Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 16, 2016

ගිලීමෙන් ශරීරයට ඇතුළු වූ අපද්‍රව්‍ය ඉවත් කරන පරිණාමකය

ගිලීමෙන් කුඩා දරුවන් ඇතුළු මිනිසුන් ගේ ශරීරයට ඇතුල් වන අපද්‍රව්‍ය ඉවත් කරන මෙම පරිණාමකය optimus prim rib හෝ Bumblebacon නමින් හදුන්වයි. ශරීරයට ඇතුළු වූ විට දියවී යන අයිස් කැප්සියුලයක් තුල අන්තර්ගත කර ඇති ඉතාම කුඩා Origami රොබෝවක් ලෙස මෙය සකසා ඇත. විද්‍යාඥයින් නිර්මාණය කල මෙම දිරාපත් නොවන රොබෝවට ගිලීමෙන් ශරීරයට ඇතුල් වන  බොහෝ අපද්‍රව්‍ය  ශල්‍යකර්මයකින් තොරව ඉවත් කල හැකිය. දිග හැරීමක් හෝ විද්‍යුත් බලයක් අවශ්‍ය නොවන මෙය බාහිර චුම්භකයක් මගින් පාලනය කල හැකිය. අයිස් කැප්සියුලය ගිල්ලවිට ආමාශය තුළදී අයිස් දියවී එය තුළ ඇති Origami රොබෝව මතුවී ක්‍රියාත්මකවීම ආරම්භ කරයි.

 මෑතකදී රොබෝවේ ක්‍රියාකාරිත්වය පිළිබද MIT ආයතනයේ විද්‍යාඥයින්, ජපානයේ සහ එංගලන්තයේ විද්‍යාඥයින් එක්ව පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම කණ්ඩායම ආදර්ශ ආමාශයකට, ඔර්ලෝසුවකට යොදා ගන්නා කුඩා බොත්තම් ආකාරයේ බැටරි ඇතුළු කරන ලදී. බැටරි ඇතුළු කිරීමට පෙර  ආදර්ශ ආමාශය සිලිකන් හරස් කඩයක් සේ සකසා ඇත. බැටරි ඇතුළු කිරීමට පෙර ආදර්ශ ආමාශයට ජලය සහ දෙහි යුෂ එක්කරන ලද්දේ ආමාශයේ අම්ල වලට ඔරොත්තු දීම සඳහාය.

පර්යේෂණ කණ්ඩායම සාර්ථක ලෙස චුම්භක මගින් කුඩා රොබෝව ගිලුණු බැටරිය දෙසට ආසන්න කර බැටරිය ඉවත් කරන ලදී. ආමාශයේ පිළිස්සීම වලට හේතුවන මෙවැනි බැටරි ගිලීම් වලට ලක්වන ප්‍රමාණය  එක්සත් ජනපදයේ පමණක් 3500 ක් පමණ වේ. එවැනි රෝගීන් ඇතුළු සියලු රෝගීන්ට මෙම සොයාගැනීම ඉතාම ප්‍රයෝජනවත් වේ.
 
ජීර්ණ ක්‍රියාවලිය මගින් ආමාශය තුළදී බැටරි ඛාදනය වී ඒවායේ  අම්ල ශරීරයට එක් වීමට පෙර එම බැටරි කුඩා Origami රොබෝට ඉවත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. තවද Origami රොබෝව තුවාල වෙලීමට හා ඹෟෂධ ප්‍රවාහනයට යොදා ගැනීම සඳහා විද්‍යාඥයින් කටයුතු කරන බවත් වාර්තා වේ.

උපුමා ගැනීම:-
The meat transformer to retrieve the weird things you have swallowed by Kate Baggaley.
https://www.youtube.com/watch?v=3Waj08gk7v8

වර්ණක නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ට කෘතිම‌ ඩයිවර්ග වලට හිමිතැන ලබාගත හැකිද?

අප අඳිනු ලබන ඇඳුම් වර්ණගන්වන්නේ කෙසේද?මෙමපැනයට වර්තමානයේදෙනුලබන පොදු පිළිතුර වන්නේ ඛණිජරසායනික ඩයි​වර්ග (petrochemical dyes) වලින් යන්නයි.අප එම කෘතිම සායම් ​හෙවත්​ ඩයි ​වර්ග නිපදවා ගනුලබන්නේ ඛණිජ​ තෙල්​ හා විෂරසායන ද්‍රව්‍ය උපයෝගී ​කරගෙනයි. නමුත් පුංශ​ ජාතිකයකු වන Thomas Landrain ඒදෙස සාම්පදායික ආකෘතියෙන්​බැහැරව සිය අවධානය යොමු ​කළේය.එනම් වගා කළ බැක්ටීරියා වර්ගයකට තීන්ත ​හා සායම් නිපදවීමේ ​හැකියාව ඇතිබවත්​තවදුරටත්ඛණිජ​ තෙල්​ හා විෂරසායන ද්‍රව්‍ය උපයෝගී ​කරගෙන ඩයි ​වර්ග නිපදවා ගැනීමේ උවමනවක් නැති බවත් ඔහුපවසයි. සීනි එකම අමුද්‍රව්‍ය ලෙස භාවිතාකර ​විදව්‍යාගාරයකදී ඩයි වර්ග නිපදවා  ගැනීමට බැක්ටීරියා වර්ගයක් යොදා ගැනීම ඔහුගේ​අරමුණවිය.

Thomas Landrain හා සහයකයන් වසර තුනකට පෙර පැරීසියේ La Paillasse නමැති ජීවවිදව්‍යාගාරයකදී මේ ගැන පර්යේෂණ කරන ලදි. ඔවුන්ට ‌අවැසිවී ඇත්තේ බැක්ටීරියා මගින් වැඩකරන පෑනක් නිපදවා ගැනීමයි (සීනි ආහාරයට ගෙන තීන්ත පිට කරන බැක්ටීරියා පෑනක්). ඔවුන්ගේ  පළමු තෝරාගැනීම වූයේ නිල්පැහැ වර්ණක නිපදවන දකුණු ඇමරිකානු  Streptomyces ගණයේ බැක්ටීරියාවකි. Landrain හා සහයකයන් එම වර්ණක වෙන් කරගෙන එමගින් ලිවීමට උත්සාහ කළහ.

මෙම කණ්ඩායමේ වෑයම වූයේ මෙම ජීව වර්ණක (bio-ink) රෙදිපිළි කර්මාන්තයේදී භාවිතයට ගැනීමයි. බැක්ටීරියාවන්ගේ ‌පාරිසරික‌ සාධක ‌වෙනස්කිරීම මගින් ‌වෙනස් වර්ණක ලබාගැනීමට උත්සුක වූ ඔවුන්ට සාර්ථකව විවධ වර්ණක නිපදවා ගැනීමට හැකියාව ලැබුණි. බැක්ටීරියාවන්ට ලබාදෙන සීනි වර්ග වෙනස්කරමින්‚ උෂ්ණත්ව වෙනස්කරමින් හා එකම උෂ්ණත්වය ලබාදෙන කාලසීමවන් ​වෙනස් කරමින් තීන්ත නිපදවීම පාලනය කිරීම මෙන්ම විවිධ වර්ණ ලබාගැනීමට ක්ෂුද්‍ර ජීවීන්( Streptomyces ඇතුලු බැක්ටීරියාවන්)පොළඹවා ගැනීම සිදුකළ ඔවුන් එමගින්රතු, කහ, තැඹිලි හා දම්වැනිවර්ණද නිපදවීමට සමත්විය.

Landrain පවසන්නේ මෙලෙස විවිධ වර්ණ නිපදවීමට හැකයාව ​ලැබුනහොත් එය​ දැනටභාවිතා කරන petrochemical ඩයි වර්ගවලට සැබෑ ​විකල්පයක් වනු ඇති බවයි.

බොහොමයක් තීන්ත වර්ග සෑදීමට petrochemicals හා organic pigments වලට ​අමතරව ඇතැම් බැර ලෝහ වන කැඩිමියම් හා ඊයම් ද යොදා ගැනේ. උදාහරණයක් ‌ලෙස ‌බෝල්ටිපොයින්ටි පෑන ගතහොත්‌ එහි ‌කලු පාට ලබාගන්නේ carbon black මගිනි.​ එයද  petroleum දහනයේඅතුරැ ඵලයකි.​ ඛණිජ​​​ තෙල් මත නොයැපෙන සායම් කර්මාන්තයක් ඔවුන්ගේ ඉලක්කය බව Landrain දැඩි විශ්වාසයෙන් පවසයි.

Newscientist (6th January2016)ඇසුරෙන්

බෝ නොවන රෝගයක් වූ දියවැඩියාව....

සාමාන්‍ය භාවිතයේදී දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන  මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ  මෙය ඇතිවිය හැකිය. 


මෙහි රෝග ලක්ෂණ වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.
දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන සංකුලතාවයන් ලෙස හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවාහඳුනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි. 
1.            පලමු වර්ගයේ දියවැඩියාව/ යෞවන දියවැඩියාව (juvenile diabetes) : දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියා [insulin-dependent diabetes mellitus (IDDM)] තත්වයක් ලෙස හෝ හඳුන්වන අතර මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත. මෙම වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි.

2.      දෙවන වර්ගයේ දියවැඩියාව /වෘද්ධ දියවැඩියාව (adult-onset diabetes : ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ තත්වයක් ලෙස හෝ හඳුන්වන අතර මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි. මෙම දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.

3.      ගර්භනික දියවැඩියාව (Gestational diabetes: කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ. ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝධීතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී. වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරුන්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයේදී දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත. ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ.
1921 දී වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස ඉන්සියුලීන් භාවිතයට ගැනීමත් සමගම ඉහත කී සියලු ම වර්ගයේ දියවැඩියාවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී ඇත.
පළමු වර්ගයේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සිරුරට සින්නක්කර ගැනීමෙනි. ආහාර පාලනය හා ව්‍යායාම එහි එක් අංගයක් පමණි.
දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ආහාර පාලනය, පෙති වර්ග හා ඉන්සියුලින් එන්නත් කිරීම යන ප්‍රතිකාර ක්‍රම වල එකතුවෙනි.
                                                                                                                              


සිරුරේ ග්ලුකෝස් මට්ටම පහළ යාම  නිසියාකාරව පාලනය නොකලහොත් නොයෙකුත් සංකූලතා ඇති කරයි. ක්ෂණිකව ඇතිවන සංකූලතාවයන් මෙන්ම  දීර්ඝකාලීන සංකූලතාවයන් ලෙස රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වල‍ට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම. හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවිය හැක. දියවැඩියාවට මනාලෙස ප්‍රතිකාර ගැනීම, රුධිර පීඩනය පාලනය කිරීම, දුම්පානය අතහැරීම, සිරුරේ නිරෝගී බරක් පවත්වාගෙන යාම තුළින් ඉහත සඳහන් කරන ලද සංකූලතාවන් ඇතිවීමේ අවධානම අඩු කරයි.
සංවර්ධිත රටවල්වල වයෝවෘද්ධ නොවන වැඩිමල් වැඩිහිටි පුද්ගලයන්ගේ අන්ධතාවයට හා අනතුරක් නිසා‍  සුව නොවන පාද කපා ඉවත්කිරීම් වැඩිවශයෙන්ම සිදුවනු ලබන්නේ දියවැඩියාව හේතුවෙනි. තවද ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩුවල රුධිර කාන්දු පෙරණය සිදුකිරීමත් අවශ්‍ය වන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාව නිසා සිදුවන වකුගඩු නරක් වීමයි.

දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම :
නිරාහාර රුධිර සීනි මට්ටම්
ආහාර ගෙන පැය දෙකකට පසු
සාමාන්‍ය
100 mg/dl අඩු
126 mg/dl අඩු
පුර්ව දියවැඩියා තත්වය
100-110 mg/dl අතර
126 -  140 mg/dl අතර
110 - 126 mg/dl අතර
140 mg/dl වැඩි
දියවැඩියා තත්වය
126 mg/dl වැඩි
200 mg/dl හෝ වැඩි

·        නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 126 mg/ හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
·        ග්‍රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් රීක්ෂාවකදී රුධිර සීනි මට්ටම 200 mg/dl හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
·        අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම 200 mg/dl හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී
රෝග ලක්ෂණ නොමැතිව ඉහත කී එක් පරීක්ෂණයක් පමණක් මගින් ඉහළ ග්ලුකොස් මට්ටමක් ඇති බවට පෙන්නුම් කරන අවස්ථාවන්හි දී ඉහතින් සදහන් කරන ලද වෙනත් පරීක්ෂණයක් වෙනයම් දිනක සිදු කිරීම මගින් රෝගය ඇති බවට තහවුරු කරගත හැකිය. බොහෝ වෛද්‍ය වරුන් රෝගීන් නිරාහාරව තබා රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර බැලීම සදහා කැමැත්තක් දක්වන්නේ ග්ලූකෝස් සීහුම් පරික්ෂාවකට වඩා එය පහසු වන අතර අඩු කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි. නූතන අර්ථ දැක්වීම් වලට අනුව නිරාහාරව සිට ලබාගන්නා රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම අවස්ථා දෙකකදී 126 mg/dl හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී දියවැඩියාව ඇති බවට නිර්ණය කළ හැකිය.
නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 110 සිට 125 mg/dl අතර  ඇති අවස්ථාවන්හිදී නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමට‍ බාධා ඇති වී ඇති අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. ග්ලූකෝස් ග්‍රෑම් 75 පානයට ලබාදීමෙන් පැය 2 කට පසු රුධිර ග්ලූකෝස් මට්ටම 140 mg/dl හෝ ඊට වැඩි අවස්ථාවන්හිදි ග්ලූකෝස් සීහුම් පරීක්ෂාව සදහා බාධා ඇති වී ඇති බවට සැලකේ. මෙම අවස්ථාවන් දෙකෙහිදී පසුව සදහන් කළ අවස්ථාවන් ඇති රෝගීන් පසුකාලීනව දියවැඩියාව හා හෘද රෝග ඇති වීම සදහා වැඩි අවධානමක් ඇත.
ගර්භණී තත්වයේ ඇති වන දියවැඩියාව :
ගර්භණී අවස්ථාවේ දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10%  ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන් විකලාංග වීමේ අවදානමද ඇත.

ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන් (රෝග විනිශ්චය පරීක්ෂණ) :
නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )

92 mg/dl

ආහාර ගෙන පැයකට පසුව
180 mg/dl

ආහාර ගෙන පැය 2 කට පසුව
153 mg/dl


වැළක්වීම :
පළමු ආකරයේ දියවැඩියාව වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත.
දෙවන ආකාරයේ දියවැඩියාව බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම, ක්‍රියාකාරී දිවි පැවැත්ම,  කායික ව්‍යායාම සහ සෞඛමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ.
ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. නිවුඩ්ඩ ඉවත් නොකරන ලද පූර්ණ  ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල, කඩවත්සතර

PIN දියෝඩ පදනම් කරගත් ගිනි සංවේදකය

 පසුගිය දිනවල ශ්‍රි ලංකාවේ කොස්ගම , සාලාව යුධ හමුදා කදවුරේ ඇති වු ගින්න හේතුවෙන් අත් වු ශෝචනීය ඉරණමෙන් සිදු වු හානිය වැනි හානියක් නැවත ඇති විම වලක්වා ගැනිම සදහා ඉතාමත් පහසුවෙන් හා අඩු වියදමකින් සාදා ගත හැකි මෙම ගිනි නිවිමේ උපකරණය පිළිබද තොරතුරු ඉදිරිපත් කිරිමට අදහස් කළෙමි.



 
මෙම ගිනි නිවනය අධෝරක්ත කිරණ සංවේදනය මගින් වඩා සක්‍රිය ගිනි අනතුරක් හදුනාගත හැකි අධි සංවේදි සංවේදකයකි. තර්මිස්ටරය පදනම් කරගත් ගිනි එළාම් වලට වඩා මෙම ගිනි සංවේදකය හොද ක්‍රියාකාරි වේ.
තර්මිස්ටරය පදනම් කරගත් ගිනි නිවිමේ උපකරණයක් ගින්න හදුනාගනු ලබන්නේ ගින්න නිසා ඇති වන තාපය තර්මිස්ටරයට ආසන්නව ලැබිම මගිනි. වඩා ඉක්මනින් ගින්න හදුනා ගැනිම සදහා මෙම සංවේදකය යොදාගත හැකි වේ.
පහත රූපය මගින් මෙම උපකරණයේ ආදර්ශයක් දැක් වේ. මෙම උපකරණය මගින් දෘශ්‍ය ආලෝකයේ අධෝරක්ත 430nm – 1100nm අතර පරාසය හදුනා ගනි. ගින්නක් හේතුවෙන් මෙම IR පරාසය වෙනස් වන බැවින් මෙහි ඇති එලාමය ක්‍රියාත්මක වේ.එලෙසම ගින්නක් හේතුවෙන් ඇති වන ගිනි පුළිගු පහසුවෙන් හදුනාගත හැකි වේ. ඉතා පහසුවෙන් ප්‍රදර්ශණ කාමරවල විශේෂිත ලාච්චු වල ගබඩා කර අත්හදා බැලිම් කර ඇත.
පහත රූපයේ දැක්වෙනුයේ IR හදුනා ගැනිම සදහා යොදාගනු ලබන PIM දියෝඩයක් වන BPW 34 වේ. මෙහි අග්‍ර 2ක් පවතින අතර මෙය ෆොටෝ දියෝඩයකි. මෙය ඇනෝඩයකින් හා කැතෝඩයකින් සමන්විත වේ. මෙම දියෝඩය  මගින් 900nm පමණ ආලෝකයක් ලැබුණු පසු මෙම උපකරණය මගින් මිලිවෝල්ට් 350 ඡනනය කළ හැකි උපකරණයකි.මෙය සුර්යාලෝකය සදහාද සංවේදි වන අතර ගින්නෙන් වන අලෝකයටද සංවේදි වේ.එබැවින් මෙය ආලෝක සංවේදකයක් ලෙසද භාවිතා කල හැකි වේ. මෙම උපකරණය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද පරිපථ සමග පහත දැක්වේ.මෙහි ප්‍රධාන වශයෙන් ක්‍රියාකරනුයේ 9v බැටරියක් , D1 වශයෙන් හදුන්වන BPW 34 දියෝඩයක්, CA 3140(IC1) නමින් හැදින් වෙන කාරකාත්මක වර්ධකයක්, CD 4060 (IC2) නමින් හැදින්වෙන ගණකයක් BC547 (T1,T2) ට්‍රාන්සිස්ටරයක්,PZ1 සිනේබසරයක් සහ වෙනත් රෙසිස්ටර් වර්ගයන්ය.

මෙම උපකරණය ඔබත් අත්හදා බලන්න.  


ජානක අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යද්ථානය
තුම්පනේ (ගලගෙදර)


උපුටා ගැනිම - http://electronicsforu.com/electronics-projects/pin-diode-based-fire-sensor

June 15, 2016

ඇස්බෙස්ටොස්

ඇස්බෙස්ටොස් ස්වභාවික ඛණිජයක් වන අතර තන්තු හා කෙදි වශයෙන් පරිසරයේ පවතී. විවිධ හැඩයෙන් යුත් මෙය සුදු, නිල් හා දුඹුරු පැහැයෙන් යුක්තය. ඇස්බෙස්ටොස් තන්තු තාපයට, ගින්නට හා රසායනික ක්‍රියාවලට ප්‍රතිරෝධි වන අතර විද්‍යුතය සන්නයනය නොකරයි. එමෙන්ම කල් පවතී. ඇස්බෙස්ටොස් වල පවතින මෙම ගුණාංග නිසා කර්මාන්ත රැසකට බහුල වශයෙන් එය යොදා ගනී.

ඇස්බෙස්ටොස් නිෂ්පාදන ලෙස වහල ආවරණ තහඩු ,ගෙබිම අතුරන ටයිල් ,සිවිලිම් අමුද්‍රව්‍ය දැක්විය හැක. මීට අමතරව වාහන වල කොටස් , වතුර ටැංකි හා වැසිකිලි ටැංකි සෑදීමටද එය භාවිතා කෙරේ. ගින්නට ඔරොත්තු දෙන බැවින් ඇස්බෙස්ටොස් වැඩි වශයෙන්ම ආවරණ ලෙස යොදා ගන්නා අතර ඒ අතුරින් පයිප්ප ආවරණයට යොදා ගන්නා ඇස්බෙස්ටොස්  වල විෂ අධික වේ. තවද නැව්, යුධ ටැංකි, ගුවන් යානා සහ ට්‍රක් ආදිය නිෂ්පාදනයේදි හා හමුදා ක්ෂේත්‍රෙයේ විවිධ ගොඩනැගීම් සදහාද එහි භාවිතය බහුලව සිදුවේ.

ලෝකයේ වාර්ෂික ඇස්බෙස්ටොස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන දෙකට වැඩි වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ඇස්බැස්ටස් නිසා වාර්ෂික මරණ 43000 ක් පමණ සිදුවේ. එහි ඇති අනතුරුදායක බව නිසාම ලෝකයේ රටවල් 50 කට අධික ප්‍රමාණයක් ඇස්බෙස්ටොස් භාවිතය තහනම් කර ඇති නමුත් ඒ වෙනුවට භාවිතයට සුදුසු ආදේශකයක් සෙවීමේ ගැටළුව මතුවී තිබේ.

ඇස්බෙස්ටොස් මගින් සිදුවන හානි වලින් ආරක්ෂා වීමට ස්ථීර පිළියම වන්නේ ඒවා ඉවත් කිරීම වුවද එය නිසිලෙස නොකළ හොත් ඒවායින් තන්තු නිකුත් විය හැක. ඇස්බෙස්ටොස් කැබලි ගෙමිදුලේ හෝ අවට ඇත්නම් ඒවා ඇල්ලීමට යාමෙන් වැළකිය යුතුය. ඇස්බෙස්ටොස් තහඩු වලට ගැසීමෙන්, ඇතිල්ලීමෙන් ඒවා කම්පන වලට ලක්වීමෙන් හෝ සුළගට නිරාවරණය වීමෙන් තන්තු නිකුත්වේ. එබැවින් හානි වී තිබෙන ඇස්බෙස්ටොස් ඇල්ලීමෙන් වැළකීම මෙන්ම එම ස්ථානයට යාමෙන් වැළකීම මගින් සිදු විය හැකි හානි අවම කර ගත හැකි වේ. වැරදීමකින් අතින් ස්පර්ශ වුවහොත් වහාම අත් සේදිය යුතුය. ඉවත් කිරීමට අවශ්‍ය නම් අත්වැසුම් පැළදිම වඩාත් සුදුසුය. එසේම දරුවන්ට එවන් දේ කිරීමට පැවරීමෙන් වැළකිම මෙන්ම ඇස්බෙස්ටොස් කුඩු ඇත්නම් වැකුම් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමෙන්ද වැළකීම අත්‍යාවශ්‍ය ආරක්ෂාකාරී පිලිවෙත් වේ.

නිවසේ කසල බදුන් වලට ඇස්බෙස්ටොස් දැමීමෙන් වළකින්න. ඔබගේ නිවසේ‍ ඇති ඇස්බෙස්ටොස් හදුනාගැනීමට ඒ පිළිබදව දන්නා අයගෙන් උපදෙස් හා මග පෙන්වීම් ලබා ගන්න. ඇස්බැස්ටස් හොද තත්වයේ ඇතිනම් හානියක් නොමැති අතර ඒවා පලුදු වී ඇති දැයි විටින් විට පරීක්ෂා කරන්න.

ඇස්බෙස්ටොස් නිසා ඇති වන රෝග අතර පෙනහලු පිළිකා, මෙස‍තෙලියෝමා පිළිකා, ඇස්බෙස්ටොස් හා පෙනහලු වල පටක ඝන වීම දැක්විය හැක. මෙම‍ රෝග වලට අමතරව කිවිසුම් යාම, කැස්ස, බර වැඩිවීම, ඇගපත අමාරු හා පපුවේ වේදනා වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.

එම නිසා ඇස්බෙස්ටොස් මගින් ප්‍රයෝජන ලබා ගැනීමට අමතරව ඉන් වන හානි වළක්වා ගැනීමටද දැනුවත් විය යුතුය.

සැකසුම-විද්‍යා හා තාක්ෂණ නිළධාරි-බලපිටිය


පොත පත ඇසුරිනි.