April 11, 2018
මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මියයන තල්මසුන්
පසුගිය ජනවාරි මාසයේදී මියගිය පිරිමි
ස්පම් තල්මසෙක් (sperm whale) දකුණු ස්පාඤ්ඤයේ මූර්සියානු වෙරළ තීරයට
ගොඩ ගසා තිබේ. ප්ලාස්ටික් සුන්බුන් කිලෝ ග්‍රෑම් 29 ක් (රාත්තල් 64 ) ගිලීම නිසා
හටගත්
ආමාශයික
කම්පනයකින් මෙම අවාසනාවන්ත සත්වයා මිය ගොස්
ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වි ඇත.
කඹ, දැල්, ප්ලාස්ටික් බෑග්, රාෆියා ගෝනි සහ ප්ලාස්ටික් කෑන් ආදී මිනිසා
විසින් ඇති කරන අපද්‍රව්‍ය ස්පර්ම් තල්මසාගේ ආමාශය හා බඩවැල් තුල තිබී හමුවූ බව ප්‍රාදේශීය
අධිකාරීන් පසුගිය සිකුරාදා නිවේදනය කරන ලදී.
El Valle වනජීවී ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානයේ
විශේඥයෝ විශ්වාස කරනුයේ මීටර 10 ක් (අඩි 33) දිග හා ටොන් 6.6 ක් බර තල්මසා මිය
යාමට හේතුව උගේ උදරයේ අන්තර් බිත්ති තුල ඇතිවූ ඉදිමුම සහිත දැවිල්ල (ප්‍රදාහය) බවයි.
එය බැක්ටීරියා සහ දිලිර
ආසාදනයක
ක්‍රියාරම්භකය වේ. එසේම එය ශරීරය තුල වූ විශාල ප්‍රමාණයක දිරවා ගත නොහැකි වූ
ප්ලාස්ටික් වල ප්‍රතිපලයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති.
අප විසින් ඉවතලු ප්ලාස්ටික් සංඝටක නිසා
තල්මසුන් මිය ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. කනගාටුදායක ලෙස මෙය වඩ වඩාත් පොදු වන තත්ත්වයක්
ඇති වි තිබේ. 2016 දී, ස්මර්ට් තල්මස් 13 ක තොගයක් උන්ගේ ආමාශ
තුල ප්ලාස්ටික් කුණු සහිතව ගොඩ බිමට ගසාගෙන විත් තිබේ. මීටර් 13 (අඩි 43) දිගු
ධීවරයෙකුගේ දැලක් සහ සෙන්ටිමීටර් 70 ක් දිගැති මෝටර් රථ ප්ලාස්ටික් ෂීට් එකක් මෙම
කුණු තුල තිබී ඇත. උදරයේ ප්ලාස්ටික් බෑග් 30 ක් සමඟ තවත් මිය ගිය තල්මසෙක් සොයා ගෙන
ඇත.
අද ලෝක සාගරවල පාවෙන ප්ලාස්ටික් ටොන්
ට්‍රිලියන 5.2 ක් පමණ තිබිම නිසා මෙම ගැටලුව තවදුරටත් වර්ධනය වෙනු ඇති අපේක්ෂා කෙරේ.
ආක්ටික් හා ගැඹුරු මුහුද වැනි ඈත පිටිසර ප්‍රදේශ වලද මෙම තත්වය දක්නට ලැබේ.
කෙසේවෙතත් මූර්සියානු වෙරළ සිද්ධිය සැළකීමේදී එහි කලාපීය රජය විසින් ප්ලාස්ටික්
දූෂණයෙන් මුහුදු ජීවීන් ආරක්ෂා කිරීම සහ සාගරවලින් තවත් මිනිස් කුණු කදු ඇතිවීම වැළැක්වීම
සඳහා වැඩපිළිවෙලවල් කිහිපයක්ම දියත් කර ඇත. 2030 වන විට සියළුම ප්ලාස්ටික් නැවත
භාවිත කළ හැකි හෝ ප්රතිචක්රීයකරණය කළ හැකි වන ඉලක්කයක් සහිතව යුරෝපා සංගමයද
මෑතකදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැළැක්වීමේ ක්රමෝපායන් දියත් කළේය.
අන්තර්ජාලයේ
පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/SSdyUGvSutU?t=89
April 9, 2018
කුරුලෑ සහ පරිණාමය
මනුෂ්‍යයින් ලෙස අපට ලොකු සතුටක් ඇත. ඒසමගම අනේකවිධි
බිල්පත් ගෙවීමට මෙන්ම අස්ථිර අර්බුද වලට මුහුණදීමට අපට සිදුවේ. බොහෝ සතුන්ට නොමැති
නමුත් මිනිසුන්ට කුරුලෑ වලින් සාපේක්ෂව මෙතරම් පිඩා ඇතිවීමට හේතුව කුමක්ද? එය
මිනිසාගේ පරිණාමිය ඉතිහාසය හා බැඳී තිබේද?
Acne Vulgaris ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන
කුරුලෑ, සමේ ඇති තෙල් සහ මියගිය සෛල නිසා රෝමකුප ඇහිරීම මගින් ඇතිවේ යයි සාමාන්‍යයෙන්
සැලකේ. සමේ චර්ම ස්ථරයේ ආසාදන ඇතිවීම නිසා රතු කුරුලෑ ගැටිති ලෙස කුරුලෑ මතු වේ.
බාහිර සම මතුපිට සහ ගැඹුරු සිදුරු තුල පවතින සාමාන්‍යයෙන් උපද්‍රවයක් නොකරන
බැක්ටීරියාවක් වන Propionibacterium
acnes වලට
ප්‍රතිචාර ලෙස කුරුලෑ ඇතිවේ.
බොහෝදෙනෙක් අපේක්ෂා කරන පරිදි අපිරිසිදු බව
කුරුලෑ සඳහා බොහෝසේ බලනොපාන නමුත් ආහාර රටාව සහ ජාන ඒ සඳහා බලපෑම් කරයි. එය ලොව
පුරා පවතින ඉතාමත් පොදු රෝගයකි. එහෙත් පැපුවා නිව් ගිනි හි Kitavan දුපත් වැසියන්
තුල මෙම රෝගය දුර්ලභ බව පැවසේ. වැඩිවියට පත්වන යෞවොනොදයේ මුල් අවධියේදී කුරුලෑ
මතුවීම සාමාන්‍යයෙන් අත්දකිනු ලැබේ. හෝමෝන වෙනස් වීම හේතුවෙන් සමෙහි ස්නේහමය ග්‍රන්ථි
සහ Sebum නම් තෙල් ශ්‍රාවය මේ සඳහා බලපාන බව හඳුනාගෙන තිබේ. බොහෝ ක්ෂීරපායි සතුන්
sebum නිපදවීම මගින් සෑදෙන ඉටි ආලේපනය වැනි ආවරණයක් නිසා සම සිදුරු කර ගෙන යාහැකි
විෂබීජ වලින් ආරක්ෂා වෙයි.
අනෙකුත් පරිණාමිය පුර්ව ජාතකයන්ට වඩා
මිනිසා පරිණාමනය වීමේදී සලකියයුතු ප්‍රමාණයකින් ලෝම (කෙස්) අඩු වීම නිසා මෙම
ගැටලුව පැන නැගී ඇති බව වාර්තාවේ සදහන්ය. කෙසේවෙතත් අපගේ ශ්‍රාවක ග්‍රන්ථින්
අඛණ්ඩව සමේ ඇති sebum සාමාන්‍ය ප්‍රමාණයක් ඉවත් කරයි. මෙලෙස ශ්‍රාවය වන sebum
ස්නේහය උරා ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයකින් ලොම් අප ශරීරයේ නොමැති වීම මිට හේතුව බව
පරිනාමවේදී න්‍යායවාදීන් වන Stephan Kellet සහ Paul Gilbert ප්‍රකාශ කරති.
ලෝම වලින් පිරුණු නිරුවත් hominid
වරුන්ගේ සිට වර්තමානයේ සෘජුව සිටගත් මානවයා බවට මිනිසා පරිණාමනය වීමෙන් ලද ප්‍රතිපලයක්
ලෙස කුරුලෑ සැලකිය හැකි බව මෙමගින් දක්වා සිටියි. එය මිනිසා නොනැසී පැවති සිටීමට
හෝ ප්රතිජනනයට බාධාවක් නොවන නිසා මිනිස් ජාන වල එය තවදුරටත් පවතියි.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව
ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
පෘතුගාලයේ විදුලිබල භාවිතය ඉක්මවා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය
පෘතුගාලයේ පුනර්ජනනීය විදුලි උත්පාදනය
දශක හතරකට පසු පළමු වතාවට එරට විදුලි බල ඉල්ලුම ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. ඇත්ත
වශයෙන්ම, මාර්තු මාසයේ දී, රටේ බලශක්ති පරිභෝජන අවශ්‍යතාවයෙන්
සියයට 103.6 ක් පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයෙන් සපයා ඇත.
මාර්තු මාසයේ සමහර දිනවල ඇති වූ ඉල්ලුම
සපුරාලීමට පොසිල ඉන්ධන අවශ්‍ය වි තිබුණු නමුත් සමස්තයක් වශයෙන් පිරිසිදු බලශක්ති ප්‍රමාණයක් භාවිතා
විය.
පෘතුගීසි පුනර්ජනනීය බලශක්ති සංගමය සහ
ZERO තිරසාර කණ්ඩායම විසින් මෙම වාර්තාව සපයා ඇති අතර ඒ සදහා දත්ත ලබා ගැනීම වර්තමානයේදී අපහසු වූ නමුත් පෘතුගාලයේ සම්ප්‍රේෂණ
පද්ධතිය ක්රියාකරවන්නන්ගේ (REN) දත්ත භාවිතා කර වාර්තාව සකසා තිබේ.
අවමය ලෙස මාර්තු 7 වන දින විදුලිය
ඉල්ලුමෙන් සියයට 86 ක පුනර්ජනන බලශක්ති භාවිතය
වාර්තා වන අතර උපරිමය ලෙස මාර්තු 11 වන
දින සියයට 143 ක පුනර්ජනන බලශක්ති භාවිතය වාර්තා වේ. මේ සදහා ජල විදුලි බලයේ දායකත්වය සියයට 55 ක්ද සුළං විදුලි බලයේ දායකත්වය 42% ක්ද විය.
2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත්වීමට
පෘතුගාලය අරමුණු කර තිබේ. එබැවින්, මෙම
දත්ත
ඔවුන් සතුටට පත් කරනවා නොඅනුමානය. කෙසේවෙතත්, පිරිසිදු බලශක්ති විප්ලවයක් ලොව පුරා ඇති කිරීමට බලාපොරොත්තුවන අය
සඳහා අවශ්‍ය වන සීමාවන් කිහිපයක් තිබේ.
මෙම තත්වය පෘතුගාලයට විශේෂිත වූ අතර, එය සාපේක්ෂව ඉතා කුඩා කාබන් පියසටහනක්
සහ අද්විතීය බලශක්ති සැපයුම් තත්වයකි.
මිලියන 10.3 ක ජනගහනයක් ජීවත් වන ප්‍රධාන
ගෝලීය අගනගරයක විශාලත්වයෙන් යුත් මෙරට මෙම නව වාර්තාව ඉතා සිත්ගන්නා සුළු වුවත්,
පිරිසිදු
බලශක්ති විප්ලවයක් සඳහා ලොව පුරා පවතින අධික විදුලි ඉල්ලුමක් සහිත සංකීර්ණ දේශපාලන, යටිතල පහසුකම්, ආර්ථික විචල්‍යයන් වැනි
සීමාවන්ද සැලකිය යුතුවේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභවයන්
ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/afrD-MwxniE?t=4
April 6, 2018
FB භාවිතය හා Cortisol
නව අධ්‍යයන වාර්තාවකට අනුව Facebook භාවිතයෙන්
වැළකීම ශරීරයේ cortisol මට්ටම පහත වැටීමට
හේතු වේ යැයි දැක්වේ. Cortisol හෝමෝනය හා ආතතිය අතර සම්බන්ධතාවයක් පවතියි.
Cortisol මට්ටම ඉහළ අගයක් ගැනීම දීර්ඝකාලීන
වශයෙන් සෞඛ්‍ය ගැටළු මතු කරන බව සැළකු විට මෙය ප්‍රයෝජනවත් අධ්‍යනයක් ලෙස සැලකිය
හැකිය.
එහෙත් නව අධ්‍යනය මෙහෙය වූ Queensland විශ්ව විද්‍යාලයිය කණ්ඩායම පවසන්නේ එය ඊට වඩා
මදක් සංකීර්ණ බවයි. සාමාන්‍යයෙන් දින කිහිපයක් Facebook භාවිතා කිරීමෙන් වැළකීම
මගින් cortisol මට්ටම පහත වැටෙන නමුත් භාවිතා කරන්නන්ගේ හැගීම් සැළකු විට ඔවුන්ගේ
තෘප්තිමත් බව හීන වි ඇති බව හඳුනාගෙන තිබේ. එහෙත් නැවත FB භාවිතය ආරම්භ කළ විට
ඔවුන් නැවත සතුටට පත්වන බව අධ්‍යනයේ කතෘන් විසින් සඳහන් කර ඇත.
කණ්ඩායම් දෙකක FB භාවිතා කිරීමේ අධ්‍යනයක වාර්තාවක් පර්යේෂක කණ්ඩායම
විසින් Social Psychology
සගරාවේ පළ
කර තිබේ. පිරිමි 51 ක් හා කාන්තාවන් 87 ක් සමන්විත 138 ක කණ්ඩායමක් කාණ්ඩ දෙකකට
වෙන් කර පරික්ෂා කර තිබේ. පළමු කණ්ඩායම FB භාවිතය දින 5 කට අත්හැර දැමු අතර අනෙක්
කණ්ඩායම සාමාන්‍ය පරිදි FB භාවිතා කරන ලදී. කණ්ඩායමේ සියලු සාමාජිකයන් වයස අවු. 18
– 40 අතර අය විය.
පර්යේෂණ ආරම්භයට පෙර මෙන්ම පර්යේෂණයෙන් පසුව
Salvia පරීක්ෂණය ක්‍රියාත්මක කර ශරීරයේ cortisol මට්ටමේ වෙනස් වීම නිරීක්ෂණය කර
ඇත. එම අවස්තාවලදීම ඔවුන් තුල ගොඩ නැගුනු ආතතිය සහ ශරීර සුවතාව මිනුම් ගත කර තිබේ.
FB පරිහරණය තාවකාලික නැවතූ අය තුල අඩු cortisol
මට්ටමක් මෙන්ම අඩු ජිවිත තෘප්තියක් අත්දකින බව නිරීක්ෂණය වි තිබේ. සාමාන්‍ය පරිදි
FB පරිහරණය කාල අය තුල ඔවුන්ගේ සතුට අඩු නොවූ බවද වාර්තා වි ඇත.
අධ්‍යනයේ ප්‍රතිපල අනුව දර්ශ්රිය FB පරිශීලකයන්
සමාජ දත්ත විශාල ප්‍රමාණයක් කලාතුරකින් ලබා ගන්නා බවත් FB විවේකය ( අඩු වශයෙන්
කෙටි කාලයකට හෝ) මගින් මෙම ආතතිය වෙනස් කළ හැකි බවත් පර්යේෂකයෝ පවසති.
අන්තර්ජාලයේ පිලිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන්
සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
http://www.iflscience.comජානමය වශයෙන් වෙනස් කළ සේද පණුවන් නිපදවන සේද
පට පණුවන් ජානමය වශයෙන් වෙනස් කිරීම මගින්
පර්යේෂකයන් ස්වභාව ධර්මයේ නොපවතින සේද සැදීමට සමත් වි තිබේ. මිනිසා විසින් සාදන ලද
අනුකලනය වීමට සමත් ඇමයිනෝ අම්ල සහ කර්මාන්තශාලා සදහා ප්‍රයෝජනවත් සත්වයකු මෙමගින්
ප්‍රථම වරට නිර්මාණය කර තිබේ.
New Scientist සඟරාව වාර්තා කරන පරිදි වෛද්‍ය අවශ්‍යතා සදහා
වඩාත් සුදුසු සේද නිෂ්පාදනය කිරීමට හැකි සේද පණුවෙකු ජාන විද්‍යාව උපයෝගයෙන්
නිර්මාණය කිරීමට පර්යේෂකයන් සමත් වි තිබේ. මෙම සේද ශරීර අභ්යන්ත්රයේ භාවිතයේදී
පවා ශරීර ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් ඇති නොරන බැවින් වෛද්‍යමය රෝපණ (medical
implant) ඇතුළු වෛද්‍ය ක්ෂේත්රයේ බොහෝ භාවිතයන් සදහා යොදා ගැනීමට හැකිවී ඇත.
සිල්ක් විශේෂයක් වූ මෙම රෙදි බොහෝ වෛද්‍යමය කාර්යයන් සදහා දැනටමත් අනුමත කර තිබේ.
පර්යේෂණාගාරය තුලදී ඉන්ද්රිය වර්ධනය කළ හැකි ලෙස
දණහිස් කාටිලේජ හා සැකිලි සදහා නව සේද වඩාත් සුදුසු වේ. සාමාන්‍යයෙන් සේද මත පිහිටවූ
සෛල හොදින් තැන්පත්වීම සිදුනොවන නිසා සේද
පණුවන් ජානමය ලෙස වෙනස් කර නව සිල්ක් සේද සෑදීමට පර්යේෂකයන් උනන්දු වි ඇත.
සිල්ක් සරලව ප්‍රෝටීන් වර්ගයක් වන අතර ඒවා සියල්ල
ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇති නිසා මෙම කාර්යය වඩා පහසු වි ඇත. ස්වභාවිකව DNA ප්‍රෝටීන
බවට පත්විමේ ක්‍රියාවලිය වෙනස් කිරීම මගින් මිනිසා විසින් කෘත්‍රිම AzPhe ඇමිනෝ අම්ලය නිපදවීමට සමත් විය.
නව ඇමිනෝ අම්ල අඩංගු කෘමි ආහාරවලින් පට පනුවා පෝෂණය කිරීමෙන් නව ඇමිනෝ අම්ල සහිත සිල්ක් සේද නිපදවීමට
පට පනුවා සමත් වි ඇත. ඒ සදහා සේද පණුවා ජානමය
වශයෙන් සංස්කරණය කළ බව ACS Synthetic Biology සඟරාවේ වාර්තා කර තිබේ.
නව සිල්ක් සේද වලට සෛල වලට අනුකුල වීමට ඉඩ හැරීමේ
හැකියාවට අමතරව වඩාත් දියුණු medical bandage (වෛද්‍යමය ආවරණ) සඳහා අවශ්‍ය සායම්
කිරීමේ (වර්ණ ගැන්වීමේ) හැකියාවද තිබේ. සායම් ගල්වා එම වර්ණ රඳවාගැනීමට සාමාන්‍ය
සිල්ක් රෙදි වල අපහසුතාවයද මෙමගින් මග හැරි ඇත.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන්
සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/E65l1Q1vUSA?t=2
April 5, 2018
මධ්‍යධරණී මුහුදේ ඩොල්ෆින් ධීවරයින්ගෙන් මසුන් සොරා ගනියිද?
තම ආහාරය සදහා ප්‍රමාණවත් මසුන් අල්ලා
ගැනීමට අපහසු වීම නිසා මාධ්‍යධරණී මුහුදේ ඩොල්ෆින් ධිවරයින් අල්ලා ගන්නා මසුන්
සොරා ගැනීමට පුරුදු වි සිටින බව වාර්තා වේ.
ගොඩ බිමදී සිදුවන මානව-වනජීවී ගැටුම්
පිළිබඳ අප බොහෝ දේ අසා ඇත. මුහුදේදී එවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වැඩි වෙමින්
පවතියි. උතුරු සයිප්‍රස් දියෙහි ඩොල්ෆිනයන් සහ ධීවරයන් අතර සම්බන්ධය ගැන සොයා බලන
පර්යේෂකයින් ඩොල්ෆින් සතුන් ගැවසෙන විට ධිවර දැල් වලට සිදුවන හානිය හය ගුණයකින්
වැඩිවන බව නිරීක්ෂණය කර තිබේ. මේ පිළිබද තොරතුරු පත්‍රිකාවක් Human Ecology (මානව පරිසර විද්‍යා) සඟරාවෙහි පළ වි ඇත.
ඇතැම් ඩොල්ෆින් ආහාර ලබා ගැනීම
සඳහා ධිවර දැල් සොයමින් ක්‍රියාශීලි ලෙස හැසිරෙන බව Exeter විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා හා
සංරක්ෂණ මධ්‍යස්ථානයේ Robin
Snape ප්‍රකාශ කරයි. මෙය බොහෝවිට මුහුදේ මත්ස්‍ය තොග හිනවීම නිසා සිදුවන අතර එමගින් ධිවරයින් අල්ලා
ගනු ලබන මසුන් ප්‍රමාණය අඩු වනවා පමණක් නොව ධිවර දැල් අලුත්වැඩියාවටද වැඩි මුදලක්
වැය වේ. එනම් මත්ස්‍ය මිල ඉහළ යාම මෙන්ම ධිවර කර්මාන්තයටද හානි සිදුවේ.
මධ්‍යධරණී මුහුදේ බොහෝ ප්‍රදේශවල
ධීවරයන්ගෙන් බහුතරයක් සුළු පරිමාණයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු මට්ටමේ සිට දළ
වශයෙන් මීටර් 1.2 ක් (අඩි 4 ක් පමණ) උසට දැල් දැමීම සිදු කරති. මෙම දැල් වලින්
පහසු ආහාර වේලක් ලබාගැනීමට පුරුදු වූ සාමාන්‍ය bottle-nose ඩොල්ෆින් වර්ගය මත්ස්‍ය ඵලදාවෙන් 28% ක් පමණ
පරිභෝජනය කරන බව පර්යේෂකයින් විසින් සොයාගෙන තිබේ.
මත්ස්‍යයින් අනුභව කිරීම සදහා මෙම මුහුදු ක්ෂීරපායින් බොහෝ විට ධිවර
දැල් පලුදු කරන අතර එමගින් ඔවුන්ටද අනතුරු සිදු වේ. වර්ෂයකදී දැල්වල සිරවී අනතුරට
ලක්ව ඇති ඩොල්ෆින් ප්‍රමාණය 10 ක් ලෙස වාර්තා වි ඇති නමුත් එය පිළිගත නොහැකි බව ද, කෙසේනමුත් සෑම වසරකම ඉරා දැමු දැල් අලුත්වැඩියා කිරීමට යුරෝ දහස් ගණනක්
වියදම් කිරීමට ධීවරයින්ට සිදුවන බවද සදහන් වේ.
මත්ස්‍ය වෙළඳපොළ වැඩි ඉල්ලුමක් සහිත මත්ස්‍ය
විශේෂ සඳහා තවාන් (බෝකිරීමේ ස්ථාන) සෑදිමත් ඒවාට ඇතුළුවීම සිමා කිරිමත් මගින්
ඩොල්ෆින් මසුන් මෙන්ම ධිවර කර්මාන්තයද රැක ගත හැකි හෙයින් එය දෙපාර්ශවයම ජයග්‍රහණය
කරන ඵලදායි කළමනාකාරණ ක්‍රියාවලියක් බව කලාපයේ ධීවරයෝ ප්‍රකාශ කරති.
April 4, 2018
කෘත්‍රිම බුද්ධිය නව වයිරස් වර්ග 6000 ක් හඳුනාගනී.
සම්ප්‍රදායික ක්‍රම වලට වඩා වේගවත් හා සිත්ගන්නා
සුළු ලෙස වයිරස් වර්ගීකරණයට හැකියාව ඇති ප්‍රභල යාන්ත්‍රික ඉගෙනුම් අල්ගොරිතමයක් (මෘදුකාංගයක්
) සකස් කිරීමට පර්යේෂකයින් සමත්වී තිබේ. එම ඇල්ගොරිතමයෙන් නිමවූ කෘත්‍රිම බුද්ධිය
මගින් නව වයිරස් වර්ග විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. මානව සෞඛ්‍ය
සහ කාර්මික යෙදුම් සඳහා මෙම ප්‍රවේශය ඉතා වැදගත් ප්‍රතිපල ලබාදෙන බව Energy’s
Joint Genome ආයතනයේ එක්සත් ජනපද දෙපාර්තමේන්තුවේ Simon Roux, ඔහුගේ කණ්ඩායම විසින් inoviruses පිළිබඳ කරන ලද
පර්යේෂණවල වාර්තාව ඉදිරිපත් කරමින් දන්වා සිටි බව “Nature” සගරාව වාර්තා කර ඇත.
inoviruses යනු බැක්ටීරියාවන් ආසාදනය කරන ඉතා ප්‍රයෝජනවත්
වයිරස් පවුලක් (virus family) වේ. inoviruses මිනිසාට සෘජුව හානිකර නොවන නමුත්
සමහර අවස්ථාවලදී සෞඛ්‍යට තර්ජනයක් වේ. උදාහරණයක් ලෙස කොළරා බැක්ටීරියාව (Vibrio
cholera) වඩා විෂ සහිත කිරීමට inoviruses ට හැකියාව තිබේ.
දත්ත තුල ඇති රටාවන් නිරීක්ෂණය කර ඉගෙනීමට හැකිවන
පරිදි ක්‍රියාකිරීමට හැකියාව ලබාදෙන ඇල්ගොරිතමයක් යනු යාන්ත්‍රික ඉගෙනුමකි. එවිට යන්ත්‍රය කෘත්‍රිම බුද්ධියක් ලෙස ක්‍රියා
කරයි. එනම් මෙම ක්‍රියාවලියේදී ජානමය ද්‍රව්‍යවල විශේෂ රටාවන් හඳුනාගැනීමට යන්ත්‍රය
පුහුණු කර පසුව යන්ත්‍රයට (කෘත්‍රිම බුද්ධියට) විභවයක් සහිත inoviruses ස්වායත්තව වර්ගීකරණය කර ඉදිරිපත් කිරීමට හැකි වේ.
Raux ගේ පුහුණු කිරීමේ ප්‍රවේශය දෙයාකාර විය. පළමුව
දැනට විද්‍යාව හදුනාගෙන ඇති inoviruses ට අයත් ජාන අනුපිලිවෙල/පරම්පරා 805 ක් ඇල්ගොරිතමයට ඇතුළු කරන ලදී. ඉන්පසුව මෙම
මෘදුකාංගයට වෙනත් වයිරස් හෝ බැක්ටීරියාවලට අයත් ජාන
අනුපිලිවෙල/පරම්පරා 2000 ක තොරතුරුද සපයන ලදී.
මෙහිදී නිවැරිදි ලෙස inoviruses පමණක් තෝරාගැනීමට මෘදුකාංගය සමත් විය.
මෙලෙස පුහුණු කළ මෘදුකාංගය පසුව සුවිශාල ජාන දත්ත
ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට භාවිතා කරන ලදී. මෘදුකාංගය inoviruses 10,000 කට වඩා
සොයා ගෙන ඇත. ඉන්පසුව සොයාගත් inoviruses අදාල විශේෂ සදහා වෙන් කරන ලදී.
මෙම අධ්‍යනයට පෙර Raux විසින් සොයාගන්නා ලද inoviruses
විශේෂ 100 කට වඩා අඩුවූ නමුත් නව මෘදුකාංගය (කෘතීම බුද්ධිය) නිසා virus විශේෂ 6000
කට වඩා හඳුනාගැනීමට හැකි වි තිබේ. මෙතරම් විශාල ප්‍රමාණයක විශේෂ තිබීමට නම්
inoviridae පවුල සත්‍යවශයෙන්ම බහුවිධි පවුල් විය යුතු බව Raux පවසයි. තවද මෙම ප්‍රතිපල මානව සෞඛ්‍ය සහ කාර්මික
යෙදුම් සඳහා බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන්
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර
“Atacama Alien” අද්භූත පිටසක්වල ජීවියාගේ අභිරහසට විසඳුමක්
පිටසක්වල ජීවියෙක් යයි සැක කළ චිලී
දේශයේ Atacama කාන්තාරයෙන් හමුවූ “Atacama Alien”ලෙස ප්‍රසිධියට පත් මමියේ අභිරහස නිරාකරණය කළ බව
වාර්තා වේ .බෙහෙත් ගල්වා සංරක්ෂණය කළ මමියක් ලෙස දිස්වූ මෙම මමී ඇටසැකිල්ල පිලිබදව
වසර 5ක කාලයක් සිදුකල ජාන පරීක්ෂණ එය පිටසක්වල ජිවියෙකුගේ නොව විරූපී මනුෂයෙකුගේ බවට
සනාථ කර ඇති බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ. සම්පුර්ණ ජානමය අනුක්‍රමය/පරම්පරා
පරික්ෂා මගින් මමියේ අද්භූත ස්වරුපයට හේතුවූ වෛද්‍යමය කරුණු විකලාංගතාව පිළිබඳ පෙර
නුදුටු සියුම් දෘෂ්ටියක් ලබාදීමට සමත් වි
තිබේ.
විරූපී මුහුණ හා අස්ථි, නොමේරු සන්ධි සම්බන්ධතා, කුරුබව
වැනි විකෘති ජාන සම්බන්ධතා හතක් ඇති Ata ශේෂ වලින් ලබාගත් DNA පරීක්ෂාවන් පිළිබඳ
බොහෝ විස්තර අධ්‍යන වාර්තාවේ පළකර ඇත. එහි සදහන් භෞතික සංවර්ධනයට බලපාන ජාන වල
සිදුවන අසාමාන්‍යතා කිහිපයක්ම මින්පෙර හඳුනාගෙන නොතිබිණි.
අත්හැරදැමු පල්ලියක් අසළ සුදු රෙදි කඩකින් ආවරණය කර වල දමා තිබි 2003
වසරේදී සොයාගත් මමිය පිලිබදව මාධ්‍ය
දැක්වූ උනන්දුව නිසා එයට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. අත්හැරදැමූ පල්ලිය පිහිටි La
Noria හි පතල් කර්මාන්තයක් පැවතී Ghost Town නම් අනවර්ථ නාමයෙන් හැදුන්වූ නගරයෙන්
මමිය හමුවීම නිසාද මෙම අද්භූත ජීවියා
පිළිබඳ සැක පහල වි තිබේ. සෙ.මි. 15 (අඟල් 6) ක් උස, කේතුවක ආකාරයේ හිසකින් යුත් මනුෂ්‍යාභ
සැකිල්ලේ ඇස් කුහර වාමගතව පිහිටා ඇති අතර අසාමාන්‍ය ඉලඇට ප්‍රමාණයකින්ද සමන්විත
විය.
මමියේ ස්වරුපය පිළිබඳ තොරතුරු වලින් කුතුහලයට පත්ව
පරික්ෂා කිරීම් සඳහා ඉදිරිපත්වූ Stanford විශ්ව විද්‍යාලයේ ආචාර්ය Garry Nolan හා
කණ්ඩායම විසින් කළ ජාන පරීක්ෂණ 2013 වසරේදී සම්පුර්ණ කරන ලදී. එහෙත් මෙම ප්‍රතිපල
බොහෝ විවාදයන්ට භාජනය විය. වැඩිදෙනෙකුගේ අදහස වුයේ Ata බොහෝ පැරණි ශෝෂණය වූ නොමේරු
ගර්භයක් බවයි. එහෙත් බහුවිධි පරීක්ෂණ මගින් මමිය අවුරුදු 40 කට වඩා පැරණි නොවන බව
හෙලිවිය. තවද ඇටසැකිළි නිදර්ශක අනුව එය වයස අවුරුදු 6 ත් 8 ත් අතර කාලයේදී මියගිය අයෙකුගේ
බවද සනාථ වි තිබේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන්
සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/WwfeRDPyjdc?t=32
April 3, 2018
නිරෝගී හිස කෙස් සදහා
Castor oil
හිස කෙස් ගැලවී යාමට වැලැක් වීමට වැදගත්
වේ.එරඩු තෙල් හිස මත සම්භාවනය කරන පැය භාගයක් තබා
ෂැම්පූ යොදා ස්නානය කිරීම මගින්
හිස කෙස් ගැලවී යාම වලක්වා ගත හැකි වනු ඇත.
එරඩු
තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින් හිස කෙස් වර්ධනය උත්තේජනය කර ගත හැක.
April 2, 2018
මුරුංගා
Moringa oleifera යන විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන
මුරුංගා විශාල ගසක් වන අතර එහි නිජ බිම උතුරැ ඉන්දියාව වේ.
මෙම ගස විවිධ නම් වලින් හදුන්වනු ලැබේ.
drumstick tree
horse radish tree
මුරුංගා විටමින් සහ ඛනිජලවණ බහුල ආහාරයක් වන අතර අමු පොඩි කරන ලද ලද පත්‍ර 21 g වල අඩංගු පෝෂක ප්‍රමාණය
පහත පරිදි වේ.





















