Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 11, 2014

3D උපැස් යුවලේ රහස

 ඉහත ඡායාරූප දෙක හොදින් නිරීක්ෂණය කළහොත්  1 රූපය ඉතා පැහැදිළි ඡායාරූපයක් බවත්  2 රූපය එම ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේදී කැමරාව කිසියම් සෙලවීමකට භාජනය වී ඇති බවක් හෝ මෙම ඡායාරූපය පිටපත් ලබා ගැනීමේදී කිසියම් අහඹු වර්ණ විභේදනයකට භාජනය වුවක් සේ සිතෙනවාට කිසිම සැකයක් නැත.
ඇත්තෙන්ම එය එසේමද ?
නැත. එය 3D ඡායාරූපයකි.


1 රූපය             
                                                       මොකක්ද මේ 3D ?

3D යනු ඉංග්‍රීසි භාෂාවෙන්  Three Dimensional ( 3 Dimensional ) , එසේ නැතහොත් ත්‍රිමාණ යන වචනය සදහා භාවිතා වන කෙටි යෙදුමකි. මෙමගින් දිග , පළල සහ ගැඹුර යන මාන තුනෙහිම එකතුවක් ඇතිවන පරිදි අදාල ඡායාරූපය හෝ වීඩියෝ දර්ශනය නිර්මාණය වේ.


2 රූපය 
ස්වභාවිකව පවතින සියලුම වස්තුන් ත්‍රිමාණ ආකාරයෙන් පවතී. එබැවින් පියවි ඇසින් අප මේ දකින්නේ ඒ ත්‍රිමාණ වු ලෝකයයි. ස්වභාව ධර්මයෙන් අපට ඇස් දෙකක් එකිනෙක වෙන්ව උරුම වී ඇති බැවින් එමගින් ඕනැම වස්තුවක් දෙස බැලු පමණින් එහි ප්‍රමාණය දිග , පලළ , උස ( ගැඹුර ) , එම වස්තුව හා අප අතර පවතින ඉඩ ප්‍රමාණය ගැන නිශ්චිත හා පැහැදිළි අවබෝධයක් අප තුල නිරායාසයෙන්ම ජනිත කරවයි.
එසේ හෙයින් ඉහත 1 රූපය සැලකීමේදී ස්වභාවයෙන්ම අපට එහි එය ද්විමාන බවකින් යුක්තව ( දිග , පළල ) පැහැදිළිව දර්ශනය වෙයි. නමුත් 2 රූපය ඉන් වෙනස් වන්නේ ඇයි ?
ඇත්තෙන්ම එය තනි රූපයක් සේ පෙනුනද එය වෙන වෙන ම ලබාගත් වර්ණ දෙකක ඡායාරුප දෙකක් එක් කර 3D ඡායාරුපයක් සේ දිස්වීමට තනන ලද්දකි. 3D ඡායාරූපයක් නිර්මාණය සදහා නිල් සහ රතු වර්ණ භාවිතයෙන් වෙන වෙනම සැකසු ඡායාරූප දෙකක් එක්කිරීමෙන් මෙම 3D නිර්මාණය සැකසේ .    ( තවද මේ සදහා කොළ සහ රතු වර්ණ යුගලයද භාවිත වේ ) . මෙසේ හෙයින් පියවි ඇසට මෙම  ඡායාරුපය බොදවු ආකාරයෙන් දිස්වේ.
මෙසේ බොදවු වර්ණ වෙන්කර අදාල මුල් රුපයන් දෙක ඇස් වෙත වෙ වෙනම ලබා ගැනීම සදහා ඉතාමත් පහසුවෙන් මෙම 3D උපැස් යුවල නිර්මාණය කරගත හැක.

මේ ආකාරයෙන් නිර්මාණය කරගන්නා ලද 3D උපැස් යුවල මගින් 3D ඡායාරුපයක් නියමාකාරයෙන් බලාගත හැකිවේ.                 

 මෙහිදී ඡායාරුපයේ නිල් වර්ණයෙන් යුත් කොටස උපැස් යුවලේ රතු වර්ණ කාචයෙන්ද ඡායාරුපයේ රතු වර්ණයෙන් යුත් කොටස උපැස් යුවලේ නිල් වර්ණ කාචයෙන්ද වෙන වෙනම ඇස තුල නාභිගතවී මිනිස් මොළය මගින් ස්වභාවික ආකාරයටම ත්‍රිමාණ ආකාරයෙන් උක්ත ඡයාරුපය හදුනා ගනු ලැබේ.
මෙම උපැස් යුවල භාවිතයෙන් පැහැදිළි 3D ඡායාරුප මෙන්ම 3D රුපවාහිනී දර්ශනද නැරඹීමේ අවස්ථාව ඹබට ඉතා පහසුවෙන් ලබා ගත හැක.                                                                                              එහි කිරණ සටහන ඉහත දැක්වේ. 

http://science.howstuffworks.com/3-d-glasses.htm       ඇසුරිණි.

සැකසුම :         රුවන් තඹවිට
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය - බණ්ඩාරගම  ( ruwanthambavita@gmail.com )

June 10, 2014

බද්ධ කිරීම සඳහා පපුවේ මුහුණ වැවීම.

චීනයේ ෆුජියන් පළාතේ ෂු ජියැනිමි දැරිය වයස අවුරුදු 05 දී ගින්නකට මැදිවීමෙන් ඇයගේ මුහුණ පිළිස්සීම නිසා විකෘ සහ බාධිත විය. ඇයට අවශ්‍ය සම බද්ධ කිරීමේ ප්‍රතිකාර ලබා දීමට දුගී බව නිසා ඇගේ දෙමාපියන්ට නොහැකි වී තිබේ. වයස අවුරුදු 16 වන තෙක් ඇයට කණ්නාඩියෙන් මුහුණ බැලීමට අපහසු විය. නිකට ඇහිබැම හා දකුණු කණේ කොටස් අහිමි වී තිබුණි.


2012 වසරේදී වෛද්‍යවරු විසින් ලබා දුන් අවස්ථාවෙන් ඇයගේ ජිවිතය නොසිතූ විරූ ලෙස වෙනස් විය. මුහුණ සඳහා ප්‍රමාණවත් වනසේ අවශ්‍ය සම නිපදවීම (වගා කිරීමට) ක්‍රමයක් වෛද්‍යවරු යෝජනා ළෝය. එහිදී ඇගේ කකුලෙන් ලබා ගත් රුධිරවාහිනී වලිකාව ඇගේ පපු ප්‍රදශයේ තැන්පත් කර වර්ධනය කරන ලදී. පපු ප්‍රදශයේ ආරක්ෂිතව සම වැඩීම සඳහා බැලුමක් (balloon) පපුවට සම්බන්ධ කර තිබේ. බද්ධ කිරීමට සුදුසු ලෙස සමේ වැඩීම සහතික කිරිමට වෛද්‍යවරුන් මාස 07 ක කායක් විශේෂ අවධානයෙන් කටයුතු කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 14 වැනි දින පැය 08 ්ඝ ශල්‍යකර්මයකන් ඇයගේ මුහුණ ප්‍රකෘති තත්වයට පත් කරන ලදි. ඒ සඳහා පපුවේ වැඩු සම සම්පූර්යෙන් භාවිතා කර තිබේ. ශල්‍යකර්මය නිසා ඉදමුම සහිත බවක් දනට දක්නට ලැබුණද එය කෙටිකාලයකින් පහ න බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. අවුරුදු 11 ක් මුහුණ  දැකීමට අකමැතිව සිටි ඇයට දැන් සමාන්‍ය තරුණ ජීවිතයක් ගත කහැකිය. ලැජ්ජාවෙන් රතු වන තරුණියකුගේ මුහුණ ඇය තුලින්ද දිස්වනු ඇත.

මෙවැනි ප්‍රතිකර්ම තාක්ෂණයන් මඟින් ෆජියෑන් පළාතේම විසිදෙවැහැරදී පුද්ගලයකුට නාසයක් පසුගිය මාසයේ දී බද්ධ කිරීම සඳහා ප්‍රතිකාර ආරම්භ කර තිබේ. ඔහුගේ නලලේ ,නාසය හොඳින් වැඩෙමින් පවතන බව වෛද්‍යවරු සතුටින් ප්‍රකාශ කරති. දරුණු වාහන අනතුරකින් ඔහු අහිමී වි ගිය නාසය ළඟදීම නැවත ස්ථාපනය කළ හැකි වනු ඇත.එවිට ඔහුටද නැවත සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකි වේ.චීනයේ මෙවැනි ශල්‍යකර්ම 10ක් පමණ දැනටමත් සිදුකර තිබේ.

උපුටාගැනීම :-
Teenage girl in china grows new Face on her Chest by Lisa Winter
http://www.youtube.com/watch?v=Nd2hDmu9gro

June 6, 2014

නව පාෂාණමය ග්‍රහයා, සුවිසල් පෘථිවියක් ද?


අභ්‍යාවකාශ විද්‍යාඥාඥයින් විසින් පෘථිවිය හා සමාන පාෂාණමය නව ග්‍රහලොවක් මෑතක දී සොයා ගෙන ඇති අතර, මෙම ග්‍රහලොව අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පවති. එයට පෘථිවිය මෙන් 17 ගුණයක ස්කන්ධයක් හා 2 ගුණයක විශ්කම්භයක් පවතින බව  සොයා ගෙන ඇත.

Kepler- 10 නැමැති ඉපැරණි තාරුකාව වටා බ්‍රමණය වන මේ "සුවිසල් පෘථිවිය" , අප පෘථිවියෙ සිට ආලෝක වර්ෂ 560ක් දුරින් පිහිටි "ඩ්‍රැකො"  (මකර) තාරකා මණ්ඩලයේ පිහිටා ඇත. ඇමෙරිකානු අභ්‍යවකාශ සංගමයේ හමුවකදි ප්‍රකාශයට පත් කෙරුනු මෙම සොයාගැනීම සැමගේ විමතියට කාරණයක් විය.
Draco constallation
"ඒ මේතරම් විශාල ග්‍රහ වස්තු අප දන්නා ආකාරයට පැවතිය යුත්තේ වායුමය ග්‍රහලෝක වශයෙනි." යැයි හාවඩ් හි ජීවයේ සම්භවය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක Dimitar Sasselove මහතා පවසයි.
 මෙම ග්‍රහලොව නිර්මාණය වූ ආකාරය පිළිබඳ තවමත් නිසි අවබෝධයක් නැති වුවත්, එය Kepler - 10c ලෙස නම් කර ඇති අතර එහි විශ්කම්භය 29,000 Km  වන බව සොයා ගෙන ඇත. එය පෘථිවි අගය මෙන් 2.3 ගුණයකි.
අපගේ දැනුමට අනුව ග්‍රහ ලොවක් නිර්මාණය වීමට හා පවතින පරිසරයක ඝන වස්තු සංකේන්ද්‍රගත විය යුතු බවත් මෙහි දී එම මතය වෙනස් වන බවත් ඒ මහතා පවසයි.
පෘථිවිය හා අඟහරු වැනි කුඩා ග්‍රහලෝක හට ගත් ආකාරය සලකන විට Kepler - 10c වැනි ග්‍රහලෝක හට ගැනීමේ දි ඉතා විශාල වායු ප්‍රමාණයක් ඒ වටා එක් කරගෙන තිබිය යුත් බව තව දුරටත් ඒ මහතා පවසයි.

ජීවය පිළිබඳ නව බලාපොරොත්තුවක්!
මේ "සුවිසල් පෘථිවිය" කෙසේ නිර්මාණය වුවත් අප පෘථිවිය හා සමාන මෙවැනි පාෂාණමය ග්‍රහලෝක හමු වීම ජීවය පිළිබඳ නව බලාපොරොත්තු ඇති වීමක් බව ඒ මහතාගේ අදහසයි.
අප දන්නා විද්‍යාවට අනූව ජීවයේ සම්භවය විස්තර කෙරෙනුයේ භූගර්භ-රසායන විද්‍යාවට අනූව වන බවත් ඒ පිලිබඳව අපගේ දැනුම ඉතාම ප්‍රාථමික මට්ටමේ පවතින බවත් ඒ මහතා පවසයි. තවද NASA ආයතනය ට අනූව තම Kepler අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඡායාරූප ගත කල ග්‍රහ වස්තු අතරින් 75%  පමණ පෘථිවියට වඩා 4 ගුණයක් වත් විශ්කම්භයෙන් කුඩා වේ.
මෙම ග්‍රහලොව ගැන තව දුරත් අධ්‍යනය කල යුතු බවත් එය වටා වායුගෝලයක් පවතී ද?, එසේ නම් එය පෘථිවියේ මෙන් තුනී පටලයක් ද, නැතිනම් H2 හා He වලින් පෝෂිත වඩා විශාල වායුගෝලයක් ද යන බව දැන ගත යුතු බවත් අභ්‍යවකාශ විද්‍යාඥ Lars Buchhave මහතා පවසයි.

-          CBC news ඇසුරෙනි -

උණබට පා පැදිය

අපේ රටේ උණබට ඇති පදමට ඇත. එහෙත් උණබට ආශ්‍රිත නිෂ්පාදන හා ඒ පිළිබද අප සතු දැනුම ඉතා අල්පය. උණබට ආශ්‍රිත ස්ව්‍යංරැකියාවන්ද ව්‍යාප්තව ඇත්තේ අතලොස්සකි.  නමුත් උණ බටයෙන් සිදුකල විෂ්මිත නිර්මාණ ලොව පුරා ප්‍රචලිතය. ඊට හේතුව එම නිෂ්පාදන ස්වභාවිකත්වයට වඩාත් සමීප වීම හා තිරසාරවත් භාවය නිසාය. අපරට තුලද මෙවන් නිශ්පාදන වැඩි වැඩියෙන් බිහිවිය යුතු කාලය පැමිණ ඇත. මෙම ලිපියෙන් විස්තර වන නිෂ්පාදනයද අප රටේ නිෂ්පාදනයක් නොවුනත් අපේ නිර්මාණ කරුවන්ටද මෙවන් නිෂ්පාදන අප රට තුලද නිපදවිය හැකි බවයි.

පැඩලය සහිත පාපැදියක් එක්වරම පැදගෙන යෑම කුඩා දරුවකුට අපහසු කාර්ය්‍යකි. ඊට හේතුව ආරම්භයේදීම සමබරතාව රැකගැනීමට අපොහොසත් වීමයි. ඒ සඳහා පුහුණුවීම අත්‍යාවශ්‍ය වේ.මේ පිළිබඳ කල විවිධ අත්හදාබැලීම් වල ප්‍රථිඵලයක් ලෙස වඩා සරල පාපැදියක් ග්‍රීන් චෑම්ප් බයික් ආයතනය විසින් නිමවා ඇත. මෙය පරිසර හිතකාමී නිර්මාණයකි. මෙහි සුවිශේෂිත්වය නම් වෙනත් පාපැදි මෙන් ලෝහයෙන් හෝ වෙනත් කෘතිම ද්‍රව්‍යකින් නිමවා නොතිබීමයි. මෙම පාපැදිය නිමවා ඇත්තේ විශේෂ ක්‍රමයකට පදම්කල උණබට මඟිනි. මෙම පාපැදිය මඟින් දරුවන්ට පාපැදියක් පැදවීමේ මුලික හුරුව ලබාදෙන අතර පරිසර හිතකාමීත්වයට වඩාත් නැඹුරු කරවීම හා පරිසර තිරසාර භාවිතය සඳහා ඔවුන් වඩ වඩාත් හුරුකරවීම නිෂ්පාදකයන්ගේ ප්‍රධාන අරමුණයි. මෙම පාපැදිය රෝද දෙකකින්, රාමුවකින්, හැඬලයකින් හා ආසනයකින් සමන්විතයි. මෙහි සාමාන්‍ය පා පැදියක පැදීම සඳහා භාවිතා කරන පැඩලය හා දැති රෝද අංතර්ගතකර නැත. මෙය ගමන් කරවීමට පාද මඟින් ප්‍රතිවිරුද්ධ බලයක්  යෙදිය යුතුය.

මෙහි රාමුව නිමවා ඇත්තේ පැණියෙන් පදම්කල උණබට මගින් වන අතර ආස්තර 2කින් යුක්ත වේ. මේවා කල් පැවැත්මෙන් ඉතා ඉහල වන අතර පලුදුවීම් හා පිපිරීම් වලින් සුරක්ෂිතය. තවද මෙම පදම්කල උණබට විශේෂිත ඉටි ආස්තරනයකින් ආවරණය කර ඇත. මෙම උණබට වල සැහැල්ලු භාවය නිසා පා පැදිය සියුම් ධානවයකට ලක් කල හැකි අතර කම්පනයන්ට ඔරොත්තු දේ. එබැවින් කුඩා දරුවන්ට වඩාත් පහසුවෙන් හසුරුවාගත හැකිය. කිලෝ ග්රෑම් 3.5කින් යුක්ත වන අතර එකලස් කිරීමට හා ප්‍රවාහනයටද වඩාත් පහසු වේ. 



 www.gizmag.com ඇසුරිනි. 



අන්තර් ජාතික සාකච්ඡා සඳහා කෘතිම ක්ෂණික භාෂා පරිවර්තකයා


විවිධ භාෂාවලින් පළවූ විශිෂ්ඨ කෘති වෙනත් භාෂාවලට පරිවර්තනය වේ. ඕනෑම ලිපියක් ලේඛනයක් බොහෝ භාෂාවලට පරිවර්තනය ක්ෂනයකින් කිරීමට හැකි  මෘදුකාංග තිබේ. අපට ඉංශ්‍රීසි, හිංදි, ජර්මන්, ප්‍රංශ,දමිල, ස්පාඤ්ඤ වැනි බොහෝ භාෂාවලට ලිඛිත දේ කෘතිමව එකනෙහිම පරිවර්තනය කර ගැනීමට පහසුකම් සලසා තිබේ. එහෙත් සිංහල භාෂාව එම භාෂා අතර නොමැත. ඒ අතර මෙම පරිවර්තන වල භාෂාමය ගුණය ඉතා ඉහළ මට්ටමක නොමැති බවද පැවසේ .ලිඛිත දේ මෙසේ ක්ෂණිකව ස්වයංක්‍රියව(online/real time) පරිවර්තනය කළද ප්‍රකාශ/කථා කරන භාෂාව ඒ ක්ෂණයෙන් වෙනත් භාෂාවකට කෘතීමව පරිවර්තනය කිරීමේ නව තාක්ෂණයක් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හඳුන්වා දී තිබේ. දුරස්ථව සිටින පුද්ගලයින් ළග සිටින අය මෙන් අදහස් හුවමාරු (Real Time) කිරීමට Video Conference මඟින් හැකි වුවද ඒ සඳහා ඔවුන් සියළුදෙනාම දන්නා භාෂා පමණක් භාවිතා කළ හැකි විය. මෙම භාෂා බාධකය ඉවත් කිරීමට Skype Translator නම් නව මෘදුකාංගය සමත් වී තිබේ.

පසුගියදා කැලිෆෝනියා පැවති Code Conference (කේත සමුළුවේ)දී මෙම තාක්ෂණය එළිදක්වන ලදී. මයික්‍රොසොෆ්ට් ආයතනයේ පැවති එම ප්‍රදර්ශනයේදී මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක සත්‍යා සදෙල්ලා සහ උප සභාපති ගුරුදීප් පාල් වීඩියෝ දුරකථන ඇමතුමක් මඟින් ජර්මන් භාෂාවෙන් කථා කළ ඩයනා හෙන්රික්ස් සමග සංවාදයේ යෙදුණි. එක් අන්තයකින් ඉංශ්‍රීසි භාෂාවෙන් කෙරෙන ප්‍රකාශ  ක්ෂණයෙන් අනෙක් අන්තයෙන් ජර්මන් භාෂාවෙන් ඇසීමට සහ එයාකාරයෙන්ම ජර්මන් භාෂාවෙන් කෙරෙන ප්‍රකාශ ඒක්ෂණයෙන්ම ඉංශ්‍රීසි භාෂාවෙන් ඇසීමට හැකි බව එහිදී ප්‍රදර්ශණය කර ඇත. ලිඛිත පරිවර්තනයේදී මෙන්ම ප්‍රකාශනය කරන දේ ක්ෂණිකවම පරිවර්තනයේදීද සුළු දෝෂ සිදුවී තිබේ. මෙම පරිවර්තන දුරස්ථ ඉලක්ක සමඟ කෘතිමව හා ක්ෂණිකව ක්‍රියාත්මකත වීම මෙහිදී විශේෂයෙන් සැලකිය යුතුය.

මෙම තාක්ෂණය බොහෝ කාලයක සිට සංවර්ධනය කරමින් පැවති බව මයික්‍රොසොෆ්ට් ආයතනය ප්‍රකාශ කරයි.  මෙහිදී භාෂාව කථාකරන, ශබිද නගන විලාශයේ අසාමාන්‍යතා , නිරන්තරයෙන් අලුත්වන නව ව්‍යාවාහාරයන් මෘදුකාංගය නිර්මාණයේ යෙදුණු පරීක්ෂකයන්ට බොහෝ ගැටළු මතු කර තිබේ. එය හුදෙක් වචන වල අර්ථය ලබාදීම පමණක් නොවන බව පර්යේෂන කණ්ඩායමේ අරුල් මෙනසෙස් පවසයි. ස්පාඤ්ඤ වැනි භාෂා වල ව්‍යාකරණ බේද නිසා පරිවර්තනය වඩාත් අපහසුවී ඇත.

සර්ව සම්පූර්ණ නොවුනද අදාල අරමුණ ඉටුකර ගැනීමට ප්‍රමාණවත් ප්‍රගතියක් මෙම තාක්ෂණය අත්කරගෙන තිබේ. Skype Translator ඇතුළත් Windows මෘදුකාංගය පාරිභෝගිකයන්ට මෙම වසරේදී නිකුත් කිරීමට Microsoft බලාපොරොත්තු වේ. සෑම වසරකම මිලියන 300ක පමණ ජනතාවක් විදේශවල සිටින තම ඥාතීන් ,මිතුරන් ,ව්‍යාපාරිකයන් ,නොයෙක් ආකාරයේ ගණුදෙණු කරුවන් සමඟ කෙරෙන සංවාද සඳහා Skype Translator කෙතරම් දුරට භාවිතා කරනු ඇත්දැයි ඉදිරියේදී දැනගත හැකිවනු ඇත. එහිදී විවිධ භාෂාවලින් එකිනෙකා සංවාදයේ යෙදෙනු ඇත. Demonstration වීඩියෝව නරඹන්න.

උපුටාගැනීම:
Microsoft unveils Skype Translator to break down language barrier By Nick Lavars


June 5, 2014

ජංගම කාලගුණ ස්ථානයක් වු කුඩය


අව්වැසි  වලින් ආරක්ෂා වීම සඳහා භාවිතා වන කුඩය ජංගම කාලගුණ ස්ථානයක් ලෙසද ඉදිරීයේදී සේවය සලසනු ඇත. මෙම කුඩය විද්‍යාඥයින්ට වර්ෂාපතනය මැනීම සඳහා ඉමහත් සේවයක් සලසනු ඇතැයි එහි නිර්මාතෘ නෙදර්ලන්තයේ ඩෙලෆ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොල්ෆ් හට් පවසයි. ඔහු විසින් නිෂ්පාදිත ආකෘති කුඩයේ ඝනරෙද්ද (කැන්වසය) මත පතිත වන වැහි බිංදු හඳුනා ගැනීමට හා මැනීමට හැකිය.

 BBC වාර්තා කරන අයුරු එහි ක්‍රියාකාරීත්වය මෙසේය.
කුඩ ඝනරෙද්ද(canvas) ඇතුළතින් සවිකර ඇති Piezo  සංවේදකය මඟින් වැහි බිංදු වැටීමෙන් ඇතිවන කම්පනය මනිනු ලැබේ.සංවේදක රැහැන් වලින් ජංගම දුරකථන බ්ලුටූත් සවන්කඩ (earpiece) ට සම්බන්ධ කර ඇත. එමඟින් දත්ත ප්‍රතිලේඛනයන් හරහා ජංගම ජාල ඔස්සේ  laptop (ජංගම ක්ෂූද්‍ර) පරිගණකයට ලබාදේ. මේ සම්බන්ධව ආචාර්ය හට්ගේ මිදුලේ සිදු කළ පරීක්ෂණයේදී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබේ. එහිදි මද වැස්සක් කුඩය මත පතිත වීමෙන් ලද දත්ත කාලගුණ විද්‍යාවට අදාල ඉතා වැදගත් තොරතුරු ලබාදී ඇත.

පෙර කාලයේදී තරම් වර්ෂාමානක (Rain gauges) දැනට භාවිතා නොවේ. ඊට හේතුව මෙම වර්ෂාමානක නඩත්තු කිරීමට අධික වියදම් දැරිය යුතු වීමයි. යථාකාලින(real time) දත්ත ලබාදිය හැකි ලොව පුරා ඇති වර්ෂාමානක ප්‍රමාණය පාපන්දු ක්‍රිඩාංගනයකට වඩා කුඩා බව NASA විද්‍යාඥ ක්‍රිස් කිඩ් පවසයි. එනිසා ජල කළමනාකරණය හෝ ජලවිද්‍යාව (hydrology) පිළිබඳ පර්යේෂණ සඳහා අවශ්‍ය තරම් දත්ත ලබාගැනීමට නොහැකි බව හට් BBC ආයතනයට ප්‍රකාශ කර තිබේ.හට් සඳහන් කරන පරිදි එම ගැටළුවට විසඳූම් ලෙස මෙම නව තාක්ෂණික කුඩ භාවිතා කළ හැකිය. Smart umbrella (බුද්ධිමත් කුඩ) ලෙස ඒවා යථාකාලින තොරතුරු ලබාදෙනු ඇත. එවිට කාලගුණය පිළිබඳ වඩා නිවැරදි අනාවැකි පලකළ හැකිය. නාගරික ජල ගැලීම් වැනි දරුණු අවස්ථාවලදී Smart umbrella තොරතුරු නිසා කාලගුණ විද්‍යාඥයින්ට වඩාත් කාර්යක්ෂමව තම කාර්ය ක්‍රියාත්මක කළ හැකිවේ.

උපුටා ගැනීම:-
Turn your Umbrella into A mobile weather station - Douglas Main     

June 3, 2014

Li-Fi தொழில்நுட்பம்

தொழில்நுட்ப சுருக்கம்:
மாறிவரும் இணைய தொழில்நுட்ப வளர்ச்சியில் தொழில் மற்றும் அதன் சார்ந்த நிறுவனங்களில் பாதுகாப்பு என்பது கேள்விகுறியாக உள்ளது.

அதற்காக உருவாக்கப்பட்ட ஒரு முறை தான் Li- Fi. இதன் செயல்பாடுகள் அனைத்தும் Wi –Fi யை ஒத்திருக்கும். ஆனால் Wi –Fiல் செயல்படுத்தப்படும் hacking சமந்தமான முறைகளுக்கு Li –Fiல் இடமில்லை.

இது சாதாரணமான வெளிச்சத்தை பயன்படுத்தி இயங்ககூடியது. இதில் Router மூலமாக பெறப்படும் அனைத்து இணைப்புகளும் வெளிச்சத்தை ஏற்படுத்தும் LED பல்புகளில் இணைக்கப்பட்டிருக்கும்.

இணையத்தை பயன்படுத்த இந்த வெளிச்சமானது நாம் பயன்படுத்தும் இணைய கருவியின் மீது விழ வேண்டும். இதன் மூலம் மற்ற தேவையற்றவர்களிடம் இருந்து தனது இணையத்திற்கு பாதுகாப்பு கிடைக்கிறது.

செயல்படும் விதம்:
LED ஆனது Transmitter போல செயல்படுகிறது. LEDயை நினைத்த நேரத்தில் எளிதில் அணைகவும், ஏற்றவும் முடியும். அணைத்த நிலையில் 0 என்ற signal யையும், ஏற்றப்பட்ட நிலையில் 1 என்ற signalயையும் LED அளிக்கும். 1 என்ற signal தான் காற்றில் பரவி கருவியில் இணைக்கப்பட்டுள்ள photo-detector என்னும் கருவி மூலம் இணையத்தை இயக்க பயன்படுகிறது.

Photo detector தனது மீது படும் வெளிச்சத்தை மின்சார சக்தியாக மற்ற பயன்படுகிறது.இதன் மூலம் பெறப்படும் signal ன் அளவானது 10,000 -20,000pbs என்ற விகிதத்தில் இருக்கும்.


Website : www.lankasritechnology.com
URL : http://www.lankasritechnology.com/view.php?202609F220eZnBd34eaymOlH4cbdQ6AAcddcA4MQWdbc41lOmae44dBnZ3e032F90603

June 2, 2014

ගුණ අගුණ කියන උපකරණය

එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝ දේවල්වල ගුණ අගුණ දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් අපි රැවටීමට භාජනය වීම වැළකෙනවා පමණක් නොව අපේ ශරීර සෞඛ්‍යයද ආරක්ෂා කර ගත හැකි වේ.
මේ ආහාරය කොතරම් පෝෂ්‍යදායකද?
මෙම පැළැටියට වතුර අවශ්‍යද?
ලබා දී ඇති බෙහෙත් මාත්‍රාවේ මඟහැරි ඇති බෙහෙත් තිබේද?

වැනි නොයෙක් ප්‍රශ්ණ සඳහා විශ්ලේෂණය මඟින් පිළිතුරු ලබාදිය හැකි උපකරණයක් නිපදවා තිබේ. එය නමින් SICO වන අතර ටෙල්අවිව් නගරයේ සමාගමක් විසින් සංවර්ධනය කර ඇත. එහි නිෂ්පාදකයෝ පවසන පරිදි මෙය භාවිතා කිරීමේදී කළ යුත්තේ අදාල ද්‍රව්‍ය දෙසට SICO තත්පර 1ක හෝ 2 ක කාලයක් යොමු කිරීම පමණි.ඉන්පසු ඒ සමඟ ඇති Bluetooth සම්බන්ධ Smartphone හි ප්‍රතිඵල සටහන්වේ.

 SICO ඇත්ත වශයෙන් කුඩා Spectroscope (වර්ණාවලීක්ෂයක්) වේ. වඩා විශාල අධි බලැති පර්යේෂණාගාර මට්ටමේ වර්ණාවලීක්ෂ මෙන්ම මෙයද පාදක කොට ඇත්තේ දිලිසෙන අධෝරක්ත ආලෝකයන් අදාල ද්‍රව්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවයි. එම ක්‍රියාවලියේදී ද්‍රව්‍යයේ අණු ( Molecules) උත්තේජනය වේ. චලනය වන අණු නිසා පරාවර්තනය වන කිරණ විශ්ලේෂණය කිරීමෙන් අණුවල ප්‍රකාශ (optical) ගුණවල සුවිශේෂතාවය අනුව ද්‍රව්‍යයේ රසායනික සංයුතිය හඳුනාගත හැකිය.

SICO උපකරණ ක්‍රියාත්මක වීමේදී තොරතුරු IOS හෝ Android ක්‍රමවේද හා සම්බන්ධවි කියවීම් Cloud වෙත යවනු ලැබේ. එහිදී යථාකාලීනව(real-time/ඒක්ෂණයෙන්) මෙම කියවීම් ප්‍රතිලේඛනය කර එම මොහොතේදීම ප්‍රතිඵල ජංගම දුරකථනයේ තිරය මත දිස්වේ. මෙවැනි වු තවත් උපකරණයක් සංවර්ධනය වී ඇති අතර එය Tell spec නම් වේ. එහෙත් එය ආහාර වර්ග මුලික කොට සකස් කර තිබේ.   
ආහාර පමණක් නොව පැළැටි සහ ප්‍රතිකාර පවා විශ්ලේෂණය කර ගුණ අගුණ SICO මඟින් ප්‍රකාශ කරයි. ආහාර වලදි එහි  පෝෂ්‍යදායීතාව (කැලරී, මේද, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන්), තත්වය, ඉදුණු බව සහ ආහාර නරක් වීම වැනි ලක්ෂණ/ගුණ විශ්ලේෂණය කරයි. චීස්, පළතුරු, එළවළු, සෝස්,සලාද පිසින තෙල් වැනි බොහෝ අහාර සඳහා යොදා ගත හැක. ප්‍රතිකාර හා ඖෂධ වලදී එහි මාත්‍රාව,අණුක සැකැස්ම සහ ඖෂධ වට්ටෝරුව විශ්ලේෂණය කර අදාල දත්ත ගබඩාව සමඟ සැසඳීමෙන් අඩුපාඩු සටහන් කරයි. පැළෑටි වලදී තෙතමනය(moisture) මැන ජල අවශ්‍යතාවය දැනුම් දේ.
වෙනත් ද්‍රව්‍ය සඳහා අදාල තොරතුරු විශ්ලේෂණය කරන ප්‍රතිලේඛණ සම්බන්ධ කිරීමට තුන්වන පාර්ශවයට ඇති හැකියාව Socio හි විශේෂත්වයක් ලෙස සැළකිය හැකිය. එමඟින් සුවඳ විලවුන් රෙදි,මල්,පස්, ස්වර්ණාභරණ හා මැණික්, සම්,රබර්, ඉන්ධන, ප්ලාස්ටික් යනාදී ද්‍රව්‍ය පමණක් නොව මිනිස් පටක(tissues) හෝ bodily fluid  විශ්ලේෂණය කර පාරිභෝගිකයාට නිවැරදි තොරතුරු එම මොහොතේම ලබාදීමට හැකිවේ.

උපුටා ගැනිම:-
Scio is made to analyze everything – Ben Coxworth
http://www.youtube.com/watch?v=sSiturTkrLw