හෝමොන ලෙස ක්‍රියා කරනු ලබයි.
විටමින් ඩි අස්ති සෛල හා කැල්සියම් අව‍ශෝෂණය හා බැදි පවති.එසේම පිලිකා වැලක්විම සේම ස්නායු ක්‍රියාකාරික්වය හා සම්බන්ද වේ.
විටමින් ඩි සදහා සුදුසුම ප්‍රභවය හිරු එලිය වේ. සම හිරු එලියට නිරාවරණය වු විට එහි ඇති අල්ට්‍රාවයලට් B (UV B) කිරණ මගින් ලබා ගන්නා ශක්තියෙන් හම මත විටමින් ඩි නිෂ්පාදනය වේ.
නමුත් හිරුආවරණ පැලදිම හා විදුරැ ආවරණ මගින් මෙය සිදු නොවේ. විටමින් ඩි ඌණතාවය සදහා හිරැ එලිය හොදම විසදුම වුවද හිරැ එලියෙන් පිලිස්සිම පිලිකා සැදිම හා වයස්ගත විම සදහා උදව්වක් වේ. එබැවින් ඩි විටමින් ලබා ගන්නා සේම පිලිස්සිම වලක්වා ගැනිමද වැදගත්ය.
ප්‍රමානවත් ඩි විටමින් සහිත ආහාර අඩුය . මොරතෙල්,සැමන්,ටුනා,ඌරැ අක්මාව,සාඩින්හා මාළු අක්මා තෙල් ඉතා වැදගත්ය.


එසේම කිරි නිෂ්පාදන,ධන්‍ය හා සමහර හතු වර්ග වලද බිත්තර කහ මදයේද සුළු වශයෙන් විටමින් ඩි පවති.

විටමින් ඩි ඌනතාවය බහුල ඌණතා රෝගයක් උවද පුද්ගලයා අනුව බලපැම වෙනස් වේ.වයස්ගත පුද්ගලයන් වෙත දක්වන බලපැම වැඩිය.හෟදරෝගින් 96% විටමින් ඩි ඌනතාවය සහිත බව සෝයා ගෙන ඇති අතර බොහෝරෝග සමග මේය බැදි පවති.අවාසනාවකට මෙය රෝග ලක්ෂණ අප්‍රකට නිහඩ වසංගතයකි ළමුන් අතර බහුල(Rickets) අස්ථි මාන්දම මෙම ඌනතාවයේ ප්‍රධාන රෝගයක් වන අතර පෙර විටමින් ඩි ලබා දිම මගින් වලක්වා ගත හැක.ලවන තත්වය අඩු කිරිම මගින්වැටිම් හා බිදිම් වලට වැඩිහිටියන් ලක්වන අතර ඔස්ටියෝපොරෝසිස්ද මෙහි ප්‍රතිපලයකි.මරණ වැඩි කිරිමටදහේතු වේ.

බොහෝ අධ්‍යනයන්ට අනුව විටමින් ඩි ලබා දිම මගින් ඔස්ටියෝපොරෝසිස් වලක්වන අතර අස්ථි අවදානම අඩුකරයි. බාහු ශක්තිය වැඩි කරයි.පිලිකා අවදානම 60% කින් අඩු කරයි.විෂාදිරෝගි ලක්ෂණ අඩුකරයි.Type 1දියවැඩියා අවදානම 78% අඩු කරනු ඇති බවත් මරණ අවදානම අඩුකර ආයුකාලය වැඩිකරන බවත් සොයා ගෙන ඇත.
විටමින් ඩි ඌණතාවය සියළුම රෝග හා බැදි පවතින අතර පරිපුර්ණය කිරිම මගින් බොහෝ ප්‍රතිලාභ අත්වේ.ඌණතාවයක් ඇත්ද යන්න වෛද්‍යවරුන් විසින් රැධිර විටමින් ඩි පුමාණය මැනිම මගින් පමනක් තිරනය කරයි.රැධිරයේ ගබඩා වි ඇති Calcidial හෝ 25(OH/D ප්‍රමාණය 12ng/ml වලට අඩු වු විට ඌණතාවයද 20ng/ml වලට වැඩි වු විට ප්‍රමාණවත් ද වේ.
කෙසේ වුවද රැධිර විටමින් ඩි පුමාණය 30ng/ml තබා ගැනිම මගින් උපරිම සෞඛ්‍යයක් හා රෝග වලක්වා ගැනිමක් සිදු වන බව සෞඛ්‍ය ප්‍රවිනයන්ගේ අදහසයි.
වෛද්‍ය ආයථනයන්ට අනුව ආරක්ෂිත උපරිම සිමාව 100 mg වේ.එසේම එය D3 ආකාරයෙන් ගැනිම වැදගත්ය.
විටමින් ඩි අෂිමාත්‍රා මගින් විෂ විම දුර්ලභ වන අතර දිගු කාලින සිහිමද ගතියක්ඇතිවිය හැක.

එස්..පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කරන්දෙණිය

උපුටා ගැනිම් :-Medical xpres .comnews
9 Reasons to optimize your vit D level
The 11 most nutrlent
5 Simple rules for amazy health