Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 21, 2017

දරුවන්ගේ චිත්තාවේග හඳුනන බෝනික්කා

කෘතීම බුද්ධි ඇල්ගොරිදමය(Artificially Intelligent Algorithms) ක්‍රියාත්මක කරන නව චිපයක (chip) හැකියාව ප්‍රදර්ශනය කිරීමට විද්‍යාඥන් විසින් චිත්තාවේග හඳුනන මෙම බෝනික්කා නිර්මාණය කර තිබේ. මේ සදහා මුහුණේ ඉරියව් බෝනික්කාගේ කුඩා කැමරාව මගින් ජායාරුප ගත කර එම ඉරියව්වල ඇති චිත්තාවේග හඳුනාගත හැකි වන ලෙස සැකසු ප්‍රතිලේඛන සහිත පද්ධතියක් බෝනික්කා තුළ අන්තර්ගත කිරීමට ඔවුහු සමත් වුහ.

දරුවාට දුකක් දැනේද ? එය ක්ෂණයෙන් බෝනික්කා හඳුනාගෙන ඒ බව ප්‍රකාශ කරයි. පුදුමය  සහ සතුට ඇතුළු මේ ආකාරයේ චිත්තාවේග 8 ක් දරුවාගේ මුහුණේ ඉරියව් මගින් හඳුනාගැනීමට බෝනික්කා සමත් වේ. තවද මෙවැනි චිපයක් සහිත බෝනික්කාගේ මිල යුරෝ 115 (ආසන්න වශයෙන් රු 20,000) ක් වීම මගින් කෘතීම බුද්ධිය භාවිතා කිරීමටයුරෝපිය ජනතාවට ඇති හැකියාව වැඩි වී ඇති බව සනාථ වේ. නුදුරු අනාගතයේදී  සැම ස්ථානයකම මිලියන ගණනින් ඇස් අප වෙත යොමුවී තිබෙනුයේ හුදෙක් අපව දැකීමට පමණක් නොව අපට උදව් කිරීමට බව ව්‍යාපෘතියේ මුලිකයා වූ ස්පාඤ්ඤයේ Castill-La Mancha විශ්ව විද්‍යාලයේ Oscar Deniz පවසයි. කෘතීම බුද්ධියේ නවීනතම දියුණුව අනුව වස්තු හඳුනාගැනීම, මුවෙහි තොල් චලනය හඳුනාගැනීම,  මුලික තීරණ ගැනීම යනාදිය සදහා නව කෘතීම බුද්ධියේ අල්ගොරිදමයන්ට හැකියාව තිබේ. එම හැකියාවන් ඇතුලත් බෝනික්කා වැනි පාරිභෝගික වස්තු නිර්මාණය වීම නුදුරු අනාගතයේ සිදුවනු ඇත. ඒ අනුව කෘතීම බුද්ධිය සහිත සෙල්ලම් බඩු, ද්‍රෝන, කුඩා රොබෝවරු වැනි අනුමාන කළ නොහැකි උපකරණ භාවිතා කිරීමට අපට හැකිවේ යයි Deniz පවසයි.

Deniz ගේ නව බෝනික්කාගේ සුවිශේෂිත්වය නම් එහි ක්‍රියාකාරිත්වය සදහා අන්තර්ජාලය කිසිසේත් සම්බන්ධ නොවීමයි. එනම් එමගින් පෞද්ගලිකත්වය ආරක්ෂා වේ. මින් පෙර අලෙවි වූ My Friend Cayla  නම් බෝනික්කා ක්‍රියාකාරිවිමට cloud හරහා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමෙන් පෞද්ගලිකතත්වයට හානි සිදුවූ බවට විශාල ආන්දෝලනයක් ඇති විය.

සියලු ක්‍රියාකාරිකම් උපකරණයට පමණක් සීමාවීම මේ යුගයේ අවශ්‍යතාවයක් බවත් අන්තර්ජාලයේ විවධ  තාක්ෂණයන්ගේ ආධාරයෙන් තොරව සිතීමේ හැකියාව ඇති කෘතීම බුද්ධිය සහිත උපකරණ හෙට දින ඉපදී ඒවා මගින් අද දින පවතින ගොළු උපකරණ ප්‍රතිස්ථාපනය වන බවත්  Deniz තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

භාෂා අටක් තත්කාලීනව පරිවර්තනය කරන earpiece

පසුගියදා පැවතී එක්සත් ජාතීන්ගේ උත්සවයකදී භාෂා 8 ක් තත්කාලීනව (ඒ අවස්ථාවේදීම) පරිවර්තනය කර ඇසීමට හැකි earpiece (සවනකඩක් ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි Lingo International සමාගම විසින් අනාවරණය කර ඉදිරිපත් කරන ලදී.

ජිනීවා නුවර පැවති Artificial Intelligence for Good Summit (යහපත් මස්තකයක් සදහා කෘතීම බුද්ධිය) තේමාව සහිත එම ඒ.ජා. සමුළුවේදී නව TranslateOne2One (එකවර පරිවර්තනය) earpiece සවනකඩ ඇල්ගොරිදමය සදහා IBM Watson පරිගණකයේ යාන්ත්‍රික ඉගෙනීමේ තාක්ෂණය භාවිතා කළ බවද අනාවරණය විය.

භාෂා පරිවර්තන නිර්මාණයේ යෙදෙන සෙසු බොහෝ තරඟකරුවන් මෙන් ඔබගේ ජංගම දුරකතනයට සම්බන්ධ Bluetooth හෝ Wi-Fi  තාක්ෂණය නව earpiece සදහා අවශ්‍ය නොවන බැවින් එය සම්පුර්ණයෙන් නිදහස් තාක්ෂණයක් බව එහි සහ Lingo සමාගමේ නිර්මාතෘ Danny May පවසයි. මුලදී සුදුකම් ලත් ජලනල කාර්මිකයෙකු වූ May ව්‍යාපාරික කටයුත්තක් සදහා චීනයට ගියවිට සිදුවූ කරදරයක් මෙම නිර්මාණය සදහා ඔහු යොමුවීමට හේතුවූ බව සදහන් කරයි. චීනයට ගොස් පැය කිහිපයක් තුළ තම විදේශ ගමන් බල පත්‍රය සොරාගනු ලදුව ඒ පිලිබදව චීන පොලිසියට පැමිණිලි කිරමේදී භාෂා පරිවර්තන ගැටලුවකට මුහුණදීමට සිදුවී තිබේ. පොලිසියේදී තමා පැවසු “Hellow how are you” යන්න එහිදී පරිවර්තනය වුයේ “Hellow I love  you” ලෙස බවද ඔහු පවසයි.

වසර 4 ක දුෂ්කර උත්සහයකින් පසු ඔහු නිර්මාණය කළ නව භාෂා පරිවර්තන උපාංගය අන්තර්ජාලයේ බොහෝ සෙවුම් යන්ත්‍ර මෙන්  වචනයෙන් වචනයට පරිවර්තනය කිරීමේ ක්‍රමය අනුගමනය නොකරයි. ප්‍රයෝගික පරීක්ෂණ වලින් මිනිසුන් එක් වරකදී තත්පර 15 ක් කථා කරන බව හදුනාගෙන ඒ අනුව කථාව තත්පර 30 කොටස්වලට කොටස් කර වෙන් කිරීම මුලින් සිදු කර තිබේ. ඉන්පසුවWatson පරිගණකය මගින් මෙම තත්පර 30 කථා කොටස් ගැලපෙන වාක්‍යක්  ලෙස සකස් කර එම වාක්‍ය අවශ්‍ය වෙනත් භාෂාවට පරිවර්තනය කිරීමෙන් TranslateOne2One කාර්ය සම්පුර්ණ කර ඇත. දැනට ඉංග්‍රීසි, ජපන්, චීන, ඉතාලි, ස්පාඤ්ඤ, ජර්මන් සහ පෘතුගීසි යන භාෂා මේ ආකාරයෙන් එකක් අනෙකට තත්කාලීනව පරිවර්තනය කිරීමට මෙම earpiece (සවනකඩ) ට හැකියාව තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර       

 https://www.youtube.com/watch?v=lGUvvfNN98o

දරුණු අසාත්මතිකතා නිට්ටාවටම සුව කිරීමට ප්‍රතිකාරයක්

සමහර විශේෂිත අසාත්මතිකතා (ඇදුම රෝගය වැනි) ඇති කරන ප්‍රතිශක්ති ප්‍රතිචාරයන් නවතා දැමීමට හැකි නව ප්‍රතිකාර ක්‍රම වේදයක් ඕස්ට්‍රේලියාවේ කුවිස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

JCI INSIGHT හි ප්‍රසිද්ධ කර ඇති මෙම සොයාගැනීම මගින් රටකජු හා සිප්පිකටු වැනි ඉතාමත් සාමාන්‍ය පොදු ද්‍රව්‍ය සදහාද දරුණු අසාත්මතිකාතා දක්වන්නන් තවදුරටත් ඒවාට භියවිය යුතු නැති බව දැක්වේ.

අසාත්මතිකතා ඇති පුද්ගලයන්ගේ ප්‍රෝටිනවලට ප්‍රතිශක්ති සෛල ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපලයක් ලෙස ඇඳුම රෝග ලක්ෂණ වැනි අසාත්මතිකතා මතුවන බව පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ මහාචාර්ය Ray Steptoe පවසයි. ඔවුන්ගේ පර්යේෂණ ඇඳුම අසාත්මතිකතාව මුලික කරගෙන වුවත් මෙම ප්‍රතිකාරය රටකජු, මිමැසි විෂ, සිප්පිකටු සහ වෙනත් දේ සදහා ඇතිවන විවිධ අසාත්මතිකතා සදහාද භාවිතා කළ හැකිය.

පර්යේෂණ ක්‍රියාවලියේදී විද්‍යාඥයෝ රුධිර ස්ටෙම් සෛලයක් ගෙන එය තුළට අසාත්මතික  ප්‍රෝටීනය නියාමනය කළ හැකි ජානයක් ඇතුළු කළෝය. එමගින් ප්‍රතිශක්ති ප්‍රතිචාරයට අදාළ අසාත්මතිකතා මකා දැමිය හැකි බව ඔවුහු නිරීක්ෂණය කර අවබෝධ කර ගත්හ. ඉන්පසු නැවතත් අසාත්මතිකතා අවස්ථාවන්ට පුද්ගලයා නිරාවරණය වුවිට ප්‍රෝටීන සදහා වූ ප්‍රතිශක්ති ප්‍රතිචාරය නැවතී තවදුරටත් අසාත්මතිකතාවක් ඇති නොවිණි. එනම් මෙම පර්යේෂණය මගින් සොයාගත්  ප්‍රතිකාරය මගින් රෝගය පරිණත වීමට පෙර එය නවතා දැමීම සිදු කරයි.



කෙසේවෙතත් තවමත් මෙම පර්යේෂණ පුර්ව සායන මට්ටමේ බැවින් ප්‍රතිකාරය සංවර්ධනය කර සායන මට්ටමින් මිනිසුන් සදහා යොදාගැනීමට තව වසර කිහිපයක් ගතවනු ඇතැයිද ප්‍රකාශ වී තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර  

https://youtu.be/d7HQCppf3BQ?t=5

Fukushima ගිලුණු ප්‍රතික්‍රියාකාරක වෙත යැවෙන කුඩා රොබෝ පිහිනුම්කරු

ජපානයේ Fukushimaහි විකිරණශීලි ද්‍රව තුළින් කුඩා රොබෝ පිහිනුම්කරුවෙකු පිහිනා ගමන් කරවීමට ජපානයේ ඉංජිනේරුවන් සුදානම් වේ.

2011 වසරේදී භුකම්පනය සහ සුනාමිය නිසා Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරය විනාශ වීම ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. එහිදී න්‍යෂ්ටික බලාගාර යන්ත්‍රෝපකරණයේ ප්‍රතික්‍රියාකාරක 3 ක් සම්පුර්ණයෙන් ගිලි විනාශ වූ අතර සිදුවූ විකරණශීලි කාන්දුවීම නිසා 160,000 ක ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කරන ලදී. මෙවැනි විපත්තිකාරක  සහ තවමත් භියකරු ස්ථානයකට යැවීම සදහා “Little Sunfish” හෝ “mini manbo” නමින් හදුන්වන මෙම කුඩා රොබෝ පිහිනුම්කරුවා නිර්මාණය කිරීමට ජපානයේ පිහිටි “International Institute For Nuclear Decommissioning” ආයතනය සහ Toshiba ආයතනය එක්ව කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවේදී “Little Sunfish” ට ඉහළ විකිරණශීලි පරිසරයක ගිලි සහ සීමිත ළගාවිමේ හැකියාව යන විශේෂ දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුව තිබෙන බව Toshiba ආයතනයේ බලශක්ති පද්ධති සහ සේවා අංශයේ සාමාන්‍යාධිකාරි Goro Yanase පවසයි.
දියයට දුරස්ථව පාලනය වන වාහනයක් වූ “Little Sunfish” සෙ.මි. 30 (අඟල් 11.9) ක දිගකින් සහ සෙ.මි.13 (අඟල් 5.1) ක පළලකින් යුක්ත වේ. එහි ඉදිරිපස හා පසුපස මුහුණත්වල කැමරා සවිකර ඇති අතර LED දගර මගින් බලය ලබා දේ. ඉදිරිපස එකක් හා පසුපස හතරක් බැගින් වූ තෙරපුම්කාරක 5කින් දියයට චලනය සිදු කරයි. “Little Sunfish” ට පැයකට Sieverts 200 ක විකිරණශීලි මට්ටමක් දරා ගත හැකිය. එහෙත් Fukushima යන්ත්‍රෝපකරණයේ සමහර කොටස් වල මිනිසෙකු මියයාමට තරම් ප්‍රමාණවත්වූ පැයකට Sieverts 530 ක විකිරණශීලිතා මට්ටමක් පවතින බැවින් අමතර ආරක්ෂාකාරී පියවර සලසා ගත යුතුය.

මෙය ඉතා දිගු පියවරයන්වල ඇති එක් ඉතා කුඩා පියවරක් පමණක් වේ. ප්‍රතික්‍රියාකාරක 3 හිම දිය වූ ඉන්ධන සියල්ල සොයා ගැනීම 2021 වසර දක්වා සිදුවිය හැකි බවත් ඉන්පසුව Fukushima පිරිසිදු කිරීම සදහා තවත් දශක 4 ක පමණ කාලයක් සහ ඩොලර් බිලියන 188 ක වියදමක් දැරිය යුතු බවද වාර්තා වේ
 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=BmQSZYnYNhQ

June 20, 2017

INNOVATIONS : සෝනි සමාගම නිර්මාණයකල සිවිකාච (contact lens) වීඩියෝ කැමරාව

සෝනි සමාගම මෑතකදී ගොනුකල පේටන්ට් බලපත්‍ර ඉල්ලුමකට අනුව ඔවුන් සිවිකාචයක වීඩියෝ කැමරාවක් නිර්මාණය කිරීමට සමත්වී ඇත. එපමණක් නොව එම කැමරාවට පටිගත කල වීඩියෝ ගබඩාකරගෙන නැවතත් සිවිකාචය මතම ප්‍රතිවාදනය කල හැකිය.


පටිගත කිරීම ඇරඹීම, නැවැත්වීම, ප්‍රතිවාදනය හා රෙකෝඩරය නිවාදැමීම ඇසිපිය ගැසීමෙන් සිදුකල හැකිය. සාමාන්‍ය ඇසිපිය ගැසීම හා ඇසිපිය විධානයන් වෙන්කොට හඳුනාගැනීමට කැමරාව සමත්ය. එමෙන්ම ඇසිපිය ගැසීම නිසා වීඩියෝවේ ඇතිවන හිස්තැන් පුරවා දැමීමට මෙන්ම හිස ඇලකොට යමක් දෙස බලනවිට ඇලට පටිගතවන වීඩියෝව කෙලින් ප්‍රතිවාදනය කිරීමටද මෙය සමත් බව පේටන්ට් අයදුම් පතේ සඳහන්වේ.
උපුටා ගැනීම සදහා කතෘ අවසරය ලබා දී ඇත
පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල  
උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com
AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com

DIGITAL ELECTRONIC TECHNOLOGY : මද 18ක් ඇති අලුත්ම Core i9 ප්‍රොසෙසරය

2017 කොම්පියුටෙක්ස් පරිගණක තාක්ෂණ ප්‍රදර්ශණයේදී ඉන්ටෙල් සමාගම Core X සන්නාමයෙන් යුතු අලුත්ම ප්‍රොසෙසර් කාණ්ඩයක් හඳුන්වාදුන්නා. 4K ගේම් හා වීඩියෝ සඳහා, අධික වේගයෙන් HD වීඩියෝ සංස්කරණය සඳහා මෙන්ම වෙනත් අධික ප්‍රොසෙසර් බලයක් අවශ්‍ය කටයුතු සඳහා වේගවත් අධිබල ප්‍රොසෙසර් කාණ්ඩයක් ලෙසයි මෙම ප්‍රොසෙසර් වෙළඳපොලට ඉදිරිපත් වන්නේ.

Core X කාණ්ඩයේ පලමු ප්‍රොසෙසරය ලෙස කෝර් 9 අයි ප්‍රොසරය වෙළඳපොලට ඉදිරිපත් වනවා. මෙය ඉන්ටෙල් සමාගමේ ප්‍රධාන ප්‍රොසෙසර් තරඟ කරුවා වන AMD සමාගමේ අධිබල Ryzen ප්‍රොසෙසර් කාණ්ඩය හා කෙළින්ම තරඟයට ඉදිරිපත් කර තිබෙනවා.


Core i9
ප්‍රොසෙසර් කාණ්ඩයේ ප්‍රධානම විශේෂත්වයන් මෙලෙස හඳුනාගත හැකියි.

Processing Core හෙවත් දත්ත සැකසුම් ඒකක 18ක් සහිත අධිබල ප්‍රොසෙසරයක් i9 කාණ්ඩයට ඇතුලත්. එතරම් අධිබලයක් (හා වැඩිමිලක්) අනවශ්‍ය අයට සැකසුම් ඒකක 10, 12, 14 හා 16ක් ඇති i9 ප්‍රොසෙසර්ද වෙළඳපොලට නිකුත් කරනු ඇති.

මෙම ප්‍රොසෙසර් කාණ්ඩයේ සියලුම ප්‍රොසෙසර් වලට ඉන්ටෙල් සමාගමේ Turbo Boost 3.0 තාක්ෂණය ඇතුලත් කොට තිබෙනවා. ටර්බෝ බූස්ට් 3 තාක්ෂණයෙන් තාවකාලිකව ප්‍රොසෙසරයේ දත්ත සැකසුම් වේගය (clock speed) විශාල ලෙස වැඩිකල හැකියි. මෙලෙස වේගය වැඩිකිරීමේදී ටර්බෝ බූස්ට් තාක්ෂණයේ ආධාරයෙන් ප්‍රොසෙසරය අධික ලෙස රත්වීම වලක්වනවා. 

මෙම ප්‍රොසෙසර් කාණ්ඩයේ ඇති හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාදෙන X299 motherboard chip-set නම් සහයක මයික්‍රෝපරිපථද මෙම ප්‍රොසෙසරය සමගම එලිදැක්වීම නිසා තමන්ගේ පරිගණක එකලස්කර ගැනීමට කැමති  අයට අවශ්‍ය ආකාරයට customize කල Core i9 පරිගණක තනාගත හැකියි.


උපුටා ගැනීම සදහා කතෘ අවසරය ලබා දී ඇත.

පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල   
උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com

AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com

සෘණ ස්කන්ධයක් (negative mass) ඇති පදාර්ථයක් නිපදවීමට භෞතික විද්‍යාඥයින් පිරිසක් සමත්වෙයි.


ස්කන්ධය සෑම විටම ධන අගයක් ගන්නා බව භෞතික විද්‍යාව හදාරණ ඕනෑම සිසුවෙක් දන්නා දෙයක්. කිලෝ ග්‍රෑමයක් සෑමවිටම 1 Kg වන අතර කිසිවිටෙකත් එය -1 Kg ලෙස දැක්වීමට නොහැකියි. එහෙත් මෙය වෙනස් කිරීමට වොෂිංටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා. ඒ ස්කන්ධය සෘණ අගයක් ගන්න අපූර්ව පදාර්ථයක් බිහිකිරීමෙන්.

නිව්ටන්ගේ දෙවන නියමයට අනුව බලය=ස්කන්ධය X තවරණය යන සමීකරණය ව්‍යුත්පන්න කොට ඇති අතර අප සැබෑ ලෝකයේදී දකින්නේ මෙම සමීකරණය ස්කන්ධය ධන අවස්ථාවේ යෙදෙන අයුරු පමණකි. ඒ අනුව අප සාමාන්‍ය ස්කන්ධයකට (ධන ස්කන්ධයකට ) බලයක් යෙදූ විට එය බලය යොදන දිශාවට ගමන් කරයි.

එහෙත් විද්‍යාඥයින් බිහිකොට ඇති මෙම සෘණ පදාර්ථය මීට ප්‍රතිවිරුද්ධ ආකාරයට ක්‍රියාකරයි. එනම් එයට බලයක් යෙදූවිට එය බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරයි!!


සෘණ ස්කන්ධ පදාර්ථය බිහිකලේ කොහොමද?

මේ සඳහා රුබීඩියම් නම් මූලද්‍රව්‍යය නිරපේක්ෂ ශූන්‍යයට ආසන්න (සෙ.ග්‍රේ: - 273.15) වනතෙක් සිසිල් කොට තිබෙනවා. රුබීඩියම් නිර්පේක්ෂ ශූන්‍යයට ආසන්නවනතෙක් සිසිල් කල විට එය Bose-Einstein condensate නම් ද්‍රවයක් ලෙස හැසිරෙන්නට ගන්නවා. Bose-Einstein condensate නම් අවස්ථාවේදී පදාර්ථයේ පරමාණු නිරපේක්ෂ ශූන්‍යයට සිසිල් වී ඇති නිසා එම පරමාණුවල ස්වභාවිකව ඇති චලනයන් නැත්තටම නැතිවී යනවා. ඒ අනුව මෙම පරමාණු සියල්ලම එක් පරමාණුවක් මෙන් හැසිරෙන්නට පටන්ගන්නවා.

රුබීඩියම් පදාර්ථය බෝස්-අයින්ස්ටයින් කන්ඩෙන්සේට් අවස්ථාවට පත්වූ පසු, මෙම විද්‍යාඥයින් එයට ක්ශුද්‍ර ලේසර් කිරණයක් එල්ල කොට එම පරමාණු ඒවා ස්වභාවිකව භමණය වන දිශාවට විරුද්ධ දිශාවට බ්‍රමණය වන්නට සැලැස්වූවා. මෙලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට භමණය වනවිටයි මෙම රුබීඩියම් පදාර්ථය සෘණ පදාර්ථයක් මෙන් ක්‍රියා කරන්නට පටන්ගෙන ඇත්තේ.


උපුටා ගැනීම සදහා කතෘ අවසරය ලබා දී ඇත
පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල  

උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com

AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com

ඉවතලන ඉරිඟු ශාක කොටස්වලින් හයිඩ්‍රන් ඉන්ධන!

නුදුරු අනාගතයේදී ලොව ඇතිවෙතැයි සිතන බළශක්ති අර්බුධයට මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශය අවම කිරීමටත් හොඳ විසඳුමක් ලෙස හයිඩ්‍රජන් හඳුනාගෙන තිබුණේ දශක ගණනාවකට පෙර සිටය. එහෙත් හයිඩ්‍රජන් ප්‍රායෝගික ඉන්ධනයක් ලෙස යොදාගැනීමට හැකි තාක්ශණය නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පසුගිය දශක කිහිපයම ගත කරන්නට විය.


විශේෂයෙන් මෝටර් රථ ධාවනය සඳහා හයිඩ්‍රජන් යොදාගැනීමට ඇති හැකියාව පිලිබඳව බොහෝ පර්යේෂණ සිදුකෙරුණි. ඉතාමත් පිරිසිදු ලෙස දහනය වී ජලවාශ්ප පමණක් අපද්‍රව්‍යයක් ලෙස පිටකරන හයිඩ්‍රජන් ඉන්ධනය ඉතා සැහැල්ලු වායුවක් වීමත්, ක්ශණයෙකින් ගිණිගන්නා අන්තරායකාරී ද්‍රව්‍යයක් වීමත් නිසා  හයිඩ්‍රජන් මෝටර් රථ ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු විය.

එහෙත් වසර විසි තිස් ගණනක පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල ප්‍රථිපලයක් ලෙස ටොයොටා සමාගම 2014 දෙසැම්බරයේදී හයිඩ්‍රජන් වලින් ධාවනය කල හැකි ලොව ප්‍රථම වාණිජමය වශයෙන් අලෙවි වන හයිඩ්‍රජන් මෝටර්රථය වන ටොයෝටා මිරායි රථය නිර්මාණය කලේය.  "ටොයොටා මිරායි" රථය මුලින්ම වෙළඳපොලට එක්වන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත අතරින් පරිසර දූෂණය පිටුදැකීම සඳහා නීති දැඩිම ප්‍රාන්තය වන කැලිෆෝනියා ප්‍රාන්තයේය.

ප්‍රායෝගිකව හයිඩ්‍රජන් භාවිතාකිරීමේ තාක්ශණික බාධක එලෙස බිඳවැටෙද්දී හයිඩ්‍රජන් භාවිතයට ඇති තවත් ප්‍රභල බාධකයක් වූයේ හයිඩ්‍රජන් නිශ්පාදනයේදී ඇති අධික පිරිවැයයි. අමෙරිකාව ඇතුලු ඉරිඟු නිශ්පාදනය බහුලව සිදුකරන රටවල් ඉරිඟු ආධාරයෙන් හයිඩ්‍රජන් නිපදවීම ආරභ කොට තිබුණද එය එතරම් කාර්යක්ශම නොවීය. ඉරිඟු ගසේ ඉවතලන කොටස් බැක්ටීරියා ආධාරයෙන් පැසවීමට බඳුන්කොට (fermentation) හෝ කාර්මික උත්ප්‍රේරක (industrial catalysts) භාවිතයෙන් හයිඩ්‍රජන් නිශ්පාදනය කල හැකි වුවද, එම ක්‍රියාවලි මගින් ඉරිඟු ශාක කොටස්වල අඩංගු සයිලෝස් සීනි (xylose plant sugar)වලින් 30-60 අතර ප්‍රමාණයක් පමණක් හයිඩ්‍රජන් බවට හර්ඣවා ගැනීමට හැකිවිය.

ෂෙල් ඉන්ධන සමාගමේ මූල්‍ය දායකත්වයෙන් මේ අකාර්යක්ශමතාවය පිලිබඳව පර්යේශණ පැවැත්වූ අමෙරිකාවේ වර්ජිනියා ටෙක් සරසවියේ පර්යේෂකයින් පිරිසක්, ඉවතලන ඉරිඟු ශාක කොටස්වල අඩංගු සයිලෝස් සීනිවලින් 100%ක්ම හයිඩ්‍රජන් බවට හැරවීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇත. මේ අනුව හයිඩ්‍රජන් නිශ්පාදනයේ පිරිවැය වේගයෙන් අඩුවනු ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

මෙම පර්යේෂණ ප්‍රථිපල හැකිතාක් ඉකමණින් වාණිජකරණය කිරීම මගින් දැනට ලොව ආර්ථිකය යැපෙන, ක්ශයවෙමින් යන ෆොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය ඉන්ධනයක් වන හයිඩ්‍රජන් මත යැපෙන "හයිඩ්‍රජන් ආර්ථිකයක්" බවට පත්කල හැකි බව මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය පර්සිවාල් සැන්ග් පවසනවා.


උපුටා ගැනීම සදහා කතෘ අවසරය ලබා දී ඇත
පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල   
උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com

AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com

Amazon.com සමාගම සිය ඇනවුම් ඩ්‍රෝන යානා මාර්ගයෙන් ගැනුම්කරුවන් වෙන්ත යැවීමට සැරසෙයි.

2016 අගභාගය වනවිට සිය ගණුදෙනුකරුවන් විසින් සිදුකරන ඇණවුම් විනාඩි 30 ඇතුලත කුඩා ඩ්‍රෝනයානා මගින් ගෙදරටම ගෙනැවිත් දීමට ඇමසන්.කොම් සමාගම සැළසුම් කරමින් සිටී. මේ සඳහා කිලෝ ග්‍රෑම් 2.5ක් පමණ බරක් උසුලාගෙන පියාසර කල හැකි ඔක්ටෝකොප්ටර් (octocopter) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගැනීමට ඇමසන් සමාගම අදහස් කරගෙන සිටී. දැනට ඇමසන් සමාගම සිය ඇණවුම් ගණුදෙනු කරුවන් හට ලැබෙන්නට සලස්වන්නේ ෆෙඩ්-එක්ස් කුරියර් සමාගම හරහාය. මේ සඳහා සෑහෙන මුදලක් අමතරව ගෙවීමට ගණුදෙනුකරුවන් හට සිදුවන් අතර, එම මුදලට වඩා මුදලක් ඇමසන් සමාගම ෆෙඩ්-එක්ස් සමාගමට ඒ වෙනුවෙන් ගෙවයි. මෙම පිරිවැය අඩුකරගැනීමටත්, වඩාත් ඉක්මණින් ඇණවුම ගනුදෙනු කරුවන්හට ලැබෙන්නට සැලැස්වීමටත් ඩ්‍රෝන යානා භාවිතයෙන් හැකි බව ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ්රි බෙසෝස් මහතා පවසා සිටියි.

මේ සඳහා "Prime Air" යනුවෙන් වෙනම සමාගමක්ද ඇමසන් සමගම විසින් ස්ථාපනය කොට ඇත. මෙම ඩ්‍රෝන යානා නිර්මාණය කිරීම සඳහා ගුවන් යානා විශේෂඥයින්, රෝබෝ ඉන්ජිනේරුවන්, ගගනවිද්‍යා ඉන්ජිනේරුවන් මෙන්ම නාසා ආයතනයේ හිටපු අභ්‍යවකාශගාමියෙකුද ඇතුලු කණ්ඩායමක් මේ දිනවල ලහිලහියේ සූදානම් වෙමින් සිටින බව ඇමසන් සමාගම පවසනවා.


දැනටමත් මෙවැනි ඔක්ටෝකොප්ටර් යානා පියාසැරිවල යොදවමින් අත්හදා බැලීම් සිදුකරන බව පවසන ඇමසන් සමාගම මෙම අත්හදාබැලීම් සිදුකරන්නේ කැනඩාවේ සිටයි. මෙයට හේතුව අමෙරිකාවේ ෆෙඩරල් ගුවන්ගමන් පාලන ආයතනය (FAA) මෙම පරීක්ශණ ඇමරිකාවේ සිදුකීරීමට අවසර නොදීමයි. එහෙත් කැනේඩියානු රජය මෙම පර්යේෂණ සඳහා අවසරය මෙන්ම පූර්ණ සහයෝගයද ලබාදෙන බව ඇමසන් සමාගම පවසනවා.

මෙම ඩ්‍රෝන යානා පියාසරකරවීම සඳහා පොලොවේ සිට අඩි 200ත්-500ත් අතර ගුවන් කලාපය යොදාගැනීමට ඇමසන් සමාගම බලාපොරොත්තුවනවා. ඔවුන් පවසන අන්දමට අඩි 200 ඉක්මවූවිට ඉතා උස් ගොඩනැගිලි සීමාව පසුව යන අතර, සාමාන්‍ය ගුවන්ගමන් සීමව වන අඩි 500යේ උස සීමාවට අඩුවෙන් මෙම ඩ්‍රෝන පියාසැරි සීමාව පවතිනවා.

අමෙරිකාවේ ෆෙඩරල් ගුවන්ගමන් පාලන ආයතනය  පියාසැරිවලට තවමත් අවසර දී නැත්තේ ඒවායින් සිදුවිය හැකි අණතුරු පිලිබඳව ඔවුන් දැඩි සැළකිල්ලක් දක්වන බැවිනි. නිවෙස් වෙත භාණ්ඩ ප්‍රවාහණය කරන ඇමසන් ඩ්‍රෝනයානා ඉතා අධික ජනගහනයක් වෙසෙන ප්‍රදෙශ හරහා පහතින් පියාසර කරන බැවින් අණ්තුරුදායක බව FAA ආයතනයේ නිගමනයයි. මෙවැනි යානාවක් පාලයන් මිදී යාමෙන් මිනිසුන් ඇඟමතට හෝ නිවාසවලට කඩාවැදීමෙන් බරපතල අණතුරු සිහුවිය හැකි බව පවසන FAA තවමත් ඩ්‍රෝනයානාවල ඇති මෙවැනි අණතුරු වලක්වාගෙන පියාසර කරගැනීමේ මෙන්ම බාධක මගහැර පියාසර කිරීමේ තාක්ශණය එතරම් මුහුකුරා නොගිය තාක්ශණයක් බව පවසනවා.

FAA 
ආයතනය මෙන්ම යුරෝපීය ගුවන්සීමා පාලන ඒජන්සියද සිවිල් ඩ්‍රෝනයානා පියාසැරි නියාමනය කිරීමේ නීතිරීති සකසමින් සිටින බව පැවසෙනවා.
සිවිල් ඩ්‍රෝනයානා මගින් මහජනතාවගේ පුද්ගලිකත්වයටද විශාල බාධක එල්ලවිය හැකි බව අමෙරිකානු පුද්ගලිකත්ව අයිත්වාසිකම් පිලිබඳ ක්‍රියාත්මකවන ආයතන පවසනවා. උදාහරණයක් ලෙස කැමරාවක් සවිකල කුඩා ඩ්‍රෝනයානයක් පුද්ගලයෙකුගේ ගෙවත්තක සිදුවන් දෙයක් වීඩියෝ ගත කිරීම මෙවැනි පුද්ගලිකත්වයට හානි කිරීමක් බව ඔවුන් පවසනවා. මෙය පාලනය නොකලහොත් ඉතා ලාභයට ගතහැකි කුඩා ඩ්‍රෝන යානා ආධාරයෙන් ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකු යන එන තැන්, කරන කියදේ, හමුවන පුද්ගලයින් පිලිබඳව තොරතුරු රැස් කිරීමට හැකියාව ලැබෙනවා. මෙය මිනිසුන් හට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය හා සිය පුද්ගලිකත්වය ආරක්ශාකර ගැනීමට ඇති අයිතිය මරුපහරක් විය හැකි බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් සිවිල් ආයතන මගින් මෙහෙයවන ඩ්‍රෝන යානා සඳහා අමෙරිකානු ගුවන්සීමාව 2015 අග වනවිට විවෘත කිරීමට FAA ආයතනය බලාපොරොත්තුවන අතර යුරෝපීය ප්‍රජාව 2016දී මෙය සිදු කිරීමට නියමිතයි.

ඇමසන් ආයතනය සැළසුම් කරන ආකාරයට ඔවුන්ගේ කුඩා ඔක්ටෝකොප්ටර් යානාවලට ඇමසන් සමාගමට ලැබෙන ඇණවුම් වලින් 85% පමණ බෙදාහැරිය හැකියි. පැයට කිලෝමීටර් 80ක වේගයන්, ඇමසන් ගබඩා මධ්‍යස්ථානවල සිට පියාසර කරන මෙම යානා කිලෝමීටර් 20ක්-30ක් අතර දුරකට පියාසර කල හැකි අතර කිලෝග්‍රෑම් 2.5ක බරක් ගෙනයා හැකියි. බොහෝ දෙනා ඇමසන් ආයතනයෙන් ඇනවුම් කරන පොත්පත්, DVD තැටි, ලැප්ටොප් පරිගණක හා උපාංග ඉතා වේගයෙන් හා ඉතා අඩු පිරිවැයකින් බෙදා හැරීමට මෙම ඩ්‍රෝනවලට හැකිබවට ඇමසන් සමගම ගණන්බලා තිබෙනවා.

උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com
පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල  
AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com

ප්ලාස්ටික් බෝතල් වෙනුවට කන්න පුලුවන් වතුර බෝල

ප්ලාස්ටික් බෝතල් වෙනුවට කන්න පුලුවන් වතුර බෝල



ප්ලාස්ටික් බෝතල් ලෝකයේම අංක එකේ පරිසර දූෂකයා ලෙස හඳුනාගෙන තිබෙනවා. ලෝකේ පුරාම දිනකට මිලියන ගණනක් ප්ලාස්ටික් වතුර බෝතල් කසල ගොඩට එකතුවෙනවා.

Skipping Rock Labs කියන අලුත් නවෝත්පාදන සමාගම මේකට විසඳුමක් හොයාගෙන. ඒක තමයි බෝතලේ වෙනුවට. කන්න පුලුවන්, සිරුරට කිසිම අහිතකර ප්‍රථිපලයක් නැති සිවියකින් වටවුනු වතුර බුබුලක් නිර්මාණය කිරීම. 100%ක්ම දිරායන (bio degradable) මුහුදු ශාක නිස්කාරණයකින් නිර්මාණය වුනු මේ බුබුල ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රශ්නෙට හොඳම විසඳුම කියලා විශේෂඥයින් පවසනවා.



උපුටා ගැනීම සදහා කතෘ අවසරය ලබා දී ඇත
පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල  
උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com
AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com .