September 21, 2018

චක්‍ර යාමනය



චක්‍ර යනු ශරීරය තුල හදුනා ගත හැකි ශක්තිය ඇතුල් වන අවකාශ වේ.
චක්‍ර විශ්වයේ අවකාශ  සමග බැදී පවතී.
විශ්වයේ සිට එන ශක්තිය ශරීරය තුල හදුනා ගත හැකි ශක්ති අවකාශ තුලින් ඇතුල් වේ.
ශරීරය තුල මානසික භෞතික කායික ක්‍රියා පාලනය කිරීමට  චක්‍ර වැදගත් වේ.


භාවනාව කර සිත දියුණු කරගත් දර්ශනයන්ට මේ පිලිබදව අවබෝධයක් ඇත.
මේ පිලිබද පලපුරැද්දට අනුව ශක්ති චක්‍ර 07ක් ශරීරය තුල හදුනා ගත හැකිය.
මෙම එක් එක් චක්‍ර මගින් ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් පාලනය කරයි.
මූලධර නම් චක්‍රය ශරීරය කෙලවරේ පිහිටා ඇත.මෙමගින් ශරීරයේ බහිස්‍රාවී පද්ධතිය පාලනය කරයි.
උදර චක්‍රය උදර ප්‍රදේශයේ මැද පිහිටා ඇත.මුත්‍රාශය වකුගඩු  ඩිම්බකෝෂ වල ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වේ.
තුන් වන චක්‍රය මනිපුර චක්‍රය නම් වන අතර එය නාභිය මත පිහිටා ඇත.එය ශරීරයේ ඇහාර ජීර්ණක පද්ධතිය සමග සම්බන්ධ වේ.
හතර වන චක්‍රය හෘද චක්‍රය වන අකර එය පපුවේ මැද පිහිටා ඇත.
මෙම චක්‍රය මගින් ශ්වසන ක්‍රියා හෘත් ක්‍රියා සහ පේශී ක්‍රියා සමග සම්බන්ධ වේ.
පස් වන චක්‍රය බෙල්ල මැද ප්‍රදේශයේ පිහිටා ඇත.එය  තයිරොයිඩ් පැරාතයිරොයිඩ් හෝමෝන පද්ධති සමග සම්බන්ධ වේ.
මේ මගින් කටහඩ ඇසීම වැනි ක්‍රියා පාලනය කරයි.
හය වන චක්‍රය නලලේ මැද පිහිටා ඇත.එය
එමගින් අන්තරාසර්ග ස්නායු පද්ධතිය පාලනය කරයි .පයිනල් ග්‍රන්ථියේ සහ පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය සමත බැදී පවතී.
මිනිසාගේ මතකය බුද්ධිය හා සම්බන්ධ ක්‍රියාකාරිත්ව සමග බැදී පවතී.
හත් වන චක්‍රය හිස මුදුනේ පිහිටා ඇත.මෙමගින් මොළය සම්බන්ධ ක්‍රියාකාකම් පාලනය කරයි.

උපුටා ගැනීම -අන්තර්ජාලය

0 comments:

Post a Comment