May 14, 2015

ස්වභාදහමෙන් හමුවන නැනෝ විද්‍යාව

කලාමැදිරියාගේ ජෛව සන්දීප්තිය ඇතිවන්නේ නැනෝ මට්ටමේ ක්‍රියාවලියක් මගිනි.
ඡෛව සංදීප්තිය යනු ඡීවින් තුලින් ස්වභාවිකව විදුලි ආලෝකයක් නිපදවීමය.

මෙම ක්‍රියාවලි අධ්‍යනයෙන් නිපදවූ ඉලෙක්ට්‍රෝන පරිපථ රහිත ආලෝක විමෝචක අනාගතයේදී දක්නට ලැ‍බෙනු ඇත.
                                                                                     
එහිදී දිලිසීම ඇතිවන්නේ කණාමැදිරියාගේ එනසයිමයක් මගින් උත්තේජිත අවස්ථාවට පත් වන ඉලේක්ට්‍රෝන මගින්ය.

ඉලේක්ට්‍රෝන උත්තේජිත අවස්ථාවෙන් භූමි අවස්ථාවට පත් වූ විට දීප්තිය නැති වී යයි.

ඡෛවසංදීප්තිය  සදහා luciferin සහ luciferase හෝphotoprotein උපකාරී වේ.Luciferin  සංයෝගය ඇත්තෙන්ම ආලෝකය නිපදවීමට උපකාර වේ.කහ එළියක් ඇතිවන්නේ Luciferin අණුවල හැසිරීමේ ප්‍රතිපලයක් වශයෙනි.
මෙම ක්‍රියාවලි අධ්‍යනය කර පර්යේෂණාගාර වල  nanorods නිපදවා ඇත.
මෙම nanorods වලට ඉහත එනසයිමය එකතු කිරිමෙන් සිදු වන ප්‍රතික්‍රියාව ආලෝකය නිපදවිමට සමත් වී ඇත.
Nanorods වල පිටතින් Cadmimum sulfide ඇත.ඇතුල් කුහරයේ ඇත්තේ Cadmimum seleneide
මෙම 02 කම අර්ධ සන්නායක වේ.
මෙහි විමෝචනය වන ආලෝකය රතු ,තැඹිලි කොල පැහතිය. නමුත් කලාමැදිරියාගේ ස්වභාවික ආලෝකය කහ පැහැතිය.මෙම කෘතිමව නිපදවූ ආලෝකය දිගු තරංග ආයාම සහිත වේ.පියවි ඇසට නොපෙනේ.රාත්‍රී පෙනීමට වැදගත් වේ. කැමරා පද්ධති වලට වැදගත් වේ.

Nanorods ආලෝක විමෝචක නිපදවීමට අනාගතයේදි මහෝපකාරී වනු ඇත.


ඹවුන් මෙම දිලිසිම සන්නිවේදනයට මෙන්ම සහකරැවන් සොයා ගැනීමට භාවිතා කරයි.

සමනලයින්ගේද මේ හා සමාන ප්‍රති දීප්තක පැල්ලම් ඇත.අප්‍රිකානු වර්ගයට අයත් සමනලුන්ගේ ඇති මෙම පැල්ලම් ආලෝක විමෝචක වලට සමානවේ.
එය නැනෝ මටිටමේ ක්‍රියාවලියකි.

ඡෛව සංදීප්තිය යන  සිද්ධිය ලොඩියන්ගේ සහ ක්‍රස්ටේසියාවන්ගේ දක්නට ඇත.
ලොඩියන්ගේ ඡෛව සංදීප්තිය ඇති කිරීම සදහා green fluorescent ප්‍රෝටිනයක් වැදගත්වේ .
ලොඩියන් රතු පැහැති ආලෝකය භාවිතා කරමින් ගොදුරැ ආකර්ශනය කර ගනී.
ක්‍රස්ටේසියාවන්ගේ ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් පාලනය වේ.

මෙම සිද්ධිය ඇතිවන්නේ සංදීප්ත සෛල වල සිදු වන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. සංදීප්ත සෛල එකතු වි ආලෝක අවයවයක් නිපදවයි.මෙම සෛල පාලනය ස්නායු මගින් සිදුවේ  මේ සදහා ස්නායු ප්‍රතිග්‍රාහක සහ කාච උපකාරී වේ.
ආලෝක තීවුරතාවය තරංග ආයාමය සහ විසරණය අනුව මෙම සංසිද්ධිය පාලනය කිරීමේ හැකියාව ඇත.මෙය ඉතා රහසිගත ක්‍රියාවලියකි.

උපුටා ගැනීම - Articles Science daily

0 comments:

Post a Comment