April 3, 2020

ප්‍රතිශක්ති වඩන ආහාර

සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී.තවද සුදු ලූණු  

 ශරීරයේ ප්‍රතිශක්ති වඩන ආහාරයක් ලෙස ආදීකාලයේ සිටම හදුන්වා ඇත.මෙම  දින වල පැතිරී යන කොරෝනා රෝගයටද මෙය සුදුසු යැයි ඇතැම් මාධ්‍ය වල පල වේ.ඒමගින් මෙම රෝගය සුව වීමක් නොව ශරීරයට ප්‍රතිශක්තීකරන හැකියාවක් ලැබෙන බව   පර්යේෂකයින්  විසින් පෙන්වා දීඇත.

බැක්ටීරියා නාශක ගුණයක් ඇත.මෙය ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි.පර්යේෂණ වලින් සොයා ගත් ආකාරයට සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා වල පරිවහන පද්ධතිය අක්‍රීය කරනු ලබයි.

සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා ටොක්සින් හෙවත් රැහැම්නොලිපිඩ ස්‍රාවය වීම වලක්වයි.රැහැම්නොලිපිඩ මගින් රැධිරයේ සුදු රැධිරාණු විනාශ කරයි.

සුදු රැධිරාණු අපගේ ශරීරයේ ප්‍රධාන ආරක්ෂක පද්ධතියයි.සමහර බැක්ටීරියා විශේෂ  biofilms  සාදයි .

Pseudomonas aeruginosa  එක් උදාහරනයකි. එම විශේෂ මගින් විශාල සෞඛ්‍යය තර්ජන ඇතිවේ. biofilms  ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. සුදු ලූණු වල ඇති රසායනික දව්‍යය වලට බැක්ටීරියා   biofilms  වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මෙම රසායන දව්‍යය ajoene ලෙස හදුනා ගෙන ඇත.

සුදු ලූණු වල ඇති ajoene නම් රසායනිකය  ප්‍රතිජීවයක් ලෙස භාවිතා කල හැකිය. මීයන් භාවිතා කර පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

සමාන්‍යයෙන් ශරීරය තුල අපදව්‍ය අයින් කරන යාන්ත්‍රනයක් පවතියි.වැඩිපුර අපදව්‍ය සෛල තුල එකතු වීමෙන් මුක්ත ඛන්ඩ වැඩි වීම සිදුවේ. මුක්ත ඛන්ඩ සෛල තුල එකතු වීමෙන් පිලිකා ඇතිවේ .මෙම අපදව්‍ය  විනාශ කිරීමේ හැකියාව හෙවත් ඇන්ටිඔක්සිජන් නිපදවීමේ හැකියාව සමහර ආහාර වල ඇත. සුදු ලූණු එක් ආහාරයකි.

ඇන්ටිඔක්සිජන් සහිත අහාර වර්ග  ගොරකා කුඩු,වට්ටක්කා,මී පැණි,කුරැදු.

පිසන ලද සුදු ලූණු වලට වඩා අමු සුදු ලූණු වල හදවත් රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

අමු පොඩි කරන ලද සුදු ලූණු වලට කුණු බිත්තර ගදසහිත හයිඩ්‍රජන් සල්පයිඩ් වායුව නිදහස් කිරීමේ හැකියාව ඇත.මෙමගින් රැධිර පරිවහන පද්ධතිය සක්‍රීය කරයි.


 උපුටා ගැනීම -medical uses of garlic

0 comments:

Post a Comment