April 22, 2020

කොරෝනා පරීක්ෂාව

𝐌𝐨𝐥𝐞𝐜𝐮𝐥𝐚𝐫 𝐃𝐢𝐚𝐠𝐧𝐨𝐬𝐭𝐢𝐜 𝐀𝐬𝐬𝐚𝐲𝐬 (𝐑𝐓-𝐏𝐂𝐑) හෙවත් අණුක රෝග විනිශ්චය පරීක්ෂණ

real time RT-PCR තාක්ෂණය ඉතා සංවේදී හා විශේෂිත වන අතර සාමාන්‍යයෙන් රසායනාගාරයක් තුල පැය 6 ත් 8 ත් අතර කාලයක් ගත වුවද, විශ්වාසදායක රෝග විනිශ්චයක් පැය තුනක් තරම් අඩු කාලයකින් වුවද ලබා දිය හැකිය. දැනට භාවිතයේ ඇති වෙනත් වෛරස වෙන්කර ගැනීමේ ක්‍රම සමඟ සසඳන විට, real time RT-PCR සැලකිය යුතු වේගයකින් යුක්ත වන අතර contamination(අපවිත්‍රණය) හෝ errors(වැරදි රෝග විනිශ්චයන්) සඳහා අඩු විභවයක්
ඇත. කෙ‍ාරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා ලබා ගත හැකි වඩාත් නිවැරදි ක්‍රමය මෙයයි.PCR පරීක්ෂණය යනු ජීවී සෛල තුල අඩංගු වන DNA නම් ප්‍රවේණික දත්ත ගබඩා කරන රසායනිකය හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන අණුක මට්ටමේ පරීක්ෂාවකි. මෙහිදී ජීවී සාම්පල වලින් වෙන් කරගන්නා DNA සාම්පල කිසියම් නිශ්චිත Primer එකක් භාවිතා කර ගුණනය කරනු ලබනවා. මෙම Primer එක හා සමපාත වන DNA අදාළ සාම්පලයෙහි නොතිබුන හොත් මෙම ගුණනය වීම සිදුවන්නේ නැහැ. මේ අනුව අප භාවිතා කරන Primer එක මඟින් කිසියම් නිශ්චිත රෝග කාරකයෙකු ගේ DNA හඳුනා ගැනීම සිදු කල හැකියි.නමුත් මෙම කොවිඩ් 19 රෝග කාරක වෛරසය වන SARS CoV 2 වෛරසය RNA වෛරසයක් නිසා සරල PCR පරීක්ෂාවක් මඟින් මෙම වෛරසය හඳුනා ගත නොහැකියි. එම නිසා ඒ සඳහා තවත් අමතර පියවරක් එක්කරන ලද PCR පරීක්ෂාවක් මේ සඳහා යොදා ගන්නවා. මේ අමතර පියවරෙහිදී සිදු කරන්නේ වෛරස වල අඩංගු RNA අණු Reverse Transcriptase නැමති එන් සයිමය භාවිතා කරමින් DNA බවට හරවා ගැනීමයි. අනතුරුව මෙසේ නිපදවා ගත් DNA හෙවත් Complimentary DNA/cDNA අදාළ Primer එක භාවිතා කරමින් PCR පරීක්ෂාව වෙත යොමු කරනවා. මේ නිසා මෙම විශේෂිත පරීක්ෂාව හඳුන්වනු ලබන්නේ RT-PCR පරීක්ෂාව ලෙසයි.දැනට ලංකාවේ සියලුම වෛරස හඳුනාගැනීමේ රස‍ායනාගාර වල භාවිතාවන ක්‍රම‍වේදය මෙය වන අතර අණුක රෝග විනිශ්චය පරීක්ෂණ මගින් SARS-COV-2 (COVID-19 සඳහා වගකිව යුතු වෛරසය) සඳහාම විශේෂිත වූ වෛරස් RNA හඳුනා ගැනීම අරමුණු කරයි.
මේ සඳහා ලංකාවේ PCR තාක්‍ෂණය මත පදනම් වූ අනාවරන පද්ධති (Detection system) දෙකක් භාවිතා වේ. එනම්,
1. 2019-𝘯𝘊𝘰𝘷 𝘊𝘋𝘊 𝘥𝘦𝘵𝘦𝘤𝘵𝘪𝘰𝘯 𝘴𝘺𝘴𝘵𝘦𝘮 (𝘐𝘋𝘛, 𝘜𝘚𝘈)
2.
𝘙𝘦𝘢𝘭𝘚𝘵𝘢𝘳® 𝘚𝘈𝘙𝘚-𝘊𝘰𝘝-2 𝘙𝘛-𝘗𝘊𝘙 𝘒𝘪𝘵 1.0 (𝘈𝘭𝘵𝘰𝘯𝘢 𝘥𝘪𝘢𝘨𝘯𝘰𝘴𝘵𝘪𝘤𝘴‐𝘎𝘦𝘳𝘮𝘢𝘯𝘺)
මෙම අනාවරක පද්ධති (Detection system) දෙකම Avon Pharmo Chem ආයතනය විසින් අදාල සියලු රසායනාගාර වෙත බෙදාහරිනු ලබයි.
ඉහත රූපසටහනේ දැක්වෙන පරිදි මෙම පරීක්ශාවේ ක්‍රියා පිලිවෙල පහත පරිදි දැක්විය හැක. මුලින්ම සැක කළ පුද්ගලයාගේ නාසයෙන් හෝ උගුරෙන් නියැදියක් ලබා ගන්නා අතර නියැදිය න්‍යෂ්ටික අම්ල නිස්සාරණය (nucleic acid extraction) එනම් RNA කොටස වෙන්කරගැනීම හා ගුණනය (amplification) සඳහා සකස් කරනු ලැබේ.
අපට මෙම ක්‍රියාවලිය පියවර දෙකකට බෙදිය හැකිය
1. RNA extraction (RNA නිස්සාරණය)
2. RNA, අනුපූරක DNA (cDNA) බවට පිටපත් කිරීම හා PCR
ගුණනය කිරීම (Reverse Transcription and PCRamplification)
උපුටා ගැනිම -අන්තර්ජාලය

0 comments:

Post a Comment