May 20, 2015

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවට ඔබත් ගොදුරු වී ඇත්ද?

ප්‍රතිජීවක යනු මොනවාද?
 
ප්‍රතිජීවක යනු බැක්ටීරියා, සමහර පරපෝෂිතයින් සහ දිලීර වර්ග සමග සටන් කර රෝග මැඩපවත්වන ‍ ‍‍ඖෂධ වේ. වෛරස් මගින් ඇති කරනු ලබන සෙම්ප්‍රතිශ්‍යාව, උණ (colds, flu) වැනි ආසාදනහා ප්‍රතිජීවක මගින් සටන් කරනු නොලැබේ.


ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව යනු කුමක්ද?   
බොහෝ ප්‍රතිජීවක භාවිතය සහ නුසුදුසු පරිදි ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇතිවේ. එය ඇතිවන්නේ අපගේ ශරීරයේ ඇති බැක්ටීරියා වෙනස් වීම් වලට භාජනය වීම නිසා ඒවා සටන් කිරීමට සුදුසු තත්වයේ නොමැති වීමෙනි. එකම ප්‍රතිජීවකය නිතර ගැනීම හෝ ප්‍රතිජීවක ගන්නා විට යම් බැක්ටීරියා ප්‍රමාණයක් නොමැරී ශරීරයේ ඉතිරි වීම නිසා (ප්‍රතිජීවක ඖෂධ නියම කරන ප්‍රමාණය නොගැනීම නිසා විය හැක) ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇතිවේ. එබැවින් අනාගතයේදී මෙම බැක්ටීරියා ගුණනය වී ශක්තිමත්වී ප්‍රතිරෝධී බවට පත්වේ.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ප්‍රශ්ණයක් කරගත යුතුද?
ඔබ ප්‍රතිජීවක ගන්නා විට එමගින් බැක්ටීරියා සම්පූර්ණයෙන් නොනැසී පැවතුනහොත් ඔබගේ රෝගය සුව නොවී  පැවතිය හැක. එවිට සුවවීම වෙනුවට ඔබගේ රෝගය උත්සන්න වේ. ඔබට නැවත කීප වතාවක් වෛද්‍යවරයා හමුවීමට සිදුවේ. එමනිසා ඔබට නොයෙක් ඖෂධ ලබා ගැනීමට හෝ ට වඩා ප්‍රබල ප්‍රතිජීවක එන්නත් මගින් ලබාදීමට රෝහල් ගත වීමට සිදුවේ. ඒ සමගම ඔබගේ පවුලේ සාමාජිකයන් හා අන් අයට එම ප්‍රතිරෝධී බැක්ටීරියාවට නිරාවරණය වීමටද සිදුවේ. එවිට ඔවුන්ටද ප්‍රතිකාර කිරීමට පවා අපහසු රෝග ඇතිවේ.
ඔබ අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ලබාගන්නා විට හෝ ඔබට වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සියල්ලම ලබා නොගත් විට ඔබට ප්‍රතිරෝධී බැක්ටීරියා මගින් ඇති කරන රෝගයක් වැළඳීමේ ඉඩකඩ වැඩිවේ.

ප්‍රතිජීවක අවශ්‍ය නොවන අවස්ථා මොනවාද?
ප්‍රතිජීවක අවශ්‍ය නොවන රෝග නම් සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ප්ලුවන්සා උණ (flu) Mononucleosis, ආදී වෛරස් ආසාදන වේ. එමනිසා වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ලබාදෙන ලෙස ඉල්ලා නොසිටිය යුතු අතර ඔබගේ ශරීරය මගින් ආසාදනය මැඩ පැවැත්වීම සඳහා සටන් කරන බැවින් රෝග ලක්ෂණ නැති කිරීමෙන් සුවපහසු බව ලබා ගැනීමට උපදෙස් පැතිය යුතුය.

වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිජීවක ලබා ගන්නේ කෙසේද?
වෛද්‍ය උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සම්පූර්ණයෙන් ගන්න. පසු අවස්ථාවක රෝගී වූ විට පාවිච්ච් කිරීමට බෙහෙත් ඉතුරු කර නොගන්න. ඔබට මාත්‍රාවක් හෝ දෙකක් මග හැරුනු විටදී පවා යම් බැක්ටීරියා ප්‍රමාණයක් ශරීරයේ ඉතිරිවී නැවත ප්‍රතිජීවක භාවිතා කරන විට එයට ප්‍රතිරෝධයක් දැක්විය හැකිය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අඩු කිරීමට කලහැකිදේ..
ඒ සඳහා ප්‍රතිජීවක පාවිච්ච්ය අවම කර ගත යුතුය. නිරතුරුව අත් සෝදා පවිත්‍රව තබා ගැනීම මගින් ලෙඩ බෝවීම වලක්වා ගත හැකිය. රෝග වලින් වැලකීමට අවශ්‍ය සියලු එන්නත් ලබාගෙන ඇතිබවට වෛද්‍යවරයාගෙන් විමසා දැනගත යුතුය.

උපුටා ගැනීම

http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/antibiotic-resistance.html

0 comments:

Post a Comment