චිත්‍රපට නිෂ්පාදකයෙකු වන රොබ් ස්පෙන්ස් මහතාගේ ශරීරය දැන් ස්වභාවිකව චිත්‍රපට නිර්මාණය කරයි . වයස අවුරුදු 6 දී රොබ් ස්පෙන්ස් මහතාගේ දකුණු ඇස හදිසි අනතුරකදී වෙඩි වැදීමක් නිසා ශෛල්‍යකර්මයකින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවිය.අහිමි වූ ඇස වෙනුවෙන් තම බාහිර ස්වරූපය රැක ගැනීමට බොරු ඇසක් හෝ වෙනයම් ප්‍රතිකර්මයක් කිරීමේ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව කටයුතු කල ඔහු මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් තමාට අහිමි වූ සම්පත ඒ ආකාරයෙන්ම නොවූවත් ඵලදායී ලෙසනැවත ගොඩනගා ගැනීමට සමත් විය.ක් අහිමි වූ බොහෝ අය බොහෝ සේ සලිත වුවත් මම අවම වශයෙන් මගේ අහිමි වූ ඇස වෙනුවෙන් කැමරාවක් සවි කර ගත්තා.එය මේ ලෝකේ සංකල්ප වලින් බැහැර වූ ඇස්බැන්දුමක් නොවේ” යැයි ඔහු ප්‍රකාශ කරයි.
දීර්ඝ කාලීන පර්යේෂණ සහ වෙහෙස මහන්සි වී ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියුම් කැමරාවක් ඔහුගේ ඇසට බද්ධ කර ඇත්තේ එම කැමරාවට අසු වන රූපරාමු කිසිදු රැහැන් සම්බන්ධතාවයකින් තොරව (wireless) රූපවාහිණී, Hard disk, කැමරා වැනි උපකරණ වලට සම්ප්‍රේෂණය කර ගැනීමේ හැකියාව ඇති අයුරිණි . මෙමඟින් ඔහුට සුභවාදී බලාපොත්තු ඇතිවී තිබේ. ඔහුගේ යාන්ත්‍රික ඇස (Bionic eye) රහස් කැමරාවක් ලෙස ක්‍රියාකරයි.ඔහු නිදහසේ සිටිනවිටද පුදුමසහගතලෙස මෙම කැමරාව ක්‍රියාත්මකවේ.
මෙහි වැදගත්කම හඳුනාගත් චිත්‍රපටිකරුවන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන් ඔහුට විවිධ ඇරයුම් ලැබූ බව හා සත්‍ය යුධමය වාතාවරණයක් තුල යුධමය වාර්තා චිත්‍රපටියක් සෑදීමට සාමාන්‍ය වීඩියෝ කැමරාවක් භාවිතා කිරීම අපහසු බැවින් වරක් ඔහුට ඉරාක යුද්ධය පිළිබඳ වාර්තා චිත්‍රපටියක් නිෂ්පාදනයටද විශේෂ ආරාධනයක් ලැබුණු බව ඔහු ප්‍රකාශ කරයි. එහෙත් එම ආරාධනාව ප්‍රතික්‍ෂේප කල ඔහු ඒ වෙනුවට ලොව වටා සංචාරය කර මෙවැනි ශරීරයේ විවිධ අංග අහිමි වීම නිසා යාන්ත්‍රික ශරීරාංග බද්ධ කර ගත් අවස්ථා (cyborg) පිළිබඳ වාර්තා චිත්‍රපටියක් සකස් කර ඇත.
මෙලෙස යාන්ත්‍රික ශරීරාංග සහිත පුද්ගලයින්ගේ ශුර වීරකම් පිළිබඳ වීඩියෝ ක්‍රීඩාඅනාගතයට සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධ වුවත් රොබ් ස්පෙන්ස් මහතාගේ යාන්ත්‍රික ඇස හෙවත් වීඩියෝ ඇස(Bionic eye) වර්තමාතාණයේ පවතින්නකි.






0 comments:
Post a Comment