May 29, 2015

ආරක්ෂාකාරී ලෙස ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතය නවත්වන්නේ කෙසේද?

ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ යනු මොනවාද?


ස්ටීරොයිඩ් යනු ප්‍රබල ප්‍රතිප්‍රදාහිත බලපෑමක් ඇති ඖෂධයකි. එමගින් විවිධ ප්‍රදාහයන් (රතුවීම, ඉදිමුම, ආසාදන) අඩුකරයි. ගිලින පෙත්තක් ලෙසද, නාසයට ඉරීමට ඉන්හේලරයක් හෝ නාසයට දමන ස්ප්‍රේ එකක් ලෙසද, ක්‍රීම් සහ ointments ලෙසද ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතා කරයි.ස්ටීරොයිඩ් පෙති (Steroid pills) ආතරයිටිස් වැනි රෝග වලදී වේදනා නාශක සහ ප්‍රතිප්‍රදාහිත ඖෂධ ලෙස භාවිතා කරයි. ස්ටීරොයිඩ් ඉන්හේලරයක් ලෙස සහ නාසයට දමන ස්ප්‍රේ එකක් ලෙස ඇදුම රෝගීන්ට හා ආසාත්මිකතා වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි. දද (eczema)සහ ස්පර්ශය මගින් ඇතිවන සමේ රෝග (contact dermatitis) සඳහා ක්‍රීම් වර්ග සහ ointments ලෙසද ස්ටීරොයිඩ් ඖෂධ යොදා ගනී.
ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතය අනතුරුදායකද?
ස්ටීරොයිඩ් ඖෂධ ජීවිතාරක්ෂක හා ඵලදායී ඖෂධ වන අතර එමගින් අතුරුආබාධද ඇතිවේ. මෙම අතුරුආබාධ සමහරක් නම් සම තුනී වීම, රුධිරයේ සීනි මට්ටම වැඩිවීම, මුඛය වියළිම, අක්‍රමවත් ඔසප් චක්‍ර ඇතිවීම, රුධිර පීඩනය වැඩිවීම, අස්ථි දුර්වල වීම දැක්විය හැක. මෙම අතුරුආබාධ නිසා ස්ටීරොයිඩ්   ඖෂධභාවිතය කෙටි කාලයකට සීමාවේ.
ශරීරය මගින් ස්වාභාවිකව ස්ටීරොයිඩ් යම් ප්‍රමාණයක් නිපදවේ.ඔබගේ ශරීරයේ ආතතියක් ඇතිවිට (ආසාදනයක් ඇතිවීම හෝ ශල්‍යකර්මයක් කිරීමෙන් පසු) අමතර ස්ටීරොයිඩ් ප්‍රමාණයක් නිපදවේ. ස්ටීරොයිඩ් ඖෂධ ලබාගන්නා විට ශරීරය මගින් ස්ටීරොයිඩ් නිපදවීම නවතයි. දිගු කාලයක් ස්ටීරොයිඩ් ඖෂධ භාවිතා කිරීමේදී ආතතිය ඇතිවූ අවස්ථාවක ශරීරය මගින් ප්‍රමාණවත් තරම් ස්ටීරොයිඩ් නිපදවීම නවත්වාලයි. මෙම අවස්ථා වලදී වැඩිපුර ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගැනීමට සිදුවේ. 




ස්ටීරොයිඩ් (Steroid)ඖෂධ ලබා ගැනීම අඩුවූ විට කුමක් සිදුවේද?

ඔබ ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගැනීම අඩු කල විට ශරීරය මගින් වැඩිපුර ස්ටීරොයිඩ් නිපදවීම ඇරඹේ. මෙයට සති කීපයක් හෝ මාස කීපයක් ගතවිය හැක.ඔබගේ ශරීරය මගින් ස්ටීරොයිඩ් නිපදවන විට කැරකිල්ල, හිසේ සැහැල්ලු ගතිය ඇතිවීම සහ මහන්සි ගතිය ඇතිවේ. තවද බඩේ කැක්කුම, ශරීරයේ වේදනා ඇතිවේ. මෙම සංකූලතා ස්ටීරොයිඩ් නතර කිරීමේ ලක්ෂණ (Steroid withdrawal symptoms) ලෙස දැක්විය හැක. ස්ටීරොයිඩ් ගැනීම නතර කිරීමේදී මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍යවරයාට ඒබව පවසන්න.

ස්ටීරොයිඩ් ඖෂධ අඩු කර ගන්නේ කෙසේද?

ඔබ ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගැනීම අඩු කළ යුත්තේ ටිකෙන් ටිකය. ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා විසින් ලබා දෙන ක්‍රමානුකූල සැලැස්මක් ඔබ විසින් අනුගමනය කළ යුතුය. එය ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතුය. ඔබ දිගු කාලයක් මෙම ඖෂධ ලබා ගන්නේ නම් එය නැවැත්වීමට කටයුතු කළ යුතුය. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයා විසින් සරල රුධිර පරීක්ෂාවක් කිරීමෙන් පසු සම්පූර්ණයෙන් ඖෂධ නැවැත්වීමට තීරණය කරනු ලැබේ. එවිට ආතතිය ඇති වූ විට ඔබගේ ශරීරය විසින් සෙමින් සෙමින් ස්ටීරොයිඩ් නිපදවීම ආරම්භ කරයි. එවිට ආතතිය කාලය තුල දිගටම ඖෂධ ගන්නවාද නැතිනම් නැවත අළුතෙන් ආරම්භ කරනවාද යන්න ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.

ස්ටීරොයිඩ් නතර කිරීමේ රෝග ලක්ෂණ වැළැක්වීමට කළ යුතුදේ...........
  • ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නොමැතිව ස්ටීරොයිඩ් භාවිතය නැවැත්වීම නොකළ යුතුය.
  • වෙනත් ඖෂධ ඒ සමග නොගත යුතුය. වට්ටෝරු රහිත ඖෂධ (Over the counter drugs) පවා වෛද්‍යවරයාගෙන් නොවිමසා නොගත යුතුය.
  • වෙනත් රටවල ලබා ගන්නා ඖෂධ පිළිබඳව සටහන් කරන ලද අත්පළදනා භාවිතය සඳහා ඇති අතර එමඟින් ඔබට සිහිනැතිවූ අවස්ථාවකදී හදිසි ප්‍රතිකාර කරන විට ස්ටීරොයිඩ් භාවිතා කරන බව දැනුවත් වේ. එබැවින් ස්ටීරොයිඩ් ලබා ගන්නා විට කාඩ්පතක සටහන් කර තබා හදිසි අවස්ථාවකදී එය ලබා දිය හැක.
  • ඔබගේ ස්ටීරොයිඩ් මාත්‍රාව අඩු කිරීමේදී රෝගී බවක් දැනුනහොත් ඒ බව වහාම වෛද්‍යවරයාට පවසා උපදෙස් ලබා ගන්න.
උපුටා ගැනීම - 
http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/how-to-stop-steroid-medicines-safely.html



0 comments:

Post a Comment