Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 16, 2015

ඔබේ මතකය වැඩිදියුණු කරන ආහාර වර්ග 8ක් ගැන දැනගන්න.

වෛද්‍ය විද්‍යාත්මකව පර්යේෂණ වලට අනුව මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සහ භෞතික ක්‍රියාකාරකම් සඳහා ආහාර ප්‍රධානම අමුද්‍රව්‍ය වේ. සමහර ආහාර ඔබේ මොළයේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට සහ බුද්ධිය වර්ධනය සඳහා බලපානු ලැබේ. මෙම අහාර ප්‍රධාන වශයෙන් කිරි, බිත්තර, මාළු, මොනොසෝඩියම ග්ලුටමේට්, රටකජු, ඉරිගු, මිරිස්, සහ නිවිතියයි.   
  ඔබගේ මොළයේ සෛල වර්ධනය සදහා අවශ්‍ය ප්‍රෝටීන්, කැල්සියම්,  විටමින් බී1 , සහ ඇමයිනෝ අම්ල කිරිවල අන්තර්ගත වේ. කිරිවල ඇති කැල්සියම් ශරිරයේ මොළය මගින් අවශෝෂණය කර සෞඛ්‍යාරක්‍ෂිත වර්ධනයට උපකාර වේ. විටමින් බී1  ස්නායු සෛල වල සාමාන්‍ය වර්ධනය වැඩිදියුණු කරනු  ලැබේ. ඔබ නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් නින්දට පෙර කිරි වීදුරුවක් පානය කිරීමෙන් ඔබට සුවදායක නින්දක් හිමිවේ.
බිත්තර වල බහුලව ලෙසිතින් අඩංගු වේ. මෙම ලෙසිතින් ශරීරයට ගිය විට එය ආහාර මාර්ගයේ ඇති එන්සයිම මගින් ඇසිටිල් කෝලීන් බවට වියෝජනය වේ. මෙම  ඇසිටිල් කෝලීන් රුධිරය හරහා මොළයේ සෛල වලට ගොස් මතකය වැඩිදියුණු කරයි. වෛද්‍ය පරීක්ෂණ වලට අනුව දවසකට බිත්තර 1ක් හෝ 2ක්  ආහාරයට ගැනීමෙන් ප්‍රමානවත් කෝලීන් ප්‍රමාණයක් ලැබී මොළය ආරක්ෂා කරයි. 
        මාළු මගින් මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් සහ කැල්සියම් ලබාදේ. මිරිදිය මත්ස්‍යයින්ගේ අන්තර්ගත මේද අම්ල රුධිර නාලිකා ආරක්ෂා කරන අතර මොළයේ සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යනු ලැබේ.
මොනොසෝඩියම් ග්ලුටමේට් වල අඩංගු සෝඩියම් ග්ලුටමේට් ආහාර මාර්ගයේ ඇති ආමාශයික අම්ල මගින් ග්ලුටැමික් අම්ලය බවට පරිවර්තනය වේ. මේ මගින් මොළයේ පරිවෘත්තිය ක්‍රියාවලිය, බුද්ධිය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණුවට දායකවේ.
රටකජු වල ලෙසිතින් සහ Cephalin අඞංගු වේ. මෙම ලෙසිතින් සහ Cephalin ස්නායු පද්ධතියට වැදගත් සංයෝගවේ. ප්‍රමාණවත් තරම් රටකජු ආහාරයට ගැනීමෙන් මොළයේ රධිර සංසරණය,මතකය වැඞිදියුණු කිරීම සහ මොළයේ සෛල පැරණි වීම වලකාලයි.
ඉරිගු වල අසන්තෘප්ත මේද අම්ල වන ලිනොලෙයික් අම්ලය අඩංගු වේ. මෙම මේද අම්ල මොළයේ රුධිර නාළිකා ආරක්ෂා කරන අතර රුධිරයේ මේද ප්‍රමාණ අඞු කරයි. මෙහි අධිකව අඞංගු ග්ලුටැමික් අම්ලය මොළයේ සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන අතර මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.
මිරිස්වල අධිකව විටමින් සී සහ කැරොටින් අඞංගු වේ. මිරිස් ආහාරයට එක්කිරීමෙන් රසය වැඩිවීම, ආහාර රුචිය වැඞිවීම සහ මොළයේ රධිර සංසරණය වැඞිදියුණු වීම සිදුවේ.

සකස් කලේ - ඒ.ඒ.සී.වී. අතාවුද
                     විද්‍යා හා තාක්ෂණ නිලධාරි - අරණායක

March 13, 2015

ජල විකර්ශක තීන්තවල සුවිශේෂී භාවිතයක්‌

ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීම බොහෝ සමාජවල දක්නට ලැබෙන නරක පුරුද්දකි. ඒ සඳහා විවිධ කරුණු හේතුවිය හැකිය. එහෙත් දුම්රියපොල, බස්නැවතුම්පල වැනි පොදු ස්ථානවල මෙන්ම ජනයා ගැවසෙන පෞද්ගලික නිවාස, ගොඩනැගිලි අසල සිදුවෙන මෙම ක්‍රියාව වැළැක්වීම සඳහා මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි වැනි වැකි යොදා ගනිමින් වඩා සාර්ථක නොවූ උත්සායන් ගෙන ඇත. රාත්‍රී කාලයේදී ප්‍රධාන මාර්ග, නාගරික නිවාස, පොදු ස්ථාන ආශ්‍රිතව මෙය බහුලව සිදුවීමෙන් ඇතිවන දුරගන්ධය පිළිකුල් සහගතය. එවැනි පොදු ස්ථාන භාවිතා කරන්නන් සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන වැසියන්ට මෙය විශාල කරදරයක් පමණක් නොව සෞඛ්‍යයට ද හානිකරය.

ජර්මනියේ හැම්බර්ග් නුවර ශාන්ත පෝලි අසල පදිංචිකරුවන් මේ සඳහා මහඟු විසඳුමක් ක්‍රියාත්මක කර තිබේ. මිනිසුන් විසින් රාත්‍රී කාලයේදී අපවිත්‍ර කරනු ලබන බිත්ති මේ සඳහා ප්‍රතිකර්මයක් ලෙස යොදා ගෙන තිබේ. ඔවුන් එම බිත්ති ජල විකර්ෂක තීන්ත වලින් ආලේප කරන ලදී. ජල විකර්ශක තීන්ත ආලේපිත බිත්ති දිගේ ද්‍රව ගලා යාම වෙනුවට ද්‍රව විකර්ෂණය වීම සිදුවේ. ඒ නිසා පෙර පරිදි මිනිසුන්ට රාත්‍රියේදී බිත්ති අපවිත්‍ර කිරීම අපහසු වී ඇත්තේ එම අපවිත්‍ර ද්‍රව බිත්තියේ නොගෑවී නැවත තමාවම අපවිත්‍ර කරන බැවිනි.

ජල විකර්ශක තීන්ත වෙනත් නොයෙක් මාදිලියේ යෙදුම් සඳහා භාවිතා කළ ද මෙවැනි කාර්යයක්‌  සඳහා එය යොදා ගැනීම  ශාන්ත පාවුල් ප්‍රදේශයේ ජනතාවගේ නිර්මාණශීලී හැකියාව මෙන්ම ලොව පුරා පැවති නරක පුරුද්දක් සහ සෞඛ්‍ය අනාරක්ෂිතතාවයක්‌  වැළැක්වීමට හේතු වී තිබේ.

උපුටාගැනීම:

https://www.youtube.com/watch?v=uoN5EteWCH8

මානසික ආතතිය ඔබම මැන ගන්න.

ඉඳිකටුවට බියද? මානසික ආතතිය පරීක්ෂාව සඳහා රුධීර පරීක්ණයට අමතර සරළ පරීක්ෂණයක් ඇත. ඒ සඳහා ඔබට වෛද්‍යවරයෙකු අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පැන්සලක් සහ ඔබගේ කාලය පමණි.
ඔබ අන්තරාදායක ආතතියකින් පෙළෙන්නේදැයි පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් විසින් ප්‍රශ්ණාවලියක් සකසා තිබේ. කැමගී විශ්ව විද්‍යාලයේ මානසික ස්නායු විශේෂඥයකු වූ සෙල්ඩන් කෝගෙන් විසින් මානසික ආතති පරිමාණය කිරීම සඳහා මෙම ක්‍රමය නිර්මාණය කර ඇත.
මෙම ප්‍රශ්ණාවලියේ ඇති වැදගත් එහෙත් සැඟවුණු කරණු නම් සියලු ප්‍රශ්ණ (අවස්ථා) සඳහා ඔබ ලබාදෙන පිළිතුරට (ඔබේ ක්‍රියාවට) ලැබෙන ලකුණ ප්‍රමාණය අඩු කරගැනිමට හැකි  පිලිතුරක්(ක්‍රියාවක්) දක්වා ඔබේ ක්‍රියාව දියුණු කරගැනීමට ඔබ විසින් ඔබ තුලම මතුකර ගත යුතු ස්වයං ශික්ෂණයකි.
ඔබගේ ආතතිය පිළිබඳ ප්‍රශ්ණාවලිය - පසුගිය මාසයේ  ඔබ පහත අවස්ථාවලදී ක්‍රියාකළ ආකාරය මනින්න
                   ප්‍රශ්ණ
ලකුණු ලබා දෙන ආකාරය
 ඔබේ ලකුණු
1.      යම් බලාපොරොත්තු රහිත දෙයක් නිසා කලබල වෙනවාද
1 සිට 6 දක්වා ලකුණු ලැබීම්

Ø  කිසිවිටක නැත - 0
Ø  බොහෝදුරට හැක - 1
Ø  සමහරවිට ඔව් - 2
Ø  බොහෝවිට ඔව් - 3
Ø  නිතරම සිදුවේ - 4


2.      ඔබේ ජීවිතයේ වැදගත් දේ පාලනය කිරීමට ඔබට නොහැකි වූ බව ඔබට හැඟේද?

3.      ආතතියක් හෝ කම්පණයක් දැනේද?

4.      ඔබට පාලනය කළ නොහැකි නිසා යමක් සිදුවීමෙන් ඔබ කෝප වෙනවාද?

5.      ජයගත නොහැකි බොහෝ කරදර ඔබට ඇතිවූ බව හැඟෙනවාද?

6.      ඔබගේ වගකීම සඳහා ඔබට සාර්ථකව මුහුණ දීමට නොහැකිවූ බව පෙනුනාද?

7.      ඔබගේ පෞද්ගලික ප්‍රශ්ෆණ ඔබට පාලනය කිරීමට හැකි බවට විශ්වාසයක් ඇති බව දැනෙනවාද?
7 සිට 9 දක්වා ලකුණු ලැබීම්
Ø  කිසිවිටක නැත - 4
Ø  බොහෝදුරට නැත - 3
Ø  සමහරවිට ඔව් - 2
Ø  බොහෝවිට ඔව් - 1
Ø  නිතරම සිදුවේ - 0

8.      සිදුවීම් ඔබට අවශ්‍ය ආකාරයෙන් සිදුවන්නේ යැයි හැඟෙනවාද?

9.      සිදුවීම් වලදී ඔබ ඉහළින් සිටින බව දැනෙනවාද?


ඔබගේ ලකුණු එකතු කරන්න.
සාමාන්‍ය තත්ත්වය ලකුණු 13 ලෙස සැලකේ.ලකුණු 20 හෝ ඊට වැඩිනම් ආතතිය වැඩිය.
උපුටාගැනීම : http://www.popsci.com/quiz-how-stressed-are-you     by K.D.Atherton