Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 6, 2017

නිත්‍ය මුද්‍රණ යන්ත්‍රය

පරිඝණක  මුද්‍රණ යන්ත්‍රයේ ඉතිහාසය පරිඝණකයේ ඉතිහාසය තරම්ම දිවෙන දෙයක් බව අප කවුරුත් දනී. එහි විකාශය ඩේසි වීල්  (Daisy Wheel) මුද්‍රණ යන්ත්‍රයේ සිට ඩොට් මැට්රික්ස් (Dot Matrix) ද ඉන් පසු තීන්ත විදින (Ink Jet) මුද්‍රණ යන්ත්‍රයද අවසාන වශයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රය ද වශයෙන් දැක්විය හැක. මේ සියල්ලේම ප්‍රශ්නය වන්නේ ඒවාට විශාල වශයෙන් කඩදාසි අවශ්‍ය වීමයි. තවද ටොනර් වැනි දේටද විශාල වශයෙන් මුදල් වැයවීම ද තවත් ප්‍රශ්නයකි. කිසිවෙකුට හැකි වේවිද තීන්ත රහිත කඩදාසි රහිත මුද්‍රණ යන්ත්‍රයක් අනාගතයේ නිපදවීමට?

     මෙය නව අදහසක් නොවේ. Xerox  ව්‍යාපාරය 1970 සිට ඉලෙක්ට්‍රොනික කඩදාසි පිළිබද පර්යේෂණ පැවැත්වූ ආයතනයකි. ඔවුන්ගේ එක් විසදුමක් වූයේ ගයිරිකොන්නැමති පත්‍රයයි. එය ඉතා සියුම් පාරදෘශ්‍ය (විනිවිද පෙනෙන) ප්ලාස්ටික් වර්ගයකින් සෑදී ඇති අතර එහි මිලියන ගණනින් ඉතා කුඩා තෙල් පිරවු සිදුරු පවති. වර්ණ දෙකකින් සමන්විත පබළුවක් එක්එක් සිදුරු වල නිදහසේ කැරකීමට  සකස්කර ඇත. මුද්‍රණ යන්ත්‍රය මගින් වෝල්ටීයතාවයක් මෙම පත්‍රෙය් මතුපිටට ඇති කළවිට මෙම පබළු  කැරකී එක්  වර්ණයක් පෙනීමට සැලැස්වීමයි.මෙමගින් පත්‍රය මත අකුරු සහ චිත්‍ර පෙන්වීමට හැකිවේ. එම පත්‍ර නැවත මුද්‍රණ යන්ත්‍රයකට ඇතුලත් කරන තෙක්ම එම අකුරු හෝ චිත්‍ර එසේම පවතී. එනම්  මෙම පත්‍ර නැවත භාවිත කළ හැකි වේ.
    ජපානයේ සන්වා නිව්ටෙක් ආයතනය ද තීන්ත රහිත ටෝනර් රහිත මුද්‍රණ තාක්ෂණයක්  නිපදවා ඇත. ඔවුන් එය නිමකර  ඇත්තේ ප්‍රීපීට්නම්  නැවත මුද්‍රණය කළ හැකි ප්‍රින්ටරය වශයෙනි. මෙහිදී ප්ලාස්ටික් පත්‍රය තුල ඩයි වර්ගයක් කවා ඇති අතර උෂ්ණත්වය අනුව එහි පාට වෙනස්වීමක් සිදුවේ. සීතල අවස්ථාවේ පාට ස්ථාවරව පැවතෙන අතර උණුසුම් කල විට පාට මැකීයයි. ප්‍රීපීට් මුද්‍රකය පළමුව තම පත්‍රය උණුසුම් කර පත්‍රයේ යමක් ඇත්නම් මකා දමා අඵතින් ලිවීම අරඹයි. මෙම ආයතනයට අනුව එක පත්‍රයක් 1000 වාරයක් පාවිච්චි කළ හැක.
        අන්තර්ජාලය ඇසුරිනි.

“සෙල්ෆි” ගැනීමට ඉදිරියේදී ඔබට මෙවැනි උපකරණ අවශ්‍ය වනු ඇත


සෙල්ෆි ඡායාරූපයක් ගැනීම යනු තම කැමරාවෙන් තමාගේ හෝ තම අවට කණ්ඩායමක් හෝ තමා සිටින ස්ථානය ඡායාරූපයට නැගීමයි. මෙය තම අත භාවිතයෙන් කිරීමට පටන් ගත්තද පසු කලෙක   සෙල්ෆි ස්ටික් නැමැති කෝටුවක් භාවිතයෙන් කිරීමට යොමු වී ඇත. ඩ්‍රෝන් කැමරා තාක්ෂණයද බහුලව භාවිතා වන යුගයක මේ තාක්ෂණයන් දෙක එකතු කිරීමට හැකිවේ යැයි ඔබට සිතුනේද?
‘එයාර් සෙල්ෆි’ අදහස පහළ වන්නේ ඉතාලි ජාතික ව්‍යවසායකයෙකු වන එඩෝර්ඩො ස්ට්‍රොෆියානා වෙත  2014 දිය. මෙම උපකරණය තුළ 5 megamixel  කැමරාවක් සහ 4GB micro SD කාඩ් එකක් ඇත. ඩ්‍රෝනර් යන්ත්‍රයේ භ්‍රමක මගින් අඩි 65 (මීටර් 20)  උසට අහසේ පියෑඹීමට හැකියාව ඇත. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් භාවිතයෙන් මෙම යන්ත්‍රය ගුවන් ගත කිරීම ආරම්භ කළ හැක. එමෙන්ම උස, දිශාව වෙනස් කිරීම මෙන්ම ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද අදාල ඇප් එක මගින් සිදුකල හැක. වයි-ෆයි තාක්ෂණය ඔස්සේ ගන්නා ඡායාරූප වෙනත් ජංගම දුරකථන වෙත යැවීම මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවලට ගන්නා ඡායාරූප යැවීමටද අදාල උපකරණයටම සිදුකල හැක.
ඡායාරූප ගත් පසු ඇප් එකේ බොත්තමක් එබූ සැනින් පහළට ඒමට එම උපකරණය සකස් කර ගත හැක. එනම් අත්ල මතට ඒමට හෝ ගුවනේ සැරිසරනවිට අතට ගැනීමට හැකිවනසේ භාවිතා කරන්නාට සකස් කරගත හැක.
නැවත වාර්ජ් කල හැකි ලිතියම් පොලිමර් බැටරියක් මගින් එයාර් සෙල්ෆි යන්ත්‍රයේ ගුවන් කාලය මිනිත්තු 3ක් වන බව අදාල සමාගම පවසන අතර 2017දී මෙම යන්ත්‍රය ඩොලර් 300ක් වැනි සහන මිලකට වෙළදපොලේ දැකියහැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

අන්තර්ජාලය ඇසුරෙනි

සිතීමේ ශක්තිය මගින් අනාගත සෙල්ලම් බඩු ක්‍රියාත්මකවන ලකුණු...


වෝර්වික් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටෝපර් ජේම්ස් මහාචාර්යතුමා විසින් ක්‍රියාත්මක මොළයේ තරංග මගින් ක්‍රියා කිරීමට හැකියාව ඇති විද්‍යුත් උපකරණ නිපදවීමේ තාක්ෂණයන් සොයා පර්යේෂණ ආරම්භ කර ඇත. මෙහිදී සිත තුළ පහළවන අදහස් මගින් පරිගණක පද්ධතියක් ඔස්සේ සෙල්ලම් බඩු වෙත සම්බන්ධ වීමට හැකි බව සොයා ගෙන ඇත.

නත්තල් සමයේදී ළමුන් විශ්වාසය තබන නත්තල් සීයාගෙන් ඉල්ලන සෙල්ලම් බඩු අතර ප්‍රමුඛතාවය ගන්නේ ස්වයංක්‍රීය කාර, හෙලිකොප්ටර්, රොබෝ යන්ත්‍ර වැනි දෑය. මේ සියල්ල හිසට පළ‍ඳින ආම්පන්නයක් මගින් මොළයේ ක්‍රියාත්මක අදහස් වල බලයෙන් පණ ගැන්වීමට සහ ක්‍රියා කරවීමට හැකියාව ඇති බව ඔවුන් සොයා ගෙන ඇත.
මූලික වශයෙන් අපගේ සිත ස්ථානගත කිරීමේ මට්ටම අනුව මේවා ක්‍රියාත්මක කිරීමට හැකි බව සඳහන් වේ. උදාහරණයක් වශයෙන් කැමතිම පාට ගැන සිතීමේදී අපට එක් පාටකට අනිවාර්‍යෙන් සිත ස්ථාන ගත කිරීමට හැකි බව දැක්විය හැකිය.
ස්වයංක්‍රීය සෙල්ලම් බඩුවල සාමාන්‍යයෙන් අතේ තබා ගන්නා උපකරණ වෙනුවට මෙහිදී හිසට පළඳින උපකරණය මගින් මොළය සහ උපකරණය අතර පරිගණක සම්බන්ධතාවය ඇති කරයි. හිසේ රඳවනයේ ඇති සංවේදක උපකරණ (sensors)  මගින් මොළය මගින් ඇති කරන තරංග විවිධ සංඛ්‍යාත වලින් හදුනා ගැනේ. මේ තරංග වැඩිදියුණු කිරීමක් සිදු කර අදාල සෙල්ලම් උපකරණයේ විද්‍යුත් පරිපථය යැවේ.    
  මහාචාර්ය වෝර්වික් ප්‍රකාශ කර සිටින්නේ, දැනටමත් මෙම තාක්ෂණය වෙළඳ පොළට නිකුත් කර තිබුනට ඒවායේ ක්‍රියාකාරිත්වයට යම් යම් සීමාවන් ඇති බවය. නව පරීක්ෂණ මගින් හිස පළඳනාවේ ක්‍රියාකාරීත්වය තවත් ක්‍රමවත්ව සිදු කිරීමට, එනම් පැහැදිලි සංඥා ලබා ගැනීම කෙරේ තව දුරටත් යොමු වී ඇත.
දැනට භාවිතයේ පවතින සුළු දේ පවා අනාගතයට මහත් දෙයක් වනු ඇති අතර ඉදිරියේදී අපගේ නිවසේ දොරවල් සිත මගින් විවෘත කිරීමට හා අපගේ දුරථනයට පිළිතුරු දීමට මෙම නව පද්ධතියට හැකි වනු ඇති බව ඔහු හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ බලාපොරොත්තුවයි.

අන්තර්ජාලය ඇසුරෙනි.
සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි (උඩපළාත)

January 4, 2017

ගස්ලබු කොල

ගස් ලබු හෙවත් පැපොල් යනුවෙන් හදුන්වනු ශාකයේ ඵලය පලතුරක් ලෙස ආහාරයට ගන්නා  අතර  
එහි ගුණ පිලිබදව කවුරැත් දන්නා කරැණකි.

එහෙත් ගස්ලබු කොල වල ඇති ගුණ පිලිබද බොහෝ දෙනා නොදත් කරැණු රාශියක් ඇත.
පර්යේෂණ වාර්ථා අනුව ගස්ලබු කොල වල ඉතා ප්‍රබල ඇන්ටිඔක්සිජීකෘත ගුණයක් පවතින බව පෙන්වා දී ඇත.

2016 වසරට තත්පරයක් එකතුවීම

2016 මධ්‍යම රාත්‍රිය පසුවී 2017 නව වසර උදාවන අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් සිදුවිය. ඒ අවස්ථාවේදී ඔරලෝසුවේ සටහන් වූ මධ්‍යම රාත්‍රී 11:59:59 ට පසු  තත්පරයක් ගතවූ විට වෙලාව 12:00:00 හෙවත් 2017 නව වසර උදාව ලෙස සටහන් විය යුතු නමුත් වේලාව 11:59:60 ලෙස සලකන ලදී. එනම් 2016 වසර සදහා අමතර තත්පරයක් එකතු විය.

මෙලෙස අමතර තත්පරයක් එකතු කිරිම මුල්වරට ආරම්භ වුයේ 1972 වසරේදිය. පෘථිවියේ  භ්‍රමණ වේගය සහ පරමාණුක ඔර්ලෝසුවේ වේගය අතර වෙනස ඉවත් කිරීම සදහා මෙසේ තත්පරයක් එකතු කිරීම 1972 වසරේ සිට මේ දක්වා 28 වාරයක් සිදු කර ඇතැයි වාර්තා වේ.ජුනි මස හෝ දෙසැම්බර් මස අග මේ සදහා යොදාගැනීමට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි The International Earth Rotation and Reference System Service ආයතනය කටයුතු කරයි.

අපගේ ඔරලෝසුවලට නිවැරිදි වේගය ලබාදීම සදහා ලොව පුරා ඉතා නිවැරදි හා සුක්ෂම පරමාණු කාල මිනුම් යන්ත්‍ර 200 ක් පමණ ක්‍රියාත්මක වන අතර ඒවායේ මිනුම් ක්‍රමය International Atomic Time (TA1) ලෙස හැදින්වේ.  

පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වීම මත සැකසු එක් දිනකට ගතවන කාලය මනින ඒකකය Universal Time (UT1) ලෙස හා සමහර විට ජ්‍යෝතිෂ කාලය ලෙස හැදින්වේ.

චන්ද්‍රයාගේ ආකර්ෂණය නිසා පෘථිවියේ භ්‍රමණ වේගය අඩුවීම මෙන්ම භුමි කම්පා සහ හිමනදී දියවීම් නිසා භ්‍රමණ වේගය වැඩිවීම යනාදිය හේතුකොට ගෙන UTI කාලමානයේ වෙනස් කම් ඇතිවුවද පරමාණු චලනය මත ගොඩ නැගී ඇති TA1 කාල මානයේ වෙනස් කම් ඇති නොවේ. ඒ අනුව මෙම කාල්මාන දෙක නැවත සම්පාත (සමාන) කිරිම සදහා මෙසේ කාලය එකතු කිරීම කරනු ලැබේ. වර්තමානයේදී සාමාන්‍ය දෛනික කටයුතු සදහා GPS වැනි තාක්ෂණයන් භාවිත වන බැවින් මෙවැනි සැකසීම් අත්‍යාවශ්‍ය වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන්
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි 

January 2, 2017

වැටේ මුරුංගා වල විශ්මිත ගුණ

බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමේ හැකියාවක් මෙම ශාකයට ඇත. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මුරුංගා ශාකය බහුලව දැක ගත හැක. ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද තුනකි. එහිදී මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සදහා යොදා ගනී.

මුරුංගා විෂ නාෂක ඖෂධයකි. දැල්ලෝ,  ඉස්සෝ වැනි ආහාර පිසින විටදී එයට මුරුංගා කොළ ටිකක් එකතු කිරීමත් එසේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ සහිත බවක් වේ නම් එය නැති කිරීම සදහා මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ එයට එක් කර ගත හැකිය. ඒවාගේම අච්චාරු සෑදීමේදී එය ඉක්මනින් පැසවීම සදහා මුරුංගා පොත්තක් එයට එකතු කර ගත හැකිය. මුරුංගා පොතු වියලා කුළුබඩුවක් ලෙස දිනපතා වෑංජනවලට එකතුකර ගත හැකිනම් රෝග රැසකින් අත්මිදින්නට හැකිය. පණුරෝග, බඩේ ගල්, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධ, හෘදය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, කැස්ස, ඇදුම ආදී රෝග රැසක් සුව කර ගැනීමටත් ඉන් වැලකීමටත් ඉහත ක්‍රමවේදය පිටිවහලක් වේ.
ආයුර්වේදයේදී මුරුංගා හදුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ වනාහී රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතී. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී කැරොටී, කැල්සියම්, මැග්නිසියම්,කොපර්, යකඩ, පොස්පරස්, ඛණිජලවන වැනි ගුණ රාශියක් පවතී.

මුරැංගා කොළ අමුවෙන් අරගෙන හොදින් කොටා මිරිකා මීපැණි තේ හන්දක් එක්කර එයට තැඹිලි ගෙඩියක වතුර එක්කර උදේ, දවල්, සවස ලෙස දිනකට තෙවරක් පානය කිරීම ආහාර ජීරණයට ඉතාමත් ගුණදායක වේ. මුරුංගා කොළ මිටක් හොදින් අඹරා ඊට මුදවපු කිරිමේසහැදි 5ක් එකතුකර දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් අත්මිදිය හැක. ශල්‍යකරමයකට ලක් නොකර මුත්‍රාගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් කසායක් සාදා ගත හැක. තරමක් වියලි මුරුංගා පොතු මිටක් පමණ ගෙන වතුර පත හතර එකට සිදුවා උදේ හා සවස සති දෙකක් පමණ දිනපතා පානය කිරීමෙන් මුත්‍රා ගල් අංශු බවට පත්වී දියවේ. මෙය හොදින් මුත්‍රා පිටවිමටත්, මුත්‍රා දැවිල්ල සමනය වීමටත් ගුණදායකය.

මුරුංගාවලට දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක් මෙන්ම සැරව ගලන තුවාල පිරිසිදු කර ඉක්මනින් සුව කර ගැනීමේ විශ්මිත හැකියාවක් ඇත. මෙවැනි කී නොකී ගුණයන් රාශියක් ඇති මුරුංගා එළවළුවක් ලෙස බොහෝ දෙනා ආහාරයට නොගැනීම කණගාටුවට කරුණකි. නවීන පර්යේෂණවලින් හෙලවී තිබෙන කරුණක් නම් ශරීරයේ කොලෙස්ටරෝල් හා සීනි ප්‍රමාණය අඩුවීමට මුරුංගා නිරන්තරයෙන් ආහාරයට ගැනීම යෝග්‍ය බවයි.

තවද සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම සදහා මුරුංගා කරලේ ඇති ඇට භාවිතයට ගනී. මින් හෙළිවන්නේ මෙම ශාකයෙහි පවතින අද්විතීය ගුණයයි.  එම නිසා අපගේ ආහාර රටාවට මුරුංගා එළවළුවක්, මැල්ලුමක් ලෙස එක්කර ගැනීමෙන් මනා සමබර නිරෝගිමත් ජීවන පැවැත්මක් පවත්වාගත හැකි වේ.
ඒ.ඩී.ගුණතිලක
විද්‍යා හා තාක්ෂණ නිළධාරී - රත්නපුර.

උපුටා ගැනීම, අන්තර්ජාලයෙනි.

අපේ ජිවිතයේ ප්ලාස්ටික් හා පොලීතීන් වලට ඇති තැන......

අ‍පේ ජීවිතයේ ප්ලාස්ටික් වලට හා පො‍ලිතීන් වලට ඇති තැන කෙතරම්ද යන්න ඔබ අප හොදින් දන්නා කරුණකි.
මදක් සිතන්න,  මේ සියල්ල අපි සිදුකරන්නේ ප්ලාස්ටික් හෝ පොලිතීන් භාවිතයට ගනිමින්ද?
උදේට වතුර උණු කිරීම,තේ සෑදිම/ තේ බීම, Pet වතුර බෝතල් භාවිතය,පැටිස් බදිනනේ Pet ප්ලාස්ටික් දියකල තෙල් වල,ග්‍රොසරි බෑග් වල පොල් තෙල් / ව්‍යාංජන /සීනි/තේ ‍කොළ/රසකැවිලි ඇසිරීම,Lunch sheet භාවිතය,වතුර ගබඩා කිරීම,බීම ගබඩා කිරීම,ප්ලාස්ටික් පිගන් භාවිතය,නොයෙකුත් ආහාර වර්ග ඇසිරීමට, ගබඩා කිරීමට

ප්ලාස්ටික් අවධානම අවම කර ගන්නේ කෙසේද?

ප්ලාස්ටික් හා පොලිතීන් වල ඇසුරු ආහාර සහ පාන වර්ග හැකිතාක් සීමා කරන්න.
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාජන භාවිතා   නොකරන්න.
ජලය ගබඩා කරන ප්ලාස්ටික් ජල ටැංකි හිරු එළියට නිරාවරණය වනසේ නොතබන්න
ප්ලාස්ටික්  ළදරු බෝතල්,සූප්පු  භාවිතා නොකරන්න.
මයික්‍රොවේව්  උදුන්වල  - ප්ලාස්ටික් භාජන වල කෑම පිසීමෙන් වලකින්න
පිසූ ආහාර ද්‍රව්‍ය, සීනි,තේ කොල, පොල් තෙල්,මස්, මාළු, සදහා  Shopping Bag, Grocery Bag භාවිතා නොකරන්න
Lunch Sheet භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න, ඒ සදහා  සුදු යකඩ,පයිරෙක්ස් විකල්ප භාජන භාවිතය
Pet  බෝතල් නැවත නැවත භාවිතා නොකරන්න.

ඒ සදහා  වීදුරු, සුදු යකඩ බෝතල් භාවිතය
වෙළදසැලේ  අව්වේ තබා ඇති වතුර බොතල් භාවිතා නොකරන්න.
කල් ගත වූ පළුදු වු ප්ලාස්ටික් ඉවත් කරන්න.
ප්‍රජනන වියේ කාන්තාවන් හා ගර්භණි මව්වරු ළදරුවන්, සහ ළමුන්ගේ භාවිතය සදහා ප්ලාස්ටික් භාවිතා කිරීමේදි සැලකිලිමත් වන්න.

ප්ලාස්ටික්/පොලිතීන් පුළුස්සන්න එපා. Dioxins, Furans වැනි ශරීරයට ඉතා විෂ වායූන් පිට වේ.
ටින්කල ආහාර භාවිතයෙන් වලකින්. BAP ආලේප කර ඇති පටලය කල් යාමේ දී දිය වී ආහාරයට කාන්දු වීමට ඉඩ ඇත.
 
 හැකි සෑම විටම සාම්ප්‍රදායික විකල්ප ඇසුරුම් භවිතය ඉතා යෝග්‍ය වේ.

පෝෂණය රැකෙන පරීදි එළවළු සැකසීම.


එළවළු යනු ශාක කොටස්ය. මෙය පත්‍ර, දළු, මල්, අල, කද, ඵල ආදිය විය හැක. මේවා සකස් කිරිමේ දී පෝෂ්‍ය පදාර්ථ එනම් ඛණිජ ලවණ හා විටමින් විනාශ විය හැක. මේවාහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ක්ෂය විමකින් තොරව වැඩි පුර ලබා ගන්නේ කෙසේද ?
   අප ආහාරයට ගන්නා පලා වර්ගවල විටමින් A හා C අඩංගු වේ. මෙම විටමින් දෙක, හිරු එළිය අධික රස්නය සහ කාර්මික පීඩනය යන ක්‍රියාවන්ට නිරාවරණය වු විට සමහර කොටස් විනාශ විය හැක. එම නිසා මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම රැක ගැනීම පිණිස පලා වර්ග අමුවට පිළියෙල කරගත හැකි අතර නැවුම් බවක් ද එක් කරයි. 

එළවළු පිසීමේ දී
  එළවළු පිසීමේ දී වැඩිපුර තැම්බීම සුදුසු නොවේ. එළවළු වල පාට එලෙසම රැක ගනිමින් තැම්බිම සුළුවෙන් කිරීම වැදගත් වේ. එවිට ව්‍යංජනයේ පැහැය ද, පෝෂ්‍ය පදාර්ථ ද රැක ගත හැක.
  අප විශේෂයෙන්ම කොළ පලා වර්ග පිසින විට එහි ඇති යකඩ ප්‍රමාණය එලෙසින්ම ලබා ගැනීමට නම් එය පිසගෙන ළිපෙන් ඉවත් කර,එයට දෙහි ඇඹුල් සුළු ප්‍රමාණයක් ඉස, මිශ්‍ර කර ගැනිමෙන් යකඩ අවශෝෂණය වැඩි කර ගත හැක. එළවළු වල ඇති Phytates (ෆයිටේට්ස්) හා Oxalate (ඔක්සලේට්) ප්‍රමාණය නිසා යකඩ, කැල්සියම් අවශෝෂණය අඩු වේ. එම නිසා මෙම රසායනික ද්‍රව්‍ය අඩු එලවළු වර්ග නිතර ආහාරයට ගත යුතු අතර, මෙම රසායනික ද්‍රව්‍ය වැඩි එළවළු කැල්සියම් හා යකඩ අඩංගු ආහාරවලින් මගහරවා පසුව ආහාරයට ගැනීමෙන් මෙම ප්‍රශ්නය මගහරවා ගත හැක. රසායනික ද්‍රව්‍ය වැඩි පලා වර්ග වනුයේ කංකුං, මුකුණුවැන්න ආදි පත්‍ර සහිත පලා වර්ගයි.දෙහි ඇඹුල් වෙනුවට එළවළුවලට ඇඹුල් (ඇසිඩ්) වැඩි එළවළු වර්ගම යොදා ගත හැක. මේවා නම් තක්කාලි,අබරැල්ලා,අන්නාසි,අඹ වේ.

ආහාර කල් තබා ගැනිමේ දී පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ ද ?


   ආහාර කල් තබා ගැනීමට අපිඒවා වියළිම කරනු ලබයි. තවද අච්චාරු දැමීම කරනු ලැබේ. එමෙන්ම ආහාර වියළීමේ දී විටමින් C හා A සුළු ප්‍රමාණයක් විනාශ වේ. තවද විනාකිරි මගින් කල්තබා ගැනීමේ දී (අච්චාරු) පෝෂ්‍ය ගුණය වැඩි වි (කැල්සියම්, යකඩ අවශෝෂණය වැඩිය) අපට වාසීයක් ගෙනදේ එසෙම සොඩියම් හා ක්ලොරීන් ප්‍රමාණයද වැඩි වේ. ආහාර. පලා වර්ග. එළවළු වියලීමේදි කල්තබා ගත හැකි වුවත් හැකි තරම් එළවළු වර්ග නැවුම් බවකින් යුතුව ආහාරයට එක් කර ගැනීමේදී පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම ලබා ගතහැකි වේ. තවද වාෂ්පයෙන් තැම්බිම මගින්ද නැවුම් බව වැඩිකර ගතහැකි අතර එමගින් පැහැයද රැකේ.


ආහාර හා පෝෂණය ග්‍රන්ථය ඇසුරෙන් සකස් කරන ලදි.


ආතතිය නිසා මොලයට සිදුවන හානි

අප අත්දකින සෑම පීඩාකාරී (stressfull) සිද්ධියක් නිසාම මොළයට චිරස්ථින බලපෑමක් ඇතිවන බවත් එමගින් මොළයේ ව්‍යූහයට හානිවීම සහ මොළයේ ප්‍රධාන කොටස්වල ක්‍රියාකාරිත්වය වෙනස් වීම සිදුවන බවත් නවතම අධ්‍යනයකදී හෙළිවී තිබේ.

කල්පවත්නා ආතතිය හෙවත් නිදන්ගත ආතතිය මගින් දරුණු ඥානාත්මක ප්‍රතිවිපාක ගෙනදෙන බව බොහෝ කාලයක සිට පැවති මතයකි. එය අප්‍රසන්න පශ්චාත් ආතති සංකුලතා වැනි විවිධ මානසික රෝගවලට මුලික වේ. එහෙත් තියුණු ආතති සහ හුදකලා අප්‍රසන්න නිමේෂවල බලපෑමේ ඇති අවධානම තවමත් අවබෝධ කරගෙන නොමැත.

මියන්ගේ පාද පතුල්වලට විදුලි කම්පනයක් විනාඩි 40 ක කාලයක් ඇතුළතදී නැවත නැවත ලබාදී ඒ සදහා මියන්ගේ මොළ දක්වන ප්‍රත්චාරය අධ්‍යනය කිරීමට පර්යේෂන කණ්ඩායම කටයුතු කරන ලදී. මෙම අධ්‍යනය පිළිබද තොරතුරු Moleculer Biology සගරාවට ලිපියක් මගින් හෙළිකරමින් විදුලි කම්පනය නිසා Corticosterone නම් ආතති හෝමෝනයක් නිකුත්වූ බව ප්‍රසිද්ධ කර ඇත. තවද එමගින් මොළයේ prefrontal Cortex (PFC) ප්‍රදේශයේ කොටසක glutamate නම් ස්නායු සම්ප්‍රේශකයේ ප්‍රමාණාත්මක මට්ටම ඉතා අධික ලෙස ඉහළ ගිය බවද සදහන් වේ.

Glutamate උද්දීපන අණුවක් නිසා  එහි මට්ටම ඉහළ යෑම මගින් PFC හි නියුරෝන සිඝ්‍රයෙන් දැවීයාම සිදු වේ. සාමාන්‍ය මට්ටම දක්වා Glutamate පහළ බැසීමට පැය 24 ක කාලයක් ගත වේ. එම කාලයතුල මෙලෙස නියුරෝන හානියට පත්වීම වලක්වාගත නොහැකි වේ.

Glutamate ග්‍රාහක ඇතුලත් නියුරෝන සම්බන්ධක ශාඛා හෙවත් නියුරෝන වල dentrites (අනුශාඛිතාව) වල වැහැරිමේ ගමන් ආරම්භය හෝ සෛල මියයාම සිදු වේ.

තීරණ ගැනීමට අවශ්‍ය තර්කානුකුලව සිතීමේ හැකියාවට අත්‍යාවශ්‍ය වීම සහ උසස් දැනීම සදහා PFC උපරිමව සම්බන්ධ විය යුතු නිසා මෙම හානිය සැලකිය යුතු කරුණක් වේ.එපමණක් නොව විනාඩි 40 ක කාලයක ආතතියකට පමණක් සීමාවූ මෙම පර්යේෂණයේදී මෙවැනි හානියක් සිදු වුයේ නම් සාමාන්‍යයෙන් සති දෙකක්  පමණ පවතින දරුණු ආතති මගින් සිදුවන විපාක දීර්ඝකාලින වේ.


අන්තර්ජාලය ඇසුරෙණි.

January 1, 2017


IP முகவரி 




IP எனும் Internet protocol இணையத்தினூடாக தகவல் அனுப்புவது பெறுவது தொடர்பான நிலையான விதிகளின் தொகுப்பு எனக் கூறலாம். இவை வெவ்வேறு தளங்களில் இயங்கும் சாதனங்களை இணையதினூடாக இணைக்கப்படும் சந்தர்பங்களில் ஒருவருக்கொருவர் தொடர்பு கொள்ள அனுமதியளிக்கின்றது.

இது IPV4 (Internet protocol version 4) மற்றயது IPV6 (Internet protocol version 6) என்பவற்றை சார்ந்தவையாக காணப்படலாம். இது பொதுவாக இணையத்தில் இணைந்திருக்கும் சாதனங்களை வகைகுறிக்கும் தனிப்பட்ட (Unique) பயன்பாட்டு அமைப்பாகும். இதேவேளை இவ் Internet protocol ஆனது இரு சாதனங்களுக்கு இடையே Data packets மாற்றும் அடிப்படை விதிமுறைகளையும் நமக்கு வழங்குகின்றது.
இருப்பினும் உண்மையில் இந்த IP ஆனது இணைய இணைப்பை ஏற்படுத்தவோ அல்லது Data packets மாற்றப்படும் சந்தர்ப்பங்களை ஒழுங்குபடுத்துவதோ இல்லை ஆனால் இதனை கையாள Transmission control protocol (TCP) எனும் அமைப்பானது காணப்படுகின்றது. இது Internet protocol இனை இணைத்து இணையத்தில் இரு சாதனங்களுக்கு இடையே தரவை மாற்றி ஒழுங்கமைக்க உதவுகின்றது. இதனை TCP/IP தொடர்பு என பொதுவாக நாம் அழைக்கின்றோம்.

இவ் IPV4 ஆனது நான்கு பகுதிகளான இலக்க தொகுதியை உடையது. இவ் ஒவ்வொரு பகுதியிலும் மூன்று இடப்பெறுமான எண்களை 0 தொடக்கம் 255 வரை இட்டு கொள்ளலாம். இவை அனைத்தும் ஒரு புள்ளியினை அடிப்படையாக கொண்டு வேறுபிரிக்கப்படும். உதாரணமாக இக் கட்டுரை மொழிபெயர்க்கபடும் techterms.com எனும் வலைத்தளத்தின் IP முகவரியாக 67.43.14.98 காணப்படுகின்றது. இவ் இலக்க தொடரானது techterms எனும் வலைத்தளத்தினை இணையத்தில் காண உதவுகின்றது.

நீங்கள் உங்களது இணைய உலாவியில் (Internet web browser) இல் ஒரு வலைத்தளத்தினுள் பிரவேசிக்க அவ் வலைத்தளத்தின் முகவரியை இனை டைப் செய்யும்போது DNS (Domain name System) எனப்படும் அமைப்பானது உங்களது இணையதள முகவரியை IP இலக்கங்களாக மாற்றி அவ் IP முகவரிக்குரிய வலைத்தளத்தினை எமக்கு அணுக வசதியளிக்கின்றது.



google image இலிருந்து எடுக்கப்பட்டது


இணைய தகவல் மற்றும் Domain Name களை பதிவு செய்து வழங்கும் InterNIC (Internet Information centre) எனும் நிறுவனமானது இவ் IPV4 இனை மூன்று வகுப்புக்களாக பிரித்துள்ளது. இதில் சிறிய வகுப்பு C யில் 256 IP முகவரிகள் காணப்படுகின்றன. உதாரணமாக 123.123.123.XXX என்றவாறு இது அமையப்பெறும். இதில் XXX என்பதில் 0 தொடக்கம் 255 வரையான இலக்கங்கள் இங்கே வரலாம். அடுத்த வகுப்பு B யில் 65536 IP முகவரிகள் உருவாக்கலாம். உதாரணமாக 123.123.XXX.XXX என்றவாறு இது அமையப்பெறும். இறுதியாக வகுப்பு A யில் 16,777,216 IP முகவரிகள் உருவாக்கலாம். உதாரணமாக 123.XXX.XXX.XXX என்றவாறு இது அமையப்பெறும். ஆகவே மொத்தமாக IPV4 000.000.000.000 இருந்து 255.255.255.255 வரையான 4,294,967,296 IP முகவரிகளை உருவாக்கலாம்.


இருப்பினும் அதிகரித்து வரும் தொழில்நுட்ப சாதனங்களின் வளர்ச்சி காரணமாக IPV4 ஆனது IPV6 என்ற முறைக்கு மாற்றப்பட்டுள்ளது. இதில் IPV4 இணைக்கப்பட்ட சாதனங்களை விட பாரியளவு IP முகவரிகளை உருவாக்கி இணையத்தில் இணைத்து கொள்ளலாம். IPV4 இல் 32bit IP முகவரியானது IPV6 இல் 128bit IP முகவரியாக வளர்சியடைந்து 340,000,000,000,000,000,000,000,000,000,000,000 IP முகவரிகளை உருவாக்ககூடியளவு மாற்றம் பெற்றுள்ளது. இவ் IPV6 அமைப்பானது எட்டு “hhhh” என்ற நான்கு hexadecimal number இனை கொண்டதாகும். இது 0 தொடக்கம் 9 வரையும்  A தொடக்கம் F வரையும்  அமைந்து காணப்படும். உதாரணமாக F704:0000:0000:0000:3458:79A2:D08B:4320 என்றவாறு இது அமையப்பெறும்.

Source : http://techterms.com/
Source link : http://techterms.com/definition/ip_address
                     http://techterms.com/definition/ipv6