Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 18, 2015

පිළිකාවෙන් බේරෙන්න සරක්කු?

පිළිකා මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි එරිසිෆෝලීන් (Ericifolin) රසායනික සංයෝගය  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල අඩංගු බව කාර්මික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ආර්.එම්. ධර්මදාස මහතා පවසයි. සරක්කු යනුවෙන් සිංහල නමින්ද හඳුන්වයි.
උතුරු ඇමෙරිකාව නිජබිම කර ගත්  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ විද්‍යාත්මක නාමය වනුයේ පිමෙන්ටා ඩිඔයිකා (Pimenta dioica) මෙය ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථකව වගා කිරීමේ හැකියාව ඇති අතර මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ ශාකයේ පත්‍රවල ඇති එරිසිෆෝලීන් (ericifolin) නම් රසායනික සංයෝගය ප්‍රබල පිළිකා නාශකයක් නිසා එය පිළිකා මර්දනයට යොදා ගත හැකිවීමය. කුරුඳු, සාදික්කා හා කරාබුනැටිවල අඩංගු රසය, සුවඳ සහ ඖෂධීය ගුණයත් මෙහි අඩංගුවීම තවත් සුවිශේෂී ලක්ෂණයකි.
මීට පෙර මෙම ශාකය පිළිබඳව පර්යේෂණ සිදුකර තිබුණද, මේවන විට සිදු කළ පර්යේෂණ වලට අනුව  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වන ෆීනෝල් (Phenol), ෆ්ලෙවනොයිඩ් (Flavonoid) සහ ප්‍රති ඔක්සිකාරක (Antioxidant) ගුණයන්ගෙන් සමන්විත අතර ආහාර රසකාරක ගුණාංග වන ඉයුජිනෝල් (eugenol), බීටා කැරියොතිලීන් (beta-caryophylene)  යන සංයෝග ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගැනීමට හැකිවිණි. උතුරු ඇමරිකාවේ ග්‍රේටර් ඇන්ටිල්ස් දුපත්, දකුණූ මෙක්සිකෝව, දකුණු ඇමරිකාව නිජබිම වු මෙම ශාකය සමකය ආසන්න කලාපයේ වැඩේ. ශාක පත්‍රයේ ඉයුජිනෝල් (eugenol) 65 %ක් අන්තර්ගත වන අතර ඉවත දමන දඩුවට වුවද නැවත පණක් ලැබෙන සිරිලක් පොළවේ දී එය 85 % ක් පමණ අන්තර්ගත වෙනවා.
මෙම ශාකය පිළිකාවලටත් කොලෙස්ටරෝල්වලටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ඖෂධීය ගුණයෙන් හා සුවිශේෂි ආහාර රස කාරකයක් වශයෙන් යොදා ගත හැකි මෙම ශාකය නුදුරු අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වගාවක් ලෙසද ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට හැකිවන බව මගේ විශ්වාසයයි.

දැනට ශ්‍රී ලංකාවේ ඖෂධීය පැළ විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති අතර සියලූම අධ්‍යයන කටයුතු වලට ඖෂධ පැළෑටි යොදාගෙන තිබෙනවා. Allspice ශාකය පිළිබඳ කරන ලද පර්යේෂණයේ වාර්තාව ඇමරිකාවේ Universal Journal of Agriculture Research සඟරාවේ පළකර තිබේ.
Allspice ශාකය

පුවත්පත් ඇසුරිනි
සකස් කලේ,
කේ ජේ ඒ වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව.


රෝගීන්ට අවශ්‍ය හදවත්, රුධිර නාල අච්චු ගැසීම.(3D Printing)

අනාගතයේදී මිනිස් සිරුර අළුත්වැඩියා කිරීමට ආධාරක ලෙස ජීවී අවයව නිර්මාණයට ත්‍රිමාණ මුද්‍රණයට හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති.

හදවත, මොලය, රුධිර නාල හා අස්ථි වැනි විවිධ මානව අවයව වල ත්‍රිමාණ ආකෘති මුද්‍රණය කළ හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සංවර්ධන කර ඇත. අනාගතයේදී මෙම ක්‍රියාවලිය භාවිතයෙන් ජීව පටක වර්ධනය කර අවයව නිර්මාණය කළ හැකි මෘදු රෝපිතයන් ත්‍රිමාණ මුද්‍රණයෙන් සංවර්ධනය කිරීමට හැකි වේ. තවද මෙම සොයාගැනීම ආහාර මුද්‍රණ තාක්ෂණය මෙන්ම විද්‍යා ප්‍රබන්ධ වල  ඇති අතීත ප්‍රතිනිර්මාණ හෙවත් අතීතාවර්ථ මුද්‍රණ තාක්ෂණය සඳහාද යොදා ගනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එක් තලයක් (උදා:පත්තර තීරුවක්) මත නව තලයක් මුද්‍රණයෙන් ත්‍රිමාණ වස්තු නිර්මාණය කරන ත්‍රිමාණ මුද්‍රණය සඳහා ප්ලාස්ටික්, පිගන් මැටි, වීදුරු, වානේ වැනි අමුද්‍රව්‍ය පමණක් නොව ජීව සෛල වැනි අසාමාන්‍ය අමුද්‍රව්‍යයද දැනටමත් යොදා ගනු ලැබේ.

සම්ප්‍රදායක ත්‍රිමාණ මුද්‍රිත වස්තු නිෂ්පාදනය වී ඇත්තේ දෘඩ අමුද්‍රව්‍ය මගින්ය. ඊට හේතුව  එක් තලයක් (පත්තර පිටුවක්/ තීරුවක්) මුද්‍රණය කළ විට එය මත මුද්‍රණය වන දෙවන තලය/ තීරුව දරා ගැනීමට මුල් තීරුව ශක්තිමත් වීමේ අවශ්‍යතාවය වේ. මේනිසා මෘදු අමුද්‍රව්‍ය මගින් ත්‍රිමාණ මුද්‍රණය කිරීම අපහසුය (ජෙලි වලට සමාන වස්තු නිර්මාණය). එනම් මෘදු අමුද්‍රව්‍යය එහි බර  නිසාම එහි ස්වරූපය වෙනස් කර ගැනීම නිසා මුද්‍රණයේදී අවශ්‍ය දරා ගැනීමේ ශක්තිය ලබා දීම අභියෝගයක් බව ඇඩම් ෆයින්බර්ග්(Adam Feinberg) පවසයි. ඇඩම්, කාර්නිජ් මෙලන් විශ්ව විද්‍යාලයේ ජීවවෛද්‍ය ඉංජිනේරුවරයෙකු වන අතර මෙම අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකුද වේ.

                                                                                   එක් එක් රෝගියා සඳහා අවශ්‍ය අනන්‍ය හා දෘඩ වෛද්‍ය උපායන් වූ ශ්‍රවණාධාර, කෘතීම  අත් සහ දන්ත අංගෝපාංග ත්‍රිමාණ මුද්‍රණය කිරීමට පර්යේෂකයෝ සමත්ය. කෙසේ වෙතත් නව අධ්‍යයනය යොමු වුයේ මෘදු වෛද්‍ය  උපායන් ත්‍රිමාණව මුද්‍රණය කිරීමටය. ජීව මුද්‍රණය (Bio printing) නම් නව ක්‍රියාවලිය මගින් හානියට පත් වු ඉන්ද්‍රියන් අළුත්වැඩියාවට හා ප්‍රතිස්ථාපනයට යොදාගත් සාම්ප්‍රදායික ඉන්ද්‍රීයපටක බද්ධ(Transplant) ක්‍රියාවලියට නව විකල්පයක් ලබා දී ඇති බව ඇඩම් පවසයි. පටක හා ඉන්ද්‍රීය වැවීමට හැකියාව ඇති අස්ථි හා සෛල ත්‍රිමාණ මුද්‍රණය කිරීම සඳහා විභවයක් සහිත ක්‍රමවේදයන් සැකසීමට මෙමගින් හැකි වී තිබේ. එය පටක ඉංජිනේරු විද්‍යාවේ (Tissue Engineering) එක් අංශයක් වේ. ඒ සඳහා ජෙලටීන් පිටි ඇතුලත් (සුපිරි වෙලද සැල් වල ඇති ඒවාට සමාන) ආධාරක ද්‍රවයක් තුල මෘදු අමුද්‍රව්‍ය භාවිතයෙන් ත්‍රිමාණ මුද්‍රණයන් කිරීමට හැකි ක්‍රම ඔවුන් විසින් සංවර්ධන කළ බව ඇඩම් Live Science මගින් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
  
උපුටාගැනීම ;
Organs on Demand? 3D Printers could build Hearts, Arteries by Charles Q Choi
http://www.livescience.com/52571-3d-printers-could-build-organs.html

https://www.youtube.com/watch?v=5SWw_qM6_8I

November 11, 2015

දරුවන්ගේ පාසැල් ප්‍රතිඵල වාර්තා වර්ධනයට

අපට හා ගුරුවරුන්ට වර්ෂ අවසානය ඉතා වේගයෙන් ළඟා වෙමින් පවතින අතර එය දරුවන්ට හා දෙමව්පියන්ට විභාග ප්‍රතිඵල ලේඛණ කාලය වේ.මේ කාලයේ ගුරුවරුන් යුහුසුළුව ප්‍රතිඵල වාර්තා සෑදීමේ යෙදී සිටිති.මාර්ගෝපදේශ සහ අධ්‍යයන පටිපාටි මෙන්ම සම්මාන ලබා දීමේ නම්‍යශීලී වීමට අනුකූලව සෑම ප්‍රගති වාර්තාවක්ම සම්පූර්ණ කරනු ලැබේ.

එහෙත් මෙම ප්‍රතිඵල විමර්ශනය සඳහා දෙමව්පියන්ට කුමන මාර්ගෝපදේශයක් ලබා දී තිබේද?ඔවුන් දරුවන්ගේ ප්‍රතිඵල කෙරෙහි කෙසේ ක්‍රියාත්මක විය යුතුද?විශේෂයෙන් ඔබේ දරුවා ඔබ අපේක්ෂා කරන දක්ෂකම් දැක්වීමට අපොහොසත් වූ විට ඔබ කුමක් කළ යුතුද ? ඒ සම්බන්ධව මෑතකදී මිචිගන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් මඟින් බොහෝ ප්‍රයෝජනවත් උපදෙස් පවුල් මනෝවිද්‍යාව සඟරාවේ පල කර තිබේ.

දෙමව්පියන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොගත් වයස අවුරුදු 11-13 සිසුන්ගේ දෙමව්පියන් 500 ක් පර්යේෂණයට බදුන් කොට පර්යේෂකයෝ සිසු ප්‍රතිඵල පිළිබඳ දෙමව්පිය ප්‍රතිචාර අධ්‍යයනය කර තිබේ.එම ප්‍රතිඵල සාමාන්‍ය ලෙස හා  දණ්ඩනීය ලෙස ක්‍රියාත්මක යන වර්ග 02 කට වෙන් කරන ලදි.

අධ්‍යනයේ දණ්ඩනීය කාණ්ඩයේ දෙමව්පියන් දරුවන්ට බැනීම , දඬුවම් කිරීම හෝ දරුවන්ගේ සමාජයීය ක්‍රියාකාරකම් සීමා කිරීම වැනි ප්‍රතිචාර දක්වා ඇත.ප්‍රමාණය ඉක්මවා සමාජයීය ක්‍රියාකාරකම් වල යෙදුනු දරුවන්ට කරන ලද සීමා  කිරීම් වලදී හැර මෙලෙස දණ්ඩනීය ලෙස කටයුතු කල දෙමව්පියන්ගේ දරුවන්ගේ ප්‍රතිඵල පෙරට වඩා දුර්වල වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. එනම් සාහිත්‍ය හා ගණිත ක්ෂේත්‍රවලදී ලබා ගත් ලකුණු ප්‍රමාණය අඩුවී තිබේ.

අසාර්ථක ප්‍රතිඵල ලබන, දණ්ඩනීයත්වය ක්‍රියාත්මක කරන දෙමව්පියන්ගේ උපක්‍රම වල ප්‍රධාන දුර්වලතාවය නම් ඔවුන් ගැටළුවේ  මූලය/හරය හඳුනා නොගැනීමයි.සමහර විට ඔවුන්, දරුවන්ගේ ප්‍රතිඵල වර්ධනය සඳහා අවශ්‍ය හැකියාව හා දැනුම ඉගැන්වීමේ අවස්ථාවේ ඇති  වැදගත්කම අනවධානයෙන් බැහැර කර තිබේ.එපමණක් නොව එමඟින් දරුවන් පාසැල් වැඩ සම්බන්ධ අරුචිය,ඉච්චාභංගත්වය ඇති කර ගනී. දඩුවම මඟින් ප්‍රතිඵල වර්ධනය කර ගත නොහැකි නම් ප්‍රතිඵල වර්ධනයට කුමක් කල යුතුද? මිචිගන් විශ්ව විද්‍යාලයීය අධ්‍යයනයේදී හා වෙනත් අධ්‍යයනවලදී හඳුනාගත් ආකාරය ධනාත්මක වර්ධනයට ඥනාන්විත උත්තේජක පවුල් පරිසරය වැදගත් වේ.දරුවන්ට පොත්පත් , සංගීත භාණ්ඩ ආදිය ලබා දීම, කෞතුකාගාරයට විනෝදගමනක් යෑම වැනි ක්‍රියා එවැනි පරිසරයක් නිර්මාණයට දායක වෙන අතර එමගින් දරුවන් ඉහල පන්ති වලදී ප්‍රතිඵල වර්ධනය කරගෙන ඇති බව නිරීක්ශණය වී තිබේ.

වඩා අඩු දණ්ඩනීය හා වඩා වැඩි පෝෂණ පරිසරයක් සහිත දෙමාපිය ක්‍රියාකාරීත්වය නිර්මාණය කිරීමේ වටිනාකම පිලිබදව දරුවන්ගේ වෙනත් වර්ධනයන්ද සාක්ෂි දරයි.මෙහිදීද දරුවන් සඳහා යම් සීමාවන් පැවතීම සිදුවේ.එවැනි පරිසරයක් මඟින් දරුවන්ගේ අධ්‍යාපන වර්ධනයක් පමණක් නොව ඔවුන්ගේ ජීව,සමාජ,චිත්තාවේග හා හැසිරීම් වල සංවර්ධනයක්ද ඇතිවේ.

මීට අමතරව ගුරුවරුන් දරුවන්ගේ ප්‍රතිඵල පිළිබඳ යම් අදහස් දැක්වීමක් සිදු කිරීමද වැදගත් වේ.එවිට දරුවාගේ වර්ධනය පිළිබඳ වඩා පැහැදිලි අවබෝධයක් දෙමාපියන්ට ලබා ගත හැකි වේ. ගුරුවරු ඉගැන්වීමට අමතරව දරුවන්ගේ හොඳ මිතුරන් ලෙස ප්‍රතිඵල වර්ධනයට උපකාරී විය යුතුයි.ඒ සඳහා පාසැල,ගුරුවරු හා ළමයා අතර සහයෝගී සංවර්ධනාත්මක සම්බන්ධතාවයක් ගොඩ නැගීම අවශ්‍ය වේ.

දරුවන්ගේ ශාස්ත්‍රීය අධ්‍යාපන ප්‍රතිඵල සඳහා ඔවුන්ගේ ජාන,දෙමව්පිය අධ්‍යාපන මට්ටම,දරුවන් බිහි කරන විට දෙමාපියන්ගේ වයස,පාසලේ යටිතල පහසුකම් සහ ගුරුවරුන්ගේ ඵලදායිතාවය යන කරුණුද ඉතා වැදගත්ය.

උපුටාගැනීම :
If you want your child to bring home better grades stop yelling and try this by John Pickering & Jinny Hog

http://www.iflscience.com/editors-blog/if-you-want-your-child-bring-home-better-grades-stop-yelling-and-try

පරිගණක යෙදුමක් සහිත අනාගත මෝටර් රථවල පුද්ගලික හා පොදු ප්‍රවාහන සේවය

ප්‍රවාහන ක්ෂේත්‍රයේ මීළඟ නවතම සුවිශේෂී ක්‍රමය ‘Next’ විය හැකිය.මෙම නවතම විදුලි මෝටර් රථ මොඩියුලයේ ස්වරූපය මෝටර් රථයකට සම්පූර්ණ වෙනස් රෝද මත ගමන් කරන පෙට්ට් කාමරයක් වැනිය.එහෙත් ඒවා සාමාන්‍ය මෝටර් රථ මෙන් මහා මාර්ගයේ ධාවනය වේ.
අවම වශයෙන් එය හොඳම අදහසක් විය හැකිය. ‘Next’ පිළිබඳ මූලාදර්ශයක් මෙතෙක් නිර්මාණය කර නැති නමුත් එහි නව නිපැයුම්කරුගේ බලාපොරොත්තුව තවත් වසර 5 ක වැනි කෙටි කාලයකින් මෙය මහා මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කරන බවයි.

නිපැයුම් කරු වූ Tommaso Geocholin අපේක්ෂා කරන පරිදි ‘Next’ යනු පරිගණක යෙදුම් පාදක කොටගත් ප්‍රවාහන පද්ධතියක් වේ.(උදා-Vber හෝ Lyft).ඔබ සිටින තැන සහ ඔබේ ගමනාන්තය දුරකථනයට ඇතුළු කර ‘Next’මොඩියුල කැඳවීම මඟින් ඔබට ප්‍රවාහන පහසුකම ලබාදීම සදහා ‘Next’ පැමිණේ.එවිට ‘Next’ තුලට ඇතුළු වී ආරක්ෂාකාරීව සැප පහසුව ඇතුව අසුන් ගැනීම හෝ සිටගෙන සිටීම ඔබගේ ඊළඟ කාර්යය වේ.දැන් මොඩියුලය ගමන් ආරම්භ කරයි.ගමන අතරතුර මෙම මොඩියුලය වෙනත් මොඩියුල හා ස්වයංක්‍රීයව සම්බන්ධ විය හැක.එමගින් වඩා දිගු මොඩියුලයක් සෑදෙන අතර එම මොඩියුල අතර ස්වයංක්‍රීය වීදුරු දොරක් හරහා පහසුවෙන් ගමන් කල හැකි වේ (දුම්රියක මැදිරි අතර මෙන්). ස්වයංක්‍රීය ගණිත රීති අනුව ඔබගේ ගමන වඩා කාර්යක්ෂමව සිදු වීම සඳහා මෝටර් රථයට සම්බන්ධිත වෙනත් මැදිරියකට යාමට ඔබට සිදු වනු ඇත.ඉන්පසුව ඔබ සිටිනා මැදිරිය අනෙක් මැදිරි වලින් වෙන් වී ඔබගේ ගමනාන්තය දෙසට වෙන්වී ගමන් කිරීම නිරයාසයෙන් ආරම්භ වේ.මේ සියල්ල සිදු වන්නේ ‘Next’මොඩියුල නැවැත්වීමකින් තොරවය. එය දුම්රියේ ඔබ සිටින මැදිරිය ප්‍රධාන දුම්රියෙන් හා මාර්ගයෙන් වෙන්වී ඔබගේ කාර්යාලයඅසලටම ඔබව ගෙනයනවා වැනිය.

‘Next’විදුලි බලයෙන් ධාවනය වන නිසා එහි බැටරිය සෑම විටම හොඳ තත්වයේ පැවතිය යුතුය. ඒ සඳහා බොහෝ විට ඔබ ගමන් කරන මැදිරියට වෙනත් සම්පූර්ණයෙන් බල ගැන්වූ මැදිරියක් සවි වීම සිදුවේ. එමගින් කිසිදු‘Next’ මොඩියුලයක් බල ගැන්වීම සඳහා (ඉන්ධන පිරවීමට පිරවුම්හල් වල) නැවැත්වීම අවශ්‍ය නොවේ. සම්පූර්ණයෙන් බල ගැන්වූ මැදිරියකට මගීන් මාරුවීමක් පමණක් සිදුවේ.
තවදුරටත් සංවර්ධනය වීමෙන් ‘Next’ තුල කෝපි කඩ,ආපන ශාලා,අවන්හල් යනාදිය ඇතුලත් වනු ඇත.තවද වැසිකිලි කැසිකිලි පහසුකම්ද ඇති වේ.එමගින් ගමනාන්තය දක්වා නොනවත්වා තම අවශ්‍යතා ඉටුකරගනිමින් පහසුවෙන් ගමන් කල හැකි වීම සුවිශේෂී වේ.
 
නිරතුරු කාර්යබහුල ආයතන ‘Next’ මොඩියුලය කාර්යාලයක් ලෙස භාවිතා කරමින්ම සිය කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක් රැගෙන යනු ඇත.දුර බැහැර ගමනකදී පරිසරය රස විදීමට අවශ්‍ය වුවද දරුවන් සමඟ එදිනෙදා අවශ්‍යතා සඳහා කඩපිල් වලට යෑමේදී මැදිරි අතර ගමන් කිරීම සතුටුදායක කාර්යයක් නොවේ.ඒ සඳහා පවුල් කණ්ඩායමක් වෙනුවෙන් වූ ‘Next’ මොඩියුල සේවාවක් යොදා ගත හැකිය.මේ සියලු කටයුතු ආශ්වාදජනක වුවද ඒ සඳහා අත්පත් කර ගත යුතු තාක්ෂණික තත්වය එතරම් පහසු නොවේ.එහෙත් අනාගතයේදී එවැනි ප්‍රවාහන සේවයක් බලාපොරොත්තු වීම දියුණු රටවලට කෙසේ වෙතත් දියුණු වෙමින් පවතින රටවලට සිහිනයක් නොවේවායි අපේක්ෂා කරමු .


උපුටාගැනීම :The car of the future may look nothing like a car
A NEW DEFINITION OF "I'LL TAKE THAT TO GO"  By Mary Beth Griggs

http://www.popsci.com/car-future-may-look-nothing-like-car
https://www.youtube.com/watch?v=Wk12TmZ3GiQ

November 4, 2015

ඔබ ඇඳි චිත්‍රයට ජීවය ලබා දිය හැකිද?

වෝල්ට් ඩිස්නි සමාගමට අනුබද්ධිත පර්යේෂණාගාර ජාලයක් වූ ඩිස්නි රිසර්ච් ආයතනයේ තාක්ෂණ ශිල්පීන් විසින් නව චිත්‍ර පොතක් එළි දක්වා තිබේ.මෙම චිත්‍ර පොතේ අඳිනු ලබන කුරුටු රූපයක් වුව සජිවි වීම එනම් ත්‍රිමාන කාටුන් චරිතයක් ලෙස චලනය වීම සිදුවේ.මේ සඳහා සුවිශේෂී යෙදුමක් (Application) ඔවුන් විසින් නිර්මාණය කර තිබේ.

නව යෙදුමට (Application) අනුකූලතා දක්වන සාමාන්‍ය චිත්‍ර පොතක චරිත රූපයක් පළමුවෙන් වර්ණ ගැන්විය යුතුය.ඉන්පසු ඔබගේ ටැබ්ලට් හෝ ස්මාර්ට් දුරකථනයේ ඩිස්නි වර්ණක යෙදුම (Disney Coloring App) ඇතුල් කල යුතු වේ.මෙම යෙදුම,ඔබගේ උපකරණයේ කැමරාව මඟින් වර්ණ ගැන්වුයේ කුමන වර්ණයදැයි හඳුනා ගනු ඇත.දැන් මේ යෙදුමේ ඇති ‍විශේෂ මෘදුකාංග මඟින් වර්ණ ගැන්වූ ද්විමාන රූපය,ත්‍රිමාණ කාටූන් චරිතයක් ලෙස ජංගම දුරකථනයේ හෝ ටැබ්ලට් තිරයේ ක්‍රියාත්මක වන අයුරු දිස්වේ.චිත්‍ර පොතේ රූපයට භාවිතා කල ක්‍රෙයෝන් වර්ණක ඒ ආකාරයෙන් ත්‍රිමාණ චරිතයේ දැකිය හැකිය.මෙය හුදෙක් ක්‍රෙයෝන් වර්ණක භාවිතා කිරීමට පුරුදු කිරීමක් නොව,අදාල යෙදුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Magical Digital Overlay (අපූර්ව සංඛ්‍යා ආලේපනයක්) ඇතුළු කිරීම සඳහා වූ බැඳීම ප්‍රවර්ධනය කිරීමක් බව ඩිස්නි ආයතනය ප්‍රකාශ කරයි.

මෙය භාවිතා කරන්නන්ට තම මනකල්පිතයන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ නිර්මාණ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා තාර්කිකව සජීවී වූ වැඩසටහනකි.සජීවි ලෝකයේ ක්‍රියාකාරකම් සහ සංඛ්‍යාත (ඩිජිටල්) අත්දැකීම් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අනන්‍ය හා සුවිශේෂී විභවයක් මෙමගින් ඇති වේ යැයි ඩිස්නි ආයතනයේ ප්‍රධාන පර්යේෂක විද්‍යාඥ රොබට් සමර් පවසයි.
චිත්‍ර පොතක ඇති චිත්‍රයක් පවතිනුයේ පොතෙහි සමතලව බැවින් එමඟින් විශේෂයෙන් එම තලයට එරෙහිව ත්‍රිමාණ සජීවී රූපයක් නිර්මාණය කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ.ඩිස්නි පර්යේෂකයන්ට විශාල ගැටළුවක් වූයේ ත්‍රිමාණ චරිතය පිහිටි  හිස් අවකාශය පොතෙහි නොමැති නිසා එය කෙසේ පිරවිය යුතුද යන්නයි.අවසානයේ මෙම ගැටළුව විසඳීමට සෑම චරිතයක් සඳහාම(Look up map) නම් යෙදුමක් නිර්මාණය කර තිබේ.

ඩිස්නි පර්යේෂකයෝ සහ ඔවුන්ට උපකාරී වූ අය එක්ව  තාර්කික සජීවී වර්ණක යෙදුම ප්‍රථම වතාවට මෑතකදී ජපානයේ ෆුකුඔකා හි පැවති IEE අන්තර්ජාල සම්මන්ත්‍රනයේදී ඉදිරිපත් කරන ලද අතර Disney Publishing Worldwide මඟින් මෙම යෙදුම මහජනතාව වෙත මෙම වසරේ මුල භාගයේදී නිකුත් කර ඇත.Google Play and iTunes හි මෙම යෙදුම ‘Disney Colour Play’ ලෙස නම් කර ඉදිරිපත් කර තිබේ.

 උපුටා ගැනීම :
 Have you ever wished that the characters in your coloring book could come alive-leap from the page and dance around, perhaps? Well , Good news: There’s an App for that
http://www.livescience.com/52462-augmented-reality-coloring-book.html

https://www.youtube.com/watch?v=iNd9hhvSslw

ජීව සලකුණු : අත්හල DNA මඟින් පුද්ගලයින් හදුනා ගැනිම

ඔබ දන්වාද ඔබගේ DNA නොදැනුවත්ව ඔබ ඉවතා දමා ඇති බව? කෙස් ගසේ සිට ශරීරයේ මැලියම් වැනි දැ මගින් මිනිස්සු ඔවුන්ගේ සෛල පොදු ස්ථානවල නිතරම ඉවත දමති. මෙවැනි භෞතික සුන්බුන් තුල අදහා ගත නොහැකි තරම් තොරතුරු ඇති බව විශේෂඥයෝ පවසති. මක් නිසාද යත් DNA මඟින් එය අත්හැර දැමු පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි වීමයි. එය අනියම් පෙනි සිටීමක් වැනිය.

මෙහිදී Heather Dewey– Hagborg මිනිසුන්ගේ ආරක්ෂා සහ පෞද්ගලිකත්වය සෑම තැනකදීම පාහේ අනතුරට ලක්විය හැකි බව නිරතදිග අන්තර් සම්බන්ධතා උත්සවයේදී පැවසුවාය. අප, මිනිසුන් කරන සෑම දෙයක් කෙරෙහිම  ශරීරය,සෛල ලෙස බැදීමක් ඇති බවත් චිකාගේ චිත්‍ර අධ්‍යයන ආයතනයේ චිත්‍ර ශිල්පයෙකු සහ වැඩ සටහන් සම්පාදකයකු වූ Hagborg තවදුරටත් ප්‍රකාශ කර තිබේ. (ජිවිතයේ සංකේතය- DNA ව්‍යුහ ජායාරූප )

ඒත් කෙස් ගසකින් පුද්ගලයෙක් පිළිබඳ මෙතරම් කරුණු හදුනාගත හැකි වී මෙලෙස ආදර්ශ මුහුණක් ත්‍රිමාණව මුද්‍රණය කිරීම පුදුමයකි. මෙම ක්‍රියාව ආරම්භ කළේ නිවියෝක් නගරයේ පොදු ස්ථාන විශේෂයෙන් විදී සහ නාන කාමර අධීක්ෂණයෙන් මිනිසුන් අත්හල (ඉවත ලන ලදී.) වෝහරික එකතු කිරීමෙන් බව සඳහන් කරන Hagborg ඉන්පසු මෙම සාම්පල හෙවත් මිනිසුන් ඉවතලු සුන්බුන් බෑගය Greenspace නමැති නිවියෝක් නගරයේ පිහිටි ප්‍රජා ජීව පරීක්ෂණාගාරයට ගෙන ගොස් විශ්ලේෂණය කර ඇත. DNA වලින් හදුනාගත් ලක්ෂණ පාදක කොට ප්‍රතිඵල නිර්මාණය කළහැකි පරිගණක ක්‍රම වේදයක් ඇය සකස් කර අවසානයේ එම ප්‍රතිඵල මත ත්‍රිමාන මුද්‍රණයක ආධාරයෙන් නිරීක්‍ෂිත DNA ට අදාල පුදුගලයින්ගේ යැයි අනුමාන කළ හැකි ආදර්ශ මුහුණු ත්‍රිමාණව සකස් කර ගන්නා ලදී.

මෙලෙස සකස් කර ගත් ත්‍රිමාන මුහුණු 2013 දී ඇය විසින් පවත්වන ලද ප්‍රදර්ශනයේ කොටසක් වු අතර එය”Strangers Vision” (අමුත්තාගේ දැක්ම ) ලෙස නම් කර ඇත. ඇත්ත වශයෙන්ම මුද්‍රිත මුහුණු අදාල පුද්ගලයාගේ සත්‍ය මුහුණට  කොතරම් දුරට ගැලපෙනවාද යැයි නිශ්චිත කිව නොහැකි නමුත් මෙම කලාව මඟින් පුද්ගලයෙකුගේ අනන්‍යතාව, සුන්බුන් අතර රැදෙන බව පැහැදිලි වේ.

Hagbory ගේ අදහස නම් මෙම ජානමය තොරතුරු ආරක්ෂා කර ගත යුතු බවයි. සුවිශාල ජීව ආවේක්ෂණ කේෂත්‍රය වෙත ප්‍රවේශ වන්නේ නම් අපගේ පෞද්ගලිකතාවය ආරක්ෂා කර ගත හැකි ක්‍රම හා උපකරණ ද අත්‍යාවශ්‍ය වන බවද ඇය සඳහන් කරන්නීය.

ආරක්ෂාව සදහා වු “invisible “ (අද්‍රෘශ්‍යමාන ) , කොටස් දෙකක රසායනික සංයෝග දෙකකින් සමන්විතය. Erase (මකනය) නමැති පළමුවන කොටස මඟින් ජානමය තොරතුරු 99.5% ක් මකා දමයි. Replace (ප්‍රතිස්ථාපනය) නම් දෙවන කොටස මගින් ජාන සංඥා, DNA ශබ්ද ආවරණයකින් ආරක්ෂා කරයි.

මෙම රසායන සංයෝග මිලදී ගත හැකි අතර බ්ලීච් වැනි සරල රසායන සංයෝග වලින් සමන්විත වේ. Dewey – Hagborg Website විවෘත මුලාශ්‍රෙය් මෙම රසායන සංයෝගය වන “invisible “ පිළිබද විස්තර සදහන් වේ. 

උපුටාගැනීම : Bio-Art : 3D-Printed faces reconstructed from stray DNA by Tia Ghose

http://www.livescience.com/50146-art-genetic-data-privacy.html