July 23, 2014

ත්‍රස්ථවාදයට එරෙහි අලුත්ම ආයුධය?

ශාක අපගේ කුසගිනි නිවීම සඳහා මෙන්ම ස්වාභාවික සුන්දරත්වය සඳහාද දක්වන දායකත්වය අතිමහත්බව අවිවාදිතයි.නමුත් දැන් ශාක අප පුපුරන ද්‍රව්‍ය හා පරිසර දූෂක වලින් ආරක්ෂා කිරීට ඉදිරිපත් වී ඇතිබව ඇසුවෙත් ඔබ පුදුමයට පත් වනු ඇත. ඇතැමිවිට එය විද්‍යා ප්‍රබන්ධයක් සිහිගන්වනු ඇත.

Colorado State University හි ජීව විද්‍යා මහාචාර්යවරියක් චන June Medford මහත්මිය ඇතුලු පර්යේෂණ කණ්ඩායම පුපුරන ද්‍රව්‍ය සමග ගැටීමෙන් වර්ණය වෙනස්කරනු ලබන ශාකයක් ජාන තාක්ෂණ මගින් නිර්මාණ කිරීමට ඝමත්වී ඇත.මෙහිදී Medford මහත්මිය තවදුරටත් පැවසුවේ උක්ත අදහස පැමිණියේද ස්වාභාවික පරිසරයෙන්ම බවයි. ශාකවල අන්තර්ගත DNA recepters අනතුරැදායක සංඥා ඝඳහා ප්‍රතිචාර ලෙස පත්‍රයේ බාහිරාවරණය (cuticle )ඝණකමි​ කර  වර්ණය වෙනස් කරන රසායන ද්‍රව්‍ය ක්(Terpenoid) නිකුත් කරයි.උක්ත ප්‍රතිචාර දැක්වීමේ ස්වාභාවික ගුණාංගය මෙහිදී පුපුරන ද්‍රව්‍ය හා පරිසර දූෂකවල අඩංගු රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට යොදා ගත් බව පැවසේ.මෙහිදීකොළ​ පැහැති​ පත්‍ර සුදු​​ පැහැයට හැරීම සිදුවේ.


ශාක‌සතු‌ මෙම​​ හැකියාව​ ඇතැමි​විට​ පුපුරන ද්‍රව්‍ය​ සෙවීම​ සඳහා යොදා​​ගනු ලබන සුණඛයන්ටද​ අභියෝග කලහැකිබව Medford මහත්මියගේ ​අදභඝයි. සුණඛයන් ​විනාශ ​කල​ හැකි​වුවද​ ශාක‌‌​ විනාශ කල​ නොහැකි​​වීම​ මෙන්ම මෙම​​ ශාක මහාපරිමාණයෙන් නිපදවීමේදීවැය වනපිරිවැය​ අඩුවීමද නඩත්තුවටයනවියදම​අඩුවීම ද​​ මේ ​කරෙහි​ අවධාය​ යොමුවීමට ප්‍රබල​​ ලෙස බලපා ඇත.තවද පරිසර දූෂක/ පුපුරන ද්‍රව්‍ය​සීමාවෙන්​ ඉවත්කල පසු​ ශාක‌ය​ නැවත​​​ කොළ​ පැහැයට​ හැරෙන​​ හෙයින් නැවත​ භාවිතයට​ ගැනීමට ​ඇති​හැකියාචද වැදගත්ය.
Medford මහත්මිය පැවසුවේ ගුවන් තොටුපලවල්,මහජනයා බහුලව ගැවසෙනු ලබන ස්ථාන හා නිවාස‚පාසැල් ආශ්‍රිතව (පරිසර දූෂණයට වැඩිපුර ලක්වන ස්ථාන ) මෙම ශාක භාවිතා කල හැකිබවයි. ඇමරිකනු ආරක්ෂක ඵ්ජන්සිය (Pentagon) සමග ගිවිසුමකින් සමිබන්ධව තවදුරටත් පර්යේෂණ කිරීමෙන් අනතුරැව  සැබෑ ලෝකයේදී ශාක‌සතු‌ මෙම​​ හැකියාව ප්‍රයෝජනයට ගැනීම (ඉදිරි වසර 2-3 ඇතුලතදී ) අපේක්ෂා කරන බව Medford මහත්මිය පැවසුවාය.

වර්ණය වෙනස්වීමට​ වැඩි​ කාලයක්ගතවීම​ ප්‍රායෝගිකව භාවිතයට ඇති විශාලම භාධාවයි.දිගින්​දිගටම​කරන​ පර්යේෂණ ​මගින් මෙම කාලය පැය​ ගණනින්​ මිනිත්තු​වලටද ​මිනිත්තු​වලින්​ තත්පර වලටදඅඩු කරගත හැකි​වනු ​ඇති බව ඔවුහු ​පවසති.අනාගතයේදී​ යුධපිටියක පළමුආරක්ෂකවලල්ල (first line of defense) ලෙසශාකපෙළක්වවාතිබෙන්නට​ද ​ඉඩ​ තිබේ.
http://www.dailymail.co.uk/sciencetech/article-1351085/How-scientists-developed-plants-detect-bombs.html

0 comments:

Post a Comment