අපගේ වර්තමාන හා කාර්යබහුල සමාජයේ අපි ගන්නා ආහාර
වල පෝෂ්‍යදායි සමබර තත්වයක් පවත්වා ගැනීම අසීරු කරුණක්ව පවතී. සීනි එම පෝෂ්‍යදායි
පදාර්ථයන්ගෙන් එක් කොටසක් වන අතර ඒවා ලබානොගත හොත් ශරීරය තුල ඇති ජීව සෛල විනාශ
වී යනු ඇත.කෙසේ වෙතත් සීනි වැඩිපුර ගැනීමෙන් දුර්වල දත් ඇතිවී, තරබාරුකම, දියවැඩියාව
වැනි ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අපි ගන්නා ආහාර වල කොපමණ සීනි ප්‍රමාණයක්
තිබේදැයි හැදින ගැනීමෙන් ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කර හැක.
සීනි යනු සරල කාබෝහයිඩේටයකි. ප්‍රධාන වශයෙන්
වර්ග 03කි. ඒවා නම් සුක්රෝස්, ලැක්ටෝස් සහ
ප්රක්ටෝස්ය. අපගේ ශරීරයේ සෛල වල පැවැත්ම සදහා සීනි අවශ්‍ය වුවත් අධික ලෙස ඒවා
පරිහරනය කිරීමෙන් සෞඛ්‍යම ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. වැඩිපුර සීනි ආහාරයට
ගැනීමෙන් අතිරේක පෝෂණයක් නොලැබෙන අතර ඒවා නිසා දත් දිරා යාම, දියවැඩියාව හා
තරබාරුකම ඇතිවේ. එසේම ඇමරිකානු හෘදරෝග පිළිබද සංගමයද ප්‍රකාශ කර ඇත්තේ අතිරේක සීනි
ප්‍රමාණයක් ගැනීමෙන් කිසිම පෝෂණ ගුණයක් ශරීරයට ඇති නොවන බවයි. වැඩිපුර සීනි ආහාරයට
ගැනීමෙන් වැඩිපුර බර ප්‍රමාණයක් ඇති වීමට ඉඩ ඇති අතර, එය තරබාරු වීමටද හේතු වේ. ඒ
අනුව හෘදයේ සෞඛ්‍ය තත්වයද පිරිහෙනු ඇත.
අපගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී අප ගන්නා
ආහාර වල ඇති, එකතුකරන ලද සීනි ප්‍රමාණය ගැන අප දැනගත යුතුය. 2015 මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශය
අනුව වයෝවෘද්ධ පුද්ගලයන් සහ ළමුන් භාවිතා කරන සීනි ප්‍රමාණය, ඔවුන් ගන්නා සම්පූර්ණ
ශක්ති ප්‍රමාණයෙන් 10% ක් අඩුකල යුතු බවත්, එය තවදුරටත් 5% දක්වා අඩු
කිරීමෙන් අතිරේක සෞඛ්‍යම වාසියක් ඇතිවන බව පැවසේ. සීනි තේ හැන්දක් 4g හා
සමාන වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව දෛනිකව අප ගන්නා ශක්ති ප්‍රමාණයෙන්
5% ක සීනි පරිභෝජනය අඩුකල විට එය තේ හැදි 06ක සීනි ප්‍රමාණයක් අඩුකලා හා සමාන වේ.
සාමාන්‍ය ආහාර වල හා බීමවල අන්තර්ගත සීනි ප්‍රමාණය
ඔබ ගන්නා පොදු ආහාර හා බීම වල කොපමණ ප්‍රමාණයක් සීනි ඇත්ද යන්න
අවබෝධ කරගැනීම සදහා දිනපතා ගන්නා ආහාර වලින් සමහරක් ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය සමග
ලයිස්තුගත කර ඇත. මේවායෙන් සමහරක් ඔබ මවිතයට පත්කරනු ඇත.
චොක්ලට් කැබැල්ලක කොපමණ සීනි ප්‍රමාණයක් ඇත්දැයි
බලමු.
- Snickers bar (52.7g)
– 6.75 teaspoons of sugar
- Milk chocolate
bar (44g) – 5.75 teaspoons of sugar
-
Milk Way bar (58g)
– 8.75 teaspoons of sugar
-
3 Musketeers bar
(60g) – 10 teaspoons of sugar
-
Butterfinger bar (60g)
– 7 teaspoons of sugar
-
Dove chocolate
bar (40.8g) -5.5 teaspoons of sugar
-
Hershey’s Milk
Chocolate bar (43g) - 6 teaspoons of sugar
- Twix bar (50.7g)
- 6 teaspoons of sugar
- Milk chocolate
M&M’s packet (47.9g) – 7.5 teaspoons of sugar
·
සිසිල් බීම වල කොපමණ සීනි ප්‍රමාණයක් අඩංගුද?
- Coca
cola (one can) – 8.25 teaspoons of sugar
- Pepsi
cola (one can) – 8.75 teaspoons of sugar
- Pepsi
cola (one can) – 8.75 teaspoons of sugar
- Sprite
(one can) – 8.25 teaspoons of sugar
- Mountain
Dew (one can) – 11.5 teaspoons of sugar
- Old
Jamaica Ginger Beer (one can) – 13 teaspoons
of sugar
පලතුරු වල අඩංගු සීනි ප්‍රමාණය
- Carrot cake(1 medium slice) – 3 teaspoons
of sugar
- Banoffee pie (1 medium portion) – 4.25
teaspoons of sugar
- Custard(1 medium portion) – 3.25 teaspoons
of sugar
- Chocolate mousse (1 medium portion)-
3 teaspoons of sugar
- Donut (1 jam dounut) - 3.51 teaspoons of sugar
- Fruit cake (1 medium slice) – 5 teaspoons
of sugar
- Fruit pie (1 medium portion) – 3.5 teaspoons
of sugar
- Muffin(1 chocolate chip muffin) -4.75
teaspoons of sugar
- Rice Pudding(1portion) – 3.75 teaspoons
of sugar
- Ice cream(1Scoop) -3 teaspoons of
sugar
-
Sponge cake (1Medium Slice) – 5.5 teaspoons
of sugar
- Swiss roll(1 roll) – 2.5 teaspoons of
sugar
සකස් කලේ - ඒ.ඒ.සී.වී. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි