ඇන්ඩ්‍රස් ෆොගස් මහතා ඔහුගේ පියා සමඟ ත්‍රිමාණ මුද්‍රණයෙන් මනුෂ්‍ය පටක හා ඉන්ද්‍රියන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ මුල් කාලයේදී එය උන්මත්තක ක්‍රියාවක් ලෙස සැලකුවද, ඔවුන්ගේ හා ලෝකයේ වෙනත් පරීක්‍ෂණාගාර වල ඇති වූ දියුණුවත් සමඟ සාමාන්‍ය තත්වයට පත්විය. එයින් උත්සුක වූ ඔවුන් මනුෂ්‍ය ශරීර අවයව කොටස් මෙන්ම හම්, මස් වැනි සත්ව නිෂ්පාදන රෝපණය කිරීමට අදහස් කළ නමුත් ආරම්භයේදී මෙයද සාවද්‍ය අදහසක් විය. සත්ව පාලනය මඟින් සතුන් බෝකිරීම හා ඝාතනය කිරීම තුලින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීමට සාපේක්‍ෂව මෙලෙස සත්ව නිෂ්පාදන රෝපණය කිරීම වඩා සුදුසු ක්‍රමවේදයකි.
බිලියන 7 ක් පමණ වූ ලොව ජනගහනයේ සත්ව නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීමට බිලියන 10 ක පමණ පශු සම්පතක් අවශ්‍ය වේ.
· අමු ද්‍රව්‍ය මෙන් නොව සතුන් ජීවය සහිත බැවින් ඔවුන් පෘථිවි සම්පත් වැඩිපුරම භාවිතා කරනු ඇත. (ජලය 8%, ඉඩම් 33%)
· මේ තරම් විශාල සතුන් ප්‍රමාණයක් පාලනයේදී සතුන් තදබද වීම නිසා විවිධ රෝග කාරක ඇති වීම හා පශු සම්පත් ක්‍රියාවලියේ නොයෙක් දෝෂ සිදු විය හැක.
මේ කරුණු හේතු කොට ගෙන වර්තමාන සත්ව නිෂ්පාදන ඇති කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී පරිසරය, මහජන සෞඛ්‍ය හා ආහාර සුරක්‍ෂිතභාවය පිළිබඳ සංකීර්ණ ගැටළු නිර්මාණය වනු ඇත. එනිසා විකල්ප ක්‍රමයක් ලෙස සත්ව නිෂ්පාදන රෝපණය මඟින් ඇතිකිරීම වඩා යෝග්‍ය වේ.
· සත්ව නිෂ්පාදන යනු සත්ව පටක වල එකතුවකි.
· දැනට සංකීර්ණ සතුන් පවා බෝකිරීම සිදු කලද සත්ව නිෂ්පාදන සඳහා අවශ්‍ය වන්නේ සාපේක්‍ෂව සරල සත්ව පටක පමණි.
· ජීවයේ ප්‍රාථමික ඒකකය වූ සෛල මඟින් මෙම සරල පටක රෝපණය කළ හැකිය.
· Bio fabrication යනු සෛල හා සෛල භාවිතා කර පටක හා ඉන්ද්‍රියයන් රෝපණය කරන ක්‍රියාවලියයි.
· වෛද්‍ය විද්‍යාවේ Bio fabrication ප්‍රතිකාර මඟින් විවිධ වූ ශරීර අවයව කණ ,ස්වාශ නාල, හම, රුධිර පට්ටිකා, අස්ථි යනාදිය රෝපණය කර සාර්ථකව රෝගීන්ට බද්ධ කර තිබේ.
· Bio fabrication වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව මානුෂීය, කල්පවත්නා විශාල වපසරියක් සහිත නව කර්මාන්තයක් බැවින් එය හම් නිෂ්පාදනයට යොදා ගැනීම ඉතා සුදුසුය.
මෙහිදී හම් නිෂ්පාදනයෙන් සත්ව නිෂ්පාදන රෝපණ කර්මාන්තය ඇරඹීම වඩා සුදුසු වන්නේ,
· හම් ඉතිහාසයේ කොටසක් ලෙස ඉතා ව්‍යාප්තව භාවිතා වූ අතර හම් පටක රෝපණය, මස් වැනි අනෙක් සත්ව නිෂ්පාදන සඳහා පටක රෝපණයට වඩා ඉතා පහසු තාක්ෂණයක් වීම.
· මේ සඳහා බොහෝ විට ද්විමාන වූ එක් සෛල වර්ගයක් භාවිතා වීම සහ පාරිභෝගිකයා හා රෙගුලාසි සඳහා වඩා පහසුවෙන් පරිවර්තනය විය හැකි වීම.
· ආරම්භයේදී පටක වර්ධනයෙන් නිෂ්පාදිත හම් වලින් සෑදූ භාණ්ඩ පරිභෝජනයට එලෙස සැදූ මස් වර්ග අනුභවයට වඩා මිනිසුන් ප්‍රිය කරනු ඇති වීම. යන කරුණු නිසාය.
ඒ අනුව හම් නිෂ්පාදනය Bio fabrication කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවාහයේ නව ආරම්භක ද්‍රවයයක් වේ. එය ජයග්‍රහණය කළ විට මස් වැනි අනෙකුත් සත්ව නිෂ්පාදන රෝපණය ආරම්භ වනු ඇත
collagen යනු සෛල අතර ස්වාභාවික සම්බන්ධතා මඟින් ගොඩනැගුණු පටක වන අතර එය සෛල වල සත්‍ය නිෂ්පාදන වේ. හම් යනු භාණ්ඩ නිෂ්පාදනය කරන අමු ද්‍රව්‍යයයි. සෛල හා collagen ස්ථර අතර විසුරුවා එක් ස්ථරය මත අනෙක් ස්ථරය ලෙස ස්ථර කන්දක් (විශාල ප්‍රමාණයක්) මඟින් ඝනකම පත්‍ර (sheet) සාදා ගනු ලැබේ. මෙම පරිණත/ බහු ස්ථර (පත්‍ර) සංකීර්ණ නොවූ කෙටි රසායනික ක්‍රම මඟින් හම් බවට පරිවර්තනය කෙරේ. මේ ආකාරයෙන් පරීක්‍ෂණාගාරයේ සකස් කළ හම් වර්ග කිහිපයක
0 comments:
Post a Comment