Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 30, 2016

LED සංඥා පුවරු නිර්මාණය කිරීම (3)

(ඩී.එම්.වසන්ත රණසිංහ, මුලටියන විදාතා මධ්‍යස්ථානය)

LED Mother board එකක්  Program කිරීම
  •   මුලින්ම ඔබට ලැබුණු CD ආධාරයෙන් අදාළ soft ware  පරිඝණකයට install කරන්න.
  •  ඉන්පසු pen drive පරිඝණකයට සවි කරන්න.
  •   pen drive එක format කරන්න.
  •   soft ware , open කරන්න.
  •   අප භාවිතා කරන මවු පුවරුවට හා පැනලයේ ප්‍රමාණයට ගැලපෙන සේ settings සකසන්න.
  •   Password එකක් ඉල්ලයි නම් 168 ලෙස ලබා දෙන්න.
  •   Program අවශ්‍ය පරිදි නිමකර pen drive  තුළ save කරන්න.
  •   pen drive ගලවා මවු පුවරුවට සවි කර  OK ලෙස දිස්වූ පසු pen drive ගලවා ඉවත් කරන්න.
POWER LED V2.77.2 මෘදුකාංගය භාවිතා කර TF-A5U 2014 මවු පුවරුවක්  Program කිරීම
CD එක පරිඝණකයට ඇතුල් කළ පසු පහත box ලැබෙන අතර ඉන් අවශ්‍ය භාෂාව තෝරා OK කර පසුව ලැබෙන විධාන වලට අනුව soft ware එක install කර ගන්න. අවසානයේ desktopshort cut එකක් ලැබේ. එය Double click  කිරීම මගින් soft ware එක  open කර ගන්න.


  •  Window එකේ ඉහළින්ම Menu bar හා Tool bar ඇත.
  •  Program list තුළ අප විසින් ලබා ගන්නා Programs පෙන්වයි. Tool bar මත ඇති Program මත click කළවිට Program එකක් ලැබෙන අතර ඉන්පසු අවශ්‍ය අංග මත click කිරීමෙන් ඒවා Program තුළට add කළ හැක. Program  එකක් යනු LED පුවරුවේ එක වරකට දර්ශනය වන අංග (Text, Image, animation ආදිය) 1ක් හෝ කිහිපයකි.  එසේම අවශ්‍යතාවය අනුව Programs කිහිපයක් වුවු ද ලබා ගත හැක
  • Preview area තුළ Program එක  LED පුවරුවේ දර්ශනය වන ආකාරය දක්වයි. එහි පහල bar එකේ Play/Stop button එකක් ඇත.
  • Editor area තුළ Program හි ඇති එක්එක් අංග අවශ්‍ය පරිදි සැකසීමට අවස්ථාව ලබා දෙයි. තෝරන අංගයට අනුව මෙම කොටසෙහි ආකෘතිය වෙනස් වේ.
  •  Set area හා Set Special area තුළින් අංගවල පිහිටුම හා චලනය වන ආකාරය සැකසිය හැක.
  • ඉහත රූපයේ දැක්වෙන්නේ Program එකක Text එකක් Edit කළ හැකි ආකාරයයි.

විදාතා යන වචනය සදහා Program එකක් හදමු
  •   Menu බාර් File menu එකෙන් New project තෝරන්න.
  •   එවිට Window වම්පස තීරුවේ Panel 1 ද ඒ යටතේ Program 1 ද දක්වයි.
  •   දැන් Tool bar එකේ Text යන්න click කරන්න.
  •   එවිට පහල දකුණු කෙළවරේ ඇති  Text Area හි  Welcome to use ලෙස නිදසුනක් දක්වයි.
  •   එය Delete කර අවශ්‍ය Font තෝරා විදාතා ලෙස Type කරන්න.
  •   එහි Preview එක preview area හි පෙන්වයි.
  •   පහල ඇති Effect option යටතේ වචනය දැක්විය යුතු ආකාරය පහත ලෙස  සකසන්න.
     Action : වචනය චලනය වන දිශාව / ආකාරය සකසයි.
       Speed : වචනය චලනය වන වේගය සකසයි.
       Hold    : වචනය පැවතිය යුතු කාළය සකසයි.
  •   සැකසුම් සකසා Tool bar එකේ Exp button click කරන්න.
  •   ලැබෙන box තුළ ඔබේ Pen drive ඇති ස්ථානය තෝරා Include panel parameters ඉදිරියේ හරි ලකුණ සටහන් කොට පහල ඇති  Save click කරන්න.
  •   දැන් Pen drive ගලවා Mother board එකට සවි කරන්න.
වැදගත් 
 
  •   එක් Program එකක් තුළට Text, Animation, Clock කිහිපයක් වුව ද ගත හැක. නමුත් ඒවා පැනලය තුළ එක මත එක නොපිහිවන සේ සැකසිය යුතුය. Program එකක් තුළ මේවා ලබා ගත් අනුපිළිවෙළට play වේ.
  •   එසේම එකම පැනලය තුළට Program කිහිපයක් වුව ද ගත හැක. එවිට Program ලබා ගත් අනුපිළිවෙළට play වේ.
  •   Text  සැකසිමේදි තමා සතු පැනලයේ ප්‍රමාණයට අනුව චලනයන්, අකුරුවල ප්‍රමාණයන් සැකසිය යුතුය.  නොඑසේ නම් යම් යම් කොටස් නොපෙනී යා හැක.
  •   තවද soft ware එකේ පවතින සෑම ක්‍රියාකාරකමක්ම control card  එකට ලබා දිය නොහැකි විය හැක. ( වේලාව වැනි නිතර වෙනස් වන දත්ත සහිත වැඩසටහන් ක්‍රියාත්මක වීමට නම්  control card එකේ බැටරියක් තිබිය යුතුය.)

LED සංඥා පුවරු නිර්මාණය කිරීම (1), (2) හා සම්බන්ධිතයි.

 සැකසුම: ඩී.එම්.වසන්ත රණසිංහ, මුලටියන විදාතා මධ්‍යස්ථානය

ජලය ඔබේ හොඳම මිතුරායි

මිනිස් සිරුරේ බරින් 70% පමණ ජලය ඇත. ජලය කොපමණ අපගේ පැවැත්මට වැදගත්ද කියතොත් ජලය නොමැතිව දින කිහිපයකට වඩා ජීවත්වීමටද නොහැකි තත්වයක් පවතී. ජලයේ වැදගත්කම කීප ආකාරයකින්ම දැකිය හැක. පානය කිරීම, එදිනෙදා පිරිසිදු කිරීම් වැනි වෙනත් කටයුතු සදහාද ජලය වැදගත් වේ. මෙහිදී විශේෂයෙන් අපගේ සිරුර සජීවීව පවත්වාගෙන යාම සදහා ජලය කොපමණ වැදගත්ද යන්න වැඩිපුර කථා කිරීමට කැමැත්තෙමි.


විශේෂයෙන්ම අපගේ ජීවය පවත්වාගෙන යාම සදහා ජලයේ ඇති විද්‍යාත්මක වැදගත්කම් කීපයක් ගෙනහැර දක්වමි.

* ජලය ශරීරයේ උෂ්ණත්වය පාලනය සදහා ඉතා වැදගත් වේ.
   විශේෂයෙන් උෂ්ණත්වය වැඩිවූ විට දාඩිය ලෙස ජලය වාෂ්පවීම මගින් උෂ්ණත්වය පාලනය කරයි.
   ජලයේ විශිෂ්ඨ තාපධාරිතාව ඉතා ඉහල අගයක් ගන්නා නිසා ශරීරය වියලීමෙන් වැලකේ.
* සිරුර තුල සියලු  රසායනික ප්‍රතික්‍රියා (පරිවෘතිය ක්‍රියා) සදහා අවශ්‍ය මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි.ජලයේ ද්‍රාවක ගුණය ඉහලවීම මෙහිදී වැදගත්වේ.
* අවයව ,කාටිලේජ අතර මෙන්ම බොහෝ ක්‍රියාවන්වල ස්නේහකයක් ලෙස (Lubricant) ක්‍රියා කරයි.
* අපද්‍රව්‍ය සහ විෂද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ මාධ්‍යයක් ලෙස ප්‍රධානවේ.(මූත්‍ර, දාඩිය, මල සදහා    ස්නේහකයක් ලෙස )
* ඇස, මොළය, සුසුම්නාව වැනි විවිධ අවයවවල කම්පන උරාගැනීමේ මාධ්‍යයක් ලෙස වැදගත්වේ.
* සිරුරේ ප්‍රධාන පරිවහන මාධ්‍යය වන රුධිරයේ 90% ක්ම ජලය වේ. ජලයේ ද්‍රාවක ගුණය ඉහලවීම මෙහිදීද වැදගත්වේ.
* රුධිරයේ මූත්‍ර පෙරීම සදහා ප්‍රධාන මාධ්‍ය ජලයයි. ජලය නිසි ප්‍රමාණයට නොලැබීම නිසා වකුගඩුවල මෙම ක්‍රියාවට හානි සිදුවීමෙන්  වකුගඩු රෝග ඇති වේ.
* විශේෂයෙන්ම ශාකවල ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රාධාන සංඝටකය ජලය නිසා සියලු ජීවීන්ට ආහාර නිෂ්පාදනය ජලය මගින් සිදුවේ.
* හෝමෝනවල ක්‍රියාකාරිත්වය සදහා ජලය ඉතාම වැදගත්වේ.



             දවස පුරා ප්‍රමාණවත් ලෙස පිරිසිදු ජලය  පානය කිරීම ඉතාම වැදගත් වේ. එමෙන්ම ජලය අඞංගු කැද වැනි පාන වර්ග, මෙන්ම ජලය අඞංගු ආහාර ගැනීමද ඉතා වැදගත්වේ.
                                 

            එමෙන්ම නිසි පරිදි ජලය පානය කිරීම මගින් දියවැඩියාව, වකුගඩු රෝග, අක්මා රෝග, කොලෙස්ටරෝල්, හෘද රෝග ,ගැස්ට්‍රයිටිස් ,උපත් ආබාධ ,මලබද්ධය, ප්‍රතිශක්තිය හීනවීම වැනි බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකින් වැලකිය හැක.



ඩබ්. ඒ .ආර් සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

නිකවැරටිය

කරපිංචා වල ඖෂධීය වටිනාකම....

ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. කරපිංචා එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.
කරපිංචාවල  අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධීරයේ  LDL කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා ‍මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.
තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහ C) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.
කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.
තවද සර්ප විෂට කොළ මිශ්රණය අඹරා යුෂ පානය කිරිමට ෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.
අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.              
සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.
කරපිංචා ඉතා හොද ප්රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් , රසයක් , ප්රනීත බවක් ඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.
කරපිංචාවල අඩංගු ප්රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.
කරපිංචා භාවිතය නිරෝගී දිවියක් සදහා උපකාරී වන බව කිවහැක.

රෝද නැති කෝච්චියක ගමනක් යමුද ?

රෝද නැති කෝච්චියක් ළගදීම ජපානයේ ගමන් අරඹන්නට නියමිතයි. ගැටළුව වන්නේ රෝද නැතිව පීලි උඩ කෝච්චිය යන්නේ කෙසේද යන්නේ කියන කාරණයයි. නමුත් මෙය නවීනතම තාක්ෂණය යොදා ගෙන නිපදවූ දුමිරියකි.

ඝර්ෂණය හා වද්්‍යුත් චුම්භක ක්ෂේත්‍ර උපයෝගි කොටගෙන ධාවන කටයුතු සිදුවේ. ඒ නිසා මෙය ලෝකයේ ඇති සුවපහසුම දුම්රියක් බවට පත්වනු නොඅනුමානය. සුව පහසු බව කෙතෙක් දැයි කිවහොත් ඉතාම මෘදු සහ නැළවෙන නැත්නම පාවෙන ස්වාභාවයක් එහි ඇතුලත තිබේ. මේ නිසා මගීන්ට පාවි පාවි ගමනාන්තය දක්වා ගමන් කරන්නට කිසිදු බාධාවක් නොඑයි. මෙම දුම්රිය අතිශයින්ම වේගවත්ය. එය පැයට  සැතපුම් 310 ක් ගමන් කරනු ඇත.

ඉදිරිපස ඇති එන්ජිම අඩි 92 ක් පමණ දිගැතිය. එයින් අඩි 49 ක කොටසක් මගීන් සදහා වෙන්කර ඇත. දුම්රිය මැදිරි 16 ක් මෙහි ඇත.. එක් මැදිරියක මගීන් 68 දෙනෙකුට අසුන් ගත හැක. මුළු දුම්රියේම මගීන් 1000 කට වැඩි පිරිසකට ගමන් කළ හැක. මේ දුම්රිය ජපනයේ කාර්්‍යය බහුලම නගර වන  ටෝකියෝ හා නගෝයා අතර ධාවනය වීමට නියමිතය. දැනට මෙම නගර  දෙක අතර ධාවනය වන්නේ ෂින්කන්සෙන් බුලට් දුම්රියයි. මේ නගර දෙක අතර ගමනට එය මිනිත්තු 90 කාලයක් ගත කරයි. නමුත් අළුත් තාක්ෂණය අනුව නිපදවෙන දුම්රියකට ඒ සදහා ගතවන්නේ මිනිත්තු 40 ක කාලයකි.

මේ අළුත් දුම්රිය මගින් පරිසරයට සිදුවන්නේ අවම  හානියකි. දැනට ටෝකියෝ සිට නගෝයා අතර ගමන් කරන ගුවන් යානයක් නිසා සිදුවන පරිසර දුෂණයට වඩා අඩු පරිසර දුෂණයක් එයින් සිදුවේ.

ජපානයේ ඉඩම්, යටිතල පහසුකම්,  ප්‍රවාහන හා සංචාරක කටයුතු පිළිබද අමාත්‍යංශය නව දුම්රිය හදුන්වාදිමේ වැඩපිළිවෙලට මුලිකත්වය ලබාදී ඇත. මෙමගින් දෛනික කටයුතු පහසු කරන අතරම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමද අපේක්ෂිතය. දුමිරිය  පුජි ගිනිකන්දේ වයඹ දෙසින් ඇදී යන්නේ එහි සුන්දරත්වය දෙස් විදෙස් සංචාරක ඇසට නතු කරමිනි.


නව දුමිරියේ ධාවන කටයුතු 2027 වසරේ ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙල ඔසාකා දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. එහි වැඩ කටයුතු 2045 වස්රේදි අරඹනු ඇත.


මේල් ඔන්ලයින් වෙතින් උපුටා ගන්නා ලදී.

මැමත් සත්වයින් ක්ලෝනීකරණය කිරීමට නව විද්‍යාගාරයක් පිහිටුවයි.

         වසර දහස් ගණනකට පෙර වදවී ගිය මැමත් සත්වයකුගේ පැරණි පොසිලයක් සොයා ගැනීමට සයිබීරියා විද්‍යාඥයින්ට මීට වසර කිහිපයකට ඉහතදී හැකිවුනා. ඔවුන් දැන් එම පොසිලයේ ඇති ඩීඑන්ඒ භාවිතා කරමින් ජීවමාන මැමත් සත්වයෙක් ක්ලෝනීකරණය කිරීමට වෙහෙසෙනවා. ලොව සීතලම නගරයේ පිහිටා ඇති එම අලුත් විද්‍යාගාරය තුල පර්යේෂණ පවත්වන විද්‍යාඥයින්ගේ ඒකායන අරමුණ වන්නේ ආරක්ෂා වී පවතින මැමත් සත්වයාගේ පොසිල වලින් සජීවී සෛලයක් වෙන්කරගෙන ජීවමාන මැමත් සත්වයෙක් නිර්මාණය කිරීමයි.


                     මැමත් යනු මීට අවුරුදු 10000 කට පමණ ඉහතදී වදවී ගිය බවට විශ්වාස කරන, නූතන අලියාට නෑකම් කියන සත්වයෙකි
චීනයේ  බීජින් වල ජාන විද්‍යස්ථානය සහ දකුණු කොරියාවේ සෝම් සමාගම සුනඛයින් ක්ලෝනීකරණය කිරීමේ අංශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. වාර්තා වන පරිදි, මෙම පර්යේෂණය සදහාද ඔවුන්ගේ සහයෝගය ලැබීමට නියමිතයි.


                    අවුරුදු දහස් ගණනක් පුරාවට ආරක්ෂා වී පැවති පොසිලයකින් ලබාගත් කුඩා ජීව්‍ය ඩීඑන්ඒ එකකින් කිසිදා සිදු නොකරනු ලැබූ මෙවැනි ක්ලෝනීකරණයක් සිදු කිරීම නම් සැබැවින්ම අභියෝගයක් වනවාට කිසිදු සැකයක් නැහැ.

නමුත් ඉදිරි අවුරුදු කිහිපය ඇතුලතදී  වඩාත් හොදින් ආරක්ෂා වී පවතින නිදර්ශකයක්  සොයා ගැනීමට හැකි වුනොත් මෙම ක්ලෝනීකරණය ඒකාන්තයෙන්ම සිදුකල හැකියි යන  සර්ව සුබවාදී සිතුවිල්ලකින් ඔවුන් පසුවෙනවා.


අන්තර්ජාලය ඇසුරිනි.