Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 16, 2015

නිකෝ ‘ක්ෂුද්‍ර ලෝකය’ තරඟාවලිය

මේ ලෝකයේ ඇදහිය නොහැකි විශාල දේවල් බොහෝ තිබේ.විශාල සාගර,ආගාධ පමණක් නොව ඩයිනෝසරයන්ගේ ශේෂ වූ විශාල පොසිල ඒ අතර වේ.එහෙත් අප ලොව සමන්විත වූ බොහෝ දේවල් නිර්මාණයට දායක වී ඇත්තේ ක්ෂුද්‍ර වස්තුන්ය.මෙම ක්ෂුද්‍ර ලෝකය බොහෝ විට අපෙන් වසන් වී ම හැරී යාමට ප්‍රධාන හේතුව ලෙස එය අපේ සාමාන්‍ය දෑසට නොපෙනීම යැයි සැලකිය හැක.ඒ නිසා ක්ෂුද්‍ර ලෝකය තරාවලිය මෙම   හැරුණු ලෝකය අපට විවෘත කිරීමට උත්සහ දරා තිබේ.සෑම වසරකම විනිසුරු මඩුල්ලක් විසින් වඩාත් ආකර්ශණීය ක්ෂුද්‍ර ලෝක දසුන් තෝරනු ලැබේ.විද්‍යාඥයින් බොහෝ විට මෙවැනි ක්ෂුද්‍ර දසුන් ලබා ගැනීමේ ප්‍රමුඛතාවයක් ගනී.ඊට හේතුව ඔවුන්ගේ දෛනික කටයුතුද බොහෝ විට ක්ෂුද්‍ර ලෝකය සම වීමයි.මෙවර  නිකෝ තරාවලියට ක්ෂුද්‍ර ලෝකයේ ඡායාරූප 2000 ක් පමණ රටවල් 83 කින් ඉදිරිපත් කර තිබේ.එහිදී ජයග්‍රහණය කරන ලද මුල් ඡායාරූප  ක්ෂුද්‍ර ලෝකය කොතරම් කුඩාද සියුම්ද යන්න  වටහා ගැනීමට දායක වේ.

පලමු ස්ථානය - මී මැසි අක්ෂිය
 
මෙම ඡායාරූපය ඉදිරිපත් කල ජයග්‍රාහකයා රැල්ප් ක්ලෝස් ග්‍රිම් ඕස්ට්‍රේලියා උසස් පාසල් විද්‍යා ගුරුවරයෙක්‌ සහ මී මැසි පාලනයේ යෙදෙන්නෙක් වේ.විසිරුණු පරාග සමඟ වූ මී මැස්සෙකුගේ ඇසක දසුන ඔහුගේ ඡායාරූපයෙන් නිරුපණය වේ.ලොව පුරා අර්බුදයකට ලක්ව ඇති මී මැස්සන් බේරා ගැනීම සම්බන්ධව සැලකීමේදීද මෙය නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්‌ ලෙස පිළිගැනේ. 

දෙවන ස්ථානය - මීයාගේ මහාන්ත්‍රකය
 
කර්ස්ටන් අර්ල්,ගේබ්‍රියල් බිලින්ග්ස්,කේ.සී.යුවාන් සහ  ජේ.සොහන්බර්ග් විසින් ඉදිරිපත් කල මෙම ‍‍‍‍‍‍‍‍‍‍‍‍ඡායාරූපය මඟින් මානව දියර ක්ෂුද්‍ර ජීවීන් හා ජනාවාස වූ මීයාගේ මහාන්ත්‍රකය දැක්වේ.අප ශරීරය තුල ‍ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් අපේ ශරීර සෞඛ්‍ය ආරක්ෂාව සඳහා විශාල මෙහෙවරක් කරන බව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත.ඒ නිසා ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව විද්‍යාඥයින් තුල ඇති උනන්දුව හා අවධානය මෙමගින් විදහා දැක්වේ.

ජයග්‍රාහි ඡායාරූප අතර පරීක්ෂණාගාරයෙදී වගා (ජෛයව) කළ මතක ග්‍රන්තියක ඡායාරූපයක්ද ඇත. එය ආවරණ ඡායාරූපය ලෙස මුලින් ඉදිරීපත් කරන ලදි.

ක්ෂුද්‍ර ලෝකයේ  ජයග්‍රහණ ඡායාරූප පිළිබඳ වැඩි විස්තර සහ උපුටා ගැනීම සදහා

http://www.popsci.com/see-top-10-incredible-images-in-nikons-small-world-competition

October 15, 2015

ශරීරයට යෝග්‍ය දුඹුරුවන් ආහාර වර්ග 07 ක්

චොකලට් හැර සාමාන්‍යයෙන් දුඹුරු වර්ණය ආහාර සඳහා ඉතා ප්‍රිය වර්ණයක් නොවේ. එහෙත් ඔබ දන්නවාද බොහෝ දුඹුරු වර්ණ ආහාර ඔබගේ හදවත සඳහා ඉතා යෝග්‍ය වන  අතර දියවැඩියාව වැළැක්වීමටද උපකාර කරන බව . එවැනි දුඹුරු වර්ණ ආහාර වර්ග 07ක් හා ඒවායෙන් ඔබට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

  Yam (බතල)
බතල වල ඇති විටමින් බී 6 ඉහල ප්‍රතිශතය නිසා හදවතෙහි ආරක්ෂාවට හා හෘද රෝග වැළැක්වීමට ඉතා යෝග්‍ය වේ. මහබඩවැල් වල විෂ සෝදාහැර මහ බඩවැල් පිළිකා අවධානම අවම කිරීමට බතල ක්‍රියා කරයි.


       Walnut   
මෙම දුඹුරු වර්ණ ඇට වර්ගය ඔබගේ සම හා කෙස්වල නීරෝගීභාවයට  බොහෝ ලෙස උපකාරී වේ. නිතර පරිභෝජනය මගින්  දියවැඩියාව 2 රෝගය සහ හෘද රෝග වැළැක්වීම සිදුවේ. පුරුෂ ශක්තිය වර්ධනයටද බලපායී.

           Almond  (රට කොට්ටම්බා)
සෑම දිනක උදෑසන රට කොට්ටම්බා අනුභව කිරීමෙන් මතක ශක්තිය දියුණු වන බවට වූ මතය ඉතා නිවැරදිය. ඊට අමතරව ඒවා ශරීරයේ ක්ලොරෝස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට ,දියවැඩියාව පාලනයට සහ පිත්තාශ්ම වැළැක්වීමට උපකාරී වේ.


   Black Chana  (කඩල වර්ග )
මෙම දුඹුරු පැහැති රණිල බෝගය වූ කඩල පෝෂ්‍ය පදාර්ථ වලින් අනූනය. ඒවා ප්‍රතිශක්තිකරණය වර්ධනයට මෙන්ම ඔබගේ ශරීර ශක්තිය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට උපකාරී වේ. කොතරම් පෝෂ්‍යදායකද යත් අශ්වයන්ගේ ආහාර සඳහා යොදාගනී. තවද සිරුරේ බර අඩු කිරිමට සහ ආහාර තෘප්තිය ලබා දීමට කඩල සමත් වේ.

         Potato (අර්තාපල්)
විටමින් බී 6 න් පොහොසත් අර්තාපල් නව සෛල ගොඩනැගීමට උපකාරී වේ. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සිරුරේ බර අඩු කිරීමට සහ ඉක්මනින් වියපත් වීම වැළැක්වීමට කටයුතු කරයි.

     Brown Rice (රතු සහල්)
සිරුරේ බර අඩු කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් සුදු සහල් වලට ආදර්ශයක් ලෙස භාවිතා කෙරේ. දියවැඩියාව වැළැක්වීම සහ ක්ලොස්ටරෝල් පාලනය සඳහා රතු සහල් වල ඇති අඩු glycaemia දර්ශකය හේතු වේ. මැග්නීසියම් වලින් පොහොසත් නිසා ශරීරයේ අස්ථිවල නීරෝගීතාවය ඇති කරයි.
  
         Dates රටඉඳි
ශරීරයේ සීනි මට්ටම වැඩි නොකර සීනි අවශ්‍යතාවය සම්පූර්ණ කරයි. රට ඉඳි වල ඇති ඉහල යකඩ ප්‍රතිශතය නිසා නීරක්තිය වලක්වන හෘද රෝග අවධානමද අඩු කරයි.


උපුටාගැනීම :

http://www.thehealthsite.com/photo-gallery/fitness/brown-coloured-foods-to-eat-for-healthy-heart-strong-immunity-and-low-cholesterol-bs915/dates--327824

October 12, 2015

ලොව වැඩිම ආයු කාලයක් හිමි සතුන්

වර්ථමානයේ සතුන්ගේ ආයු කාලය අඩුවීම හා වදවී යාම පිළිබදව විද්‍යාඥයින් කරුණු අනාවරණය කරමින් සිටිති. ඒ අතර දැනට ලොව වැඩිම ආයු කාලයක් භුක්තිවිදින සතුන් කවුරුන්දද යන්න සොයාබැලීම වටියි.

1 Arctica Islandica -මෙම සත්ව විශේෂයට වසර 405ත් 410ත් අතර කාලයක් ජීවත් වීමට වාසනාව තිබෙනවා. මේ වන විට වාර්තාවී ඇති වැඩිම ආයු කාලය අවුරුදු 507කි.




2 Bowhead Whales-මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජීවත් වන බව පැවසෙනවා. මෑතකදී සිදු කල  පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී 1890 කාලයට අයත් බිලි කොකු වල කැබලි හම්බුවෙලා තියනවා. එමෙන්ම ඇමයිනෝ අම්ල පරික්ෂාවට ලක්කිරිමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර 177 සිට 245ක් තරම් වන බව පැවසේ.




    3 Eels (ආඳා)-මෙම සතාට අවුරුදු 150ක් ජීවත් වන බව පැවසේ.




4 Tuataras ( ටු(අ)ට්‍රා )-
මෙම උරඟ විශේෂය නවසීලන්තයටම අවේනික විශේෂයකි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජීවත් වන බවට සැලකෙයි.




5 Galápagos giant tortoise
 ගැලපගොස් දුපත් වල ජීවත් වන මෙම යෝධ ඉබ්බන් අවුරුදු 190ක ආයු කාලයක් තිබේ.


6 Greenland Sharks-
උතුරු අත්ලාන්ටික් සාගරය තම නිජභූමිය කරගෙන අවුරුදු 200ක් පමණ ජීවත් වන බව වාර්තා වේ.





7 Koi (කොයි)-මෙම කොයි නම් මසුන් වර්ගය අවුරුදු 200ක් පමණ ජීවත් වන බවට වාර්තා වේ. මෙම මාළු විශේෂය ජපානයේ ගෘහාශ්‍රිතව පොකුණු වල අලංකාරය සඳහා ඇති කෙරේ.




8 Macaws (මැකෝ)-මැකෝ පාට පාට ලස්සන ගිරව් විශේෂයක්. දිග පිහාටු නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයට ද ඇතිකෙරේ. මොවුන් අවුරුදු 80ත් 100ත් අතර කාලයක් ජීවත් වන බව පැවසේ.




9 Asian elephants (ආසියානු අලියා)-ලංකාවේ ජීවත් වෙන්නෙත් මෙම අලි විශේෂයම තමයි. අවුරුදු 86ක පමණ උපරිම ආයු කාලයක් ජීවත් වෙන්න වාසනාව තියනවලු.



10 Horses (අශ්වයා)-වර්ගය , පරිසර පද්ධතිය හා කළමනාකරණය යන කරුණු මත වර්තමානයේ ගෘහාශ්‍රිතව ජීවත් වන අශ්වයින් අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. කලාතුරකින් අවුරුදු 40ක් හෝ ඊට වඩා කාලයක් ජීවත් වූ සිද්ධිද වාර්තා වෙයි. 19 වන සියවසේ ජීවත් වුනු “Old Billy ” නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ බවට තොරතුරු වාර්තා වේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
තිඹිරිගස්යාය
Bux ලන්තය වෙබ් අඩවියෙන් 

පොල් වතුරේ සැඟවුනු රහස්

මේ ලොව ඉපදීමෙන් පසු ආහාර ගන්නා අවධියේ පටන් අපගේ ජීවිත අවසාන වන තෙක්ම අපගේ ජීවිතය හා බැඳි ඇති ආහාරයක් ලෙස පොල් සඳහන් කළ හැක. පොල් ගෙඩියක් දිනකට ආහාරය සඳහා නොගන්නා නිවසක් නොමැති තරම් ය.එම නිසාම සෑම නිවසකම දිනපතා  පොල් වතුර අපතේ යයි.අපතේ දමන පොල් වතුරේ ගුණ පිළිබඳ වැටහීමක් තිබෙන කිසිවෙක් ඉදිරියට එලෙස නොකරනු ඇත.

පොල් වතුර පොටැසියම්, සෝඩියම්, ක්ලෝයිරටි, මැග්නීසියම් අයන වලින් සමන්විතය.ආහාර තන්තු වලින් පොහොසත් පොල් වතුර වල මැග්නීසියම් , අයඩින් ,සල්ෆර් ,සින්ක්, සෙලේනියම්, කැල්සියම්, පොස්පරස් , යකඩ හා විටමින් බී හා  විටමින් ඊ වලින් පොහොසත් ය.

එසේම අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලය, කාබනික අම්ලය ප්‍රති ඔක්සිකාරක හා හිතකර මේදයන් ගෙන් සමන්විත ය. පොල් වතුර පිළිබඳ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වාදී ඇත්තේ ගුණදායක බව ය.පොල් වතුරේ අහිතකර කොලොස්ටරෝල් නොමැති අතර පොල් වතුර පානය කිරීමෙන් හිතකර කොලොස්ටරෝල් මට්ටම  යහපත් වන පරිදි පවත්වා ගත හැකි  ය.

මුත්‍රා උත්තේජන ශක්තියෙන් යුක්ත පොල් වතුර පානයෙන් මුත්‍රා හොඳින් පහවීම නිසා මුත්‍රා මාර්ගයේ ඇති වෙන ආසාදනතාවයන් වළක්වා ගත හැක. එසේම සින්ක් හා සෙලේනියම් මද සරු බව වෙනුවෙන් ගුණ දායක බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. එසේම පොල් වතුර ආහාර සිරවීම පහසු කරන අතර ජීර්ණ ආබාධ , මළ බද්ධයට ගුණ දායකය.

කුඩා දරුවන්ගේ පණු රෝග වලට මෙන්ම ඇසේ සුද , ග්ලුකෝමා තාවයන්ටද ගුණදායකය.වකුගඩු වල රැදෙන විෂ පදාර්ථ අඩු කර වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීමටද පොල් වතුර උපකාරී වේ.එහි අඩංගු වන මොනොලෝරීන් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ව්‍යාධි ජනක බැක්ටිරීයා හා වෛරස් මඟින් බෝ වන ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කෙරෙන බව සොයා ගෙන ඇත.
එසේම තවත් වැදගත් කරුණක් වන්නේ  පොල් වතුරේ අඩංගු සයිකයිනිස් මඟින් දිර්ඝායුෂ විදීම සහ වයසට යෑමේදී මතු වන සංකූලතා අවම වීමටත් යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනබවත් ය. එසේම මෙම සයිකයිනිස් මඟින් පිළිකා ඇතිවීමේ  අවදානමද අඩු කිරීමට හේතු වන බව හඳුනා ගෙන ඇත.

ඉහතින් සඳහන් කළ ගුණ වලට අමතරව පහත සඳහන් ගුණයන්ද පොල් වතුරේ අඩංගු වේ.
  •          දියවැඩියා රෝගය පාලනය කිරීමම වැදගත් වේ.
  •         ලොව තිබෙන විශිෂ්ටතම ශක්ති ජනක පානය වේ.
  •         මවු කිරි වල තිබෙන ලෝරික් අම්ලය ළඳරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර ගුණදායක       ය.
  •         සින්ක් හා සෙලේනියම් වැනි ඛනිජ ලවණ වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් , මඳ       සරු භාවයටත් පොල් වතුර ගුණදායක ය.
  •         සම රැලි වැටීම පාලනය කරන අතර , තුවාල සුව වීමට ද දායක වේ.
  •        පොල් වතුරේ තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසා අප ලබා ගන්නා ඖෂධ වර්ග        ලෙහෙසියෙන් සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත.

·        වමනය යෑම නතර කිරීමේ ගුණයන් සහ ආමාශයේ දැවිල්ල , ග්‍රැස්ටයිටිස් රෝගය ,ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ , බඩ පුරවා දැමීම , අජීරණය , මළ බද්ධය සුව කිරීමේ ගුණයන් ද පොල් වතුරේ පවතී.

උපුටා ගැනීම :-  www.webMD.com
 සැකසුම       :බී.ආර්.ටී.එම්. බස්නායක
                         විද්‍යා හා තාක්ෂණ නිළධාරි
            රඹුක්කන

October 7, 2015

අඩි 800 ක් උස මුහුදු රැළි ඇති කළ සුනාමියක්

වසර 73,000 කට පමණ පෙර අප්‍රිකාවේ බටහිර වෙරළ ඔබ්බෙන් පිහිටි කේප් වර්ඩ් දුපත් වල පිහිටි පුපුරා ගිය ගිනි කන්දකින්  බිදිණු විශාල පර්වත කොටසක් මැතකදී ඒ මතටම කඩා වැටී පසුව මුහුදට ගසා ගෙන ගොස් ඇත.මෙවැනි සුනබුන් සහිත විශාල ගිනි කඳු කැබැල්ලක් නිර්මාණය වූයේ  මහා ගිනිකදු  පිපිරීමක් නිසා ඇති වු අති විශාල සුනාමියෙන්  බව මේ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

මෙම මෙගා සුනාමි රළ අඩි 800 කට වඩා උස් වු අතර එමඟින් සැතලුම් 30ක පමණ අවට පිහිටි දුපත් සම්පුර්ණයෙන් ගිල්වා දමා තිබේ.තම දුපත තුල පිහිටි ගිනි කඳු වලින් සිදුවන උපද්‍රව පිළිබඳව අවධානයෙන් පසුවන දුපත් වාසීන්ට මෙගා සුනාමියක් ඇතිකළ හැකි විශාල ගිනි කදු පුපුරායාමක් , ඉතා කලාතුරකින් හෝ සිදු වීම පිළිබඳ තොරතුරු මෙම පරියේෂකයෝ  Science Advances පුවත්පතේ පළකර තිබේ.

සන්තියාගෝ දුපතේ තැනින් තැන විසිර ඇති විශාල පර්වත නිරීක්ෂණ කිරීමෙන් පසු මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතෘ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පිහිටි ඩොහාර්ටි පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුබද්ධ විද්‍යාඥ රිකාඩෝ රැමල්හෝ මෙම අධ්‍යයනට යොමු වී තිබේ. මෙම පර්වත විශාල වන අතර ඒවා දුපත් වෙරළ තිරය අවට හෝ පොලව යට ඇති ජලය මඟින් නිර්මාණය වු හුණුගල් හා සබ්මැරීන ගල් තීරු සහිත ලොකු කුට්ටි වේ. සමහර පර්වත ගල්, මුහුදු මට්ටටමෙන් අඩි 650 ක් පමණ ඉහළ ප්‍රදේශ වල තැන්පත් වී ඇති අතර තවත් සමහරක්‌  භූමියේ සිට අඩි 2000 ක් ඇතට ගසාගෙන ගොස් තැන්පත් වී ඇත.

මේ අනුව කල යථාර්තවාදී නිරීක්ෂණ,වෙහෙසකර ක්ෂේත්‍ර කටයුතු සහ ඩොහාර්ටි පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉතාම නවීන තාක්ෂණික ක්‍රම හා මේවලම් මඟින් ලත් ප්‍රතිපල  අනුව මෙලෙස විසීරි ඇති පර්වත තිබීමට එකම හේතුව අඩි 800 ක් පමණ  උසැති රළ සහිත සුනාමියක් විය යුතු බවත් එවැනි සුනාමියක් නිර්මාණය විමට ගිනි කඳු පිපිරීම හේතු වී ඇති බවත් රැමල්හෝ ඇතුළු පරීක්ෂණ කාණ්ඩායම පවසති.
 


උපුටා ගැනීම : Ancient volcano collapse caused a Tsunami with 800 Foot wave by C.Milliken.     http://www.popsci.com/ancient-volcano-collapse-caused-megatsunami-with-an-800-foot-wave