April 20, 2018
හිස කෙස් වලට කෝමාරිකා
ගෙවත්තට ඔසු පැළයක්
කෝමාරිකා Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්යා, සෘතු
කුමාරි,කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්රදේශ ආශ්රිතව
ඉතා සරුවට වැඩෙන ශාකයකි.
කටු සහිත දික් හැඩැති
ඝනකම් පත්ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය.ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය
සෑම ගෙවත්තකම තිබිය යුතු මෙන්ම ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.
April 19, 2018
පාද සම්භාවනයෙන් දියවැඩියාව පාලනය
දියවැඩියාව
පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්රතිකාර ක්රමය සදහා වසර 100ක පමණ
ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්රතිකර්මයකි.
Reflexology යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්රතිකර්මයකි.මෙය
දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්යය රැක ගැනීමට ඉවහල් වේ.
රැධිරගත සීනී
සාන්ද්රනයට හේතු වන්නේ කාබෝහයිඩ්රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්රියාවල
ගැටලුවකි.
මෙය අග්යනාශයේ
අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.
කාබෝහයිඩ්රෙට්
යනු අප ගන්නා ආහාර වල ඇති ප්රධාන පෝෂ්ය
පදාර්ථයකි.
කාබෝහයිඩ්රෙට්
ජීර්ණය රැධිරයේ ග්ලුකොස් යාමනයට ප්රධාන ලෙස වැදගත් වේ.
දියවැඩියාවට පාද සමිභාවනය
පාද
සම්භාවනයෙන් අන්තර්සර්ත ග්රන්ථි උත්තේජනය
දියවැඩියාව
පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්රතිකාර ක්රමය සදහා වසර 100ක පමණ
ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්රතිකර්මයකි.
Reflexology යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්රතිකර්මයකි.මෙය
දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්යය රැක ගැනීමට ඉවහල් වේ.
රැධිරගත සීනී
සාන්ද්රනයට හේතු වන්නේ කාබෝහයිඩ්රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්රියාවල
ගැටලුවකි.
මෙය අග්යනාශයේ
අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.
පාද සම්භාවනය
කර අන්තරාසර්ග ග්රන්ථි උත්තේජනය කිරීම මගින් රැධිරයේ සීනි මට්ටම පාලනය කර ගත
හැකිය.
දුම්බර කදු වැටිය හා අෙප් උරුමයන්
ස්වාභාවික
සම්පත් වලින් පිරි රටක් ලෙස විශ්ව කීරතියට පත් ශ්රි ලංකාෙව් ස්වාභාවික වනාන්තර
අපට මහඟු සම්පතකි. භූගෝලීය පිහිටීමත් දේශගුණය අනුව වනාන්තර වරග 5කි. ඒනම්
·
පහතරට තෙත් සදාහරිත වනාන්තර
·
කදුකර සදාහරිත වනාන්තර
·
වියළි මිශ්ර වනාන්තර
·
කටු පදුරු සහිත ලදු කැළැ
·
පතන සහ තලාව
මෙම වනාන්තර
මඟින් සිදුකරන කාර්යභාරය ඉතා විශාල වන අතර දුම්බර කදුවැටිය සහ ඒහි සේවය විස්තර
කරමු. මෙහි නකල්ස් කදුවැටියෙ වනාන්තර වරග කිහිපයක් තිබේ. ඒනම්
·
කදුකර වනාන්තර
·
උපකදුකර වනාන්තර
·
අරධ සදාහරිත වනාන්තර
·
කනල්ස් කදුවැටියෙ උස අඩි 3000 ට වැඩිය
·
උෂ්ණත්වය 26-21 දක්වා වන අතර 18.5 උසම ස්ථානවල වෙ.
තෙතමනය 50% -100% අතර අගයක්
ගැනීම
මෙලෙස පුළුල් පරාසයක දේශගුණික විපර්යාස ඇති බැවින් ෙජෙව
විවිධත්වය විශාලය.නිතරම මිනිස් ක්රියාකාරකම් වලට හසුවන බැවින් ඒනම් හෙන් වගාව,
ගිනි තැබීම් වලට හසුවන බැවින් ස්වාභාවික වෘක්ෂලතා වර්ග කිහිපයක්ද නකල්ස් වනාන්තරයේ ඇත. ඒනම්
·
තෙත් පතන තෘණ භුමි
·
වියළි පතන තෘණ භුමි
·
වගා තෘණ භුමි
මීට අමතරව
ලදු කැළැ, ගෙවතුද දක්නට ලැබෙ.කෘෂිකාර්මික ඉඩම් හා වනවගා (ෆයිනස්,යූකැලිප්ටස්) ෙමම
වනාන්තර ශාකතුල 141කට අයත් සපුෂ්පක ශාක විශේෂ 1033 දක්නට අැත. ඒයින් 160ක් සපුෂ්පක
ශාකවෙ. ලංකාවෙ මුළු භුමි ප්රමාණයෙන් 0.5% නකල්ස් වනාන්තරටට අැත. දිවයිනේ දක්නට
ලැබෙන සපුෂ්පික ශාක විශේෂ අතරින් 3/1ක් ම නකල්ස් තුල හමුවේ. ඊට අමතරව එහි දීලීර,
අක්මා ශාක පරිණාංග ලයිකණ වැනි පහතරට ශාක විශේෂ රැසක්ද අැත.
උදේ හා රාත්රී
කාලවල ඝන මීදුමින් වැසි අැත. විශාල වශයෙන් අතු බෙදුනු අැඹරුණු ශාක කදුකර වනාන්තර
වලට ලක්ෂණයක් වේ. අවුරුද්ද පුරා දැඩි සුළඟ අැති බැවින් ශාක ඒ් සඳහා අනුවර්තනය වී
උස සීමා වී අැත. ඒබැවින් ෙමම වනාන්තර “පිග්මී” වනාන්තර ලෙසද හදුන්වයි.
කදුකර වනාන්තර
මුලික ජල පොෂක හා ජලාධාර ප්රදෙශ ලෙස වැදගත් මෙහෙයක් ඉටුකරයි. වනාන්තරයෙ වියන
ස්ථරය ඉතා ඝනව වැඩී අැති බැවින් බිම් ස්ථරයෙ ශාක ඉතා අඩුවෙන් අැති අතර තැනින් තැන
කාෂිටීය අරෝහක දක්නට ලැබේ. වනාන්තරයෙ විශාල සත්ව විවිධත්ව ද අැත.
වනාන්තරය තුල
වසර පුරාම ජලය ගලාබසින දිය දහරා බහුලව පිහිටා තිබේ. වනාන්තරය තුල ෙජෙව විවිධත්වය
තීරණ කරනු ලබන ප්රධාන සාධකය ජලය වේ. තෘණ භුමි පිහිටා අැති අතර ඒ්වා නිතර ගින්නට
හසුවේ. ඉන්පසු අැතිවන දළු අාහාරයට ගැනීමට සතුන් පුරුදු වී අැත.
ලදු කැළැ
වනාන්තර අවශ්ය අැති අතර සවානා තෘණ බිම් කාලයක් ලැව්ගිණි අැති නොවීම හේතුකොට ගෙන
ලදු කැළැ බවට පත්ව අැත. ෙමම ලදු කැළැ සතුන් සඳහා වාසස්ථාන වන අතර අාරක්ෂාව
තහවුරුකර ගතහැකි ස්ථානයකි.
ෙගවතු මේ අාශ්රිත පවතින අතර මිනිසුන් විසින් තම අවශ්යතා ඉෂ්ඨ කිරිමට වගාකර අැත.
කොස්,දෙල්,තේක්ක,අඹ,අලිගැටපෙර,පොල්,කිතුල්,අලවර්ග, පළතුරු වර්ග, එළවළු ,ඔෟෂධ වර්ග
අැති අතර වනාන්තර අාරක්ෂාකර ගැනීම සම්බන්ධව විශාල කාරයක් ඉටුකරයි.
කෘෂිකාරමික ඉඩම්
මෙහි තේ වගාව
සරුවටම කර අැති අතර වී ගොවිතැන බෑවුම්වල සිදු කරයි. හෙන් ගොවිතැනද මෙහි දක්නට
අැත. එළවළු වගාවද මෙහි නිවාස අාශ්රිතව බහුලව පවති.
නකල්ස්
වනාන්තර ෙජෙව විවිධත්වයට සතුන්ගෙන් ලැබෙන දායකත්වය අති විශාලය. මකුළු වර්ග විශාල
සංඛ්යාවක් අැති අතර කෘමීන්, ගොළුබෙල්ලන්,සමනලුන් වර්ග 60ක් පමණ ද අැත. පෘෂ්ඨ 247 පමණ වනාන්තරයෙ ජීවත් වන අතර 28% ශ්රී
ලංකාවට අාවේනික වේ. ඒමෙන්ම වනාන්තරය තුල
දිය පහරවල් වල මිරිදිය මත්ස්ය විශේෂ 25ක් පමණ වේ. උභය ජීවින් විශේෂ 23න් 17ක්ම මෙහි අැති අතර ක්ෂිරපායි විශේෂ 31 ජිවත් වේ. ෙජෙව විවිධත්වයක් අැති නකල්ස් වනාන්තරය අපි අාරක්ෂා කර ගනිමු.
අපිරිසිදු ජලයෙන් ආසනික් ඉවත් කරන පාසි වර්ගයක්
ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියා
සිට
තෙල් ගිලීමේ බැක්ටීරියාව දක්වා වන නව සොයාගැනීම් මගින් නිර්මාණය වූ පරිසරය සුරැකීම
සඳහා ස්වභාව ධර්මයේ නව ක්රම අපව පුදුමයට පත් කරන බව පෙනේ. දැන්, ආසනික් අඩංගු ජලය පවිත්ර කර බීමට සුදුසු පිරිසිදු
වතුර ලබාදීමට හැකියාවක් ඇති පාසි වර්ගයක් සොයා ගැනීමට විද්යාඥයන් සමත් වි ඇත.
Warnstofia fuitans යනු ස්වීඩනයට ආවේනික වූ ස්වදේශීය පාසි වර්ගයකි.
Phytofiltration නමින් හැදින්වෙන ක්රියාවලියක් මගින් අපවිත්ර ජලයේ ඇති ආසනික් 82% ක ප්රමාණයක් ඉවත්
කිරීමට සමත් වූ Stockholm විශ්ව විද්යාලයේ පරීක්ෂකයෝ ජලයේ ඇති බර ලෝහ ඉවත්
කිරීමට Warnstofia
fuitans
පාසි වර්ගයට ඇති හැකියාව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
“අපේ අත්හදා බැලීම්වලට අනුව මෙම පාසි වර්ගයට
ආසනික් ඉවත් කිරීම සඳහා අධික ධාරිතාවක් තිබෙනවා” යැයි පර්යේෂණ සහකාර Arifin Sandhi (අරිෆින් සන්ධි) පවසයි. මෙම ක්රියාවලිය සඳහා පැය
1 කට වැඩි කාලයක් ගත නොවේ. ජලයේ හානි කර තත්වය නැති කිරීමේ මට්ටම දක්වා arsenide (ආසනයිඩ්) සහ arsenate (ආසනෙට්) යන දෙවර්ගයම ඉවත් කිරීමට මෙම කාලය ප්රමාණවත් බවද
ඔහු පවසයි.
සජීවී සහ මියගිය යන අවස්ථා දෙකේදීම මෙම
පාසි වර්ගය ක්රියාකාරී වන ලෙස පර්යේෂණ මෙහෙයවා තිබේ. ජලයේ ආසනික් ඉවත් කිරීමට
හැකි පරිසර හිතකාමී ක්රමයක් ලෙස මෙය හැදින්විය හැකි අතර මෙම පාසි සාමාන්ය හා
අසාමාන්ය ලෙස ලොහාලෝහ මට්ටම් පවත්නා දිය ඇලි සහ අනෙකුත් ජල මාර්ගවල වගා කළ හැකිය.
අධ්යයනයේ ප්රතිපල වාර්තාවට අනුව ජලීය පාසි (Warnstofia fuitans) ආසනික් වලින් අපවිත්ර වි ඇති ජලය 82%
ක් පැයක් ඇතුළත පිරිසිඳු කරයි.
වසර 1000 කට වඩා පැරණි පතල් සහ ලෝහ
පිරිපහදු කිරීම පිළිබඳ ඉතිහාසයකට ස්වීඩනය හිමිකම් කියයි. ලී නිෂ්පාදනවලදී ආසනික් සංයෝග භාවිතා කිරීම 2004 දී තහනම් කරන ලද
නමුත් පතල් කර්මාන්තය හේතුවෙන් ලෝහ තවමත් භූගත ජලය හා ජල පද්ධති වෙත ළඟා වන බව
පර්යේෂකයෝ ප්රකාශ කරති. එපමණක් නොව ආසනික් ස්වාභාවිකව සෑදෙන මූලද්රව්යයක් වන
අතර එහි ස්වාභාවික තත්වය සමහර භුමි ප්රදේශ වල සහ ස්කැන්ඩිනේවියානු රටේ යටි පාෂාණ වල
දක්නට ලැබේ. මේ හේතුවෙන් බෝගවගාවල වාරිමාර්ග සඳහා යොදා ගන්නා ජලයේ සහ පානිය ජලයේ
ආසනික් ඉහළ මට්ටමක පවතී. ශාක පසෙහි ඇති ආසනික් අවශෝෂණය කරන බැවින් එය අවසානයේ තිරිඟු,
එළවළු
සහ කොළ වැනි හරිත ආහාර වල ඇතුලත් වේ.
එනිසා "අප ශරීර ගත වන ආසනික් ප්රමාණය අප ආහාරයට ගන්නා ආහාර ප්රමාණය
මත රඳා පවතියි.”යැයි පර්යේෂක Maria Greger (මරියා ග්රෙගර්) පවසයි.
පාරිසරික දූෂණය පිළිබද ඔවුන්ගේ කාර්යය ප්රකාශයට
පත් කරමින් පානීය හෝ වාරිමාර්ග ජලය සඳහා ජලය යොදා ගැනීමට පෙර ආසනික් පෙරාදනය කිරීම
හා සම්බන්ධ “plant-based wetland system (ශාක පදනම් වූ තෙත්බිම් පද්ධතිය)"
ක් ඔවුන් සංවර්ධනය කරන බව සදහන් කර ඇත.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව
ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
April 18, 2018
දත් පිරවුම් හා මුල් ඇලවුම් වෙනුවට නව ජීව විද්යාත්මක දන්ත නිෂ්පාදනයක්
සුළු කනස්සල්ලට හා භීතියට හේතු වන ක්රියා
ලෙස දත් පිරවීම හෝ මුල් ඇළවීම (Fillings And Root
Canals) සාමාන්යයෙන් සළකනු ලැබේ. බොහෝ අය දත් පිරවීම හෝ මුල්
ඇළවීම යන ප්රතිකාර වලට අකමැති නිසා දන්ත රෝගවලට ප්රතිකාර ගැනීමෙන් වලකින බව
වාර්තා වි තිබේ. මේ නිසා 25% ක් පමණ වැඩිහිටියන්ගේ දිරාපත්වන දත් සදහා ප්රතිකාර නොකෙරේ. එහෙත් මෙම අපහසුතා ගෙනෙන දන්ත වෛද්ය ප්රතිකාර
ක්රමය ඉතා ඉක්මණින් වෙනස් වීමට නියමිත බව පැවසේ. වොෂිංටන් විශ්ව විද්යාලයේ පර්යේෂකයින්
විසින් මෙවැනි දන්ත ශල්යකර්ම නොමැතිව දත් එනැමල්වලට ප්රතිකාර කළ හැකි පහසු
නිෂ්පාදනයක් නිර්මාණය කර ඇත.
මෙම සොයාගැනීම පිළිබද වාර්තාවක් ACS
Biomaterials Science and Engineering සඟරාවේ ප්රකාශයට පත් කරන් ලදුව මෙම ක්රියාවලිය
remineralization (ප්රතිමිලීකරණය කිරීම) ලෙස හඳුන්වාදී තිබේ. වර්තමාන
දන්ත ශල්යකර්ම සඳහා නිරෝගී විකල්පයක් ලෙස peptides (අමිනෝ අම්ල විශේෂයක්)
මගින්
මෙහෙයවන ප්රතිමිලිකරණය හදුන්වාදිය හැකි බව පර්යේෂණයේ ප්රධාන විද්යා ලේඛක, ද්රව්ය විද්යාව හා ඉංජිනේරු විද්යාව පිළිබඳ
මහාචාර්යවරයෙකු හා UW හි මුඛ සෞඛ්ය විද්යා
ආයතනයේ රසායන ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙහි අනුබද්ධ මහාචාර්යවරයකු වූ Mehmet
Sarikaya (මෙහෙම්ට් සරිකායා) ප්රකාශ කරයි.
ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය කරන
එනමල්-ගොඩනැගීමේ ප්රෝටීන සමූහයක (amelogenins) අනුප්රාණය මෙම කණ්ඩායම විසින් ලබා ගෙන එම amelogenin
වලින් ව්යූත්පන්න වූ අමිනෝ අම්ල සංයෝගය වර්ධනය කර තිබේ. දත්වල එනමලය ශක්තිමත් කිරීමට සහ දෘඩ බව ඇතිකිරීම සඳහා
අවශ්ය ඛනිජ නිපදවීම සඳහා මෙම කෙටි දාම සහිත අමිනෝ අම්ල සංයෝගය (peptide) එනම් නව නිෂ්පාදනයේ විශේෂ අමුද්රව්ය ප්රධාන
වේ.
මෙම peptides දත් මතුපිටට බැදෙන බව
සනාථ කර ඇති අතර කැල්සියම් සහ ෆොස්ෆේට් අයන සම්බන්ද කර ගනු ලබන බවද පර්යේෂණයේ සම
කතෘ UW හි ආචාර්ය උපාධි අපේක්ෂක Deniz Yucesoy
ප්රකාශ කරයි.
Peptide සංයෝගයෙහි එක් යෙදුමක් මගින්
නව
එනමල් 10 ත් 50 ත් අතර ප්රමාණයක් නිපදවා ඇත. එය ෆ්ලෝරයිඩ් පමණක් සහ
ෆ්ලෝරයිඩ්-පෙප්ටයිඩ් සංයුක්ත සංයෝග දෙකටම වඩා වැඩි වැඩිදියුණු තත්වයක් බව පරීක්ෂණ
වලින් සනාථ වි තිබේ. මෙම නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ස්වභාවික මෙන්ම වැඩිහිටියන් හා
ළමුන් සදහා භාවිතා කිරීම ආරක්ෂිත යැයි පර්යේෂකයෝ පවසති.
ප්ලාස්ටික් ආහාරයට ගන්නා එන්සයිමයක්
ප්ලාස්ටික් ආහාරයට ගන්නා එන්සයිමයක්
සොයා ගැනීමට විද්යාඥයින් සමත් වි ඇති බව වාර්තා වේ. මීට වසර දෙකකට ඉහතදී
පර්යේෂකයන් විසින් ජපන් කසළ තොගයක් තුළ විකාශනය වූ ප්ලාස්ටික් ආහාරයට ගන්නා විකෘති
වූ බැක්ටීරියාවක් හදුනාගන්නා ලදී. මෙම බැක්ටීරියාවගේ සුපිරි බලයේ ශක්යතාවන්
පිළිබද අධ්යයනයේ යෙදී සිටියදි විද්යාඥයින් විසින් පරිසර දුෂණයේ ප්රධාන කොටස්කරුවකු
වන ප්ලාස්ටික් ජීර්ණය කිරීමට හැකි වන එන්සයිමයක් අහඹු ලෙස හඳුනාගෙන ඇත. වඩාත්
කාර්යක්ෂම ලෙස ප්ලාස්ටික් ජීර්ණය කිරීමට එම එන්සයිමයට හැකි බවද වාර්තා වේ.
වසර සිය ගණනක් තිස්සේ දිරා යාමෙන් තොරව
පරිසරයේ රැඳී තිබෙන, සෑම වසරකම ලොව පුරා සාගරයන් වෙත ඒකරාශී වන ටොන් මිලියන ගණනක
ප්ලාස්ටික් ගැටලුව විසඳීමට මෙම සුවිශේෂී එන්සයිමය අනාගතයේදී භාවිතා කළ හැකි බව
පර්යේෂකයෝ පවසති.
1960 ගණන් වලදී ප්ලාස්ටික් භාවිතය ජනප්රිය
වීම නිසා ප්ලාස්ටික් අපද්රව්ය පැල්ලම්
සාගරවල පාවෙන බව හෝ බොහෝකලක් මනරම්ව පිහිටි මුහුදු වෙරළ දුෂණය වන බව පෙරදී අවබෝධ
කර ගත පිරිස ඉතා සුළු යැයි Portsmouth (පෝර්ට්ස්මත්) විශ්වවිද්යාලයේ ජීව විද්යා
හා ජෛව වෛද්ය විද්යා ආයතනයේ අධ්යක්ෂක
මහාචාර්ය John McGeehan (ජෝන් මැක්ජීහීන්) පවසයි. පෝර්ට්ස්මාට් සහ
එක්සත් ජනපදයේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ පර්යේෂකයින් සැබවින්ම ජපන්
බැක්ටීරියාගේ එන්සයිමයේ ව්යුහය පරීක්ෂා කර බැලූහ. එහෙත් ඔවුහු අනපේක්ෂිත ලෙස ප්ලාස්ටික්
බිඳ දැමීමට වඩාත් හොඳ හැකියාවක් සහිත එන්සයිමයක් නිර්මාණය කළෝය. කෙසේවෙතත් "මූලික
වශයෙන් විද්යාත්මක පර්යේෂණවලදී ඥානය බොහෝ විට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර
අපගේ සොයාගැනීම මෙහි ව්යතිරේකයක් නොවේ" යනුවෙන් මහාචාර්ය මැක්ජීහාන් පැවසීය.
Ideonella sakaiensis (අයිඩොනෙල්ලා සකායිසිස්) 201-F6 ලෙස හඳුන්වන එන්සයිම, ප්ලාස්ටික් බීම බෝතල් හා ආහාර ඇසුරුම්
සෑදීම සඳහා නිතිපතා භාවිතා කරන දිරාපත් කිරීමට ඉතා අපහසු ප්ලාස්ටික් ආකාරයක් වන පොලිඑතිලීන්
ටෙරෙෆ්ටේලේට් (PET) ඵලදායී ලෙස බිඳ දැමීමට සමත් වේ. වීදුරු බියර්
බෝතල් වෙනුවට භාවිතාවෙන ප්ලාස්ටික් සදහා යොදා ගන්නා පොදු සංයෝගයක් වූ PET
ප්ලාස්ටික්
සඳහා පොදු ආදේශකයක් වන polyethylene
furandicarboxylate (PEF/ පොලිඑතිලීන් ෆුරැන්ඩිකාබොක්සිලේට්) ද මෙම
එන්සයිමය ආහාරයට ගනියි.
මෙම එන්සයිම නිපදවීම, වර්තමානයේ ජෛව සේදුම්කාරක යොදා ගන්නා එන්සයිම සහ ජෛව ඉන්ධන නිෂ්පාදනය
කිරීම සඳහා වූ නිෂ්පාදන ක්රියාවලියට බොහෝසෙයින් සමාන බවද මහාචාර්ය මැක්ජීහාන් පවසා
තිබේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව
ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/fQa6as8fhoo?t=16
April 11, 2018
මුහුදේ ප්ලාස්ටික් අපද්රව්ය නිසා මියයන තල්මසුන්
පසුගිය ජනවාරි මාසයේදී මියගිය පිරිමි
ස්පම් තල්මසෙක් (sperm whale) දකුණු ස්පාඤ්ඤයේ මූර්සියානු වෙරළ තීරයට
ගොඩ ගසා තිබේ. ප්ලාස්ටික් සුන්බුන් කිලෝ ග්රෑම් 29 ක් (රාත්තල් 64 ) ගිලීම නිසා
හටගත්
ආමාශයික
කම්පනයකින් මෙම අවාසනාවන්ත සත්වයා මිය ගොස්
ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වි ඇත.
කඹ, දැල්, ප්ලාස්ටික් බෑග්, රාෆියා ගෝනි සහ ප්ලාස්ටික් කෑන් ආදී මිනිසා
විසින් ඇති කරන අපද්රව්ය ස්පර්ම් තල්මසාගේ ආමාශය හා බඩවැල් තුල තිබී හමුවූ බව ප්රාදේශීය
අධිකාරීන් පසුගිය සිකුරාදා නිවේදනය කරන ලදී.
El Valle වනජීවී ආරක්ෂා කිරීමේ මධ්යස්ථානයේ
විශේඥයෝ විශ්වාස කරනුයේ මීටර 10 ක් (අඩි 33) දිග හා ටොන් 6.6 ක් බර තල්මසා මිය
යාමට හේතුව උගේ උදරයේ අන්තර් බිත්ති තුල ඇතිවූ ඉදිමුම සහිත දැවිල්ල (ප්රදාහය) බවයි.
එය බැක්ටීරියා සහ දිලිර
ආසාදනයක
ක්රියාරම්භකය වේ. එසේම එය ශරීරය තුල වූ විශාල ප්රමාණයක දිරවා ගත නොහැකි වූ
ප්ලාස්ටික් වල ප්රතිපලයක් විය හැකි බව ඔවුහු ප්රකාශ කරති.
අප විසින් ඉවතලු ප්ලාස්ටික් සංඝටක නිසා
තල්මසුන් මිය ගිය ප්රථම අවස්ථාව මෙය නොවේ. කනගාටුදායක ලෙස මෙය වඩ වඩාත් පොදු වන තත්ත්වයක්
ඇති වි තිබේ. 2016 දී, ස්මර්ට් තල්මස් 13 ක තොගයක් උන්ගේ ආමාශ
තුල ප්ලාස්ටික් කුණු සහිතව ගොඩ බිමට ගසාගෙන විත් තිබේ. මීටර් 13 (අඩි 43) දිගු
ධීවරයෙකුගේ දැලක් සහ සෙන්ටිමීටර් 70 ක් දිගැති මෝටර් රථ ප්ලාස්ටික් ෂීට් එකක් මෙම
කුණු තුල තිබී ඇත. උදරයේ ප්ලාස්ටික් බෑග් 30 ක් සමඟ තවත් මිය ගිය තල්මසෙක් සොයා ගෙන
ඇත.
අද ලෝක සාගරවල පාවෙන ප්ලාස්ටික් ටොන්
ට්රිලියන 5.2 ක් පමණ තිබිම නිසා මෙම ගැටලුව තවදුරටත් වර්ධනය වෙනු ඇති අපේක්ෂා කෙරේ.
ආක්ටික් හා ගැඹුරු මුහුද වැනි ඈත පිටිසර ප්රදේශ වලද මෙම තත්වය දක්නට ලැබේ.
කෙසේවෙතත් මූර්සියානු වෙරළ සිද්ධිය සැළකීමේදී එහි කලාපීය රජය විසින් ප්ලාස්ටික්
දූෂණයෙන් මුහුදු ජීවීන් ආරක්ෂා කිරීම සහ සාගරවලින් තවත් මිනිස් කුණු කදු ඇතිවීම වැළැක්වීම
සඳහා වැඩපිළිවෙලවල් කිහිපයක්ම දියත් කර ඇත. 2030 වන විට සියළුම ප්ලාස්ටික් නැවත
භාවිත කළ හැකි හෝ ප්රතිචක්රීයකරණය කළ හැකි වන ඉලක්කයක් සහිතව යුරෝපා සංගමයද
මෑතකදී ප්ලාස්ටික් අපද්රව්ය වැළැක්වීමේ ක්රමෝපායන් දියත් කළේය.
අන්තර්ජාලයේ
පිළිගත් විද්යාත්මක ප්රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/SSdyUGvSutU?t=89
April 9, 2018
කුරුලෑ සහ පරිණාමය
මනුෂ්යයින් ලෙස අපට ලොකු සතුටක් ඇත. ඒසමගම අනේකවිධි
බිල්පත් ගෙවීමට මෙන්ම අස්ථිර අර්බුද වලට මුහුණදීමට අපට සිදුවේ. බොහෝ සතුන්ට නොමැති
නමුත් මිනිසුන්ට කුරුලෑ වලින් සාපේක්ෂව මෙතරම් පිඩා ඇතිවීමට හේතුව කුමක්ද? එය
මිනිසාගේ පරිණාමිය ඉතිහාසය හා බැඳී තිබේද?
Acne Vulgaris ලෙස විද්යාත්මකව හැඳින්වෙන
කුරුලෑ, සමේ ඇති තෙල් සහ මියගිය සෛල නිසා රෝමකුප ඇහිරීම මගින් ඇතිවේ යයි සාමාන්යයෙන්
සැලකේ. සමේ චර්ම ස්ථරයේ ආසාදන ඇතිවීම නිසා රතු කුරුලෑ ගැටිති ලෙස කුරුලෑ මතු වේ.
බාහිර සම මතුපිට සහ ගැඹුරු සිදුරු තුල පවතින සාමාන්යයෙන් උපද්රවයක් නොකරන
බැක්ටීරියාවක් වන Propionibacterium
acnes වලට
ප්රතිචාර ලෙස කුරුලෑ ඇතිවේ.
බොහෝදෙනෙක් අපේක්ෂා කරන පරිදි අපිරිසිදු බව
කුරුලෑ සඳහා බොහෝසේ බලනොපාන නමුත් ආහාර රටාව සහ ජාන ඒ සඳහා බලපෑම් කරයි. එය ලොව
පුරා පවතින ඉතාමත් පොදු රෝගයකි. එහෙත් පැපුවා නිව් ගිනි හි Kitavan දුපත් වැසියන්
තුල මෙම රෝගය දුර්ලභ බව පැවසේ. වැඩිවියට පත්වන යෞවොනොදයේ මුල් අවධියේදී කුරුලෑ
මතුවීම සාමාන්යයෙන් අත්දකිනු ලැබේ. හෝමෝන වෙනස් වීම හේතුවෙන් සමෙහි ස්නේහමය ග්රන්ථි
සහ Sebum නම් තෙල් ශ්රාවය මේ සඳහා බලපාන බව හඳුනාගෙන තිබේ. බොහෝ ක්ෂීරපායි සතුන්
sebum නිපදවීම මගින් සෑදෙන ඉටි ආලේපනය වැනි ආවරණයක් නිසා සම සිදුරු කර ගෙන යාහැකි
විෂබීජ වලින් ආරක්ෂා වෙයි.
අනෙකුත් පරිණාමිය පුර්ව ජාතකයන්ට වඩා
මිනිසා පරිණාමනය වීමේදී සලකියයුතු ප්රමාණයකින් ලෝම (කෙස්) අඩු වීම නිසා මෙම
ගැටලුව පැන නැගී ඇති බව වාර්තාවේ සදහන්ය. කෙසේවෙතත් අපගේ ශ්රාවක ග්රන්ථින්
අඛණ්ඩව සමේ ඇති sebum සාමාන්ය ප්රමාණයක් ඉවත් කරයි. මෙලෙස ශ්රාවය වන sebum
ස්නේහය උරා ගැනීමට අවශ්ය වන ප්රමාණයකින් ලොම් අප ශරීරයේ නොමැති වීම මිට හේතුව බව
පරිනාමවේදී න්යායවාදීන් වන Stephan Kellet සහ Paul Gilbert ප්රකාශ කරති.
ලෝම වලින් පිරුණු නිරුවත් hominid
වරුන්ගේ සිට වර්තමානයේ සෘජුව සිටගත් මානවයා බවට මිනිසා පරිණාමනය වීමෙන් ලද ප්රතිපලයක්
ලෙස කුරුලෑ සැලකිය හැකි බව මෙමගින් දක්වා සිටියි. එය මිනිසා නොනැසී පැවති සිටීමට
හෝ ප්රතිජනනයට බාධාවක් නොවන නිසා මිනිස් ජාන වල එය තවදුරටත් පවතියි.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභව
ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
පෘතුගාලයේ විදුලිබල භාවිතය ඉක්මවා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය
පෘතුගාලයේ පුනර්ජනනීය විදුලි උත්පාදනය
දශක හතරකට පසු පළමු වතාවට එරට විදුලි බල ඉල්ලුම ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. ඇත්ත
වශයෙන්ම, මාර්තු මාසයේ දී, රටේ බලශක්ති පරිභෝජන අවශ්යතාවයෙන්
සියයට 103.6 ක් පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයෙන් සපයා ඇත.
මාර්තු මාසයේ සමහර දිනවල ඇති වූ ඉල්ලුම
සපුරාලීමට පොසිල ඉන්ධන අවශ්ය වි තිබුණු නමුත් සමස්තයක් වශයෙන් පිරිසිදු බලශක්ති ප්රමාණයක් භාවිතා
විය.
පෘතුගීසි පුනර්ජනනීය බලශක්ති සංගමය සහ
ZERO තිරසාර කණ්ඩායම විසින් මෙම වාර්තාව සපයා ඇති අතර ඒ සදහා දත්ත ලබා ගැනීම වර්තමානයේදී අපහසු වූ නමුත් පෘතුගාලයේ සම්ප්රේෂණ
පද්ධතිය ක්රියාකරවන්නන්ගේ (REN) දත්ත භාවිතා කර වාර්තාව සකසා තිබේ.
අවමය ලෙස මාර්තු 7 වන දින විදුලිය
ඉල්ලුමෙන් සියයට 86 ක පුනර්ජනන බලශක්ති භාවිතය
වාර්තා වන අතර උපරිමය ලෙස මාර්තු 11 වන
දින සියයට 143 ක පුනර්ජනන බලශක්ති භාවිතය වාර්තා වේ. මේ සදහා ජල විදුලි බලයේ දායකත්වය සියයට 55 ක්ද සුළං විදුලි බලයේ දායකත්වය 42% ක්ද විය.
2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත්වීමට
පෘතුගාලය අරමුණු කර තිබේ. එබැවින්, මෙම
දත්ත
ඔවුන් සතුටට පත් කරනවා නොඅනුමානය. කෙසේවෙතත්, පිරිසිදු බලශක්ති විප්ලවයක් ලොව පුරා ඇති කිරීමට බලාපොරොත්තුවන අය
සඳහා අවශ්ය වන සීමාවන් කිහිපයක් තිබේ.
මෙම තත්වය පෘතුගාලයට විශේෂිත වූ අතර, එය සාපේක්ෂව ඉතා කුඩා කාබන් පියසටහනක්
සහ අද්විතීය බලශක්ති සැපයුම් තත්වයකි.
මිලියන 10.3 ක ජනගහනයක් ජීවත් වන ප්රධාන
ගෝලීය අගනගරයක විශාලත්වයෙන් යුත් මෙරට මෙම නව වාර්තාව ඉතා සිත්ගන්නා සුළු වුවත්,
පිරිසිදු
බලශක්ති විප්ලවයක් සඳහා ලොව පුරා පවතින අධික විදුලි ඉල්ලුමක් සහිත සංකීර්ණ දේශපාලන, යටිතල පහසුකම්, ආර්ථික විචල්යයන් වැනි
සීමාවන්ද සැලකිය යුතුවේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්යාත්මක ප්රභවයන්
ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/afrD-MwxniE?t=4





















