Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 27, 2014

අවුරුදු 1000 කට පෙර ඔබේ මුතුන් මිත්තන්ගේ ගම සොයා ගමුද?

අවුරුදු 1000 කට පෙර පුද්ගලයාගේ මුල් වාස භූමිය එනම් ඔහුගේ පැවැත්මේ ආරම්භය සිදුවු භූගෝලීය ස්ථානයේ දැන ගැනීමට හැකි ක්‍රමවේදයන් ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ කණ්ඩායමක් විසින් සංවර්ධනය කර ඇත. භූගෝලීය ජනගහන ව්‍යුහය (Geographic Population structure / GPS) මිනුම නම් වු මෙම ක්‍රමවේදය මඟින් අවුරුදු 1000 කට පෙර ඔබේ පැවැත්ම ආරම්භ වු මුතුන් මිත්තන්ගේ ගම හඳුනාගත හැකි බව ප්‍රකාශවේ. එපමණක් නොව එය පුදුගලයානු බද්ධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂිත පහසුකම් සපයනු ඇත.

ෂෙපීල්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය එරන් එල්හෝක් සහ සදර්න් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අචාර්ය ටටියානා ටරාරිනොවා  විසින් මෙම නව තාක්ෂණය සොයා ගෙන තිබේ. පෙර පැවති තාක්ෂණයෙන් පුද්ගලයෙකුගේ DNA  මුලාරම්භය කිලෝමීටර 700 ක දුරකින් පිහිටි පැවැත්ම පමණක් හඳුනාගත හැකි විය. එහෙත් නව ක්‍රමය ලෝකවාසි ජනතාව ඔවුන්ගේ පැවැත්මේ මුලාරම්භ ගම්මාන හඳුනා ගැනීම දක්වා සංවර්ධනය වී තිබේ.ප්‍රතිඵල වල නිර්වද්‍යතාව 98% ක ප්‍රතිශතයක් වේ. ජානමය සම්මිශ්‍රණය පිළිබඳව GPS (භූගෝලීය ජනගහන ව්‍යුහය) අවධානය යොමු කර ඇත

පෙර වෙන්ව විසු ජනගහනය එකිනෙකා සම්මිශ්‍රවීම නිසා නව ජන සමුහයන් නිර්මාණය වීම යන ඓතිහාසික පොදු සිදුවීම ජානමය සම්මිශ්‍රණය නම් වේ. නව තාක්ෂණය මඟින් මෙලෙස නිර්මාණයවු ජාන විශේෂතා  100,000 ක පමණ ආකෘති සකසා ඇත. එය විශේෂිත භූගෝලීය ප්‍රදේශයකට ආවේණික වු Ancestry - informative marker (කුල පරම්පරාව දක්වන සළකනු කාරකය) ලෙස හඳුන්වයි.මයිටොකොන්ඩ්‍රියල් හෝ Y ක්‍රොමොසොමල් ජාන ( mitochondrial  or Y chromosomal) වෙනුවට GPS තාක්ෂණ මිනුම Autosomal Chromosomes (ආලිංගවර්ණදේහ ක්‍රොමසොම් ) ජාන භාවිතා කරනුයේ ඒවා පුද්ගල ජාන නිර්මිතය පිළිබඳව වඩා තුලිත ස්වරූපයක් දක්වන බැවිනි.

සාපේක්ෂව ඕනෑම කෙනෙකුට පාහේ මෙම GPS මිනුම භාවිතා කිරිමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ එක් වැදගත් ලක්ෂණයක් වේ. එනම් බාහිර ආයතනයකින් තම Autosomal DNA (ආලිංගවර්ණදේහ) ජාන වර්ගය හඳුනාගෙන ඇති අයෙකුට අවුරුදු 1000 කට පෙර තම මුතුන් මිත්තන්ගේ ගම් දනව් හඳුනාගැනීම පහසුවෙන් කළ හැකිය. Autosomal DNA ජාන වර්ගය හඳුනාගැනීම සඳහා දැනට ඇ.ඩො. 100-200 ත් අතර මුදලක් වැය වෙතැයි සඳහන් වේ. ප්‍රතිඵල ලබා ගැනිමට තම Autosomal DNA ජාන වර්ගය පිළිබඳ දත්ත ආචාර්ය ටරාරිනොවාගේ වෙබ් පිටුවට ඇතුළු කිරිම ප්‍රමාණවත් වේ.

උපුටා ගැනිම:-
Researches Develop DNA GPS tool to accurately trace geographical ancestry - Chris wood   - http://www.gizmag.com/dna-gps-trace-geographical-ancestry/31874/

 http://www.youtube.com/watch?v=Aap-s1kle4Q                  

May 23, 2014

සුප්‍රසිද්ධ විද්‍යාඥයින් කළ අයුතු බලපෑම්


විද්‍යාවෙන් විශේෂිත සහජ දක්ෂකම් දැක් වු විද්‍යාඥයින්ගෙන් සමාජීය වශයෙන් සිදුවු අයතු බලපෑම් පිළිබඳ වාර්තා විරලය. එහෙත් කෘතග්ජන මිනිසුන් වශයෙන් එසේ ක්‍රියා කළ ප්‍රසිද්ධ විද්‍යාඥයින්ද සිටී. එවැනි සමහර ක්‍රියා වර්ෂ සිය ගණනකට පසුව වුවද සමාජය ප්‍රතික්ෂේප කරයි.

විවිධ විද්‍යාත්මක නිර්මාණ සහ සොයා ගැනීම් වලට ප්‍රසිද්ධ තෝමස් එඩිසන් අඩු වෝල්ටීයතාවයක් සහිත සරල ධාරා(direct current). විදුලිය නිපදවීම සම්බන්ධව වැඩි ප්‍රසිද්ධියක් ලබා ගත්තේය. අධි වෝල්ටීයතාව සහිත ප්‍රත්‍යාවර්ථන ධාරා (alternating current) විදුලිය නිපදවු නිකොලා ටෙස්ලා වර්ෂ 1884 දී තෝමස් එඩිසන් මුණ ගැසීම සඳහා නිව්යෝර්ක් නගරයට පැමි‍ණියේය. එඩිසන් හමුවු ටෙස්ලා ප්‍රත්‍යාවර්ථන ධාරා බලැති මෝටරයක් නිපදවීමට එඩිසන්ට ආරාධනා කළේය. එහෙත් එය භායානක ක්‍රියාවක් යැයි පැවසු එඩිසන් සරල ධාරා විදුලි ජනකයක් (Generator ) හෝ ඩයිනමෝවක් නිෂ්පාදනයට තමාට උපකාර කරන ලෙස ටෙස්ලාට දැන්විය. ඒ සඳහා ඒඅවස්ථාවේදී විදේශිකයකු වු ටෙස්ලාට ඩොලර් 50,000 ක් ලබාදීමටද  එඩිසන් කැමැත්ත ප්‍රකාශ කරන ලදී.

මාස ගණනක් එම කාර්ය සඳහා මහන්සිවී විදුලි ජනකයක් සෑදීමට සුවිශේෂ දායකත්වයක් සැපයු ටෙස්ලා තමාගේ ත්‍යාගය ලබාගැනීමට එඩිසන් වෙත නැවත පැමිණි විට ඔබ සම්පූර්ණ ඇමරිකානු පුරවැසියෙක් වු විට මගේ විහිළුව අගේ කරයි යයි පැවසු එඩිසන්, ටෙස්ලාව හාස්‍යයට ලක් කරන ලදී.

ප්‍රත්‍යාවර්ථන ධාරා විදුලිය සඳහා වු පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිලදී ගත් ජෝර්ජ් වෙස්ටින්හවුස් ප්‍රත්‍යාවර්ථන ධාරා විදුලිය වඩාත් ප්‍රසිද්ධියට පත් කරන ලදී. මතවාදි ලෙස මෙන්ම මුල්‍ය වශයෙන්ද (Direct current) සරල ධාරා විදුලිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපවුනු එඩිසන් A.C. විදුලිය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අසතුටට පත්විය. එනිසා ඔහු  A.C. විදුලියට විරුද්ධව විශාල ප්‍රචාරණ වැඩ පිළවෙළක් ක්‍රියාත්මක කළේය. මෙම ප්‍රචාරණ නිර්දය ලෙස අනුකම්පා විරහිත විය. ඔහුට අධිවෝල්ටියතාව නිසා A.C. (ප්‍රත්‍යාවර්ථන ධාරා) විදුලිය ඉතා භයානක බව ඔප්පු කිරිමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු විසින් ප්‍රසිද්ධියේ බල්ලන්, පුසන්,හරක් සහ අශ්වයින් අධිවෝල්ටීයතාව සහිත විදුලිය මඟින් මරණයට පත්කරන ලදී. වඩා කෘර ලෙස අලින්ද මෙම හිරිහැරයට භාජනයවිය.

මෙම ප්‍රචාරණයේදී වරක් මිනිසුන්ද විදුලිබලයෙන් මරණයට පත්කළ හැකි දැයි එඩිසන්ගෙන් විමසන ලදී. එයට පිළිතුරු ලෙස ඔහුගේ අනුගාමිකයෙක් විදුලි පුටුව නිර්මාණය කළේය. එය වර්තමානයේදී මෙන් දියුණු නොවු ප්‍රථමික විදුලි පුටුවක් වු බැවින් එහිදි මරණයට පත්වු මිනිසාට විනාඩි 8 ක පමණ කාලයක් මරණය සමඟ සටන් කිරීමට සිදුවී තිබේ. එය ඇසු ටෙස්ලා හිස ගසා දැමීම වඩා සුදුසු යැයි ප්‍රකාශ කර ඇත.
මේ සියලු අගතිගාමි ප්‍රචාර හමුවේ වුවද A.C. විදුලිය එහි අධිවෝල්ටීයතාව නිසා වැඩිදුරක් ගමන් කිරීමට හැකිවිම සහ අපවර්තකය (inverter) මඟින් නිවසේදී මිනිසුන්ගේ ප්‍රායෝජනයට ගත හැකි වීම නිසා ප්‍රචලිත විය.
තෝමස් එඩිසන් විද්‍යාඥයා එසේ අයතු ලෙස කටයුතු කළද එතරම් ප්‍රසිද්ධ නොවු නිකොලා ටෙස්ලා විද්‍යාඥයාගේ නිර්මාණ සහ සාමාජීය ජීවිතයේ වර්ණවත් බව අන්තර්ජාලයේ සටහන්ව ඇති තොරතුරු මගින් දැනගැනීම වැදගත්වේ. වයර් නැතිව ගෙදරට එන විදුලිය (witricity) ශීර්ෂයෙන් මෙම Blog හි ඇති ලිපියේද ඔහු ගැන කෙටි සටහනක් කර ඇත.

උපුටා ගැනිම:-
 Beloved scientists who were actually bullies - Joey Carmichael

May 22, 2014

අච්චු ගැසු හිස් කබල

කලාතුරෙකින් සැදෙන අස්ථි ව්‍යාකූල විමේ රෝගයක් නිසා හිස් කබල ඉවත් කිරීමට ඇයට සිදු විය. ප්ලාස්ටික් වලින් ත්‍රිමාණ මුද්‍රණය කළ (අච්චු ගැසු) හිස් කබලක් නව හිස් කබල ලෙස (ඉහළ කොටස) ප්‍රතිස්ථාපනය කරන ලදී. ශල්‍යකර්මයෙන් මාස 03 ට පසුව රෝග පිඩාවලින් නිදහස් වුණු ඇය දැන් නැවත සිය සුපුරුදු රැකියාවේ නියැලෙණ්නීය.

අස්ථි ව්‍යාකුලවීමේ රෝගය නිසා මේ කාන්තාවගේ හිස් කබලේ ඝනත්වය වැඩිවිම සිදු විය. මේ නිසා ඉතා දරුණු හිසරදයකින් සහ පෙනිමේ දුර්වලතාවයකින් ඇය බොහෝ කල් පීඩා වින්දාය. ඇගේ හිස් කබලට බොහෝ සේ සමාන හිස් කබලක් ත්‍රිමාණව  ප්ලාස්ටික් වලින් මුද්‍රණය කරන ලදී. ත්‍රිමාණ මුද්‍රණ නිසා හිස් කබල සියුම් ලෙස වඩාත් නිවැරදිව සකසා ඇත. නෙදර්ලන්තයේ උටිරේජ් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම ශල්‍යකර්මය  සිදු කර තිබේ. ඇයට ඇත්තේ කෘතිම හිස් කබලක් බව හෝ ඇය හිස් කබල ප්‍රතිස්ථාපනය කිරිමේ ශල්‍යකර්මයට භාජනය වි ඇති බව හඳුනාගැනීමට ඉතා අපහසුයි යැයි ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බොන් වර්වෙජි ප්‍රකාශ කරයි.

මින් පෙර හිස්කබලේ එක් එක් ප්‍රදේශ ප්‍රතිස්ථාපනය සඳහා ත්‍රිමාණ මුද්‍රණ හිස් කබල් කොටස් යොදා ගැනීම වර්වෙජි ඇතුළු කණ්ඩායම සිදු කර තිබුනද හිස් කබලේ ඉහළ සම්පූර්ණ කොටසම ප්‍රතිස්ථාපනය කර ප්‍රථම වතාව මෙය විය. මෑත අනාගතයේදි  මෙවැනි ශල්‍යකර්ම බොහෝ ඇතිවනු ඇතැයි අපේක්ෂා කරයි.බද්ධ කිරිම සඳහා සියුම් පටක(tissues)  ත්‍රිමාණ මුද්‍රණය කිරීම සඳහා පර්යේෂකයෝ කටයුතු කරති. දැනට ශල්‍යකර්ම වලදි ත්‍රිමාණ මුද්‍රණය කළ අස්ථි කොටස් යොදා ගෙන තිබේ.
මෙවැනි ශල්‍යකර්ම වලදි අදාල කොටස් පුද්ගලයාට සුවිශේෂි වන ලෙස නිර්මාණය කිරිමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ වෛද්‍යවරු අවධාරණය කරති. උටිරෙච්හි නිර්මාණය කළ හිස් කබල ඒ සඳහා සුවිශේෂි උදාහරණයකි.  2011 ජුලි මාසයේදි බෙල්ජියම් රෝගියෙකුට ටයිටේනියමි වලින් ත්‍රිමාණව මුද්‍රණය කළ Jawbone (හකු පාඩාව) බද්ධ කර තිබේ. හිසු කබලෙන් 75% ක ප්‍රමාණයේ කෘතිම ප්ලාසිටික් හිස් කබල් ත්‍රිමාණ මුද්‍රණය කිරිම සඳහා කොනින්ටිකට් හි සමාගමකට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පසු ගිය වසරේදි අවසර ලබා තිබේ.

උපුටාගැනීම
Woman has her skull replaced with a 3D-Printed plastic one    by Francie Diep

May 21, 2014

ජංගම දුරකථනය මානව සෞඛ්‍යයට සිදුකරන බලපෑම

ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ සන්නිවේදන මෙවලමක් වූ ජංගම දුරකථනය 2011 වර්ෂය අවසානය වනවිට ජාත්‍යන්තර දුරකථන සන්නිවේදන  සංගමය වාර්තාකළ ආකාරයට ආසන්න වශයෙන් බිලියන 6  ක පමණ ප්‍රමාණයක් එනම් 86%  දුරකථන භාව්තා කරයි.
ජංගම දුරකථනය මගින් මානව සෞඛ්‍ය වෙත සිදුවන බලපෑම පිළිබදව වෛද්‍ය පර්යේෂණ සිදුවන අතර එම පර්යේෂණ මගින් අවධානය යොමුකර ඇත්තේ මොළයෙහි ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්වීම් (changes in brain activity), නින්දෙහි රටාවේ සිදුවන වෙනස්වීම් (changes in sleep patterns), පිළිකා (cancer), විද්්‍යුත් චුම්භක විකිර‍‍‍‍ණ(electromagnetic radiation), විෂබීජ(germs), ගමනාගමනයේ දී සිදුවන අනතුරු(traffic accident) පිළිබදවය.
ජංගම දුරකථනය භාවිතා කිරීමේ දී මොළයෙහි ක්‍රියාකාරිත්යේ සිදුවන වෙනස්වීම (brain activity accelerate near cell phone antenna) ඉහත දක්වා ඇත.
කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිතයෙන් මොළයෙහි පිළිකා ඇතිවන බවට වු පැරණි මතවාදය මේවනවිට ප්‍රතික්ෂේප වී තිබේ.
ජංගම දුරකථනයක් භාවිතා කිරිමේ දී එමගින් කිසියම් ප්‍රමා‍ණයක උෂ්ණත්වයක් මුදාහරිනු ලබයි. එහෙත් සිරුරට ඇතිකරන අහිතකර බලපෑමට ප්‍රධානතම හේතුව වන්නේ උෂ්ණත්වයෙහි බලපෑමකින් තොරව ‘රේඩියෝ තරංග‘ ඇති කරන කැළඕමය.
එබැවින් පහත කරුණු පිළිබද අවධානය යොමු කිරිම මගින් ජංගම දුරකථනය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම අවම කරගත හැකිය.
1.         ජංගම දුරකථනය කිසිදුවිටක දී සිරුර හා ස්පර්ශ නොවන පරිදි භාවිතා කිරිම
ජංගම දුරකථනය යටත් පිරිසෙයින් සිරුරට සෙන්ටි මීටර් 5 ක් (අගල් 2ක්) ඈතින් වූ පිහිටීමක පවත්වා ගන්නේ නම් එමගින් නික්මෙන තරංග මගින් සිරුරට ඇතිවන බලපෑම 75% දක්වා පමණ අඩුවෙයි. එය සෙන්ටි මීටර් 18 ක් (අගල් 7ක්) තබා ගැනීම මගින් ඇතිවන බලපෑම1% දක්වා අවම කරගත හැකිය.
ජංගම දුරකථනය රැගෙන යාමේ දී ඉන පටියෙහි හෝ ඉන ආශ්‍රිත සාක්කුවෙහි තබා ගැනීමෙන් වැළතී සිටිය යුතුය. 80% ක් තරම් වූ රතු රුධිර සෛල ප්‍රමාණයක් උකුළු ඇටය ආශ්‍රිත ව වු ඇට මිදුළු තුළ නිපදවෙයි. ජංගම දුරකථන තරංග රතු රුධිර සෛල නිපදවීම මෙන්ම ඉන්ද්‍රිය ක්‍රියකාරිත්වය කෙරෙහි ද  අහිතකර ලෙසින් බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.
අත් බෑගය තුළ ජංගම දුරකථන රැගෙන යන විටදී වුවද එහි අංකන පුවරුව සහිත මුහුණත සිරුර දෙසට වන ලෙසින් තැබීමෙන් දුරකථනයේ තරංග මගින් ඇතිවන බලපෑම සිරුරෙන් ඉවතට දිශාත්මක වෙයි.
මොටර් රථයක්,දුම්රියක්,විදුලි සෝපානයක්,ගුවන් යානයක් වැනි ලෝහමය ආවරණයකින් වටවූ ප්‍රදේශයක් තුළ ගතකරන අවස්ථාවන්වලදී ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් දුරකථනයේ තරංග භාවිතා කරන්නා හා ඒ අවට සෙසු පිරිස් වෙත ද ළගාවීමේ හැකියාවක් පවතීන බැවින් ජංගම දුරක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ථන භාවිතයෙන් වැළකී සිටීම වඩාත් ආරක්ෂකාරී වේ.
2.  ජංගම දුරකථන සංවාද සදහා ගතකරන කාලය සීමා කිරීම සහ දුරකථන සංා (signal) වඩාත්  හොදින් පවතින ප්‍රදේශවල දී පමණක් දුරකථන ඇමතුම් ලබාගැනීමට කටයුතු කිරිම.
විනාඩි දෙකක ජංගම දුරකථන ඇමතුමක් මගින් මොළයෙහි සාමාන්‍ය විද්්‍යුත් ක්‍රියාකාරිත්වය පැයක කාලයක් දක්වා වියවුල් කරනු ලබයි. ඇතැම් පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මානසික ඒකාග්‍රතාවය, මතකය වැනි තත්වයන් කෙරෙහි එමගින් බලපෑම් ඇතිවන බවකි. දිගු සන්නිවේදන අවශ්‍යතාවයන් සදහා වඩාත් යෝග්‍ය වන්නේ සාමාන්‍ය ස්ථාවර දුරකථන වේ.
ජංගම දුරකථන සංා දුර්වල වන අවස්ථාවල දී දුරකථනය තම ධාරිතාව වැඩිකර ගැනීම පිණිස උත්සාහ දැරිම හේතුවෙන් එමගින් විහිදෙන විද්්‍යුත් තරංග ප්‍රමාණය සාමාන්‍ය අවෂ්ථාවට වඩා වැඩිවේ.

3.      කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතයෙන් ඈත් කිරීම සහ ගැබිනි මව්වරුන් ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම.
කුඩා දරුවන්ගේ හිස්කබලෙහි අස්ථිවල ඝනකම වැඩිහිටියන් හා සසදන කල අඩුය. එසේම කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිතව  පවතින තරල ප්‍රමාණය ද පටකමය කොටසට වඩා වැඩිය. එබැවින් දියරමය ස්වභාවයක් පවතින මොළය හරහා  විද්්‍යුත් තරංග විනිවිද ගමන් කිරිමේ  හැකියාව වැඩිවන හෙයින් ඉන් මොළයට ඇතිවන බලපෑම ද අධිකය
ගැබිනි මව්වරුන් ජංගම දුරකථන භාවිතයෙන් එමගින් නික්මෙන තරංග කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය කෙරෙහි ද බලපෑමක් ඇති කිරිමට අවදානමක් පවති. 

Crossbar நினைவகம்


தற்போது சந்தையில் இருக்கும் iPhone, iPad மற்றும் பிற Tabletகளில் நாம் பொதுவாகச் சொல்லும் Internal Memory என்பது RRAM , NAND based RRAM எனும் Flash Memory  ஆகும்.

இந்த வகை

Crossbar Chip Design
நினைவகங்களில் சில GBக்கள் அளவு தான் சேமிக்க முடியும். இந்த வகை நினைவகங்களின் ஒட்டுமொத்த சந்தை மதிப்பு $60 பில்லியன் டாலர்.
தற்போது Internal Memoryயில் ஒரு TB (1 Terra Byte = 1024 GB)  வரை சேமிக்க இயலும் வகையில் Crossbar  எனும் புதிய வகை நினைவகம் கண்டுபிடிக்கப்பட்டுள்ளது.

Crossbar இன் சிறப்பம்சங்கள்:
இதன் பரும அளவு மற்ற நினைவகங்களை விட சிறியது. இது பயன்படுத்தும் மின் அளவு 20 மடங்கு குறைவு இதன் நினைவாகக் கொள்ளளவு 200 மடங்கு அதிகமாக இருக்கும். ஒரு வினாடிக்கு 140GB data வை இந்த Crossbar சிப்பில் எழுத முடியும். (Flash Memoryயில் ஒரு வினாடிக்கு 7GB) உருவாக்கியவர்:  Wei Lu  , இவர் அமெரிக்காவின் மிக்சிகன் பல்கலைக்கழகத்தின் பேராசிரியர். Google Glass போன்ற புதிய வகை சாதனங்களிலும் இந்த நினைவகம் பயன்படுத்தப்படுவதன் மூலம் இன்னும் பல வகை வசதிகளை பயணர்களுக்குக் கொடுக்க முடியும்.

Crossbar இதுவரை 100 காப்புரிமைகளுக்கு பதிவு செய்துள்ளது. அதில் 30 காப்புரிமைகள் வழங்கப்பட்டுள்ளது. தற்போது இருபது ஊழியர்கள் இருக்கும் Crossbar நிறுவனம் தயாரிப்புப் பணிகளில் ஈடுபட ஆரம்பித்துள்ளது. Kleiner Perkins Caufield & Byers, Artiman Ventures, and Northern Light Venture Capital முதலீடு நிறுவனங்கள் சேர்ந்து $25 மில்லியன் முதலீடு செய்துள்ளன.


Crossbar Chip Structure
பொதுவாக இது போன்ற புதிய தொழில்நுட்பங்கள் சந்தைக்கு வர பல வருடங்கள் ஆகும். ஆனால் இந்த Crossbar நினைவfங்களை மூன்று வருடத்திலேயே உற்பத்தி செய்ய முடிந்துள்ளது என Crossbar நிறுவனத்தின் CEO  George Minassian தெரிவித்துள்ளார்.

Source : www.techtamil.com

May 20, 2014

කෘත්‍රිමව පලතුරු ඉදවීම.

කෘත්‍රිමව ඉදවිය හැක්කේ කලින් ලිපියේ සදහන් කළ ක්ලයිමෙක්ට්‍රික් පලතුරු පමණි. මේවා සම්පූර්ණයෙන් හොදින් පැසුණු පසු හා නියමිත ප්‍රමාණයට පැමිණි පසු  ඵල නෙලා ගැනීම සිදු කළ යුතුයි.ඉන් පසු ඉදීම සිදු වේ. අද විශාල වශයෙන් කෘත්‍රිම ක්‍රම යොදා ඉදවන්නේ මෙම වර්ගයේ පලතුරුයි.  මෙම පලතුරුවල නෙලා ගත් පසු තත්වය, ද්‍රව ප්‍රමාණය,පෘක්ටෝස් ප්‍රතිශතයආදීගුණවැඩිවීම සිදු වේ.ක්ලයිමෙක්ට්‍රික් නොවන පලතුරු ඉදුණු පසු නෙලා ගත යුතු අතර නෙලා ගත් පසු ඉදීම සිදු නොවේ. එබැවින් නෙලා ගත් පසු කෘත්‍රිම ක්‍රම භාවිතයෙන් ඉදවීම කළ නොහැකිය.
ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධි ස්වභාවධර්මයේ නීතියට අනුකූලව  සෙමින් සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි.එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්ෂිත පලතුරුද, නැතිනම් කෘත්‍රිමව ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි බෙහෙත් ගසා ඉදවූ) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. කෙසේ නමුත් මෙලෙස පලතුරු වෙළෙන්දෝදුර පළාත්වලින් ගස් පිටින් අඩු මුදලට මිලදී ගෙන නො මේරූ ගෙඩි පවා කඩා, අමු ගෙඩි ‍‍ලෙස ප්‍රවාහනය කර කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් වෙළද පොළට ඉදිරිපත් කරති
කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, "එතපෝන්"නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ.
1.පලතුරු ඉදවීමට සඳහා කාබයිඩ් භාවිතය

මෙය රසායනිකව කැල්සියම් කාබයිඩ් (CaC2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක්ලෙසටද සෑදේ. සංශුද්ධ කාබයිඩ් අවර්ණ වන අතර,අසංශුද්ධ කාබයිඩ් අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්ෂණික සුදුලූණු ගණ්ධයක්සහිතය. කාබයිඩ වලට ජලය මුසු වීමේදී ඇසිටලීන් (C2H2)වායුව නිකුත් කරයි. ඉට අදාළ ප්‍රතික්‍රියාව පහත දැක්වේ.


CaC2 (s)  + 2H2O(l)                    Ca(OH) 2(s)  + C2 H2(g) 


මෙම වායුව පලතුරු ස්වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක්වන එතිලීන් රසායනිකයට සමාන ගුණ දක්වයි. එබැවින්  පලතුරු කෘත්‍රිමව ඉදීමේ ක්‍රියාවලියට  මෙම රසායනිකය යොදා ගනු ලබයි. එහිදී සැබවින්ම යොදාගත යුත්තේ ඇසිටලීන් වායුවට පලතුරු නිරාවරනය කිරිම වුවද බොහෝ වෙළදුන් සිදු කරනුයේ පලතුරු මතට කාබයිඩ් යොදා එයට ජලය ඉසීමයි.මෙ සදහා බහුලව යොදා ගන්නා අසංශුද්ධ කාබයිඩ් වල, ආසනික්, පොස්පරස්හයිඩ්රයිඩ්, පොස්පීන්, ආසීන් වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට කාබයිඩ් ඉසීමෙන් සයනයිඩ්ද සැදෙයි.


කාබයිඩ්වලින් ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු.
කාබයිඩ් මෙන්ම, කාබයිඩ්වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයයන් බොහොමයක් පිළිකා කාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස්දැවිල්ල හා ඇස්වලට ස්ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයා ගෙන ඇත.
අපගේ අවධානයට ලක්විය යුතු තවත් වැදගත් කාරණාවක්වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස්(residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.

2.පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය
එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්ලෝරෝ එතිල් පොස්පරික්ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant growth regulator)  පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.

මෙම රසායනිකයේ විෂභාවය (LD-50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක්නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාව වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.

එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්පේට්, එතිලීන් සහ ක්ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්ලෝරෝ ඇසිටික්ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (http://extoxnet . orst .edu / pips/ethephon.htm) ජලය ක්ලෝරිනීකරණය කිරීමේදී , ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්ලෝරීන් ප්රතික්රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්ලෝරෝ ඇසිටික්ඇසිඩ් මාත්රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාව වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. ( http://www.ewg.org/tap - water/chemical -contaminants/Monochloroacetic-acid/2450/)


කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්නායු පද්ධතිය ආශ්රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 අඩු ළමුන් සඳහා) සැලකේ.

පැනමා රාජ්‍ය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය
කැල්සියම්" හෝ "සෝඩියම් හයි‍ෙඩ්රාක්සයිඩ්"  මිලි ලීටර් 1 ක්ජලය ලීටර් 1 දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක්මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රාවණයකින්බාස්කට් එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක්දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 කාලයක්තැබීමෙන් ද්‍රාවණයකින් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 කාලයක්නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිම ඉදවීම කළ හැකිය.



මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක්වන අතර, එත්රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්,එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේකිරීමටහෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක්පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්ෂක වාර්තාවක්කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්තිමත් නීති රෙගුලාසි මෙතෙක්සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදුකිරීම දුෂ්කර කාර්යක්ව ඇත.
කෘත්‍රිමව ඉදවන ලද පලතුරු හදුනාගන්නා අ‍ාකාරය පසු ලිපියකින් සොයා බලමු.


පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී- අඹන්ගගකෝරළේ