August 1, 2017

'9' ඉලක්කමේ අසිරිය

වර්තමාන පෘථිවිය ආලෝකමත් කරමින් ලෝක ප්‍රජාවගේ බොහෝ අවශ්‍යතා සපුරන ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය (A.C) ලොවට හදුන්වාදුන් සහ විදුලිය බෙදාහැරීම විද්‍යුත් චුම්භක මෝටරය ඇතුළු නව නිපැයුම් 130 කට වැඩි ප්‍රමාණයක් සදහා රටවල් 20 ක පමණ පේටන්ට් බලපත්‍ර ලබාගත් ලොව ප්‍රධානතම විද්‍යාඥයකු සහ නිපයුම්කරුවකු වූ Nikola Tesla  9 ඉලක්කම පිළිබද මෙසේ ප්‍රකාශ කර තිබේ.

"ඔබ අංක 3,6, හා 9 ඉලක්කම් වල ඓශ්චර්ය දන්නේ නම් විශ්වයේ දොරගුළු විවෘත කිරීමේ යතුර ඔබ සතුය"

මේ පිළිබදව බොහෝ වාර්තා ඔබට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි අතර ඒවායෙන් ස්වල්පයක් වූ '9' ඉලක්කමේ අසිරිය නම්.

v වෘත්තයක කෝණය 3600  ක් වන අතර 360  ඉලක්කම්වල එකතුව (3+6+0=) 9 වේ. වෘත්තය කොටස දෙකකට බෙදූ විට අර්ධ වෘත්තයේ කෝණීක අගය 1800 වේ.  එනම් ඉලක්කම්වල ඓක්‍යය (1+8+0) 9 වේ. වෘත්තය කොටස් 4 ක ට වෙන් කළ විට කොටසක කෝණය  450 කි.  එනම් (4+5) 9 ද කොටස් 8 කට  වෙන් කළ විටද කොටසක කෝණය 22.50  එනම් (2+2+5) 9 වේ. මෙලෙස වෘත්තය කොතරම් වූ ප්‍රමාණයක කුඩා කොටස්වලට වෙන් කළ ද කොටසක කෝණීක අගයේ ඉලක්කම් ඓක්‍යය 9 වේ.

v ත්‍රිකෝණයක කෝණවල ඓක්‍යය 1800 කි 1,8,0, ඉලක්කම්වල ඓක්‍යය 9 වේ. චතුරස්‍රයක කෝණවල ඓක්‍යය 3600 හි ඉලක්කම්වල ඓක්‍යය (3+6+0) 9, පන්චාශ්‍රයක කෝණවල ඓක්‍යය 5400  හි (5+4+0) නැවතත් 9 ය වේ. ෂඩාශ්‍රයක 7200 ඓක්‍යය (7+2+0 ) 9 වේ. මෙලෙස ජ්‍යාමිතික රූප සියල්ලෙහිම පාහේ මුළු කෝණ අගයෙහි ඉලක්කම්වල එකතුව 9 යම වේ.

v අංක 9ය හැර 0 සිට 8 දක්වාවූ සියලු ඉලක්කම්වල ඓක්‍යය 9ය වේ. (0+1+2+3+4+5+6+7+8 = 36 --- 3+6 = 9)

v 9 ඉලක්කම හා තවත් තනි ඉලක්කමක් එකතුවූ විට ලැබෙන එකතුවේ ඉලක්කම් දෙක එකට එකතු කළ විට නැවත දෙවන ඉලක්කම ලබාදීමද 9 ඉලක්කමට ඇති විශේෂත්වයකි.
       9 +4 = 13  -----  1 + 3 = 4   
       9 + 7 = 16 ------  1 + 6 = 7   
                                                                                                         
v මුහුදු බෙල්ලන්ගේ සිප්පි ආවරණය වැඩිමේ රටාව නිරුපණය කරන මෙන්ම සුරියකාන්ත මල මධ්‍යයේ වැඩිමේ රටාව artichoke සහ බොහෝ මල් වර්ග වල පෙති, ගස්වල අතු ලියලා වැඩිමේ රටාව, නාරටියෙන් කොළ ලියලා වැඩිමේ රටාව (phyllotaxis) යනාදිය නිරුපණය කිරීම පිලිබද  ප්‍රසිද්ධියක් උසුලන Fibonacci සංඛ්‍යා කුලකයටද ‘9’ සම්බන්ධතාවයක් දක්වයි. එනම් Fibonacci සංඛ්‍යා කුලකයක් වූ 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, ..............හි 12 වන ඉලක්කම 144 වේ. මෙය මෙම කුලකයේ ප්‍රථම වර්ග ඉලක්කම හෙවත් 122 = 144 වන අතර එහි ඉලක්කම් එකතුවද (1+4+4) 9 යයි.

v වෘත්තයක් තුළ ත්‍රිකෝණ, චතුරශ්‍ර, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර ... යනාදී ජ්‍යාමිතික රූප නිර්මාණය කළ හැකිය. අවම පාද ප්‍රමාණයෙන් පටන්ගෙන අසීමිතවූ පාද ප්‍රමාණයක් සහිත ජ්‍යාමිතික රූප නිර්මාණයෙදි මුළු කෝණවල එකතුවෙහි ඉලක්කම් ඓක්‍යය 9 විම යනු ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. තවද වෘත්තය දෙකට කොටස් කිරිමේ සිට අසීමිත ලෙස කොටස් කිරීමෙන් අතුරුදහන් වීම දක්වා කොටස් වුවද කොටසක කෝණික අගයේ ඉලක්කම් එකතුව 9 යම වීම යනු ජ්‍යාමිතික රූප කොතරම්  සංකෝචනය වුවද වටිනාකම 9 වෙනස් නොවන බවයි. එනම් ජ්‍යාමිතික රූප කොතරම් ප්‍රසාරණය (ඇතිවීම) සිදුවුවද සංකෝචනය (නැතිවීම) සිදුවුවද වටිනාකම 9 වෙනස් නොවන බව සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකකළේ: හර්ෂ ලංකේශ්වර

   https://www.youtube.com/watch?v=Zw5lA6_y12o

2 comments:

ඉතා වැදගත් ලිපියක්.......... ස්තූතියි ඔබට

Post a Comment