September 7, 2018

කසළ එකතුකර කසළබදුන්වලට දමන කපුටන්


ප්‍රංශයේ Le Epesses හි Puy du Fou නම් ඓතිහාසික තේමා උද්‍යානයේ සතුන් පුහුණුකරවන වෘත්තිකයන් විසින් කසළ එකතු කිරීමේ කාර්ය සදහා කපුටන් පුහුණු කර තිබේ. කුරුල්ලන් සදහා ක්‍රීඩාවක් ලෙස මෙම පුහුණු කිරීම සිදු කර ඇති අතර උද්‍යානය පුරා විසිරි ඇති කසළ එකතු කර කසළ බඳුන්වලට දැමීමේ වැදගත් කම කපුටන්ගේ ක්‍රීඩාවෙන් උද්‍යානය නරඹන්නන්ට ප්‍රයෝගික ලෙස ධාරණය කිරීම හා ඉගැන්වීම එහි තවත් එක අරමුණක් බව වාර්තා වේ.

ඇත්තවශයෙන්ම කපුටන් උද්‍යානයේ කසළ ඉවත් කරනන් හෝ පිරිසිදු කරන්නෝ නොවුනත් කපුටන් විසින් ඇහිඳගෙන කසළ බඳුන් වෙත රැගෙන එන සෑම කසළ ගුලියක් සදහාම කපුටාට ආහාරමය තෑග්ගක් / ප්‍රධානයක් ලබාදේ. මේනිසා කපුටන් උද්‍යානය පුරා තිබෙන මිනිසුන් විසින් නොසැලිකිලිමත්ව විසිකර දමා ඇති කසළ ඇහිඳගෙන කසළ රඳවන වෙත ඒවා රැගෙනවිත් එහි සිටින පුහුණුකරුවන්ගෙන් තෑගී ලබාගැනීම පුරුදු පුහුණුවූ සාමාන්‍ය දින චරියාවක් ලෙස Puy du Fou උද්‍යානයේදී දැක ගැනීමට හැකිය. මෙය කුරුල්ලන්ට හා පුහුණුකරුවන්ට විනෝදජනක ක්‍රීඩාවක් මෙන්ම කපුටන් කසළ රැගෙන යන අයුරු උද්‍යානය නරඹන්නන්ට සුලභව දක්නට ලැබෙන බැවින් එමගින් තැන තැන කසළ නොදැමීමට ඔවුනට හා විශේෂයෙන් කුඩා ළමයින්ට ලැබෙන ප්‍රායෝගික අධ්‍යාපනික අත්දැකීමක්ද වි තිබේ.

මෙවැනි පුහුණුවක් ආරම්භ කිරීම සදහා යොමුවීමට හේතුවූ කරුණුද රසවත්ය.  නරඹන්නන් සදහා  Puy du Fou  උද්‍යානය විසින් ක්‍රියාත්මක කරන උකුස්සා, කුරුළුගොයා, ගිජුලිහිණියා, බකමුණා, කපුටා වැනි කුරුල්ලන් රඟන විවිධ ප්‍රදර්ශනාත්මක සජීවී කුරුළු ක්‍රියාකාරකම් අතරට බිම තිබෙන රෝස මලක් ගෙන කුමාරිකාවකට (කුමරියක් ලෙස  වෙස් ගැන්වූ රංගන ශිල්පිනියක්) තිළිණ කිරීම ප්‍රසිද්ධ අංගයක් විය. එහෙත් එක දිනක් කපුටා රෝස මල වෙනුවට කසළ ගුලියක් ඇහිඳගෙන කුමාරියට තෑගී කළේය. ඒඅනුව කසළ එකතු කිරීමට කපුටන් පුහුණු කිරීම ආරම්භ විය.
 
මෙය කපුටන්ට ක්‍රීඩාවක් හා පුහුණුවක් මෙන්ම උද්‍යානය නරඹන්නන්ට රසවත් ප්‍රදර්ශනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් විය හැකි බව මුලින් හඳුනාගත් Viller මහතා ආරම්භයේදී සිගරට් කොට හා එවැනි කුඩා කසළ කැබලි ඇහිඳ කසළ රඳවන වෙත රැගෙන එන කුරුල්ලන්ට තෑගී ලෙස ආහාර ලබා දෙන ලදී. ඉන්පසු කාලයත් සමග එම ක්‍රියාව සියලුදෙනාම ප්‍රතිලාභ ලබන කුරුල්ලන් විශේෂයෙන් කපුටන් සදහා සුන්දර ක්‍රීඩාවක් ලෙස වර්ධනය විය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩෙවි ඇසුරින් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/Dg1_Ai3E4nM?t=71

0 comments:

Post a Comment