Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 23, 2017

දිව ඔසුවක් සේ ගුණ දෙන පළතුර – කොමඩු

කොමඩු කියන්නේ පහසුවෙන් මිලදී ගත හැකි, පහසුවෙන් වගා කරන්නත් පුළුවන් අපේ රටේ වියලි කලාපයේ හැදෙන ඉතාම රසවත් පළතුරක්. රසෙන් වගේම මේ පලතුර ගුණයෙනුත් පරිපූර්ණයි. Citrullis lanatus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොමඩුවල නිජ භූමිය ලෙස  සලකනු ලබන්නේ අප්‍රිකා මහාද්වීපයයි. පසුව එය ආසියාවට හා යුරෝපයට පැමිණිබව වාර්ථා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රිය පළතුර ලෙස සැලකෙන්නේද කොමඩුයි. මිසර දේශයේ ඉපැරැණි චිත්‍රවල පවා මේ කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබෙනවා.
කොමඩු අයත් වන්නේ ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවලු අයත් වන පවුලට වන අතර සාමාන්‍යයෙන් අපේ රටේ වැවෙන කොමඩු වර්ග දෙකක් තිබෙනවා. තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම්(Hybrid) වර්ගයයි. මෙයින් පත්තක්කා ලෙස හැඳින්වෙන්නේ පැණි කොමඩුවලට සාපේක්ෂව පැණි රස අඩු වර්ගයයි.
පැණි කොමඩුවල ගුණයන් 

පැණි කොමසු යනු ජලය අධිකව ඇති පළතුරක්. ඒ නිසා උෂ්ණ කාලයේදී සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව තබාගන්නට මෙන්ම සම වියලීම පාලනය කර ගන්නටද පැණි කොමඩු අනුභවය ඉතා සුදුසුයි. ඇතැම් අවස්ථාවල දී ශරීරයේ ඇතිවන කැසීම් ස්වභාවය පැණිකොමඩු ආහාරයට ගැනීමෙන් දුරලන්නට පුළුවන්. එමෙන්ම මළ බද්ධයෙන් පීඩා විඳින අයෙකුට කොමඩු ආහාරයට ගැනීමෙන් මළ බද්ධයෙන් මිදීමේ අවස්ථාව ලැබෙන බවත් කිව යුතුම කාරණයක්. කොමඩු හෘද රෝගවලටත් බෙහෙවින් ගුණදායකයි. වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳින මුත්‍රා ගල්වලටත් පැණි කොමඩු යනු ඉතා හොඳ ඖෂධයක්.
ශරීරයෙහි ප්‍රතිශක්තිය වඩවන ගුණයක් ඇති නිසා ප්‍රතිශක්තිය ඇති කිරීමටත් කොමඩු කියන්නේ කදිම පළතුරක්. අසාත්මිකතා නාශක ගුණයක් කොමඩු පළතුරෙහි අඩංගුයි. ඒ නිසා අසාත්මිකතා වැළඳෙන අයට මෙම පළතුර මනා ඖෂධයක් වෙනවා. ඒ වගේම උණ රෝගය, ඉරුවාරදයට, කොලෙස්ටරෝල් ආදී රෝගවලින් පෙලෙන අයටත් කොමඩු කියන්නේ ගුණදායක ආහාරයක්.  මෙය වකුගඩු හා මුත්‍රාශය පිරිසිදු කරනවා. ඒ වගේම කෑම දිරවීම පහසු කරවන නිසා ආහාර ගැනීමෙන් පස්ස කොමඩු කැබැල්ලක් අතුරුපසක් විදිහට ආහාරයට ගන්නත් ඔබට පුළුවන්. පණු රෝගවලටත් ගුණදායකයි.
ගෑස්ට්‍රික් රෝගයෙන් පෙළෙන අයෙකුට කොමඩු පළතුර ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් හිමි වෙනවා. අර්ශස් රෝගය සමනය කරන්නටත් කොමඩු උචිතයි. සම පැලීමේ තත්ත්වයක් ඇත්නම් ඉන් සුවය ලැබීම කොමඩු නිතර නිතර ආහාරයට ගැනීම කළ හැකියි.  පිළිස්සීම් ඇති වූ අවස්ථාවකදීත් මේ පලතුර ආහාරයට ගැනීමෙන් එම වේදනාවන්ට සහනය ලැබෙනවා.
කොමඩුවල රූපලාවණ්‍ය ගුණයන්
කොමඩු පළතුරේ පවතින අධික දියරමය ස්වභාවය නිසාම මේ පළතුරේ ශරීරයට හිතකර ගුණ රැසක් තියෙනවා කියල අපි කලිනුත් කිව්වනේ. ඔබ දිනපතා උදෑසන කොමඩු යුෂ වීදුරුවක් පානය කරන එක පුරුද්දක් කර ගන්නව නම් මේ පළතුරේ තියෙන ඖෂධීය ගුණ නිසා ශරීරයේ සම පැහැපත් වෙනවා. ඒ වගේම සමේ අධික ලෙස වියළි ස්වභාවය නිසා හම රැලි වැටීම, සම පලීමේ තත්වයන් වළක්වාගන්නටත් පුළුවන්. කොමඩු යුෂ දෛනිකව බොනව නම් තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්.
කොමඩු පානය


අද කාලෙ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ගෙදරට අමුත්තෙක් ආවම කෘත්‍රිම බීම වර්ගවලින් සංග්‍රහ කරන්න. අමුත්තන්ට සංග්‍රහ කරනවා පමණක් නෙවෙයි බොහෝ දෙන නිතර නිතර අර කිව්ව කෘත්‍රිම පානයන් බොන්නත් පුරුදු වෙලා ඉන්නවා. නිවෙසට අමුත්තෙක් ආවම වගේම තමන්ට ඕන කියල හිතුන වෙලාවට රසය මෙන්ම ගුණය ලබා දෙන වෙනස් ආකාරයේ පළතුරු පානයක් කොමඩු භාවිත කරලා හදාගන්න පුළුවන් .
උපුටා ගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratna - STO, Yatinuwara.

ප්‍රමාණවත් තරම් ජලය පානය පානය කිරීම කළ යුත්තේ ඇයි?

  
අපේ ශරීරයෙන් 70%ක්ම ඇත්තේ ජලයයි. ඒ නිසා සිරුරේ ක්‍රියාකාරීත්වයට ජලය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක් බව අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කාන්තාවන් ගැන කතා බහ කරන විට කාන්තාවන්ගේ ශරීරය විවිධ වයස් මට්ටම්වලදී වෙනස් වීම්වලට බඳුන් වන නිසා ජලයේ අවශ්‍යතාව ගැන ඔවුන් වවඩාත්ම සැලකිලිමත් විය යුතුයි. 

සමේ තෙතමනය රැක ගැනීමට
කාන්තා සිරුරේ අභ්‍යන්තරය ක්‍රියාවලියට පමණක් නොව සම, නිය හා හිසකෙස්වල නිරෝගී බවටත් ජලය අත්‍යවශ්‍යයි. සමේ තෙතමනය රඳවන ආලේපන ගැල්වුවත් ශරීරය ඇතුළතින්ම ලබාදෙන පෝෂණය වඩාත් වැදගත්. සම රැලි වැටීම වළක්වා දිදුලන නිරෝගී බවක් ලබා ගැනීමට නම් ජලය පානයට වැඩි අවධානයක් ලබා දිය යුතුමයි. නියපොතු අවර්ණ වී කැඩී යමින් සම අඳුරු වීමටත් විජලනය බලපානවා. මේ නිසා රූපලාවණ්‍ය ගැන සිතන ඔබත් පිටත ආලේපනවලට වඩා අභ්‍යන්තර පෝෂණය ගැන සැලකිලිමත් වීම අනිවාර්යෙන්ම කළ යුතුයි.

ශරීර උෂ්ණත්වය අඩු කිරීමට
ඇතැම් කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි නිසා ජලය හොඳින් පානය කිරීමෙන් එය තරමක් දුරට හෝ මැඬපැවැත්විය හැකියි. ගර්භාෂයේ දරුවන් පිළිසිඳ ගැනීමේදී ගැටලු ඇතිවන්නේද ශරීර උෂ්ණත්වය නිසයි. හොඳින් ජලය පානය කරමින් සිරුර සිසිල්ව තබා ගන්නේ නම් මෙවැනි අවදානම්වලින් අත්මිදිය හැකියි.
බෝ නොවන රෝග අවදානම වැළැක්වීම
කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන රෝග අවදානමින් මිදෙන්න ජලය කදිම ඔෟෂධයක්. දියවැඩියා රෝගීන්ගේ සිරුරින් ජලය නිතර පිටවන නිසාත් වැඩිපුර ජලය පානය කළ යුතුමයි. හෝමෝන ගැටලු ඇතිවීමෙන් මතුවන ආතතිය පාලනයටද ජලය සුදුසුම පානයක්.
අස්ථි රෝග වැළැක්වීමට
අස්ථිවල 25%ක්ම ජලය පවතින නිසා එහි නිසි ක්‍රියාකාරිත්වයට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. වයස් ගතවන විට විවිධ අස්ථි රෝග ඇතිවීමේ අවදානම කාන්තාවන්ට වැඩි නිසා ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.  කැල්සියම් අඩංගු කිරි වැනි පාන වර්ග, කැඳ වර්ගවල පෝෂණය අඩංගු වුවත් උණුකර නිවාගත් පිරිසුදු මිනරල් වතුර කෝප්ප 8ක්වත් පානය කිරීමට හුරුවන්න.
මානසික සුවයට
නව යොවුන් වියේදී තරුණියකගේ ශරීරය ඇතුළතින් මෙන්ම පිටතින්ද විශාල වෙනසකට ලක් වෙනවා. මේ ක්‍රියාවලියේදී සිරුර නිසි ලෙස ක්‍රියාත්මක වීමට හා නිරෝගී බව රැක ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අනිවාර්යයි. මනසද මේ අවධියේදී විශාල වෙනසකට ලක්වන නිසා එම ආතතියෙන් මිදීමට හොඳින් ජලය පානය පුරුද්දක් කර ගන්න. කොහොමත් නිසි ලෙස ශරීර ක්‍රියාකාරිත්වය සිදු නොවන විටෙකදී මුහුණ දෙන්නට වෙන මානසික ආතතියත් ඉතාම වැඩි බව පැහැදිලිව දකින්න පුළුවන් කරුණක්.
නිසි ලෙස ජලය පානය කළ යුත්තේ කොහොමද?
ජලය පානය කිරීමට පිපාසය ඇති වනතෙක් සිටින්නට එපා. පිපාසය ඇතිවීමෙන් ඇඟවෙන්නේ සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය හිඟ බවයි. මේ නිසා පිපාසය ඇති වීමට පෙර වතුර පානය කිරීමේ පුරද්ද ඇති කර ගන්න. පැය දෙකකට වරක් වතුර කෝප්පයක්වත් පානය කරන්න. ප්‍රධාන ආහාර වේලට පසු නින්දට පෙර වැඩිපුර වතුර පානය කරන්න එපා. නමුත් දිවා කාලයේ විටින් විට වතුර පානය කරමින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගන්න උත්සාහ ගන්න

 උපුටා ගැනීම  - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratne - STO Yatinuwara

නිර්මාංශයෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල

වැරදි ආහාර රටාව නිරෝගී බව හා දීර්ඝ ආයුෂ ගෙනෙන බව නොරහසකි. ශරීරයට අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ ඉතාම පහසුවෙන් ලබාගෙන වැඩි ආයුෂ විඳිමින් නිරෝගී දිවිපැවැත්ම සකස්කර ගත හැකිය.  
විවිධ පර්යේෂණ සහ දත්ත අනුව නිර්මාංශමය ආහාර තන්තුවලින් බහුල ,සංතෘප්ත මේදයෙන් තොර, සී සහ ඊ වැනි විටමිනයන්ගෙන් බහුල මැග්නීසියම් වැනි ඛණිඡ ලවන සපිරි සෞඛ්‍ය සම්පන්න ලෙස පිළිගෙන ඇති අතර  අද වන විට 5% පමණ ඇමරිකානුවන් සහ විවිධ පුද්ගලයින් මේ සඳහා  නැඹුරු වෙමින් සිටී. එලෙසම ඔවුනට අඩු කොලෙසටරෝල් අවදානම, අඩු හෘද රෝග අවදානම, අඩු රැධිර පීඩනය  අවදානම, අඩු දියවැඩියා අවදානම සහ අඩු පරිවෘත්තීය ක්‍රියා සංකූලතා යන ප්‍රතිලාභ ලැබුනද  ශාක ආහාර පමණක් දිගු කාලීනව ගැනීම යම් හේතු මත අහිතකර බවට සහ ප්‍රතිකාර කළහැකි රෝග නොව ප්‍රතිකාර නැති ව්‍යාධි ඇති කරන බවද යොයා ගෙන ඇති බව වාර්තා වේ.
මාංසලමය ආහාර රටාව මගින් පිළිකා හා හෘද රෝග වැඩිවන බව සොයාගෙන ඇත එලෙසම ඒවායින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම මගින් විවිධ අතුරු අබාධවලට  මුහුන පෑමට සිදුවන බවද වාර්තාවල සදහන්ව ඇත.                                                          
නිර්මාංසවීම නිසා ශරීරයේ ක්‍රියාකාරිත්වය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් හා හිමොග්ලොබින් හීනවීම නිසා රෝගීන් බවට පත් වීම අඩු ශක්තියකින් හා ජවයකින් යුක්ත වීම  බුද්ධිය වර්ධනය නොවීමත් මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් , දරුවන් දුර්වලවීමත්,  ලිංගික බෙලහීනතාවය  සහ වර්ගයා බෝ කිරීම අඩාල වීමත් මේ වන විට සිදුවී තිබෙන බවද  තවදුරටත් එහි  වාර්තාකර තිබේ.   
සත්ව ප්‍රෝටීන ශරීරයට නොමැති වූ විට සංකීර්ණ රෝග සිය ගණනකට මුල පෑදේ. ප්‍රෝටීන සෑදී ඇත්තේ විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල අනු කිහිපයක් දාම ලෙස එකිනෙකට සම්බන්ධ  වීමෙනි. ශරීරය තුල ස්වාභාවිකව නිපදවිය නොහැකි පිටතින්ම ගත යුතු ඇමයිනෝ අම්ල වර්ග නවයකි. ඒවා Nine Essential Amino Acid ලෙස හැදින්වේ. එම ඇමයිනෝ අම්ල 9 ය ලබාගත හැක්කේ ආහාරයට පිටතින් ගන්නා ප්‍රෝටීන සහිත ආහාර වලින්ම පමණි.  පිටතින් ගන්නා ප්‍රෝටීන වල ඇති දාම බිඳී ශරීරය තුලදී ඇමයිනෝ අම්ල බවට පත්වේ. මෙසේ බිඳී ගිය ඇමයිනෝ අම්ල අණු  විවිධ සංඛ්‍යා වලින් නැවත එකිනෙකට සම්බන්ධ වී ශරීරය තුල මිනිස් ප්‍රෝටීන හෙවත් Human Protein සිය ගණනක් නිපදවයි. ශාක ප්‍රෝටීන වල ඇති ප්‍රශ්ණය නම් එක ශාකයක ඇති ප්‍රෝටීන වල ඇත්තේ මෙම අමිනෝ අම්ල වලින් එකක් හෝ දෙකක් පමණි. නමුත් සත්ව ප්‍රෝටීන වල මෙම අමිනෝ අම්ල 9 යම ඇත. . 

Essential ඇමයිනෝ අම්ල නවය  
1.                  ට්‍රිප්ටෝෆෑන් (Tryptophan), 
2.                  ත්‍රියෝනීන්(Thrionine), 
3.                  ඓසොලේයුසින් (Iso Leucine), 
4.                  ලේයුසින් (Leusine), 
5.                  ලය්සින්(Lycine), 
6.                  මෙතියෝනීන් (Methionene), 
8.                  හිස්ටිඩීන්(Histidine), 
9.                  වැලීන් (Valine) යනු මෙම ප්‍රෝටීන නවයයි. 

මෙම ඇමයිනෝ අම්ල නියම ප්‍රමාණ වලින් නොලැබීම සියලු රෝග වලට මූලයයි. එම රෝග ලේවල සීනි නියාමනය (Blood Sugar Regulation),පේශි වර්ධනය හා පටක වර්ධනය ප්‍රතිනිර්මාණය දුර්වල වීම (Growth and Repair of muscles and tissues), හිමොග්ලොබින් වර්ධනය නිසි අයුරින් සිදු නොවීම නිසා රක්තහීනතාවය ඇතිවීමෙන් කම්මැලිවීම හා උනන්දුව නැතිවීම, මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම සෙම්ප්‍රතික්ශාව හතිය හා උණ වැනි රෝගවලට නිතර ගොදුරු වීම, අතපය හිරිවැටීම ඇතිවීම.හර්දය වස්තුවේ රුධිරනාල වල මේදය තැන්පත් වීම ඉක්මන් වීම ( Development of Fat in Arteries), හෝමෝන නිෂ්පාදනය අඩාල වීම, තුවාල හොඳ වීම දුර්වල වීම , ශරීරයේ ශක්තිය නිසිලෙස නියාමනය නොවීම හෙවත් අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවීම (Heaty body) නිසා දරුවන් ලැබීමේ අඩුපාඩු, කය ශක්තිය හීනවීම, ඇන්ටි ඔක්සිඩන්ට් ලෙස ක්‍රියාත්මක වීම (Act as an Antioxidant) සිදුනොවීම , පටක අලුත්වැඩියාව දුර්වලවීම, ආහාර විෂ වීම වළක්වන හිස්ටැමීන් වර්ධනය සිදු නොවීම නිසා බොහෝ ආහාරවලට අසාත්මික(Allergy) වීම, මාංශ පේශිවල පටක වර්ධනය හා අලුත්වැඩියාව දුර්වල වීම, මානසික ආතතිය හා සාංකාව ඇතිවීම, අධික කොලොස්ටරෝල් ඇති අයට හෘද ආබාධ ඇතිවීම වලක්වන නයසීන් (Niacin) වර්ධනය අඩාල වීම, හන්දිපත් රුදාව, වළලුකර ඉදිමීම හා දනිස් වල වේදනාව යනාදිය ප්‍රෝටීන හා හිමොග්ලොබින් ඌනතාවයේ තවත් ලක්ෂයන් ලෙස එහි සදහන් වේ.

ශාක ප්‍රෝටීන පමණක් ආහාරයට ගැනීම මගින් දිගු කාලීනව ක්‍රියාත්මක අහිතකර ප්‍රතිපල වනුයේ ශරීරයට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී රක්තහීනතාවය ඇතිවීම, ශරීරය තුල ප්‍රතිනිර්මාණය නොකරන බාහිරයෙන්ම පමණක් ලබාගත යුතු Essential ප්‍රෝටීන නොලැබී යාම ,ශාක ප්‍රෝටීන ශරීරයට අවශෝෂණය කරන ප්‍රමාණය අඩු බැවින් විශාල ප්‍රමාණයක් ශාක ප්‍රෝටීන අඩංගු ආහාර ගැනීමට සිදු වීමෙන් අධික ලෙස තරබාරු වීම, ජාන විඛන්ඩනය හෙවත් සෛල විභේදනයට අවශ්‍ය ෆොලේට් නොමැති වීම නිසා උපදින දරුවන් අංගවිකල වීම හා වැඩිහිටියන්ගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම, මුක්ත ඛණ්ඩක කළමනාකරණය නොවීම  නිසා හෘදය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට දිගු කාලීනව හානි සිදුවීමට ප්‍රවනතාවයක් මතුවිය හැක.

සත්ව ප්‍රෝටීන වල සුවිශේෂී බවක් ඇත. එනම් සත්ව ප්‍රෝටීන වල Essential ප්‍රෝටීන හෙවත් අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9යම ඇත. Essential ප්‍රෝටීන ශරීරය තුල නිපදවිය නොහැක. බාහිරෙන්ම ලබා දිය යුතුය. බාහිරෙන් ලබාගන්නා එම Essential ප්‍රෝටීන ශරීරය තුලදී විසි දෙකක් වූ වෙනත් මිනිස් ප්‍රෝටීන් බවට පත්වේ. නිරෝගී බව සඳහා එම Essential ප්‍රෝටීන් 9 යම ශරීරයට දෛනිකව ලැබිය යුතුමය. කිසිඳු එක් ශාකමය ආහාරයක අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9 යම නැත. ඇත්තේ එකක් හෝ දෙකක් හෝ කිහිපයක් පමණි. එබැවින් දෛනිකව අවශ්‍ය Essential ප්‍රෝටීන් නවය ශාක ආහාර වලින් ලබාගැනීම සඳහා ප්‍රෝටීන අඩංගු ශාක වර්ග රාශියක් දෛනික ආහාර වේලට එක්කර ගතයුතුය. එය කිරීම ඉතාම අපහසුය. බොහෝ සතුන් ජීවත් වන්නේ දවසේ වෙනත් සීමිත වැඩ වල පමණක් යෙදෙමින් ආහාර ගැනීම සඳහා  මෙසේ ප්‍රෝටීන සහිත ආහාර සෙවීමට පුර්ණ කාලය යොදා ගන්මින්ය. සෑම සත්ව ආහාරයකම මේ Essential ප්‍රෝටීන් නවයම ඇති බැවින් මාළු කෑල්ලක් මස් කැබැල්ලක් කරවල ටිකක් උම්බලකඩ ටිකක් ආහාරයට එක් කරගැනීමෙන් දෛනික  ප්‍රෝටීන් අවශ්‍යතාවය සපයා ගැනීමේ පහසු වන බවද වාර්තා වේ. සෝයා වල මෙම ප්‍රෝටීන් තිබුනද වැඩිපුර ගැනීම එතරම් සුදුසු නොවේ යැයිද සදහන් වේ..
              Side effects of becoming vegetarian
            Potential Health Risk of a vegetarian dieat 
Nayana Wijeratne, STO- Yatinuwara.

ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතෙය් අැති වාසි සහ අවාසි

පොල්තෙල් වල අැති සංතෘප්ත    ෙම්දය නිසා  ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතා කිරීම, සෞඛ්‍ය විද්‍යාත්මකව තරමක් මතභේදාත්මක කරුණක් ලෙස හැඳින්විය හැක. නමුත්, පොල්තෙල් යනු ශ්‍රී ලාංකික ආහාර වල ඇති අත්‍යාවශ්‍ය අංගයකි. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට උපදෙස් ලබාදීමේදී, පොල්තෙල් භාවිතය සීමාකිරීමට උපදෙස් දෙන්නේ එහි හෘද රෝග වැළඳීමට ඇති අවදානම වැඩිකරන සංතෘප්ත මේදය බහුලව අඩංගු වන නිසාය. කෙසේ වුවත්, නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, සෑම සංතෘප්ත මේදයක්ම එක සමාන නොවන බවයි. එම පර්යේෂණ වලට අනුව, ඇතැම් සංතෘප්ත මේද අම්ල, හෘද රෝග අවදානම වැඩිකරන අතර, ඇතැම් ඒවා සෞඛ්‍යයේ මනා පැවැත්මට වැදගත් බව සොයාගෙන ඇත.



සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති වාසි
ඒනම්  පොල්තෙල් වල 50% Lauric acid අඩංගු වන නිසා ඒය හෘර්දෙය් පවතින යම් අහිතකර තත්වන් පාලනය කිරීමටත් අධික රුධිර පීඩවය සහ අධික කාෙලස්ටෙරා්ල් මට්ටම පාලනය කිරීමටත් උපකාරීවන බව ෙසායා ෙගන අැත. සංතෘප්ත මේදය, කාණ්ඩ ගණනාවකට බෙදා වෙන්කරන අතර, සෑම කාණ්ඩයක්ම  ශරීරය තුළ ජෛව රසායනිකව එකම ආකාරයකට ක්‍රියා නොකරයි. එමනිසා, සියළු සංතෘප්ත මේද වර්ග, සෞඛ්‍යයට අහිතකරයි යන්න මතභේදාත්මක කරුණක් වී ඇත. පොල්තෙල් වල, ලෝරික් අම්ලය (Lauric acid) නම්වූ සංතෘප්ත මේද අම්ලයක් බහුලව ඇති අතර, එය රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. නමුත්, ලෝරික් අම්ලය විසින් වැඩියෙන්ම ඉහළ දමන්නේ, ශරීරයට හිතකර අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (High-density lipoprotein or HDL) ය. මෙම HDL මගින්, හෘද රෝග සඳහා ඇති අවදානම අඩුකිරීම සිදුවේ. සංතෘප්ත මේද අම්ලයක දාමයේ දිගද, එය කොතරම් සෞඛ්‍ය සම්පන්න දැයි පෙන්නුම් කරන දර්ශකයකි. පොල්තෙල් වල අඩංගු වන්නේ මධ්‍යම ප්‍රමාණයේ දිගැති ට්‍රයිග්ලිසරයිඩ් (Tryglicerides) නම් වූ මේදය වර්ගයකි. එහි ඇති විශේෂත්වය වන්නේ, ඒවා ශරීරය තුළ ශක්තිය නිපදවීම සඳහා සෘජුවම භාවිතා වීමයි. එමනිසා, ඒවා සෞඛ්‍යයට හානිකරවීම අවම වේ. ඒෙලසම ෙමමගින් කාන්තාවන්ෙග්  healthy lipid profile මට්ටම ෙයාදින් පවත්වා ගැනීමටත් ෙමහි අැති short and medium chain fatty acid මගින් ශරීර බර පාලනය කර ඉදිරියට ෙනරා තිෙබන උදරය අඩු තිරීමටත් උපතාරි වන බව ෙසායාෙගන අැත.

සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති අවාසි
ඕනෑම මේදය වර්ගයක් ගත්කල, එහි මේස හැන්දක කැලරි 120 ක් පමණ ඇත. එනම්, මේදය ග්‍රෑම් එකක කැලරි 9 ක් පමණ අඩංගු වේ. කාබෝහයිඩ්‍රේට් හෝ ප්‍රෝටීන් ග්‍රෑම් එකක අඩංගු වන්නේ කැලරි 4 ක් පමණය. එමනිසා, මේදය කැලරි ඝනත්වය වැඩි පෝෂ්‍ය පදාර්ථයක් ලෙස හැඳින්විය හැක.  බර පාලනය කිරීමට හෝ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන්නේ නම්,  ආහාරයේ අඩංගු මේදය ප්‍රමාණය අඩුකරගත යුතුමය. පොල් වල ආහාරයට ගන්නා සියළු ප්‍රභේදයන්හි කැලරි ඝනත්වය ඉතා ඉහළ බැවින්, ආහාර පිළියෙල කිරීමට භාවිතා කල යුත්තේ මද වශයෙනි. එසේම, අඩ වශයෙන් හයිඩ්‍රජනීකරණය කරන ලද (Partially hydrogenated) පොල්තෙල් භාවිතා කිරීමෙන් වැළකීම ඇඟට ගුණ වේ. මක්නිසාද, එවැනි මේදය ස්වභාවික නොවන අතර, දිගුකාලීන බෝනොවන රෝග රැසක් වැළඳීමට හේතුවිය හැක. මාගරින්, බේකරි කෑම වර්ග, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, පැකට් කරන ලද කෙටි ආහාර ආදිය පිළියෙල කිරීමේදී තෙල් හයිඩ්‍රජනීකරණය වන බව ෙසායාෙගන අැත.
 
තෙල් සහ තාපය
තෙල් රත්කිරීමේදී, ඔක්සිජන් වායුව සහ ආලෝකය සමගද ප්‍රතික්‍රියා කරන බැවින්, ඇතැම් තෙල් වර්ග වල සෞඛ්‍ය සම්පන්න භාවයට හානි සිදුවේ. බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) බහුලව අඩංගු ආහාර සැලකූ කල, එම මේද අම්ල තාපයට ඉතා සංවේදී බැවින් ආහාර පිසීම සඳහා භාවිතා කිරීම නිර්දේශ නොකරයි. නමුත්, පොල්තෙල් වල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ සංතෘප්ත මේදය බැවින්, පොල්තෙල් වලට ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව පවතී. එමනිසා, ආහාර පිසීම සඳහා වඩාත් ගැලපෙන තෙල් වර්ගයක් ලෙස පොල්තෙල් හැඳින්විය හැක. එමෙන්ම, එය ආහාර වලට ප්‍රණීත රසයක් එක්කරයි. කෙසේ වුවත්, පොල්තෙල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ ආරක්ෂා කරගැනීම සඳහා පිරිපහදු නොකර ස්වභාවිකව හින්දාගත් පොල්තෙල් භාවිතා කල යුතුවේ. වර්තමානෙයේ වර්ඡින්  ෙකාකනට් ඔයිල් භාවිතය අාරම්භ තර අැති අතර ඒයින් ලැෙබන ප්‍රතිලාභ ඉමයත්ය.
 Sources;   https://en.wikipedia.org/wiki/Coconut_oil#/media/File:Coconut-butter.JPG
Nayana Wijeratne - STO', Yatinuwara

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්

 කාන්තාවන්, විවිධ රූපලාවන්‍ය ගැටළු වලට පිළියමක් ලෙස, විටමින් E විවිධ ආකාරයෙන් ලබාගන්නා අයුරු දක්නට ලැබේ. එවැනි රූපලාවන්‍ය ගැටළු අතර, අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටළු බහුලව දක්නට ලැබේ. නමුත්, විටමින් ඌණතාවයක් ඇතැයි විධිමත් අයුරින් හඳුනාගැනීමකින් තොරව, හිතුමතේ විටමින් E පමණක් නොව වෙනත් විටමින් වර්ග ද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් ඌණතාවයක් නොමැතිව, හිතුමතේ විටමින් වර්ග ගැනීමෙන්, වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ ඔබේ සෞඛ්‍යයට හානියක් බව සිතට ගැනීම වැදගත් වේ. මෙසේ, විටමින් E වැඩිපුර ගැනීමෙන් වන හානි මොනවාද?












Table 1: Recommended Dietary Allowances (RDAs) for Vitamin E (Alpha-Tocopherol) [6]

Age
Males
Females
Pregnancy
Lactation
0–6 months*
4 mg
(6 IU)
4 mg
(6 IU)


7–12 months*
5 mg
(7.5 IU)
5 mg
(7.5 IU)


1–3 years
6 mg
(9 IU)
6 mg
(9 IU)


4–8 years
7 mg
(10.4 IU)
7 mg
(10.4 IU)


9–13 years
11 mg
(16.4 IU)
11 mg
(16.4 IU)


14+ years
15 mg
(22.4 IU)
15 mg
(22.4 IU)
15 mg
(22.4 IU)
19 mg
(28.4 IU)

විටමින් E යනු මේදයේ දියවන, ජලයේ දිය නොවන විටමින් වර්ගයක් වේ. එමනිසා, ශරීරය තුළ විටමින් E ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (Red blood cells) නිෂ්පාදනයට මෙන්ම, රුධිරය කැටිගැසීමේ යාන්ත්‍රණයට වැදගත් වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. එයට අමතරව, අපේ ශරීරය තුළ විටමින් E ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වන බැවින්, මුක්ත ඛණ්ඩක (Free-radicals) සහ මේදය මගින්, ශරීරයේ අවයව, අස්ථි, සහ පටක වලට හානි සිදුවීම වළක්වයි. කෙසේ වුවත්, විටමින් E වැඩිපුර ගැනීමෙන්, ඇතැම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානමක් හටගනී.
විටමින් E මේදයේ දියවන බැවින්, මේද පටක වල ගබඩා වීම සිදුවේ. වැඩිපුර ගන්නා විටමින් E ද, මෙලෙස මේද පටක වල ගබඩා වීම නිසා, ශරීරයෙන් පහසුවෙන් ඉවත් නොවේ. මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයේ (the University of Maryland Medical Center) පර්යේෂකයන් කණ්ඩායමකට අනුව, විටමින් E වැඩිපුර ගැනීමෙන්, සාමාන්‍ය පරිදි ලේ කැටිගැසීම අකර්මණ්‍ය වීම සිදුවේ. සාමාන්‍ය පරිදි ලේ කැටිගැසීම, බාහිර තුවාළයකින් රුධිර වහනය වීම සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම වැළැක්වීමට ඉතා වැදගත් වේ. ඔබ දැනටමත්, ප්‍රතිකාරයක් ලෙස රුධිරය කැටිගැසීම අඩුකිරීම සඳහා ඇස්පිරින් (Aspirin), වෝෆරින් (Warfarin), හෝ ක්ලොපිඩොග්‍රල් (Clopidogrel) වැනි ඖෂධයක් ලබාගනිමින් සිටී නම්, විටමින් E වැඩිපුර ගැනීම, ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ඉබේම රුධිර වහනයක් සිදුවීමට ඇති අවදානම තවදුරටත් වැඩිකරයි. විටමින් E අතිරේකයක් ලෙස ගැනීම, ශල්‍යකර්මයක් අතරතුර රුධිරය වහනය වීමේ අවදානම වැඩිකරන බව, ලයිනස් පෝලින් ආයතනයේ (the Linus Pauling Institute) පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

විටමින් E වැඩිපුර ගැනීම මගින්, එය අනෙක් ඖෂධ වර්ග ගණනාවක් සමග අන්තර්ක්‍රියා කිරීම ද, සිදුවේ. මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයට අනුව, විටමින් E මගින් ප්‍රතිවිශාද (Antidepressant) ඖෂධ ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන බවත්, එමගින් එම ඖෂධ වල ක්‍රියාකාරීත්වය අඩුකරන බවත් දක්නට ලැබේ. විශේෂයෙන් මෙය, ඩෙසිප්‍රමීන් (Desipramine) නැමැති ඖෂධයේ සිදුවේ. එයට අමතරව, විටමින් E මගින්, ක්ලෝප්‍රොමසින් (Chlorpromazine), අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඇතැම් ඖෂධ, සහ කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට ලබාදෙන ස්ටැටින් (Statin) වර්ගයේ ඖෂධ, ශරීරයට අවශෝෂණය කරගැනීමද සැලකිය යුතු ලෙස අඩුකරයි. එමෙන්ම, පිළිකා වලට රසායනික චිකිත්සා (Chemotherapy) ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ වල ඵලදායීතාවයද, විටමින් E මගින් අඩුකරන බවට සාක්ෂි ලැබී ඇත.

වැඩිහිටියන් සඳහා, විටමින් E වල ශරීරයට වන හානිය අවම වන පරිදි ගතහැකි උපරිම ප්‍රමාණය, දිනකට අන්තර්ජාතික ඒකක (International units) 1500 ක් වේ. කුඩා දරුවන් සඳහා එම අගය දිනකට අන්තර්ජාතික ඒකක 300 ක් වන අතර, නවයොවුන් දරුවන් සඳහා එය දිනකට අන්තර්ජාතික ඒකක 1200 ක් වේ. කෙසේ වුවත්, සාමාන්‍ය පරිදි සෞඛ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය වන නිර්දේශිත ප්‍රමාණයන්, ඉහත අගයන් වලට වඩා සැලකිය යුතු ලෙස අඩුය. නවයොවුන් දරුවන් සහ වැඩිහිටියන් සඳහා දිනකට අවශ්‍ය වන්නේ විටමින් E අන්තර්ජාතික ඒකක 22.5 ක් පමණය. මව්කිරි දෙන මව්වරුන් සඳහා මෙම අගය, දිනකට අන්තර්ජාතික ඒකක 28.5 කි. කුඩා දරුවන් සඳහා දිනකට අවශ්‍ය වන විටමින් E ප්‍රමාණය, අන්තර්ජාතික ඒකක 6-16.5 ක් පමණ වේ.
Sources: https://ods.od.nih.gov/factsheets/VitaminE-HealthProfessional/
               http://www.webmd.com/vitamins-supplements/ingredientmono-954-vitamin%20
              Nayana Wijeratne-STO ,Yatinuwara