Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 22, 2016

රස ගුණ සපිරි රටඉඳි


ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන රටඉඳි බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේලේ  ප්‍රධාන අංගයක් වේ. එහි අඩංගු වැදගත් පෝෂක කොටස් නිසා නිර්මාංශ අයට වඩාත් යෝග්‍ය වේ. ශරීරයේ විවිධ රෝගාබාධ සහ ගැටළු සදහා මහත් ඔසුවක් මෙන්ම රසවත් පළතුරක් ලෙසද හැදින්විය හැක.

 මේදය,කැල්සියම්, සල්ෆර්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, තඹ යනාදී  සියළුම ඛනිජ ලවණ, විටමින් සහ කෙදි වලින් පරිපුර්ණ ය. ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන්, දිනකට එක් රටඉඳි ගෙඩියක් සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. රටඉඳි, කිරි සමග මිශ්‍ර කිරීමෙන් පල්පයක් ලෙස, යෝගට් හෝ පාන් හෝ බටර් සමග වඩා රසවත් ලෙස පරිභෝජනයට ගත හැකි අතර රුචිකත්වය අනුව කැමති ලෙසකට සකස් කර ගැනීමටද හැක. ඇමරිකානු පිළිකා සංගමයට අනුව, දිනකට අවශ්‍ය  ආහාරමය තන්තු 20-35 g ක ප්‍රමාණයක් රටඉඳි මගින්  සපයා ගත හැකි බව ප්‍රකාශ කර ඇත.

නවීන වෛද්‍ය සමීක්ෂණයට අනුව, උදර පිළිකා වළක්වා ගැනීමටත් අධික කුසගින්න සමනය කර, ආහාර අධි අනුභවය වළක්වා ආහාර දිරවීමේ ක්‍රියාවලිය පාලනය කර ඉහළ පෝෂණයක්  අවශෝෂණය කර ගැනීමට රටඉඳි වලින් මහගු පිටිවහලක් සැපයේ. එසේම, මාංශ පේශි සංවර්ධනය, ස්නායු පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාකාරිත්වයන් යහපත්ව, ක්‍රියාකාරීව පවත්වා ගැනීමටද උදව් වේ. බඩවැල්වල ආබාධ, හෘදයාබාධ, රක්තහීනතාවය, ලිංගික බෙලහීනතාවය, පාචනය, සහ වෙනත් බොහෝ ලෙඩ රෝග සදහා රටඉදිවල ගුණ වැදගත් වේ. එසේම දිනකට එක් රට ඉඳි ගෙඩියක් බැගින්  ආහාරයට ගැනීමෙන් ඔබේ ඇසේ  සෞඛ්‍ය යහපත්ව  පවත්වා ගැනීමට උපකාර වන බව සඳහන් වේ.

රට ඉඳි විශාල පෝෂණ අගයන්ගෙන් යුතු  වුවද ඉතාම පරෙස්සමින් ආහාරයට ගත යුත්තේ, මතුපිට ඉතා ඇලෙන සුළු නිසා බොහෝ විට විවිධ අපද්රව්ය එක්වීමට හැකි නිසාය. නිසි ඇසුරුම් සහ සෞඛ්‍යාරක්ෂිත බවින් රට ඉඳි පමණක් ගත කළ යුතුය. එසේම මතුපිට අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා, භාවිතයට පෙර හොදින්  සෝදා ගත යුතුය.

රට ඉඳිවල සෞඛ්‍ය ප්‍රතිලාභ

මළබද්ධය වැළැක්වීමට: නිතර නිතර මළබද්ධයෙන් පෙළෙන්නන්ට යෝග්‍ය වේ. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා, රාතී‍්‍ර කාලයේ ජලයෙහි පොඟවා සිරප් ලෙස උදෑසනම ජලය සමග සකස්කර පානය කරන්න. කෙදි සහිත බව සහ ඉහළ ද්‍රාව්‍ය තන්තු මට්ටම මළබද්ධය රෝග ලක්ෂණ සමනය කරයි.

අස්ථි සෞඛ්‍ය හා ශක්තිය: ඛනිජ ලවණ සැලකිය යුතු ප්රමාණයක් ඇති නිසා එය අස්ථි ශක්තිමත් කිරීම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි වේදනාකාරී හා දුර්වල රෝග සඳහා ප්‍රයෝජනවත් වේ.

බඩවැල්වල සුවතාවයට: බඩවැල් හිතකාමී බැක්ටීරියා වර්ධනය උත්තේජනය කර ආහාර දිරවීමේ ගැටළු මගහරවා  ආහාර පෝෂක දිරවීම මගින් අවශෝෂණය කිරීමට වඩාත් ඵලදායී විය හැකි ප්‍රයෝජනවත් ඇමයිනෝ අම්ල බොහෝමයකින් සමන්විතය.

රක්තහීනතාව: යහපත් සෞඛ්‍ය තත්ත්වය සඳහා ප්‍රයෝජනවත් ඉහළ යකඩ මට්ටම නිසා,රක්තහීනතාවයෙන් පෙළෙන ජනතාව සඳහා පරිපූර්ණ ආහාර අතිරේකයක් ලෙස රටඉඳි හැදින්විය හැක. එනම්, අධික තෙහෙට්ටුව, නිදිමත ගතිය මග හරවා ශක්තිය වඩවයි.

 ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට: විටමින් A සහ පොටෑසියම් වලින් පිරි රටඉඳි , ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. මොළයේ ක්‍රියාකාරිත්වය සහ වේගය වැඩි දියුණු කරන උත්තේජකයක් නිසා ළමුන් සඳහා අපූරු ආහාර ප්‍රභවයකි.

හෘදයේ සුවතාවට: අංශභාගය හා අනෙකුත් හදවත හා සම්බන්ධ රෝග අවදානම අඩු කිරීම සඳහා අධ්‍යයන මගින් පෙන්වා ඇති පරිදිපොටෑසියම්වලින්  පොහොසත්  රටඉඳි ඉතා යෝග්‍ය ය. තවද හෘදයාබාධ, හෘද රෝග, ආඝාතය වැනි රෝග තත්වයන්ට හේතු වන  කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද හැකියාව ඇත.
ලිංගික දුර්වලතා මගහැරවීමට: එළු කිරි තුල රැයක් පුරා රට ඉඳි බහා තබා, උදෑසන එය හොදින් මිශ්‍ර කර එයට එනසාල් කුඩු හා මීපැණි මිශ්‍ර කර පානය කිරීමෙන් විවිධ ලිංගික රෝග නිසා ඇතිවන වදභාවය අවම කිරීමට හැකියාවක් ඇත. විධිමත් පර්යේෂණ මගින් මේ බව තහවුරු වී ඇත.


පාචනය: ඉදුණු රට ඉඳි පාචනය පාලනයට  ඵලදායී ක්‍රමයක් වේ. පොටෑසියම් අඩංගු නිසා  නිදන්ගත පාචනය සමනය කර දිරවීම  පහසු කරවයි.

රටඉඳි වල පෝෂක සංඝටක

පෝෂක සංඝටකය
ප්‍රතිශතය (%)
තන්තු (කෙදි)
32
කාබෝහයිඩ්‍රේට
25
කැලරි
14
ප්‍රෝටීන්
5
මේදය
1
විටමින් B6
8
නියසින් (Niacin)
6
ෆෝලේටේ (Folate)
5
Riboflavin
4
විටමින් K
3
පොටෑසියම්
19
මැන්ගනීස්
13
තඹ
10
මැග්නීසියම්
11
යකඩ
6

අන්තර්ජාලය ඇසුරිනි
සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
විදාතා සම්පත් මධ්‍යස්ථානය, කුණ්ඩසාලේ

July 21, 2016

පාසැල් බස් රථයෙන් අගහරු ලෝකයේ චාරිකාවක්

ඊළග ගවේෂක පරම්පරාව STEM හෙවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය සහ ගණිතය යන විෂය ක්ෂේත්‍ර වලට යොමුවීම හෝ එම විෂයන් ලුහුබැදයාම  සදහා අවශ්‍ය පෙළඹීම ලබාදීම ඉලක්කකොට Lockheed Martin ආයතනය මෙම බස් රථය නිර්මාණය කර තිබේ. පාසැල් බස් රථයෙන් අගහරු ලෝකයේ චාරිකාව සාමාන්‍යයෙන් පාසැල් බස් රථයේ ඒකාකාරිත්වය නැති කිරීමේ විජ්ජාවකි. පාසැල් දරුවන්ට අගහරු ග්‍රහයා පිළිබද දැනුමක් සමග විනෝදයක් ලබාදෙන ශ්‍රව්‍ය දෘශ්‍යාගාරයක් බස් රථය තුළ නිර්මාණය කිරීමට Lockheed Martin ආයතනය සමත් වී තිබේ. පාසැල් බස් රථය නගරයේ විදී පුරා ගමන් කරන විට දක්නට ලැබෙන දර්ශන වලට සමාන අයුරින් අගහරුගේ වට පිටාව දිස්වෙන ලෙස මෙය සකස් කිරීමට මෙම ආයතනයේ සේවකයින් දැක්වූ දායකත්වය අගය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ STEM විෂය ධාරාවන් හැදෑරීම ප්‍රමාණත්මකව සුවිශේෂී ලෙස අඩුවී තිබේ.STEM විෂය ධාරාවන් හදාරන උසස්පෙළ සිසුන්ගේ ප්‍රතිශතය 7% - 10% අතරවූ ඉතා පහල මට්ටමක පවතී. වෛද්‍ය විද්‍යාව හා සමහර සුවිශේෂී ඉන්ජිනේරු ශිල්ප හැර STEM විෂය උගතුන් සදහා ශ්‍රී ලංකාවේ රැකියා සහ සමාජීය අවස්ථා සිමා සහිත වේ. එනිසා මෙම විෂය ධාරා සදහා සිසුන් උනන්දු කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් එහි විදාතා ඒකකය සහ ජාතික විද්‍යා පදනම මගින් දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලැසුම් කර තිබේ.

අසාමාන්‍ය එන්ජිමක් සහිත බස් රථය විවිධ සංවේධක මගින් අගහරුගේ සත්‍ය දර්ශන පුර්ණ  ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් බවට පත් කරයි.බසයේ වේගය පැ.කිමි. 30 ක් වන විට අගහරු ලෝකය තුළ පැ.කිමි. 30 ක වේගයෙන් ගමන් කරන බව මගියාට හැගේ.බසය වමට හෝ දකුණට හරවන විටද ඒ බව අගහරුතුලද වමට හෝ දකුණට ගමන් කරන ආකාරයක් දිස් වේ.මේ සදහා වොෂින්ටන් නගරයේ වීදිවලට සමගාමී ලෙස අගහරුගේ මතුපිට සිතියම් කර තිබේ.එමගින් වඩාත්  විස්තරාත්මක ගවේෂණ අත්දැකීමක් දරුවන්ට ලබාදෙයි.අගහරුගේ මතුපිට දර්ශනයන් බසයේ ජනේල තුළින් දිස්වේ.රතු ග්‍රහයාගේ වර්ග සැතපුම් 200ක ප්‍රමාණයක් මෙහිදී ප්‍රතිරුපනය වේ.

චිත්තාකර්ශනීය වූ මෙම ව්‍යාපෘතිය වෙනත් ග්‍රහලෝක පිළිබදවද මෙවැනි  ශ්‍රව්‍ය දෘශ්‍ය ඉදිරිපත් කිරීමක් තුළින් අවබෝධයක් වැඩිහිටියන්ටද ලබාදීමට ජාතික මට්ටමෙන් බලාපොරොත්තු වේ.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=X5JTb_7qv78

July 20, 2016

උල්කාපාත

අතීතයේ දේවතා එළි වශයෙන් හදුන්වනු ලැබු වෛර්ණ ආලෝක ධාරාවන් රාශියක් සද නැති අහසෙහි දැකිය හැකිය. සෞරග්‍රහ මණ්ඩලයෙන් ගිලිහි විත් ඉතා අධික වේගයෙන් පොලවට වැටෙන මෙම පදාර්ථ අංශු උල්කා යනුවෙන් හදුන්වයි. උල්කාපාත ලෙස හදුන්වන්නේ උල්කා වැස්සකි . ඈත අවකාශයේ සිට පෘථිවියේ වායුගෝලයට ඇතුළු වී වායුගෝලය මැදින්  පැමිණ පෘථිවිය මත ඝන වස්තුවක් සේ වැටෙන්නට හැකි තරම් විශාල උල්කාවකට උල්කාශ්ම යයි කියන අතර අවකාශයෙන් පෘථිවියේ වායුගෝලයට පැමිණ ඝර්ෂණය වී තාප දීප්ත වී පොළොවට වැටීමට පෙර නොපෙනි යන  ඉතා කුඩා පදාර්ථ කැබැලි උල්කාංශු යනුවෙන් හදුන්වනු ලබයි.ඉතා කුඩා උල්කාංශු දහස් ගණනක් දිනපතාම පාහේ වායුගෝලයට වැටේ. උල්කා අතරින් ඉතා  දීප්තිමත්  ඒවා කොපමණ ආලෝකයක් විමෝචනය කෙරේදැයි කිවහොත් ඒවා අග්නි බෝල වශයෙන් ද දක්නට ලැබේ . ඉතා විශාල අග්නි බෝල පෘථිවි වායුගෝලය තුළින්  පෘථිවිය මතුපිටට ඇදී එන විට ශබ්ද නිකුත් කරන  අවස්ථාද දක්නට ලැබේ.

උල්කාපාත වල වර්ණාවලි පරීක්ෂා  කිරීමෙන් ඒවා  වැඩි වශයෙන්ම වායු හා දූලී වර්ග වලින්  සෑදී ඇති බව  විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.පෘථිවි වායුගෝලයේ  ඉහල කොටස් වලට ඉතා වේගයෙන් ඇතුළුවන විට ඇතිවන ඝර්ෂණ තාපය නිසා බැබෙළෙන්න පටන්  ගනී. අවුරුද්දේ ඕනෑම කාලයක උල්කා දකින්නට  පුළුවන.උල්කා වායුගෝලයේ දැවී යන විට පෙනෙන්නේ තරුවක් ගිනිගෙන කඩා වැටෙන්නාක් මෙනි.

 අදුරු රාත්‍රීයක අහස දෙස පැයක් පමණ වේලාවක් බලා  සිටියහොත් ඒ කාලය තුලදී දක්නට ලැබෙන උල්කාවල සංඛ්‍යාව රාත්‍රියේ වේලාවත්, අවුරුද්දේ කාලයත් අනුව  වෙනස් වේ. මැදියම් රැයට පෙර දැකිය හැකි උල්කා සංඛ්‍යාවකට වැඩි සංඛ්‍යාවක් මැදියම් රැය ට පසුව දැකිය හැකිය. උත්තර අක්ෂාංශව සරත් ඝෘතුවේදී  දැකිය හැකි උල්කා සංඛ්‍යාව සිසිර ඝෘතුවේ දැකිය හැකි සංඛ්‍යාවට වඩා වැඩිය.
ඉතා අධික වේගයෙන් උල්කාවක් වායුගෝලය හරහා  එන විට තාපය , අලෝකය අයනීකරණය වශයෙන්  එහි චාලක ශක්තිය යෙදවේ.පොළොවට උල්කාශ්මයක් ලෙස පතිත වන උල්කාවක වේගය තත්පරයට කිලෝ මීටර 16 සිට කිලෝ මීටර 72 දක්වා වෙනස් වෙයි.වසරක් පාසාම උල්කාපාත මගින් ටොන් විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් පොළොව මතට පතිතවේ. දිනකට උල්කාපාත දහස් ගණනක්  පෘතුවිය මතට ඇදහැලෙන නමුත් වායුගෝලය නිසා  මේවායින් පෘතුවි පෘෂ්ඨය  ආරක්ෂා වී තිබේ.

උල්කාවල වර්ණාවලින් පරීක්ෂා කිරීමෙන් ඒවායේ හයිඩ්‍රජන්, ඔක්සිජන්, සෝඩියම්, මැග්නීසියම්,  ඇලුමිනියම්, සිලිකන්, ක්‍රෝමියම්, මැන්ගනීස්, යකඩ සහ නිකල් යන මූලද්‍රව්‍ය ඇති බව සොයාගත හැකිය.  මේ මූලද්‍රව්‍ය පොළොව මත වැටුණු උල්කාශ්ම වලද තිබේ.
බොහෝ උල්කා පොළොවට වැටෙන්නට දෙයක් ඉතිරි නොවී දැයි යයි. එහෙත්  විශාල උල්කා දැවී අවසන් නොවී බිමට වැටුණු අවස්ථාද තිබේ. දැවී අවසන් නොවී සම්පූර්ණයෙන්ම නොපිළිස්සී වායු ගෝලය මැදින් ගමන් කොට පෘතුවිය මත ඝන වස්තුන් සේ වැටෙන්නට හැකි තරම් වූ උල්කා වලට උල්කාශ්ම යයි කියනු ලැබේ.බොහෝ විට උල්කාශ්ම පෘතුවිය මතට වැටෙන්නේ  විශාල ප්‍රදේශයක විසිරෙන කුඩා කැබලි වැස්සක් ලෙසය. උල්කාශ්ම වැඩි වශයෙන් වැටෙන්නේ දවස් කාලයේ බව සොයාගෙන ඇත.
උල්කාශ්ම වැටීමෙන් පෘතුවියේ වාසය කරන මිනිසුන්ට අනතුරු සිදුවිය හැකිය. තත්පරයට කිලෝ මීටර බොහෝ ගණනක් වේගයෙන් ගමන් කරන ටොන් කීපයක් බර වස්තුවක්  පෘතුවි පෘෂ්ඨය සමග ගැටීමෙන් ඇතිවන ප්‍රථිපලය ඉතා  භායානක විය හැකිය. වාසනාවකට මෙන්  විශාල උල්කාශ්ම වැටෙන්නේ ඉතා කලාතුරකිනි. මෙතෙක් ඒවා වැටී ඇත්තේද මිනිස් වාසයෙන් තොර  ප්‍රදේශවලටය.





සී.එම්.එස්.එම්.චන්ද්‍රසේකර 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි 
ගනේවත්ත

පෘථිවිය උණුසුම්වීම පාලනයට විසදුමක්


බලගතු හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් (CO2) පෘථිවිය උණුසුම්වීම වර්ධනයට ප්‍රධාන හේතුවක් වේ.පොසිල් ඉන්ධන දහනයෙන්ද  විශාල ප්‍රමාණයක් CO2 නිපද වේ.එනිසා පෘථිවිය උණුසුම්වීම මගින් සිදුවිය හැකි මහා විනාශය වැලැක්වීමට කාබන්ඩයොක්සයිඩ් (CO2)  නිෂ්පාදනය පාලනය කිරීම සදහා ලෝකය ඉමහත් පරිශ්‍රමයක් දරයි.

CO2 නිෂ්පාදනය පාලනය කිරීම සදහා වූ විවිධාකාර ව්‍යාපෘති අතරට බලාපොරෝත්තු තැබිය  හැකි නව පිලියමක් කලමනාකරණය කර ගැනීමට විද්‍යා පර්යේෂක පිරිසක් සමත් වූ බව පසුගියදා සගරාවක සදහන් විය. එමගින් කාබන්ඩයොක්සයිඩ් වායුව වේගවත්ව ඝනීභවනය කිරීමට හැකි භූගත එන්නත් ක්‍රමයක් සොයා ගත් බව එම පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානි Juerg Matter පවසයි. “පුදුම සහගත ලෙස වසර දෙකකට අඩු කෙටි කාලයකදී එන්නත් කළ CO2 වලින්  95%-98% අතර ප්‍රමාණයක් ඝනී භවනය කිරීමට හැකි බව අපේ ප්‍රතිපල පෙන්වා දෙනවා “යයිද ඔහු පැවසුවේය.

දීර්ඝ කාලින ව්‍යාපෘතියක් වූ මෙම CarbFix නම් ව්‍යාපෘතියේ  කොටසක් ලෙස අයිස්ලන්තයේ බලශක්ති උත්පාදකය මගින් විමෝචණය කරන  CO2 පර්යේෂකයන් විසින් භුමි සන්ස්තානයක (නිර්මාණයක) ට ඉතා ගැඹුරින් එන්නත් කරන ලදී.එවිට ගිනි කදුවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බැසොලට් (basalt) නමැති පාෂාණ සමග එම විමෝචක CO2 ප්‍රතික්‍රියාකොට කාබොනේට් (Carbonate) පාෂාණය නිර්මාණය කරන ලදී.  Carbonate යනු හුණුගල් වැනි පාෂාණයකි.මෙලෙස Carbonate සැදුනු පසු CO2 වායුව නැවත පරිසරයට කාන්දුවීමක් සිදු නොවේ.

එපමණක් නොව පර්යේෂකයෝ කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස CO2 වායුව  Carbonate පාෂාණ බවට පරිවර්තනය වුයේ ඉතා වේගයෙනි.මෙම පරීක්ෂණයේදී ඔවුන්ගේ සර්ව සුබවාදී බලාපොරොත්තුව වුයේ  CO2 වායුව  Carbonate පාෂාණ බවට පරිවර්තනය වීමට වසර 8 – 12 අතර කාලයක් ගත විය හැකි  බවයි.එහෙත් භූ උෂ්ණත්ව උත්පාදකයක් මගින් ජනිත කළ ටොන් 250 කාබන් සම්පූර්ණයෙන්ම කාබෝනෙට් පාෂාණ බවට පත්වීමට ගත වුයේ වසර දෙකක් පමණී.

මෙම ක්‍රමවේදය මගින් අපට CO2 විශාල ප්‍රමාණයක් පරිසරයට නිදහස් නොකර ආරක්ෂාව සහිතව කුඩා කාලයක් තුලදී කාබෝනෙට් ලෙස ගබඩා කළ හැකි බවත් අනාගතයේදී විශාල ලෙස බැසෝල්ට් ඇති ප්‍රදේශවල බලශක්ති උත්පාදක ස්ථාපනය කළ හැකි බවත් අධ්‍යයනයේ  සම කතෘ Martin Stute පවසයි.කෙසේවෙතත් මෙහිදී CO2 වායුව පමණක් වෙන්කර බැසොල්ට්ටික් පාෂාණ රක්ෂිතවලට නිදහස් කලයුතු අතර මෙම තාක්ෂණ ක්‍රියාවලිය සදහා විශාල වියදමක් දැරිය යුතුය.

සැම වසරකම මිනිසා විසින් ටොන් බිලියන 40 ක කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට නිදහස් කරයි. එයට සාපේක්ෂකව අධ්‍යයනයේ දී ලබාගත් ප්‍රතිපල කුඩා වුවත් ඊළග අධියරය ලෙස මහා පරිමාණයෙන් CarbFix නම් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම මගින් CO2 මගින් සිදුවන හානිය හා මහා විනාශය වැලැක්වීමට වඩාත් ඵලදායී විසදුමක් ළගා කර ගත හැකිවේ. එවැනි ව්‍යාපෘතියක් ලෙස දැනටමත් ක්‍රියාත්මක Reykjavik Energy’s Hellisheidi භූඋෂ්ණත්ව බලශක්ති උත්පාදකය පිටකරන CO2 ටොන් 50000 ක් පරිසරයට නිදහස්වීම වළක්වා වසරක් තුලදී බැසොල්ට්ටික් පාෂාණ රක්ෂිත තුළ කාබන්ඩයොක්සයිඩ්  ඝනීභවනය කොට Carbonate ලෙස ගබඩා කෙරේ.

උපුටාගැනීම:
Geo-injection system can turn carbon dioxide into stone much faster than anyone thought possible by Mary Beth Griggs

https://www.youtube.com/watch?v=0FUarhDrimw

July 13, 2016

සුව දිවියට හකුරු වල වැදගත් කම

සිනි වෙනුවට ආදේශකයක් ලෙස හකුරු ජනප්‍රිය වෙමින් පවති. එසේම ඉතා හිතකර සෞක්‍යමය ප්‍රෙයා්ජන නිසා හකුරු අතිවිශිදුන්වෂ්ඨ පැනිරස කාරනයක් ලෙස හදුන්වයි.
හකුරු යනු
ආසියාවේ හා අප්‍රිකාවේ නිෂ්පාදිත පිරිපහදු නොකරන ලද සිනි ලෙසද සමහර විට නිෂ්පාදන ක්‍රියාවලියේදි මොලැස් ඉවත් නොවන නාවන නිසා කෙන්ද්‍රපසාරි නොවන සිනි ලෙස හදුන්වයි.ආසියාව පුරාම විවිධ හකුරු විශේෂ දක්නට ලැබේ.විවිධ රටවල විවිධ  නම් වලින් අමතනු ඇත.ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% ක් ඉන්දියන් නිපදවයි.

මෙයට සමාන නිෂ්පාදන ආසියාව ලතින් ඇමරිකාව හා කැරිබියන් පුරා විවිධ නම් වලින් පැතිරි ඇත.
·         Gur: India.
·         Panela: Colombia.
·         Piloncillo: Mexico.
·         Tapa dulce: Costa Rica.
·         Namtan tanode: Thailand.
·         Gula merah: Malaysia.
·         Kokuto: Japan.
ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% වක් ඉන්දියාව සතුවන අතර බහුලවම ගුර් ලෙස හදුන්වයි/ මේවා උක් ශාකය මගින්  නිෂ්පාදනය කරන අතර කිතුල් තල් වැනි තාලවර්ගයේ ශාක වලින්ද සමහර රටවල නිපදවයි.ලංකාවේ කිතුල් හකුරු හා තල් හකුරු සදහා ඉතා ප්‍රසිද්ධ සෞඛ්‍යසම්පන්න සිනි ආදේශකයකි. හකුරු නිෂ්පාදනය
සම්ප්‍රදායිකව  උක් මිරිකිමෙන් හෝ තෙල් දිය උනු කිරිමෙන් ලබා ගනි.
මෙහි ප්‍රධාන පියවර තුනකි
1.නිසසාරනය:- පැනිරස යුෂය හෝ තෙල් දිය ලබා ලැනිම
2.පැහැදිලි දියරයක් ලබා ලැනිම සදහා මන්ඩි පෙරිම හෝ උක් මන්ඩි තැන්පත් විමට තැබිම
3. උණු කිරිම
.මේසේ හැදිගාමින්උනු කරන විට අපදව්‍ය ඉවත්ව යන අතරජලය වාෂ්ප වි කහ පැහැති තලපයක් ඉතාරි වේ. මෙම තලපය අච්චුවකට දමා නිවේන්නට තැබුවිට හකුරුසැදේ.
පැහැය ලා රන්පැහැයේ සිට තද දුබුරු වර්ණය දක්වා විහිදේ.තද වර්ණයට වඩා ලා පැහැය වටිනා ලෙස ඉන්දියානුවෝ විශ්වාස කරති.හොදතත්වයේ ලා පැහැති හකුරු වල 70 % සුක්ක්‍රෝස් අඩංගුවේ.ග්ලුකොස් හා ප්‍රක්ටොස් 10% කට අඩුවෙන් පවතින අතර 5% ලෝහලවන අඩංගුවේ.මේවා ඝන කුට්ටි ලෙසද කැටි ලෙසද  දියර ආකාරයෙන්ද වෙළදපොලෙහි ඇත.
හකුරු සිනි වලට වඩා පොෂණියද ?
හකුරු වල මන්ඩි (molasses) ඇති නිසා ඒවා සිනි වලට වඩා පෝෂණය වැඩිය.සිනි නිෂ්පාදනයේ පෝෂණිය අපදව්‍යයක් ලෙස molasses ඉවත් කරයි. එබැවින් හකුරු වලපෝෂණය වැඩිය.නමුත් මේවායේ පෝෂක අගයන් භාවිතා කරන ශාකය මත වෙනස් වේ.
පරික්ෂණ වලට අනුව 100 ග්‍රැම් වල අඩංගු පොෂණඅගයන් පහත වේ.Calories: 383.
  • Sucrose: 65–85 grams.
·         Fructose and glucose: 10–15 grams.
·         Protein: 0.4 grams.
·         Fat: 0.1 grams.
·         Iron: 11 mg, or 61% of the RDI.
·         Magnesium: 70-90 mg, or about 20% of the RDI.
·         Potassium: 1050 mg, or 30% of the RDI.
·         Manganese: 0.2–0.5 mg, or 10–20% of the RDI.
කෙසේ වුවදඑක් වරකදි පුද්ගලයකු පරිභොජනය කරන ප්‍රමානය ග්‍රම් 20පමණ වේ.එසේම හකුරු වල විටමින් බි, ලොහ, කැල්සියම්,සින්ක් හා ලොස්පරස්, කොපර් ද සුළු වශයෙන් අඩංගුය.ස්භාවික බි විටමින් සදහා හොදමආහාරයක් ලෙස කිතුල් හකුරු හැදින්විය හැක.සිනිවල කැලරි පමනක් අඩංගු වන අතරකිසිදු පෝෂණයක් නැත.නා පෝෂණය සලකද්දි ඉතා ඉහල වටිනාකමක් තිබුනද තවමත් සිනි සදහා වැඩි ඉල්ලුමක් ඇති නිසාවිශාල කැලරි ප්‍රමානයක් පරිභෝජනය කරයි.
එබැවින්සැලකියයුතු පෝෂණයක් සදහා වැඩි පුර හකුරු පරිභෝජනයට හුරු විය යුතුය..
සිනි ලෙසම හකුරුද කැම හාබිම වලදි සිනි වෙනුවට  භාවිතා කල හැක.මෙහිදි දේශිය රසකැවිලි නිෂ්පාදනයේදි බහුලව යොදා ගත හැක.එසේම ස්භාවික රෙදි වර්නක හා වයින් නිපදවිමට යොදා ගනි.
සුදු සිනිවලට වඩා වැඩි පෝෂණයක් සහිත බැවින් හකුරු ජනප්‍රිය වුවද විවිධ සෞක්‍යමය ප්‍රෙයා්ජන ඇත.ජිර්ණය වැඩි කරයි.රක්තහිනතාව අවම කරයි,අක්මාවිෂ අඩුකරයි.ප්‍රතිශක්තිය දියුණු කරයි..
·        ජිර්ණය පහසුව               
ඉන්දියාවේ ආහාරය පසු හකුරු කැම බහුලය.ජිර්ණ පද්දතියේ සංකොචන සදහා උදව් වන අතර මලබද්දය වලකයි.
·        නිරක්තය වැලක්විම අධ්‍යනවලදි සොයාගෙන ඇතිපරිදිහකුරු වල11 mg යකඩ 100 grams වල අඩංගුය.
බොහෝ ආහාර වල විෂ මගින් ඉවත් කරන අතරහකුරු මේ සදහා පහසු කරයි.
හකුරු වල ඇති මිනරල් හා ප්‍රතිඹක්සිකාරක රෝග වලින් මිදිමට ප්‍රිශක්ති පද්දතියට අදව් කරන බව මිනිසුන් විශ්වාස කරයි.එසෙම රොග වුවිට ශක්කිය සැපයිමට උදව් වේ.නමුත් මේවා සදහා පැහැදිලි සාක්ෂි නැත.
සිනි භාවිතයෙන් බොනොවන රෝග සදහා අවදානමක් ඇති බැවින්ද හකුරු වල පෝෂණයසුළු වශයෙන් පමනක් වෙනස් කම් පමනක් ඇති බැවින්ද ප්‍රමාණයට වැඩිය අනුභවය එතරම් සුදුසු නැත.
එස්.ඒ.පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිළධාරි.
කරන්දෙණිය.
උපුටා ගැනිම

authoritynutrition.com

July 12, 2016

EGS8p7 චක්‍රාවාටය

අපගේ විශ්වය තරම්ම පැරණි වු නවතම චක්‍රාවාටයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එය දැනට අපට වඩාත්ම දුරකින් පිහිටා ඇති චක්‍රාවාටයද වේ. දැනට පවතින තාරකා විද්‍යා න්‍යායන්ට අනුව එය හදුනා ගැනීමට නොහැකිව තිබුනත් මෙම නව සොයාගැනීමත් සමග විශ්වය පිළිබද ගවේෂණ නව මගකට යොමුව ඇත.

EGS8p7 ලෙස නම් කර ඇති මෙම නව චක්‍රාවාටය වසර බිලියන 13.2 ක් තරම් පැරණි වේ. අපගේ විශ්වයටද වන්නේ වසර බිලියන 13.8 කි.

සාමාන්‍යයෙන් පැරණි චක්‍රාවාට වලට ඇති දුර මනිනු ලබන්නේ Red Shift නම් ක්‍රමය අනුවය. ආලෝකය ඈතට ගමන්කරන විට ආලෝකය තුනීවීමත් සමග රතු පැහැයට හැරෙයි. එම ක්‍රමවේදය අනුව දුර මැනීම Red Shift නම් වේ. නමුත් මෙම ක්‍රමවේදය පැරණිතම චක්‍රාවාට සදහා යොදාගත නොහැක. පැරණි චක්‍රාවාට වලින් නිකුත්වන ආලෝකය විශ්වයේ විකිරණ බලපෑම මත ඉන් ඉවතට ගමන් නොකරයි.

මෙම අළුතින් සොයාගත් චක්‍රාවාටය අසාමාන්‍යය වු දීප්තියකින් යුක්තය. අයනීකරනය වු හයිඩ්‍රජන් නිර්මාණය වී තිබීමත් උණුසුම් තාරකා විශාල සංඛ්‍යාවකින් ගහන වීමත් මෙම අසාමාන්‍යය දීප්තියට හේතුවේයයි පර්යේෂකයින් විශ්වාස කෙරේ. මෙම චක්‍රාවාටය සොයාගැනීමත් සමග අයණීකරණය සම්බන්ධ මෙතෙක් වු පිළිගැනීම් නැවත සලකාබැලීමට සිදුව ඇති අතර නාසා විද්‍යාඥ ඇඩි සිට්‍රින්ට අනුව මෙම පර්යේෂණ විශ්වයේ පරිනාමය සම්බන්ධ බොහෝ කාරණා වලට විසදුම් සපයනු ඇත.

අමිලා ගලප්පත්ති
අක්මීමන

ක්වොන්ටම් පරිගණක

දිනෙන් දින දියුණු වන පරිඝණක විද්‍යාව අද වන විට ක්වොන්ටම් පරිඝණක නිෂ්පාදනය දක්වා යොමු වී ඇත. 20 වන සියවසේ මුල් භාගයේ ක්‍රමයෙන් විකාශණය වී පසුගිය දශක කිහිපය තුල වේගවත් දියුණුවකට පරිඝණක විද්‍යාව යොමු වුයේ මිනිසා හා පරිඝණක අතර ඇති සබැදියාව දැඩි කරමිනි.එය කොතෙක්ද යත් නව තාක්ෂණයත් සමග මිනිස් අවශ්‍යතා සංකීර්ණ වන තරමට එම සංකීර්ණ අවශ්‍යතා ඉටුකල හැකි ධාරිතාවයෙන් වැඩි වේගවත් පරිඝණක වල  අවශ්‍යතාවයද දිනෙන් දින ඉහල යයි.

විසිවන සියවසේ මුල් භාගයේ පැවති පරිඝණක සැලකීමේදී ඉතා අඩු ධාරිතාවකින් යුත් ඒවා විය. 1947 දී හෝවඩ් එයිකන් නැමති පරිඝණක ඉංජිනේරුවරයා කේත 6 කින් යුතු පරිඝණක අමෙරිකාවේ පරිඝණක අවශ්‍යතාව සපරනු ඇතැයි ප්‍රකාශ කළේය. ඒ වන විට අන්තර්ජාල විකාශණය, විද්‍යාත්මක පරීක්ෂණ සදහා පරිඝණක භාවිතය ආරම්භව නොතිබූ බැවින් එම කාල වකවානුවට එම ප්‍රකාශණය වලංගුව තිබුණි. නමුත් අදවන විට සිදුවන විද්‍යාත්මක පරීක්ෂණ මගින් ගනනය කරන අතිවිශාල වු දත්ත ප්‍රමාණය සැලකීමේදී අති විශාල වු ධාරීතාවකින් යුත් පරිඝණක අවශ්‍යව තිබේ.

පරිඝණක ධාරිතාවයේ අවශ්‍යතාව හා පරිඝණක සංවර්ධනය අතර අදහසක් Moore’s නීතියට අනුව පැහැදිළි කෙරේ. ඒ අනුව මයික්‍රොප්‍රොසෙසරයක ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය සෑම මාස 18 කට වරක්ම දෙගුණ කිරීමට සිදුවනු ඇත. ඒ අනුව 2020 දී හෝ 2030 දී පරිඝණක පරිපථයක් අණුක මට්ටමේ නිපදවීමේ අවස්ථාවක් හමුවනු ඇත. ඒ අනුව ඊලග පියවර ක්වොන්ටම් පරිගණක නිපදවීම වනු ඇත.අනෙකුත් සෑම සිලිකන් මත පදනම් වු පරිඝණකයකට වඩා ඉතා ඉහල ධාරිතාවක් ක්වොන්ටම් පරිඝණක සදහා පවතිනු ඇත.
විද්‍යාඥයින් දැනටමත් යම් යම් ගණනය කිරීම් කලහැකි මූලික මට්ටමේ ක්වොන්ටම් පරිඝණක නිපදවා ඇත. මෑතකදී Australian National Fabrication Facility විසින් නිපදවු සිලිකන් මත පදනම් වු ක්වොන්ටම් පරිඝණකය ආසන්නතම නිදසුන ලෙස දැක්විය හැක. නමුත් සැබෑ ක්වොන්ටම් පරිඝණකය නිපදවීමට තව වසර ගණනාවක් ගත වනු ඇත.

ක්වොන්ටම් පරිඝණකවල අතීතය සොයා බැලීමේදී එතරම් ඈතට දිව නොයයි. බොහෝ පරිඝණක 20 වන සියවසේදී හදුන්වා දුන් අතර ක්වොන්ටම් පරිඝණක පිළිබද අදහස මීට වසර 30 කට පමණ පෙර පෝල් බෙනිඔෆ් විසින් ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් ක්වොන්ටම් ටියුරින් යන්ත්‍රය නිෂ්පාදනය සදහා වු අදහසක් දක්වා ඇත. අද පවතින බොහෝ පරිඝණක ටියුරින් න්‍යායට අනුව නිර්මාණය වී ඇත.
ටියුරින් යන්ත්‍රය යනු 1930දී ඇලන් ටියුරින් විසින් නිපදවු නයායාත්මක යන්ත්‍රයකි. එහි අන්තර්ග පටිය කුඩා කොටස් වලට බෙදා ඇත. එම එක් එක් කොටස් 0,1 හෝ හිස් කොටස් ලෙස සංකේත කර ඇත. කේත කියවුම් යන්ත්‍රයක් මගින් මෙම සංකේත කියවන අතර එමගින් පරිඝණකයට අදාල විධාන උපදෙස් ලබා දෙයි.
ක්වොන්ටම් ටියුරින් යන්ත්‍රයෙහි විශේෂත්වය වන්නේ ඉහත පරිදි වු පටියේ 0,1 මෙන්ම 0 ත් 1ත් අතර වු සුවිශේෂ ස්ථානයක පිහිටයි. වෙනත් ලෙසකට කිවහොත් 0,1 මෙන්ම 0,1 මෙන්ම 0 හා 1 අතර වු සියළුම ස්ථාන වල එකම අවස්ථාවක පිහිටයි. එබැවින් සාමාන්‍ය පරිඝණකට එක් කාර්ය්‍යක් පමණක් එක් අවස්ථාවක කලහැකි වුවත් ක්වොන්ටම් ටියුරින් යන්ත්‍රයට එක් අවස්ථාවක විවිධ වු කාර්ය්‍යන් ඉටුකල හැක.

වර්ථමාන පරිඝණකද ටියුරින් යන්ත්‍ර මෙන් 0 හා 1 ලෙස කේත ගතකල බිට් නම් වු ඒකකය මත පදනම්ව වැඩසටහන් ගතකර ඇත. ක්වොන්ටම් පරිඝණකවල මෙය ක්වොන්ටම් බිට් හෝ කියුබිට් ලෙස හදුන්වයි. එනම් 0 හා 1 මෙන්ම ඉහත කී සුවිශේෂ වු තත්වයේ කියුබිට් පිහිටිය හැක. මෙසේ ක්වොන්ටම් පරිඝණක විවිධ තත්වයන්හි එකම අවස්ථාවක පිහිටිය හැකි නිසා වර්ථමාන සුපර් කම්පියුටර් වලට වඩා මිලියන ගුණයක ධාරිතාවකින් යුතු වනු ඇත.  මෙම 0 හා 1 අතර වු සුවිශේෂ පිහිටීම නිසා ක්වොන්ටම් පරිඝණකයකට සමාන්තරගතව කාර්ය්‍යන් සිදුකිරීමට හැකියාව ලැබී ඇත. මෙසේ සමාන්තරගතව කාර්ය්‍යන් සිදුකිරීමේ හැකියාව නිසා මිලියන ගණනක් වු ගනනය කිරීම් වුවත් එකම අවස්ථාවේ ඉටුකිරීමේ හැකියාව ලැබී ඇත.

අමිලා ගලප්පත්ති
අක්මීමන

විශ්වයේ අදුරු කුහර (Black Holes)

අදුරු කුහර යනු ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ආලෝකය ඉවතට නොයන විශ්වයේ යම් යම් ස්ථානයන්ය. බොහෝවිට තාරකා මියයන විට ගුරුත්වාකර්ෂණය යම් කුඩා අවකාශයකට ගොනු වන නිසා අදරු කුහර ඇතිවේ.
ආලෝකය ඉවතට නොයන බැවින් පියවි ඇසින් අදුරු කුහර නිරීක්ෂණය කළ නොහැක. ඒ සදහා විශේෂිත උපකරණ වලින් සමන්විත දුරේක්ෂ යොදාගනී. ඒ මගින් අදුරු කුහර වලට වඩා ආසන්නව පිහිටා ඇති තාරකා ‍වල විශේෂිත වු හැසිරීම නිරීක්ෂණය කලහැක.

අදුරු කුහර විවිධ ප්‍රමාණයන්ගෙන් වියහැක. කුඩා අදුරු කුහර පරමාණුවක් තරම් වියහැකියයි විද්‍යාඥයෝ විශ්වාස කරති. නමුත් මෙහි ගොනුවීඇති බලය අතිවිශාලය. “ස්ටෙලර්” (Stellar) නම්වු අදුරු කුහර විශේෂය සූර්ය්‍යා මෙන් 20 ගුණයක් පමන වේයයි කියති. එවැනි අදුරු කුහර විශාල ප්‍රමාණයක් පෘතුවිය පිහිටාඇති ක්ෂීර පථය තුලද වෙතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

විශාලතම අදුරු කුහර “සුපර්මැසිව්” (Super massive Black Holes) ලෙස හැදින්වේ. ඒවා තාරකා මිලියනයක තරම් විශාලත්වයකින් යුතුය. විද්‍යාඥයින්ගේ නිගමනය අනුව සෑම මන්දාකිණියකම මධ්‍යයේ මෙවැනි අදුරු කුහර පවතී.ක්ෂීර පථය තුල ඇති අදුරු කුහරය “Sagittarius A” ලෙස හැදින්වේ. එය තාරකා මිලියන 4 ක තරම් විශාලත්වයකින් යුක්තය.

විද්‍යාඥයින්ගේ විශ්වාසය අනුව කුඩා අදුරු කුහර විශ්වයේ ආරම්භයත් සමග හට‍ගෙන තිබේ. “ස්ටෙලර්” නම් අදුරු කුහර තාරකා මධ්‍යය බිදවැටීමත් සමග ඇතිවේ. එවිට හට ගන්නා පිපුරුම සුපර්නෝවා තත්වයක් ලෙස සැලකේ.

අදුරු කුහර පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකිවුවත් තාරකා වලට හා ඒ ආශ්‍රිත වු වායුන්ට අධික ගුරුත්වය නිසා ඇතිකරන බලපෑම නවීන තාක්ෂණය උපයෝගීකරගෙන නිරීක්ෂණය කළ හැක. අදුරු කුහර ආසන්නයෙන් තාරකා ගමන්කරන විට පියවි ඇසට හසු නොවන අධිබල ආලෝකයක් නිකුත්  කරන අතර අභ්‍යාවකාශයේ ඇති දුරේක්ෂ මගින් ඒවායේ වු විශේෂිත හැසිරීම නිරීක්ෂණය කරයි.

අදුරු කුහර මගින් පෘතුවියේ විනාශය සිදුවේදයන්න බොහෝ දෙනා තුල පවතින ගැටළුවයි.අදුරු කුහර තාරකා හා ග්‍රහවස්තු විනාශ කරමින් විශ්වයේ ගමන් නොකරයි. පෘතුවිය සහිත අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ කිසිදු අදුරු කුහරයක් පිහිටා නොමැති බැවින් කිසිදිනක අදුරු කුහර මගින් පෘතුවියේ විනාශය සිදුනොවේ. සුර්ය්‍යා හා සමාන ප්‍රමාණයකින් යුතු අදුරු කුහරයක් සුර්ය්‍යා සිටින ස්ථානයේ ඇතිවුවත් පෘතුවිය ඒ තුලට ඇදී නොයයි. එහි සුර්ය්‍යා හා සමාන ගුරුත්වයක් පවතින බැවින් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය්‍යා කේන්ද්‍ර කරගත් සියළු ග්‍රහ වස්තු අදුරු කුහරය කක්ෂ ගත කරනු ඇත. එමෙන්ම සූර්ය්‍යා එතරම් විශාල නොවන තාරකාවක් බැවින් කිසිදිනක එහි අදුරු කුහරයක් හට නොනගී.

නාසා ආයතනය මගින් අභ්‍යාවකාශගත දුරේක්ෂ හා චන්ද්‍රිකා මගින් නිරන්තරයෙන් අදුරු කුහර නිරීක්ෂණය කරයි. මෙමගින් විශ්වයේ උපත පිළිබද බොහෝ ප්‍රශ්ණ වලට විසදුම් සොයාගතහැකිවනු ඇත.

අමිලා ගලප්පත්ති
අක්මීමන

July 11, 2016

මුදුිත මුහුණක් සවීකළ ලෝකයේ ප්‍රථම මිනිසා














එංගලන්තයේ මොරිස්ටන් රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙම විශ්මිත නිර්මාණය කර ඇත.මෙය සිදුකර ඇත්තේ  එංගලන්තයේ කාඩීෆ්හි ස්ටීවන් නැමති පුද්ගලයාටයි. ඔහුගේ මුහුණ මෝටර් සයිකල් අනතුරකින් සමිපුර්ණයෙන් පොඩි විය.

පසුව ඔහුගේ විනාශ වු මුහුණ වෙනුවට ත්‍රිමාණ මුදුණ යන්ත්‍රයකින් මුද්‍රණය කර තැනු කෘතීම මුහුණේ කොටස් සවිකිරිමෙන් අනතුරුව ඔහුගේ එම සැත්කම සාර්ථක වු බව ස්ටිවන් කියා සිටියේය.මෙම සැත්කම සදහා පැය අටක් පමණ ගත වී ඇති අතර එසේ බද්ධ කළ කොටස් තිුමාණ ක්‍රමයට මුදුණය කරවා ගෙන එනු ලැබුවෙි ඛෙල්ජියමෙි ආයතනයක් විසිනි.මෙය වෛද්‍ය විද්‍යාව ලැබු විශාල ජයගුහණයක් බව එම වෛද්‍ය කණ්ඩායම තව දුරටත් පවසා සිටියි. 


-විදාතා සම්පත් මධ්‍යස්ථානය,

නොච්චියාගම

අනාගතයේදී කණෙන් බැරිනම් දිවෙන් අහන්න පුළුවන්










ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් අලුත්ම විදිහේ ඇසිමේ ක්‍රමයක් සොයාගෙන තියේනවා.මෙම ක්‍රමයේදී කණ මග හැර කෙලින්ම මොළයට ඇහෙන්න සලස්වන්න පුලුවන්. අනාගතයේදි කණ ඇසිමේ දෝෂ තියෙන අයට කර්ණශංක බද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටෙන් නැත්නමම් දිවෙන් ඇහුම්කන් දෙන්න පුලුවනි.

කණ මග හැර ඇසීමට උදව්වෙන මෙම තාක්ෂණයට පදනම වි ඇත්තේ බ්ලුටූත් එකකි. මෙම බ්ලූටුත් එක මගින් ශබ්දය හඳුනාගෙන එය විදුලි ස්පන්දනයක් වශයෙන් ඉලෙක්ටට්‍රොඩ රැසක් රඳවා ඇති ධාරකයකට යවනවා. ඒ ධාරකය දිවට තද කළ විට අසන්නාගේ දිවට ඒ ස්පන්ධක දැනෙනවා. අසන්නාගේ මොළයට ඒ ශබ්ද අසන්නට ලැබෙන්නේ ඉන් පසුවයි. මෙය කනට සැත්කමක් කරනවාට වඩා වියදම් අඩුවෙන් කර ගත හැකි සරල ක්‍රමයක් බව ඇමරිකාවේ ජෝන් විලියම්ස් වෛද්‍යවරයා පවසනවා.


- විදාතා සම්පත් මධ්‍යස්ථානය
නොච්චියාගම.