April 14, 2020

COVID-19 සහ BCG ඒන්නත

රටවල් කිහිපයක පර්යේෂකයින් ශතවර්ෂයක් පැරණි ක්ෂය රෝග එන්නත අත්හදා බලමින් සිටින අතර එය දැන් COVID-19 වසංගතයට හේතුවන නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශක්තියක් ලබා දිය හැකිදැයි සොයා බලමින් සිටිනවා.
වර්ෂ 1920 මුල් භාගයේදී නිපදවන ලද BCG එන්නතෙහි (Bacille Calmette-Guerin vaccine) සායනික අත්හදා බැලීම් යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සැලසුම් කර ඇති අතර එය COVID-19 රෝග ලක්ෂණවල ව්‍යාප්තිය හා බරපතලකම අඩු කිරීමට උපකාරී වේදැයි බැලීමට එහිදී සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.ඕස්ට්‍රේලියාව අවට රෝහල්වලින් සෞඛ්‍ය සේවකයින් 4,000 ක් එක් කර ගනිමින් මෙල්බර්න් හි මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනයේ (MCRI) පර්යේෂකයින් මේ වනවිට මෙහි පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.මෙම අත්හදා බැලීම මගින් COVID-19 රෝග ලක්ෂණවලට එරෙහිව එන්නතෙහි ඵලදායීතාවය නිසි ලෙස පරීක්‍ෂා කිරීමට ඉඩ ලබාදෙන අතර අපගේ වීරෝධාර පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වනු ඇත.මෙලෙස සිය අදහස් පළ කරනු ලැබුවේ MCRI අධ්‍යක්ෂ මහාචාර්ය කැත්‍රින් නෝර්ත් විසිනුයි.රෝහල් කිහිපයක වයස්ගත රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් එක් කර ගනිමින් අධ්‍යයනයක් සැලසුම් කර ඇති අතර නෙදර්ලන්තය, එක්සත් රාජධානිය සහ ග්‍රීසිය යන රටවල ද මෙවැනිම අත්හදා බැලීම් මේ වනවිට සිදුවෙමින් පවතී.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014 දී කරන ලද සමාලෝචනයක් මගින් BCG විසින් සමස්ත මරණ අනුපාතය අඩු කරන විශ්වාසනීය එන්නතක් බවත් එය වෙනත් ඒවාට වඩා වාසිදායක බවත් සොයාගෙන තිබුණා.කෙසේ වෙතත්, පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ නව ඉලක්කගත එන්නතක් සැකසෙන තුරු BCG යනු කොරෝනා වෛරස් වසංගතයේ සමස්ත බලපෑම මැඩපවත්වා ගත හැකි පහසුකමක් විය හැකි බවයි.ආසාදන ජීව විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ විද්‍යාඥයින් මෙම ශතවර්ෂයේ මුලදී BCG මත පදනම්ව එන්නත් අපේක්ෂක VPM1002 නිපදවා ඇති අතර . VPM1002 මීයන්ගේ ශ්වසන පද්ධතිය වෛරස් ආසාදනවලින් ආරක්ෂා කරන බව පෙන්වා දී තිබුණා..BCG එන්නත ලබා නොදෙන රටවලට සාපේක්ෂව BCG එන්නත ලබාදෙන රටවල COVID-19 නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩුවී ඇති බව අපට පෙනීගොස් තිබෙන බව ද වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසනවා.වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් දෙකක් වන ඉතාලිය සහ එක්සත් ජනපදයේ BCG එන්නත් කිරීමේ ප්‍රතිපත්තියක් නොමැත.Covid-19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටින ඉහළ ආදායම් ලබන රටවල් අතර, එක්සත් ජනපදය සහ ඉතාලිය BCG එන්නත නිර්දේශ කරනු ලබන්නේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා පමණක් වන අතර, ජර්මනිය, ස්පාඤ්ඥය, ප්‍රංශය, ඉරානය සහ එක්සත් රාජධානිය BCG එන්නත භාවිත කළ නමුත් මීට දශක ගණනාවකට පෙර එය නවතා දැමුවා..Covid-19 වෛරසය ආරම්භ වූ චීනයට BCG එන්නත් කිරීමේ ප්‍රතිපත්තියක් ඇතත් එය 1976 ට පෙර ඉතා හොඳින් පිළිපැද්දේ නැති බව ද වෛද්‍ය ගොන්සාලෝ ඔටසු පවසනවා.රෝගය පාලනය කිරීමට සමත් වූ ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවලට BCG එන්නත ලබා දීමේ ප්‍රතිපත්තියක් තිබෙනවා.

උපුටා ගැනීම -corona news


0 comments:

Post a Comment