Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 15, 2018

විද්‍යාත්මක දැනුම මත පිළිතුරු පහසු වූ අපහසු ප්‍රශ්ණ කිහිපයක් (1- 5)

සෑම වසර දෙක තුනකට වරක් සාමාන්‍ය ප්‍රජාවගේ විද්‍යාත්මකව දැනුම විශ්ලේෂණය කිරීම  සදහා ඇමෙරිකානු National Science Foundation ආයතනය මගින් සමීක්ෂණයක් පවත්වයි. ප්‍රශ්ණ වසරෙන් වසරට මදක් වෙනස් වුවද ප්‍රශ්ණ සියල්ලම භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව පිළිබඳ මූලික කරුණු සමඟ සම්බන්ධ වේ. එලෙස ඉදිරිපත් කළ 1 සිට 5 දක්වා ප්‍රශ්ණ මෙම ලිපියේ දැක්වෙන අතර   6 සිට 10 දක්වා තවත් ප්‍රශ්ණ 5 ක් දෙවන ලිපියේ සදහන් වේ.

සාමාන්‍ය ජනතාවට මෙන්ම උපාධිධාරීන්ටද, සිසුන්ටද මෙම ප්‍රශ්ණ වලට එකවර පිළිතුරු ලබාදිය හැකි නමුත් පිළිතුරුවල සත්‍යතාවය පිලිබදව සාධාරණියකරණය සදහා විද්‍යාව උපයෝගී වූ ආකාරය පැහැදිලි කිරීම තරමක් ගැටළු සහගත වි තිබේ. නිවැරිදි පිළිතුරු සැපයීමේදී සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් නිතරම ඉදිරියෙන් සිටියද පරිපුර්ණ ලකුණු තත්වය වාර්තා කිරීම ඉතා සිමිත වි ඇත. ගැටලුවද එයට පිලිතුරද රුප භාවිතයෙන් ලබාදී තිබීම නිසා ඒවා පහසුවෙන් මතක සිටින බව වාර්තා වේ. සියලු ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු ජායාරුපද සමගින් ප්‍රශ්ණ අවසානයේ පහතින් පළකර තිබේ.
1. පෘථිවියේ මධ්‍යය ඉතා උණුසුම් වේ. සත්‍ය වේ / අසත්‍ය වේ ?
සාමාන්‍ය ජනතාවගෙන් 85% ක්ද ශිෂ්‍යයන් 89% නිවැරිදි පිළිතුර ලබාදී ඇත.




2. වසර මිලියන ගණනක කාලයක සිට පෘථිවිය තුල මහාද්වීප පිහිටීමේ ස්ථාන මාරු වි ඇති අතර අඛණ්ඩව ඒවා චලනය වේ. සත්‍ය වේ / අසත්‍ය වේ ?
සමීක්ෂණයට ලක් වූ සියළු දෙනා අතුරින් 81% ක් නිවැරදිව පිළිතුරු දුන් අතර, ශිෂ්‍යන් 87% ක් විය.



3.පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේද නැතහොත් සූර්යයා පෘථිවිය වටා ගමන් කරන්නේද?
සමස්තයක් වශයෙන්, 73% නිවැරදි පිළිතුර ලබාදී ඇත. සිසුන් 10% ක් ඊට වඩා ඉහලින් එනම් 83% නිවැරදිය.

4.සෑම විකිරණශීලීතාවක්ම මිනිසා විසින් නිර්මාණය කර ඇත. සත්‍ය වේ / අසත්‍ය වේ ?
සමස්තයක් වශයෙන්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 70% ක් නිවැරිදි වූ අතර  80% ක නිවැරදි පිළිතුරු සහිතව ශිෂ්‍යයෝ නැවත වරක් 10% ක් ඉදිරියෙන් සිටියෝය.

5. ඉලෙක්ට්‍රෝන පරමාණු වලට වඩා කුඩාය. සත්‍ය වේ / අසත්‍ය වේ ?
සහභාගිවුවන්ගෙන් අඩකට වඩා අඩුවෙන් 48% ක් නිවැරිදි පිළිතුර ලබාදුන් අතර සිසුන් 59% ක් නිවැරිදි විය.

පිළිතුරු
1. පිළිතුර: සත්‍ය වේ.
පෘථිවි කේන්ද්‍රයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 10,800 ක් පමණ වේ. එනම් හිරු මතුපිට මෙන් උණුසුම් වේ.ජයාරුපයෙන් පෘථිවි කේන්ද්‍රය නිර්මාණය වි ඇති අයුරු දැක්වේ.



2. පිළිතුර: සත්‍ය වේ.
Lithosphere (ශිලාගෝලය) ලෙස හඳුන්වන පෘථිවියේ බාහිර ස්ථරය සෑම වසරකම අඟල් කිහිපයක් වෙනස් භූ කාරක තල වලට බිඳී යයි. Supercontinent Pangea වලට බිදී යන සහ තනි මහද්වීප තල චලනය වීම භූ කාරක තල ක්‍රියාකාරිත්ව පිලිබද න්‍යායයේ සදහන් වේ.

3. පිළිතුර: පෘථිවිය සූර්යයා වටා ගමන් කරයි. 
අභ්‍යවකාශ යුගයේදී සෞරග්‍රහ මණ්ඩලයේ ඡායාරූප ලබා දීමට පෙර, තාරකා විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරන ලද සිකුරු ග්‍රහයාගේ, බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් සහ තාරකා වල වේගය හා අසම්පාතවිම- කාලයත් සමග තාරකාවල ස්ථානිය වෙනස් වීම ආදිය නිසා පෘථිවිය ස්ථාවර නොවන බවත් එය සූර්යයා වටා කක්ෂ ගත වන බවත් ඔප්පු කිරීමට සමත් විය.

4. පිළිතුර: සත්‍ය වේ.
සූර්යයා සහ තරු පෘථිවි වායුගෝලය සමඟ අන්තර් ක්‍රියාකාරී වන (cosmic radiation) කොස්මික් විකිරණ විමෝචනය කරයි. එමෙන්ම පස, ජලය සහ වෘක්ෂලතාදිය තුළද ස්වභාවික විකිරණශීලී ද්‍රව්‍ය  ඇත.


 

5. පිළිතුර: සත්‍ය වේ.
පරමාණුවක න්‍යෂ්ටිය පමණක් සැලකු විටද එය සැදී තිබෙන නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වලට වඩා ඉලෙක්ට්‍රෝන ඉතා කුඩා වේ.



අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභවයන් ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

May 11, 2018

සුදුවන් දත් දෙපෙලකට


දත් කහ පැහැ වීමට හේතු කාරනා ගනනාවක් ඇත.
කෝපි පානය
දුම් පානය
දුම් කොල කෑම
ඇල්කොහොල් පානය
දත්වල දුර්වලතා
ආහාර පැවතුම්
ස්වභාවිකව දත් සුදු වීමේ ක්‍රමවේදයන් පිලිබදව ඹබත් මීට පෙර අසා සිටියාද?කෙසෙල් ලෙලි වලින්
දත් සුදු වන බව මිට පෙර දැන සිටියාද?

May 9, 2018

සුවිශාල තාරකා මණ්ඩල පොකුරක බිහිවීම


ලොව ප්‍රථම වතාවට තාරකා විද්‍යාඥයන් විසින් protocluster (ප්‍රෝටෝක්ලස්ටර්) ලෙස නම් කළ මන්දාකිණි පොකුරක උපත නිරීක්ෂණය කර ඇත. ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත ක්ෂ්තිජයේ ක්‍රියාත්මක වන මෙම සිදුවීම වර්තමාන විශ්වයේ විශාලතම පිළිගත් ව්‍යූහයන් නිර්මාණය කිරීමට සමත් වනු ඇත.

විද්‍යාඥයන් විසින් මන්දාකිණි 14 ක් එකිනෙකා මත කඩා වැටීමේ මුල් අවධිය පෘථිවියේ වඩාත් බලසම්පන්න  දුරේක්ෂ භාවිතා කරමින් නිරීක්ෂණය කර තිබේ. මෙම මන්දාකිණි අපගේ ක්ෂීරපථ මන්දාකිණියට සාපේක්ෂව 1000 වතාවක් වැඩි වේගයකින් තරු සාදනු ලැබුවද මන්දාකිණි 14 ම අපේ මන්දාකිණියේ විශාලත්වය මෙන් හතර ගුණයක් පමණ ප්‍රදේශයකට සමාන වේ.

මන්දාකිණි එක්රැස්වීම පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.4 ක් එපිටින් සිදුවේ. ආලෝකය ගමන් කිරීමට සඳහා ගතවන මෙවැණි දිගු කාලය නිසා ඇත්තවශයෙන්ම විද්‍යායඥයන් නිරීක්ෂණය කරනුයේ අතීත (පැරණි) සිදුවීමක් වන අතර protocluster (ප්‍රෝටෝක්ලස්ටර්) SPT2349-56  නම් වූ එය විශ්වයේ වර්තමාන වයසෙන් දහයෙන් එකක් පමණ වූ අවධියේදී සිදුව ඇත. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි එය සිදුවී ඇත්තේ මහා පිපිරුමෙන් (Big Bang) න් වසර බිලියන 1.4 කට පසුවය. අවුරුදු බිලියන 13.8 කට පමණ පෙර විශ්වය බිහිවීමට හේතු වූයේ Big Bang නම් මහා පිපිරුම ඇතිකළ බලවේගයයි.

 “මන්දාකිණියක පොකුරු ලෙස හැඩ ගැස්වන ආකාරය පිළිබඳ මෙතෙක් අප අවබෝධ කරගෙන නොමැති අඩුපාඩු හා ඇති සබැඳිය මෙයයි.” යැයි නිව්යෝර්ක්හි Flatiron (ෆ්ලැටිරෝන්) ආයතනයේ විද්‍යාඥයෙකු වූ Chris Hayward (ක්‍රිස් හේවඩ්)  පවසා තිබේ. මෙම මන්දාකිණී එක්රැස්වීම පිළබඳව තාරකා විද්යාඥයින්ද අප්‍රේල් මස අග භාගයේදී  වාර්තා කළේය.

කැනඩාවේ Dalhousie විශ්ව විද්‍යාලයේ Scott Chapman ( ස්කොට් චැප්මන්) මෙම වාර්තාකරණයේ ප්‍රධාන කතෘ වන අතර ඔහු, Yale විශ්ව විද්‍යාලයේ Tim Miller (ටීම් මිලර්) සහ පෙර සදහන් කළ Chris Hayward විසින් ඇන්ටාටිකාවේ පිහිටි South Pole Telescope (දක්ෂිණ ධ්‍රැවයේ දුරදක්නය) භාවිතා කරමින් මෙම protocluster නිරීක්ෂණයන් සිදු කර තිබේ.

මන්දාකිණි සමූහය එතරම් වේගයෙන් එතරම් විශාල ලෙස වර්ධනය වූවේ කෙසේද යන්න යම්කිසි අභිරහසක් බව චැප්මන් ප්‍රකාශ කළේය. හදිසියේම මෙම මන්දාකිණි සියල්ලම පහළවීම ඔබේ මුහුණට ක්ෂණික පහරක් වැදුනා වාගේ චැප්මන් කියයි.
 
නවීන විශ්වයේ දැකිය හැකි පරිණත මන්දාකිණි පොකුරු වලට පෙරාතුව මෙම protocluster නිර්මාණය වි ඇති බැවින් වර්තමාන පොකුරු පිහිටුවා ඇති ආකාරය සහ පරිණාමය වී ඇති ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා protocluster ඉතා හොඳ පරීක්ෂණ පසුබිමක් ලබා දෙයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
 https://youtu.be/rbHg9uSnlwo

May 8, 2018

පෘථිවියේ සෑමතැනකම පැවතුන උණුසුම්ම අප්‍රියෙල් මාසය


පෘථිවියේ සෑමතැනකම පසුගිය අප්‍රේල් මාසයේදී ඉහළම අගයක් සහිත උෂ්ණත්වයක් පැවතුන බව විද්‍යාඥයන් වාර්තා කර තිබේ. මේ මැයි මාසය ආරම්භය පමණක් වුවත් දරුණු ආන්තික උෂ්ණත්ව තත්ත්ව පිළිබද නව ප්‍රමිතීන් මේ වසරේදී ඇතිවෙමින් පවතින බවට සාක්ෂි පහළ වි තිබේ. නවතම උදාහරණය වන්නේ පකිස්තානයේ Nawabshah (නවාබ්ෂා) ප්‍රදේශයෙන් අප්‍රේල් 30 වනදා වාර්තා වූ  50.2 ° C (122.4 ° F) ක උෂ්ණත්වයයි. ලොව පුරා කාන්තාර නොවන ප්‍රදේශවල ඇති පිළිගත් කාලගුණ මධ්‍යස්ථානයකින් අප්‍රේල් මාසයේදී මෙතෙක් වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වය මෙය බව කාලගුණ විද්‍යාඥයින්ගේ විශ්වාෂයයි.  

ලෝක කාලගුණවිද්‍යා සංවිධානය විසින් පෘථිවිය සඳහා මාසික උෂ්ණත්ව සංඛ්‍යාලේඛන පිළිබඳ නිල වාර්තාවක් සාමාන්‍යයෙන් නොසපයන බැවින් උණුසුම්ම අප්‍රේල් උෂ්ණත්වය මෙය බව ස්ථිරව ප්‍රකාශයට පත් කළ නොහැකිය. තවද 2001 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙක්සිකෝහි සැන්ටා රෝසා නගරය 51.0ºC (123.8ºF) ක ඉහළ උෂ්ණත්වයක් වාර්තා කළ නමුත් කාලගුණ විද්‍යාඥ ආචාර්ය Christopher Burt (ක්‍රිස්ටෝෆර් බර්ට්) වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පතට එම වාර්තාවල "විශ්වෂනීයත්වය සැක සහිත" බව විස්තර කර තිබේ.

මෙවැනි වාර්තා අහඹුලෙස වාර්තා නොවන අතර පාකිස්තානයේ හා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල ජුලි මාසය සඳහා දැඩි උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයන් අත්විඳිමට සිදුවනු ඇතැයිද එය වසන්ත කාලය සඳහා අදාල ප්‍රස්ථාරවලට වඩා වෙනස්වනු ඇතැයිද සදහන් වේ. උතුරු හා නැගෙනහිර ඉන්දියන් සාගරයේ දැවැන්ත උණුසුම් ජල ස්කන්ධයක බලපෑම මෙම තත්වය ක්‍රියාත්මක වීමට හේතුවේ.

නගරවල උෂ්ණත්වය මැනීමේ වෘත්තීය ජාලයක් වූ ogimet.com මගින්  නවාබ්ෂා උෂ්ණත්ව අගය අප්‍රේල් මාසය සදහා ලෝක වාර්තාවක් බව ප්‍රථම වරට සදහන් කළේ ප්‍රංශ ජාතික කාලගුණ විද්‍යාඥ Etienne Kapikian විසිනි. වායු සමීකරණ හෝ අවම වශයෙන් විදුලි පංකා සම්පත් සහිත පුද්ගලයන්ගේ විදුලි ඉල්ලුම ඉහළ උෂ්ණත්වය නිසා වැඩි වි ඇත. අනිවාර්යයෙන්ම මෙය විදුලිය ඇනහිටීම් වලට හේතු වීම නිසා තත්වය වඩාත් දරුණු වි තිබේ. මිනිසුන්ගේ සිහිනැතිවීම්  පිලිබදව නිල වාර්තාද  පළවි ඇත.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

May 4, 2018

සපාකෑ සර්පයා හඳුනාගැනීමට ස්මාර්ට්ෆෝන් මෘදුකාංගයක්


 
සර්ප දෂ්ට කිරීම්වලට ගොදුරු වූවන්ට නිවැරිදිව ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරුන්ට සහයවීමට දෂ්ට කළ සර්පයා (සර්පවිෂ) හඳුනාගැනීමට හැකි පරීක්ෂණ කට්ටලයක් ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත. සකස් කරන ලද මෙම පරීක්ෂණ කට්ටලය සරල වන අතර කේන්ද්‍රාපසාරක සහ ස්මාර්ට් ජංගම දුරකතනය යන  උපකරණ දෙකකින් පමණක් සමන්විත වේ.

සර්පවිෂ සදහා ප්‍රතිකාර කිරීම සඳහා අදාල හා නිවැරිදි ප්‍රති විරෝධී විෂ (anti-venom) භාවිතා කිරීම අවශ්‍ය වේ. කෙසේවෙතත් නිවැරදි ප්‍රතිකාරය හඳුනාගැනීම බොහෝ විට දුෂ්කර විය හැකිය.ඒ සදහා සෑම විෂ සර්පයෙක් වෙනස් විෂ වර්ග ඇති කරන බැවින් රෝගියාට දෂ්ට කර ඇත්තේ කවර ආකාරයේ සර්පයෙක්ද යන්න මුලින්ම දැනගත යුතුයි. විවිධාකාර හේතු නිසා අදාල සර්පයා (විෂ  වර්ගය) හඳුනාගැනීමට නොහැකිවීම මෙහිදී ප්‍රධානතම ගැටලුව වේ. එනිසා ශරීරගත විෂ හඳුනාගැනීමට නිපදවූ නව පරීක්ෂණ කට්ටලය මෙම ගැටළුව විසඳා ගැනීමට අතිශය උපකාරී වේ.

සර්ප විෂ විවිධ ප්‍රෝටීන රටා වලින් සමන්විත වේ.එනිසා විවිධ සර්ප විශේෂයන්ට ඇති වෙනස් සර්ප විෂ නිර්ණය කිරීම සඳහා ඒවායේ ඇති විවිධ රටාවන් භාවිතා කළ හැකිය. විවිධාකාර කුඩා ප්‍රෝටීන සමඟ විවිධ සර්ප විෂ පිළිබද පරීක්ෂණ සිදු කිරීමෙන් එම රටාවන් පර්යේෂකයන් සොයාගෙන ඇති බව ඩෙන්මාර්ක් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (DTU) විද්‍යාඥ Catherine Larsen (කැතරින් ලාර්සන්) පවසා තිබේ.

රෝගියාගේ රුධිර සාම්පල විශ්ලේෂණය කිරීම සඳහා ස්මාර්ට්ෆෝන් ඇප් එක භාවිතයෙන් මෙම කට්ටලය ක්‍රියාත්මක කළ හැකි බව DTU හි  Ivan Doudka (අයිවන් ඩුඩ්කා) පැහැදිලි කළේය. නියැදිය සාදා ගැනීම සඳහා රෝගියාගේ රතු රුධිර සෛල මුලින්ම වෙන් කළ යුතුය. මෙය සිදු කරනුයේ දියර වෙන් කිරීම සඳහා නිර්මාණය කරන ලද කේන්ද්‍රාපසාරක උපකරණයෙනි. මෙම කේන්ද්‍රාපසාරීකය අතින් ක්‍රියාත්මක වන අතර ද්‍රව්‍ය වෙන් කිරීම සඳහා ඉක්මනින් කාන්දුකිරීම අවශ්‍ය වේ. ඉන්පසුව එම නියැදිය ප්ලාස්මා පරීක්ෂාවෙහි තත්ත්වය රඳවා තබා ගන්නා විශේෂ බහාලුමක තැන්පත් කෙරේ. මිනිත්තු 30 කින් පසු, නියැදිය  cuvette නමින් හැඳින්වෙන පැහැදිලි බහාලුමක තැන්පත් කරනු ලැබේ.

අවශෝෂණය කරන ආලෝක ප්‍රමාණය මැනීමෙන් ද්‍රව විශ්ලේෂණය කරන spectrophotometer (වර්ණාවලීක්ෂය) ක් ලෙස හැඳින්වෙන යන්ත්‍රය සමග cuvette භාවිතා කරනු ලැබේ. වර්ණාවලීක්ෂය, ස්මාර්ට් ජංගම දුරකථනයට සම්බන්ධ කර දුරකථනයේ ඇති  ස්මාර්ට්ෆෝන් යෙදුම (මෘදුකාංගය) ප්‍රතිඵල ලබාගැනීමට භාවිතා කරයි. ස්මාර්ට්ෆෝන් යෙදුම (මෘදුකාංගය) සර්ප විශේෂය හඳුනා ගැනීමට සහ  වඩාත් ඵලදායී ප්‍රති විරෝධී විෂ (anti-venom) වර්ගය යෝජනා කිරීමට සමත් වේ.
රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට ඉතා අත්‍යාවශ්‍යවන ඉක්මන් නිවැරිදි තීරණ ගැනීම සදහා  වෛද්‍යවරුන්ට මෙම පරීක්ෂණ කට්ටලය මහඟු ලෙස උපකාරී වන බව DTU හි විද්‍යාඥකු වන Andreas Laustsen (ඇන්ඩ්රිස් ලොස්ටන්) පවසයි.
  
ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම සර්පයන්ගේ දෂ්ට කිරීම් / සපාකෑම් වලට ලක්වන මිලියන පහකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීමට මෙම පර්යේෂණ කණ්ඩායමේ නව නිර්මාණය උපයෝගී කරගත හැකිය. සර්පයින්ගේ දෂ්ට කිරීම් වලින් වසරකට අවම වශයෙන් පුද්ගලයන් 100,000 ක් පමණ මිය යන බවත් තවත් 400,000 ක් පමණ සර්ප විෂ නිසා සිදුවන අතුරු ආබාධවලට ගොදුරු වන බවත් වාර්තාවේ දැක්වේ.   
   
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/XMUw03kZ9d4?t=79

May 3, 2018

ආලෝකය 99.95% ක් අවශෝෂණය කරන පිහාටු ඇති නව පක්ෂියා


හිරු එළිය 99.95% ක් අවශෝෂණය කිරීමෙන් අතිශය කළු (“vantablack”) පිල්කලඹක් ලැබු නිසා කුරුළු පරාදීසියේ ප්‍රසිද්ධියට පත් නව පක්ෂියා (Lophorina superba)  පිළිබද Peerj සඟරාවේ පලකළ අධ්‍යයන වාර්තාවකට අනුව කුරුළු විශේෂයන් දෙකකට අයත් එවැනි පක්ෂීන් දෙදෙනෙකු වේ.

වනජීවී විද්වතුන් විසින් පළමු නව පක්ෂි විශේෂය කුරුළු පාරාදීසයේ Vogelkop (වොගෙල්කෝප්) / Superba (සුපාභ) පක්ෂියා  ලෙස නම් කර ඇති අතර වඩාත් ව්‍යාප්තව / බහුලව සිටින දෙවන පක්ෂි විශේෂය කුරුළු පාරාදීසයේ Great Superba (මහා සුපාභ) පක්ෂියා ලෙස නම් කරන තිබේ.

“වනාන්තරයේදී Vogelkop පක්ෂි වර්ගයේ පෙනුම හා ක්‍රියාකරන ආකාරය ඔබ දුටු පසු එවැනිම වෙනත් පක්ෂි විශේෂයක් ඇති බවට සැක පල කරනු ඇත.” යැයි Cornell (කොනෙල්) විශ්වවිද්‍යාලයිය පක්ෂිවිද්‍යා පර්යේෂණාගාරය මෙහෙයවන පාරාදීසයේ පක්ෂි ව්‍යාපෘතියේ පරිණාමීය ජීවවිද්‍යාඥ Ed Scholes (එඩ් ස්කොල්ස්) නිවේදනයක් මගින් දන්වා සිටියි.

 “උන්ගේ විවාහ නර්තනයන් වෙනස් වේ. උන්ගේ කථන වෙනස් වේ. උන්ගේ ගැහැණු පක්ෂීන් වෙනස් ය. තවද පිරිමි දර්ශනයේ හැඩයද වෙනස් වේ.”

Harvard (හාවඩ්) විශ්ව විද්‍යාලයේ සංසන්දනාත්මක සත්වවිද්‍යා කෞතුකාගාරයේ වනජීවී ඡායාරූප ශිල්පියෙකු සහ පක්ෂිවිද්‍යා විශේෂඥයකු වූ Timothy Laman (තිමෝති ලමන්) සහ Scholes විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප එකතුව මගින් නිව් ගිනියාවේ ඈත බටහිරදිග පක්ෂි හිස ප්‍රදේශයේ (Vogelkop) හි පමණක් වසන Vogelkop, පළමු සුපාභ පක්ෂියා පිලිබද ප්‍රබල සාක්ෂි සදහන් විය. ඌ , නිව් ගිනියාවේ වැසි වනාන්තර පුරා දක්නට ලැබෙන මහා සුපාභ පක්ෂියාට වඩා වෙනස් වේ.

විවිධ ප්‍රදේශවල ජීවත්වීමට අමතරව කුරුල්ලන් දෙදෙනාට සුළු වශයෙන් වෙනස් පෙනුමක් ඇත. අතිශය අඳුරු පිහාටු සහ නියෝන් නීලමනී සලකුනු බොහෝමයක් ඇති  Vogelkop පිරිමි පක්ෂියා, අසළ ගැවසෙන ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයක් ලෙස සිය පිහාටු ප්‍රදර්ශනය කරන අතර දිලිසෙන ඉඟියක් හා මායාකාරී රැවිමක සහිත අර්ධවෘතාකාර හැඩයක මුහුණක් නිර්මාණය කරයි. ඊට ප්‍රතිවිරුද්ධව, මහා සුපාභ පක්ෂියා රවුම් හැඩයක් හා සිනහවක් සහිත මුහුණකින් හැඩගැන්වෙයි.
  
සහකාරියක් දුටු විට ඒ කෙරෙහි පක්ෂීන් දෙදෙනා දෙයාකාරයක ප්‍රතිචාර දක්වන බව ස්කෝල්ස් හා ලමන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඊට අමතරව පක්ෂීන්ගේ සංවාසයේ යෙදීම හා නර්තන චර්යාවන් වල වෙනස්කම්ද වාර්තා කර තිබේ. Vogelkop ගේ ගීතය තියුණු නලා හඩක් මෙන් වන අතර එය මහා සුපාභ පක්ෂියාගේ කුපිතවන සුළු යටිගිරි කෑගැසීමට වඩා සපුරා වෙනස් බව පර්යේෂකයෝ පවසති. එලෙසම වොල්ට්ස් (waltz ) ආකාරයේ Vogelkop ගේ නැටුම මහා සුපාභ පක්ෂියාගේ ජයිව් (jive) ආකාරයේ නර්තනයට වඩා වෙනස් වේ.

මෙම පක්ෂි දෙවර්ගයේ පිරිමි සතුන් පමණක් නොව ගැහැණු සතුන්ද එකිනෙකාට වෙනස්කම් දක්වයි. දෙවර්ගයේම ගැහැණු සතුන්ට දුඹුරු පියාපත් සහ ඉරි සහිත කවන්ධයක් ඇති නමුත්, ගැහැණු Vogelkop ගේ හිස කළු පැහැති වන අතර ඇස වටේ දුඹුරු වර්ණ සලකුණු සහිත සුදු හිසක් ගැහැණු මහා සුපාභට තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/4StsK97wTj8?t=31

May 2, 2018

මිය ගිය විට මොළයට සිදු වන්නේ කුමක්ද?

අපගේ අවසන් මොහොතේ මොළයට සිදු වන්නේ කුමක්ද? මිය ගිය විට මොළයට සිදු වන්නේ කුමක්ද? පිලිබඳව දැනගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක සිට නොයෙක් ආකාරයේ පර්යේෂණ හා අධ්‍යනයන් මගින් උත්සහ දරා තිබේ.

මාස කිහිපයකට පෙර ස්නායු විශේෂඥයින් කණ්ඩායමක් අප මිය යන විට මොළයට සිදුවන්නේ කුමක් ද යන්න පැහැදිලි කරන ඔවුන්ගේ ඇතැම් විශ්මයජනක පර්යේෂණ තොරතුරු වාර්තා කර තිබේ. මේ කරුණ සම්බන්ධ සතුන්ගේ තත්වය මින් පෙර නිරීක්ෂණය කර ඇති නමුත් මිනිසුන් සම්බන්ධව එවැනි නිරීක්ෂණ වාර්තා වි නැත.

හෘදය වස්තුව නතර වීමෙන් පසු විනාඩි කිහපයක් යන තෙක් මොළය "පණපිටින්" පැවතිය හැකි බව සනාථ වී ඇත. හෘද ස්පන්දනය හෝ රුධිරය පොම්ප කිරීම නැවතුනවිට මොළයට ඔක්සිජන් සැපයීම ක්ෂණිකව නවතියි. එමගින් අඩු වී යන ශක්තිය සංරක්ෂණය කිරීමේ අවසන් ප්‍රයත්නය ලෙස හදවත නැවතී තත්පර 20 සිට 40 දක්වා කාලයක් තුලදී  " cerebral ischemia (මෂ්තිස්ක ඉෂ්මය)" ස්පන්දනය වන අතර නියුරෝන මූලික වශයෙන් "sleeping mode (නිදාගන්නා තත්වය)"ට පත්වේ. මේ මොහොතේ මොළය ඉලෙක්ට්‍රොනිකව අක්‍රියව පවතින නමුත් එම අවස්ථාවේදී වුවද මොළය නැවත ජීවයට පත්කළ හැකි බව අවම වශයෙන් න්‍යායාත්මකව දැක්වේ.

ඉන් විනාඩි කිහිපයකට පසු " brain tsunami (මොළේ සුනාමිය)" ලෙස හැඳින්වෙන ස්නායු විද්‍යුත් ක්‍රියාකාරිත්ව හා තාප තරංගයක් මොළය හරහා විහිදුවා හරිම සිදුවේ. ඉන්පසුව ස්නායු සෛල තුල හා පිටත අතර ඇති අයනවල අසමාන ව්‍යාප්තිය පවත්වා ගැනීමට මොළයට නොහැකි වන බැවින් නියුරෝන විධ්‍රැවිකරණය වි  ඉලෙක්ට්‍රොනික රසායනික ශක්තියක් මුදාහරියි.

සෛල තුල අඩු ඍණ ආරෝපණයක් තත්වයක් ඇති කරන විද්යුත් ආරෝපණ බෙදාහැරීමේ ක්‍රමයේ මාරුවීමකට සෛල භාජනය වි සෛල තුල වෙනස් වීමක් සිදුවීම ජීව විද්‍යාත්මක විධ්‍රැවිකරණය ලෙස සැලකේ. සංකීර්ණ ජීවීන්ගේ බොහෝ සෛල එහි බාහිරයට සාපේක්ෂව වඩා වැඩි සෘණ ආරෝපනයක් අභ්‍යන්තර පරිසරයේ පවත්වාගෙන යයි. එම වෙනස “membrane potential (ශෛලමය පටල විභවය)” ලෙස හැඳින්වේ. විධ්‍රැවිකරණය ක්‍රියාවලියේදී සෛලයේ අභ්‍යන්තර ආරෝපණ තාවකාලිකව වඩා ධනාත්මක (අඩු ඍණාත්මක) තත්වයකට පත්වේ.

අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ සහ ආඝාතය පිළිබද පර්යේෂණ ක්‍රියාත්මක කරන චාලට් පර්යේෂණ කේන්ද්‍රයේ ආචාර්ය Jens Dreier (ජෙන්ස් ඩ්රෙයියර්) සමග ජර්මනියේ VICE සඟරාව පැවැත්වූ සාකජ්චාවේදී මෙවැනි ක්‍රියාවලියක් පිලිබදව මින් පෙර Star Trek නම් විද්‍යාත්මක ප්‍රබන්ධ චිත්‍රපටියේ සදහන් වි තිබුණද එය මිනිසුන්ගේ මොලය සම්බන්ධ ස්නායු විශේෂඥයින්ගේ පර්යේෂණයක ප්‍රතිපලයක් නොවන බවත් එය බොහෝවිට සතුන්ගේ මොලය සම්බන්ධව එවකට කර තිබු අධ්‍යනයක ප්‍රතිපල ආදේශ කිරීමක් විය හැකි බවත් සදහන් කර ඇත.

"මෙලෙස මොළයේ ගවේෂණවල නියැලුණු පළමු පුද්ගලයා, 1940 ගණන්වලදී හාවන් පිළිබඳ අධ්‍යයනයන් කළ බ්‍රසීලියානු ස්නායු මානසික විද්‍යාඥයෙක්. අපි කළ සම්පුර්ණ අධ්‍යයනය නම් එම ක්‍රියාවලිය මිනිසුන් තුලද සිදුවන බව පෙන්වා දීම.” යැයි Dreier තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/_CWSNSY-dW8?t=89

May 1, 2018

සුදුළුණු හා මී පැණි භාවිතයෙන් බලගතු බෙහෙතක්


සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද?
ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින් කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම , රුධිර නාල තුල ලේ කැටි ඇති වීම වැළක්වීම , පිළිකා සෛල විනාශ කිරීම හා සිරුරට අහිතකර බැක්ටීරියා මර්ධනය කිරීම සිදු කරනවා. සුදුළුණු තුල කැලරි ගොඩක් අඩංගු නොවුනත් මැන්ගනීස් , විටමින් B6 , විටමින් C , සෙලේනියම් හා ෆයිබර් වැනි පෝෂණ සංගටකයන්ගෙන් කිසිදු අඩුවක්නැත.

Spirulina


ස්පිස්පිරුලිනා “Spirulina” යනු සෞඛ්‍යය වාසි බොහොමයක් අන්තර්ගත වන ප්‍රභාසංස්ලේෂණය මගින් තම ශක්තිය පවත්වා ගෙන ඔක්සිජන් වාතය පිට කරනු ලබන බැක්ටීරියා “cyanobacteria” විශේෂයකි.ස්පිරුලිනා යනු තද කොල පැහැති ඇල්ගී විශේෂයක් වන අතර ජලාශ වල මතු පිට වර්ධනය වේ. ස්වභාවික ඇල්ගී වර්ගයක් ලෙස හඳුනවා දිය හැකි ස්පිරුලිනා ප්‍රෝටීන්, ප්‍රභල ප්‍රතිඔක්සිකාරක, විටමින් B සහ වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක වලින් පොහොසත් වේ.

පෘථිවිය මත පිහිටවූ අඟහරු ග්‍රහයාගේ ආදර්ශන


අඟහරු ග්‍රහයාගේ සිතියමක් සෑදීමට උපයෝගි කරගන්නා භූ-රේඩාර් පද්ධතියක් පරීක්ෂා කිරීමට විද්‍යාඥයෝ දෙදෙනෙකු එක්ව කටයුතු කරති. අභ්‍යවකාශගාමීන් මෙන් අභ්‍යවකාශ ඇඳුම් කට්ටල පැළඳ සිටින ඔවුහු කඳු හා වැලි සහිත භූමිය හරහා පැතලි පෙට්ටි ඇදගෙන යති. ඔවුන්ගේ ආරක්ෂිත උපකරණවල දීප්තිමත් සුදු පැහැය අවට ඇති වැලි සහ අපිරිසිදු වර්ණයන්ට එරෙහිව කැපී පෙනේ.

භූ-රේඩාර් ක්‍රියා කිරීම නැවතුන විට, ඔවුන් දෙදෙනා තම වාහන වෙත ආපසු ගොස් ගුවන් විදුලිය භාවිතා කර උපදෙස් ලබාගැනීම සදහා ආසන්නයේ පිහිටි කඳවුරක සිටින තමන්ට මාර්ගෝපදේශ ලබාදෙන විද්‍යාඥයින් සම්බන්ධකර ගැනීමට උත්සහ කරයි. යුරෝපීය ඇල්ප්ස් වල දුර බැහැර පිහිටි සිය අණ දෙන මධ්‍යස්ථානය සමඟ සෘජුව කථා කිරීමට ඔවුන්ට අපහසු වන අතර එහි සිට කෙරෙන සන්නිවේදනය විනාඩි 10 ක ප්‍රමාදයක් සහිත වේ.

එහෙත් විද්‍යාඥයන් සිටිනුයේ අඟහරු ග්‍රහයා මත නොවේ. ඔවුන් සිටිනුයේ යේමනය සහ සවුදි අරාබි මායිමට ආසන්නව පිහිටි දකුණු ඕමාන්හි කාන්තාරයේය. රතු ග්‍රහයා වෙත මින්සුන් සහිත අභ්‍යකාශ යැවීම සදහා විද්‍යාඥයන්  විසින් තෝරාගෙන ක්‍ෂේත්‍ර පරීක්ෂණ පවත්වන මෙම කාන්තාරය බොහෝ සේ අඟහරුට සමාන යැයි සැලකේ. එය අඟහරු වෙත ගගනගාමීන් යැවීමට දරන ප්‍රයත්නයක පෙරහුරු වේ.

පසුගිය සතියේ SpaceX's Falcon  බර රොකට්ටුව සාර්ථකව දියත් කරන ලදී. ඒඅනුව ඈත අභ්‍යවකාශයට යැවිය හැකි දේ පිලිබදව සම්පූර්ණයෙන්ම වෙනස් මානයකට අපව යොමු කර තිබේ. එම රොකට් පරීක්ෂාවෙන් පසු ඊළඟ පියවර, අභ්‍යවකාශයේ ඉංජිනේරුමය නොවන ගැටලු එනම් උදාහරණයක් ලෙස හදිසි වෛද්‍යමය අවස්ථාවන් සදහා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? යන්න පිළිබදව ක්‍ෂේත්‍ර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම බව අඟහරු ග්‍රහයා තුල අනාගත මෙහෙයුමක අනුකරණයක් සදහා අභ්‍යවකාශ ඇඳුම් කට්ටල පැළඳ දකුණු ඕමාන්හි Dhofar (ඩොෆාර්) කාන්තාරයේ පෙරහුරවක යෙදී සිටි Analog අජටාකාෂගාමි කුමාර් පවසා තිබේ.

අඟහරු මෙහෙයුමකදී මෙම කරුණු සැහැල්ලුවෙන් සැලකිය නොහැකිය. අන්තර් ග්‍රහලෝක චාරිකා සඳහා සූදානම් වීමේ පෙරහුරු සාමාන්‍යයෙන් පෘථිවිය මතද සිදු කෙරේ. ඒ සදහා අපේ පෘථිවි කාන්තාර හොඳම පරිසරයන් කිහිපයක් සපයයි. එනිසා අඟහරු වෙත චාරිකාවට අවශ්‍ය උපකරණ සහ පුද්ගලයින් පිළිබද ක්‍ෂේත්‍ර පරීක්ෂණද පෘථිවිය මත ක්‍රියාත්මක කරනු ලැබේ.

අභ්‍යවකාශයේ සිට නරඹන විට ඩොෆාර් කාන්තාරය පැතලි, දුඹුරු ප්‍රදේශයක් සේ දිස්වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 ට වැඩි අරාබි අර්ධද්වීපයේ මෙම කොටසෙහි සතුන් හෝ ශාක සුළු ප්‍රමාණයක් පමණක් ඇත. නැගෙනහිර ඕමාන් මායිමේ පිහිටා ඇති සීමාවක් නොපෙනෙන වැලි කාන්තාරයේ ආදර්ශ අඟහරු කඳවුර පිහිටුවා තිබේ. මෙම කඳවුර ස්වයංපුර්ණ මිනිසුන් ජීවත් වන හා වැඩ කරන විශාල ප්‍රදේශයකි. එය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය රසායනාගාර හා ජීවත්වීමට ඉඩ පහසුකම් සපයන නැව් බහාලුම් වලින් වටවී තිබේ.

වෙනසක් දැකීමට අපහසු ලෙස කාන්තාරයේ මතුපිට අඟහරු ග්‍රහයා මෙන් පෙනේ. එහි ලුණු ශිඛර සහ ගංගා පතුල් අඟහරු ග්‍රහයා මත දකින බොහෝ දේවලට සමානය.

ඔස්ට්රියානු අභ්‍යවකාශ සංසදයේ ඊළඟ අඟහරු අනුකරණ පර්යේෂණ ක්‍රියාවලිය සදහා සත්කාරකත්වය සැපයීමට ඕමාන් රජය ඉදිරිපත් විය. මෙම යෝජනාව ඉදිරිපත් වූයේ අභ්‍යවකාශයේ සාමකාමී භාවිතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ කමිටුවේ රැස්වීමකදීය. මෙම අඟහරු අනුකරණ පර්යේෂණ ක්‍රියාවලියේ ඕමාන් අණදෙන නිලධාරී Gernot Groemer (ගර්නොට් ග්රෝමර්) ප්‍රකාශ කළේ ඔහුගේ කණ්ඩායම එම යෝජනාව සතුටින් පිළිගත් බවයි.
 
ලොව පුරා විද්‍යාඥයින් පර්යේෂණ සඳහා අදහස් ඉදිරිපත් කළ නිසා මෙම ව්‍යාපෘතිය “Aouda” නම් නව අභ්‍යවකාශ  ඇඳුම් කට්ටලය පරීක්ෂා කිරීම ඇතුලුව විද්‍යාත්මක පර්යේෂණ 16 ක් දක්වා ඉක්මණින් වර්ධනය විය. “Personal spaceship (පෞද්ගලික අභ්‍යවකාශයානය)”ලෙසද හැඳින්වූ  කිලෝග්‍රැම් 50 ක් පමණ බර නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය මගින් හුස්ම ගැනීමට, ආහාර ගැනීමට සහ සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියා සිදුකිරීමට හැකියාව ලැබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/QWsdvLgVmEc?t=5