Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 18, 2015

කෝමාරිකා අයිස් කියුබ් සාදමු

ම් අයකු සුළු පිලිස්සුම් අවස්ථාවකට පත්වූවිට ඒ සදහා ඉක්මන් සහනයක් සොයනු නොඅනුමානය. සුළු පිලිස්සුම් වලින්පවා වේදනාවක් හා පිලිස්සුම් ස්ථානයේ රතු පැහැගැන්වීමක් අතුවිය හැක. සමහරවිට  එම ස්ථානයේ දියබුබුලූ දැමීමක් හෝ ඉදිමීමක් පවා සිදුවිය හැක. මෙම වේදානවට ibuprofen නම් ඖෂධය  භාවිතා කළහැකි වුවත් ඒ සදහා දිගු කාලයක් ගතවේ. මේ සදහා ක්ෂණික සහනයක් ලබා ගැනීමට කෝමාරිකා ජෙලිය භාවිතා කිරීමට අප පුරුදුව සිටිමු.

මෙම අපුර්වතම ශාකයේ පවතින ඖෂධීය ගුණය හා හැකියාවන් හේතුවෙන් වේදනාව සමනය කිරීම මෙන්ම පිලිස්සුම් ස්ථානය සිසිලනය කර ඉතා ඉක්මන් සහනයක් ලබාදීම සිදුකරයි. කෝමාරිකා ජෙලිය භාවිතාකර අයිස් කිකුබ් සදාගැනීමෙන් මෙම ගුණාංග තවදුරටත් වර්ධනය කර ඉතා ඉක්මන් සහනයයක් ලබාගැනීමට හැකියාව ලැබේ.
ඔබගේ නිවසේ, සේවාස්ථානයේ හෝ පිලිස්සුම් අනතුරු සිදුවීමට හැකියාවක් සහිත ස්ථානවල ශීතකරණය තුල  කෝමාරිකා කියුබ් තබාගැනීම පිලිස්සුම් අවස්ථාවකදී මහත් උපකාරයක් වනු ඇත.
  
අපි දැන් ඉතා පහසුවෙන් හා සරලව කෝමාරිකා ජෙලිය භාවිතාකර අයිස් කියුබ් සාදන්නේ කෙසේදැයි බලමු.

1.    හොදින් වර්ධනය වූ කෝමාරිකා පදුරකින් එහි මේරු පත්‍ර තෝරාගන්න.

 

2 . පිහියක් ආධාරයෙන්  නිරෝගී කොළ පැහැති මේරු පත්‍ර එහි පත්‍ර පාදයෙන් නොඉරෙන පරිදි  කපාගන්න. පසුව පත්‍රධාර වල ඇති කටුවැනි නේරුම් කපා ඉවත් කරන්න.


 
3 .කපනලද පාත්‍ර වීදුරුවක් හෝ එවැනි භාජානයක් තුල මදක් ආනතව  ඉහලට සිටින ලෙස රදවන්න. පසුව විනාඩි 10-15 පමණ තබන්න. මෙවිට කෝමාරිකා පත්‍රවල ඇති ජේලිය සෙමෙන්  භාජානය තුලට වැස්සෙනු ඇත.

 
4 . තියුණු පිහියක් ආධාරයෙන් කෝමාරිකා පත්‍රවල අග හා රළු පැත්ත දිග් අතට කැපුමක් දමන්න.  දැන් ඔබට කෝමාරිකා පත්‍රයේ ඇති ජෙලිය  භාජානය තුලට සුරාගන්න.


 









5. භාජානය තුලට එකතු කරගත් කෝමාරිකා ජෙලිය අයිස් කියුබ් තැටිය වලට පුරවා ඝණ    වනතුරු ශීතකරණයේ තබන්න.












මේ ආකාරයට සකසාගත් කෝමාරිකා කියුබ් පිලිසස්සුම් අවස්ථාවකදී පිළිස්සීම සිදුවූ ස්ථානයේ කෙලින්ම අතුල්ලන්න. මෙවිට එම ස්ථානයේ හිරිවැටීමක් සිදුවන අතරම කියුබය දීයවීම ද සිදුවේ. මේ ආකාරයට කෝමාරිකා බියුබ් දෙකක් පමණ භාවිතා කිරීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැක.

 
කෝමාරිකා බියුබ් කෙලින්ම අතින් ඇල්ලීම වෙනුවට පිරිසිදු රෙදි කැබැල්ලකින් ඇල්ලීම මගින් විසබීජ ඇතුල්වීම හා දියවන කියුබ වලින් වැස්සෙන දියරය උරාගන්නා නිසා එමගින් සිදුවන අපහසුතාවද මගහරවා ගැනීමට ඔබට හැකිවනු ඇත.


ඔබ කෝමාරිකා බියුබ් මගින් ප්‍රතිකාරය කළ පසුව පිලිස්සුම් ස්ථානය රෙදි කැබැල්ලකින් පිසදැමීම වෙනුවට ස්වභාවිකව වාතශ්‍රයෙන්  වියලීමට සලස්වන්න.

සැකසුම : U. W. V බණ්ඩාර
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරී
                 ( පස්බාගේකෝරලේ)

Referance source:  www.wikihow.com
http://www.wikihow.com/Use-Aloe-Ice-Cubes-to-Treat-a-Sunburn

සංවර්ධන ව්‍යාපෘති වලදී සාමාජයීය බලපෑම් අධ්‍යනයේ වැදගත්කම

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී සමාජයට ඇතිවන බලපෑම අධ්‍යනය කිරීම(Social Impact Assesment) ඉතා වැදගත් වේ. ජනගහනය මිලියන 20ක් පමණ වූ ශ්‍රී ලංකාවේ භූමිය වර්ග කිලෝමීටර් 65610කි.  වැඩිවන ජනගහනයත් සමග සීමීත භුමිප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම සමාජයට ඇතිවන බලපෑම් පිළිබඳ අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.

එම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණු
  •  ව්‍යාපෘතියට ඇතුල්වන ජනගහන ප්‍රමාණය
  •  මුලික දත්ත,ද්විතික දත්ත,විද්‍යාත්මක,සාහිත්‍ය වැනි දත්ත හදුනාගත හැකි වේ
  • දත්ත අතර වෙනස සඳහා සැලසුම් සැකසිය හැකියි.
  •  විවිධ ජන කොටස් වලට ඇතිවන බලපෑම් හඳුනාගත හැකි වේ.
  •  බලපෑම් ඇතිවන ජන කොටස් වලට ව්‍යාපෘතිය සඳහා හවුල් කරගැනීම( තේ කඩ,බිම් සැකසීම ආදිය)
  •   ව්‍යාපෘතියෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන කොටස හා දැඩිව බලපෑම් ඇතිවන කොටස හඳුනා ගැනීම.
ඇතිවන ගැටළු හා වඩාත් සැලකිය යුතු කරුණු වලට ප්‍රමුඛතාවය ලබාදීම.
  •   ව්‍යාපෘති සැලසුම් කරන්නන් හට සමාජයට ඇතිවන බලපෑම් අධ්‍යනය කර ඇතිවන ගැටළු අවම කර  ගැනීම සඳහා යෝජනා ඉදිරි පත් කිරීම හා යෝජනා සඳහා විකල්ප හා වෙනස්කම් ඇති කිරීම.
  •   එමෙන්ම අසාමාන්‍යයෙන් ඇතිවන අහිතකර බලපෑම් කළමණාකරණය සීමා කිරීම හා පසු විපරම් කිරීම සඳහා වැඩසටහනක් සාදා ගත හැකි වේ.
  •   එමගින් සමාජීය හිතකාමි සංවර්ධනයක් කරා යා හැකියි.
ඉහත කරුණු අනුව පෙනී යන්නේ සංවර්ධන වැඩසටහන් වලදී  පරිසර බලපෑම් අධ්‍යනය මෙන්ම සමාජීය බලපෑම් අධ්‍යනය ඉතා වැදගත් වන බවයි.

                                                                                                                        එස්.එම්.ටී.කේ.සමරකෝන්
                                                                                                                   විද්‍යා හා  තාක්ෂණ නිළධාරි
                                                                                                                     ගඟවට කෝරළය

February 11, 2015

දියවැඩියාව පරදවන්නට නම්(ගත යුතු පිළියම්)

පාලනයකින් තොරව ගත හැකි ආහාර
    සියළුම පලා වර්ග / කතුරු මුරුංගා මල් / බෝංචි / මෑ කරල් / කරවිල / දඹල / නෝකොල් / පහුල් /         ලොවි / පිපිඤ්ඤා / වෙරලු / කෙසෙල් මුව / විනාකිරි / පතෝල / ලබු / මල් ගෝවා / බෙලි / ගෝවා /
 කන්කුන් / අමුගස් ලබු / මිංචි / පොලොස් / මුරුංගා / රාබු / ලීක්ස් / වැටකොලු / ඇඹරැල්ලා / වම් බටු / කොහිල / තලන බටු

සීමිත ප්‍රමාණයකින් ගත යුතු ආහාර
            නිවුඩු හාල් බත්                                              ඕනෑම පළතුරු කුඩා ප්‍රමාණයක්
            පිට පොත්ත සහිත ධාන්‍ය වර්ග                        මාළු
            පිටි සහිත ආහාර                                             කරවල
            අර්තාපල්                                                       හාල්මැස්සන්
            මඤඤොක්කා                                                
            ගහල
            කිරි අල
            අලුකෙසෙල්
            කොස්ඇට
            දෙල්
අමතර උපදෙස්
  •  ප්‍රධාන ආහාර වේල් ගන්නා විට එයට හැකි තරම් පලා වර්ග හා කෙදි එළවළු එකතු කර ගන්න.
  •  බත් හෝ පිටි සහිත ආහාර ප්‍රමාණය අඩු කරන්න
  •  කලාතුරකින් ව්‍යංජනයක් ලෙස දෙල්, කොස් අලුකෙහෙල් අල වැනි දෙයක් ගන්නේ නම් ඒ ප්‍රමාණයට සරිලන ලෙස බත් ප්‍රමාණය අඩු කරන්න.
  •  සියළුම ආහාර වේල් වලට පසුව පළතරු කුඩා ප්‍රමාණයක් එක් කර ගන්න.
  •  බිත්තර සතියකට දෙකකට වඩා නොගන්න
  • තෙල් භාවිතය අඩු කරන්න.
  • ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීම හැකි තරම් අඩු කරන්න.
දියවැඩියා රෝගියකුගේ ආහාර වේල්
  • උදේ තේ -  තේ හෝ කෝපි කිරි සමග කෝප්ප එකක් (සීනි හෝ හකුරු නොමැතිව) , හෝ පැණි රසයෙන් තොර පලතුරු බීම එකක්
  •  උදෑසන ආහාරය - රතු කැකුළු හාල් බත් (පීරිසි කෝප්ප 1.5ක් ) , රතු කැකුළු හාල් කිරිබත්, පොත්ත සහිත ධාන්‍ය (ඇට වර්ග) ලුණු මිරිසක් හෝ පොල් සමග රතුකැකුළු හාල් පිටි වලින් හෝ කුරක්කන් පිටි වලින් සෑදු පිට්ටු, ආප්ප, ඉදි ආප්ප, රොටී වැනි ආහාරයක් සාමාන්‍ය ප්‍රමාණයෙන් ගත හැක.
  • උදේ 10 ට -  උදෑසන තේ පානය මෙනි.එහෙත් ඔබ මහන්සි වී වැඩ කරන කෙනෙක් නම් අමතර ආහාර වේලක් ලෙස උදෑසන ආහාරයේ සදහන් පරිදී කුඩා ප්‍රමාණයක් හෝ සීනි රහිත බිස්කට් 1 හෝ 2 සමග ගත හැක.
  • දහවල් ආහාරය -  රතු කැකුළු හාල් බත් පීරිසි කෝප්ප 2 සමග ඉහත වට්ටෝරුවේ සදහන් ඕනෑම එලවළු වර්ග සමග පලා වර්ගයක්, මාළු, කරවල, හාල්මැස්සන් ආහාරය සදහා එක් කර ගත හැක. ඕනෑම පළතුරක් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත හැක.
  •  හවස තේ - උදේ තේ පානය මෙනි.
  •  රාත්‍රී ආහාරය - රතු කැකුළු බත් (පීරිසි කෝප්ප 1.5ක්) සමග ඉහත වට්ටෝරුවේ සදහන් එළවළු හෝ කැකුළු හාල් වලින් හෝ කුරක්කන් පිටි වලින් සෑදූ ආප්ප, ඉදිආප්ප, රොටී වැනි දෙයක් ආහාරයට ගත හැක.
 බෙහෙත් පෙති මගින් දියවැඩියාව පාලනය 
බහුලව භාවිතා කරන මුඛ ඹෟෂධ
  • මෙත්ෆෝමින් (METHFOMIN)
  • ටොල්බියුටමයිඩ් (TOLBUTAMIDE)
  • ග්ලයිබන්ක්ලමයිඩ්(GLIBENCLAMIDE)
  • ග්ලික්ලසයිඩ්(GLICLAZIDE)
  • ග්ලිපිසයිඩ්(GLIPIZIDE)
  • පයෝග්ලිටසෝන්(PIOGLITAZONE)
එන්නත් මගින් දියවැඩියාව පාලනය
ආහාර හා මුඛ බෙහෙත් මගින් දියවැඩියාව පාලනය කල නොහැකි අවස්ථාවල ඉන්සියුලින් හෝමෝනය ගැනීමට නියම කරනු ලැබේ. ඉන්සියුලන් ගබඩා කිරීම හා ප්‍රවාහනය නිසි අයුරින් කළ යුතුය. එනම් අධික උෂ්ණත්වය, අධික සීතල, අධික පීඩනය හා අධික සෙලවීමෙන්ද වැළකෙන ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය කල යුතුය. ඉහත එක් තත්වයකට හෝ භාජනය වුවහොත් ඉන්සියුලීන් වල ක්‍රියාකාරීත්වය නැතිවී රෝගියාගේ දියවැඩියාව පාලනය නිසි ලෙස සිදු නොවේ.

ඉන්සියුලින් භාවිතය සදහා උපදෙස්
  • ඉන්සියුලින් ගබඩා කල යුතු උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් 2 – 8
  • කාමර උෂ්ණත්වයේ හෝ කල් ඉකුත්වු ඉන්සියුලින් භාවිතය නුසුදුසුය.
  • තමාට අවශ්‍ය ප්‍රමාණය විදින අවස්ථාවේම පමණක් ගත යුතුය.
  • ඉන්සියුලින් ගෙන විනාඩි 15 – 20 අතර ආහාර ගැනීම අත්‍යාවශ්‍ය යි.
  • නිවසේදී විදගන්නේ නම් විදින ස්ථානය සබන් හා ජලයෙන් සෝදා වියලීමට හැර ඉන්පසු විදගන්න.
  • ඉන්සියුලින් භාජනයේ මුඩිය සර්ජිකල් ස්පිරිට් වලින් පිස දමන්න.
ඉන්සියුලින් පෑන

ඉන්සියුලින්, සිරිංජය හා ඉදිකටුව සහිත පෑනක් ඔබට අවශ්‍ය නම් ෆාමසි වලින් මිලදී ගත හැක. මෙය ශිතකරණයක ගබඩා කිරීමට අවශ්‍ය නැත. සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ තැබිය හැක.  එහි ඇති ඉදිකටුව දින 12 කට වරක් මාරු කිරීම ප්‍රමාණවත් වේ. ඉතා කුඩා ඉදිකටුවක් ඇති නිසා වේදනාව ඇති නොවේ. ඔබ යන ස්ථානයකට රැගෙන යා හැක.
ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය
  • ව්‍යායාම නිසා
  • රුධිරයේ සීනි පාලනය වඩාත් ක්‍රමවත් වේ.
  • බර වැඩිවීම පාලනය කරයි.
  • ශරීරයට සුවදායක බවක් දැනේ.
  • ශරීරයේ ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය වැඩිවේ.
තුෂංග ෙහ්රත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඅැල

February 5, 2015

රුධිරයේ සීනි මනින ටැටූ එක (TATTOO – පච්චය)

දියවැඩියා රෝගියෙකුගේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමේදී සියුම් කටුවකින් සම සිදුරු කර රුධිර බිදුවක් ලබා ගෙන රුධිරයේ සිනි මට්ටම මැනීමට බාවිතා කරනු ලබන සම්ප්‍රදායික ඉඳිකටුව සහිත සීනි මිටරය වෙත ඇතුලත් කර දත්තයන් ලබා ගැනීම වෙනුවට  අපූරු හඳුන්වා දීමක් ඇමෙරිකාවේ සැන්ඩියාගෝ හි පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ Amay Bandodkar ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. ඒ තමයි සීනි මට්ටම බලන ස්මාර්ට් ටැටූ එකක් (tattoo) හෙවත් පච්චයක්. 

මෙමගින් සම සිදුරු කිරීමකින් තොරවම රුධිරයේ සීනි මට්ටම මැනීමට හැකියාව ඇති  අතර නොකඩවා එක දිගට සීනි මට්ටම නිරීක්‍ෂණය කිරීමට ඇති හැකියාවක් පවතිනවා.
මෙහි වෙන්ව පෙනෙන කොටස් දෙක වන ඉලෙක්ට්‍රොඩ දෙකක් මගින් මිනිත්තු 10ක පමණ කාලයකට ඉතා කුඩා විදුලි ධාරාවක් සම තුලට යැවීම සිදුකර මෙමගින් සමේ සෛල අතර ඇති තරළයේ තිබෙන සෝඩියම් අයන  ඉලෙක්ට්‍රොඩ වෙත තල්ලු කිරිම සිදුවෙනවා. මෙසේ සෝඩියම් අයන ගමන් කරන විට ඒ හා සමග එම තරළයේ තිබෙන ග්ලුකෝස් (සීනි) ද යම් ප්‍රතිශතයක් පැමිණෙන බැවින්  මෙසේ පැමිණෙන සීනි මගින් ජනනය කරන විදුලි අරෝපණයේ ප්‍රබලතාවය මැනීම ටැටූ එකේ ඇති සෙන්සර් (sensor) මගින් සිදුවෙනවා.‍ මේ ආකාරයට ශරීරයේ ඇති සමස්ත සීනි මට්ටම ගණනය වීම සිදුවේ.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ පිරිසකට මෙම ටැටූ එක පළඳවා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම සාර්ථකව නිර්ණය කිරීමට මෙම පර්යේෂකයින් සමත් වී ඇති අතර මෙසේ ඉදිරිපත් වූ පිරිස පවසා ඇත්තේ මෙම ටැටූ එක භාවිතයේදී ඔවුනට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවූ බවයි.
ස්මාර්ට් ටැටූ එක

පර්යේෂකයින් විසින් මෙම සමීක්‍ෂණයට සහභාගී වූ පිරිසට කබෝහයිඩ්‍රේට අධික ආහාර වේලක් විද්‍යාගාරයේදී ලබා දී ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම දැනට වාණිජව භාවිතා වන ඉඳිකටුව සහිත සීනි මිටරය මගින්  සහ මෙම ටැටූ එක මගින් නිරීක්ෂණය කර තිබෙනන අතර මෙහිදී ටැටූ එක මගින් මැනගත සිනි මට්ටම හා දැනට භාවිතා වන ක්‍රමවේදය මගින් මැනගත් සිනි මට්ටමටම සංසන්දනය කිරීමේදී ටැටූ එක දැනට භාවිතා වන ක්‍රමය තරමටම නිවැරදි බව තහවුරු කර ගැනීමට සමත්වීඇති බව සදහන්.
මොවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ මෙම ටැටූ එකෙහි ආයු කාලය වැඩි කිරීම සහ එහි මිල අඩු කිරීමයි.  නුදුරු අනාගතයේදී ඔබට මෙය බොහොම අඩු මිලකට වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැකියාව පවතීවි.

කෘතීම කොළය


මෙම පර්යේෂණයේ තේමාව මිනිසා ස්වභාවික පරිසරය නිර්මාණය කර ඇත යන්නය.ගසක පත්‍රයක ක්‍රියාවලිය අනුකරණිය කරමින් කෘතීම පත්‍රයක් නිපදවීමට පර්යේෂකයින් පිරිසක් සමත්වී ඇත. මේ ඡායාරූපයේ තියෙන්නේ එම කෘතීම පත්‍රයයි. 
 ස්වභාවික ශාකයක පත්‍රයක්  මෙන් මෙයටත්  වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් නිපදවීමේ හැකියාව ඇත. ඒ සඳහා මෙ සුර්යාලෝකය සහ ජලවාෂ්ප ස්වල්පයක්  භාවිතා කරයි.

මෙම පත්‍රය  Silk Leaf යනුවෙන් හදුන්වා දී ඇත.

මෙය නිපදවා තියෙන්නේ එංගලන්තයේ Royal College of Art හි අධ්‍යාපනය හදාරන Julian Melchiorri විසිනි. ඔහු මේ පර්යේෂණ සිදුකර තිබෙන්නේ ඇමෙරිකාවේ Tufts University නම් විශ්ව විද්‍යාලය සමග එක්ව වැඩ කිරීමෙනි.
මෙම පර්යේෂණයේදී ස්වභාවික ශාක අමතක කොට නොමැත.ඒ මන්ද යත් මෙහි ක්ලොරෝප්ලාස්ට් එක
ශාකයකින් නිස්සාරනය කර එය Silk ප්‍රෝටීන සමග සංරක්ෂණය කිරීමක් කර ඇත.

ජුලියන් ගේ අරමුණ වී තියෙන්නේ අභ්‍යවකාශ චාරිකා වල යෙදෙන ගගන ගාමීන් ස්වශනයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමයි. මේ නිර්මාණය එහි ප්‍රතිඵලයකි.
නමුත් ගුරැත්වාකර්ෂණය රහිත ප්‍රදේශ වල ශාක වර්ධනය කල නොහැකිය යන මතය විවාදයකට පැමිණේ.
 මේ නිර්මාණය ගගනගාමීන් සඳහා පමණක් නොව පෘථිවිය මත සිදුවන වායු දුෂණය යම් ප්‍රමාණයකට මැඩලීමට  යොදා ගැනීටම හැකි වනු ඇත.

. ජනාකීර්ණ නගරයක තියෙන ගොඩනැගිලි ඉදිකිරීමේදී මේ ද්‍රව්‍යයෙන් තැනු බිත්ති ආවරණ වැනි දේ නිර්මාණය කලොත්, පරිසරයේ තියෙන අධික කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඒ වෙනුවට ඔක්සිජන් සම්පාදනය කරන්න හැකි වනු ඇත. ඒ වගේමයි ගෘහ අලංකරණ භාන්ඩත් මේ ද්‍රව්‍යය භාවිතා කර නිපදවීමට හැකි වනු ඇත. එවිට ඇතුලත වායුගෝලයේ ඔක්සිජන් මට්ටම යහපත් අගයක පවත්වා ගැනීමට හැකි වනු ඇත.

අවිවාදයෙන්ම මෙය බොහොම අපුරු සොයා ගැනීමකි. මෙය  ස්වභාවික ශාකයක් වෙනුවට ආදේශකයක් නොවනු ඇත. 

උපුටා ගැනීම  Artificial leaf 

ප්‍රමිතියයි, ඔබයි.

යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහතිකකරණය.මෙම සහතිකකර්ණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පද්ධති සහතිකකරණ අංශය මගින් නිකුත් කරන අතර මෙය ආහාර නිෂ්පාදන ආයතන වලට මෙන්ම ආහාරමය නොවන නිෂ්පාදන සිදු කරන කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතන වලටද ලබා ගත හැක.
GMP සහතිකකරණය මගින් අදාල නිෂ්පාදනයේ එනම් අමුද්‍රව්‍යෙය් සිට නිමි භාණ්ඩයේ දක්වා ඇති සියළුම ක්‍රියාවලින් යහපත් ප්‍රමිතියෙන් හා සුරක්ෂිත ගුණාත්මක බව ඉහල නංවමින් අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතිකකරනු ලැබේ.
GMP සහතිකකරණ ක්‍රියාවලිය සදහා පාදක වන්නේ අදාල නිෂ්පාදනය සදහා වු ශ්‍රී ලංකා ප්‍රමිතීන් සහ භාවිත සංග්‍රහ වේ. මෙය අදාල නිෂ්පාදනයේ හෝ සේවාවේ ගුණාක්මක බව සහ සුරක්ෂිත බව තහවුරු කිරීම සිදු කරයි. පසු විපරම් විගණන දෙක වාර්ෂිකව පවත්වනු ලබන අතර එමගින් යහපත් නිෂ්පාදන ක්‍රියාවලිය අදාළ ප්‍රමිතියට හෝ භාවිත සංග්‍රහයට අනුකූලව ගුණාත්මක බව ඉහළ නංවමින් සිදුවන්නේ දැයි විගණනය කරනු ලැබේ.
GMP සහතිකකරණය  සිදු කල හැකි විෂය ක්ෂේත්‍ර
  • ආහාර වර්ග සහ පාන වර්ග නිෂ්පාදන සපයන, නිෂ්පාදන සිදු කරන හා සැකසුම් කරන ආයතන
  • ආහාර සම්බන්ධ සේවා
  • ආහාර ඇසුරුම්කරණය
  • විලවුන්
  • කොහු
  • පිරිසිදුකාරක
  • දැව
  • ඇන්තූරියම්, ඕකිඩ් හා බුලත් කොළ අස්වනු නෙලීම හා සැකසීම
  • ඇසුරුම්කරන ලද පොහොර සැකසීම හා ගබඩා කිරීම
  • විද්‍යුත් උපකරණ සවි කිරීම
  • ඇස්බැස්ටෝස්, සිමෙන්ති රැලි තහඩු සැකසීම
  • කෘෂිකාර්මික නිෂ්පාදන ධූමකරණය
  • එල් පී ගෑස් හැසිරවීම, ප්‍රවාහනය හා ගබඩා කිරීම
  • ප්ලාස්ටික් ප්‍රතිශක්තිකරණය කිරීම
  • ජීව වායු  පද්ධති නිර්මාණය කිරීම සහ ඉදි කිරීම
  • කුඩා ජල විදුලි බල ශක්ති පද්ධති නිර්මාණය කිරීම සහ ඉදි කිරීම
  • කෘෂි රසායනික ද්‍රව්‍ය ඇසුරුම්කරණය
  • ශීතකරණ
  • ප්ලාස්ටික්
  • මලද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කරන පද්ධති නිර්මාණය කිරීම සහ ඉදිකිරීම
GMP සහතිකකරණයේ වාසි
  • ආයතනයේ කීර්තිනාමය වැඩි දියුණු වීම
  • පාරිභෝගික විශ්වාසය වැඩි වර්ධනය වීම
  • ආයතනයේ නිෂ්පාදන ඵලදායීතාව වැඩි වීම
  • ආයතනයට ලැබෙන අමතර ප්‍රතිලාභ වැඩි වීම
  • පාරිභෝගික පැමිණිලි අවම වීම
  • වෙළදාම සදහා අලෙවි උපක්‍රමයක් වීම
  • SLS ලාංචනය ලබා ගැනීමට පාදක වීම
  • HACCP ලාංචනය සහ ISO 22000 වැනි අන්තර්ජාතික සහතික ලබා ගැනීම සදහා අඩිතාලම ලබා ගත හැකි වීම
  • ISO 9001 සහතිකකරණය සදහා මුලික පියවරක් වීම
විදාතා සහතිකකරණය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන යහපත් හා උසස් තත්වයෙන් නිෂ්පාදනය කිරීම සදහා ඉදිරිපත් කර ඇති සහතික කිරීමේ ක්‍රියාවලියකි. මෙහිදී සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියම එනම් අමුද්‍රව්‍ය සිට නිමි භාණ්ඩය දක්වා ඇති සියළුම ක්‍රියාවලි යහපත් තත්වයෙන් නිෂ්පාදනය කරන බවට සහ අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතික කරනු ලැබේ.
විදාතා සහතිකකරණයේ දී අවධානය යොමු කරනු ලබන අංශ
  • ආයතන - සැලසුම්, පහසුකම්, උපකරණ, පවිත්‍රතාව, හා සනීපාරක්ෂාව, පළිබෝධ පාලනය,  පෞද්ගලික ස්වස්ථතාව, ප්‍රවාහනය සහ අපද්‍රව්‍ය කළමාණාකරණය
  • ක්‍රියාකාරීත්ව පාලනය
  • නිෂ්පාදන අනුකූලතාවය
  • ඇසුරුම් සහ ලේබල් කිරීම
  • පාරිභෝගික පැමිණිලි, පුහුණු කිරීම සහ නඩත්තුව යන ආදිය
විදාතා සහතිකකරණයට යොමු විය හැක්කේ කෙසේද?
කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසීම  හො ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් විමසීම
 තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල