ශාක ප්‍රචාරණය ප්‍රධාන වශයෙන් ලිංගික සහ අලිංගික
ලෙස ආකාර දෙකකට බෙදා දැක්විය හැක. බද්ධ පැලයක් යනු එක් ශාකයක වායව කොටසක් සහ තවත් ශාකයක
භූගත කොටසකින් සමන්විත පැලයකි.මෙහදී වායව කොටසත් භූගත කොටසත් සංගත විය යුතු අතර
කැම්බියම සහ සනාල පටක එකින් එකට සම්භන්ධ විය යුතුය.

බද්ධ
කිරීම සදහා යොදා ගත හැකි ශාක වර්ග
අඹ, අලිගැටපේර,
දුරියන්, රඹුටන්, දොඩම්, ජමනාරං, මැංගුස්ටින්, පෙයාර්ස්, අනෝදා, ජම්බු,
උගුරැස්ස, රෝස, බෝගන්විලා ආදී ය වේ.
-700x700.jpg)

බද්ධ කිරීම සදහා යොදා ගත හැකි උපකරණ වk1.txtර්ග
බද්ධ පිහිය,
සෙකටියර්, බද්ධ පටි
බද්ධ ක්‍රම
ශාක බද්ධයේදී යොදා ගන්නා බද්ධ ක්‍රම කිහිපයක්ම
ඇති අතර මුලික ලෙස කොටස් දෙකකට බෙදිය හැක.
1.
අංකුර බද්ධය
2.
රිකිලි බද්ධය
අංකුර
බද්ධ ක්‍රම
1.
පැලැස්තර බද්ධය
2.
එච් බද්ධය
3.
උඩුකුරු ටී බද්ධය
4.
යටිකුරු ටී බද්ධය
5.
අයි බද්ධය
6.
පියන් බද්ධය
7.
චිප් බද්ධය
8.
මුදු බද්ධය
රිකිලි බද්ධ ක්‍රම
1.
කූ්ඤ්ඤ බද්ධය
2.
සෑදල බද්ධය
3.
සයිඩ් බද්ධය
4.
පැති බද්ධය
5.
ජිහ්වා බද්ධය
6.
සමීප බද්ධය
7.
ආරුක්කු බද්ධය
බද්ධ
කිරීමේදී සැලකිය යුතු කරුණු
එක් එක් භෝගයට සුදුසුම බද්ධ ක්‍රමය තෝරා ගත
යුතුය. උද්භිත විද්‍යාත්මකව සමාන ලක්ෂණ ඇති ශාක, බද්ධයට යොදා ගැනීමෙන් අසංගතිය
නිසා ඇතිවන බාධා අවම කර ගත හැක. බද්ධ කිරීමේදී හැකි තරම් ඉක්මණින් එම කටයුත්ත අවසන් කල යුතුය. එමගින් අංකුර වියලී යාමෙන් ඇතිවන හානිය වලක්වා
ගත හැකිය. බද්ධ උපකරණ හොදින් මුවහත් කර හා පිරිසිදුව භාවිතා කළ යුතු අතර එමගින් පටක
තැලිම පොඩිවීම වලින් වලක්වා ගනිමින් තියුණු සුමට පෘෂ්ඨ සහිතව කපා ගත හැකි වේ. අනුජ සහ ග්රාහක
රෝග පළිබෝධ වලින් තොරව යොදාගත යුතු වේ.
කැපු කොටසින්
ජලය ඉවතට නොයන ලෙස බද්ධ සංධිය තදින් වෙලිය යුතු අතර එය පහල සිට ඉහලට වෙලා ගැට ගැසිය යුතුය. ජල
සම්පාදනයේදී පසේ තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍යතාවයට අනුව ජලය යෙදිය යුතුය.
ගෙවත්තේ
සුන්දරත්වය වැඩි කිරීම සදහා බද්ධ ක්‍රම මගින් විචිත්‍රවත් ගසක් නිර්මාණය කර ගත
හැකිය.
විද්‍යා හා
තාක්ෂණ නිලධාරී
හාලිඇල
0 comments:
Post a Comment