July 16, 2019

ශිල්පසේනා ප්‍රදර්ශනය -ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය

 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම සමාජය තුල ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ගරු අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීම අනුව මෙම අමාත්‍යාංශය විසින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහභාගිත්වයෙන් 2019 ජුලි 18 දින සිට 21 දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පවත්වනු ලැබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත මෙම ප්‍රදර්ශනය ප්‍රධාන කලාප හතරක් සහ නිනිති තාක්ෂණය (Nanotechnology), රොබෝ තාක්ෂණය (Robotics), මෙකාට්‍රොනික්ස් තාක්ෂණය (Mechatronics), අභ්‍යවකාශ තාක්ෂණය (Space technology), කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), ජෛව තාක්ෂණය (Biotechnology), නව බලශක්ති (New Energy), නීලහරිත තාක්ෂණය (Blue Green) ඇතුළු නවීන තාක්ෂණය පදනම් කරගත් තාක්ෂණික තේමා 12 ක් යටතේ පවත්වනු ලබන අතර පාසල් ළමුන්ගේ හා නව නිර්මාණකරුවන්ගේ නව නිපැයුම් වලින් සමන්විත වූ නව නිපැයුම් කලාපයකින්ද පාසල් ළමුන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගීත්වයෙන් යුතුව සිදු කරන විද්‍යා, තාක්ෂණ හා නව්‍යකරණ ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් රාශියකින්ද සමන්විත වේ. 

මෙම ප්‍රදර්ශනයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීම, ව්‍යවසායකත්ව වේදිකාව, රැකියා පොළ, අලෙවිය සඳහා වූ විවීධ භාණ්ඩ ඇතුළත් බොහෝ වෙළඳ කුටි, විනෝදාස්වාදය සඳහා වූ සේවාවන් (Free WiFi  and Game Zone), ජංගම සේවාවන් වැනි තවත් විවිධාංග රාශියක්ද ඇතුලත් වේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ තොරතුරු ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment