May 11, 2015

හෙරල්ඩ් ටෙස්ලා බැටරියෙන් ඔබේ නිවසට විදුලිය

සූර්ය හා සුළං වැනි නව බලශක්තීන් මෑත කාලයේදී විශාල ඉදිරි පියවරක් තබමින් මුළු විදුලිබල නිෂ්පාදනයෙන් 22% ක දායකත්වයක් ලබා දී තිබේ. එහෙත් රාත්‍රී කාලයේදී හිරු එළිය නොමැති වීම හා මුළු වසර පුරාම සුළං හැමීම අවශ්‍ය ප්‍රමාණයෙන් සිදු නොවීම වැනි මෙම නව බලශක්තීන්හී අනිත්‍යතාව නිසා ඒවායේ දියුණුව තවදුරටත් පසුගාමී තත්ත්වයේ පසුවේ.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රෙය් කෝටිපතියෙකු වූ එලොන් මස්ක් මෙම අවසාන බාධකය ඉවත් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා කැලිෆෝනියාවේදී ඔහු විසින් බිත්තියේ සවි කළ හැකි කිලෝවොට් පැය 10 ක ධාරිතාවක් සහිත සිනිඳු Powerwall නම් බැටරියක් ලොවට හඳුන්වා දෙන ලදී. කිලෝවොට් 2 ක සාමාන්‍යයකින් විදුලිය ලබා දීමට Powerwall ට හැකියාව තිබේ තවද  විදුලි ගාස්තු ගෙවීමද අවශ්‍ය නොවේ. 

විදුලි බිල්පත අඩු කර ගැනීමට නවතම ක්‍රමය වූ අපවර්තන (Inverters)  සවි කිරීම සඳහා දැරිය යුතු වියදම හා සැළකූ විට ද මෙය ලාභ දායක බව Deutsche Bank ඇස්තමේන්තු අනුව පෙනී යන බව පවසයි.ගෘහ විදුලි පරිභෝජනය සඳහා විදුලි ඒකකයක් එනම්, කිලෝවොට් එකක් රුපියල් 8 ක් වීම සැලකූ විට එය ගල් අගුරු බලාගාර විදුලි නිෂ්පාදනයටද වඩා ඉදිරියෙන් සිටී.
 
එලොන් මෙවැනි බැටරි  විශාල ලෙස නිෂ්පාදනය සඳහා සුවිශාල කර්මාන්තශාලාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිකෙරෙමින් පවතී. මේ සඳහා නැවුම් තාක්ෂණයන් සොයා ගැනීම පිළිබඳ අවශ්‍යතාවක්‌ නොමැති බවත් ඒ සඳහා ඔහුගේ මෝටර් රථය භාවිතා කරන ලිතියම්-අයන් බැටරිය සංවර්ධනය කිරීම ප්‍රමාණවත් බවත් සදහන් වේ.

උපුටාගැනීම :
The Tesla battery heralds the beginning of the end for fossil fuels 

https://www.youtube.com/watch?v=yKORsrlN-2k

0 comments:

Post a Comment