Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 11, 2016

මාරාන්තික සිකා වෛරසය ගැන තොරතුරු බිදක්

සිකා වෛරසය ප‍්‍රථමයෙන්ම වෙන්කොට හඳුනාගනු ලැබුවේ 1947 දීය. මුල් වරට එය විද්‍යාත්මක පති‍්‍රකාවක විස්තර කරනු ලැබුවේ 1952 දීය. අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ මෙය ඇතිවන බව කලක සිටම දැන සිටියේ නමුදු මෑතක දශකයක පමණ කාලය දක්වා විද්‍යාත්මක ලේඛනවල විස්තර කරනු ලැබ තිබුණේ අවස්ථා 15 වැනි සුළු සංඛ්‍යාවකදී පමණි. 2007 දී බටහිර ශාන්තිකර දූපතක් වන යැප් දූපතේ සිකා වෛරසය දරුණු ලෙස පැතිර ගියේ ය. ඉන් අනතුරුව සිකාව අනෙකුත් ශාන්තිකර දූපත් හරහා ප‍්‍රධාන පෙළේ චාරිකාවක යෙදී අවසානයේ ගොඩ බැස්සේ බ‍්‍රසීලයටයි. එතැනින් සිකාව දකුණු ඇමරිකාවේ අනෙකුත් කොටස්වලට, මධ්‍යම ඇමරිකාවට, මැක්සිකෝවට සහ කැරීබියන් දූපත් වෙත ද සීඝ‍්‍රයෙන් පැතිරෙන්නට විය.


 සිකා වෛරසයේ  ව්‍යාප්තිය

අපි‍්‍රකාවේ හා ආසියාවේ ද මේ අන්දමේ දරුණු මට්ටමේ හදිසි ව්‍යසන සමහරවිට ඇතිවන්නට ඇත. එහෙත්, එසේ වී තිබුණෙත් ඊට අවධානයක් යොමු වුණේ නැත්තේ විද්‍යාඥයන් ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වීම හේතු වෙන් විය හැකිය. එහෙත් වර්තමාන දැවැන්ත වසංගතය සිදුවෙතැයි අපේක්ෂාවෙන් සිටි සිද්ධියක් බදුය. කහ උණ වශයෙන් හැඳින්වෙන රෝගය බෝ කරන මදුරුවන් ලෙස ද හැූඳින්වෙන Aedes agypti මදුරුවන් අති විශාල සංඛ්‍යාවක් ලතින් ඇමරිකාවේ වෙසෙති. Aedes agypti සිකාව පතුරන ප‍්‍රධාන පෙළේ රෝග වාහකයෙකි. (ලොව පුරා වර්ධනය වෙමින් සිටින ආසියානු කොටි මදුරුවා (Asian tiger mosquito) වන A. albopictus ද රෝග වාහකයෙකු වෙතැයි විශ්වාස කෙරේ. ඊට අමතරව ඇමරිකාවේ කිසිවෙකුව තුළවත් මෙම වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තියක් ගොඩ නැඟී නැත. සංචාර කි‍්‍රයා හේතුවෙන් තත්ත්වය තවත් දරුණු වේ. සාමාන්‍යයෙන් ් මදුරුවන් සිය ජීවිත කාලය තුළ මීටර් ගණනකට වඩා පියාසර නොකරයි. එහෙත් ආසාදිත පුද්ගලයන් කාර් බස් කෝච්චි හා අහස්යානාවලින් ගමන් කරද්දී සිකා ද නගරයෙන් නගරයට රටින් රටට යයි. සිකාව යම්කිසි ප‍්‍රදේශයකට පැමිණි විට මෙම සාධකවල එකතුවේ ප‍්‍රතිඵලයක් ලෙස සිකා ඉක්මනින් හා වඩාත් ඈතට ව්‍යාප්ත වේ.
සිකා වෛරසය හේතුකොට ගෙන ඇතිවන උප්පත්ති දෝෂ
සිකාවෙන් බොහෝම විපතට පත් බ‍්‍රසීලයේ ප‍්‍රදේශවල මයික්‍රොසෙපලි (microcephaly)හෙවත් ලඝු ශීර්ෂතාව නම් රෝග තත්ත්වය ඇතිව උපන් බිළිදුන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් අත්දැකිය හැකි බවට පරිවේෂණීය සාක්ෂ්‍යය දැඩිව ඇත. මෙම රෝග තත්වය නිසා දරුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා කුඩා හිසක් සහිතව උපදින හෙයින් මොළය නිසියාකාරව වර්ධනයවීම සිදු නොවේ. එහෙත් සිකා වෛරසයෙන් ආසාදිත ගර්භනීන් පිළිබඳව සිදුකරන මුල් රෝග පාලන අධ්‍යයනවල (case-control studies) ප‍්‍රතිඵල ලබාගැනීමට අඩුම තරමින් තව මාස කිහිපයක් ගතවෙයි. බ‍්‍රසීලයේ වෛද්‍යවරුන්ට මයික්‍රොසෙෆලි රෝගයේ වැඩිවීමක් ඇති බව පෙනී ගියේ සිකා ආසාදනය ක්ෂණිකව ඉහළ යාමෙන් පසුව ජූනි හා ජූලි මාසවල සිදු කළ ගර්භනීන්ගේ අතිධ්වනි තරංග(ultra-sound) පරීක්ෂණවලදීය. භ‍්‍රෑණ වෛද්‍ය විශේෂඥයෙකු වන මැනුවෙල් සැමෝ පෙන්වා දෙන අන්දමට දැන් ඔහුට දකින්නට ලැබෙන මොළ හානිය සයිටොමෙගලෝ (cytomegalo) වයිරසය හෝ රුබෙලා වැනි අනෙකුත් ආසාදනවලින් සිදුවන මයික්‍රොෆොලිවලට වඩා වෙනස්ය.
සිකා වෛරසයට එරෙහි එන්නත් තිබේද?
දැනටමත් කණ්ඩායම් ගණනාවක් සිකා වෛරසය අපේක්ෂක එන්නතක් සෑදීම ආරම්භ කර ඇත. මේ කි‍්‍රයාදාමයට කෙසේ වෙතත් මාස ගණනාවක් ගතවෙයි. එන්නත් නිපදවීමේ ප‍්‍රයත්න කිහිපයකටම පදනම දැනට පවතින එන්නතක්මයි. සුදුසු වෛරස අපේකෂක එන්නතක් හමුවූ විට එය මුලින් සතුන් යොදා පරීක්ෂාවට ලක් කළ යුතු වේ. එන්නත මිනිසුන්ට ලබාදිය හැක්කේ ඉන් අනතුරුවයි. මිනිසුන්ට ලබා දෙන එන්නත් කුඩා පිරිසක් යොදාගෙන සිදු කරන පරීක්ෂණවලින් මුල පිරේ. ඉන් පසුව වඩාත් පුළුල් අධ්‍යයන සිදු කොට නිෂ්පාදනය සාර්ථක දැයි නිගමනය කළ යුතුය. මේ කි‍්‍රයාදාමයට සාමාන්‍යයෙන් මාස 10 ක් 15 ක් ගත වේ. දැනට තිබෙන හදිසිය නිසා මෙම කාලය මදක් කෙටි කළ හැකි වුවත්, සිකා වෛරසයක් වානිජ මට්ටමින් එළ දැකීමට වසර 5 සිට 7 දක්වා කාලයක් ගත වනු ඇතැයි ඇ.එ.ජ. අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයෙහි(U.S. National Institute of Allergy and Infectious Diseases) අධ්‍යක්ෂ ඇන්තනි ෆොසි කියයි.

සිකා පැතිරයාම වැළැක්වීමට අපට කළ හැක්කේ කුමක්ද?
මදුරුවන් මිනිසුන්ට විදීම නතර කිරීමයි. කුඩා ජල සංචිත ඉවත් කිරීමෙන් මදුරු ගහණයන් අඩු කිරීමට රටවල්වලට හා ප‍්‍රජාවන්ට කි‍්‍රයා කළ හැකිය. හිස් බෝතල්, මල් පෝච්චි, ඉවත දමන ලද ටයර වැනි මේ කුඩා ජල සංචිත මෙම ් මදුරුවන් බෝවෙන ස්ථානයි. මදුරුවන්ගේ ප‍්‍රහාරයට ගොදුරුවීම වැළැක්වීම පිණිස සියල්ලන්, විශේෂයෙන්ම ගැබ් ගැනීමට ඉඩ ඇති කාන්තාවන් කි‍්‍රයා කිරීම යෙහෙකි. ජනේලවලට තිර සවිකිරීම, සම වැසෙන සේ ඇදුම් ඇඳීම, කෘමි විකර්ෂක භාවිත කිරිම ඉන් කිහිපයකි. කෙසේ වෙතත් ඉතිහාසයේ පෙන්වා දෙන්නේ වසංගතය මත මදුරුවන් පාලනය කිරීමේ ප‍්‍රයත්න ඇතිකරන බලපෑම වැඩිම වුණොත් සාමාන්‍ය මට්ටමේ බවයි. එමෙන්ම දිගට පවත්වාගෙන යාම ද අසීරු බවයි.

උපුටාගැනීම- American Association for the Advancement of Science(AAAS) – SCIENCE සඟරාවෙනි

February 10, 2016

ජාන තාක්ෂණික ආහාර හා අපේ අනාගතය

ජාන ලෙස හදුන්වන්නේ මොනවාද?
කිසියම් සත්වයෙකුගේ හෝ ශාකයක එම ජීවියාගේ හැඩය,වර්ණය,ගන්ධය ආදී විවිධ ලක්ෂණ තීරණය කරන කුඩා කොටස ජාන ලෙස හැදින්වේ. (විවිධ වූ රටවල මිනිසුන් විවිධ හැඩරුව ගැනීමත්, සමේ පැහැය, හිස කෙස් වල වර්ණය හා දේහ ලක්ෂණ මෙම ජාන මත පදනම් වී ඇති නිසා ඇති වූ ලක්ෂණ වේ).
ජාන තාක්ෂණය
සතෙකුගේ හෝ ශාකයක හෝ වෙනත් යම් කිසි ජීව විශේෂයක සෛල තුල පවතින ජාන වලින් ඇතැම් ජාන කොටස් වෙන්කර එම කොටස් තුලට වෙනත් සත්ත්වයෙකුගේ හෝ ශාකයක ජාන එකතු කරමින් නව ශාකයක් හෝ සත්වයෙක් බිහි කිරීමේ තාක්ෂණික කටයුතත ජාන තාක්ෂණය ලෙස හැදින්වේ.

ජාන තාක්ෂණයේ ආරම්භය
ජාන තාක්ෂණය විසි වන සියවස මැද භාගයේ පටන් ලෝකය තුල ඇතිවූ නව තාක්ෂණික ප්‍රවණතාවක් ලෙස හැදින්විය හැක. සීඝ්‍ර ජනගහන වර්ධනය හමුවේ දැනට ඉතිරි වී ඇති ස්වභාවික සම්පත් එක හා සමාන ලෙස ලෝකයේ රටවල් අතර බෙදී යාමක් සිදු නොවන හෙයින් ඉතා කෙටි කාලයකින් අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමෝපායන් මෙතුලින් විමසා බැලේ.දැනට මෙය ප්‍රධාන  වශයෙන් ආහාර භෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පුලුල් ලෙස විමර්ෂණයට ලක් කෙරේ. තත්වය එසේ වුවත් ජාන තාක්ෂණික ක්‍රම සහ පර්යේෂණ තවමත් සිමා වී ඇත්තේ ලෝකයේ රටවල් අතලොස්සක පමණි. උදාහරණ ලෙස ඇමරිකාව,ආර්ජන්ටිනාව‍, චිනය බ්‍රසීලය,ජපානය වැනි රටවල් දැකිවිය හැකිය. ඔවුන් විසින් හදුනාගනු ලැබූ මෙම ක්‍රියාවලිය අවසානයේ දී සමස්ථ මානව සංහතියේ යහපත පිණිස හේතු වේද යන්න පුලුල්ව විමසා බැලීම වටී.

ජාන තාක්ෂණය  හා අනාගත අභියෝග
ජනගහනය සීඝ්‍ර ලෙස වර්ධනය වන මෙවන් වකවානුවක ආහාර පිලිබද ව වූ ගැටලුව ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයකි. දියුණු රටවල ඇති ආහාර අතිරික්තය මුහුදට විසිකරමින් තම රට වැසියනට පෝෂ්‍ය ගුණය සහිත මත්ස්‍ය නිෂ්පාදනයට වෑයම් කරන රටවල් මෙන්ම සාගින්නෙන් දිනකට එක් කැද කෝප්පයක් නොලැබෙන රටවල වැසියන්ද අද වන විට ලෝකය තුල ජීවත් වෙමින් සිටී. එහෙත් ජාන තාක්ෂණය පිහිටෙන් මොවුන්ගේ බඩගින්න උදෙසා සාධාරණ වූ විසදුමක් ලැබේද යන්න ගැටලුවකි.
අද වන විට ලෝකයේ බොහෝ රටවල ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද ශාක විශේෂ වගා කෙරේ. මෙයින් ඇතැම් ඒවා මිනිස්  පරිභෝජනය පිණිස වන අතර ඇතැම් ශාක ප්‍රබේද වෙළද භාණ්ඩ නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යයක් වශයෙන් වගා කෙරෙයි
අස්වැන්න වැඩි කිරීම , වර්ණය, රසය හා හැඩය වෙනස් කිරීමේ හැකියාව ජාන තාක්ෂණය සතු වුවද එයින් ඇති වන භයානක ප්‍රතිඵල ගැන ඇති දත්ත ඉතා අල්පය. එම දත්ත හෙලි නොකෙරේ. මෙවැනි තත්වයක් හමුවේ ජාන තාක්ෂණික ආහාර තුලින් අනාගත අභියෝග කොතෙක් දුරට ජයගත හැකිද වේද යන්න තවමත් විසදාගත නොහැකි ගැටලුවකි. කෙසේ වෙතත් කුසගින්න නිවීමට කුමක් වුවත් රසයෙන් හා හැඩයෙන් යුත් ආහාර නිපදවීම ජාන තාක්ෂණයේ අවසානය බව පෙනී යන අවස්ථාද වේ. මෙම රසයෙන් හා හැඩයෙන් යුත් ආහාර තමන් කෑමට පෙර දුප්පත් රටවල ජනයාට කැමට දී ඇතිවිය හැකි අහිතකර තත්වයන් පිළිබද සොයා බැලිම දැන් සිදුවේ.

ජාන ආහාර නුසුදුසු ඇයි?
අද වනවිට ලෝකයේ දියුණු රටවල් ජාන තාක්ෂණය පිළිබද පර්යේෂණ සිදු කළද ඔවුන් එම රටවල වැසියන් ජාන තාක්ෂණික ආහාර වලින් ආරක්ෂා කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාව ජාන නවීකරණය කරන ලද ඉරිගු මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව පවසා තිබේ. බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුලු රටවල් ගණනාවක් මෙසේ ජාන ආහාර භාවිතය තහනම් කර ඇති අතර ඇතැම් රටවල් සීමා පනවා ඇත
 එසේ නම් අපි කුමක් කරමුද?


පොත පත ඇසුරිනි.
සකස්කළේ
ලතිකා දිල්රුක්ෂි ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි

February 9, 2016

මෝටර් රථයක් එසවීමට හැකි යාන්ත්‍රික ශරීර කූඩුව(skeleton).

 
මිනිසෙකුට එසවිය හැකි බර ප්‍රමාණය, ශරීර කූඩුව එනම් ඇට සැකිල්ලේ ශක්තිය මත රඳා පවතී. විශාල බර ප්‍රමාණයක් එසවීම අතීතයේ සිටම පැවත එන වීර ක්‍රියාවකි. ඉතිහාසයේ නීල මහා යෝධයාගේ සිට fantastic four වැනි මෑත චිත්‍රපටිවලද එවැනි වීරයෝ උත්කර්ෂයෙන් සළකති. ඒ සඳහා විශාල ශරීරයක් තිබීම හෙවත් යෝධයකු වීම අවශ්‍ය යැයි සැලකේ. 

මිනිසාගේ ස්වකීය බර අනුව බර එසවීමේ දස්කම් ඔලිම්පික් ක්‍රීඩාවේදී මැන බලයි. 56 kg බර පංතියේ ක්‍රීඩකයකු 137 kg එසවු බවටද 105 kg බර පංතියේ ක්‍රීඩකයකු 212 kg එසවු බවටද වාර්ථාගත වී තිබේ. එහෙත් මිනි කුපර් වර්ගයේ මෝටර් රථයක් එසේත් නැතිනම් කි.ග්‍රෑම් 1434  ක් පමණ (රාත්තල් 2524) වන බරක් මිනිසෙකුට එසවිය හැකිවේද ? චිත්‍රපටවල සුපිරි වීරයෝ එම දස්කම් පාති. ඒඅනුව සුපිරි වීරත්වය වඩාත් යථාර්තවාදීව ඉදිරිපත් කිරීමට ශරීරය වසා ගන්නා කෘතිම යාන්ත්‍රික ශරීර කූඩුවකින් (skeleton) විශාල බර ඔසවන Iron Man නිර්මාණය විය.

සත්‍යවශයෙන්ම Iron Man ඇඳුම් කට්ටලයක් හෙවත් වඩා ශක්තිමත් කෘතිම ශරීර කූඩුවක් හෙවත් ඇටසැකිල්ලක් කැනඩාවේ, ඔන්ටෝරියාවේ  පිහිටි තම ගරාජයේදී නිර්මාණය කිරීමට James Hobson තරුණයා සමත්වී ඇත. Iron Man චිත්‍රපටිය නැරඹීමෙන් උද්යෝගයට පත් ඔහු තම  ඉංජිනේරු උපාධි දැණුම භාවිතාකර බැටරියකින් ක්‍රියාත්මක කළ හැකි කෘතිම ශරීර කූඩුවක් සකස් කළේය. දැනට වසර 02 ට පෙර එම කෘතිම ශරීර කූඩුව ඇඳ පැළඳ ගත් Hobson, සජීවී රුපවාහිනි වැඩසටහනකදී  124 kg බරක් ඔසවන ලදී. එමගින් සුපිරි ශරිර කූඩුව තවදුරටත් මිථ්‍යාවක් නොවන බව පැහැදිලි විය. ඔහුගේ නවතම සැලැස්මට අනුව නිෂ්පාදිත කෘතිම ශරීර කූඩුව පැළඳගත් ඔහු 1144 kg බරැති මිනි කුපර් මෝටර් රථයක් පිටුපස රෝද දෙකෙන් ඔසවා මෑතකදී තම දස්කම් වඩා ඉහල මට්ටමකින් ප්‍රදර්ශනය කරන ලදී. වීඩ්යෝව නරඹන්න. අනාගතයේදී කෘතිම ශරීර කූඩු සහිත Iron Man ලා අලි ඇතුන් මෙන් කටයුතු කරනු ඇත්දැයි අපි බලා සිටිමු.

උපුටාගැනීම :-
Home maid Iron Man suit can lift a mini Cooper  by Tom Hale
https://www.youtube.com/watch?v=tMc1hGU1LN

February 8, 2016

ඔබගේ ස්මාට් දුරකථනය, සූර්ය පනේලයක් වී ස්වයංක්‍රීයව බලශක්තිය උපදවයිද?

අනාගතයේදී ස්මාට් දුරකථනය සූර්ය පනේලයක් බවට පරිවර්තනය වී දුරකථනය විසින්ම ස්වයංක්‍රීයව නැවත ආරෝපනය කරගනු ඇත. එනිසා නැවත ආරෝපණය කිරීම සඳහා විදුලි පේනුවක් සොයනු වෙනුවට හිරු එලිය ඇති ස්ථානයකට යෑම ප්‍රමාණවත් වේ. ස්මාට් දුරකථන මතුපිට පෘෂ්ට පමණක් නොව බොහෝ පෘෂ්ටයන් හෙවත් ස්ථරයන් සූර්ය පනේල බවට පරිවර්තනය කළ හැකි පාරදෘශ්‍ය ආලේපයක් MIT Startup විසින් නිර්මාණය කර තිබේ.

සුර්ය කිරණවල ඇති පෝටෝන උරා ගෙන ඒවා විදුලිය බවට පරිවර්තනය කිරීම සාමාන්‍යයෙන් සූර්ය පනේල මගින් සිදුවේ. අඳුරු බව වැඩිවීම අනුව දෘශ්‍ය ආලෝකය වැඩිවශයෙන් අවශෝෂණය  කිරීම නිසා පනේල බොහෝවිට අඳුරු පැහැයක් ගනී. ඒ අනුව අර්ථ දැක්වීමෙන්ම දෘශ්‍ය ආලෝකය උපරිමව අවශෝෂණය සඳහා සූර්ය පනේල අදුරු විය යුතු බැවින් මෙම පාරදෘශ්‍ය පනේල අසාමාන්‍ය වේ. පාර දෘශ්‍ය ස්ථර තුලින් හිරු කිරණ අවශෝෂණය නොකරන අතර හුදෙක් හිරු කිරණ ඒ තුලින් ගමන් කිරීම සිදුවේ.

MIT ට අනුව සාර්වත්‍රික ශක්තිය ලෙස හිරුගේ පාරජම්බුල කිරණ හා අධෝරක්ත කිරණ අවශෝෂණය කරන ආලේපයක් කාබනික අණු වලින් නිපදවා තිබේ. මෙම කිරණ සාමාන්‍ය මිනිස් ඇසට දෘශ්‍ය වන පරාසයට පරිබාහිර බැවින් ඒවා සාමාන්‍ය ඇසට නොපෙනේ.එනිසා නව ආලේපය පාරදෘශ්‍ය වේ.තවද නව ආලේපය අර්ධසන්නායකද වේ.එවැනි මතු පිටක් හා පෝටෝන ගැටුණු විට එමගින් ඉලෙක්ට්‍රෝන නිකුත් වේ. ස්මාට් දුරකථනය හෝ වෙනත් උපකරණයක් බලගැන්වීම සඳහා මෙම ගලායන ඉලෙක්ට්‍රොනික ධාරාව විදුලි ධාරාවක් ලෙස ක්‍රියා කරයි. මීට අමතරව නව සොයාගැනීමක් වූ මෙම ආලේපය බොහෝ මතුපිට සඳහා ආලේප කළ හැකිය.  එමගින් බොහෝ පෘෂ්ට (ස්ථර) විදුලි ප්‍රභාවයන් බවට පරිවර්තනය කල හැකි බව සමාගමේ නිර්මාතෘ MILES BARR පවසයි. ස්මාට් ඔරලෝසු, දුරකථන, නිවාසවල ජනේල පමණක් නොව මෝටර් රථ බොඩි  (මතුපිට) වැනි විවිධ පෘෂ්ට මෙලෙස විදුලි ප්‍රභාවයන් බවට පහසුවෙන් පත් කළ හැකි වේ. නව තාක්ෂණය තව දුරටත් පරිනත වූ පසු ලොව කර්මාන්තශාලා 2/3 ක පමණ සූර්ය පනේල තාක්ෂණය යොදා ගන්නා අතර සූර්ය කිරණ 10% ප්‍රතිශතයකින් විදුලිය බවට පරිවර්තනය වනු ඇතැයි MILES BARR බලාපොරොත්තු පළ කරයි.


උපුටා ගැනීම :-
Turn your smart phone Into Solar panel. Let Device re Charge itself by Nicole Lou

https://www.youtube.com/watch?v=f3RgaUovObw

February 3, 2016

වසර 2020 වන විට අහස සිඹින ගොඩනැගිලි

ප්‍රංශයේ අයිෆල් කුළුනේ උසට එනම්  ආසන්න වශයෙන් මීටර 300 ක් හෝ ඊට වඩා උසැති ගොඩනැගිලි 100 කට වඩා ලොව පුරා දැනට ඉදිකර තිබේ. ගෘහනිර්මාණ ශිල්පීන් විසින් ඒවා    ‘ Super tall (සුපිරි උස) ලෙස නම් කර ඇති අතර බොහොමයක් වසර 10 ක කාලය තුලදී ඉදිවූ බවට තොරතුරු අනාවරණය කරයි. ඒ නිසා එම කාල වකවානුව ‘Super tall era සුපිරි උස යුගය ලෙසද හැදින් වේ. Dezeen වාර්තා කරන පරිදි උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස කවුන්සිලයට අනුව අපි සුපිරි තත්වයෙන් පසු මෙගා උස (Mega tall) තත්වය අපි   ලගා කර ගනිමින් සිටිමු. මීටර 600 ට වඩා උසැති ගොඩනැගිලි ‘Mega tall skyscraper(අහස සිඹින මෙගා උස) කණ්ඩායමට අයත් වේ.

අද දවස වන විට Mega tall skyscraper  කණ්ඩායමට අයත්වන ගොඩනැගිලි 3ක් ඇත. වසර 2010 දී සම්පූර්ණ කරන ලද ඩුබායි හි Burj khalifa  මීටර 828 එනම් අඩි  2717 ක් උසය. චීනයේ සැංනායි නුවර ඉදිකර ඇති Shanghai Tower අඩි  2073 (632 m) උස වන අතර 2015 දී සම්පූර්ණ කර තිබේ. වසර 2012 දී සම්පූර්ණ කළ Mecca හි අඩි 1972 (601 m) උස Makkah Royal Clock Tower  තෙවැන්න වේ. නමුත් මෙම ගොඩනැගිලි ප්‍රමාණය 2020 වන විට දෙගුණයකින් පමණ වැඩිවන බව අපේක්ෂා කෙරේ. ඒ සදහා දැනට ඉදිකරගෙන යමින් පවතින පහත ගොඩනැගිලි 4ද එක්වනු ඇත.



v  Kingdom Tower : සවුදි අරාබියේ ජෙඩාහි ඉදි කරන මෙය 2018 දී සම්පුර්ණ කිරිමට අපේක්ෂිත අතර උස අඩි 3280 (1000 m) එනම් කිලෝමීටර 1 ක් වේ.

v Shanghai Tower: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම අඩි 2093 ක් (638 m) උස ගොඩනැගිල්ල වසර 2020 දී නිම කිරීමට නියමිතය.

v Greenland centre:  චීනයේ වුහන් නුවර ඉදිකරන අඩි 2087 (638 m) උස මෙම ගොඩනැගිල්ල 2018 දී නිම කිරීමට බලාපොරොත්තු වේ.


v චීනයේ සෙන් සෙන්හි Pin An Finance Centre  අඩි  1969 ක් උස වන අතර 2016 දී නිම කිරිමට බලාපොරොත්තු වේ.

එහෙත් මෙම සියලු ගොඩනැගිලි ආසියාවේ සහ මැද පෙරදිග ඉදිවීම සැලකිය යුතු කරුණකි. යුරෝපය හා ඇමරිකාව මෙම රටාවෙන් මිදී සිටීද Mega tall  Slcyscraper ගොඩනැගිලි අමතර භූමිය ලබා දෙනවා මෙන්ම දියුණුවේ සහ ධනවත් බවේ සංකේතයක් ලෙසද සැලකේ. කෙසේ වෙතත් මෙම ගොඩනැගිලි වල ඉඩ පහසුකම් සඳහා විශාල මිලක් නියම විය හැකි නමුත් ඉදිකිරීමේ විද්‍යාවේ සංවර්ධනය සඳහා ද මේවා තීරණාත්මකව දායක වේ.


උපුටාගැනිම :

Check out all the mega tall skyscrapers   we will have By 2020

https://www.youtube.com/watch?v=Cioj_KYMVP8

February 1, 2016

ලුණු ගැන ඔබ දන්නා,නොදන්නා දේ.......

          ලුණු ඔබේ ආහාරය රසවත් මෙන්ම පෝෂ්‍යදායී කරනු ලබයි.එය ඔබේ සිරුරේ පද්ධතීන් නිසි ලෙස ක්‍රියාත්මක වීමට වැදගත් වේ.මේස ලුණු වල අඩංගු වන ප්‍රධාන සංඝටකය වන සෝඩියම් ඔබේ සිරුරේ රුධිර සංසරණය හා රුධිර පීඩනය පාලනය කරනු ලබයි.එසේම එය ස්නායු හා පේශි තන්තු අතර සන්නිවේදන කටයුතු සදහා ද ඉවහල් වේ.
         අනෙක් සංඝටකය වන ක්ලෝරයිඩ් ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායක වේ.එනිසා ඔබ ගන්නා ආහාරයේ අඩංගු ලුණු,මෙම ඉහත අවශ්‍යතාවයන් සපුරා ගනිමින් යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඉවහල් වේ.
          නමුත් පමණට වඩා මේස ලුණු ආහාරයට ගැනීම ඔබට අහිතකර විය හැක.එසේ අධිකව ලුණු ආහාරයට ගත් විට සිරුරට අමතර ජල ප්‍රමාණයක් දරා ගෙන සිටිය යුතු බැවින් වැලමිට,දණහිස්,මැණික් කටුව වැනි ස්ථාන ඉදිමීමට ලක්විය හැක.එමෙන්ම සෝඩියම් වල විද්‍යුත් විච්ඡේදතාවය නිසා වකුගඩු වලට අමතර සීග්‍රතාවයකින් ක්‍රියා කිරීමට සිදුවේ.වකුගඩු වල ජීව කාලය අඩු වීමට මෙය ප්‍රධාන වශයෙන් බලපායි.වකුගඩු වල ක්‍රියාකාරිත්වයට ඉහළ රුධිර සැපයුමක් අවශ්‍ය බැවින් සිරුර තුල රුධිර සංසරණය වේගවත් වී අධිරුධිර පීඩනය හා මන්ද්‍යාතති තත්ව ඇතිවේ.
      අධික ලුණු සහිත ආහාරයක් ගත් පසු දැනෙන දැඩි පිපාසය ඔබ අත්දැක ඇති බවට සැකයක් නැත.නමුත් එම පිපාසය සංසිදවීම සදහා ජලය පානය නොකෙරූ විට සිදුවන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට අවශ්‍ය ද්‍රව සෛල අභ්‍යන්තරයෙන් ලබා ගැනීමයි.මෙයින් පුද්ගලයා විජලනයට පත්වේ.
   මෙම ජලය මුත්‍රා ලෙස සිරුරින් බැහැර වන්නේ සිරුරේ ඇති කැල්සියම් අයන සමගයි.කැල්සියම් ඌනතාවයට ගොදුරු වන පුද්ගලයා දත්,අස්ථි දුර්වල වීම හා ඔස්ටියෝපොරෝසිස් රෝග වලට ලක්වේ.

   අන්තර්ජාතික පිලිගැනීම වන්නේ වැඩුනු පුද්ගලයකුට දිනකට සෝඩියම් මිලිග්‍රෑම්2.3 ක් ප්‍රමාණවත් බවයි.

-නිව්යෝර්ක් නගරයේ භාවිතයට ගැනෙන ලුණු පිලිබද අවදානම දැක්වෙන සලකුණ-

අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි - මීගමුව