July 24, 2019

එච්.අයි.වී. වෛරසය ජානමය වශයෙන් තුරන් කිරීම.


විද්‍යාඥයින් විසින් පළමු වරට විද්‍යාගාර මීයන්ගේ සමස්ත එච්.අයි.වී වෛරසය ජානමය වශයෙන් තුරන් කිරීමට සමත්වී ඇති බවත් එමගින් මිනිසුන් සුවපත් කිරීම කඩිනම්  කිරීම සඳහා සායනික අත්හදා බැලීම් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වේ. එච්.අයි.වී වෛරසය ජීවමාන සතෙකුගේ සමස්ත ප්‍රවේණිකයෙන් ඉවත් කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

ප්‍රබල එච්.අයි.වී වෛරසය සදහා වර්තමානයේ යොදාගන්නා ඖෂධ මගින් වෛරසය පාලනය කර ගැනීම සඳහා හොඳ කාර්යයක් කළ හැකි ය. නිසියාකාරව භාවිතා කරන විට, මෙම ප්‍රති-වයිරස ඖෂධ (ARVs) මගින් එච්.අයි.වී මට්ටම අවම තත්වයෙන් තබා ගැනීමට හැකි වන අතර ඒවා රුධිරයේ හඳුනාගත නොහැකි මට්ටමක පවත්වා ගැනීමට හැකි වීමෙන්  ලිංගික ක්‍රියාකාරකම් හෝ රුධිර පාරවිලයනය අතරතුර වෛරසය පැතිරීමේ අවස්ථාව දැඩි ලෙස අඩු කර තිබේ. එහෙත් එච්.අයි.වී වෛරසය සම්පුර්ණයෙන් තුරන් කිරීමට එම ඖෂධ සමත් නොවේ. වෛරසයේ සෑම ක්‍රියාකාරකමක්ම සොයා ගැනීම සහ ඉවත් කිරීම ප්‍රති-වයිරස ඖෂධ (ARVs) වලට වඩා හොඳ විසඳුමක් වනු ඇත. නමුත් මෙතෙක් පර්යේෂකයන්ට එවැනි එන්නතක් හෝ එය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට අපහසු වී තිබේ.

එච්.අයි.වී මකා දැමීමට එතරම් අපහසු වී ඇත්තේ  එය ජානමය ආසාදනය කරන වෛරසයකි වී ඕනෑම අවස්ථාවක නැවත නැඟිටීමක් ඇති කිරීමට සූදානම්ව සැඟවුණු ආශයන් තුළ තැන්පත්ව තිබීමයි. එච්.අයි.වී ආසාදනය වී ඇත්තේ දෙදෙනෙකුට මාරාන්තික රුධිර පිළිකාවක් වැළඳී ඇති අතර ඔවුන් ඉතා අවදානම් අස්ථි ඇටමිදුළු බද්ධ කිරීමකට භාජනය වී එම රෝග දෙකම සුව කරගෙන තිබේ. නමුත් බද්ධ කිරීමේ තාක්ෂණය වෙනත් කිසිවෙකු තුළ සාර්ථකව ක්‍රියාත්මක වී නැත. සමහරුන්ට එය මාරාන්තික වී ඇති අතර බද්ධ කිරීමේ තාක්ෂණය භාවිතා කිරීම සඳහා රෝගියාට එච්.අයි.වී සහ පිළිකා යන දෙකම තිබිය යුතුය.

නෙබ්‍රස්කා හි එච්.අයි.වී විශේෂයෙකුගේ සහ ෆිලඩෙල්ෆියා හි ජාන සංස්කරණ විශේෂඥයෙකුගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ පස් අවුරුදු ව්‍යාපෘතිය මගින් පෙර නොවූ විරූ ප්‍රතිපල ඉදිරිපත් කර ඇත. මන්දගාමීව ක්‍රියාකාරීවන  ෂධයක් වන LASER ART (ලේසර් ආර්ට්) භාවිතා කරමින් වෛරසය හුදකලා කරන අතර ඉන් පසුව CRISPR Cas9 ජාන සංස්කරණය මගින් වෛරසයට ක්ෂණික පහරක් එල්ල කර එච්.අයි.වී. වෛරසය විනාශ කරනු ලබන බව ඔවුන් පල කළ වාර්තාවේ සඳහන් වී ඇත.
එනම් මෙම පර්යේෂකයෝ  එච්.අයි.වී ආසාදනය සඳහා ද්වි පාර්ශ්වික ප්‍රවේශයක් භාවිතා කළ අතර එමගින් වෛරසය හුදකලා කොට ඊට පහර දීමට ජාන සංස්කරණය භාවිතා කර තිබේ. එමගින් මිනිස් T-සෛල නිපදවීමට හැකි ලෙස වෙනස් කරන ලද විද්‍යාගාර මුෂිකයන්ගෙන් තුනෙන් එකක එච්.අයි.වී.වෛරසය මුලිනුපුටා දැමීමට ඔවුහු සමත් වුහ. දැන් මෙම කණ්ඩායම නව තාක්ෂණයේ සාර්ථකත්වය මැකේක් (macaque) වඳුරන් මගින් පරීක්ෂා කිරීමට පටන් ගෙන ඇති අතර 2020 ගිම්හානයේදී මානව සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ක්‍රියාවෙන් ඇඟවෙන්නේ මිනිසුන්ගේ පළමු විශ්වීය සුවය සඳහා ද්වි පාර්ශ්වික තාක්‍ෂණය පදනම් විය හැකි බවයි.

https://youtu.be/jG-kfjobTAE?t=32
අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment