Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 8, 2013

බයිපාස් සැත්කම අතීතයට එක්වෙයිද?

බයිපාස් සැත්කම අතීතයට එක් කරන අළුත්ම සොයා ගැනීමක් ඉදිරිපත් කිරීමට ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. ප්‍රෝටීනයක් එන්නත් කිරීම මඟින් මිනිස් හදවතේ රුධිර වාහිනි ප්‍රතිවර්ධනය කිරීම මෙම නවතම සොයා ගැනීමයි.
හෘද රෝගයකදි රුධිර වාහිනි අවහිර වීම හෝ මියයෑම හේතුවෙන් හදවතට ඔක්සිජන් සැපයීම අඩාල වීම නිසා හෘදයාබාධයකට නැඹුරුවීම සිදුවේ. වෛද්‍ය බ්‍රීටා හාඩි (Taus Shackler School of Medicine ) සහ ඇගේ පර්යේෂක කණ්ඩායම විසින් නිපදවා ඇති ප්‍රෝටීනමය එන්නත මාංශ පේශින්ට සෘජුවම ඇතුලත් කිරීම මඟින් කුඩා රුධිර වාහිනි ප්‍රතිවර්ධනය වීම ආරම්භ වී ඇත. හදවතේ වර්ධනය වන නව රුධිර වාහිනි ලොව වටා සිටින මිලියන ගණන් ජනතාවට ජිවිතය පිළිබඳව නව බලාපොරොත්තු ගෙන එනු ඇත.

"මානවයාගේ ප්‍රෝටීන ප්‍රතිකර්ම වලට පසුබිම් වු ජෛව තාක්ෂණ විද්‍යාව ඉතා සංකීර්ණ වුවද අපේ ඉලක්ක ගත ප්‍රතිඵලය සරල මෙන්ම විසදුමද සංකීර්ණ බවින් තොරයි. මේ දක්වා සත්ව ආකෘති භාවිතයෙන් සිදු කළ පර්යේෂණ වලදී පාද වලට ඖෂධීය එන්නතත් ලබාදීමෙන් කිසිදු අහිතකර ප්‍රතිඵල හෝ ආසාත්මිකතාවයක් ඇතිවී නැති බව" වෛද්‍ය හාඩි පවසයි.

මෙම ප්‍රෝටීන් ද්‍රාවණය (Stent) ස්ටේන්ට් (Mesh Tube) සඳහා ආලේපනයක් ලෙසද යොදා ගත හැකියි. සාමන්‍යයෙන් ස්ටේන්ට් තැන්පත් කිරීම සිදු කරන විට රුධිර කැටි ඇතිවීමේ අවදානම ඉහළ බැවින් ඒ සඳහා රුධිරය ඝනකම අඩුකරන ද්‍රව්‍ය හෙවත් blood thinners භාවිතා කෙරේ. ස්ටේන්ට් (Stent) එකක් පෙප්ටයිඩ් මඟින් ආලේපනය කිරීමෙන්, ස්ටේන්ට් එකේ මතුපිට තුනී පටලයක් නිර්මාණය කිරීම සඳහා අධශ්චර්මීය කඳ සෛල උත්තේජනය වේ. ස්ටේන්ට් එක මත ඇති මෙම අධශ්චර්මීය සෛල හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැලැක්වීමට භාවිතා කරන blood thinners භාවිතා කිරීමට අවශ්‍ය නොවෙන බව වෛද්‍ය හාඩි පවසයි.

ආයෝජන ඉලක්ක සපුරාගත හොත් වසර 2 ක් ඇතුලත මෙම පර්යේෂණයට අදාල දුලක (Toxicity) අධ්‍යයනයන් සහ පළමු පෙළ අත්හදා බැලීම් සම්පුර්ණ කර ගත හැකි බව පර්යේෂකයින් පවසයි. පර්යේෂක කණ්ඩායම පාදවල කොටස් කපා ඉවත්කරන ශෛල්‍යකර්ම (amputations) වැලැක්වීම සඳහා අධ්‍යයනයන් ආරම්භ කළ අතර නව රුධිර වාහිනි වර්ධනය වේගවත් කරන මිනිස් සිරුරේ ඇති ප්‍රෝටීන පිළිබඳ උපකල්පනයන් සිදුකරන ලදී.

වෛද්‍ය හාඩි ඇගේ අධ්‍යයනයන් ආරම්භ කළේ පෙප්ටයිඩ් සියල්ල අධ්‍යයනය කර, විද්‍යාගාරයේදී ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුලික ප්‍රතිඵල තහවුරු කර ගැනීමෙනි. අනතුරුව ඇය වෙන් කරගත් සහ කෘත්‍රිමව සංස්ලේෂණය කරන ලද පෙප්ටයිඩ් කීපයක් ගෙන ඒවා දියවැඩියාව හේතුවෙන් මියයමින් පවතින පාද සහිත මීයන් යොදා ගෙන පරීක්ෂාවට ලක් කරන ලදී.

"ඉතා කෙටි කාලයක් තුළ කේෂනාලිකා සහා ඉතා කුඩා රුධිර වාහිනි නිපද‍වෙන අයුරු අපි දුටුවා. සති තුනකට පසු ඒවා වර්ධනය වී රුධිර සංසරණ පද්ධතිය හා එකතු වුණා." යැයි වෛද්‍ය හාඩි පවසයි. රුධිර සංසරණය සීමා වී පවතින මීයන්ගේ රුධිර වාහිනි සම්පුර්ණයෙන් යථා තත්වයට පත්කර ඔවුන්ගේ පාද රැක ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

හෘද රෝගීන් සඳහා මෙම පර්යේෂණ ප්‍රතිඵල යොදාගෙන අධ්‍යයනයන් සිදුවුයේ ඉන් පසුවයි. මෙම තාක්ෂණය රුධිර වාහිනි දැලක් මෙන් නැවත වර්ධනය වීම සනාථ කරන අතර එමඟින් හෘදය ශක්තිමත් වේ. නුදුරු අනාගතයේ දී පෙප්ටයිඩ එන්නත් භාවිතා කළහොත් නැවත බයිපාස් සැත්කම් සිදු කිරීම අවශ්‍ය නොවන බව වෛද්‍ය හාඩිගේ නිගමනයයි.

මෙම අධ්‍යයනය Biochemical Pharmacology හි ප්‍රකාශනයට පත්කර ඇත.

විශේෂ ස්තූතිය : තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්, ධාරා විජයතිලක මැතිනිය

பைபாஸ் (bypass) அறுவை சிகிச்சை விரைவில் வரலாற்றில் இருந்து மறையலாம்……



பைபாஸ் அறுவை சிகிச்சையை இறுதியாக வரலாற்றில் செயலிழக்கச்செய்யும் ஒரு அற்புதமான கண்டுபிடிப்பு. Tel Aviv பல்கலைக்கழகத்தின் ஆராய்ச்சியாளர்கள் ஒரு ஊசி மூலம் புரதத்தை செலுத்துவதன் வாயிலாக மனித இதயத்தின் குருதிக் குழாய்களை மீண்டும் வளர்ச்சியடைய செய்ய முடியும் என காட்டியுள்ளார்கள்.

இதய நோயினால் குருதிக்குழாய்கள் அடைபட்டு அல்லது முற்றாக செயலிழந்து விடும். ஓட்சிசன் இன்மையே அதிக இதய பாதிப்பிற்கு எளிதில் சான்றாகின்றது. 
TAU's Sackler மருத்துவ பாடசாலையின் டாக்டர் ப்ரிடா ஹார்டி மற்றும் அவரது ஆராய்ச்சி குழுவும் இணைந்து புரதம் சார்ந்த ஊசியை உடலில் நேரடியாக தசைகளினூடு செலுத்துவதன் மூலம் சிறிய குருதிக்குழாய்களின் மீள்வளர்ச்சியை தூண்ட முடியும் என்பதை கண்டறிந்துள்ளனர்.

இதயத்தில் புதிய குருதிக்குழாய்கள் மில்லியன் கணக்கான மக்கள் வாழ்க்கைக்கு ஒரு புதிய அத்தியாயத்தை கொடுக்க முடியும்.

"மனிதன் சார்ந்த புரத சிகிச்சை உயிரியல் தொழில்நுட்பத்‌தின் பின்னணி மிகவும் சிக்கலானது. ஆனால் இதன் இலக்கு எளிதானது மற்றும் இதற்கான தீர்வு நேரடியானது. நாம் எங்கள் மருந்தை ஓட்சிசன் பற்றாக்குறை உள்ள திசுக்களை குணப்படுத்த உத்தேசித்துள்ளோம்.

இதுவரை விலங்கு மாதிரிகளின் கால்களில் நாம் எந்த ஒரு பக்கவிளைவுகளையோ மற்றும் வீக்கங்களையோ அவதானிக்கவில்லை. சில வாரங்களில் புதிய குருதிக்குழாய்களின் வளர்ச்சி 
குருதி சுற்றோட்டத்தில் முன்னேற்றதை காட்டியது" என ஹார்டி தெரிவித்தார்.

புரதம் சார்ந்த தீர்வு குழாய்க்கு ஒரு படலம் சேர்பதாக அமையும். பொதுவாக குழாய் உட்பொருத்தலில் அதிக ஆபத்து மிக்க குருதி உறைதல் இணைந்துள்ளது.
எம்மால் குழாய்க்கு புரத பெப்டைட்(peptide) இனால் புதிய படலம் ஒன்றை உருவாக்க முடியும். முதலீட்டு இலக்குகள் எட்டப்படின்,  மேலும் இருவருடங்களுக்குள்  நச்சுத்தன்மை ஆய்வுகள் மற்றும் பரிசோதனைகளின் பாதை முடிவுறும் என ஆராய்ச்சியாளர்கள் நம்புகின்றனர்.

ஆராய்ச்சியாளர்கள் கால் துண்டிக்கப் படுவதை தடுக்கும் ஆய்வை தொடங்கியுள்ளார்கள். மனித உடலிலுள்ள புரதங்களை  புதிய குருதி குழாய்களின் வளர்ச்சியை தூண்ட பயன்படுத்த முடியும்.

ஹார்டி பெப்டைட்களை பற்றிய ஆய்வில் அவற்றை ஆய்வுக்கூடத்தில் பரிசோதனை செய்து 
பின்னர் தனது ஆரம்ப முடிவை உறுதி செய்துள்ளார். பின்பு அவர் சில வேறாக்கப்பட்ட மற்றும் செயற்கை பெப்டைட்களையும், நீரழிவு உள்ள எலிகளின் செயலிழக்கும் தருவாயில் உள்ள கால்களில் பரிசோதித்துள்ளார். 

ஆயினும் நீரழிவு குருதி சுற்றோட்டத்தை குறைக்கும். ஹார்டி அவரின் சிகிச்சை இக்குறைவை எதிர்மாறாக்கும் என கண்டறிந்துள்ளார். "ஒரு குறுகிய நேரத்திற்குள் நாம் நுண்குழாய்கள் மற்றும் சிறிய குருதிக்குழாய்கள் உருவாவதை பார்த்தோம். 

மூன்று வாரங்களின் பின் அவை  வளர்ச்சியடைந்து ஏனைய குருதிக்குழாய் அமைப்புடன் ஒன்றிணைந்தன" . ஹார்டி கூறுகையில், அவரால் குறைந்த இரத்த ஓட்டம் கொண்ட எலிகளின்   குருதிக் குழாய்களை முற்றாக திரும்பப்பெற முடிந்ததோடு அவற்றின் கால்களை காப்பாற்ற முடிந்தது. 

இது பின்னர் இதய நோயாளிகளுக்கான பொருந்தும் தன்மை குறித்த ஆராய்ச்சிக்கு ஒரு குறுகிய படியாக இருந்தது. "மீள்வளர்ச்சி உண்டா இல்லையா என்பது மிகவும் வெளிப்படையாக தெரிகிறது.

எங்கள் தொழில்நுட்பம் குருதி குழாய்களை ஒரு வலையை போல மீள்வளர்ச்சியடைய செய்வதோடு மேலும் குருதி குழாய்கள் வளரும் ஒரு இதயம் பலமடையும். இது இப்போது கற்பனை செய்ய கூடியது தான், இது எட்ட கூடிய எதிர்காலத்தில் பெப்டைட் ஊசி பைபாஸ் அறுவை சிகிச்சை மாற்றீடாக அமையும்", என ஹார்டி முடித்தார். 

இவ்வாய்வறிக்கை உயிரியல் இரசாயன மருந்தாக்கவியல் இல் வெளியிடப்பட்டது.

நன்றி: தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் செயலாளர் திருமதி. தாரா விஜேதிலக்க

December 7, 2013

මරණයට තිරිංග යෙදීම

මරණය සහ ජිවිතය අතර රේඛාව මෙතෙක් පිළිගෙන ඇති ආකාරයට වඩා වෙනස් බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරති. ප්‍රබෝධ කිරීමේ විද්‍යාවේ (Resuscitation Science) දියුණුවත් සමඟ මරණයෙන් පැය කිහිපයකට පසුවත් මිනිසුන්ගේ පණ පිහිටුවීමට හැකිවී තිබේ. එනම් හෘද වස්තුවේ ස්පන්ධනය නැවති මියගිය බවට සහතික කර පැය කිහිපයකට පසුව.
හෘද වස්තුවේ ස්පන්ධනය නැවති මෙන් පසු හුස්ම ගැනීම ද නැවතුනු පසු  මියගියා යැයි නෛතිකව සියළු අවස්ථා වලදි සලකනු ලැබේ යැයි ආචාර්ය සදම් පර්නියා පවසයි. ස්ටෝනි බ්‍රෑක්හි නිව්යෝක් ජනපද විශ්වවිද්‍යාලයේ දැඩි සත්කාර ඖෂධ අංශයේ සහකාර මහාචාර්ය පර්නියා එවැනි අවස්ථා වලදි  ඔබට කළ හැකි දෙයක් නොමැති බවද ප්‍රකාශ කළේය.

එහෙත් සෛල මට්ටමේදී මරණය සිදුවන  ක්‍රියාවලිය අනුව මරණය එක් පියවරකින් (එක් වරකින් ) සිදු නොවන බව අධ්‍යනය කර තිබේ. මරණය සත්‍ය වශයෙන් පියවරවල් කිහිපයක සිදුවීමකි. එනම් වර්තමානයේදී අර්ථ දක්වා ඇති පරිදි මරණය සිදුවු පසු, සෛල ඒවායේම ක්‍රියාකාරකම් කිහිපයක් මඟින් ශරීරය මියයාමේ ක්‍රියාවලිය ආරම්භවේ.

මෙම ශරීරය මියයාමේ ක්‍රියාවලියට පැය කිහිපයක් වුවද ගත විය හැකිය. එම කාලය තුලදි මියයාමේ ක්‍රියාවලිය ආපසු හැරවීමේ විභවයක් පවතින බව පාර්නියා පවසයි. හෘද වස්තුවෙන් ශරීරයට ලේ සැපයීම  නැවති විනාඩි කිහිපයක් තුළ ඔක්සිජන් සහ පෝෂණය නොලැබී මොළයේ සෛල ආබාධ වීම මඟින් ස්ථිර මරණයට පත්වේ. මෙය කල් ඉකුත් වු ප්‍රකාශයක් බව දැන් සඳහන් වේ.
හෘද වස්තුව නැවතුන විට මරණයට පත්වීමේ ක්‍රියාවලියේ ආරම්භය පමණක් සිදුවන බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ (Neurology) මහාචාර්ය ස්ටෙෆන් මෙයාර් ප්‍රකාශ කරයි. මොළයට ඔක්සිජන් සැපයීම අඩුවී මොළය අබාධයට පත්වීම පියවර කිහිපයකින් සිදුවේ. තත්පර කිහිපයකදි මොළයේ ක්‍රියාකාරකම් වලට බලපායි. එහෙත් සීනි අහිමි වු සෛල ප්‍රතිලේඛනය වී සෛල මියයන පියවරවල් ආරම්භවනුයේ මිනිත්තු කිහිපයකට පසුවය.

කෙනෙකුට ඔක්සිජන් නොලබුණු විට ශරීරයේ ඇතිවන විශාල සංඥා ප්‍රමාණයක් මඟින් සෛල වලට මියයායුතු බව දන්වනු ලැබේ. එම නිසා එම ප්‍රතිලේඛන සුලු වශයෙන් වෙනස් කර මියයාමේ ක්‍රියාවලියට තිරිංග යෙදීමේ හැකි අවස්ථාවක් සැලසෙන බව පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ හදිසි අනතුරු ඖෂධ පිළිබඳ මහාචාර්ය ලාන්ස් බෙකර්ගේ අදහසයි.


මොළය සහ හදවත නිශ්චල වී පැය කිහිපයකට පසු මොළයේ ආබාධයකින් තොරව හෝ සුලු ආබාධයක් පමණක් සහිතව නැවත සුවය ලැබු සත්‍ය අවස්ථාවලදී ඒ සඳහා දැඩි සත්කාර සහ Hypothermia (හයිපොතමියා) බලපෑ බව විශේෂඥයන් සඳහන් කරති.
Hypothermia යනු අස්වාභාවිකව ශරීරයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය සාමාන්‍ය වන 98.6 F  වඩා අංශක කිහිපයකින් අඩු තත්වයකට පත්වීමයි. මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුකර මොළය ආරක්ෂා කිරීමට සහ සක්‍රිය වු සෛල මියයාමේ මාර්ගය ඉවත් කිරීමට Hypothermia ට හැකි බව අධ්‍යයන වලදී හඳුනාගෙන තිබේ.
ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පහල මට්ටමකින් පවත්වා ගැනීමෙන් හෘදවස්තුව නිශ්චල වු රෝගීන් බේරා ගැනීමේ හැකියාව ඇති නමුත් ඒවාට සීමාවන් ඇති බව විශේෂඥයන් තවදුරටත් පවසති.

උපුටාගැනීම:
http://www.youtube.com/watch?v=7AHpqstcDEk

අම්මාවරුන්ගේ බුද්ධිය වැඩිද ?

මව්වරු වීමෙන් කාන්තාවන්ගේ මොළය වැඩි දියුණු වන බව ලෝන්ග්වුඩ් විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වන ඇඩම් ප්‍රාන්සීන් ප්‍රකාශ කර තිබේ. මීයන් ඇසුරෙන් කරන ලද පර්යේෂණයකදී මවක් වීමෙන් තතීන් පාලනය, මතකය සම්බන්ධ ක්‍රියා සම්පූර්ණ කිරීම සහ ගැටළු විසදීම වැනි කාර්යයන් වඩාත් නිවැරිදිව ක්‍රියාත්මක ක හැකි බව නිරීක්‍ෂණය කර තිබේ.
පර්යේෂණ කිහිපයකදීම සියළු ඉගෙනීම් කටයුතු වලදී අම්මාවරු වැඩි දක්‍ෂතා දක්වා ඇති බව ප්‍රාන්සීන් ප්‍රකාශ කරයි. මී මවක් හා මී තරුණියක් යම් කාර්යයක් සඳහා පුරුදු පුහුණු කවිට මී මව වඩා ඉක්මනින් එම කාර්යය අනුව ක්‍රියා කරන බව නිරීක්‍ෂණය කර ඇත. තවද මවගේ ආදරය නිසා වැඩිහිටියන්ගේ ආතතිය අඩු වී ඇති බවද වාර්තා වේ.
මොළය වෙනස් වීම ආරම්භ වනුයේ ගැබිනියක් වූ දිනයේ සිටය. මොළයේ ඇති නියුරෝන විශාල වී ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. එමඟින් කළලය සහ මව අතර සන්නිවේදන ශක්තිය වැඩි කරයි. මොළයේ රැහැන් නැවත සකස් වීම මඟින් ළමයා වඩා හොඳින් ආරක්‍ෂා කිරීමේ සහකම්පනය (empathy) වැඩි වීම සිදුවේ. මෙවැනි පරීක්‍ෂණයකදී අප්‍රසන්න මොළයේ ආබාධ (Traumatic brain injury) වලින් වඩා ඉක්මනින් සුව වීමේ හැකියාව මව්වරුන්ට ඇති බව හඳුනාගෙන තිබේ.


මවක් වීමෙන් මොළයේ සිදු වන මෙම දියුණුවීම තමාද ඇතුළු පියවරුන්ට සහ මවක් නොවූ කාන්තාවන්ට ලබා ගත හැකි ක්‍රමයක් පිළිබඳව පර්යේෂණ පවත්වන බව ප්‍රාන්සීන් තවදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම :- 

December 5, 2013

ද්‍රවයක හැඩය මවන බලවන්තයා

කඳු මුදුනක සිට රූරා හැලෙන දිය ඇල්ලක අසිරිය සිහියට නගා ගන්න.
අපූරුයි නේද?
එහි හැඩ වැඩ මැවුයේ කවුරුන්දැයි, ඔබ සිතුවේද?
ඒ සියලු දේ මැවූ මහා බලවන්තයා ගුරුත්වාකර්ෂණය බව ඔබේ දෑසින්ම දැකීමට මෙන්න ඔබට අවස්ථාවක්.

ගුරුත්වාකර්ෂණ බල සීමාව ඉක්මවා ගොස් අභ්‍යවකාශයේදී ජලය උරා ගන්නා කඩදාසියක් හොදින් ජලයෙන් සංතෘප්ත කොට, එය මිරිකාලන අවස්ථාවේදී, ජලය ඉවතට පැමිණ වැටෙන්නට පොළවක් හෝ ආකර්ෂණ බලයක් නොමැති හෙයින්, ඔබේ අත්ල මතුපිට පෘෂ්ඨය දිගේ ජෙලි ස්වභාවයෙන් දිව යන අයුරු විස්මිත නොවේද?

අප දැක ඇති, මහ පොළව මතට ගලා හැලෙන දිය ඇල්ලක් අභ්‍යවකාශයේදී තැනිය නොහැක්කේ, ගුරුත්වාකර්ෂණ බලය මැති බලවන්තයාගේ බලය , එහිදී ශුන්‍ය වන බැවිනි.


http://search.yahoo.com/search;
space and water video
   

රැවටීමෙන් සතුට ලැබේද?

රැවටීම නිසා කිසිවෙකුට හානි නොවනතාක් “රැවටිලිකරුවෝ ජයග්‍රාහී වේ”. වංකව කටයුතු කිරීමෙන් බොහෝ විට මිනිසුන්ට සතුට දැනේ. සමහර අවස්ථා වලදී එම සතුට අවංකව කටයුතු කිරීමෙන් ලබන සතුටට වඩා වැඩි විය හැකි බව අධ්‍යයනයකින් වාර්තා වී ඇත.


අධ්‍යනයට සහභාගී කර ගත් අය රැවටීම අනුමත නොකළහ. එයින් ඔවුන් අසතුටට පත් වන බව මුලින් ප්‍රකාශ කළද එය එසේ නොවන බව අධ්‍යයනයේදී පැහැදිලි විය. විවිධ පරීක්‍ෂණ ක්‍රම වලදී ඔවුන් ලද අවස්ථාවන් සඳහා මුහුණ දුන් ආකාරයෙන් ඒ බව හඳුනාගත හැකි වී තිබේ. මේ අධ්‍යනයේ සම්පූර්ණ වාර්තාවක් Personality Social Psychology සඟරාවේ නොවැම්බර් කලාපයේ පළ කර ඇත. ඇත්ත වශයෙන්ම මෙම වංක වීමෙන් ප්‍රීතිය හට ගැනීමට මූලික හේතුව වංක වීම නිසා කිසිවෙකුට හානි නොවීම විය හැකිය.
 එහෙත් කිසිවෙකුට හෝ හිංසා කිරීම සඳහා රැවටීමක් කළ විට රැවටිලිකරු තමාගේ ක්‍රියාව ගැන දුකට පත් වෙන බව මෙයට පෙර කරන ලද අධ්‍යනයේදී පැහැදිලි වූ බව අධ්‍යනයේ කතෘ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ නිකොල් ඊ. රූඩි පවසයි.
උදාහරණයක් ලෙස එක් පරීක්‍ෂණයකදී කණ්ඩායම් දෙකක් ඇති කරන ලදි. පළමු කණ්ඩායමට ගණිත හා තාර්කික ගැටළු ලබා දෙන ලද්දේ ගැටළුවට පිළිතුරු දුන් ක්‍ෂණයෙන් ගැටළුව නොපෙනී යන සේය. එමඟින් රැවටීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරණ ලදි. 


දෙවැනි කණ්ඩායමට ගැටළු ලබා දී ගැටළුවට පිළිතුරු දැන ගැනීමට අවශ්‍යනම් බලා ගැනීමට (පිළිතුරු බොත්තම එබීමෙන්) අවස්ථාවද ලබා දෙන ලදි. එහෙත් එසේ නොකරන ලෙස එම කණ්ඩායමට අවවාද කරන ලදි. 68% ක් අවවාද නොසලකා  (රැවටීම) පිළිතුර ලබා ගෙන තිබේ. 
පරීක්‍ෂණයෙන් පසු පළමු කණ්ඩායමට වඩා දෙවැනි කණ්ඩායම සතුටින් සිටිනු අධ්‍යයනයේදී හඳුනාගෙන තිබේ. රැවටීම හෙලිවීමෙන් ගෙවීමට සිදුවන වන්දිය කුඩා වීම රැවටීම් කිරීමෙන් මිනිසුන් සතුටට පත් වීමට තවත් හේතුවක් විය හැකිය. ඒ වාගේම තමන් වෙනුවෙන් තවත් කෙනෙකු රැවටීමක් කිරීම මඟින්ද මිනිසුන් සතුටට පත් වේ.
ආවේග (Emotions) සදාචාරය (morality) සඳහා බලපාන්නේද දැයි හඳුනාගැනීමට මෙම සොයා ගැනීම් වැදගත් වන්නේ යැයි පරීක්‍ෂකයෝ යමක් කිරීමෙන් පසුව ඔබට දැනෙන පහසුව සදාචාරය (moral) බව සහ අපහසුව දුරාචාරය (immoral) බව සදාචාරය පිළිබඳ මගේ දැනීම යන Earnest Hemingway ගේ ප්‍රකාශය ඉදිරිපත් කරමින් පවසති.


උපුටාගැනීම:

සම යට වෛද්‍ය පරීක්ෂණාගාරය

රුධිර සීනි ප්‍රමාණය ,ශරීර උෂ්ණත්වය,රුධිර ධාවනය, හෘද ස්පන්ධන වේගය වැනි වෛද්‍ය පරීක්‍ෂණ තොරතුරු නිරෝගී දිවියක් සඳහා ඉතා වැදගත් වේ. සම තුල තැන්පත් කළ සංවේදකයක් මඟින් මෙම තොරතුරු නිරතුරුව අධ්‍යයනය කර අසාමාන්‍යතා පිළිබඳ වාර්තා ලබාගැනීමට විද්‍යාඥයෝ සමත් වී තිබේ.
මෙම සංවේදකය ශරීර සෞඛ්‍ය පමණක් නොව අපවිත්‍ර වායු වැනි පාරසරික වෙනස්කම්ද හඳුනාගත හැකි ලෙස ප්‍රතිලේඛනය කිරීමට සහ ශරීරයට එන්නත් කළ හැකි සංවේදකයක් ලෙස නිපදවීම පර්යේෂණ කණ්ඩායමේ අවශ්‍යතාවය වෙයි. ශරීරයට එන්නත් කර වසරක් පුරා සම තුල සිටිමින් වෛද්‍ය පරීක්‍ෂණ තොරතුරු ලබාදීමට හැකි අයුරින් මෙම සංවේදකය සැලැසුම් කර තිබේ.
කාබන් නැනෝටියුබ් වලින් සකස් කළ මෙම සංවේදක මීයන් තුල තැන්පත් කර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විස්තර MIT ආයතනයේ රසායනික ඉංජිනේරු පර්යේෂක නිකෝල් ඉවසන් විසින් ප්‍රසිද්ධියට පත් කරන තිබේ.

නැනෝ ටියුබ් මේ සඳහා වඩාත් යෝග්‍යය වනුයේ ඒවා අධෝරක්ත ආලෝකයෙන් දීප්තිමත් වන නිසාය. NO (නයිට්‍රික් ඔක්සයිඩ්) සඳහා සංවේදී DNA තුල කාබන් නැනෝ ටියුබ් ඇතුලත් කර, දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ක්‍රියා කළ හැකි සංවේදක 2 ක් ඉවසන් විසින් සංවර්ධනය කර ඇත. දීර්ඝකාලීන සංවේදකය පිළිකාව, දියවැඩියාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා, කෘතිම සන්ධි සඳහාද කෙටි කාලීන සංවේදකය ශල්‍යකර්ම වලදී දක්වන ප්‍රතික්‍රියා සඳහාද භාවිතා වේ.


එන්නත් කළ හැකි සංවේදක නිපදවීමේදී DNA වලින් ආවරිත නැනෝ ටියුබ් වලට Polymer එන්නත් කර තිබේ.එනිසා එයට රුධිරය සමඟ සම්බන්ධ වී හෘද වස්තුව, පෙනහළු හරහා ආබාධයකින් තොරව ගමන් කිරීමට හැකි වේ.


 //  JESSE EMSPAK

http://www.youtube.com/watch?v=neIAtvKG_BQ   ඇසුරෙනි.

December 4, 2013

අක්ෂර දෝෂ නැතුව ලියන smart pen



අපි මේ පැනෙන් ලියනවිට කුමන හෝ අක්ෂර දෝෂයක් සිදුවුවහොත් පැන කම්පනය වී
(Vibrate)  බව අපිට දන්වනවා. ලියනවිට වෙන චලන හා පැන පොත මතුපිට පවතින කාල සිමාවන් අනුව තමා ඉලෙක්ට්‍රොනික් පෑන අපි ලියන අකුර හඳුනා ගන්නේ. ඉංග්‍රීසි භාෂාවට (English language ) නම් මෙම ගැජ්ට් එක හොඳට වැඩ කරනවා කියලා නිර්මාපකයන් පවසනවා.
ඔවුන් ඉලෙක්ට්‍රොනික් පෑන නිෂ්පාදනය කරලා තියෙන්නෙ පෙර පාසල් යන පොඩි කට්ටිය ඉලක්ක කරගෙන. නමුත් දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්න සහ භාවිතා කරන අයටත් මෙම ඉලෙක්ට්‍රොනික් පෑන(smart පෑන) ගොඩාක් ප්‍රයොජනවත් වෙයි.

චාරු ලේඛනය (calligraphy) සහ අක්ෂර වින්‍යාසය (orthography) යන නම් වලින් වර්ග දෙකක් තියෙනවා. අක්ෂර වින්‍යාසය වර්ගයේ smart පෑන අක්ෂර දෝෂ සඳහා එක් වරක් කම්පනය වෙනවා ව්‍යාකරණ වැරදි වලට දෙවරක් කම්පනය වෙනවා, ඒවුනාට චාරු ලේඛන වර්ගය කම්පනය වෙන්නේ වැරදි සහ අපැහැදිලි අක්ෂර සඳහා පමණයි.

Smart පෑන පරිගණක වලට සම්බන්ධ කරන්නත් පුලූවන්.LERNSTIFT මෘදුකාංගය භාවිතා කරලා නවකයන්ගේ භාෂාව ඉගෙනීමේ මට්ටම දැන ගැනීමට හැකිවෙනවා.ආකර්ශනීය පාට වලින් හා විවිධ ප්‍රමාණයේ තුඩුවලින් smart පෑන නිර්මාණය කර තියෙනවා. දැනට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාවලින් පමණක් සකස්කර තිබුණත් ඉල්ලුම අනුව වෙනත් භාෂාවලටත් සකස් කරන බව පවසනවා


උපුටා ගැනීම   http://www.lernstift.com/index_en.html#.Up7vmia6bIV

December 3, 2013

මතකය අමතක කිරීම

යුධවිරුවන් වාහනයක backfiring ශබ්දයෙන් තිගැස්සීම, සුවය ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් එක්වරම තම පුරුදු මත්ද්‍රව්‍ය වලට ලොල්වීම වැනි සිදුවීම් වලට හේතු වූ පොදු එක් දෙයක් ඇත.එනම් අතීත හොල්මන් සහිත පුද්ගලයන් ඔවුන්ගේ අමිහිරි මතක වල සිරකරුවන් වීමයි. නව සොයා ගැනීමකට අනුව මෙම අමිහිරි මතක නිරුද්ධ කිරීමේ හැකියාවක් පවතී.

MIT ආයතනයේ අධ්‍යයන වලදී Tet 1 ලෙස නම් කළ ජානයක් මතකය අමතක කරවීමේ ක්‍රියාවලියකට පහසුකම් සපයන බව හඳුනාගෙන තිබේ. පරීක්‍ෂණයේදී මීයන් කූඩුවකට දමා විදුලි සැර වලට භාජනය කළේය. මෙම ක්‍රියාව නැවත නැවත සිදුකර කූඩුවේ විදුලි සැර ඇති බව මීයන්ට අවබෝධ කරවන ලදි. පුහුණුවෙන් පසු මීයන් නැවත මෙම කූඩුවට දමන ලද නමුත් මෙවර විදුලි සැර ක්‍රියාත්මක

නොකළේය.එමඟින් කූඩුවේ විදුලි සැර නොමැති බවට නව මතකයක් ඇති කරන ලදි. Tet 1 ජානය ඉවත් කර තිබූ මීයෝ කිසිදු විදුලි සැරයක් නොවැදී වුවද මෙම කූඩුවේ සිටීමට භිය වූහ. එහෙත් Tet 1 සාමාන්‍ය තත්වයෙන් පැවති මීයෝ මෙම කූඩුවට භිය නොවූහ.

MIT ආයතනයේ අධ්‍යක්‍ෂ ලිං හුයි මසායි පවසන්නේ Tet 1 ජානයේ දෝශ සහිත සතුන් තම භියජනක මතකය හීන කිරීමට අසමත් වූ බව මෙමඟින් උගත් බවයි. එලෙසම බියජනක මතකය අමතක කිරීමට නව මතකයක් නිර්මාණය කළ යුතු බවත් නව මතකය, පැරණි මතකය හා තරඟ කර එය ජයගන්නා බවත් ඔහු සඳහන් කරයි.

සියලු ස්ථාපිත නීති හා රෙගුලාසි යටතේ ඉතා සංකීර්ණව මෙම පරීක්‍ෂණ ක්‍රියාත්මක කර තිබේ. Tet 1 ජානය සම්බන්ධ මෙම පරීක්‍ෂණ වල අතුරු ආබාධ ඇතුලු බොහෝකරුණු පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මක වේ.

උපුටාගැනීම

Bad Memories Could Be 'Erased' 

 //  PAUL GREENBERG
http://www.youtube.com/watch?v=YVoyxZc0NrA    

December 2, 2013

පිළිස්සුනු මුහුණ වෙනුවට අළුත් මුහුණක්

හානි වූ පටක ඉවත් කිරීම, නැවත සම බද්ධ කිරීම (Skin grafts) වැනි ක්‍රම මඟින් සම්ප්‍රදායික පිලිස්සුම් ප්‍රතිකාරක ක්‍රම සිදු කරනු ලැබේ. එමඟින් කථන අපහසුතා, විකෘතිතා සහ කැලැල් ඇති වීම වැනි සංකූලතා ඇති වන අතර නැවත නැවත ශල්‍ය කර්ම වලට භාජනය කිරීමටද සිදු වේ.

මේ සඳහා නවීන පර්යේෂණ ක්‍රම උපයෝගී කර ගනිමින් නැමෙන සුළු පොලිමර් තට්ටු යොදා සාදන ලද විද්‍යුත් හා යාන්ත්‍රික සංඝඨක වලින් සමන්විත මුහුණේ හැඩය සහිත ජීව ස්කන්ධ ආවරණයක් දැනට පර්යේෂණ මට්ටමින් නිපදවා ඇත. මෙමඟින් මුහුණේ පිලිස්සුම් තුවාල මතට පොලිමර් තට්ටු ස්වයංක්‍රීව තැබීමෙන් (ඔදයනය) යම් කිසි ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් මුහුණු ආවරණය මඟින් සිදු කරනු ලැබේ. මෙම මුහුණු ආවරණය මාස කීපයක් නොකඩවා පැළඳ තබා ගත යුතුය.

මෙහිදී ක්‍ෂුද්‍ර තරංග (Microwave) සහ ක්‍ෂුද්‍ර තරල චැනල (Micro fluidic channels) ජාලයක් මඟින් පොලිමර් තට්ටු අතර අර්ධ වායු ගෝලීය පීඩනයක් (Sub atmospheric pressure) නිර්මාණය වේ. මෙමඟින් වර්ධක සාධකය (growth Factor) සහ කඳ සෛල (Stem cells) තුවාල වූ පටක මතට පොම්ප කර එම පටක නැවත සෑදීම වේගවත් කරයි. තුවාල සහිත විශේෂිත ස්ථාන වල තත්වය ප්‍රතිග්‍රාහක (Sensors) මඟින් නිරීක්‍ෂණය වේ. මෙම තාක්‍ෂණය මඟින් මුහුණේ පිළිස්සුම් තුවාල සහිත රෝගීන් ඉතා ඉක්මනින් සුවපත් කල හැකි අතර නැවත නැවතත් ශල්‍ය කර්ම කිරීම අවම කර ගත හැක.

උපුටාගැනීම:http://thefactworl.blogspot.com/2013/02/latest-top-10-medical-inventions.html