Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 2, 2018

2050 දී විශ්මිත ලෝකය පිළිබද තොරතුරු රැසක්

2017 දී මෙහෙම වුණාට 2050 දී අපේ දවස කොහොම ගතවෙයිද?අපි ජීවත් වෙන ලෝකය මොන වගේ තැනක් වෙයි ද? මේ ඒ ගැන පොඩි විමසුමක්බහුතරයක් වයස්ගත අය සෑම හය දෙනෙකුගෙන් ම එක් අයෙක් වයස හැට ඉක්ම වූ අයෙකි.2050 දී දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය ඉහළ ගියද සංවර්ධිත රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. එම රටවල උපත් අනුපාතයේ පහළ යාමක් සිදු වෙනවා. නමුත් උපතේදී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් වයස 76 ඉක්මවා යාහැකි බව යි දැනට පවතින මතය වන්නේ.

මේ හේතුවෙන් ලෝකයේ සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස හැට ඉක්මවූ අයෙක් බවට පත් වෙනවා. එසේම වයස්ගත ජනගහනය වැඩි වීම නිසා වයස හා සම්බන්ධ චිත්ත වික්ෂේපය (Dementia) වැනි රෝගයන්ගෙන් පෙළන පුද්ගල සංඛ්‍යාව දැන් පවතින අගය මෙන් තුන් ගුණයකින් ඉහළ යනවා. එසේම පිළිකා සහ දියවැඩියා රෝගීන් සංඛ්‍යාවද දෙගුණයක් වන්නේ සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් ම එක් අයෙක් ගොදුරු කර



සෑදීමටරොබෝවරුන් නිර්මාණය කිරීම කෙරෙහි ලෝකයේ බලවත් රටවල් කිහිපයක ම අවධානය යොමුව ගනිමින්. ඒ නිසා දැනටම වැඩිහිටියන්ගේ කායික සහ මානසික අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට අවැසි තිබෙනවා.

2050 දී ලෝකය ජනගහනය බිලියන 9.6 ක්

දැනට දළ වශයෙන් ලෝක ජනගහනය බිලියන හත ඉක්මවා ගිහින්. නමුත් 2050 වසරේ දී මේ අගය මෙයට වඩා බොහොම ඉහළ අගයක් ගන්නා ඇති බවට විවිධ මූලාශ්‍ර අනාවැකි පළකරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව එය බිලියන 9.6 කට ආසන්න අගයක් ගන්නවා. දැනට ඇති අගය මෙන් 30% ඉක්ම වූ වැඩි වීමක්  දැනටම මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරගලයක යෙදෙන දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය 2050 දී අනෙක් රටවල සාපේක්ෂ ව ඉහළ අගයක් ගැනීම නොවැළැක්විය හැකි නිසා ගෝලීය වශයෙන් උපත් පාලන ක්‍රම සහ ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය පහසුකම්
වැඩිහිටි ජනගහනයට විවිධ රෝගාබාධවලින් පීඩා විඳීමට සිදු වුවද 2050 දී ලෝකයේ ළමා සහ තරුණ ජනගහනයෙන් බහුතරය ඉතා නිරෝගී අයයි. එයට හේතුව ලෙස ඉහළ වෛද්‍ය පහසුකම් වර්ධනය වීම හඳුන්වන්න පුළුවන්.දැනට වාර්ෂික ලෝක ජනගහනයෙන් මිලියන දෙකක පමණ පිරිසක් මැලේරියා සහ ඒඩ්ස් වැනි රෝගයන් හේතුවෙන් මිය ගියද 2050 වසර වන විට අඩ සියවසක් තිස්සේ සිදුවූ විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙවැනි රෝග සඳහා සාර්ථක එන්නත් සොයා ගැනීම සිදුවනු ඇතැයි විශ්වාස කරනවා. එසේම විද්‍යාඥයින්ගේ මතය වන්නේ බොහෝ ඖෂධ නිපදවීම සඳහා දුම්කොළ සහ පොපි මල් යොදා ගනු ඇති බවයි.


මිල අඩු එහෙත් බලයෙන් වැඩි පරිගණක
ඉදිරියට එළැඹෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයක්. පරිගණක විද්‍යාඥයින්ගේ මතය අනුව 2050 දී දැනට පවතින පරිගණක මෙන් දහස් ගුණයක් බලයෙන් වැඩි පරිගණක නිපදවීම සිදු වෙනවා.

ඒ අනුව වර්තමානයේ දී ඇමෙරිකානු ඩොලර් 500 ක් ගෙවා මිල දී ගන්නා පරිගණක කොටසක් අනාගතයේ දී ඇමෙරිකානු ඩොලර් .50 ක් වැනි ඉතා සුළු මුදලකට අලෙවි විය හැකියි. මේ හේතුවෙන් ලෝකයේ සෑම දෙනාටම පාහේ පරිගණක භාවිතය සඳහා දොරගුළු විවර වෙනවා. එසේ ම 2050 දී පරිගණකය හරහා අපගේ මොළයේ විද්‍යුත් සංස්කරණයක් ඩිජිටල් අවකාශයට upload කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව කැමති අයෙක්ට පරිගණක මතකයක් ඔස්සේ ජීවත්වීම පිළිබඳ සාම්ප්‍රදායික මතය අබිබවා ගිය සදාකාලික ජීවිතයක් ළඟා කර ගත හැකියි.

සම්පත් හිඟතාවය නිසා ප්‍රතිචක්‍රීයකරණය කරා
සම්පත් රැක ගැනීමට ප්‍රතිචක්‍රීයකරණය (recyclepoints.com)

2050 දී ලෝකය තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉහළම ස්ථානයක සිටියද බිලියන නවය ඉක්මවාගිය පුද්ගල සමූහයකගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා පවතින ස්වභාවික සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂයව යාම නතර කිරීම හෝ යළිත් වරක් කෘතිමව ස්වභාවික සම්පත් උත්පාදනය කිරීම සඳහා එයට කළ හැකි දෙයක් පවතින්නේ නැහැ. ඒ අනුව මිනිසාගේ සුවතාවය සහ පාරිසරික සුවතාවය අතර පවතින සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා සාකල්‍ය සුවතාවයනම් සංකල්පයක් හඳුන්වා දෙනවා.

ඒ අනුව හුදෙක්ම සම්පත් ප්‍රතිචක්‍රීයකරණය කරනවා වෙනුවට ලෝහ වර්ග සහ තෙල් අණු නැවත භාවිතා කිරීමේ ක්‍රමවේදයක් වර්ධනය කිරීම සිදුවෙනවා. මෙසේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයේ වර්ධනය නිසා වර්තමානයේ දී මෙන් 2050 දී ප්‍රතිචක්‍රීයකරණය හේතුවෙන් අදාළ නිෂ්පාදිතයේ වටිනාකම හෝ තත්ත්වය බාල වීමක් සිදු වන්නේ නැහැ.

එසේම භාණ්ඩ නිෂ්පාදනයේ දී ඒවායේ සැබෑ වටිනාකම 100% ක් ආරක්ෂා වන ආකාරයට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි වන ලෙස එම ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු වෙනවා.

මූලික ශක්ති ප්‍රභවය ලෙස හිරු එළිය
2050 වසරේ දී වාහන හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාවේ යෙදවීම සඳහා තව දුරටත් ඛනිජ තෙල් අවශ්‍ය නොවුණද ගුවන් යානා ඉන්ධනයක් ලෙස එය තව දුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පවතිනවා.

නමුත් අනෙකුත් කටයුතු බොහෝමයක් සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රභවය ලෙස යොදා ගන්නේ හිරු එළියයි. මේ අනුව සූර්ය ශක්තිය එක් රැස් කිරීම සඳහා 2030 වර්ෂය වන විට සහරා කාන්තාරය වැනි ප්‍රදේශවල දැවැන්ත සූර්ය බලශක්ති මධ්‍යස්ථාන ගොඩ නැංවීම ආරම්භ කිරීම දැකීමට අපට හැකියාව ලැබෙයි.

එසේම හිරු එළියට අමතරව තවත් වැදගත් ශක්ති මූලාශ්‍රයක් ලෙස ඉතා විශාල ලෙස න්‍යෂ්ටික බලය භාවිතා කිරීම සිදුවෙනවා.භාණ්ඩ යැවීමට ඩ්‍රෝන යානා

අනාගතයේදී රෝහල් වැනි ස්ථාන සඳහා හෝ විශාල ඇසුරුම් යැවීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීම සිදුකරනු ඇතැයි මත පළවී තිබෙනවා. එසේම ගොඩනැගිලි නිර්මාණය, නිෂ්පාදන ක්‍රියාවලි සහ අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු සඳහා තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ මගින් බලාපොරොත්තු වන්නේ රැකියාවේදී සිදු වෙන අනතුරු සැලකිය යුතු තරම් අඩු කර ගැනීමයි.

එසේම 2050 වසරේදී අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය මගින් විශාල රුකුලක් ලබා දෙනවා. පළමු ලෝක සංග්‍රාමය පිළිබඳව පෙළපොත් මගින් හැදෑරිමේ කාලය අවසන් වී අධි තාත්වික ඩිජිටල් නිර්මාණ ඔස්සේ සිසුන්ට සැබෑ ලෙසම පළමු ලෝක සංග්‍රාමය තුළට පිවිසීමට අවස්ථාව උදාවෙනවා.

ගූගල් සමාගම දැනටමත් මේ සඳහා මූලික අඩිතාලම දමා අවසන්. එහි ප්‍රතිඵලයක් ලෙස සජීවිකරණ ඉගෙනුම් අත්දැකීමක් සඳහා Google Play Store හරහා Google Expeditions බාගත කර ගැනීමට හැකි යි.

පාරිසරික ගැටලු

ඉහළ යන ජනගහනය, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව සහ ස්වභාවික සම්පත් ක්ෂය වීම යන හේතූන් නිසා 2050 දී දැන් පවතින තත්ත්වය මෙන් 50% ගුණයකින් පාරිසරික ගැටලු ඉහළ යාම සිදු විය හැකියි. ඒ අනුව ලෝකයාට මුහුණ දීමට සිදු වන අනාගත පාරිසරික අභියෝගයන් ලෙස උෂ්ණතවය ඉහළ යාම, ග්ලැසියර දියවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මුහුදු ඛාදනය සිදු වීම, ජෛව විවිධත්වයේ බිඳ වැටීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන පහළ වැටීම හඳුනාගෙන තිබෙනවා.

නමුත් මෙයට වඩා හාත්පසින්ම වෙනස් මතයක්ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව දැනටම රටවල් පරිසරය සුරැකීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගෙන ඇති නිසා අනාගතයේ දී අදට වඩා හරිත පැහැ ලෝකයක් බිහිවීමට හැකියාවක් ඇති බවයි ඇතැම් විද්‍යාඥයින්ගේ මතය වන්නේ.

මේ ආකාරයට 2050 දී ලෝකය පැවතිය හැකි ආකාරය පිළිබඳ ව නොයෙකුත් මත පළ වී තිබෙනවා.

බුද්ධිමත්ව සිතා බලා මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව අනෙකුත් සතුන්ට මෙන්ම පෘථිවි තලයටද යහපතක් වන ලෙස ක්‍රියා කළහොත් අප සැමට දීප්තිමත් අනාගතයක් හිමි කරගන්නට හැකියාව ලැබේවි නේද මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද?
අන්තර්ජාලය ඇසුරෙන් 

විද්‍යා හා තාක්ෂණ නිලධාරි, පාදුක්ක

යෝග විද්‍යාව


යෝග යනු අවුරුදු 500 පමණ පැරණි වූ හින්දු ශික්ෂණ පුහුණුවකි. එය ශරීරයේ ඉරියව් පවත්වා  ගැනීම, භාවනාව හා ස්වසනය පාලනය කිරීම සිදු කරන ව්‍යායාම්  වර්ගයකි. යෝගවල යනු සමූහයක හා එක්සත්බවයි. වේගය වෙනස් කිරීම, ව්‍යායාම් ක්‍රම, ස්වසන හා භාවනාව හා නම්‍යශීලී ව්‍යායාම් වලින් විවිධ පේශි වලට ව්‍යායාම් ඇති කරයි.




යෝග වලින් ලැබෙන ප්‍රයෝජන

1.       පේශිවල ශක්තිමත් බව හා රිද්මය ඉහළ නංවයි.
යෝග ව්‍යායාම් කරන අය අන් අයට වඩා ශක්තිමත් බවෙන් වැඩිය. යෝග ව්‍යායාම් වලදී හොද රුධිර සංසරණයක් සිදුවන බැවින් ශරීරය තුල  රුධරයේ යකඩ අයන  ගලායාම හොදින් සිදුවේ. මාංශපේශි වල, අස්ථි, කකුල්, අත්වල බාහු ශක්තිමත් වේ.

2.       නම්‍යශීලීභාවය ඉහළ නංවයි
යෝග ව්‍යායාම් වලදී මාංශ පේශි ඇදීමට ලක්වන නිසා ඒවා නම්‍යශීලී වේ. බොහෝ පුද්ගලයින්ගේ මාංශපේශී නිසි අයුරින් ක්‍රියා නොකිරීම නිසා තද භාවයට පත්ව ඇත. අද වන විට එක ස්ථානයක  වාඩි වි සිට විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය, සුවපහසු වාහන, ගෙවල්, ගෘහ උපකරණ නිසා  මෙම තත්වය උද්ගත වී ඇත. යෝග ව්‍යායාම් නිරත වීම නිසා  මෙම තදවී ඇති මාංශපේශි ලිහිල් භාවයට පත්කර රුධිර සංසරණය නිසිලෙස ක්‍රමවත් කිරීම මගින් හිස කැක්කුම, මානසික ආතතිය අඩුවී ශරීරය ලිහිල් බවට පත් වීමෙන් ශරීරය චලනය කිරීම පහසු බව ඔබටම අත්විදිය හැක.

3.       ශක්තිය ඉහළ නංවයි
ශක්තිය වැයවූ විට කෝටිසෝල් හෝමෝනය අඩුවේ. නමුත් යෝග ව්‍යායාම් සමග ස්වස්න ක්‍රියාකාරකම් වලට අදාල ව්‍යායාම්ද සිදුවන බැවින් කෝටිසෝල් හෝමෝන ප්‍රමාණය ඉහළ  නංවන බැවින් වෙහෙස නිවා දමයි. දිග ඇදෙමින් සිදුකරන පේශි ව්‍යායාම් මගින් පණිවිඩයක් ඇතුලත ඉන්ද්‍රියන්ට ලබා දේ. එවිට ශරීර ඉන්ද්‍රයන්තුල විෂ මට්ටම් ඉහළයයි. නමුත් ක්‍රමානුකූල ස්වසන ක්‍රියාව නිසා විෂ ඉවත් කර අළුත් ඔක්සිජන් ලබාදී යථා තත්වයට පත්කරයි.

4.       ස්වසන ක්‍රියාකාරකම් වැඩි දියුණු කරයි

ස්වසන පද්ධතිය පෙනහළු, ස්වාසනාලය හා නාසය මගින් සමන්විතව පවතී. වාතය නාසය මගින් උගුරේ ඉහළ කොටසේ සිට පහළට ග්‍රසනිකාව හරහා පෙනහළු වලට ඔක්සිජන් ගෙන යාමත් නැවත අපිරිසිදු වාතය පිටකිරීමත් සිදු කරයි. ස්වසන ක්‍රියාකාරකම් පුහුණුව සමග යෝගා මගින් නියමිතව ස්වසනයෙහි නිස්කලංක, ශාන්ත බවක් හා සන්සුන් බවක් එක්කර ශ්වසනයට සමතුලිත බවක් ලබාදී  ශක්තිමත් ස්වසන යාන්ත්‍රණයක් ඇති කරයි. එය ශරීරයට අහිතකර ස්වසන පද්ධතියට බාධා ඇති කරන සංයෝග ඉවත් කරයි. හුස්ම ගැනීමේ අපහසුව ඇති අයට උපදෙස් මත පුහුණුව ලැබිය යුතුය. ආසාත්මිකතා ඇති අයට ආසාත්මිකතා ඉවත් කිරීමට යෝග ඉවහල්වේ.

5.       බර අඩුකර ගැනීම
යෝග යනු ඉතාමත් අඩුවෙන් සංඝට්ටනය වන ව්‍යායාමයකි. මෙම යෝග සන්ධි වලට සුදුසු නිසා ආතරයිටිස්, හන්දි ආබාධ ඇති අයට ද යෝග්‍යයි. සමබර පාලනය කරන ලද  ආහර රටාවක් සමග යෝග ව්‍යායාම් වල නිරත වන විට බර අඩුකර ගත හැක. යෝග මගින් මේද දහනයද කරයි.

6.       ආතතිය සමනය කරයි
ආතතිය නිසා හිසේ කැක්කුම මස්පිඩු තදවීම, බෙල්ලේ වේදනාව, නිදා ගැනීමේ අපහසුව ඇතිවේ. යෝග ක්‍රියාකාරකම් වල  යෙදීමේදී පරිවෘත්තීය ක්‍රියා ඉහළයාම සමතුලනය කරයි. එබැවින් රුධිරයේ විෂ ඉවත්වීම, වැඩි කැලරි දහනය හා පිරිසුදු කිරීම සිදුවේ. එමගින් හොද නින්දක් ලැබීම, මානසික සුවයක් ඇතිවීම නිසා ආතතිය සමනය වේ.

දීලීර රාජධානියේ අසිරිමත් ලොව අතීතයේ සිට පැවත එන යීස්ට් ගැන ඔබ දන්නවාද?

දිලීර රාජධානියට අයත් ඒක සෛලික ක්ෂුද්‍රජීවියෙක් ලෙස යීස්ට් හැදින්විය හැක. ප්‍රථම යීස්ට් ඒක සෛලික ජීවියා සම්භවය වී ඇත්තේ මිලියන සිය ගණනකට පෙරය. අද වන විට යීස්ට් විශේෂ 1500 පමණ හදුනාගෙන ඇත. සාමාන්‍යයෙන් මයික්‍රොමීටර් 3-4 විශ්කම්භයක් සහිත මොවුන් අලිංගිකව මෙන්ම අංකුරනය මගින් තම වර්ගයා ගුණ කර ගැනීමේ හැකියාව ඇත. යීස්ට් කාබනික සංයෝග ශක්තිය ලෙස භාවිත කරන අතර වර්ධනයට සූර්යාලෝකය අවශ්‍ය නොවේ.

බොහෝ යීස්ට් විශේෂ ග්ලුකෝස්, සුක්රෝස් හා පෙන්ටෝස් මත පරිවෘත්තීය ක්‍රියා සිදු කරයි. මොවුන්ට ස්වායු තත්ව යටතේ එනම් ඔක්සිජන් හමුවේ මෙන්ම ඔක්සිජන් රහිත නිර්වායු තත්ව යටතේද වර්ධනය විය හැක. යීස්ට් කාබෝහයිඩ්ට්‍රේට මත පරිවෘත්තීය ක්‍රියාකර පිෂ්ඨය කාබෝහයිඩ්ට්‍රේඩ් හා ඇල්කොහොල් බවට බිද දමයි. බොහෝවිට Sacchoomyces   Cerevisiae යීස්ට් බේකරි කර්මාන්තය සදහා යොදා ගනී. පිෂ්ඨය මත ක්‍රියාකර ඇති වන කාබන්ඩයොක්සයිඩ් එහි සිදුරු හා බුබුළු ඇති කිරීමට හේතුවේ. යීස්ට් රත් කිරීමේදී විනාශ වුවද මෙම සිදුරු නිසා නිෂ්පාදනයේදී සැහැල්ලු හා ස්පොන්ච් මට්ටමක් බේකරි නිෂ්පාදන වලට ලබා දේ. යීස්ට් වල ඇල්කොහොල් මගින් පාන් වල නිෂ්චිත රසයක් හා සුවදක් ඇති කරයි. පිටි මෝලිය යීස්ට් හා සීනි යොදා කලවම් කර පිපීමට තබයි. වැඩි වේලාවක්  පිපීමට තැබීමේදී  විවිධ Flavors නිෂ්පාදනය වන නිසා අවසාන පිපීමට බාධා ඇතිවේ.
බේකරි කර්මාන්තයට භාවිතා වන යීස්ට් වර්ග රාශියකි.
1.      Compressed Yeast / සංෂිප්ත කරන ලද යීස්ට්

මේවා සුදු බවක් හා ප්ලාස්ටික් මෙන් ඝනත්වයක් ඇති කරයි. මෙහි වාසි නම්  කෙලින්ම මිශ්‍රණයට යෙදිය හැකි වීම මෙන්ම ලොකු පරාසයක ඔක්සිජන් සමග ගැටීම අඩුවෙන් වුවත් භාවිතා කල හැක.
2.      Crumbled Yeast / කැබලි කරන ලද යීස්ට්

කෙලින්ම මිශ්‍රකර ඝනත්වයක් ඇති කිරීමට යොදා ගනී.
3.      Frozen Semi dry yeast / කැටිකරන ලද වියළි යීස්ට්
අඩු උෂ්ණත්වයේ වුවද පිපීමේ ක්‍රියාවලියට යෙදිය හැකි යීස්ට් වර්ගයකි.
4.      Liquid Yeast / දියර යීස්ට්
දියර යීස්ට් ඕනෑම නිෂ්පාදනයකට පහසුවෙන් යොදා ගත හැක. ඉහළ මට්ටමේ පිපීමේ ගුණයක් ඇති බැවින් භාවිතය පහසුයි.
5.      Instant dry yeast  / ක්ෂණික වියළි යීස්ට්
මෙය පිපිමේ ක්‍රියාවලිය 30% - 40% දක්වා ඉහළ නංවා ගත හැක. පැකට් තුල ඇති මෙම යීස්ට් කෙලින්ම නිෂ්පාදන සදහා යොදා ගත හැක. පැකට් විවෘත කල පසු පැය 48 පෙර භාවිතා කල යුතු අතර ශිතකරණයේ තබා දින 08 ක් ඇතුලත භාවිතා කල යුතුය. අද බොහෝ නිෂ්පාදන සදහා මෙම යීස්ට් වර්ගය යොදා ගනී. පීසා වැනි ආහාර නිෂ්පාදනයට බහුලව යොදයි. මෙම ක්ෂණික වියළි යීස්ට් මගින් පිටි මෝලිය පහසුවෙන් රෝල් කිරීම  හැඩ කිරීම යොදා ගත හැකි වීම පහසුවකි. එමෙන්ම මෙහි විටමින් B12 සංයෝගය හා  අත්‍යාවශ්‍ය ඛනිජවලින් සමන්විතයි.
ඇල්කොහොල්  නිෂ්පාදනය
යීස්ට් මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගනී. මධ්‍යසාර නිෂ්පාදනයේදී නිර්වායු තත්ව යටතේ කාබෝහයිඩ්‍රේට් පැසවීමකට ලක්කොට එතනෝල් ඇති කරයි. මෙසේ නිපදවන එතනෝල් ස්ප්‍රීතු තනුක කර විස්කි හා රම් නිෂ්පාදනය කරයි. Sacchromyces බොහෝ විට බියර් නිෂ්පාදනට යොදා ගනී. වයින් නිෂ්පාදනයේදී මිදි වැනි පළතුරු වල අඩංගු ග්ලුකෝස්,  ෆක්ටෝස් එතනෝල් බවට පත් කරයි. මේ පැසීමේ ක්‍රියාවලියට බොහෝ Sacchoomyces  Cerevisiae දායක වුවද වයින් තුල වැවෙන Zygosaccharomyces හා Brettanomyces යීස්ට් වර්ග වයින් හා බියර් නිෂ්පාදනයේදී විවිධ ඇරෝමැටික සංයෝග සැදීම නිසා එහි රස අඩාල කර නරක්වීමට ලක් කරයි.
ජීව ප්‍රතිකාරක
Yarrowia lipolytica පාම් ඔයිල්, ඇල්කලයින ඇසිඩ් බිද දමයි. මේවාට ඉහළ ලුණු හා බැර ලෝහ ප්‍රමාණයක් දරා ගත හැක. තවද බැර ලෝහ උරා ගැනීමේ හැකියාවක්ද ඇත. Sacchoomyces Cerevisiae විෂ ධූලක ආසනික් වැනි බැර ලෝහද උරා ගත හැක.
ප්‍රෝබයෝටික ආහාර ලෙස
ප්‍රෝබයෝටික ආහාර වර්ග සදහා Sacchoomyces boulardy යීස්ට් යොදා ගනී. එය අන්ත්‍රයේ රෝග බඩයාමේ රෝග සුව කරයි. Clostridium difficile  මගින් ඇති කරන බඩයාමේ රෝග සුව කරයි.
යීස්ට් නිස්සාරක

යීස්ට් නිස්සාරක විවිධ ආහා රරස ගැන්වීමට ගන්නා රසකාරක (Food additive ) ලෙස යොදා ගනී. සාමාන්‍යයෙන් MSG නොහොත් මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් වල ප්‍රධානව Glutamic acid අඩංගු වේ. යීස්ට් නිස්සාරනයේදී  ද ග්ලුටමික් ඇසිඩ් සෑදෙන බැවින් බොහෝ නිෂ්පාදන සදහා යොදා ගනී. වෙජිමයිට්, මාමයිට් වැනි නිෂ්පාදන වල අඩංගු වේ. යීස්ට් ස්වයං ජීර්ණයෙන් මේවා නිපදවෙයි. යීස්ට් ඉහළ උෂ්ණත්වයකට ලක්කර නිස්සාරනය කරයි. එහිදී යීස්ට්  සෛල බිත්තිය බිද වැටී ආවේනික රසයක් හා වයනයක් ඇතිවේ.
තවද ජානමය ජීව රසායනික තත්ව සදහා යීස්ට් යොදා ගනී. ඉන්සියුලින්, හෙපටයිටිස් වැනි එන්නත් නිෂ්පාදනය සදහා  ද යොදා ගනී.
යිස්ට් වල හොද ප්‍රතිඵල මෙන්ම සමහර යීස්ට් අපට හානිකර ලෙස බලපායි. ආහාර නරක් කිරීමට ලක්වන යීස්ට් වර්ග මෙන්ම Candida වැනි මුඛ , ලිංගාශ්‍රිත රෝග ආදිය ඇති කරන ඒක සෛලික දිලීරද සිටියි.
මෙසේ බලන විට අතීතයේ සිට අප හා දැඩිව බැදී පවතින  සෛල විශේෂයක් ලෙස යීස්ට් හැදින් විය හැකි අතර අපේ වැඩි අවධානයට ලක් වීදැයි සොයා බැලීමට වටී

නූතන ලෝකයේ දක්‌නට ලැබෙනු ඇති නව තාක්‌ෂණයන්

අනාගතය දෙස එබී බැලීම සැම විට ම චමත්කාරජනක අත්දැකීමක්‌. අනාගතය කෙබඳු තැනක්‌ වනු ඇත් දැයි යන්න පුරෝකථනය කරන්නට හැම දා ම මිනිසුන් උත්සාහ කරනවා. එවැනි පුරෝකථන අනාගතයේ සැබෑ වීමට ඉඩ ඇතිවා සේ ම කිසිවකු පුරෝකථනය නො කළ දේ ද අනාගතයේ සිදු වන්නට පුළුවන්.

තාක්‌ෂණයේ දියුණුව කිසි දා නො නැවතී ඉදිරියට ගලා යන ගඟක්‌ බඳුයි. දැනට වසර දහයකට පහළොවකට පෙර අපව විස්‌මයට පත් කිරීමට සමත් වූ නවීන තාක්‌ෂණික උපාංග අද සැම දෙනා අත ම පවතින අතිශය සාමාන්‍ය උපාංග බවට පත් වී තිබෙනවා. මේ ප්‍රවණතාව නවතින බවක්‌ නම් පෙනෙන්නට නැහැ. මේ ලිපියෙන් අප ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ තවත් දශක දෙකකින් එනම් 2035 වන විට ලෝකයේ සාමාන්‍ය භාවිතාවන් ව පැවතිය හැකි තාක්‌ෂණික නව නිපැයුම් හතක්‌ ගැනයි. මේ පුරෝකථනයන් කර තිබෙන්නේ අද වන විට නිර්මාණය වෙමින් පවතින තාක්‌ෂණික විභවතාවන් මත පිහිටා නිසා මේවා මෙලෙසින් ම සැබෑවන් බවට පත් වීමට විශාල ඉඩක්‌ තිබෙනවා. වසර විස්‌සක්‌ යනු විශාල කාලයක්‌ නො වන නිසා අප ඔබ වැඩි දෙනකුට මේ තාක්‌ෂණික නව නිර්මාණ ලෝකයට බිහි වන අයුරු දැකගැනීමට හා ඒවා සජීවී ව අත්දකින්නට හැකි වේ වි. එවිට මේ අපූරු විස්‌මයන් සාමාන්‍ය දේ බවට පිළිගැනීමට අප අපේ සිත්සතන් වෙනස්‌ කරගන්නවා නොඅනුමානයි.

01.
කෘත්‍රිම බුද්ධි - පෞද්ගලික සහකරුවන්


පෞද්ගලික පරිගණක සහකරුවකු මුලින් ම ලෝකයට පැමිණිලා තරමක්‌ කල් වෙනවා. මයික්‍රොසොෆ්ට්‌ වින්ඩෝස්‌ XPවලට කලින් තිබුණු මෙහෙයුම් පද්ධතිවල තිරයේ කෙළවර කෙටි උපකාරක පණිවිඩ සමඟ මතු වුණු පේපර් ක්‌ලිපයක හැඩය ගත් කාටුනය සමහර විට ඔබට මතක ඇති. ඒ මයික්‍රොසොෆ්ට්‌ සමාගමෙන් හඳුන්වා දුන් Clippyනම් සරල පෞද්ගලික සහකරුයි. මේ සහකරුවා පසුකාලීන මෙහෙයුම් පද්ධතිවලින් ඉවත් වී ගියේ ඉන් එතරම් ප්‍රයෝජනයක්‌ අත් නො වූ නිසයි. නමුත් දැන් වඩා ප්‍රබල, වඩා බුද්ධිමත් පරිගණක පෞද්ගලික සහකරුවන් රැසක්‌ කරලියට පැමිණ තිබෙනවා. ඊට හොඳ ම උදාහරණය වන්නේ ඇපල් ස්‌මාර්ට්‌ දුරකථන, ටැබ් හා ඔරලෝසු සමඟ එන කෘත්‍රිම බුද්ධිමය පරිගණක වැඩසටහනක්‌ වන SIRI. ගූගල් සමාගම ඉදිරිපත් කළ Google Now හා මයික්‍රොසොෆ්ට්‌ සමාගම ඉදිරිපත් කළ Cortanaද අයත් වන්නේ මේ ගණයටයි. මේවාට ඔබේ කටහඩින් දෙන විධානවලට අනුව ක්‍රියාත්මක වී බොහෝ කටයුතු ඉටු කර දෙන්නට පුළුවන්. කිසිවකු ගේ හෝ නම සොයා ඔහුට දුරකථන ඇමතුමක්‌ ගැනීම, කෙටි පණිවිඩ හෝ ඊ මේල් යෑවීම, දිනයට නියමිත කටයුතු අවශ්‍ය වේලාවට මතක්‌ කිරීම, විවිධ ඇප් ක්‍රියාත්මක කිරීම, සෙවුම් යන්ත්‍ර මගින් විවිධ දේ සොයා දීම ආදිය මේ පෞද්ගලික සහකරුවන්ට කර දිය හැකියි. කාලයත් සමඟ එන්න එන්නම මේවායේ ශක්‍යතාව වඩාත් වර්ධනය වෙමින් පවතිනවා.

තවත් වසර විස්‌සකට පසු ලෝකයේ බිහි ව තිබෙනු ඇති පෞද්ගලික සහායක පරිගණක වැඩසටහන්වලට සාපේක්‌ෂව මේවා පෙනෙනු ඇත්තේ සෙල්ලම් බඩු ලෙසයි. අනාගතයේ බිහි වන පෞද්ගලික සහකරුවන් දවසේ පැය විසි හතර පුරා ම අප පිළිබඳව සොයා බලමින් සිටිනු ඇති. ඒවා අපේ චර්යා රටාවන්, අපේ හැඟීම් හා ආකල්ප අප කැමැති අකැමැති දේ පිළිබඳව අධ්‍යයනය කරමින් ඊට අනුරූපව අපේ කටයුතු කරගෙන යැමට අපට උපකාර කරනු ඇති. යම් සිදුවීමක්‌ සිදු වූ විට අප කෙබඳු ආකාරයකින් හැසිරෙනු ඇත් ද යන්න නිවැරදිව පුරෝකථනය කර එයට අවශ්‍ය කටයුතු අපට කලින් ම සිතා සම්පාදනය කර තැබීමට ඒවා සමත්කම් දක්‌වා වි. අපේ කායික මානසික සෞඛ්‍යය ගැන සොයාබලන්නටත් බිල් ගෙවීම්, භාණ්‌ඩ ඇණවුම් කිරීම්, ලිපි ලිවීම් වැනි දහසකුත් එකක්‌ ගෙදරදොරේ හා කාර්යාලයේ වැඩ කර දීමටත් මේවා සමත් වනු නොඅනුමානයි. එක්‌ අතකින් ඒවා අපේ මනසේ ඩිජිටල් ක්‌ලෝන ලෙස ද ක්‍රියාත්මක වනු ඇති. අන්තර්ජාලය තුළ මෙන්ම සැබෑ ලෝකය තුළ ද හොලෝග්‍රැෆික්‌ රූ ලෙස අප වෙනුවෙන් පෙනී සිට කටයුතු කර දීමට මේවා සමත් වන බවට සැකයක්‌ නැහැ. කෙසේ වෙතත් අප වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට හෝ තීන්දු තීරණ ගැනීමට මේ පෞද්ගලික සහකරුවන්ට හෝ සහකාරියන්ට කෙතරම් දුරකට ඉඩ දිය යුතු ද යන්න ගැන එදිනට අපට සලකා බලන්නට සිදු වනු ඇති.

02.
නො පෙනෙන පරිගණක - හැමතැන ම
පරිගණකමය හැකියාවන් සහිත විවිධ තාක්‌ෂණික උපාංග අපේ ජීවිතයේ සෑම පැතිකඩකට ම එළඹෙමින් තිබෙනවා. අපේ මෝටර් රථවල, ජංගම දුරකථනවල, සෙල්ලම්බඩුවල, නිවාස ආරක්‌ෂණ පද්ධතිවල පමණක්‌ නො ව ශීතකරණයේ පවා දැනටමත් පරිගණක දැකගත හැකියි. නමුත් බොහෝ විට මේවා බැලූ බැල්මට පෙනෙන බොත්තම් මගින් හෝ යතුරු මගින් විධාන සැපයිය යුතු පන්නයේ ඒවායි. එහෙත් ක්‌ෂුද්‍ර ඉලෙක්‌ට්‍රොනික යාන්ත්‍රික පද්ධති (Micro ElectroMechanical Systems - MEMS) ආදී තාක්‌ෂණික ධාරාවන් වෙත නැඹුරු වෙමින් පවතින ලෝකයක මේ පරිගණක පද්ධති ඉතා කුඩා ඒවා බවට පරිණාමය වීම වැඩි ඈතක නැහැ. එවිට ඒවා අපේ ඇඳුම්, සපත්තු, කුඩ, පුටු, ඇඳන් ආදී සැම උපාංගයකට ම සංක්‍රමණය වීමට ඉඩ තිබෙනවා. මීට කදිම උදාහරණයක්‌ වන්නේ කැමරාව. වරක්‌ විශාල උපාංගයක්‌ ව තිබූ ඩිජිටල් කැමරාව අපේ ජංගම දුරකථනවලටත් සංක්‍රමණය වුණා. දැත භාවිත නො කර සජීවී දර්ශන පටිගත කර ඒවා බෙදාහදාගත හැකි ගූගල් ග්ලාස්‌ උපැස්‌ යුවල එහි ඊළඟ පියවර ලෙස සැලකිය හැකියි. 2014 වසරේ දී ගූගල් සමාගම ඇස තුළ සවි කළ හැකි කැමරාවක්‌ සහිත අක්‌ෂි කාචයක්‌ (contact lense) හඳුන්වා දුන්නා. තවත් වසර 20ක්‌ ගත වන විට ලෝකයේ සියලු දෙනා ම පාහේ කිසිසේත් ම බාහිරින් හඳුනාගත නොහැකි කැමරා තම දෙනෙතෙහි පැළඳ සිටීමට හොඳට ම ඉඩ තිබෙනවා.

මෙවැනි ඇසට නො පෙනෙන විවිධ තාක්‌ෂණික උපාංග දහස්‌ ගණනක්‌ පිරුණු ලෝකයක ජීවත් වීම අනාගතයේ දී අපට සාමාන්‍ය දෙයක්‌ වනු ඇති බවට සැකයක්‌ නැහැ. එලෙස ම එය අපේ සමාජ සංස්‌කෘතික වටපිටාවට ද අද අපට පෙරැයිය නොහැකි අන්දමේ වෙනස්‌කම් තොගයක්‌ ද එකතු කරනු ඇති බව ද අමුතුවෙන් කිව යුතු නැහැ.

03.
ඩිජිටල් මනස්‌ සහිත අථ්‍යය සතුන්
මිනිස්‌ මොළයේ රටාවන් එලෙස ම අනුකරණය කළ හැකි ඩිජිටල් මිනිස්‌ මොළයක්‌ නිර්මාණය කිරීම ගැන අදහස්‌ විද්‍යාඥයන් සතු ව පවතින්නේ බොහෝ කලක පටන්. එහෙත් එය සැබෑවක්‌ බවට පත්වන දිනය මේ ශතවර්ෂයේ මැදභාගය පසු කරන තුරු වත් එළඹෙනු ඇතැයි අපේක්‌ෂා කළ නොහැකියි. එහෙත් යම් දිනෙක ඊට මගපාදන, එතරම් සංකීර්ණත්වයක්‌ නො දරන සතුන් ගේ මොළය පරිගණකගත කිරීමේ උත්සාහයන් දැනටමත් ඇරඹී අවසන්. ඇමෙරිකාවේ, යුරෝපයේ හා රුසියාවේ විද්‍යාඥයන් පිරිසක්‌ එක්‌ ව දියත් කර ඇති Openwormව්‍යාපෘතිය ඊට උදාහරණයක්‌. එහි දී ඔවුන් සිදු කරන්නේ නෙමටෝඩා පණුවකු ගේ මොළය සහ ශරීරය ඩිජිටල්ගත කිරීමයි. මෙහි දී එම පණුවා ගේ සියලු ම නියුරෝන හා මාංශපේශිවල විද්යුත් ක්‍රියාකාරීත්වය පරිගණක වැඩසටහනක්‌ තුළට ආකෘතිගත කිරීමට ඔවුන් කටයුතු කරනවා. මීළඟ දශක දෙක තුළ මේ ක්‍රියාවලිය වැඩිදියුණු වී මී මැස්‌සන්, කූඹින් වැනි කුඩා සතුන් ද මෙලෙස පරිගණක වැඩසටහන් තුළට ආකෘතිගත කළ හැකි වනු ඇති. සමහර විට මීයන් වැනි කුඩා ක්‌ෂීරපායීන් ද මේ ලැයිස්‌තුවට එක්‌ විය හැකියි. මෙලෙස යම් සතකු සම්පූර්ණයෙන් ම ඩිජිටල්ගත කළ පසු එයට සැබැවින් ම පරිගණකය තුළ ගොඩනැඟූ අථත්‍ය ලෝකයක්‌ තුළ අථත්‍ය සිරුරක්‌ දරමින් ජීවත් විය හැකියි. මෙය අප ජීවය දෙස බලන කෝණය සහමුලින් ම වෙනස්‌ මානයකට ඔසවා තබන සිදුවීමක්‌ වනු ඇති බවට සැකයක්‌ නැහැ. එම සත්ත්ව ශරීර සේ ක්‍රියා කරන රොබෝවන් තුළට එම ඩිජිටල් සත්ත්ව මොළ ඇතුළත් කළ හොත් ඔවුන් අපේ භෞතික ලෝකය තුළත් සැරිසරන්නට සමත්කම් දක්‌වා වි.

අපේ ඩිජිටල් මොළ ඇතුළත් කළ රොබෝ ශරීර මතින් සවාරිගැසීම තවත් ශතවර්ෂයකට වැඩි දුරකින් ඇති සිහිනයක්‌ වුවත් ඩිජිටල් මනස්‌ සහිත අථත්‍ය සතුන් බිහි වන දිනය වැඩි ඈතක ඇත්තේ නැහැ. කෙසේ නමුත් එවැනි ඩිජිටල් සතුන් තම පැවැත්ම නිසා වද වේදනා විඳිනවා ද වැනි සදාචාරාත්මක පැනයන්ට පිළිතුරු සැපයීමට ද එවැනි දිනක අපට සිදු වනු ඇති.

04.
ඝාතනයට අවසර ඇති ස්‌වයංක්‍රීය රෝබෝවන්
මිනිසුන් ඝාතනය කළ හැකි ස්‌වයංක්‍රීය රොබෝවන් අනාගතයේ බිහි වනු ඇත් ද යන්න බොහෝ දෙනා ගේ සිත්වල ඇති බියක්‌. Terminator වැනි චිත්‍රපට මේ බිය තවත් අවුළුවනවා. එහෙත් ඒ පිළිබඳව තවදුරටත් බිය වීමට හේතුවක්‌ නැහැ. ඒ දැනටමත් එවැනි අවිආයුධ නිපදවා අවසන් නිසා. වසර විස්‌සක්‌ ගත වන විට මෙවැනි අවි මුළු ලෝකය පුරාබහුලව භාවිත වනු ඇති බවට සැකයක්‌ නැහැ.

ස්‌වයංක්‍රීයව සතුරා හඳුනාගෙන ඔහුට පහර දී විනාශ කළ හැකි අවි පද්ධති ගණනාවක්‌ මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. රටවල් ගණනාවක නාවික හමුදා භාවිත කරන Aegis Combat system එවැන්නක්‌. බලගතු පරිගණක හා රේඩාර් පද්ධති පරිහරණය කරන එයට ස්‌වයංක්‍රීය ව ම සතුරු ඉලක්‌ක හඳුනාගෙන මිසයිල ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කළ හැකියි. Samsung Techwinසමාගම නිපදවා දැනටමත් දකුණු කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල් භාවිත කරන SGR-A1 ආරක්‌ෂක රොබෝව ද එවැන්නක්‌. දේශ සීමා අසල පිහිටුවා ඇති මේ අවි පද්ධතියට සැතපුම් දෙකක පමණ දුර සිට පවා ඒ දෙසට පැමිණීමට උත්සාහ කරන සතුරන් හඳුනාගෙන වෙඩි තබා විනාශ කර දැමිය හැකියි. දැනට මෙවැනි උපාංගවලට වෙඩි තැබීමට පෙර මිනිසකු ඊට අවසර දිය යුතු පරිදි වන සේ ප්‍රොaටකෝලයක්‌ ඇතුළත් කර තිබෙනවා. එහෙත් දිනෙන් දින සංකීර්ණ වන යුදමය තත්ත්වයන් යටතේ තවත් කෙටි කලක්‌ ගත වන විට මෙවැනි ප්‍රොaටකෝලයන් ඉවත් කර දැමීමට හමුදාවන් ක්‍රියා කිරීමට බොහෝ සේ ඉඩ තිබෙනවා.

හමුදා නායකයන් තම සොල්දාදුවන් අනතුරේ දමනවාට වඩා මෙබඳු අවිවලට බලය පැවරීමට තීරණය කිරීම අතිශය ස්‌වාභාවිකයි. එපමණක්‌ නො ව විශාල භූමි පරාසයක්‌ ආවරණය කිරීම සඳහා මෙබඳු යන්ත්‍ර යොදාගැනීම මානව සම්පත් යොදාගන්නවාට වඩා කාර්යක්‌ෂම වනවා. මිනිස්‌ අවසරයකින් තොර ව වෙඩි තැබීමට හැකි යන්ත්‍ර පිළිබඳ විරෝධතා මතු වී තිබුණත් යුද බලවතුන් ඒවා කනකට ගනී යෑයි සිතන්නට අපහසුයි.

05.
පර්යේෂණාගාරයේ නිපදවන අවයව හා මස්‌
අද වන විට ජෛව තාක්‌ෂණය මෙතෙක්‌ ලෝකයේ අධිපතිත්වය දැරූ වෙනත් තාක්‌ෂණයන් අභිබවමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. එය බොහෝ දෙනා ගේ අවධානයට ලක්‌ ව ඇත්තේ ඉන් විවර කරනු ලබන විභවතාවන් තුළ අප ජීවත් වන ලෝකයේ ඇති බොහෝ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සොයන්නට හැකියාවක්‌ ඇති නිසයි.

පර්යේෂණාගාර තුළ කෘත්‍රිමව සෛල වර්ධනය කිරීමට ඇති හැකියාව සහ ත්‍රිමාන මුද්‍රක (3D printers) ආශ්‍රයෙන් ඒවා පෙළගස්‌වන්නට ඇති හැකියාව මෙහි දී කැපී පෙනෙන එක්‌ ක්‍ෂෙත්‍රයක්‌. මස්‌ පරිභෝජනය කිරීම සඳහා සතුන් මැරීම වෙනුවට කෘත්‍රිම මස්‌ නිපදවීම එම ක්‍ෂෙත්‍රයේ එක්‌ ආකර්ෂණීය පොරොන්දුවක්‌ වනවා. න්‍යායාත්මකව හා පර්යේෂණාත්මක ව එය කිසිසේත් නො කළ හැක්‌කක්‌ නො වෙයි. තවත් දශක දෙකක කාලයක්‌ ගත වන විට එය ප්‍රායෝගික භාවිතයක්‌ බවට පත් වීමට විශාල ඉඩක්‌ තිබෙනවා. සත්ත්ව ඝාතනය ලෝකය පුරා බොහෝ දෙනකු ගේ විරෝධයට ලක්‌ වන දෙයක්‌. මස්‌ නිසා සතුන්ට වැළඳෙන රෝග මිනිසාට බෝ වීමේ අවදානමක්‌ ද තිබෙනවා. අනෙක්‌ අතට සතකු නඩත්තු කිරීමට වැය වන ජලය, තණකොළ ප්‍රමාණය හා උගේ ජීවිත කාලය පුරා පිට කරන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ගැන සලකන විට මස්‌ පිණිස සතුන් ඇති කිරීම මිනිසාට එතරම් වාසිදායක ගනුදෙනුවක්‌ නො වෙයි. මේ සියල්ල අතරේ ලෝකයේ මස්‌ පරිභෝජනයත් දිනෙන් දින ඉහළ යනවා. එය 2050 වන විට අද මෙන් දෙගුණයක්‌ වනු ඇති බවයි පුරෝකථනය කෙරී ඇත්තේ. මේ තත්ත්වයට හොඳ ම විසඳුම සෛල ජනනය මගින් කෘත්‍රිම ව මස්‌ නිපදවීමයි. තවත් වසර විස්‌සක්‌ ගත වන විට මස්‌ බඳු ම පාට, හැඩය හා රසය ඇති කෘත්‍රිම මස්‌ ඔබේ සුපිරි වෙළෙඳසලෙනුත් මිල දී ගන්නට හැකි වන්නට පුළුවන්. Modern medowවැනි සමාගම් දැනටමත් මේ උත්සාහයේ ඉදිරියෙන් සිටිනවා.

මෙය හා ම බැඳී එන අනෙක්‌ මාතෘකාව වන්නේ කෘත්‍රිම ව ජෛව අවයව වර්ධනය කිරීමයි. දැනටමත් මේ ක්‍රමය මගින් සරල ඉන්ද්‍රියයන් නිර්මාණය කිරීම් වාර්තා වනවා. පසුගිය දා ප්‍රින්ස්‌ටන් සරසවියේ පර්යේෂකයන් පිරිසක්‌ 3D මුද්‍රණ යන්ත්‍රයක්‌ උපයෝගී කරගනිමින් මිනිස්‌ ශ්‍රව්‍ය පරාසයට වැඩි ශබ්ද පරාසයක්‌ ග්‍රහණය කරගත හැකි ඉලෙක්‌ට්‍රොනික උපාංගයක්‌ සම්බන්ධිත ජීව සෛලවලින් සෑදුණු කනක්‌ නිර්මාණය කර තිබුණා. අපට දුබල වූ ඉන්ද්‍රියයන් ප්‍රතිස්‌ථාපනය කිරීමට පමණක්‌ නො ව මිනිස්‌ හැකියාව ඉක්‌මවා ගිය හැකියාවක්‌ ලබාගන්නට ද මේ තාක්‌ෂණය භාවිත කළ හැකි බව ඉන් පෙනී යනවා. හදවත් වැනි ඉන්ද්‍රියයන් රෝගියා ගේ ශරීරය විසින් ප්‍රතික්‌ෂේප නො කෙරෙන අන්දමට ඔහුට ම ගැලපෙන පරිදි නිර්මාණය කිරීමට මෙමගින් අවස්‌ථාව සැලසෙනවා. තවත් වසර විස්‌සක්‌ යන විට මේවායේ ප්‍රායෝගික භාවිතාවන් සුලබව අපේ වෛද්‍ය විද්‍යා ක්‍ෂෙත්‍රය තුළ යොදාගැනෙනු ඇති.

06.
මහ මුහුදෙන් පානීය ජලය

ලෝකයේ ජනගහනය දිනෙන් දින ම වර්ධනය වන අතර නාගරීකරණය ද දිනෙන් දින ඉහළ යනවා. මීට සාපේක්‌ෂව ජල ඉල්ලුම ද ඉහළ යැම වැළැක්‌විය නොහැක්‌කක්‌. ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැනටමත් පිරිසිදු පානීය ජලය සොයාගැනීම උග්‍ර ගැටලුවක්‌ වී තිබෙනවා. මෙයට විසඳුම විය හැක්‌කේ කුමක්‌ ද? අනාගතයේ ඇති වන විශාල ජල ඉල්ලුම පුරවන්නට නම් අපට සාගරය වෙතට ම යොමු වන්නට සිදු වනවා.

ලෝකයේ ඇති සම්පූර්ණ ජලයෙන් අපට භාවිත කළ හැකි පිරිසිදු ජලය ලෙස පවතින්නේ සියයට 1ක්‌ පමණයි. කොටසක්‌ අයිස්‌ තට්‌ටු ලෙස පවතින අතර සියයට 97.5ක්‌ ම පවතින්නේ ලුණු මිශ්‍රිත සාගර ජලය ලෙසයි. යම් හෙයකින් සාගර ජලය පහසුවෙන් පිරිසිදු ජලය බවට හැරවිය හැකි නම් ඉන් මානව ජල අවශ්‍යතාව සහමුලින් ම විසඳී යන බව පැහැදිලියි.

දැනට ලවණ ජලය පිරිසිදු කිරීම සඳහා භාවිත වන සාම්ප්‍රදායික ක්‍රම සඳහා වැය වන මිල ඉතා අධිකයි. ඊශ්‍රායලය, සෞදි අරාබිය වැනි රටවල් මහ පරිමාණයෙන් මෙය සිදු කළත් ජලය පිරිසිදු කිරීම සඳහා වැය වන බලශක්‌තිය අධික වීම එහි බහුල භාවිතය අධෛර්යය කරන්නක්‌. මේ ගැටලුවලට පිළිතුරු සැපයීම සඳහා පර්යේෂකයන් සූර්ය තාපයේ බලයෙන් මුහුදු ජලය පිරිසිදු කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා. සංකේන්ද්‍රිත සූර්ය බලය (Concentrated Solor Power - CSP) අනාගතයේ මහා පරිමාණයෙන් භාවිතයට පැමිණෙතැයි සැලකෙන එබඳු ක්‍රමයක්‌. මෙහි දී සිදු වන්නේ විශාල ප්‍රදේශයකට වැටෙන හිරුඑළිය එක්‌ තැනකට කේන්ද්‍රගත කර එහි දී ලැබෙන තාපයෙන් ජලවාෂ්ප නිපදවා ටර්බයින කරකැවීමෙන් ලැබෙන ශක්‌තිය ජලය පිරිසිදු කරවීම සඳහා යොදාගැනීමයි.

සංකේන්ද්‍රිත ප්‍රකාශ විද්යුත් කෝෂ (Concentrated potovoltaic cells - CPV) ද මෙබඳු තාක්‌ෂණයක්‌. එහි සූර්ය කෝෂ තනා ඇත්තේ කුඩා උත්තල කාච ගණනාවකින්. ඒවායෙන් සංකේන්ද්‍රණය කරන හිරු එළිය සාමාන්‍ය ලෙස විදුලිය නිපදවන අතර සූර්ය කෝෂ තලය දිගේ විහිදුණු ජලය ගලා යන කේෂිකා ජාලයක්‌ හරහා ජලවාෂ්ප නිපදවා ඒ හරහා ද විදුලිය නිපදවා ගැනෙනවා. මේ ශක්‌තිය ඉන් පසුව යොමු කෙරෙන්නේ ප්‍රති ආස්‍රැතිය (Rivers Osmosis) වැනි ක්‍රම හරහා ජලය පිරිසිදු කිරීමටයි.

මේ තාක්‌ෂණයන් තවදුරටත් වැඩිදියුණු වීම සමඟ ඒවායේ මිල ද විශාල ලෙස පහළ වැටෙතැයි අපේක්‌ෂා කළ හැකියි. තවත් වසර විස්‌සක්‌ ගත වන විට ලොවපුරා මුහුදු ජලයෙන් නිපදවූ වතුර ලාබයට බීමට ගත හැකි වීම පිළිබඳව අපට බලාපොරොත්තු තබාගත හැකියි.

07.
ලොව සැමට අන්තර්ජාලය
ලෝකයේ බොහෝ දෙනකුට අද අන්තර්ජාලය නැති ව ම බැරි දෙයක්‌ බවට පත් වී හමාරයි. ලෝකයේ බොහෝ භාණ්‌ඩ හා සේවාවන් සපයන්නට අන්තර්ජාලය මැදිහත් ව තිබෙනවා. ලෝකයේ නූතන සමාජ ආර්ථික දේශපාලන ප්‍රවණතාවන් සියල්ල බැඳී ඇත්තේ අන්තර්ජාලය සමඟයි. එහෙත් තවමත් ලෝක ජනගහනයෙන් 60%කට ම අන්තර්ජාලයට ප්‍රවේශ වීමට හැකියාවක්‌ නැහැ. ලෝකයේ අඩු ජන ඝනත්වයක්‌ ඇති හා දුප්පත් ජනතාව වෙසෙන ප්‍රදේශවලට අන්තර්ජාල සේවා සැපයීම අන්තර්ජාල සේවා සම්පාදකයන්ට පාඩු දනවන කරුණක්‌ වීම ඊට හේතුවයි.

ලෝකයේ අධිතාක්‌ෂණයේ වේගවත්. ඉදිරි ගමනට අන්තර්ජාල පහසුකම් නොමැති වීම විශාල බාධාවක්‌. ලෝකයේ දැවැන්ත ආධිපත්‍යයක්‌ පතුරුවාගෙන සිටින ෆේස්‌බුක්‌ හා ගූගල් වැනි සමාගම් දැන් ලෝකයේ සැමට අන්තර්ජාල පහසුකම් සැපයීමේ කර්තව්‍යයට අතගසා තිබෙනවා. එය එක්‌ අතකින් ඔවුන් ගේ සේවාවන් ව්‍යාප්ත කිරීමට ඇති බාධා ජයගැනීමක්‌ ද වනවා. බැලුන් මගින් අන්තර්ජාල සේවාවන් සැපයීමට උත්සාහ දරන ගූගල් ලූන් ව්‍යාපෘතිය ඊට එක්‌ උදාහරණයක්‌. මීට අමතර ව ගූගල් හා ෆේස්‌බුක්‌ සමාගම් දෙක ම විසින් පසුගිය දා ෙඩ්‍රාaන් යානා නිපදවන සමාගම් මිල දී ගනු ලැබුවා. ඔවුන් ගේ අරමුණ ඉහළ අහසේ අඛණ්‌ඩව දිගු කලක්‌ ගමන් කරන ෙඩ්‍රාaන් යානා සමූහයක්‌ හරහා ලොවට ම අන්තර්ජාල සේවා සැපයීමයි. මීට අමතර ව ලොව අංක එකේ විදුලි මෝටර් රථ සමාගමක්‌ වන ටෙස්‌ලාහි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ද පසුගිය දා කියා සිටියේ චන්ද්‍රිකා සමූහයක්‌ හරහා ලෝකයට ම අන්තර්ජාල පහසුකම් සැපයීම තමා ඉටු කරගැනීමට බලාපොරොත්තු වන සිහිනයක්‌ බවයි.

මේ කවර ක්‍රමයකින් හෝ වේ වා මීළඟ දශක දෙක තුළ ලෝකයේ විශාල වපසරියකට අන්තර්ජාල පහසුකම් ලාභදායී ව ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කළ හැකියි. ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශ්ව ගම්මානයක්‌ බවට පත් වනු ඇත්තේ එවිට පමණයි.
අන්තර්ජාලය ඇසුරෙන් 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි, පාදුක්ක.

කෘතිම බුද්ධියෙන් පාලනය වන නගරයක්

කෘතිම බුද්ධියක් මගින් පාලනය වන නගරයක් ගැන ඔබ අසා තිබේද? ඒවා හුදු මනක්කල්පිත හෝ අනාගතයේදී ඇතිවේ යැයි අපේක්ෂා කරන්නක් නොව වර්තමානයේ පවතින ස්මාට් නගරයක් ලෙස චිනයේ Hangzhou නගරය හදුන්වාදී තිබේ. සියලු යටිතල පහසුකම් සම්බන්ධීකරණය සදහා මෘදුකාංග ක්‍රියාත්මක වන එහෙත් සත්‍යවශයෙන්ම ශාන්ත නගරයක් වූ මෙහි පුරවැසියන්ගේ දෛනික ජීවිතයේ කටයුතු පහසු කිරීම සදහා සියලු දත්ත සහ සාධක ක්‍රියාශීලිව භාවිතා කරනුයේ ආයතන හෝ පුද්ගලයන් නොව පරිගණක වැඩසටහන් මාලාවකි.

මිලියන 9 ක ජනතාවක් ජීවත්වෙන Hangzhou නගරයේ පරිපාලකයින් Alibaba සහ Foxconn සමාගම සමග එක්ව නව “City Brain’ ව්‍යාපෘතිය ඔවුන්ගේ නගරයේ ක්‍රියාත්මක කිරීම 2016 ඔක්තෝබර් මස ආරම්භ කර තිබේ. එදින සිට මේ දක්වා කෘතිම බුද්ධියක් විසින් දත්ත සියල්ල එකතු කරමින් ක්‍රමිකව තම බලය මෙම නගරය තුල ක්‍රියාත්මක කරයි. සෑම නිවැසියකුම හඳුනාගෙන ඇත. සියලු නිවැසියන්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ මිලදී ගැනීම්, ව්‍යාපාර, ගමනාගමනය වැනි බොහෝ කටයුතු වලට අදාළ දත්ත එම ප්‍රධාන කෘතිම බුද්ධියේ දත්ත ගබඩාවට නිරන්තරයෙන් ඇතුළු වේ. මෙම තොරතුරු උපයෝග කරගෙන කෘතිම බුද්ධිය පුරවැසියන්ගේ පහසුව සදහා  තත්කාලීන තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කරයි. එමගින් කිසිවෙකු ඉවත් නොකර කටයුතු සිදුවේ. ජලසම්පාදනයේ සිට නගරයේ විවිධ ප්‍රදේශ වල ජන සමුහ ප්‍රමාණ දක්වා වූ විස්තර ලබාගැනීමෙන් කෘතිම බුද්ධිය එහි පාලනයේ අඩිතාලම සකසාගෙන තිබේ.

ස්වකිය තොරතුරු පරිගණකයක් විසින් හසුකරගන්නා නගරයක විසීමට බොහෝ දෙනෙකු කැමති නොවන බව අපේක්ෂිත සත්‍ය වුවද Hangzhou නගරයේ ජන ජීවිතය සැහැල්ලු බව වාර්තා වේ. රථවාහන තදබදයක් නැති මෙන්ම ආරක්ෂාකාරී දිවිපෙවතක් පවත්වා ගත හැකි නගරයක් ලෙස එය ප්‍රසිද්ධ වී තිබේ. මෙම ආරම්භක “City Brain” ව්‍යාපෘතිය සාර්ථකවීම නිසා චීනයේ බොහෝ නගර නව ක්‍රමය සදහා යොමුවෙමින් පවතින බවත් ජාත්‍යන්තර වශයෙන්ද එය ප්‍රසිද්ධවී ඇති බවත් වාර්තාවේ සදහන් කර තිබේ.

පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/ZnS8OPhYnCM?t=211