Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 28, 2018

ආහාරයේ රස ගුණ වැඩි කරන රස කාරක


Image result for රස කාරකඅපගේ වෑංජන රස කරන්නන් ලෙස කොත්තමල්ලි, සූුදරු, මාදුරු, කහ, එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු, ඉඟුරුපියලි, සුදුළූනු, ගොරකා, සියඹලා, අබ, උ‍්‍රළුහාල්, මිරිස්, සේර, රම්පා, කරපිංචා, ලුනු, රතුළූනු, දෙහි ආදී දේ දැක්විය හැක. මේ නම් වට්ටෝරුව දෙස බැලීමේ දී මේ සියල්ලම දේශීය වෙදකමේ දී ඖෂධ ලෙස භාවිතා කරන ද්‍රව්‍ය බව පැහැදිලියි. කෂාය, ගුලි, කල්ක, තෙල් වර්ග, ආසව, අරිෂ්ඨ ආදී සෑම නිෂ්පාදනයේ ඉතාමත් උපකාරී වන ඖෂධ ලෙසින් මේවා හැඳින්විය හැක. එයින් වැටහෙන්නේ මේ දේවල් ආහාරවලට යෙදීමෙන් එහි රසය ඉස්මතු කරනවාත් සමගම ආහාරයේ ඇති ඖෂධීය ගුණය ඉස්මතු කිරීමත්, ආහාරයට ඖෂධීය ගුණයක් එකතු කිරීමත්, ආහාරයේ ඇති විෂ කාරක හෝ අහිතකර තත්ත්ව දුරු කිරීමටත් උපකාරී වෙයි. එහෙයින් අපි මේ ලිපි පෙළින් මේවායේ ඇති ඖෂධීය ගුණය විමසා බලමු.ඉහත නම් කළ රසකාරක වලින් වැඩි ප‍්‍රමාණයක් එක්කර සාදන ඖෂධීය පාලනයක් මෙන්ම ආහාරයකි තැම්බුම් හොද්ද. මෙය ආහාරයට නොගත් කෙනෙකු නැති තරම්ය. රෝග අවස්ථාවක දී, රෝගයෙන් මිදුණු පසුව, උණ, අතීසාර ආදී අවස්ථාවල දී බෙහෙවින් භාවිතා වන ආහාරයකි. එසේ ම එයින් ලද ගුණය ද ප‍්‍රායෝගිකව අප සියලු දෙනාම අත්විඳ ඇත.
කොත්තමල්ලි කොතඹුරු, කොත්තමල්ලි යන සිංහල නම් වලින් හඳුන්වන මෙය ආර්ද්‍රිකා, ධාන්‍ය, ධාන්‍යකා යන සංස්කෘත නම් වලින් හඳුන්වන අතර,Corianderලෙසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් හඳුන්වයි. මේවා ඖෂධයක් ලෙසින් මෙන්ම ආහාරයක් ලෙසින් ද ඉතා වැදගත් වුවත් ලංකාවේ එතරම් වගා කරන වර්ගයක් නොවන අතර ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ආනයනය කරන වර්ගයකි. ආයුර්වේද මතානුකූලව කිසියම් දෙයක ඖෂධීය ගුණය විග‍්‍රහ කිරීමේ දී එම ද්‍රව්‍යයේ රසය, ගුණය, වීර්ය, විපාකය සැලකිල්ලට ගනු ලැබේ. ඒ අනුව කොත්තමල්ලි වල,රස - මධුර, කටුක, තික්ත, කසටගුණ - ලඝු, ස්නිග්ධවීර්්‍ය - උෂ්ණයි.විපාක - මධුරමෙහි තික්ත, කසට, කටුක රස මෙන්ම ස්නිග්ධ ගුණ හා උෂ්ණ විර්ය නිසා වාතය සමනය කරයි. කසට, තික්ත, මධුර හේතුවෙන් පිත සමනය කරයි. කටුක, තික්ත, කසටය රස හා උෂ්ණ විර්ය හේතුවෙන් සෙම සමනය කරයි. ඒ අනුව කොත්තමල්ලි තුන් දොස ම සමනය කරන ඖෂධයකි. කොත්තමල්ලි අමුවෙන් (කබලේ නොබැද) ගත් විට එහි ශීත ගුණයක් ඇති වෙයි. එහෙයින් පිපාසය සංසිඳුවන අතර හොඳ මුත‍්‍ර කාරක ඖෂධයක් ලෙස ද දැක්විය හැක. උෂ්ණ විර්ය ගුණය නිසා මේ මගින් ශරීරයේ විෂ පිටකිරීමේ ශක්තිය ද ඇත.කොත්තමල්ලි ඇටවල අඩංගු තෙල් නිසා දහඩිය වගුරවන ගතිය ඇති වෙයි. මෙය සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ඉතා හොඳ ගුණයකි. (දහඩිය මගින් සිරුරේ විෂ, අපද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් බැහැර වෙයි.) මෙහි උෂ්ණ විර්ය හා ලඝු ගුණය හේතුවෙන් ආහාර මාර්ග පද්ධතියේ කි‍්‍රයාවක් ක‍්‍රමවත් කරවයි. ආහාර රුචිය උපදවා, බඩගිනි වඩවා ආහාර පැසවීම යහපත් කරවයි. එහෙයින්් මේවා අග්නාමාන්ද රෝගීන්ට ඉතා යහපත්ය. කොත්තමල්ලි වලින් බඩ පිපීම දුරු කරන අතර, කට ගඳගසන අයට මේවා ඇට සැපීමෙන් ගුණයක් ලැබේ. පිත් බහුල රෝග අවස්ථාවල දී බෙහෙවින් යෙදෙන වටිනා ඖෂධයකි කොත්තමල්ලි.භ‍්‍රම, මුර්ඡා, අරුචි, වමන, අතීසාර, උදරශුල, අර්ශස්, පණු රෝග, රත්පිත, කැස්ස, මුත‍්‍රා බද්ධය ආදී රෝග අවස්ථාවල දී ඉතා ගුණදායක ඖෂධයකි. උණ රෝගයේ දී ඉතා ගුණදායක වේ. ඉදිමුම්, වේදනා, විසර්ප, ඇස් රෝග, නාසා රෝග, හිසරදය ආදී අවස්ථාවල ද අඹරා අලේපයට ඉතා හොඳයි. බඩදැවිලි අවස්ථාවේ දී කොත්තමල්ලි තැම්බූූ වතුර සීනි දමා බීම ඉතාමත් ගුණදායකයි.
සූදුරු සූදුරු, සුදුදුරු යන සිංහල නම් වලින් ද, ජිරක යන සංස්කෘතික නමින් ද  Cumin යන ඉංග‍්‍රීසි නමින් ද මේවා හඳුන්වයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ බහුලව වැවෙන පැලෑටියක් වන මේවා ගුලි, කල්ක, තෙල්වල සරක්කු සඳහා, අරිෂ්ට, ආසව, චූර්ණ, ක්වාථ ආදියට බොහෝ සෙයින් යෙදෙයි.සූදුරුවල රස - කටුක, ගුණ - ලඝු, රූක්ෂවිර්ය - උෂ්ණ , විපාක - කටුකසූදුරු උෂ්ණ වීර්ය හෙයින් වාතය හා සෙම සමනය කරන අතර පිත වර්ධනය කරන ගුණයක් පවතී. රක්ත ශෝධක ගුණයක් පවතී. මුත‍්‍ර කාරකයි. ආහාර පැසවීම කරයි. කුසගින්න ඇති කරවයි. කි‍්‍රමි නසයි. කිරි ජනනය කරවයි. හෘදයට හිතයි. ඉදිමුම් නසන, වේදනා නසන සූදුරු සමේ රොග, නේත‍්‍ර රෝග හා විෂ රෝගවල දී ආලේපයක් ලෙසින් වැදගත් වෙයි. කටහඬ පැහැදිලි කරවයි. මේ අනුව සූදුරු අරුචි, වමන, අජීර්ණ, බඩපිපුම, අර්ශස්, පණු රෝග, බඩගිනි අඩුම ආදී රෝගවලට ඉතා යහපත්ය. විශේෂයෙන් ළදරුවන්ගේ ආහාර නොපැසවීම හේතුවෙන් හටගන්නා උදර රෝගවල දී ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. සුදුරු කබලේ බැද කුඩුකර කෝපි තේ වත්කර පානය කිරීනේ ද එම කුඩු මීපැණි සමග වැළඳීමෙන් ද මෙම උදර රෝග දුරු කර ත හැක. සුදුරු තැම්බූ වතුරෙන් මුහුණ සේදීමෙන් මුහුණ ශෝභාමත් වෙයි.
මාදුරු සූදුරු වලම ප‍්‍රභේදයක් වන මාදුරු වලින් ලැබෙන ගුණය තරමක් වෙනස් වෙයි.රස - මධුර, කටුක, තික්තගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණවිපාක - මධුරස්නිග්ධ ගුණ, උෂ්ණ විර්ය, මධුර විපාක හෙයින් වාතය සමනය කරයි. කටුක තික්ත රස හා උෂ්ණ විර්ය හෙයින් සෙම සමනය කරයි. මධුර රස හා මධුර විපාක හේතුවෙන් පිත සමනය කරයි. මේ අනුව තිදෝෂයම සමනය කරයි. උණ (ජ්වර) නසයි. මුත‍්‍ර කාරකයි. ඇදුම, කැස්ස සමනය කරවයි. ගර්භාෂ ගත රෝග නසයි. ස්තන්‍ය ජනනය කරවයි. සෙම පහ කරවයි. ආර්ථවය ඇති නරවයි. වකුගඩු, මුත‍්‍ර මාර්ග, ගැබ් මග, අක්මා ආදියේ අවරෝධතා දුරු කරවයි.
කහ හරිද්‍රා, නිශා යන සංස්කෘතික නම් වලින් හඳුන්වන Tumeric යන ඉංග‍්‍රීසි නාමයෙන් හඳුන්වන කහ හෙවත් අත්කහ ඉන්දියාව ජන්ම භූමිය කර ගත් ලංකාවේ ද සෑම ප‍්‍රදේශයකම හොඳීන් වැවෙන ඉතා ප‍්‍රයෝජනවත් ඖෂධයකි.තික්ත රස හා උෂ්ණ වීර්ය හේතුවෙන් සෙම සමනය කරයි. ප‍්‍රතිශ්‍යා, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා දුරු කරවයි. පිනස් රෝග හා ඇදුම අවස්ථාවල ලේවල ඉයොසනපිලියා (Eosinophilia) වැඩි වූ විට කහ භාවිතා කිරීමෙන් එය අඩුකර ගත හැක.රක්ත වර්ධක ගුණයක් ඇති අතර රක්ත කෝපයෙන් හට ගත් රෝගවල දී කහ යොදා සුව අත්කර ගත හැක. රක්ත ශ‍්‍රාවයන්හි දී ද කහ භාවිතා කරයි. අමු කහ යුෂ අලුත් තුවාල හා සීරීම් වලදී ද කුඩැල්ලන් විදීමෙන් හටගත් තුවාලවලට ද ඉතා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයකි. කුෂ්ට රෝගවල දී සමේ ව‍්‍රණ ඇතිවිට දී, සමේ බිබිලි ඇති විට දී ඉතා ගුණ ඖෂධයකි. පැපොල, සරම්ප රෝග අවස්ථාවලදී ද කහ වලින් සමට හොඳ ප‍්‍රතිකාර කළ හැක.කහ ආහාර රුචිය වඩවයි. බඩ පුරවා දැමීම දුරු කරයි. ආමාශයික දෝෂ සමනය කරවයි. පණුවන් නසයි. ඇස් රතුවීම, කැසීම, වේදනාව වැනි අක්ෂි රෝග අස්ථාවල දී ද කහ ඉතා හොඳ ප‍්‍රතිකාරයකි. ඇස් රුදාව හා ඇසේ දැවිල්ල දුරු කරවයි. කණ පැසවීමෙන් හටගන්නා වේදනාවට ද ඉතා හොඳ ඖෂධයකි කහ. කහවල ශෝධන ගුණයක් ඇත.කහ ආලේපයෙන් ඉදිමුම දුරු කරවයි. ලේ වල කොලෙස්ටරෝල් පාලනය පිණිස ද ඉතා ගුණය. මේ ආකාරයට ශරීරය තුළ ඉතා විශාල මෙහෙයක් කහ වලින් ඉටු කරවයි.
එනසාල්මහ එනසාල්, හීං එනසාල් ලෙසින් ප‍්‍රභේද දෙකක් ඇති මේවාට සංස්කෘත භාෂාවෙන් ඒලා ලෙසින් ද,ඉංග‍්‍රීසි භාෂාවෙන් Cardamon ලෙසින් ද හඳුන්වයි. මේ ප‍්‍රභේද දෙකම ඖෂධ පිණිස භාවිතා කරයි. සුළු අපනයන භෝගයක් ලෙස රටට ආදායමක් ලබා දෙන එනසාල් ආහාර හා බුලත් විට රස කිරීමට ද භාවිතා කරයි. ඉතා හොඳ සුවඳ කාරකයකි.හීං එනසාල්,රස - මධුර, ගුණ - රූක්ෂ, ලඝු, විර්ය - ශීතවිපාක - මධුර, මහ එනසාල්, රස - කටුක, තික්තගුණ- ලඝු, රූක්ෂ, විර්ය - උෂ්ණ විපාක - කටුකමෙම දෙකේ රස, විර්ය, විපාක එකිනෙකට වෙනස් වුණත් වෙන වෙන ම දෝෂ තත්ත්වයන් සැලකීමේ දී දෙකම ති‍්‍රදෝෂයම සමනය කරයි. හෘදය උත්තේජනය කරන ඖෂධයක් වන අතර ආහාර පැසවීම කරවයි. බඩගින්න ඇති කරවයි. මුත‍්‍ර කාරක ඖෂධයකි. දාහය සමනය කරවයි. වමනයත් පිපාසයත් වළකයි. මුඛ දුගඳ දුරු කරයි. මුව පිරිසුදු කරවයි. වේදනා සමනය කරවයි. චර්ම රෝග සඳහාත් බඩ පිපුම සඳහාත් ගුණදායක වෙයි.එනසාල් බොහෝ ඖෂධ නිෂාපාදනයේ දී වැදගත් වේ. නාරායන තෙල, බලා තෙල, චන්ද්‍රප‍්‍රභාවටී, ති‍්‍රඵලාමෝදකය, දශමුලාරිෂ්ටය, ද්‍රාක්ෂාරිෂ්ටය, පිප්පල්‍යාසවය, තාලිසාදි චූර්ණය, භාෂ්කර ලවණ චූර්ණය, සීතොඵලාදි චූර්ණණය, ලවංගාදි චූර්ණය ආදිය එනසාල් යොදන ඖෂධ වර්ග වලින් කිහිපයකි.සිරුරේ හටගන්නා විවිධ රෝගාබාධ සඳහා අත් බෙහෙත් ලෙසින් ද එනසාල් භාවිතා වෙයි. මේ අනුව ඉතා විශාල නිෂ්පාදන ඖෂධ සංඛ්‍යාවකට භාවිතා කරන මේ එනසාල් ඖෂධයක් ලෙසින් ඉතා ප‍්‍රයෝජනවත් වෙයි.
කරාබු ලවංග යන සංස්කෘත වචනයෙන් හඳුන්වන කරාබු ඉංග‍්‍රීීසියෙන් Clove ලෙස හඳුන්වයි. හොඳ සුගන්ධ කාරකයක්, ආහාර රස කරන්නෙක්, ඖෂධයක් මෙන්ම සුළු අපනයන බෝගයක් ලෙසට ද ඉතා වැදගත් වෙයි. මලක්කා දේශය ජන්ම භූමිය කර ගත් කරාබු ලංකාවේ ද උස අඩි 2000 දක්වා බිම්වල හොඳීන් වැඩේ.රස - කටුක, තික්තගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - ශීීතවිපාක - කටුකකටුක, තික්ත රස හෙයින් සෙම සමනය කරන අතර, ශීීත විර්ය හෙයින් පිත සමනය කරයි. බඩගිනි බඩවයි. ආහාර පැසවීම යහපත් කරවයි. පිපාසාව, වමනය, බඩ පිපුම, වේදනා, කාසය, ඇදුම දුරු කරවයි. ආහාර රුචිය ඇති කරවයි. මුුඛ දුගඳ දුරු කරවයි. සෙම පිට කිරීමට උපකාරි වෙයි. මුත‍්‍ර කාරකයි. වකුගඩු උත්තේජනය කරවයි. හික්කාව සමනය කරවයි. දත් රෝගවල දී හොඳ ඖෂධයකි. විදුරුමස් ශක්තිමත් කරවයි. කරාබු වලින් ලබා ගන්නා තෙල ද මේ සඳහා භාවිතා වෙයි. ඖෂධීය සබන් හා දන්තාලේප නිපදවීමේ දී ද මෙම තෙල භාවිතා කරයි. වෙනත් ඖෂධ වර්ග නිෂ්පාදනයේ දී ද කරාබු බෙහෙවින් උපකාරී වෙයි. කුරුඳුසංස්කෘත භාෂාවෙන් ත්වක් ලෙසින් ද ඉංග‍්‍රීසියෙන් Cinnamon ලෙසින් ද හඳුන්වන මෙම කුරුඳු ලංකාවේ ඉතා හොඳින් වැවේ. නමුත් ඉන්දියාවේ කුරුඳු පැතිරීම එතරම් හොඳින් සිදු වී නැත.රස - කටුක, තික්ත, මධුරගුණ - ලඝු, රූක්ෂ, තීක්ෂණවිර්ය - උෂ්ණවිපාක - කටුකමෙහි උෂ්ණ විර්ය හෙයින් කඵ (සෙම) හා වාතය සමනය කරයි. උෂ්ණ විර්ය හා කටුක හෙයින් පිත්ත වර්ධක ගුණයක් පවතී. කුරුඳු මුඛ ශෝධනයට ඉතා ගුණයි. විදුරුමස් ශක්තිමත් කරයි. මුඛ දුර්ගන්ධය නසයි. චර්මාබාධවල දී ආලේප ලෙසින් භාවිතා කරයි. ඉදිමුම් හා වේදනාවල දී අලේප ලෙසින් භාවිතා වෙයි.ආහාර රුචිය වඩවයි. ආහාර පැසවීම කරයි. අක්මාව උත්තේජනය කරයි. පණුවන් නසයි. අරුචිය, ආම දෝෂ, උදර වේදනා, අර්ශස්,, බඩ පිපුම, වමනය ආදී රෝගවල දී ඖෂධයක් ලෙසින්් යෙදේ. කැස්ස, ඇදුම අවස්ථාවල දී සෙම සමනය කරයි. මුත‍්‍ර කාරකයි. පිළිකා හා වෙනත් රක්තය මුල්කර ගත්් රෝගවල දී ද යෙදේ.කුරුඳු ශාකයේ ඇට වලින්, පොතුªවලින්, කොළ වලින් හා මුල් වලින් තෙල් ලබා ගනී. මෙම තෙල් ශරීරයේ බාහිරව ආලේප කිරීමෙන් වාත වේදනා, හිසරදය, ආමවාත වේදනා ආදිය සුව කර ගත හැක.කුරුඳු අපනයන භෝගයක් ලෙස ද, ඖෂධයක් ලෙස ද සුගන්ධ කාරකයක් ලෙස ද ඉතා වැදගත් වන ශාකයකි.
රම්පා ව්‍යංජන රසවත් කරන, සුවඳවත් කරන මෙම රම්පා කොළ ඖෂධයක් ලෙසින් චූර්ණයක් ලෙසින් භාවිතා වෙයි. බඩ පිපුම, බඩ රිදුම, බඩ කොරය, අජීර්ණය හා වමන අවස්ථාවල දී භාවිතා කළ හැක. චූර්ණයක් නිපදවීම සඳහා මේවා භාවිතා කරයි. මෙය ද ඉතා ගුණදායකයි.
ගොරකා Rrd Mango ලෙසින් ඉංග‍්‍රීසියෙන් හඳුන්වන අම්ල වේතස ලෙසින් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන ගොරකාවල ඉන්දියාවේ හා ලංකාවේ වැවෙන වර්ග ගැන සැලකීමේ දී ප‍්‍රභේද 3 ක් දක්වා ඇත. මෙයින් රත් ගොරකා හා එල ගොරකා ඖෂධ පිණිස භාවිතා වෙයි. රත් ගොරකා ගෙඩි ඉදුණු පසු රතු පාටින් ද, එල ගොරකා ගෙඩි ඉදුණු පසු කහ පැහැය ද වෙයි.රස - අම්ලගුණ - රූක්ෂ, තීක්ෂණ, ලඝුවිර්ය - උෂ්ණවිපාක - අම්ලවාතය හා සෙම සමනය කරන අතර පිත්ත වර්ධකයි. කුසගින්න වඩවයි. හෘදයට හිතයිි. අස්ථි සන්ධානය කරයි.උදර රෝග, බඩ පිපුම, පාණ්ඩු රෝග, ඉදිමුම්, පණු රෝග, විෂ රෝග සමනය කරයි. ආමාශයේ කි‍්‍රයා කරන අතර, විරේචන ගුණයෙන් යුක්තය.01. මස්, මාලු වර්ග කල් තබා ගැනීම සඳහා ජාඩි දැමීමේ දී ගොරක හොඳ ආහාරයක් වෙයි.02. ගොරකා මුට්ටියේ සුදුළූණු දමා තිබීමෙන් සුදුළූණු නරක් නොවේ. මෙහි විද්‍යාත්මක සත්‍ය කෙසේ වුවත් අපගේ පැරැන්නන් කවදත් ගොරකා හා සුදුළූණු තැබුවේ එකම මුට්ටියකය.03. (විෂ ගෙඩි) ව‍්‍රණ ශෝථ විසිරවීමට මුල් අවස්ථාවේ දී ගොරකා කබලේ බැද ලුණු වතුරෙන් අඹරා ගෑම ඉතා හො¼දයි.04. බාලයන්ගේ අතීසාරයට පාණ්ඩුවට ඉතා ගුණ ඖෂධයකි.05. මල මුත‍්‍ර බද්ධයට ඉතා ගුණයි.06. යටි පතුල් පැලීම, ඇඟිලි කරු පැසවීම හා කැසීම වැළැක්වීමට ගොරකා තැම්බූූ වතුර ලුනු දමා සේදීම ඉතා හො¼දයි.මේ ආකාරයට ඉතා හොඳ ඖෂධයක් ලෙසින් ගොරකා හැඳින්විය හැක.
කරපිංචා කළුනිඹ, කරඹෙඹිය යන සිංහල නම් වලින් ද, ඉංග‍්‍රීීසියෙන් Curry Leaf  ලෙසින් ද, සංස්කෘත භාෂාවෙන් සුරනිම්බ, කෘෂ්ණනිම්බා, කලාෂනා යන නම් වලින් ද හඳුන්වන ජම්බීර කුලයට අයත් ශාකයකි. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල හොඳීන් වැවෙන අතර වියළි කලාපයේ සරුවට වැවේ. ආහාර රස කිරීමේ දී පත‍්‍ර භාවිතා කළ ද ඖෂධයක් ලෙස කොළ, පොතු, මුල් ආදී පංචාංගයම භාවිතා කෙරේ.රස - කටුක, තික්ත, කසටගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණ, විපාක - කටුකමෙහි කටුක, තික්ත, කසට හා උෂ්ණ, තීක්ෂණ නිසා කඵ සමනය කරන අතර උෂ්ණ නිසා වත සමනය ද වේ. මෙහි පත‍්‍ර අග්නි දීප්තිය හෙවත් කුසගින්න වඩවන, ආහාර පැසවීම සිදු කරන ගුණයෙන් යුක්තය. වමනය සමනය කරයි. පණුවන් නසන ගුණ ඇති අතර අජීර්ණ, අරුචිය, උදර වේදනා, බඩ පුරවා දැමීම ආදීී අවස්ථාවන්වල දී පත‍්‍ර චූර්ණය ඉතා ගුණදායක වෙයි. ආමය සහිත අතීසාර අවස්ථාවේ දී ද ළදරුවන්ගේ උදර වේදනාවලදී ද පත‍්‍ර යුෂ ප‍්‍රයෝජනවත් වෙයි. අධි රුධිර පීඩනයේ දී කරපිංචා කැඳ ඉතාමත් ගුණදායකයි. චර්ම රෝග අවස්ථාවල දී පත‍්‍ර අඹරා භාවිතා කරන අතර සර්ප විෂ වූ විට ද පත‍්‍ර අඹරා ප‍්‍රතිකාර කරනු ලැබේ.මේ ආකාරයට ඉතා විශාල ගුණයක් සපයන කරපිංචා කොළ ආහාරයට දැමූූ විට අප ඒවා පිඟාන වටා එකතු කර විසි කිරීමට පුරුදු වී සිටින්නෙමු. නමුත් ඒ කරපිංචා කොළ ආහාරයට ගැනීම අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනවා ඇත.
රතුළූණු ඉංග‍්‍රීීසි බසින් Onionලෙසින් ද සංස්කෘත නමින් පළාණ්ඩු ලෙසින් ද හඳුන්වයි. ආහාරයට ඉතා ප‍්‍රයෝජනවත් වන අතර තෙල් නිෂ්පාදනයේ දී ඖෂධයක් ලෙසින් මේවා ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. ස - මධුරගුණ - ගුරු, ස්නිග්ධතීක්ෂණවීර්ය - උෂ්ණවිපාක - මධුරමධුර, ගුරු, ස්නිග්ධ හෙයින් සෙම වඩන අතර, සෙම බුරුල් කර බැහැර කරයි. උෂ්ණ, තීක්ෂණ හෙයින් පිත තරමක් කෝප කරන අතර දූෂිත පිත බැහැර කරයි. ස්නිග්ධ, උෂ්ණ හෙයින් වාතය සමනය කරයි. එහෙයින් වාත රෝගවල දී බෙහෙවින් යෙදේ. වේදනාව සමනය කරයි. රුචිය වඩවයි. කුසගින්න වඩවයි. පීනස, ඇදුම, කැස්ස අවස්ථාවල දී රතුළූණු කෑමෙන් සහනයක් ඇති වෙයි. පීනස් හා ප‍්‍රතිශ්‍යා රෝගීන්ට රතුළූණු අමුවෙන් කෑම ගුණදායක වුවත්, සෙම වැගිරෙන පීනස් ඇති විට අහිතකර වෙයි. හේතුව එහි දී වැඩිපුර සෙම වැගිරීම නිසා රෝගියාට අපහසුවක් ඇති වීමයි. ක්ෂය රෝගීීන්ට ද ඉතා ගුණදායකයි. රතුළූණු බඩගින්න වඩවයි. මල බද්ධය නසයි. අර්ශස් නසයි. රුචිය වඩවයි. ආන්ති‍්‍රක විෂබීජ නසයි. ආහාර දිරවීම පහසු කරවයි. මේවා මගින් වේදනා සමනය කරවයි. සමේ රෝගවල දී ආලේප ලෙසින් භාවිතා කරයි. අමුවෙන් කෑමෙන් සම පැහැපත් වෙයි. රතුළූණු මුත‍්‍ර කාරකයි. ලේ වැගිරෙන රෝගවල දී රතුළූණු සහිත කෂාය යෙදීමෙන් ලේ නවතී. ගෝනුසු, පත්තෑ, කෘමීන් දෂ්ඨයේ දී රතුළූණු ආලේපයක් ලෙසින් භාවිතා වෙයි. රතුළූණුවල විෂබීජ උරා ගැනීමේ හැකියාවක් ඇත. එහෙයින් වාතය පිරිසුදු කරයි. සරම්ප, පැපොල, කම්මුල්ගාය අවස්ථාවල දී කාමරයේ රතුළූණු පෙති කපා තැබීමෙන් විෂ බීජ පැතිරීම වළකා ගත හැක. මෙලෙසින් ඉතා වැදගත් ඖෂධයක් හා ආහාරයක් ලෙස රතුළූණු ඉතා ගුණදායක වෙයි.
ඉඟුරු ආර්ද්‍රික, මහෞෂධ, ශුණ්ඨි, භෙෂජ, නාගර, විශ්ව යනාදී සංස්කෘත නම් වලින් ද, Ginger යන ඉංග‍්‍රීසි නමින් ද හඳුන්වන ඉඟුරු ඖෂධ පිණිස ගැනීමේ දී අමු ඉඟුරු හා වියළි ඉඟුරු දෙවගයම භාවිතා කරයි.-වියළි ඉඟුරු අමු ඉඟුරුරස -  කටුක කටුකගුණ -  ලඝු, ස්නිග්ධ ගුරු, රූක්ෂ, තීක්ෂණවිර්ය -  උෂ්ණ උෂ්ණවිපාක -  මධුර මධුර
කටුක, උෂ්ණ හෙයින් පිත්ත වර්ධකයි. උෂ්ණ හෙයින් සෙම හා වාතය සමනය කරයි. ආහාර රුචිය ඇති කරයි. කුසගින්න වඩවයි. ආහාර පැසවීම පහසු කරවයි. වේදනා නසයි. ඉදිමුම නසයි. බලය ඇති කරයි. ඇදුම, කැස්ස, පීනස සමනය කරයි. උණ නසයි. හික්කා, උගුර ආබාධ, උදර ආබාධ දුරු කරයි. ඇඟ සීතල කිරීීම්, වෙව්ලිම් දුරු කරයි. ආමවාත රෝගයට හිතකරයි.වියළි ඉඟුරු ම සිද්ධි ඉඟුරු ලෙස ද හඳුන්වයි. හුමාලයෙන් තම්බා වියළා ගත් විට සිද්ධි ඉඟුරු ලෙසින් හඳුන්වයි. ගුලි කල්ක ආදිය ඇඹරීමේ දී ද ඒවායේ අනුපාන ලෙසින් ද ඉඟුරු යුෂ බෙහෙවින් භාවිතා කරයි.කුෂ්ඨ, මුත‍්‍රාබාධ, රත්පිත් රෝග ඇති විට ඉඟුරු යෙදීම සුදුසු නොවේ. ඉඟුරු අල වතුරේ පෙඟෙන්න තබා පිට සිවිය ඉවත් කර පැය 06 ක් පමණ පවනේ වියළා පසුව තද අව්වේ වියළා ගැනීමෙන් ද සිද්ධි ඉඟුරු සකස් කරයි. ඉඟුරු මත හුනු තවරා වියළා සෝදා නැවත වියළා ගැනීමෙන් ද සිද්ධිඟුරු සාදයි. ඉඟුරු සීනි සමග සාදා ගන්නා දෝසි ප‍්‍රණීත මෙන්ම ගුණදායක ආහාරයකි. ඉඟුරු යුෂ, දෙහි යුෂ, මීපැණි එකට මිශ‍්‍රකර ගැනීමෙන් අජීර්ණ, වමන, උදර රෝග සමනය වෙයි.
උළුහාල්උ ලාරිසි ලෙසන් ද හඳුන්වන අතර ඉංග‍්‍රීසි බසින්  Fenugreek ලෙසින් ද, සංස්කෘත භාෂාවෙන් බහුපර්ණි, මෙති, දීපනී ශීත විර්ය ලෙසින් ද හඳුන්වයි.රස - කටුක, තික්ත, ගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණ, විපාක - කටුකසෙම හා වාතය සමය කරන පිත වඩන ද්‍රව්‍යයකි. මෘදු විරේක ගුණයක් ද කුසගිනි වඩන ගුණය ද ඇත. අරුචි, අජීර්ණ, වමන, පණුරෝග, අර්ශස්වලට හිතකරයි. ඉදිමුම් නසයි. රක්ත ශෝධකයි. කුෂ්ඨ නසයි. උණ සමනය කරයි. හිස කෙස් ආශ‍්‍රිත රෝගවල දී උළුහාල් තම්බා සේදීම ඉතා ගුණය
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- අම්බලන්ගොඩ

පරිසර හිතැති ජීව වායුව


ජීව වායුව (biogas) යනු ආහාර පිසීම හා ආලෝකය ලබාගැනීම වැනි කාර්යයන් සඳහා භාවිත කළ හැකි බලශක්‌ති ප්‍රභවයකි. විශේෂයෙන් නිවෙස්‌වල පමණක්‌ නො ව, ව්‍යාපාර හා වෙනත් වාණිජමය අවශ්‍යතා සඳහා ද ජීව වායුව යොදාගත හැකි ය. ඇතැම් රටවල රථවාහන ධාවනය සඳහා ද මේ වායුව යොදාගැනේ.

ජීව වායුව යනුවෙන් අප හඳුන්වන්නේ කාබනික ද්‍රව්‍ය, නිර්වායු තත්ත්ව යටතේ ක්‌ෂුද්‍රජීවීන් මගින් ජීරණයට ලක්‌ වීමෙන් ජනනය වන වායු මිශ්‍රණයකි. එහි ප්‍රධාන සංඝටක අතර මීතේන් (50-75%) හා කාබන් ඩයොක්‌සයිඩ් (25-50%) ඇතුළත් අතර වෙනත් වායු හා ජලවාෂ්ප ද ඇතුළත් වේ.

ජීව වායුව නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත හැකි අමුද්‍රව්‍ය රැසක්‌ තිබේ. මේවා සාමාන්‍යයෙන් ඉවත දමනු ලබන අපද්‍රව්‍ය වීම ද විශේෂත්වයකි. මේ නිසා ජීව වායුව නිෂ්පාදනය කිරීම වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක්‌ ව ඇති අපද්‍රව්‍ය කැළිකසළ අර්බුදයට ද හොඳ විසඳුමක්‌ වන අතර සම්පත් භාවිතය ප්‍රශස්‌ත ආකාරයෙන් සිදු කිරීම සඳහා ද නිදසුනක්‌ සපයයි. මේ අමුද්‍රව්‍ය අතර ගොම, තණකොළ හා වල්පැළෑටි, පිදුරු, අමු කොළ, මුළුතැන්ගෙයින් ඉවත දමන අපද්‍රව්‍ය, ඌරු, එළු හා කුකුළු අපද්‍රව්‍ය (මළ හා මුත්‍රා) ආදි බොහෝ දිරා යන ද්‍රව්‍ය ඇතුළත් වේ. මේ සඳහා මිනිස්‌ මළ හා මුත්‍රා ද භාවිත කළ හැකි ය.

ජීව වායුවේ ඉතිහාසය

ජීව වායුව ගිනි ඇවිලවිය හැකි වායුවක්‌ ලෙස මිනිසා අතීතයේ සිට දැන සිටි බව පෙනේ. වගුරුබිම් වැනි ප්‍රදේශවලින් මීතේන් වායුව ජනනය වන අතර ඊට වගුරු වායුව යන නම භාවිත වූයේ ඒ නිසා ය. කෙසේ වෙතත් ජීව වායුව ඉන්ධනයක්‌ ලෙස භාවිත කිරීම පුළුල් වන්නේ 19 වැනි සියවසේ අග භාගයේ දී පමණ ය. මේ වායුව ගෘහාශ්‍රිතව භාවිත කිරීම ප්‍රචලිත කිරීම සඳහා ගත වූ සියවසේ දී ඉන්දියානු විද්‍යාඥයන් සිදු කළ කටයුතු බොහෝ සේ දායක වී ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජීව වායුව භාවිත කිරීම පිළිබඳ ඉතිහාසය ද 1960 දශකය පමණ තෙක්‌ ඈතට දිව යයි. එතැන් පටන් මේ දක්‌වා ජීව වායුව බලශක්‌තියක්‌ ලෙස ප්‍රචලිත කිරීම සඳහා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතන ගණනාවක්‌ කටයුතු කර තිබේ. ගෘහස්‌ථ ජීව වායු පද්ධති සැලසුම හා ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිතියක්‌ ද (SLS 1292: 2006) මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට, ගෘහස්‌ථ ව මෙන්ම විවිධ ආයතනවල ද ජීව වායු ජනක භාවිත කරනු ලබන ආකාරය දැකගත හැකි ය.

ශ්‍රී ලංකාවේ භාවිත වන ජීව වායු ජනක

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ජීව වායු ජනක වර්ග දෙකක්‌ පුළුල් ලෙස භාවිත කරනු ලැබේ. ඒවා නම්,

1.
අඛණ්‌ඩ ප්‍රවාහ ජීරකය (Continuous flow digester) හෙවත් චීන වර්ගය (Chinese type) - මේ වර්ගයේ ජීව වායු ජනක 1960 දශකයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත වේ.

2.
වියළි කාණ්‌ඩ ජීරකය (Dry batch digester) හෙවත් ශ්‍රී ලංකා වර්ගය (Sri Lankan type)- 1992 වර්ෂයේ දී ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානය මගින් සංවර්ධනය කරන ලද්දකි.



මේ හැර ඉන්දියානු වර්ගය (Indian type) නම් ළිඳක්‌ වැනි සිලින්ඩරාකාර ව්‍යුහයක්‌ තුළ ජීව වායුව නිපදවන ජනක වර්ගය භාවිතය මේ වන විට තරමක්‌ අඩු ය. එසේ ම කුඩා ප්‍රමාණයේ ජීව වායු ජනකයක්‌ ද මේ වන විට භාවිතයේ පවතී.

ජීව වායු ජනකයක්‌ සාදාගැනීම පිළිබඳ උපදෙස්‌ රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධාන ගණනාවකින් ලබාගත හැකි ය. එසේ ම මේ පිළිබඳ ප්‍රකාශිත පොත් පත් ද තිබේ.


ජීව වායුව භාවිතය ප්‍රචලිත කළ යුත්තේ ඇයි?

 
ජීව වායු ජනකයක්‌ තැනීම සඳහා එක්‌ වරක්‌ පමණක්‌ වැය වන මුදල හැරුණු විට ජීව වායුව නිපදවීමට අමුද්‍රව්‍ය සඳහා මුදල් වැය නො වන තරම් ය.

මේ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හෙවත් කාබනික ද්‍රව්‍ය ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල සුලභ බැවින් ජීව වායුව එවැනි ප්‍රදේශවලට වඩාත් යෝග්‍ය වේ.

ජීව වායු නිෂ්පාදනයෙන් පසු ඉතිරි වන ජීර්ණය වූ ද්‍රව්‍ය ඉතා හොඳ කාබනික පොහොරක්‌ වන නිසා එය වගා කටයුතු සඳහා යොදාගැනීමට හැකි වීම.

ආහාර පිසීමේ දී ජීව වායුව භාවිත කිරීමේ දී දුම් හෝ දැලි නොමැති බැවින් එය සෞඛ්‍යයට හා පරිසරයට ද හිතකර ඉන්ධනයකි.

මීතේන් යනු කාබන් ඩයොක්‌සයිඩ් මෙන් 20 ගුණයක්‌ පමණ ප්‍රබල හරිතාගාර වායුවකි. එහෙයින් මීතේන් දහනය කර කාබන් ඩයොක්‌සයිඩ් නිපදවීමෙන් හරිතාගාර ආචරණය අඩු කළ හැකි ය.

ප්‍රජා මට්‌ටමේ හෝ විශාල පරිමාණයෙන් ජීව වායුව නිෂ්පාදනය කළ හැකි පහසුකම් දියුණු කිරීමට ද රජයට හැකියාව තිබේ. 
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
අමිලා ආර්.ගලප්පත්ති- විද්‍යා හා තාක්ෂණ නිළධාරි- හික්කඩුව

ට්‍රාන්සිස්ටර්


ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමට පෙර පරිගණකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්ව ය. මෙම වෑල්ව ක්‍රියා කරවීමේදී අධික තාපයක් නිකුත් වූ බැවින් රත්වී පිලිස්සීයාම නිසා බොහෝ ගැටලු ඇති විය. ට්‍රාන්සිස්ටර කීපයක් එකතුකර තැනූ පරිපථයක්, චිපයන් නමින් හැඳින්වේ. මෙම චිප යොදාගැනීමෙන් එම ගැටලු නිරාකරණය කරගත හැකි විය. මෙම චිප තුළ අර්ධ සන්නායක තාක්ෂණයෙන් නිපද වූ පරිපථ විශාල සංඛ්‍යාවක් ඇත.


ට්‍රාන්සිස්ටරය  යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ.  ට්‍රාන්සිස්ටරය සොයාගත්තේ ඇමරිකාවෙ බෙල් රසායනාගාරයෙ සේවය කරපු විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටේන් නමි තිදෙනායි. ට්‍රාන්සිස්ටරය  පටන් ගත්තට පසු විශාලව හැදු පරිගණක  කුඩා විය. ට්‍රාන්සිස්ටරය ලෝකෙට විශාල ලෙස වැදගත් විය රය කෙසේද කිවහොත් 1956 දි වසරේ හොඳම භෞතික විද්‍යා උපකරණයට හිමි ‍නොබෙල් සම්මානය ලැබිණ.
තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය
සැලකිය හැකිය.
  
  

පරිගණකයකින් වුවද ජංගම දුරකතනයකින් වුවද එම උපකරණයන් දෙකේම ප්‍රධාන අන්තර්ගතය ට්‍රාන්සිස්ටර් මිලියන ගනනාවක් ඇත. ගෙදර දොරේ පාවිච්චි වන ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ට්‍රාන්සිස්ටර් එකක් හෝ ඊට වැඩි සංඛ‍යාවක් අන්තර්ගත වී ඇත.

1947
වසරේදී ට්‍රාන්සිස්ටරය සොයාගැනීමත් සමගම තාක්ෂණික විප්ලවයක් කරා ලෝකය ගමන් ආරම්භ කළ බව තාක්ෂණිකයන්ගේ විශ්වාශයයි. එතෙක් පැවති අති විශාල වැකුම් ටියුබය ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් ඉවතට ගිය අතර වර්තමානයේදී ඉතා කුඩා ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටරයක් වුවද වැකුම් ටියුබ් දහස් ගනණකින් ඉටුකර ගත හැකි ක්‍රියාවලින් ගණනාවක් ඉටු කර දීමට සමත්ව ඇත.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුනක් ඇත. ඒවා පාදම(Base), සංග්‍රාහකය (Collector), විමෝචකය(Emitter) ලෙස හදුන්වයි.

ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. බොහෝ පරිපථ වල වෙනස්වන ධාරාව වෙනස්වන වෝල්ටීයතාව බවට පත් කිරීම සඳහා ප්‍රතිරෝධක භාවිතා කරයි. එසේ වෙනස් කල පසු වෝල්ටීයතා වර්ධකයක් ලෙසද ට්‍රාන්සිස්ටරය භාවිතා කල හැක.
 
ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ. 
ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක
01. ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය
02. FET
ට්‍රාන්සිස්ටරය
ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටර්
මෙය PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.

FET
ට්‍රාන්සිස්ටර්
මෙයද J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
අමිලා ආර්.ගලප්පත්ති- විද්‍යා හා තාක්ෂණ නිළධාරි- හික්කඩුව