Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 24, 2013

ළදරුවා රකින මේස්

රුවාගේ සුව සෙත සලස සංවේදී Owlet මේසය ළරුවාගේ වැදගත් සෞඛ්‍යමය කරුණු පාදය තුළින් නිරීක්ෂණය කරයි.එම නිරීක්ෂණ දත්ත ලෙස Blue tooth මඟින් අන්තර්ජාල සම්බන්ධතා සහිත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය කරනු ලැබේ. එමඟින් දෙමව්පියන්ට දරුවාගේ සමේ උෂ්ණත්වය, හෘද ස්පන්නය, රුධිරයේ ඔක්සිජන් මට්මට සහ නිදා සිටින ඉරියව්ව (සෑම මොහොතකම) පිළිබඳ තොරතුරු ලබාදේ. ළරුවාගේ පෙරළීම් ගැන තදින් අවධානය යොමු කිරීමටද හැකිය. Owlet මේස් වෛද්‍ය හෝ රෝග නිශ්චය කරන උපකරණයට වඩා ළරුවාගේ ක්‍රියාකාරකම් සහ නිරෝගි බව පිළිබඳව විමසිලිමත්ව සිටිමින් දෙමව්පියන්ට සහය වන උපකරණයකි. නිසා දෙමව්පියන්ට ළරුවා ආරක්ෂා කර ගැනීමේ මුලික ක්‍රියා අතපසුවීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකිය.

මා බ්‍රිම්හැම් තරුණ විශ්ව විද්‍යාලීය සිසුන්ගේ නිර්මාණයක් වන මෙය දැනට මහජන ආධාර වැඩ සටහන් (ස්වාධීන) සඳහා යොදා ගනු ලබයි. Owlet ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ර්ට් වොල්මන් Owlet මේස් නිෂ්පාදන කාර්යයට එක්වරම කැමති ය. නොමේරු ළරු උපත ලැබු ඔහුගේ නිවුන් බැණාවරුන් දෙදෙනාගෙන් එක් ළරුවකු හදිසි මරණ අනතුරකින් මියගියේය. හදිසි මරණ සහලක්ෂණය {Sudden Infant Death Syndrome (SIDS)} නම මෙවනි මරණ වලට ළරුවා නිදියන ඉරියව්වල සම්බන්ධතාවයක් ඇති බවද පැවසේ. ඒ නිසා වෛද්‍යවරු ළරුවා මුහුණ උඩු අතට සිටිනසේ නිදි කරවන මෙන්ද මුණින් අතට නිදිය ගැනීමෙන් වළක්වන මෙන්ද දෙමව්පියනට උපදෙස් දෙති.


දරුවාගේ කකුළ වටා ඇති Owlet මේස් මුළු රාත්‍රිය පුරාම ළරුවා නිදා සිටින ඉරියව් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටිමින් අනතුරුදායක තත්වයක් මතුවුවහොත් දෙමව්පියන්ට ක්ෂණිකව දන්වන බැවින් ළරුවා ට ආරක්ෂාව මෙන්ම දෙමව්පියන්ට සැනසිලිදායක නින්දක් ලබාදේ. ළරුවා මුනින් අතට පෙරලෙන විට මෙමඟින් නලා ශබ්දයක් පිටවේ.(අනතුරු සඥාවක්) ඉතා සියුම් LED බල්බ උපයෝගී කරගෙන මේස තුළ ඇති සවිධි සංවේදි මීටරයක් (Pulse oximeter) මඟින් ළඳරුවාගේ වැදගත් සෞඛ්‍යමය තොරතුරු මනිනු ලැබේ. මෙහිදි හානිකර නොවන කිරණ පටක තුළින් ගමන් කරවා උරාගත් කිරණ ප්‍රමාණය අනුව රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය සහ සෞඛ්‍ය තොරතුරු ලබා ගනී.

මෙම තොරතුරු ජංගම දුරකථනයට හෝ පරිගණකයට සම්ප්‍රශණය කර අවකාශය වෙත මුදාහැරිය හැකි නිසා දෙමව්පියන්ට ලොව කුමන ස්ථානයක සිට හෝ තම දරුවාගේ සනීපාරක්ෂාව සොයා බැලිය හැකිය. දැනට අවුරුද්දට අඩු ළරුවන් සඳහා Owlet මේස් නිර්මාණය කර ඇතත් ඉදිරියේදී අවුරුදු 02 ට අඩු ළරුවන් වෙනුවෙන්ද නිර්මාණය කිරීමට බලාපොරොත්තුවේ. මෙ තවදුරටත් සංවර්ධනය කිරීමට මෙන්ම මිල අඩුකිරීමට ද කටයුතු කරන බව නිෂ්පාදකයෝ පවසති.


උපුටාගැනීම: Owlet smart sock keeps tabs on your baby's vital signs By Lakshmi Sandhana
September 11, 2013

පාර කියන කබාය

පිහිටි ස්ථානය නිවැරදිව දැනුම් දෙන GPS තාක්ෂණය මෝටර් රථ,ජංගම දුරකථන වල භාවිතා වන බව අප දන්නා කරුණකි. එහෙත් GPS තාක්ෂණය පාදක කරගත් ඇඳුමක් (කබායක්/ Jacket) ගැන ඔබ අසා තිබේද? දැන් ක්‍රියාත්මක වන GPS තාක්ෂණයෙන් ඔබ යම් ස්ථානයක් සොයමින් යන විට අදාල තොරතුරු ඔබ තිරයකින් නැරඹිය යුතුය. එනම් ඔබගේ ඇස් වරක් තිරය මතද තවත් වරක් මහා මාර්ගයටද යොමු කළ යුතු වේ.මෙය අර්ධ අන්ධතාවයකින් මහා මාර්ගයේ ගමන් කිරීමක් ලෙසද හැඳින්විය හැකිය. මෙම අපහසුතාවය දුරලන (Navigate jacket) නැවිගේට් කබාය GPS තාක්ෂණය පාදක කරගෙන නිර්මාණය කර ඇත. එහි ඇති LED බල්බ මඟින් ඔබ අදාල දිශාවට  හා ගමන් මාර්ගයට යොමුකරවයි.

 
Wearable Experiments (We-ex) නම් ඔස්ට්‍රේලියාවේ ඇඳුම් නිෂ්පාදන සමාගමක් විසින් “Navigate” (නැවිගේට් කබාය) නිෂ්පාදනය කර තිබේ. ශරීරයේ පැළදිය හැකි විවධ උපකරණ මෙන් නොව මෙය බාහිරෙන් සාමාන්‍ය ඇඳුමක් ලෙසම දිස්වේ. දෘඩාංග, මෘදුකාංග සහ ඇදුම් සැලසුම් කරන මෙම සමාගම තාක්ෂණය එන්නත් කළ ඇඳුමක් ලෙස මෙම මෝස්තරය ඉදිරිපත් කර ඇත.

Navigate කබාය නගරයේ ඇවිදීම, බයිසිකල් පැදීම සඳහා භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර තිබේ. කබාය සමඟ ක්‍රියාකරන එහි මොළය ලෙස Smart phone එකක් භාවිතා කර ඇත. හැරවුමෙන් හැරවුම සඳහන් කරන මාර්ගෝපදේශක දත්ත මෙම යෙදුම(application) මඟින් කබායේ ඇති LED බල්බ දීප්තිමත්වීමෙන් දර්ශනය වේ. කබායේ දිගු අත්වල ඇති LED බල්බ මාර්ගෝපදේශ අනුව දැල්වෙන නිසා මඟියාට පහසුවෙන් හඳුනාගත හැකිය. කුමන පියවරේද, කොතරම් දුරකින් ඊළඟ හැරවුම තිබේද LED මඟින් දන්වා සිටියි. කම්පනය මඟින් කුමන දිශාවටම ගමන් කළ යුතු දැයි දන්වනු ලැබේ.
දැනට සුදු ආලෝක දැල්වන LED ඇති නමුත් ඉදිරියේදී පාරිභෝගිකයාගේ රුචිය පරිදි එය වෙනස් වනු ඇත. කබාය සහ GPS තාක්ෂණය බාහිර පෙනුමේ කිසිදු විශේෂත්වයක් නොමැතිව සම්බන්ධකිරීමට We- ex ආයතනයට හැකි වී තිබේ. යුරෝපයේ නගර වල අලෙවිය සඳහා මෙහි නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතී.


උපුටාගැනීම: 
NAVIGATE jacket brings GPS to life with LED lights and haptic feedback   By C.C. Weiss December 3,
http://www.gizmag.com/navigate-jacket-wearable-gps/30001/

December 20, 2013

එළවළු වවන ඉවතලන කඩදාසි

එළඹෙන උත්සව සමයේදී මිලදී ගන්නා හෝ තැගි ලෙස ලැබෙන භාණ්ඩ සමඟ එන එතුම් (දැවටුම්)  කඩදාසි විශාල ප්‍රමාණයක් පරිසරයට  එක්වීම වැළක්විය නොහැක. මෙම අතුරු නිෂ්පාදනය පරිසරයට අහිතකර ලෙස එක් වීම පමණක් නොව කුණු ලෙස ප්‍රවාහනය හා විනාශ කිරීම තව දුරටත් සිදු නොකළයුතු නම්?Eden’s කඩදාසි ලෙස නම් කර ඇති මෙම නව එතුම් (දැවටුම්) කඩදාසි සියේට සීයක්ම (100%) පැළ කළ හැකිවේ. එනම් Eden’s කඩදාසි පස් මත තබා ජලය වත් කිරීම පමණක් කළ යුතුය. ස්වභාධර්මය  මඟින්  එම කඩදාසි පැල බවට පත් කරයි.
 මුල් වටයේදී Eden’s කඩදාසි කැරට්, තක්කාලි, බෝංචී, මිරිස් හා ළුණු  යන පැළ වර්ග 05 ක් සඳහා නිර්මාණය කර තිබේ. අදාල පැළ වර්ගයේ (කාබනික) බීජ කඩදාසියේ පිටුපස ස්ථරයේ ඔබ්බවා ඇත. තවද Eden’s කඩදාසි දිරාපත් වන සිව් (tissue) කඩදාසි ස්ථර වලින් සමන්විතය.

මෙම කඩදාසි 100% ප්‍රතිචක්‍රියකරණය කරන ලද කඩදාසි වලින් නිෂ්පාදනය කර තිබේ. ඒ සඳහා භාවිතා කර ඇති තීන්තද එළවළු ඇසුරින් සකස් කර ඇත. ඒනිසා කඩදාසි මඟින් පසට කිසිදු හානියක් සිදු නොවේ. මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේ දී මැලියම් (ගම්)හෝ වෙනත් හානිකර ද්‍රව්‍ය භාවිතා කර නොමැත.
 
Eden’s කඩදාසි (විශේෂ ඒතුම් කඩදාසි) හඳුන්වාදීමේදී සාමාන්‍ය පාරිභෝගිකයාට ලබා ගත නොහැකි ඉහළ මිලක් නියම කර ඇතත් එය රු. 5,000,000 ක අලෙවි ඉලක්කයක් සපුරාගෙන තිබේ.Eden’s කඩදාසි සාමාන්‍ය මිලට තව නොබෝ කලකින් ලබාගැනීමට අවස්ථාව සැලසේනම් මෙම නිෂ්පාදනය වඩා ප්‍රයෝජනවත් වනු ඇත.


උපුටාගැනීම: New wrapping paper can be used to grow vegetables
By Adam Williams    November 28, 2013

December 18, 2013

නිවස තුල නිර්මාණය කළ පවුලේ යානය


සාමාන්‍ය පවුලකට ගුවන් ගමනක් යාමට ගුවන්තොටුපලට නොයා ඔවුන්ටම පියාසර කිරීමට ඇති හැකියාව පිලිබදව ජෝන් මැක්ජිනීස් (John McGinnis) විසින් කල්පනා කලේය.

මේ සදහා ඔහු විසින් ගුවන් යානයක් නිර්මාණයට ඔහුගේ පියාගේ සහ පුතාගේ මෙන්ම ස්වේච්ඡා සාමාජිකයන්ගේ සහාය ඇතිව නිරතුරුව  උත්සහ කරයි.

අද පවතින කුඩා ගුවන් යානා මෙන් නොව සිනර්ජි (Synergy) ලෙස නම් කරඇති මෙම යානය වියදම් පිරිමැසුම්දායක, ශබ්දය අඩු හා ඉන්ධන පරිභෝජනය ගැලුමට හැතැප්ම 40ක් පමණ කාර්යක්ෂම එකකි.
47 වියෙහි පසුවන මැක්ජිනීස් නාසා ආයතනයේ පර්යේෂකයින් විසින් නිකුත් කරන ලද මූලාශ්‍ර  අධ්‍යනයකින්  අනතුරුව කුඩා කල සිට උත්සාහ කල මෙම නිර්මාණය බිහිකිරීමට දායක විය.

මෙම පවුලේ ගුවන්යානයෙහි පවතින විශේෂ ගුණාංග
1.  ‍200 hp ක ටර්බෝ ඩීසල් එංජිම
2.  විශාල පියාපත් මගින් පොලව මත ගොඩ බැස්සවීම ක්‍රමවත්ව හා සංසුන්ව සිදු කර ගත හැකි වීම
3.   පෙට්ටි ආකාරයේ පියාපත් මගින් සිදුවන ක්‍රමවත් වාත සංසරණය මගින් යානයේ සමතුලිතතාවය රැක ගැනීම
4.  ස්වයංක්‍රීයව ක්‍රියාකරන පරිඝනක ගත කරන ලද ගුවන් නියමු ක්‍රමවේදය මගින් හදිසි අවස්ථාවකදී පහසුවෙන් ගොඩබැස්සවීමේ හැකියාව

මෙම වසර තුලදී  පස්දෙනකුට පමණ පියාසර කළ හැකි මෙම යා‍නයේ වැඩකටයුතු අවසන් කිරීමට හෙතෙම බලාපොරොත්තුවේ.



උපුටා ගැනීම :

කැඩුණු ඇට මිදුළු සාදන පෑන (BIO PEN)

3 Doodler සහ Swiss pen වැනි උපකරණ මඟින් සාමාන්‍ය පාරිභෝගිකායාට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය තම දෑතින් ක්‍රියාත්මක කළහැකි මට්ටමට දියුණු කර තිබේ. විවිධ කේෂේත්‍ර වල නිපුණ පුද්ගලයින්ගේ දෑතේ දස්කම් සෘජුව ත්‍රිමාණ මුද්‍රණයට යොමු කළ හැකි නව උපකරණය දැන් බිහිවෙමින් පවතී. මෙලෙස ශල්‍ය වෛද්‍යවරුන්ගේ භාවිතය සඳහා Bio pen (ජෛව පෑන) නම් උපකරණය ඔස්ට්‍රේලියාවේ වුලොන්ගොන්ග් විශ්වවිද්‍යාලයේදී සංවර්ධනය කර තිබේ. 
Bio pen සාමාන්‍ය පෑනක් ලෙස භාවිතා කළ හැකිය.රෝගියාගේ තුවාල වු ප්‍රාදේශයේ ක්‍රියාකාරි අස්ථි සහ කොමලාස්ථි (Cartilage) ප්‍රතිනිර්මාණය වේගවත් කිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරුන් Bio pen භාවිතා කරනු ඇත. එනම් Bio pen ආධාරයෙන් ශල්‍ය වෛද්‍යවරු ජීවි සෛල සහ වර්ධන සාධක සෘජුව තුවාලය තුළදීම “draw” කරනු ලබයි.

ඇලනෙට් (Alginate) වැනි බහු අවයව ඇතුළත මැඬුණු ද්‍රව්‍ය වෙන්කිරීමට සහ ජෙලිමය බාහිර ස්ථරය ආවරණය කිරීමට Bio pen උපකාරී වේ. වෙන් කිරීමේදී බාහිර සහ අභ්‍යන්තර ස්ථර දෙකම පෑන් තුඩට සම්බන්ධවී තිබේ. තුවාල වු අස්ථි කොටස් පිරවීම සඳහා පෑන භාවිතා කර වෛද්‍යවරයා “draw” කරනු ලැබේ. 
පෑනට සම්බන්ධ අඩු බලැති පාර ජම්බුල (ultraviolet) කිරණ ප්‍රභවයක් මඟින් වෙන් කරන ද්‍රව්‍ය ඝනීභවනය කරයි. ශල්‍ය වෛද්‍යවරයා හානි වු අස්ථි තුල ත්‍රිමාණ සැකිල්ල (Scaffold), ස්ථරයෙන් ස්ථරය සකස් කරන විට ඝනීභවනය වී ඇති නිසා සෛලවලට ආරක්ෂාව සැලසේ.

තුවාලය තුල සෛල තැන්පත් කළ පසු ඒවා වර්ධනය වීම සහ ස්නායු,මාංශපේශී හෝ අස්ථි වල සෛල ලෙස වෙන් වීම මඟින් අවසානයේදී ක්‍රියාකාරී පටක නිර්මාණය වේ. සෛල මෙන්ම වර්ධන සාධක ප්‍රතිවර්ධනය සහ සුවකිරීම සඳහා ඖෂධ තැන්පත් කිරීමට Bio pen උපකරණය භාවිතා කළ හැකිය. මෙම උපකරණය ප්‍රවාහනයට පහසු සහ ශල්‍යාගාරයේදී දෑතින් ක්‍රියාත්මක කිරීමට හැකි ලෙස සකසා ඇති බව නිෂ්පාදකයෝ පවසති.
 
 මෝටර් රථ අනතුරු වලින් අස්ථි හා කොමලාස්ථි වලට සිදුවන හානි නිවැරදිව සැකසීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය වඩා යෝග්‍ය බව මහාචාර්ය වොන්ග් පවසයි. 
මහාචාර්ය වොලස් හා පර්යේෂණ කණ්ඩායම විසින් පියවි සෛල සහ බහුඅවයව රසායන විද්‍යාව සමිබන්ධ කර ශල්‍ය වෛද්‍යවරුන්ගේ කටයුතු පහසු කර තිබේ. චිකිත්සාගාර මට්ටමේදී මෙය නිවැරිදිව භාවිතා කිරීම සඳහා මෙල්බෝන්හි ශාන්ත වින්සන්ට් රෝහලේ මහාචාර්ය පීටර් වොන්ග් වෙත වුලොන්ගොන්ග් විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් Bio pen මෑතකදී ලබා දී ඇත.

උපුටාගැනීම :BioPen: A handheld 3D printer for surgeons  By Darren Quick        December 10, 2013

December 17, 2013

ඝෝෂාකාරි නොවන නිවේදන

ගුවන් තොටුපළ, දුම්රිය නැවතුම්පළ,බස් නැවතුම්පළ වැනි ස්ථාන බොහෝ ඝෝෂාකාරිය ඒවායේ නිසල බවක් අපේක්ෂා කළ හැකිද? අඛණ්ඩව ඇසෙන වෙඩි මුර මෙන් මහජන ඇමතුම් ක්‍රම මඟින් මහජනයාට  ලබාදෙන නිවේදන මහා හඬකින් නිකුත් වේ. මෙමඟින් ඇතිවන මහජන පීඩාව අඩු කිරීම සඳහා එඩින්බොරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් නව ක්‍රමයක් සංවර්ධනය කිරීමට උපකාර කර තිබේ.නව ක්‍රමය මඟින් අඩු ශබ්දයකින් එහෙත් වඩාත් පැහැදිලිව නිවේදන ලබාදිය හැක.

ඝෝෂාකාරි පරසරයක් තුල වාචික පණිවිඩ තේරුම් ගැනීමට පණිවිඩකරුගේ ප්‍රකාශයේ ඇතුළත් සියළු වචන ඇසීමට අවශ්‍ය නැති බව පර්යේෂකයෝ සඳහන් කරති. එවැනි අවස්ථාවලදී මිනිසුන්, ප්‍රකාශයේ ඇසීමට පහසු කොටස් (වචන) පමණක් පාදක කොටගෙන ඒවායේ වාක්‍ය සහ අදහස නිගමනය කර ගනී.

මෙම ප්‍රායෝගික තත්වයය හඳුනාගෙන විද්‍යාඥයන් විසින් ගණිතමය පරිගණක ප්‍රතිලේඛණ ක්‍රමයක් සකස් කර තිබේ. මෙම ක්‍රමය මඟින් පෙර සඳහන් කළ පරිදි ඇසීමට පහසු කොටස් ඝෝෂාකාරී පසු තලය තුළින් මතුවෙන ලෙස සංශ්ලේෂණාත්මකව වර්ධනය කරයි. වාචික පණිවිඩ ගණිතමය ප්‍රතිලේඛණ ක්‍රමය මෙහෙයවීමෙන් වඩා හොඳින් මහජනතාවට හඳුනාගත හැකිවේ. ඒ සඳහා ඩෙසිබල් 5කට වඩා අඩු ශබ්ද ප්‍රමාණයක් (අඩු Volume) පිට කිරීම ප්‍රමාණවත් බව පරීක්ෂණ වලින් පැහැදිලි වී තිබේ.ඒඅනුව අඩු ශබ්දයකින් ඇසුණද පණිවිඩය පැහැදිළිව තේරුම් ගැනීම පහසු වේ.එවිටඝෝෂාවක් ඇති නොවේ.

මෙම තාක්ෂණය, ප්‍රසිද්ධ මහජන ඇමතුම් සඳහා පමණක් නොව ශබ්දය නිකුත් කරන විවිධ උපකරණ සඳහා යොදාගත හැකිය. Smart phone සහ ගමන් මාර්ග ඉදිරිපත් කරන ක්‍රම සඳහා ඉදිරියේදී භාවිතා වනු ඇත.


උපුටාගැනීම:Computer-manipulated speech could lead to quieter public announcements

By Ben Coxworth  September 10, 2013

බෙහෙත් දෙන කෘත්‍රිම ශරීරාංගය (Implants)

දියවැඩියාව, විනාශකාරි ලේ අඩුකම (Pernicious anemia) වැනි රෝග සඳහා සමහර විට රෝගින්ට දිනපතා එන්නත් මඟින් ඖෂධ ලබාදිය යුතුය.එවැනි නිදන් ගත රෝග සඳහා ස්වයංක්‍රියව ඖෂධ ලබාදෙන සමතුළ තැන්පත් කරන කෘත්‍රිම උපකරණයක්( Implants )පිළිබඳ බලාපොරොත්තු පහළවී තිබේ. මෙම  Implants, ආලෝක ප්‍රේරක ලෙස සැකසූ සෛල මඟින් බලගැන්වේ.


එපමණක් නොව ශරීර අභ්‍යන්තරයේ ඇතිවන වස විස වීම් ක්ෂණිකව හඳුනා ගැනීමට Implants හැකිය. දීර්ඝ කාලීනව ශරීර සෞඛ්‍ය තත්ව පිළිබඳ වාර්තා සපයමින් හදවත් රෝග සඳහා ඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවට ඔබට උපදෙස් දීමට හැකියාව ඇති  Implants සමහරවිට ස්වයංක්‍රියව  අවශ්‍ය ඖෂධ පවා  ශරීරයට ලබා දෙයි.
සෑම Implants තුලම ජානමය වශයෙන් නවීකරණය කළ සෛල අන්තර්ගතය. ඒවා ආලෝකයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියාත්මක වේ.රෝග නිවාරණයට ඖෂධ මඟින් ලබාදෙන රසායනික ශරීරය තුළදීම ස්වයංක්‍රියව නිදහස් කිරීමට හැකි ලෙස මෙම සෛල ප්‍රතිලේඛනය කිරීමට පුළුවනි.
Hydro gel (හයිඩ්‍රොජෙල්) යනු පටක හා අනුරුපී විය හැකි බහුඅවයවයක අමුද්‍රව්‍යයකි.වියුගහන් චෝයි සහ සිඔක් යුන් ගේ මුලිකත්වයෙන් සහ ටොරන්ටෝ විශ්වවිද්‍යාල වල ඒකාබද්ධ කණ්ඩායමක් Hydro gel (හයිඩ්‍රොජෙල්)  වලින් සෑදු Implants කිහිපයක් නිපදවන ලදී.සෑම Hydro gel Implants එකක්ම මිලිමිටර 4 X මි.මි 40 ක වට ප්‍රමාණයකින් හා මිමි 1 ක ඝනකමකින් යුක්තය. ආලෝකයට සංවේදී වන ලෙස සකස් කළ සෛල මඟින් හිඩැස් සම්පුර්ණ කර තිබේ.
එක් පරීක්ෂණයක් මඟින් Implants ස්වයංක්‍රියව ඉන්සියුලින් නිකුත් කරන අයුරුත් අනෙක් පරීක්ෂණයෙන් ශරීරය තුළ ඇතිවන විසවීම් හදුනා ගන්නා අයුරුත් චෝයි සහ යුන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.ඉනිසියුලින් නිකුත් කිරීමට විද්‍යාඥයන් විසින් ප්‍රකාශ තන්තු ආධාරයෙන් නිල් ආලෝකයක් ලබාදී තිබුණි. වසවිස වීම් හඳුනාගැනීමේදී නවීකරණය වු සෛල මඟින් කොළ ආලෝකයක් නිකුත් කර ඇත.
එහෙත් රෝගීන්ට චිකිත්සාගර මඟින් ලබා දීමට පෙර මෙය වැඩි දියුණු කළ යුතුව ඇත.නවීකරණය කළ යුතු සෛල අදාල රෝගියාගෙන් ලබා ගැනීම. Hydro gel තුල ආලෝක සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සහ විවිධ ඖෂධ සඳහා Hydro gel වල විශාලත්වය වැනි ක්‍රියාකාරකම් සංවර්ධනය කළ යුතුය.
මෙය ක්‍රියාත්මක වුවහොත් මතු දිනකදී උපකරණ මෙන් මිනිස් ශරීරයද ජාල ගත කළ හැකිවේ.


උපුටාගැනීම :
Forget Shots - New Implants Could Deliver Meds
OCT 20, 2013 01:00 PM ET // BY JESSE EMSPAK


December 12, 2013

විකෘති වෛරස් මඟින් බලය වැඩි බැටරි

විවිධාකාරයෙන් හඳුන්වනු  ලබන සුර්යයා දීර්ඝ කාලීන බල ශක්ති ගබඩාවක්, එනම් උදාහරණයක් ලෙස නැවත නැවත ආරෝපණය කිරීම අනවශ්‍ය දිඝු කලක් අඛන්ඩව බලය ලබාදෙන අති විශාල විදුලි කෝෂයකි (බැටරියකි). එතරම් විශාල හෝ දීර්ඝ නොවුනද දිගු කාලයක් අඛන්ඩව බලය ලබාදිය හැකි විදුලි කෝෂයක් නිර්මාණය කිරීම යනු විද්‍යා ප්‍රබන්ධයකි.
එහෙයින් වත්මන් විදුලි කෝෂවල කාර්යක්ෂමතා වැඩිකිරීමට විවිධ පරීක්ෂණ පැවත්වේ.MIT ආයතනයේ පර්යේෂකයන් විසින් ශක්ති ඝනත්වය (Energy density)  තුන්ගුණයකින් වැඩි ලිතියම් වායු බැටරි (Lithium –air Battery) නිෂ්පාදනය කළ හැකි බව ප්‍රදර්ශනය කර තිබේ. ශක්ති ඝනත්වය යනු ඒකක ස්කන්ධයක් තුල තැන්පත් කළ හැකි බල ශක්ති ප්‍රමාණයයි.එමෙන්ම වර්තමානයේ පවතින ලිතියම් වායු බැටරි ශක්ති ඝනත්වය වැඩිම (බලයෙන් වැඩිම) විදුලි කෝෂයකි.
අඩු බරකින් වැඩි විදුලියක් ලබාදීමට හැකි බැටරි නිසා විදුලි මෝටර් රථ නිර්මාණය වී අද මහාමාර්ග වල ධාවනය වෙයි.එසේම එවැනි කාර්යන් සඳහා යෝග්‍යය වඩා වැඩි වාර ගණනක් ආරෝපණය කිරීමට හැකි සහ කල්පවත්නා ඉලෙක්ට්‍රෝඩ සහිත බැටරි නිෂ්පාදනය අභියෝගාත්මක කාර්යක් වී තිබේ.
ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝඩ රැහැන් වලට ජානමය වශයෙන් නවීකරණය කළ M 13 වෛරස්  වර්ගය සම්බන්ධ කිරීමෙන්  ලිතියම් වායු බැටරියේ බලය විශාල වශයෙන් වැඩි කළ හැකි බව MIT  ආයතනයේ පර්යේෂකයන් ප්‍රදර්ශනය කර තිබේ.
ඇබලෝන් (Abalone)යන මුහුදු ජිවියා මුහුදු ජලයේ කැල්සියම් උකහාගෙන තම කබොල (පිට වැස්ම) සාදන ආකාරයට මෙය සිදු කරනු ලබයි. M 13 වෛරසය ආධාරයෙන් නැනෝ රැහැන්, ලෝහ වල අණු කාමර උෂ්ණත්වයේදී උකහාගනියි.ඉන්පසු ඒවා වෛරසය සමඟ බැඳි විශේෂිත ආකෘතියක් නිර්මාණය කරති. සත්‍ය වශයෙන් වෛරස්, මැග්නීසියම් ඔක්සයිඩ් රැහැන් නිපදවති.ඒවා ඉතා රළු මතුපිටක් සහිත වේ. (පින්තූරය බලන්න) එමඟින් අවශ්‍ය මතුපිට ක්ෂෙත්‍ර ඵලය වැඩිවේ.ඉන්පසු එහි විදුලි සන්නායක ගුණය වැඩි කිරීමට ලෝහ එක් කරනු ලැබේ.
මේ සියල්ල එක්කර ලිතියම් වායු බැටරියේ බලය දෙගුණයකින් වැඩි කළ හැකිවේ.තවද ඉතා ඉක්මණින් විදුලි මෝටර් රථ ඇතුළු බැටරි භාවිතා වන විවිධ උපකරණ වල විශාල වැඩි දියුණුවීම් සිදුවනු ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.


උපුටාගැනීම:
Lithium-air batteries go viral for greater durability and performance By Randall Marsh
November 14, 2013

December 11, 2013

සම විනිවිද දැකිය හැකි ඇස් කණ්නාඩියක්


එන්නතක් විදින්න ගිය අවස්ථාවක් සිහි කර ගන්න. හෙදිය ඔබගේ අත පහලින් පටියක් බැඳ ඇඟිලි ගුලි කර ගන්නා ලෙස පවසා අතේ නහර පරීක්‍ෂා කර එන්නතක් විදින අයුරු මතක ඇති.
ඒත් දැන් එතරම් කරදර වීමට අවශ්‍ය නැත. ඒ දැන් වෛද්‍යවරු හා හෙදියන් හට රෝගීන්ගේ සම විනිවිද බැලිය හැකි එක්ස්-රේ කණ්ණාඩි යුගලයක් නිපදවා ඇති හෙයිනි.

ඊවෙනා මෙඩිකල් (Evena Medical) තාක්‍ෂණ ආයතනය විසින් නිපදවා ඇති මෙම ඇස් කණ්ණාඩි උපකරණය (Eyes – on Glasses System) මඟින් ඉතා පහසු ප්‍රතිකාර එනම් ඉතා සියුම් ලේ නහර වෙත කරන ප්‍රතිකාර (Intra venous treatments) පහසුවෙන් කිරීමට වෛද්‍යවරු හට හැකියාව ලැබේ

මෙම හිසෙහි පැළදිය හැකි උපකරණය වාහිනික දර්ශන තාක්‍ෂණයෙන් (Vascular imaging technology) යුක්තය. තවද, මෙමඟින් අත් දෙක නිදහසේ තබා ගත හැකි බැවින් වෛද්‍ය වෘත්තිකයන් හට තම කාර්යය ඉතා පහසුවෙන් කර ගත හැකිවේ.


ඊවෙනා මෙඩිකල්හි සභාපති ෆ්‍රැන්ක් බෝල් පවසන පරිදි Intra venous treatments සඳහා 40% ක පමණ උත්සහා කිරීම් ගණනාවක් කිරීම අත්‍යාවශ්‍ය බව අධ්‍යයන කටයුතු මඟින් පෙන්වා දේ. එනම් හෙදියන්ගේ අපතේ යන වටිනා කාලය මෙම උපකරණය නිසා ඉතිරි කර ගත හැකිවනවා මෙන්ම රෝගියාට සිදුවන අපහසුතාවය, නොසෑහීම වැනිදෑ  මෙමඟින් වළකා ගත හැක. තවද අභියෝගාත්මක වටපිටාවක එනම් ළමා හා නොමේරූ ළදරු ඒකක වැනි ස්ථාන වලදී හෙදියන්ට වඩා පහසුවෙන් හා නිවැරදිම නහර වෙත ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබේ.

කණ්නාඩි යුගලය ඩිජිටල් දත්ත ගබඩාවකින්ද යුක්තය. එනම් ස්වයංක්‍රීයව හා අඛණ්ඩව දත්ත, රූප රාමු ගබඩා වන බැවින් රෝගියා පිළිබඳ දවස පුරාම අවධානය යොමු කිරීමටත් එම රූප රාමු නැවත නැවත බැලිය හැකි බැවින් වඩා ඵලදායී සේවාවක් ලබාදීමට වෛද්‍යවරයාට හැකිවේ.  


උපුටා ගැනීම :-
http://news.discovery.com/tech/alternative-power-sources



December 8, 2013

ජාතික විදාතා පුනර්ජීවන වැඩ සටහන දියත් කෙරේ

"ජාතික විදාතා පුනර්ජීවන වැඩ සටහන" මීට සුළු මොහොතකට පෙර තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මැතිතුමා අතින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දියත් කෙරිණි.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක මැතිනියගේ ආරාධනයෙන් රාජ්‍ය අමාත්‍යාංශ, මහා භාණ්ඩාගාරය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අනුබද්ධ ආයතන ඇතුළු අර්ධ රාජ්‍ය සේවා ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ වැඩ සටහනට විශේෂ දායකත්වය දැක්වු රාජ්‍ය  බැංකු වල නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.

දිවයින පුරා විසිරී ඇති ජාතික විදාතා වැඩ සටහන හා සම්බන්ධවී ස්වොත්සහයෙන් නැගී සිටින විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ව්‍යවසායක ප්‍රජාවගේ නියෝජිතයන්ගේ සහ දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන වල කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් උත්සවය වර්ණවත් විය.

ගරු අමාත්‍යතුමාගේ සංකල්පයට අනුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ තාක්ෂණ පැවරුම් අංශයේ සහ ජාතික විදාතා කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වයෙන් ජාතික විදාතා වැඩ සටහන, ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගත සෞභාග්‍ය සඳහා අද දින සිට නව ජවයකින් හා පුනර්ජීවනයකින් යුතුව ක්‍රියාත්මක වෙයි.

පුනර්ජීවනය ලද විදාතා වැඩ සටහන ජාතියට හා ජාත්‍යන්තරයට සංකේතාක්මකව හඳුන්වාදීමට “විදාතා නව ලාංඡනය” ශ්‍රී ලංකා පදනම් ආයතනයේ “ නුගේ ” විවෘත වේදිකාවේදි විදාතා නිලධාරීන්ගේ නව ප්‍රතිඥාව මැද ගරු පාඨලි චම්පික රණවක මැතිතුමාගේ සුරතින් නිරාවරණය කරමින් විදාතා පුනර්ජීවන වැඩසටහන සමාරම්භ විය.

නැගී සිටීමට වෙර දරණ ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රජාවට නව කර්මාන්ත ආරම්භ කිරීම සහ පවත්නා කර්මාන්තයන්හි දියුණුව සඳහා
  1. මුල්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික බැංකු හා සම්බන්ධීකරණයෙන් “සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය” යටතේ ණය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම සහ පළමු අදියරේ ණය ප්‍රදාන ලිපි ලබාදීම.
  2. නිෂ්පාදනවලට වෙළඳපොළ පිළිගැනීමක් සහ ඇගයීමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් “විදාතා පද්ධති සහතිකය” නම් නව ප්‍රමිති සහතිකයක් ලබාදීමේ වැඩපිළිවෙළ දියත් කිරීම සහ සුදුසුකම්ලත් ව්‍යවසායකයින්ට / කර්මාන්තකරුවන්ට GMP සහතික පිළිගැන්වීම. 
  3. දිරිගැන්වීම සහ ඇගයීම සඳහා ප්‍රථම වරට “හොඳම විදාතා ව්‍යවසායකයා” තේරීමේ තරඟාවලිය ප්‍රකාශයට පත්කිරීම 
  4. විදාතා අනුග්‍රහයෙන් බිහි වූ සහ තාක්ෂණ පැවරුම් ලත් ව්‍යවසායකයින්ට තාක්ෂණ පැවරුම් සහතික පත් ප්‍රදානය කිරීම.
  5. විවිධ නිෂ්පාදනයන්ට අදාල නවතම තාක්ෂණික ක්‍රමවේද පිලිබඳව දැණුම සහ තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා නොමිලයේ පරිහරණය කළ හැකි තාක්ෂණ දත්ත ගබඩාවක් පිහිටුවීම හා විවිධ තාක්ෂනයන් නිදර්ශනය කිරීම අරභයා වූ “ තාක්ෂණ අත්වැල” DVD තැටි මාලාවෙහි ප්‍රථම තැටිය නිකුත් කිරීම.
  6. දැයේ දරුවන් විශේෂ කොට සියළු ශ්‍රී ලාංකික ජනතාව නව ලොව දැණුමෙන් සවිබල ගැන්වීම, නව ලොව දැණුම ලබා දී දැනුම් පරතරය අඩු කිරීම සහ ලොව ජයගත හැකි නව නිපැයුම් සඳහා දිරිය වඩන මං හෙලි පෙහෙලි කිරීම යන කරුණු මුලික කොට නිර්මාණය කළ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ “ප්‍රභාස්වර” අන්තර්ජාල බ්ලොග් අඩවිය ප්‍රසිද්ධියට පත්කිරීම.
  7. ව්‍යවසායකයින් / කර්මාන්තකරුවන් ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට විදාතා පුනර්ජීවන වැඩ සටහනේ සියළු ක්‍රියාකාරකම් වල සේවා, ප්‍රතිලාභ සහ තොරතුරු ක්ෂණිකව පහසුවෙන් ලබාගැනීමට පහසුකම් සැලසීම සඳහා “තාක්ෂණ තොරතුරු මධ්‍යස්ථානය - ක්ෂණික ඇමතුම් 1966” ස්ථාපනය කිරීම.
යන කාර්යන් විසින් ජාතික විදාතා පුනර්ජීවන වැඩසටහනේ සමාරම්භක පියවර සනිටුහන් කරනු ලැබීය.