September 30, 2013

ඔබේ රහස් කතාවලට කන් දෙන ගිනිකූර

හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් සංවේදී උපකරණයක් (sensor), ජනයාගෙන් පිරුණු වීදියකදී ඔබ මිතුරෙකු හා කරන කතා බහ ඔබ දෙදෙනාටම නොදැනී පටිගත කිරීම හෝ ශ්‍රවණය කිරීම දක්වා වර්ධනය වී ඇත.
උද්‍යානයකදී හෝ වීදියකදී මිනිසුන්, වාහන, සතුන්, යන්ත්‍ර සූත්‍ර නිකුත් කරන විවිධාකාර ශබ්ද අතරින් මිනිස් හඬ වෙන් කර හඳුනා ගැනීමට පවා විශාල කවාකාර මයික්‍රෝෆෝන් (microphone) හා අදාල ශබ්ද නිකුත් කරන ස්ථානය බාධාවකින් තොරව දැකිය හැකි වීම සාමාන්‍ය අවශ්‍යථාව වේ. දුරකථන, අන්තර්ජාල, email, කාර්යාල වල අපේ තොරතුරු තව දුරටත් රහස්‍ය නොවෙන බව බොහෝ දෙනා දන්නා නමුත් පාර තොටේදී සිදුවන අපේ පෞද්ගලික කතාබහද ගිනිකූරක් ප්‍රමාණයේ මෙම සංවේද උපකරණය ඈත සිට ග්‍රහනය කර ගැනීම ත්‍රාසජනකය.
ඕලන්ද සමාගමක් microflown තාක්‍ෂණයෙන් නිර්මාණය කර ඇති ගිනිකූරක් තරම් වූ මෙම සංවේදී උපකරණයට ඈත සිට ඕනෑම සංවාදයක් ඉලක්ක කර නිවැරදිව හඳුනාගත හැකිය. Acoustic Vector Sensor (ධ්වනික දිශා සංවේදක) වර්ගයේ මෙම microflown සංවේදී උපකරණය (microflown සංවේදකය) ශබ්ද තරංග නිසා ඇති වූ වායු චලනය මැනීම මඟින් ශබ්දය නිකුත් කල ස්ථානය නිවැරදිව ක්‍ෂණිකව දක්වයි. එයට ශබ්දයේ ස්වරූපය හඳුනාගැනීමේ හා වෙනත් ස්ථානයක අසන්නෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවද තිබේ.
වර්තමානයේ භාවිතා වන මයික්‍රෝෆෝන ක්‍රියා කරනුයේ ශබ්ද තරංග වල චලනය මඟින් උපදින විදුලි සංඥා වලින් වුවද microflown සංවේදකයෙන් එහි මිලිමීටර 0.0002  ගැඹුරින් ඇති ප්ලිටනම් තහඩු දෙකක් අතර උෂ්ණත්ව වෙනස හා වායු අණු චලනයෙන් ක්‍රියා කරයි.Microflown මෘදුකාංගය, 200o C උෂ්ණත්වයේ වායු අණු වල වේගය ගණනය කර ශබ්දයේ තීව්‍රතාවයද, උෂ්ණත්ව වෙනස මඟින් ශබ්දය නිකුත් කරන ස්ථානයද හඳුනා ගනියි.

දුරින් පිහිටි විවිධ ජෙට් (Jets), ස්නයිපර් තුවක්කු වැනි ආයුධ ඕනෑම පරිසරයකදී හඳුනාගැනීමට හමුදාවට එක් සංවේදී උපකරණයක් ප්‍රමාණවත් වූ අතර මේ වසර ආරම්භයේදී අහඹු සොයා ගැනීමක් නිසා මීටර 2022 2 ක් ඈතින් සිදුවන සාමාන්‍ය කතා බහක් වුව ඇසීම හා පටිගත කිරීම දක්වා එය වැඩි දියුණු වූ බව සමාගමේ සම නිර්මාතෘ Hans Elia de Bree ප්‍රකාශ කරයි.
බැටරියක් හා ඉතා කුඩා ඇන්ටනාවක් සමඟ මෙම ගිනිකූරු microflown සංවේදකය මාර්ග සංඥා විදුලි කුළුණක හෝ උද්‍යානයේ බංකුවක සවි කිරීමෙන්, හදිසි අවස්ථා (කෑගැසීම්, කලබලවීම්, වෙඩිතැබීම්) හඳුනාගෙන එය කිසිවෙකුට හෝ නොදැනෙන ලෙස වීඩියෝ ගත කළ හැකිය (ශබ්දය ඇසුණු දිශාවට අපේ ඇස යොමු වන පරිදි). බොහෝ රටවල් මෙම microflown සංවේදක අත්හදා බලනු ලබන අතර ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් විශ්ව විද්‍යාලය එහි පරාසය 28% කින් වර්ධනය කිරීමට උපකාර කර ඇත. ගුවන් තොටුපල අසළ ගුවන් යානා ගමන් කරන මාර්ග සූක්‍ෂම ලෙස නිවැරදිව හඳුනාගැනීමට හා ගුවන්ගමන් පාලනයට යොදා ගැනීම සඳහා සැලසුම් කර තිබේ. විශාල කඳු වැනි භූගෝලීය හේතු නිසා රේඩාර් උපකරණ මෙන් microflown සංවේදක අවහිර නොවන අතර රේඩාර් උපකරණ වලට වඩා ලාභදායකද වේ.කෙසේ වෙතත් පුද්ගලික කතා බස් ඇසීමට උපකරණ භාවිතය ගැටළු සහගත විය හැක.

2 comments:

This comment has been removed by the author.

ෙහාද වැඩක්...... අලුත් Blog ඒකට අෙප් සුබ පැතුම්..........
VRC- Polpithigama......

Post a Comment