Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 14, 2017

සෞඛ්‍යය කෙරෙහි තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ බලපෑම කෙබදුද?

මෑත කාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයන් අපගේ ජීවිතයන්හි ප්‍රධාන අංගයන් බවට පත්ව තිබේ.ලොව පුරා සෞඛ්‍යය ෂේත්‍රය තුල තොරතුරු තාක්ෂණය අඩු වශයෙන් භාවිතා කලද දැන් දැන් සැලකිය යුතු මට්ටමකින් එහි භාවිතය ඉහල යමින් පවතී.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය , සෞඛ්‍යය ෂේත්‍රයේ සත්කාර සපයන අය හට ඉලෙක්ට්‍රොනික් සෞඛ්‍යය සත්කාරයෙන් අදාල තොරතුරු එක්රැස් කිරීම ,ගබඩා කිරීම සමුද්ධරණයට ,හුවමාරුවට ,බෙදාහදා ගැනීමට ඉඩ සලසයි. සෞඛ්‍යය සත්කාර සැපයීමේදි පරිපාලන හා සායනික යන අංශ දෙක සදහාම සහාය ලබා දෙන සන්නිවේදන විද්‍යුත් පද්ධති පවතී.
තොරතුරු තාක්ෂණයේ කාර්යයන් වෙනත් ඕනෑම කර්මාන්තයකදී හෝ ආයතනයකදී ලෙසම, සෞඛ්‍යය ෂේත්‍රයේදීද සෞඛ්‍යය සත්කාර පද්ධති කළමණාකරනයේදී   විශේෂ කාර්යයක් ඉටු කරයි. එනම් මූල්‍ය කළමණාකරනය ,පරිපාලනය, කාර්ය මණ්ඩල කළමණාකරනය හා ඖෂධ සහ උපකරන මිලදී ගැනිම යනාදිය සම්බන්ධවයි.
රෝගින් සදහා වන ශායනික සත්කාරයේදි තොරතුරු තාක්ෂණය විශාල කාර්යයන් ඉටු කරයි.එනම්,රෝගින් සදහා වන ශායනික සත්කාරයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි කාරයයභාරය වනුයේ ප්‍රධාන වශයෙන් විද්‍යුත් වෛද්‍ය වාර්තා තබා ගැනීමය.
එලෙස ,විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනයේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනී.උපාධිය හා පශ්චාත්  උපාධිය සදහා මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලෙන විට ,විවිධ අංශයන්හි තොරතුරු  ලබාගැනිමට සන්නිවේදන තාක්ෂණය උපයෝගි කර ගනී.වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම් සම්භාරය පුලුල් කර ගැනීමට  වෛද්‍ය වෘත්තිකයන් පමනක් නොව සෞඛ්‍යය ෂේත්‍රයේ නියැලෙන සෑම සියලු දෙනාටම මහත් පිටිවහලක් වී ඇත.කිසියමි ගැටලුවක් පැන නැගි විට විද්‍යුත් සන්නිවේදන උපකරණ ඉදිරියේ බොත්තම එබු සැනින් තොරතුරු ලබා දීමට තරම් අද වර්තමානයේ  තොරතුරු තාක්ෂණය දියුණු වී ඇත.
එලෙසම , සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වර්තමාන ලෝකය දෙස  බලන කල නවීන තාක්ෂණික මෙවලම් මෙන්ම ක්‍රම  උපයෝගී කර ගනිමින් විවිධ ගැටළු අවස්ථාවන්හි දී පිලිතුරු සොයා
ගන්නා බව පෙනේ. රෝගීන්ට අවශ්‍ය යම් යම් සත්කාරයන් පිලිබද තීරණ ගැනීමේදි වෛද්‍ය වරුන්ට සහාය විය හැකි මෙන්ම රෝගීන්ගේ ශායනික වෙනස්වීම් ඇති වෙමින් පවත්නා විට ඒ පිලිබද කල්තබා අනතුරු ඇග වීමෙන් වෛද්‍ය වරුන්ගේ අවධානය යොමු කරවන,පරිගනක පදනම් කර ගත් පද්ධති දැන් වඩා බහුල ලෙස භාවිතා වේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කරන තවත් විශේෂ අංශයක් වනුයේ ටෙලිමෙඩිසින් ලෙස හැදින් වෙන අංශයයි.එමගින් රෝගියකු හට තමන්ගේ රෝගයට අවශ්‍ය ඉතා ඉහල ගුණාත්මක බවින් යුත් සත්කාරයන්, දුරස්ථ ස්ථානයක සිට ලබා ගැනිමට පහසුකම් සැලසෙයි.
සෞඛ්‍යය සත්කාර කෙරෙහි පමණක් නොව එම සත්කාර ප්‍රස්තුත පිලිබද රෝගීන් හා මහජන අධ්‍යාපනයේදීද තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉටු කරන කාර්යයන් දිනෙන් දිනම වැදගත් හා ඉහල යමින් පවතී.



මිනිසා සහ කෘතීම බුද්ධිය (යන්ත්‍රය) අතර තරඟ

විවිධ තරඟ සදහා ශුරතාවයන් දිනාගත් ලෝක ශුරයන් ක්‍රමයෙන් කෘතීම බුද්ධිය සහිත යන්ත්‍රවලට පරාජය වන බව සහ එම ශ්‍රේෂ්ඨ තරඟ සමග ඉදිරි සංග්‍රාම පිළිබදවද වාර්තා වේ.

1.Deep Blue Trouble
ලෝක චෙස් ශුර Karsparov ,IBM ආයතනය මගින් නිපදවූ Deep Blue නම් පරිගණකය සමග තරඟ 06 කින් යුත් චෙස් තරගාවලියකින් 1996 දි ජයගත්තේය. එහෙත් ඊළඟ වසරේ පැවති 7 වැනි තරගයේදී දියුණු කළ Deep Blue විසින් Karsparov පරාජය කරන ලද අතර එය “Slaughter 7th Avenue (7වන මාවතේදී ඝාතනය කිරීම )” ලෙස ප්‍රසිද්ධියට පත් විය. එහිදී කෘතීම බුද්ධිය මනුෂ්‍යා අභිබවා ක්‍රීඩා කළ බවද වාර්තා වේ.

2. Double Jeopardy!

නැවත  2011 වසරේදී IBM ආයතනය විසින් තවත් කෘතීම බුද්ධිමය පරිගණකයක් වූ Watson නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකානු ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සදහාය. එහිදී Watson සුපිරි පරිගණකය විසින් එම තරගාවලියේ පෙර ශුරයන් දෙදෙනෙකු පරාජය කළේය. Watson  ඉන්ද්‍රජාලියකු මෙන් ක්‍රීඩා කළ බවත් අප සුපිරි පරිගණක වලට යටත් විය හැකි බවත් තරගය නැරඹු වාර්තාකරුවෝ ප්‍රකාශ කළෝය.

3. Alpha Go පරිගණකය සහ Lee Sedol  

වසර 2500 කට පෙර නිර්මාණය කරන ලද එහෙත් අදත් ව්‍යාප්තව පවතින එකම ක්‍රීඩාව ලෙස චීනයේ GO ක්‍රීඩාව හැදින්වේ. මෙම තරඟයේ සෑම චලනයක් සදහාම ලබාගත හැකි විශාල ශක්‍යතාවයන් ප්‍රමාණයක් ඇති නිසා ප්‍රබල පරිගනයකට වුව එය බිදීම  අපහසු බව පොදු පිළිගැනීම විය. ස්නායු පද්ධතියේ ජාලකරණය භාවිතා කර තරඟය ඉගෙනීමට හා ඒ අනුව තීරණ ගැනීමට හැකි ලෙස ගැඹුරු මනසක් සහිත Alpha Go නම් පරිගණකය මෙම තරඟය සදහා නිර්මාණය කරන ලදී. Go තරඟ සදහා ජාත්‍යන්තර තලයේ ඉහලම ස්ථානයක් දිනා සිටින දකුණු කොරියාවේ Lee Sedol මෙහිදී Alpha Go සමග තරඟ වැදිණි. තරඟ 05 කින් සමන්විතවූ මෙම තරගයේ තරඟ 04 ක්ම Alpha Go ජයග්‍රහණය කළේය.

මෙයට අමතරව poker වැනි කාඩ් ක්‍රීඩාවලින්ද කෘතීම බුද්ධිය සහිත යන්ත්‍ර ලෝක ශුරයන් පරදවා ඇති බවද වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ :

හර්ෂ ලංකේශ්වර 

June 13, 2017

ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් යමක් වේගයෙන් සෙවීමේ ක්‍රම

වඩාත් කඩිසර ලෙස ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කිරීමට සුදුසු ක්‍රම කිහිපයක හෝඩුවාවන් පළවී තිබේ. අන්තර්ජාලයේ වෙබ් අඩවි තුළින් යමක් සොයා ගැනීම සදහා බොහෝදෙනා ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරති. එහෙත් එය වඩාත් කාර්යක්‍ෂමව භාවිතා කිරීම සිදුනොවන නිසා එමගින් සම්පුර්ණ ප්‍රයෝජනය ලබා ගනුයේ ඉතා සුළු පිරිසකි. අප්‍රකට තොරතුරු හෝ දුර්ලභ ජායාරුප සොයා ගැනීම සදහා ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කිරීමේදී යොදා ගත යුතු ක්‍රමවේද කිහිපයක් පහත දැක්වේ.

මුලික පද ඇතුළු කිරීම හෝ ඉවත් කිරීම.

යමක් සොයා ගැනීම සදහා ගුගල් සෙවුම් යන්ත්‍රයට පද සමුහයක් යතුරු ලියනය කරන විට ඔබ දැනගත යුත්තේ කුමක්දැයි පැහැදිලි විය යුතුය. සෙවුම් යන්ත්‍රය බොහෝවිට ඔබ යතුරු ලියනය කරන ලද බොහෝ පද පිළිබදව තොරතුරු ලබාදුන්නද සියලු පද සදහා තොරතුරු ඔබට නොලැබීයා හැකිය. මෙහිදී වඩාත් සුවිශේෂී වීම සදහා ඔබගේ පද සමුහයෙන් වඩාත් වැදගත් මුලික පද ගුගල් සෙවුම් යන්ත්‍රයට හදුන්වාදීම සදහා එම මුලික පද වලට ඉදිරියෙන් + සලකුණ යෙදිය යුතුය. එමගින් සෙවුම් යන්ත්‍රය එම මුලික පද කෙරහි අනිවාර්ය යොමුවීමට කටයුතු  කිරීමක් සිදුවේ. එලෙසම ඔබට ලැබෙන සමහර තොරතුරු අදාළ නොවන ඒවා වේ. අනවශ්‍ය තොරතුරු වැලැක්වීම සදහා ඔබගේ පද සමුහයේ තොරතුරු ලබාගැනීමට ඔබ අපේක්ෂා නොකරන මුලික පද ඉදිරියෙන් - සලකුණ යෙදීම සිදුකල යුතු වේ.

එවිට සෙවුම් යන්ත්‍රය + සලකුණ සහිත සෑම මුලික පදයක් කෙරෙහිම යොමුවන අතර - සලකුණ සහිත මුලික පද අතහැර දමනු ඇත. උදාහරණයක් ලෙස “+Chicago+coffee-starbuck” පද සමුහය සලකන්න. එමගින් starbuck නොවන සහ Chicago නගරයේ ඇති coffee වෙළදසැල් වල තොරතුරු පමණක් ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් ඔබට ලබා දේ.එහෙත් මෙලෙස + හෝ - සලකුණු නොදා පද සමුහය පමණක් ඉදිරිපත් කළේ නම් සෙවුම් යන්ත්‍රයෙන් ඔබට ලැබෙන තොරතරු බොහෝ ලෙස වෙනස් වේ.

මෙලෙස ගුගල් සෙවුම් යන්ත්‍රය වේගයෙන් භාවිතයට යොදා ගන්නා තවත් ක්‍රම කිහිපයක් තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරින් සකස්කළේ :

හර්ෂ ලංකේශ්වර 

June 9, 2017

අධි ස්ථාවර සුර්ය කෝෂ

නවතම perovskite සුර්ය කෝෂය පැය 10,000 කට වැඩි කාලයක් කාර්යක්ෂමතාවයේ කිසිදු අඩුවක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා වඩා ලාභදායි නව සුර්ය කෝෂය යුගයකට පිවිස ඇති බවත් එමගින් ලොව බලශක්ති නිෂ්පාදනය වෙනස්වීමේ විභවයක් මතුකර ඇති බවත් Nature Communication වාර්තා කරයි. ඒ අනුව සුර්ය කෝෂ බලශක්තිය නිපදවීම සදහා වන අඩු වියදම පොසිල ඉන්ධන බලශක්තියට කිසිවිට සැම කළ නොහැකි වනු ඇත.

සුර්ය බලශක්ති නිෂ්පාදනයේ නියමුවෙක් වූ මහාචාර්ය Michel Gratzel සමග සම්බන්ධවූ ස්විට්සර්ලන්ත මාහාචාර්ය Mohammed Khaja Nazeerudin විසින් ස්ථර 2 (2 D) හා ස්ථර 3 (3 D) perovskite නම් තාක්ෂණය භාවිතා කර 12.7% ප්‍රතිශතයක කාර්යක්‍ෂමතාවයක් සහිත නව සුර්ය කෝෂ නිෂ්පාදන එළි දක්වන ලදී. මෙම සුර්ය කෝෂවල බලශක්තිය නිපදවීම සහ කාලය අතර ප්‍රස්තාරය සරල රේඛාවක් පෙන්වීම මගින් ඒවා වැඩි කාලයක් ස්ථාවරව ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ.

2015 වසරේදී ස්ථාපනය කරන ලද සුර්ය කෝෂ වලින් 93% ක්ම silicon wafers වූ අතර එය වෙළදපොල මුලිකයා විය. එහෙත් ඒවායේ ඇති දුර්වලතා මගහැරීම ඉතා අපහසු වේ. ඉතාම හොද silicon කෝෂ කාර්යක්ෂමතාව පවා දශක දෙකක් තුළ දියුණු වුයේ සුළු වශයෙනි.මුල් perovskite කෝෂ මගින් ප්‍රමාණවත් විදුලියක් සුර්යලෝකයෙන් ලබා ගැනීමට අසමත් වූ අතර ජලය නිසා ඉක්මනින් ඛාදනයද විය.

ස්ථර 2 (2 D) හා ස්ථර 3 (3 D) perovskite නම් නව සුර්ය කෝෂ මෙම දුර්වලතා මගහැරීමට සමත් වී තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ

හර්ෂ ලංකේශ්වර  

June 7, 2017

ජංගම දුරකතන සහ මොළයේ පිළිකා අතර සම්බන්ධයක් තිබේද ?

ජංගම දුරකතන සහ මොළයේ පිළිකා අතර සම්බන්ධයක් තිබේද ?

ජංගම දුරකතන භාවිතය අද වන විට ලෝකය පුරා ඉති ශීඝ්‍ර ලෙස ප්‍රචලිත වෙමින් පවතින අතර  මිනිසුන් අතර ඉතා විශාල ලෙස ව්‍යාප්ත වූයේ පසුගිය වසර දහයක පමණ කාලයක සිටය. ඒ හා
සමගාමීව දුරකතන නිෂ්පාදන  සමාගම් සහ සේවා සපයන ආයතනය ද විවිධ විශේෂාංග සහිත දුරකතන සහ සේවා සිය පාරිභෝගිකයන් ලබාදීම සක්‍රිය ලෙස ක්‍රියා කරමින් සිටියි.
ජංගම දුරකතන භාවිතය නිසා මොළයේ පිළිකා ඇති වන්නේද යන්න අප සමාජයේ බොහෝ  දෙනා අතර පවතින සැකයකි. මේ සම්බන්ධව ලෝකයේ  බොහෝ රටවල විවිධ අකාරයේ පර්යේෂණ රාශියක් සිදු කර ඇති අතර, මේ වන විටත් සිදු කරමින් පවතී.
විද්‍යානුකූලව යම් දෙයක් සනාථ කිරීම සදහා සිදු කරන පර්යේෂණවලට සමහර විට වසර ගණනාවක් ගත  වන අතර , ඉන් ලැබෙන ප්‍රතිඵල මත යම්යම් නිගමන වලට එළඹේ. අවදානම් තත්ව විවිධ රෝගාබාධ සමග දක්වන සම්බන්ධතා සනාථ  වන විට සමහර විටෙක එමගින් ජීවිත දහස් ගණනක් අනතුරට  පත් වී තිබීමට පුළුවන. මේ සදහා උදාහරණයක් ලෙස දුම්කොළ සහ පෙණහලු පිළිකා අතර සම්බන්ධතාව සදහන් කළ හැකිය. ඉහත ආකාරයට නිකුත් කර ඇති පර්යේෂණ වාර්තා අනුව ජංගම දුරකතන හා මොළයේ පිළිකා ඇති වීම පිළිබද විවිධ මතවාද ඉදිරිපත්ව ඇත. බොහෝ  පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ  ජංගම දුරකතන භාවිතය සහ මොළයේ පිළිකා ඇති වීම අතර නිශ්චිත සබදතාවයක් තවමත් හදුනාගැනීමට අපහසු වී ඇති බවයි.

මොළයේ පිළිකා ඇති වීමට හේතු වන්නේ යයි අනුමාන කරනුයේ ජංගම දුරකතන වල ඇති විකිරණශීලීතාවයි. රූපවාහිනිය , ගුවන් විදුලිය , පරිගණක , මයික්‍රොවේව් උදුන් වැනි උපකරණ වලද විවිධ ප්‍රමාණ වලින් විකිරණශීලීතාවක් තිබේ. X කිරණ වල ඉහළ විකිරණශීලීතාවක් තිබේ.  X කිරණවල ඇත්තේ අයනීකරණය වන විකිරණශීලී බවකි.
එහෙත් ජංගම දුරකතන සහ ඉහත සදහන් කළ තාක්ෂණික මෙවලම් වල ඇත්තේ අයනීකරණය නොවන විකිරණශීලීතාවකි.  X කිරණ ආදියේ ඇති අයනීකරණ විකිරණය මගින් සෛල වල ඇති DNA  වලට කෙළින්ම හානි වුවත් අයනීකරණ නොවන විකිරණ මගින් මනුෂ්‍ය සෛල වලට වන හානිය එතරම් පැහැදිලි නැත.
එසේ වුවද  සෛලගත  ඇතැම් ක්ෂුද්‍ර කොටස්වලට හානි වන බව සොයාගෙන තිබේ. ජංගම දුරකතන ක්‍රියාත්මක වන්නේ දුරකතනය සහ ඒ ආසන්නයේ ඇති දුරකතන කුලුනු අතර ඇති තරංග සම්ප්‍රේෂණය මගිනි. එසේම කුලුනු  අතර තරංග සම්ප්‍රේෂණය වැඩි ධාරිතාවකින් යුක්තව සිද්ධ වේ. මෙවැනි කුලුනු  දෙකක් අතර ප්‍ර‍දේශවල විකිරණශීලීතාව වැඩි වීම මගින් ඒ අවට ජීවත් වන්නන් වැඩිපුර   විකිරණශීලීතාවට ගොදුරු වන්නේ දැයි සැකයක් පවතී.

එහෙත්  වර්ධනය වන මොළයේ සෛල විකිරණශීලීතාවට වඩා සංවේදී බවක් දක්වන බව සොයාගෙන ඇත. එනිසා කුඩා දරුවන්ගෙන් ජංගම දුරකතන ඈත් කර තැබීඹ ඉතා වැදගත්ය.

එසේම සමහර හෘදය රෝගීන්ගේ හෘදය ස්පන්ධනය ක්‍රමාණුකූල කිරීම සදහා සමට යටින් තැන්පත්
කරන Pacemaker නැමැති උපකරණයටද යම් බලපෑමක් මෙමගින් ඇති වීමට ඉඩ තිබේ.


ජංගම දුරකතන සහ පිළිකා ඇති වීම  අතර සම්බන්ධතාවක් මෙතෙක් ස්ථීර ලෙස සනාථ කර නොමැති වුවත් හැකි සෑම විටම ජංගම දුරකතන භාවිත කරන විට එය හිසට දුරින් තබා ගැනීම , කථා කරන විට  Speaker Phone  භාවිතා කිරීම , සිරුරේ බාහිරය නිරාවරණය වන පරිදි  තබා ගැනීම, භාවිතා  කරන කාලය අවම කිරීම, වැනි ක්‍රම මගින් අප සිරුරට ලැබෙන විකිරණ ප්‍රමාණය අවම කරගත හැකිය.
රටක තාක්ෂණික දියුණුවේ උසස්ම ප්‍රතිඵල භුක්තිවිදීම  සදහා තාක්ෂණය බුද්ධිමත්ව සහ නිවැරදි අකාරයට  භාවිතා කිරීම සැමගේ වගකීමකි.


  සී.එම්.එස්.එම්. චන්ද්‍රසේකර
  විද්‍යා හා තාක්ෂණ නිලධාරි
  ගනේවත්ත

රටා මවන ගිණිකෙළිවල රසායනික අපූර්වත්වය

නැරබීම ඉතාම විනෝදජනක වුවද , විශාල වශයෙන් අනතුරු ගෙන දෙනු ලබන ගිණිකෙළි භාවිතයේදී ඉතාම ආරක්ෂාකාරී විය යුතුය.
සියලුම පුපුරන ද්‍රව්‍ය සතුව පොදු ලක්ෂණ කිහිපයක් ඇත. සියලුම පුපුරන ද්‍රව්‍ය ඇති කරන පිපිරුම් ප්‍රතික්‍රියාව අධික තාප ප්‍රමාණයක් පිට කරන ස්වයංසිද්ධ ක්‍රියාවලියකි. තවද පිපිරුම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය සියලුම සාධක පුපුරන ද්‍රව්‍ය සතු ව ඇති නිසා , පිපිරුම් ප්‍රතික්‍රියාව ආරම්භ වු පසු පුපුරන ද්‍රව්‍ය දැවී අවසාන වන තෙක් ප්‍රතික්‍රියාව ස්වයංව තිරසාර ලෙස පවත්වා ගැනීමේ හැකියාව ඇත .
මෙවැනි වූ ප්‍රධාන රසායනික ප්‍රතිදාන කිහිපයක් සහිත පුපුරන ද්‍රව්‍යන්ගෙන් සමන්විත ගිණිකෙළිවල සංයුතිය පහත පරිදි දැක්විය හැක.
                  v  ඔක්සිකාරකය
v  ඉන්ධන
v  වර්ණය ලබාදෙන සංයෝග
v  වර්ණය හා නිපදවන ආලෝකය වර්ධනය කරන සංයෝග
v  දුම් නිපදවන සංයෝග
v  බැදුම්කාරක
v  ගිණිකෙළි මිශ්‍රණයේ සංවේදී බව අඩුකරන සංයෝග

ඔක්සිකාරක

ගිණිකෙළි වල පිපිරුම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය ඔක්සිජන්  ලබා දෙන සංයෝග වේ. මෙහිදී පුපුරන ද්‍රව්‍ය මිශ්‍රණය තුල ඔක්සිකාරක අඩංගු වනු ඇත. වෙනත් සංයෝගයකින් ඉලෙක්ට්‍රෝන ලබා ගත හැකි සංයෝගයක් ඔක්සිකාරකයක් වනු ඇත. පුපුරන ද්‍රව්‍යයක් වේගයෙන් දහනය වීම සඳහා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දීම සිදුකල යුතුය. එහෙත් වායුගොලයේ ඇති ඔක්සිජන් වායුව මගින්  පිපිරුමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය එකවර ලබා දීමට නොහැකි බැවින් පුපුරන ද්‍රව්‍යයට අවශ්‍ය වන ඔක්සිජන් වායුව එම ද්‍රව්‍ය මිශ්‍රණයේ ඇති සංඝටකයන් මඟින් උත්පාදනය කර ගැනීම මෙහිදී සිදුකරනු ලබයි. ඒ සඳහා නයිට්‍රේට, ක්ලෝරේට හා පර්ක්ලෝරේට ප්‍රධානව යොදා ගනී. රත්කල විට ඔක්සිජන් වායුව නිකුත් කළ හැකි වීම මෙම සියලු සංයෝග සතු එක් විශේෂ රසායනික ලක්ෂණයකි. යොදාගනු ලබන ඔක්සිකාරකයේ ඔක්සිජන් ලබා දීමේ ප්‍රතික්‍රියාවේ වේගය මත පිපිරුම් ප්‍රතික්‍රියාවේ වේගය රදා පවතිනු ඇත.

පොටෑසියම් නයිට්රේට මෙන්ම පොටෑසියම් ක්ලෝරේට ඔක්සිකාරක ලෙස යොදා ගනු ලැබුවද පොටෑසියම් නයිට්රේට වලට වඩා පොටෑසියම් ක්ලෝරේට් හි වැඩි පිපුරුම් බලයක් මෙන්ම වැඩි වේගයෙන් ප්‍රතික්‍රියා කල හැකි හා ඉහල උෂ්නත්වයක  පවතිනු ඇත. මේ හේතුව නිසා පොටෑසියම් ක්ලෝරේට් ඔක්සිකාරක ලෙස ඇති විට පොටෑසියම් ක්ලෝරේට් වලට වඩා වෙනස් හා චමත්කාර ජනක වර්ණ වර්ග ඇති කරන ප්‍රතික්‍රියා සිදුකල හැකි උෂ්ණත්වයක් ගිණිකෙළිවලට ලබා ගැනීමේ හැකියාව ඇති කරයි. මීට අමතරව පොටෑසියම් පර්ක්ලෝරේට් ඔක්සිකාරකයක් ලෙස යොදා ගනිී.

ගිණිකෙළි වල ඉන්ධන ලෙස අගුරු කුඩු හෝ ලෝහ කුඩු යොදා ගනී. මෙහිදී ඉන්ධනය ඔක්සිකාරකය ලෙස ක්‍රියා කරයි. පිපිරුම් මිශ්‍රණය දැවී යාමේදී පිපිරුම් ප්‍රතික්‍රියාවට ඔක්සිජන් ලබා දෙන සංයෝගයෙන් ලබා දෙන ඔක්සිජන් සමඟ ඉන්ධනය වේගයෙන් දහනය වීම සිදු වේ. සල්පර් ඉන්ධනයක් ලෙස ප්‍රතික්‍රියාවට සහභාගී වුවත් , දහනය පහසු කරවන ඇරඔුම් ද්‍රව්‍යයක්ද ලෙස ක්‍රියා කරයි.


එසේම ඉන්ධනය මගින් වර්ණවත් ආලෝකය ඇතිකරලීම සිදු කරනු ඇත. අහස්කුරු , බඹර චක්‍ර හා අහස් වෙඩි සඳහා මෙම බලය අවශ්‍ය වනු ඇත. අධික උෂ්ණත්වයක් ඇතිකරවීම හා අනුක ස්කන්ධයෙන් අඩු  අණූ  නිපදවීමේ හැකියාව ඉන්ධනය සතු වන අතර , ඉහල උෂ්ණත්වයයේදී මෙම අණු වායුන් ලෙස අධික පීඩනයකින් විදීම නිසා ඉදිරියට බලයක් නිපදවීම සිදු වේ.
ශබ්දය ඇති කිරීම සඳහාද ඉන්ධන මිශ්‍රණය යොදා ගනී. මෙහිදී ඉන්ධන මිශ්‍රණයට විවිධ සංයෝග එකතු කිරීම හා ඇසිරීමේ ක්‍රමය මගින් විශේෂිත ආවේනික හඩක් ඇති වේ.
ගිණිකෙළිවල වර්ණය ලබා දීම ක්‍රම දෙකකට සිදු වනු ඇත .
 1. ගිණිකෙළි සඳහා යොදා ගන්නා මිශ්‍රණයේ ඇති අගුරු අංශු විවිධ ලෝහ කුඩු මිශ්‍රණය මගින් නිපදවනු ලබන තාපය උරාගෙන ඉහළ උෂ්ණත්වයකට පත් වීමේදී ආලෝකය පිටකරනු ඇත. මෙම ආලෝකයට වර්ණයක් ඇත .
2. මීට අමතරව ගිණිකෙළි වලට වර්ණයක් ලබා දිමට බොහෝවිට ලෝහයක් හෝ ලෝහ අයනයක් සහිත ලවණයක් එකතු කරයි. මෙහිදී ලවණය ඉහල උෂ්ණත්වයකට පත් වීම නිසා ඇතිවන වාෂ්ප ලෝහ පරමාණු බවට වෙන් වී යාමෙන් ආලෝකයට අදාල වර්ණය ලබා දෙනු ඇත .
ගිණිකෙළිවල සංයුතිය ගත් විට ඊලඟ වැදගත් සාධකය වනුයේ බැදුම්කාරක වේ.
ගිණිකෙළි සඳහා භාවිතා කරන සංයෝග මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක කාබනික බහු අවයවිකයක් මගින් මිශ්‍රණය එකට අලවා තබාගැනීම හා මිශ්‍රණය යම් ප්‍රමාණයක හැසිරවීමේ හැකියාව ලබා දේ. මීට අමතරව දහනය වෙමින් තාපය ලබාදීමද සිදු කරයි. පී .වී.සී. හා පැරපින් මෙසේ යොදාගනු ලබන බැදුම්කාරක වේ.
මීට අමතරව ගිණිකෙලිවල පිපිරුම් ප්‍රතික්‍රියාව මන්දනය හෝ වේගවත් කරන සංයෝග මිශ්‍ර කිරීම සිදු කල යුතුව ඇත .ගිණිකෙලි වලින් ඇති කරන විචිත්‍රවත් බව වැඩි කර ගැනීමට සමහර අවස්ථාවලදී පිිපිරුම් ප්‍රතික්‍රියාව අඩුකර ගැනීම සිදු කල යුතුය .මේ සඳහා පිපිරුම් මිශ්‍රණය සමග නිෂ්ක්‍රීය සංයෝග මිශ්‍ර කිරීම සිදු කරන අතර ඒ සඳහා බහුලව මැටි හා Diatomaceous  earth යොදා ගනී. එසේම පිපිරුම් ප්‍රතික්‍රියාව මගින් පිටකරන  තාපය උරාගන්නා සංයෝග පිපිරුම් ප්‍රතික්‍රියාවේ වේගය මන්දනය කරනු ඇත. මේ සඳහා ඉහල තාපයේදී කාඩන්ඩයොක්සයිඩ් නිපදවනු ලබන සංයෝග යොදා ගනී.
පිපිරුම් ප්‍රතික්‍රියාවේ වේගය වැඩිකර ගත යුතු අවස්ථාවලදි මිශ්‍රණයට උත්පේරක එකතු කරයි. මේ සඳහා අයන් ඔක්සයිඩ් යොදා ගනු ඇත. මේ සංයෝග මගින් ඔක්සිකාරකයේ වියෝජනය වේගවත් කරමින් ඔක්සිජන් මුදා හැරෙන වේගය ඉහල දැමීම හේතුවෙන් දහනය සිදුවන වේගය ඉහල යෑම සිදුවේ.
ගිණිකෙළි සදහා වර්ණවත් දුමක් හෝ ශබ්දයක් ඇති අවස්ථා දක්නට ඇත. මෙසේ විශාල ප්‍රමාණයක් වර්ණවත් දුමක් ඇතිකල හැකි අවස්ථා 2 කි. එහි පලමු ක්‍රමය වනුයේ පුපුරන දුව්‍ය දහනයේදී නිපදවන වායුත් වායුගෝලයට නිකුත් වීමෙන් අනතුරුව ඝනීභවනය වීමෙනි. දෙවැනි ක්‍රමය නම් දුමක් ඇති කළ හැකි සංයෝගයක් පුපුරන ද්‍රව්‍ය සමඟ එකතු කිරීමයි.
වර්ණවත් ධූමයක් ඇතිකිරීම සඳහා විවිධ වර්ණවත් සායම් වර්ග යොදා ගනි.මෙහිදී යොදා ගන්නා සායම් වර්ගය පිපිරුම් ප්‍රතික්‍රියාවෙන් නිපදවන තාපයෙන් වාෂ්පීකරණය කල හැකි විය යුතු අතර නිපදවන උෂ්ණත්වය සායම් සංයෝග අනු වියෝජනය කළ හැකි තරම් ඉතා ඉහල අගයක් නොවිය යුතුය .මෙම වර්ණවත් ධුමයක් ඇති කල හැකි පිපිරුම් මිශ්‍රණ සඳහා කාබන්ඩයොක්සයිඩ් නිපදවිය හැකි මැග්නීසියම් කාබනේට් වැනි සංයෝග එකතු කරයි.
මීට අමතරව එකවර ඉතා විශාල ශබ්දයක් පිට කිරිම හෝ විසිල් කිරිමකි වැනි ශබ්දයක් දිර්ඝ කාලයක් තුළ ඇති කරනු ලබන ගිණිකෙළි අපට දැක ගත හැකිය.මෙසේ විශාල ශබ්දයක් එකවර ඇතිකිරිම සදහා හොදින් ආවරණය  කරන ලද කඩදාසි ආවරණයක් තුළ පුපුරන ද්‍රව්‍ය අඩංගු කරනු ලබයි.මෙහිදි ගිගුම් දෙන හඩක් හෝ තියුණු හඩක් ඇති කිරීම සදහා මැග්නිසියම් ,ඇලුමිනියම් වැනි ලෝහ කුඩු භාවිතා කරයි.
විසිල් කිරිමක් වැනි ශබ්දයන් ඇති කිරිම සදහා පුපුරන ද්‍රව්‍ය මිශ්‍රණයක් කඩදාසි බටයක් තුළ තදින් ඇසිරීම සිදු කරයි. මෙවැනි මිශ්‍රණයක් තුළ බෙන්සොයික්  අම්ලය හෝ එහි ලවණයක්  අඩංගු කිරිමෙන් ශබ්දය ලබා ගනී.  
ගිනිකෙලි නිපදවීම හා ක්‍රියාකිරිත්වය සැලකු විට නිලාකුරු නිපදවීමෙදී ලෝහ කූරක් මත වෙඩි බෙහෙත් හා ලෝහ කුඩු මිශ්‍රණයක් ආලේප කරනු ලබයි. මෙම ආලේපය කූර මත රදවා තබාගැනීමට පිෂ්ඨය හෝ Dextrin වැනි බැදුම්කාරකයක් භාවිතා කරයි. නිලාකූරු දැමීමේදී වෙඩිබෙහෙත් මගින් අධික උෂ්ණත්වයක් නිපදවනු අතර එම උෂ්ණත්වය නිසා  දහනය වන ලෝහකුඩු මගින් ගිනි පුළිගු ඇති කරයි.යොදා ගන්නා ලෝහ වර්ණය අනුව ගිණි පුලිගු වල වර්ණය වෙනස් කර ගනු ඇත.
අහස කූරක් ගත්විට එහි පුපුරන ද්‍රව්‍ය කොටස් දෙකක් ඇත .එක් කොටසක් අතරතුර ඉහල අහසට ගෙන යාමට අවශ්‍ය තෙරපුම් බලය ලබා දීම සිදු කරයි. දෙවැනි කොටස ඉහල අහසේදී පුපුරා යමින් ශබ්දය හා වර්ණවත් ගිණිපුළිඟු ඇති කරලීමට යොදා ගනී. ඉහලට ගෙන යාමට අවශ්‍ය බලය ලබාදෙන කොටස මුලින්ම දැවී යාමටත් විචිත්‍රවත් ලෙසින් පුපුරා යන කොටස් මදක් ප්‍රමාද වී පුපුරා යන අයුරෙනුත් සකස් කොට ඇත. සංදර්ශන වැලදී යොදාගන්නා අහස් වෙඩිවල ඉහල අහසේ දී පුපුරා යන කොටසක් පියවර කිහිපයකින් පුපුරා යන සේ සකස් කොට ඇත. එම නිසා එවැනි අහස් වෙඩි විවිධ රටා මවමින් ඉහල අහසේදී පුපුරා යයි.
සකස්කළේ ;
විද්‍යා තාක්ෂණ නිලධාරි ,ඕකෙවෙල

June 1, 2017

බීට් රූට් ගැන ඔබ දැනගත යුතු දේ

 තද රතු පැහැති එළවළුවක් වන බීට් රූට් සතුව සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අන්තර්ගතව පවතී. එය අමුවෙන්, මඳ වශයෙන් තම්බා , සුප් එකක් ලෙස ආහාරයට ගත හැකිය. සීනි සෑදීමටද භාවිතා කරයි. එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමකින් අන්තර්ගත ව පවතී. බීට් සතු ඉතාම වැදගත් ප්‍රතිලාභය වන්නේ, බීට් සතුව පවත්නා පිළිකා වළක්වාලීමේ හැකියාවයි.
දැන් බීට් බහුලව වගාකරන නමුත් එහි මූලාරම්භය අවුරුදු 4000කට වඩා පැරණිය. අතීතයේ බීට් උතුරු අප්‍රිකාවේ කැලෑ ආශ්‍රිතව , යුරෝපයේ හා ආසියාවේ වෙරළාසන්න කලාපවල වගා කරන ලදී. ආදි මිනිසුන් එහි මුල් හැර කොළ පැහැ කොටස් පමණක් පරිභෝජනය කර ඇත. පළමුව බීට් වගාකලේ ආදි  රෝමානුවන් බව හා ඔවුන්ගේ ආහාරයට කොටසක් ලෙස මුල භාවිතා කළ බව විශ්වාස කෙරේ. 19 වන ශත වර්ෂයේදී බීට් වලින් සීනි සෑදිය හැකි බව සොයා ගන්නා ලදි.
අද වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව , ප්‍රංශය හා පෝලන්තය වැනි රටවල් ඇතුළුව ලොව පුරා වාණිජමය වශයෙන් බීට් වවනු ලැබේ. සීනි සෑදීමට භාවිතා කිරීමට අමතරව සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට සම්පූර්ණ බීට් ශාකයම භාවිතා කරනු ලබයි.
බීට් වල ඇති පෝෂක
බීට්, තන්තු, විටමින හා ඛනිජ වැනි විවිධ පෝෂක වර්ග  අඩංගු ප්‍රධාන ප්‍රභවයකි. එහි සුළු වශයෙන් කැලරි යම් ප්‍රමාණයක්ද අඩංගු වේ.
බීට් 100 g : තන්තු             2.8 g
                        ප්‍රෝටීන          1.6 g
                        ෆෝලේට්         27% DV
                        මැංගනීස්       14% DV
                        යකඩ              10% DV
                        පොටෑසියම්     7% DVක් අඩංගු වේ.
මීට අමතරව බීට් වල විටමින් B සංකීර්ණය , විටමින් C , ෆ්ලෙවනොයිඩ් පර්‍ති ඔක්සිකාරක හා විටමින් A   අඩංගු වේ.


බීට් වල සෞඛ්‍යමය ප්‍රතිලාභ

මෙම එළවළුව මඟින් රුධිර පීඩනය පාලනය, හෘදය හා අක්මාව නිරෝගීව තබා ගැනීම වැනි අපගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් බලපාන ප්‍රතිලාභ රැසක් සැලසේ.

1      බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි.
බීට්රූට් යුෂ පානය කිරීම ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය පාලනය කිරීමට බලපාන බව අධි රුධිර පීඩනය පිළිබඳ පළ කරන ලද අධ්‍යයනයකදී සඳහන් කර ඇත.
රුධිර වාහිනී ඉහිල් කිරීමට බලපාන නයිට්‍රේට්  වැඩි ප්‍රමානයක් බීට් වල අඩංගු වන නිසා එමඟින් අධි රුධිර පීඩනය පාලනය කරන අතර රුධිර සංසරණය ක්‍රමයෙන් වැඩි දියුණු කරයි.

        බීට් අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

බීට් වල Betaine නම්  ඇමයිනෝ අම්ලයක් අඩංගුය. එමඟින් අක්මාවේ නිරෝගීභාවය ඉහළ නංවන අතරම එමඟින් අක්මාවේ මේදය අඩු කරන නිසා දියවැඩියාව සහිත පුද්ගලයින්ගේ  detoxifying එන්සයිම මට්ටම වැඩිකරන අතර අක්මාවේ ප්‍රමාණය අඩු කරයි.

3       බීට් වලට පිළිකා වළක්වාලීමට උදව් කළ හැකියි.

බීට් වල රතු පැහැය බීටා සයනින් නම්  වර්ණකය නිසා ලැබී ඇත. නමුත් ඊට තවත් කරුණු ගණනාවක් බලපායි. මෙම වර්ණකවලට  පිළිකා සෛලවල වර්ධනය යටපත් කිරීමේ හැකියාව ඇති අතර විවිධ වර්ගයේ පිළිකා සමඟ සාර්ථකව සටන් වදින බව අධ්‍යයනයන් මඟින්  සොයා ගෙන ඇත.

4       බීට් මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය

වයසට යාමේදී මොළයට රුධිර ගලනය අඩු වීම නිසා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවේ. බීට් පරිභෝජනය රුධිර වාහිනීවල ඉහිල්වීමට උපකාරී වේ. එමඟින් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ගෙන යාමට සලසන නිසා එහි ක්‍රියාකාරීත්වය වැඩිවේ.

5      බීට් ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ.

බීට්වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයඇති කරන අතර මලබද්ධය වළක්වයි.

සාමාන්‍යෙයන් බීට් ආරක්ෂිත ආහාරයක් ලෙස සැලකෙන අතර ගර්භනී හා කිරිදෙන මවිවරුන් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව නියමිත ප්‍රමාණවලින් පරිභෝජනය කළ යුතු අතර බීට් ආහාරයට ගැනීම නිසා අතුරු ආබාධ ඇති නොවේ.


අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

ජේ.ඒ.එස්.සාගරිකා කුමාරි
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය- කුරුණෑගල
                               

May 17, 2017

සමාජ ජීවිතය මත හෝමෝන බලපෑම

මෙතෙක් සමාජ ජීවිතය හා එහි ක්‍රියාකාරකම් ලෙස බැඳුන හෝමෝනය ලෙස සාකච්ජාවට බදුන් වූයේ ඔක්සිටොසින් හෝමෝනයයි. නමුත් නව සොයාගැනීම් වලට අනුව වෙනත් හෝමොන ද සමාජ ජීවිතය කෙරෙහි බලපායී.
පර්යේෂකයින් විසින් මනුෂ්‍යයන්ගේ ජාන වල පවතින එකකට එකක් වෙනස් සමාජ ජීවිතය සදහා බලපාන නියුරොපෙප්ටයිඩ 06 ක් මිනිසාගේ මොළය තුළ පවතන බව සොයාගෙන ඇත. මෙම රසායනිකයින් මිනිසාගේ සමාජ ජීවිතය කෙරෙහි සමාජ අන්තර්ක්‍රියා කෙරෙහි බලපායි. මෙම රසායනිකයින් මිනිසාගේ සමාජසම්බන්ධතා කෙරෙහි පුළුල් ලෙස බලපායි.මොළයේ පවතින සැලකියයුතු රසායනිකයින් විශේෂ කිහිපයක් අප සමාජ ජීවිතයේ හැසිරිය යුතු ආකාරය විවිධ සමාජ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරය පිළිබදව මූලික වන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිනාමීය මනෝවිද්‍යාව සම්බන්ධ විදයාඥයකු වන රොබින් ඩන්බාර් පවසයි.ඩෝපර්මින් නම් රසායනික සමහර විට සතුටු හෝමෝනය සහ එන්ඩොපින් හෝමෝනය මිනිස් සිරුර සැහැල්ලු කර එකිනෙක කෙරෙහි උනුසුම් හැඟීම් දනවන ක්‍රියාවන් පාලනය කරයි. මෙම එන්ඩොපින් හා ඩෝපර්මින් හෝමෝනය මිත්‍රත්ත්ව වර්ධනය හා සමාජ ජාල වල පුරුක් ලෙස ක්‍රියා කිරීමට බලපායි. මැයි 01 වනදා පලකරනු ලැබූ සඟරාවක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම නියුරොපෙප්ටයිඩ ක්‍රියාකරන ආකාරය ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රේමණීය සම්බන්ධතා වල දී endorphin හා dorpamin තරම් කාර්ය භාරයක් oxytocin මගින් ඉටුනොකරයි. පර්යේෂකයින් විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් 750 කගේ පමණ DNA විශ්ලේෂණය කරමින් නව තොරතුරු සොයාගැනීමක් සිදුකර ඇත. Oxytocin,dorpamin,endorphins, vasopressin,serotonin,testosterone යන රසායනික වල ජාන සැකැස්මේ සුළු වෙනස්කම් පිළිබදව නිරීක්ෂණය කර ඇත.
පර්යේෂකයින් සොයාගෙන ඇති ආකාරයට එන්ඩොපින් මගින් පුද්ගලයාගේ සමාජ ජීවිතය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනයට විශාල බලපෑමක් කරයි. ඔක්සිටොසින් නම් හෝමෝනය මිනිසාගේ ප්‍රේමණීය හැඟුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි බලපායි. නමුත් සමහර අවස්ථාවලදී එන්ඩෝපීන් නම් හෝමෝනය ඔක්සිටොසින් නම් හෝමෝනය අභිබවා ක්‍රියාත්මකවන අවස්ථාද වෙයි. එන්ඩොපින් හෝමෝනය මිනිසාගේ මිත්‍රශ්‍රීලී බාවය වර්ධනය ආශ්‍රිත උදව් කිරීම යනාදී දේවල් සදහා මිනිසා පෙළබවීමට ආධාර කරයි. ඩෝපර්මින් නම් හෝමෝනය මිනිසාගේ සමාජ ජාල ගත ක්‍රියාකාරකම් කෙරෙහි බලපවත්වන හෝමෝනය වෙයි.
මෙම නියුරොපෙප්ටයිඩ විසින් මිනිසාගේ සමාජ ක්‍රියාකාරකම් සිදුවෙන ආකාරය පාලනය කරන බව ඩන්බාර් නම් විද්‍යාඥයා පවසයි. මෙම සමාජ ක්‍රියාකාරකම් සිදුවෙන ආකාරය පිළිබදව එන්ඩෝපින් හා ඩෝපර්මින් හෝමෝන දෙක එකට බැදී තිබේ.
අනෙකුත් නියුරොපෙප්ටයිඩ වන වාසොප්‍රෙසින්,සෙරොනින් හා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මිනිසාගේ සමාජ ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් නොකරන බව ද නවීන විද්‍යාත්මක සොයාගැනීම් අනුව හෙළි කෙරෙයි.

 




Published from

Live Science Magazine