January 28, 2020


මහත අඩු කරන ආහාර 5ක්
1 min read


අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි.

එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.
ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා.මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්
අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්.මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.
තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා. මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.
තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා
ජීවිතයට තර්ජනයක් තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.
තරබාරුකමෙන් මිදීම ආහාර – ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.
කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.
ව්‍යායාම – ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.
ප්‍රතිකාර – ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.
තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.
මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.
සරල ඔෟෂධ
උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ. මද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.
රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.
ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.අපි හැමෝම කැමති ස්වභාවධර්මයට අනුව ජීවත් වෙන්න. බොහෝ විට උත්සාහ ගන්නේ ඊට අනුකූලව ආහාර රටාවකට හුරු වෙන්න . ඒ නිසාම අපි අපි උනන්දු වෙනවා අපේ පැරැන්නන් අනුගමනය කල ආහාර රටාවන් පිලිබඳව හොයාබලන්න වගේම ඒවා අනුගමනය කරන්න .ඔවුන් ආහාර සදහා එකතු කල ඉතාමත් ගුනදායක බටහිර රටවල පවා ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් ආහාර සදහා එකතු කරගැනීමට උනන්දු වන ආහාර ගැන අද අපි කතා කරමු
උලුහාල්-රුධිරයේ කොලොස්ටරෝල් හා සීනී පාලනය සදහා විශ්මිත හැකියාවන්ගෙන් සමන්විත උලුහාල් දිනපතා ආහාරයට ගැනීම ඉතාමත් හිතකර වෙනවා. කැලරි සැපයුම් අඩු එහෙත් ඛනිජ පෝෂිත උලුහාල් ආහාර ජීරණයට වගේම ප්‍රදාහය තත්ත්වයන් සමනයට ඉතාමත් උපකාරී වෙනවා. ඒවාගේම ශරීරයේ බර අඩුකරගන්න තරබාරු කම නිසා පීඩාවට පත්ව සිටින අයට වැඩි වශයෙන්ම උලුහාල් ආහාරයට එක් කරගැනීම ඉතාමත් වැදගත් .ඒ වගේම උදෑසන උලුහාල් ඇට කිහිපයක් ආහාරයට ගන්න පුලුවන් නම් ඇති ගුන අතිමහත් වෙනවා .මම හැම උදෑසනම නැගිට මගේ මුලුතැන්ගෙය වෙත පැමිණි වහාම වතුර වීදුරුවක් බොමින් මගේ පැලවෙන්න දාලා තියෙන මුං සහ උලුහාල් ඇට වලට වතුර ස්වල්පයක් ඉසිමින් ඒවා පැලවෙන ආකාරය රසවිඳීම තමයි කරන්නේ .ඒ අතර පැලවෙලා තියෙන උලුහාල් ඇට කිහිපයක් හපලා කනවා.ලොකු තිත්ත රසක් නෑ.පොඩි කිරි රසක් තියෙනවා .
ඒ වගේම මගේ කෙට්ටු වෙන්න හදන සැලඩ් වලට උදේට හදන බිත්තර ඔම්ලට් එකට මම එකතු කරනවා. ඔක්සිකරනය නිසා වන හානි වගේම ශරීරය කෙට්ටු කරන්න වෙන්න ඉතාමත් හොදයි .ඒ වගේම ශරීරය නීරෝගී වෙනවා .ඉතිං ශරීරය කෙට්ටු වෙන්න උත්සාහ ගන්න ඔබටත් පුලුවන් ඉතාමත් පහසුවෙන්ම පැල උලුහාල් ටිකක් හදලා උදෑසන ආහාරයට ගන්න වගේම සලාද ආදි ආහාර සදහා යොදා ගන්න .සාදාගන්නා ආකාරය අමු උලුහාල් ටිකක් (බැදපු නැති ) දවස් දෙකක් වතුරේ පෙගෙන්නට දමා තෙත් ටිෂූ පේපර් එකකට දමා පැලවෙන්න තියන්න.එය වේලිලා වගේනම් වතුර ස්වල්පයක් හැම උදෑසනම ඉසින්න .උලුහාල් ටිකෙන් ටික පැලවෙනවා.එය හිතටත් හරිම සුන්දර දසුනක් වගේම ඇගටත් හරිම ගුනවත් .
ලෙමන්-දෙහි දොඩම් පවුලේ සාමාජියකු වන ලෙමන් විටමින් බහුල වෙනවා. දැන් මගේ කෙට්ටු වීමේ ආහාර අතර ලෙමන් වලට මම දෙන්නේ ලොකුම තැනක් .මගේ සැලඩ් වලට මම කිසිම කෘතීම රසකාරක එකතු කරන්නේ නෑ. ලුනු ඉතාමත් ස්වල්පයක් සමග ලෙමන් ඉස්ම එකතු කරනවා.එලවලු පලතුරු සලාද වලට ලැබෙන්නේ පුදුම රසක් වගේම ඉතාමත් පෝෂණීය වෙනවා . ලෙමන් වල තියෙන සිට්‍රික් ඇසිඩ් ශරීරයේ විස නසනවා වගේම විටමින් බහුල වෙනවා .ඒ වගේම ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කර ඇග කෙට්ටු කරනවා. ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වෙනවා .
මේදය දහනය කරන මල් ගෝවා-කෙට්ටු වෙන්න ශරීරයේ බර අඩුකරගන්න කැමති නම් ඔබගේ ආහාර වලට ගෝවා කුලයට අයත් ආහාර වන මල්ගෝවා එකතු කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා . තන්තු කෙදි බහුල වන අතර කැලරි ශක්ති සැපයුම ඉතාමත් අඩුයි . ප්‍රතිශක්ති පද්ධතිය සවිමත් කිරීමට සමත් ප්‍රතිඔක්සිකාරක වලින් පරිපූර්ණ වන අතර ශරීරයේ ස්ථූලතාවය අඩු කිරීමට උපකාරී වෙනවා .
කොමඩු-විටමින් සහ ඛනිජ පෝෂක වලින් අනූන කොමඩු ශක්ති හෙවත් කැලරි සැපයුම ඉතාමත් අඩු හෙයින් ශරීරයේ මහත අඩු කරගන්න හිතන අයට ඉතාමත් හොද වෙනවා . උදරය වටා මේදය තැන්පත් කිරීම අවම කරන කොමඩු ශරීරය කෙට්ටු කිරීමට උනන්දු අය සදහා ආහාර වේලක් ලෙස ගැනීමට ඉතාමත් හොද පලතුරක් වෙනවා.
පැලමුං ඇට ප්‍රෝටීන හා ඛනිජ කොටස් වලින් පරිපූර්ණ පැල මුං වල කාබෝහයිඩ්‍රේට් අඩංගු බැවින් ශරීරය කෙට්ටු කරන ආහාරයක් නොවෙයි .නමුත් මම බත් ආහාරයට ගන්නේ නැති නිසා උදෑසන බිත්තර ඔම්ලට් වලට පැල මුං එකතු කරගන්නවා .පැල උලුහාල් ලෙසම හදාගන්න පුලුවන් .පෝෂණීය සුපර් ෆූඩ් ලෙස සැලකෙන චියා ඇට , හන, අසමෝදගම් ,හා බැසිල් ඇට (කස කස ඇට )ප්‍රෝටීන ,ඔමේගා 3ෆැටිඇසිඩ් , ඇන්ටිඔක්සිඩන්ට් හා ෆයිබර් වලින් සමන්විත මෙම ඇට වර්ග නිසා කෑම රුචිය අඩුවෙන බව මම දැන් අත්දැකීමෙන්ම දන්නවා .නැවතත් මෙවැනි ශරීරයේ බර අඩුකරන පෝෂණීය ආහාර වලින් හමුවෙමු .
උපුටා ගැනිම :=අන්තර්ජාලයෙනි

1 comments:

This is how my buddy Wesley Virgin's report starts with this SHOCKING and controversial video.

As a matter of fact, Wesley was in the military-and shortly after leaving-he found hidden, "SELF MIND CONTROL" tactics that the CIA and others used to get everything they want.

As it turns out, these are the EXACT same tactics many famous people (notably those who "became famous out of nowhere") and the greatest business people used to become wealthy and famous.

You probably know how you use less than 10% of your brain.

Really, that's because the majority of your brainpower is UNCONSCIOUS.

Maybe that conversation has even occurred INSIDE your very own mind... as it did in my good friend Wesley Virgin's mind around seven years back, while riding an unlicensed, beat-up bucket of a car with a suspended driver's license and $3 in his bank account.

"I'm very fed up with living check to check! Why can't I turn myself successful?"

You've taken part in those questions, am I right?

Your very own success story is going to happen. You need to start believing in YOURSELF.

CLICK HERE TO LEARN WESLEY'S METHOD

Post a Comment