Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 3, 2015

අප කන දේ ලිපාවත් නො දනී.


සමස්තයක් වශයෙන් මානව වර්ගයා වඳ වීමේ තර්ජනයකට ලක් වී අවසන් ය. එලෙස සමස්තය වඳ වනවාටත් වඩා ශීඝ‍්‍රතාවයකින් සිංහල ජන වර්ගය වඳ වෙමින් සිටින බව පවසන්නට අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත. බැලූ පමණින් ම ඒ බව වටහා ගත හැකි ය. දරුවන් නොමැති වීමත්, සිටින දරුවන්ට ද වැඩිහිටියන්ට ද රෝග කාරකයක් පවා සොයා ගත නො හැකි භයානක රෝග පීඩාවන්ට ගොදුරුව ජීවත් වන්නට සිදු වීමත් නිසාවෙන් මේ අර්බුදය ඇති වුණ බව අප පිළි ගත යුතු ය.
අප ගන්නා ආහාර පාන විසින් මේ ප‍්‍රශ්නය වඩාත් සංකීර්ණ තලයකට ඔසවා තබා ඇත. අද අප මේ කථා කරන දෙය ගැන දැඩි අවධානයක් නො තිබුණ ද දැන් දැන් ම මෙයට පිළියමක් නො යෙදුවහොත් මතු දිනෙක මානව වර්ගයාගේ වඳ වීම කෙරෙහි සෘජුව ම බල පෑ හේතුවක් ලෙස මේ ගැන කථා කරන්නට සිදුවන බව නිසැක ය. ඒ අනෙකක් නොව ජාන විකෘති කරන ලද ආහාර හා බීජ හරහා ඇති වී තිබෙන ඛේදජනක වාතාවරණය යි.
දේශීය ගොවිතැනට අද මුහුණපාන්නට සිදුව ඇති භයානකම අර්බුදය පවතින්නේ බීජ සම්බන්ධවයි. මෙම අර්බුදය තේරුම් කර ගැනීම අපගේ සෞඛ්‍යයට ගුණදායක ය. මනසට සුවදායක ය. වඳ වී යන ජාතියේ සුරක්‍ෂිත හෙට දවස උදෙසා අතිශය වැදගත් ය. එයට හේතුව ජාන වෙනස් කරන ලද බීජවලින් නිපදවන දෙයින් අප කන්නේ කුමක් ද? අපට වන්නේ කුමක් දැයි අප ම නො දන්නා බැවිනි. ශරීරයේ ජාන විකෘති වීම කෙරෙහි ද එමඟින් පිළිකා වැනි භයානක ලෙඩ රෝග ඇති වීම කෙරෙහි ද මේ ජාන විකෘති නිෂ්පාදනයන්ගේ සෘජු සම්බන්ධයක් නැති බවට කිසිවෙකුත් සහතික නොවන බැවිනි.
අපගේ බීජ ප‍්‍රතිපත්තිය දේශීය ගොවිතැනට වින කිරීමට ඇති කරන ලද්දකි. මෙරට බීජ පනතක් ඇත. එම පනත සාදා ඇත්තේ උසස් ප‍්‍රමිතියේ බිජ නිෂ්පාදනය සඳහා බව එහි සඳහන් ය. එහෙත් එම පනතින් ආරක්ෂාව ලබන්නේ වැඩි දියුණු කරන ලද බීජ සමාගම් මිස දේශීය බීජ නො වේ. දේශීය සරු බීජ විකිණීම එම පනත මගින් නීති විරෝධී ක‍්‍රියාවක් බවට පත්කර ඇත.
ආනයනික බීජ මත යැපෙන කෘෂිකර්මයක් අප නිර්මාණය කර ගෙන ඇත. මෙලෙස ආනයනය කරන බීජ වැඩි ප‍්‍රමාණයක් ජාන තාක්ෂණය අනුව නිපදවන ලද ඒවා ය.
ජාන තාක්ෂණයේ භයානකකම මුලින් ම හඳුනාගත් රට ශ‍්‍රී ලංකාව විය. 2001 දී අප ජාන වෙනස් කරන ලද නිෂ්පාදනවලින් සැදූ ආහාර මෙරටට ආනයනය තහනම් කිරීමට තරම් එඩිතර වීමු. එහෙත් එම එඩිතරකම වැඩි කලක් තබා ගැනීමට ලෝක වෙළඳ සංවිධානය අපට ඉඩ දුන්නේ නැත. එම තහනම හකුළාගැනීමට අප රටට සිදු වූ අතර, 2006 දී ජාන වෙනස් කළ ආහාර මෙරටට ගෙන්වීමට ඉඩ දීමට රජයට සිදු විය. 2011 දී අප තවත් ඉදිරියට ගියේ ජාන වෙනස් කළ ආහාර සහ බීජ ගෙන්වීමට ඉඩ දෙමිනි. වෙනත් වචනවලින් කියනවා නම් 2001 දී භයානක වූ ජාන වෙනස් කළ ආහාර සහ බීජ දැන් හොඳ ය. ‘‘කන්නට වුවමනා වූ විට කබරගොයාත් තලගොයා වීමේ” ගැමි වදන මෙහි දී මතකයට නැගේ.

කුමක් ද මේ ජාන තාක්ෂණය?
ඉතා කෙටියෙන් කියනවා නම් ඕනෑ ම ජීවියකුගේ ජාන රසායානගාර තාක්ෂණ ක‍්‍රමයකින් හඳුනා වෙන්කොට ගෙන ඒවා බැක්ටීරියා හෝ වෛරස් ද්‍රාවණයක රසායනාගාරයක් තුළ වර්ධනය කිරීමේ ක‍්‍රමවේදයයි. අනතුරුව එම ජානයන් මුළුමනින් ම වෙනත් වර්ගයක ජීවී කොට්ඨාසයක සිරුරට ඇතුළත් කිරීම ජාන තාක්ෂණයයි. මිනිසුන්ගේ ජාන ඌරන්, බැටළුවන්, මාළුවන් වැනි සත්වයන්ට ඇතුළු කෙරෙන්නේ මෙලෙස ය. අධික ශීතල කාලගුණ තත්ත්වයන් යටතේ කැරට් වගා කිරීම සඳහා උත්තරධ‍්‍රැවයේ අධික ශීතල දරාගත හැකි සීල් මත්ස්‍යයන්ගේ ජාන කැරට් තුළට ඇතුළත් කරන්නේ මෙම තාක්ෂණයෙනි.
ජාන තාක්ෂණය අනුව විකෘති කරන ලද ආහාරවල සුරක්ෂිත බව තහවුරු කළ නො හැකි බව බොහෝ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. මෙය පැහැදිලි කර ගත හැක්කේ මෙසේ ය. එක් ජීවියකුගෙන් ලබා ගන්නා ජානයක් තවත් ජීවීයකුට ඇතුළත් කිරීමට පෙර බැක්ටීරියා හෝ වයිරස් ද්‍රාවණයක වර්ධනය කර ගත යුතු ය. ඇතුළත් කරන ලද ජානය වර්ධනය වීමේ දී එම බැක්ටීරියා සහ වෛරස්වල ද ගුණාංග ක්‍ානය විසින් එතුළට ඇතුළත් කර ගැනීම මෙම ගැටලූවයි. එමනිසා තවත් ජීවියකු තුළට ඇතුළත් කරන ජානය මුල් ජානය ම නො වේ. කිසිවකුත් නො දන්නා ගුණාංග සහිත බැක්ටීරියා සහ වෛරස්වලින් දූෂිතවූවකි.මෙහි ප‍්‍රතිඵලය වන්නේ,
·        කලින් දැන ගත නො හැකි අලූත් ජාන ප‍්‍රභෙදයන් නිර්මාණය වීම.
·        රෝග කාරක නව වෛරස් සහ බැක්ටීරියා නිර්මාණය වීම.
·        ඖෂධ සහ ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ජානයන් සහිත බැක්ටීරියා සහ වෛරස් සුව කළ නො හැකි රෝග තත්ත්වයන් ඇති කිරීම.
·        මෙතෙක් නිදා සිටි වෛරස් අවදි කිරීම තුළින් සුව කළ නො හැකි රෝග තත්ත්වයන් ඇති කිරීම.
·        පරිසරයට මුදා හැරීමෙන් පසු සිදුවන අහිතකර ප‍්‍රතිඵල කිසිවකුට විපරමක් කළ නො හැකි වීම.
ජාන තාක්ෂණය ලොව විශාලම බීජ නිෂ්පාදන සමාගම්වල අධිකාරයකි. මේ සමාගම් කෙතරම් බලවත් ද යත් ඇමරිකානු කෘෂි ප‍්‍රතිපත්තිවලට පවා බලපෑම් කළ හැකි ඒවා ය. එම නිසා එහි අහිතකර ප‍්‍රතිඵල ගැන තොරතුරු කිසිවිට මහජනතාවට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති සකසන අයගෙන් වසන් කිරීමට ඔවුන් දක්ෂ ය. ඒ, මේ හා සම්බන්ධව කටයුතු කරන සියලූ විද්‍යාඥයන් ඔවුන්ගේ වැටුප් ලබන්නන් වන බැවිනි.
දැනට ජාන වෙනස්කර වඩාත් ම වගා කරන ආහාර නම් සෝයා, ඉරිඟු, කැනෝලා, තක්කාලි, අර්තාපල් ආදි මහා පරිමාණයේ වගාවන් ය. ඔබ ආනයනික කිරි සහ මස් නිෂ්පාදන මිල දී ගන්නේ නම් එම ආහාරවල ජාන වෙනස් කර තිබීමේ ඉඩකඩ වැඩි ය. ළදරු කිරි ආහාර නිෂ්පාදන මෙයින් භයානකම ඒවා ය.
එක් උදාහරණයක් පමණක් සටහන් කරමි. ‘ගර්බර්’ (Gerber – මෙම සමාගම වෙනත් ප‍්‍රසිද්ධ වෙළඳ නාමයකින් ශ්‍රී ලංකාවේ ද ක‍්‍රියාත්මක ය.) කිරි නිෂ්පාදනවල ජාන විකෘති කරන ලද අමුද්‍රව්‍ය අඩංගු බවට ඇමරිකානු ජනතා විරෝධය නිසා ඒවා වෙළඳපළින් ඉවත් කර ගැනීමට එම සමාගමට සිදු විය.
මෙහි අතීත කතාව ඉතා අමිහිරි ය. විකෘති කරන ලද ජාන සහිත සෝයා ඇතුළත් කොට මෙම සමාග ම තැනූ ළදරු ආහාර නිසා ළදරුවන්ට, වැඩිහිටි කතුන් තුළ දක්නා ශරීරාබාධ ලක්ෂණ මතු වීම එම කතාවයි.
අප ගන්නා ආහාරවල අඩංගු දැය සම්බන්ධව දැන ගැනීමට අපට අයිතියක් ඇත. එහෙත් ජාන විකෘති කරන ලද බීජවලින් ලැබෙන අස්වැන්න කුමක් දැයි අපට දැන ගැනීමට ක‍්‍රමයක් නො මැත. ඔබ එළවළු පමණක් කෑමට කැමැති අයකු වන්නට පුළුවන. එහෙත් ඔබ අනුභව කරන තක්කාලි, කැරට්, සෝයාවල සත්ව ජාන තිබෙන බව ඔබට දැන ගන්නට ලැබුණොත් ඔබට සිතෙන්නේ කුමක් ද? මෙය එකඟවන්නේ කුමන සදාචාරයට ද?
දේශීය බීජවල අගය අපට වැටහෙන්නේ මෙවිට ය. එහෙත් ඒ මොහොත එළඹෙන තුරු ම අප දේශීය බීජ වඳ වී යන අයුරු බලා සිටිනවා ද?

උපුටා ගැනීම: මහාමේඝ සගරාව

සකස් කලේ: විද්‍යා හා තාක්ෂණ නිලධාරී, රත්තොට

කාන්තාර පරිසරයට අනුවර්තනය වු ඔටුවා ගැන ඔබ නොදත් දේ


ඔටුවන් ශාක භක්ෂක සත්ව කොට්ඨාශයක් වන අතර ඔවුන් කාන්තාරයන්හි පවතින වල්පැලෑට්, කුඩාපැලෑට් හා ශාක පත්‍ර ආහාරයට ගනී.
කාන්තාරයන්හි ජීවත්විම සදහා ඔවුන් සතුව විශේෂිතවු අනුවර්තනයන් දැකිය හැක.කාන්තාර ඉතා උණුසුමි වන අතර නිතරම වැලි කුණාටු දැකිය හැක.මෙම වැලි ඇස තුලට ඇතුළුව්ම වලකාලීම සදහා ඔටුවන් සතුව  දිගු ඇස් පිහාටු දැකිය හැක.එමෙන්ම දැඩි හිරුරැස් මගින් ඇස ආරක්ෂා කරලීම සදහා ඝන ඇහිබැමක් පිහිටා ඇත.එමෙන්ම  වැලි නාසය තුලට ඇතුල්වීම වලකාලීම සදහා ඔටුවන් හට නිතර විවෘත කිරිමට හා වැසීමට හැකි නාස්සිදුරුදැකිය හැක.
තවද සතියකට වඩා වැඩි දින ගණනක් ජලය නොමැතිව ඔවුනට ගමන් කල හැකිවන අතර ඔවුනට මාස ගණනක් ජලය නොමැතිව ජීවත්විය හැක.එක් ජලපානයකදි ඔවුනට ගැලුම් 32කක(ලීටර් 46ක්)ජල ප්‍රමාණයක් පානය කල හැකිය.
ඔටුවන් තම මොල්ලිය තුල මේදය ගබඩාකර ඇති අතර එම මේදය ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුවේ.මෙම මේදය කිලෝග්‍රෑම් 20ක් දහනය වීම මගින් ජලය කිලෝග්‍රෑමි 21ක් පමණ නිෂ්පාදනය වන බව පර්යේෂණ හරහා අනාවරණය වී ඇත. එමෙන්ම අනෙකුත් ක්ෂීරපායින් මෙන් නොව නිරෝගි ඔටුවන්ගේ ශරීර උෂ්ණත්වය දිනය පුරා 34°C සිට 41.7°C ( 93°F-107°F) දක්වා උච්චාවචනය වෙමින් පවති. මෙමගින් පරිසර උෂ්ණත්වය ඉහළ ගියද,දහඩිය දැමීම මගින් තම ශරීරයෙන් ජලය පිටවිම වලකාලයි.

තවද ඔටුවන්ගේ පාදයේ පතුල ඉතා පළල්වන අතර එමගින් වැලිමත පහසුවෙන් ගමන්කිරිමට ඔවුනට හැකියාව ලැබිඇත.ඔටුවාගේ ශරිර ස්කන්ධයෙන් 65%ක් පමණ ඉදිරි පාද මගින් දරාසිටි.

කාන්තාර පරිසරය තුල පවතින කටු සහිත ශාඛ කොටස් කිසිදු වේදනාවකින් තොරව ආහාරයට ගැනිමට පහසුවන පරිදි ඔටුවන්ගේ තොල් ඉතාඝනකමින් යුක්තය.දැඩි කටු සහිත ආහාර වෙන්කොට හදුනාගැනීමටද මෙමගින් හැකියාව ලැබි ඇත.ඔවුන්ගේ වක්වු දිගු ගෙල උස් ශාක කොටස් ආහාරයට ගැනීමටත් ඈතදිම සතුරන් හදුනාගැනිමටත් උපකාරි වේ. තවද ඔවුන්ගේ ශරීර වර්ණය අවට පරිසරයට ගැලපෙන ලෙස ලා දුඹුරු පැහැයක් ගන්නා අතර සම වියලීමෙන් වලකාලිම සදහා සම මතුපිට ඉතා කෙට් රෝමකූප තටිටුවක් පිහිටා ඇත.ඔටුවන්ගේ කන තුලට වැලි ඇතුල්ව්ම වලකාලිම සදහා කනේ පිටත සහ ඇතුලත කෙස් මගින් ආවරණය වීඇත.
ඔටුවන්ගේ ඇස් තරමක් විශාලවන අතර බොහෝ දුර සහ විවිධවු දිශාවන් දැකීම සදහා  එමගින් හැකියාව ලැබි ඇත.  තවද අ‍නෙකුත් ක්ෂීරපායින් ‍ගේ රතු රුධිරානු ‍ගෝලාකාර හැඩයක් ගන්නා අතර ඔටුව න් ‍ගේ රතු රුධිරානු ඕවලාකාර හැඩයකින් යුක්තය.දිගු නියග කාලයන් සදහා ඔ‍රොත්තු ‍දෙමින් රුධිරය ගලායාම පහසුකරලිම සදහා ‍මෙවැනිවු අනුවර්තනයන් ඔවුන් තුල දැකිය හැක.
තවද ‍මෙම ඔටුවන් ‍ගේ වකුගඩු සහ අන්න‍ශ්‍රෝතය ( Intestine) හරහා ජලය  ප්‍රතිඅව‍ශෝෂණ ක්‍රියාවලි‍යේදි ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක ‍වේ.ඔවුන් සතුව ඉතාමත් දිගු මහාඅන්ත්‍රයක් ( Large intestine) පවතින අතර එමගින් අවසාන ජලබිංදුව දක්වා ජල අව‍ශෝෂණය සිදුකරනු ලැ‍බේ.ඔවුන් ‍ගේ මුත්‍රා දුස්ශ්‍රාවිතාවය අධික ද්‍රාවණයක් ‍ලෙස පිටතට පැමි ‍ණේ.එ‍මෙන්ම ඔවුන් ‍ගේ අසුච් ඉතාමත්වියලි ඝණ ස්වභාවයක් ගනි. එය දහන පෝෂක ඉන්ධනයක් ලෙසද භාවිතයට ගනි.
මෙම ඔටුවන්ගේ හැසිරීමි රටාවද ඔවුන්ගේ පරිසරය හා බැදී පවති.පොළව උණුසුමි වීමට ප්‍රථම ,එනමි උදෑසනම ඔවුන් බිම වාඩිවි සිටියි.එමගින් ඔවුන්ගේ ශරීරය හා පොළව අතර සිදුවන තාප හුවමාරුව අවම වේ.එමෙන්ම හිරු කිරණ පොළව මත පතිතවන ව්ට ,  ඔවුන්ගේ ශරීර පෘෂ්ඨයෙන්  අවම ප්‍රමාණයක් හිරු කිරණ හා ගැටීමට සලස්වයි. මෙවැනි වු අනුවර්තනයන් රාශියකින් හෙබ් ඔටුවන් කාන්තාරයේ නෞකාව ලෙස හදුන්වයි.

උපුටාගැනීම - https//en.wikipedia.org/wiki/camel
                        www.exploringnature.org/db/detail


කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි   

July 30, 2015

මී පැණිවල වැදගත්කම

 
අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන්  මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට  ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.
ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්. මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය  මි පැණිත් සමග මිශ්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි. මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කරගත්   මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප්‍රවාහනයයි. ඒ අනුව ඖෂධයක්  මි පැණි  සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ  ඖෂධ  මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි.

ලැබෙන ප්‍රයෝජන නම් ,

මි පැණි  වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශිත ගුණය  ඇත. තුන්දොස් සමනයට මි පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මේ අනුව සිරුරේ වේදනාව ,දාහය ,සෙම සමනය කිරිම සිදුවේ.  ඖෂධයක පවතින සුවිශේෂි ගුණයක් වන මේ තුන්දොස් සමනය කිරිමේ ගුණය මි පැණිවලට ලැබිම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මිට අමතරව මි පැණි මගින් එකට කැටිකර තබා ගැනිමේ හැකියාවද ඇත. මෙය දේශිය වෛද්‍ය ක්‍රමයේ සන්ධාන ගුණය නමින් හදුන්වයි. විශේෂයෙන්  ඖෂධ සැකසිමේදි මේ ප්‍රයෝජන මි පැණිවලින් ලබා ගනි. ඒ අනුව එකට කැටිකර තබාගැනිමට මි පැණි භාවිතා කරන බව පැහැදිලි කරුණකි. ඒ විතරක් නොව  මි පැණිවලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස සිරුරේ පවතින සෙම් කොටස්  සහ අධික මේද තට්ටු ගලවා ඉවත් කර දැමිම පෙන්වා දිය හැකියි. මෙය ජේදන ගුණය නමින් හදුන්වයි.


රුධිරයේ සීනිවලට බලපෑම

මි පැණි අධික ලෙස නිරතුරුවම සිරුරට ලබාදීමෙන් රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාමේ හැකියාව පවතින බව සලකන්න. එබැවින් වෛද්‍ය උපදෙස් මත   මි පැණි   ඖෂධය ලබා ගැනිම කළ යුතුයි. ඖෂධිය ගුණ  මි පැණි මිහිරි රසයකින් යුක්ක වුවත් එහි කහට රසයක්ද පවතිනවා. හේතුව එය විවිධ මල්වල පැණිවලින් මී මැස්සන් විසින්  සකසන නිසයි. මීට අමතරව මි පැණි මගින් කෘශ (කෙට්ටු) කරන ගුණයද පවතින්නේ එහි පවතින මේද කොටස් දියකර හැරිමේ ශක්තිය මි පැණිවල සතු බැවිණි.ඕනෑම හදිසි රෝග අවස්ථාවකදි මි පැණි දිව ගෑමට කදිම ඖෂධයක් වේ. සමහර පිළිකා රෝග අවස්ථාවලදි රෝගි අවස්ථාවේ සිට රෝගින්ට දිනපතා වේලක් තේ හැදි ½ ක් පමණ දිව ගෑමට සැලැස්විම එම පිළිකා තත්වයෙන් මිදිමට උපකාරි වු බව එම පිළිකා රෝගින් විසින් ප්‍රකාශ කරනු ලැබු අත්දැකිමි වේ.
ඒ වගේම මි පැණි හොද විෂ නාශකයකි. හදිසි රෝග අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනිම සදහා ළග තබා ගැනිමට ඕනෑම නිවසක දැකිය හකියි.

මි පැණි විෂයි

රත් වු  මි පැණි   සිරුරට විෂ ගෙන දේ. රස්නයේ  පවතින කිසිම ඖෂධයක් සමග මි පැණි  මිශ්‍ර නොකරයි. හේතුව රත් වු පසු  මි පැණිවල ඇති ගුණ හානිවන අතර මි පැණි    විෂක් ලෙස ක්‍රියා කරන බැවිනි.

මි පැණි  හදුනාගන්න

මි පැණි  මි මැස්සන් විසින් සකසනු ලැබු මිවද වලින් වගේම බඹර පැණි ඹබරුන් විසින් සකසන බඹරවද වලින්ද ලබා ගනි. මි පැණි   හා බඹර පැණි අතරින් වැඩි ඖෂධ ගුණයක් ඇති මි පැණි ප්‍රයෝජනයට ගැනිමෙන් ඖෂධිය වටිනාකම හදුනාගෙන වෙළෛදපොලට දැමිමත් කළයුතු දෙයකි. ඒ සදහා මි පැණි  හදුනාගන්නට නම් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. බඹර පැණි සුදු පැහැ ගැන්වි ඇති අතර මි පැණි රතුවන් දුඹුරු පැහැයක් ගනි. හොද ආරක්ෂකයෙක් විම අතිතයේදි තමන්ගේ ආහාර පිණිස ගත් දඩමස්වලට හොද ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කර ඇත. එනම් දඩමස් මි පැණිවල බහා තබා ඒවා ආරක්ෂාකර තැබිමට සමත්විමයි. එය නරක් නොවි කල්තබා ගැනිමේ  පහසු ක්‍රමයක්ව එකල ප්‍රයෝජනයට ගත්තේය. නමුත් අප දන්නා පරිදි අද ද අපට මි පැණි  එසේ කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකිය. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ  වර්ගවලට මේ ක්‍රමය උපයෝගි කර ගනි.

උපුටා ගැනීම : ලෝකය වටේ සගරාව
සකස් කලේ : විද්‍යා හා තාක්ෂණ නිලධාරී-රත්තොට

July 28, 2015

නිහඩ මාරයා

ව්‍යායාමවලින් තොර ජීවිතයක් ගත කිරීම ඉතා භයානකය. මේ භයානක තත්ත්වය හැදින්වෙන්නේ “නිහඩ මාරයා” යන නමිනි. ඉංග්‍රීසියෙන් Silent Killer යනුවෙන් හැදින්වෙන්නේත් එකී තත්ත්වයමය.
ඔබත් ගත කරන්නේ ව්‍යායාමවලින් තොර ජීවිතයක්ද? එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයෙන් වැඩි ඉඩක් නිහඬ මාරයාට වෙන්කර තිබෙනවාද? මේ ප්‍රශ්න වලට උත්තර සෙවීම අපි ඔබටම භාර කරමු. ඒත් ඔබට ඒ තීරණයට එලබෙන්නට පුංචි පහේ අත්වැලක් සඳහන් කරන්නට අපි කැමැත්තෙමු.
·     ඉඳගත් අසුනෙන් නැගී සිටින්නට බැරි තරමට දවස මුළුල්ලේම ඔබ පුටුවට බර වී සිටිනවද?
·     ඔබේ කාලයෙන් වැඩිහරියක් ගතවෙන්නේ රූපවාහානී යන්ත්‍රය ඉදිරිපිටද?
·     පරිගණකයෙන් තොර ලොවක් ඔබට නැතිද?
·     පයින් ගිහින් එන්න පුලුවන් ගමණට වුවත් මෝටර් රථයේ ආධාරය ඔබට නැතිවම බැරිද?
·     ඔබ වඩාත් ආශාවෙන් කරන්නේ පැත්තකට වී මුලු දවසේම පොත් පත් කියවන එකද?
·     කතාබහෙන්ම දවසේ වැඩි වේලාවක් ගෙවා දමන කාරිය ඔබේ පුරුද්දද,
·     එහෙමත් නැත්නම් විසිහතර පැයෙන් වැඩිවේළාවක් ඔබ කරන්නේ කන් බණුව හෙවත් Earphone පැළ‍දගෙන සංගීතය රස විදීමද?
     ඔබේ දින චර්යාවත් මේ වගේ නම් හෘදයාබාධ, ආඝාතය, දියවැඩියාව, සිරුරේ බර වැඩිවීම සහ ස්ථූලතාව වැනි අමාරුකම් ද ඔබ ලඟටම පැමිණ ඇති බව ඔබ වටහා ගතයුතුය.
     මෙයට කලින් සිටි පරම්පරා ඇත්තටම හරි ක්‍රියාශීලී ජීවිතයක් ගත කලේය. ස්වභාවික විදියට වැඩකිරීම තුල වගේම යන්ත්‍ර සූත්‍ර භාවිතයට නොගෙන තමන්ගේ දහඩිය මහන්සියෙන් වැඩකිරීම තුලයි එවැණි ජීවන පැවැත්මක් ඔවුන්ට හිමි වූයේ . එත් දැන් අපට ඒ ජීවිතයක් බුක්ති විදින්නට අවස්ථාවක් නොමැත. අපි හැම කෙනෙක්ම අපේ ජීවන විලාසයට සරිලන විධියට ව්‍යායාම එකතු කර ගන්න හිතන්න ඕනෑ “ යයි කියන්නේ බ්‍රිතාන්‍යයේ සැල්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය නික් කැවිල්ය.

නවයුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

දිගු කලක් ආයු වැළදීමට අධිපෝෂණය බාධාවක්

පෝෂණ ගුණයෙන් යුත් ආහාරපාන මඳකම වගේම ඔනෑවට වඩා වැඩියෙන් ආහාර පාන ගැනීමත් මිනිස් සිරුර ලෙඩ කරවන්නකි. පෝෂණ ගුණයෙන් යුත් ආහාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇති වන්නේ ස්ථූලතාවයයි. මහත - දෙහෙත ශරීර හැමවිටම ලෙඩට දුකට බරය. හෘදයාබාධ, දෙවන ආකාරයේ දියවැඩියාව, සමහර පිළිකා වගේම අස්ථි සන්ධි ප්‍රදාහය වැනි රෝග තත්ත්ව ඇති වන්නේත් ස්ථූලතාවය හේතුවෙනි.
දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වය කැපීපෙනෙන ලෙස වැඩිවන්නට පටන්ගත්තේ එක්දහස් නමසීය හැ‍ටගනන්වල සිටයි. මේ කාලයේදී වගේ ස්ථූලතාව වැඩිවීම සම්බන්ද ගැටලුවක් පැනනැගුණු බව විද්වත්හු පෙන්වා දෙති. පද්ගලයන් අතර ස්ථූලතාවය වැඩිවන්නට පටන්ගත් විට ඊට සමාන්තරව දෙනව ආකාරයේ දියවැඩියා තත්ත්වයද වැඩිවුනු වග විද්‍යාඥයෝ තහවුරු කරති. ලෝක ජනගහනයෙන් මිලියන 285 කට වැඩි පිරිසක් දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වයෙන් පීඩා විදින බව තහවුරු වුනේ 2010 වසරේදීය. නමුත් 1985 දී දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන පිරිස මිලියන 30 ක් තරම් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට දියවැඩියා තත්ත්වය කරන කොට ගෙන 2004 වසර තුළදී ලෝක ජනගහනයෙන් මිලියන 3.4 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. විසිපස් වසරක් තුල මිලියන ගණනක් ජනයාගේ ආයු වැළඳීම කෙටි වුණු ආකාරය මේ සංඛ්‍යාලේඛන වලින් මනාවට පැහැදිළි වේ.
හෘදයාබාධ නිසා පීඩා විදින තරමත් මීට  දෙවැනි නොවේ. අමෙරිකා හෘද පදනම සඳහන් කරන්නේ හෘදයාබාධ නිසා වසරකට අමෙරිකානු කාන්තාවන් 267,000 ක් පමණ මිය යන බවකි. මිය යන මේ පිරිසෙන් 83000 ක්ම වයස අවුරුදු 65 ට අඩු කාන්තාවන්ය. තවත් 35,000ක් වයස අවුරුදු 55 ට අඩු කාන්තාවන්ය. අමෙරිකානු කොලිජීය නිකුත් කළ හෘද චිකිත්සාව පිළිබද ජර්නලය (Journal of the American College of Cardiology) තවත් භයානක ප්‍රවණතාවක් ගැන හෙළිදරව් කලේ මේ මෑතකදීය. ජර්නලය පෙන්වා දෙන්නේ මාරක හෘදරෝග වයස අවුරුදු 30 – 55 අතර  කාන්තාවන් තුල වැඩිවී ඇති බවයි. එකී රෝග පිරිමින් අතර දක්නට ලැබෙනවාට වඩා වැඩියෙන් කාන්තාවන් අතර දක්නට ලැබීම විශේෂත්වයක් බවයි. මේ හෙලිදරව්ව ගැන ලිපියක් ලියමින් දකුණු ෆ්ලොරීඩාවේ Wellness and Prevention for Baptist Health මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආතර් අගට්ස්ටෝන් සඳහන් කරන්නේ සිරුරට හිතකර ආහාර චර්යාවකට හුරුවීම මෙම තත්ත්වය මිඩින්නට තිබෙන එක් විසදුමක් බවය. විශේෂයෙන්ම තරබාරු වබ ඇති නොවන ආකාරයේ ආහාරපාන ගැනීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි. සංවර්ධිත රටක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ වෙසෙන ජනයා අතර මෙවැනා අවාසනාවන්ත තත්ත්වයන් පැනනැගී ඇතිනම් අනෙක් රටවල් ගැන කුමක් සිතන්නද?
පිළිකා සම්බන්ධයෙන් දකින්නට තිබෙන දෙයත් බොහෝ දුරට මීට සමානය. මිනිසාගේ ආයු කාලය බලාහිදිද්දීම වාගේ කෙටි කර දමන්නට පිළිකාවට පුලුවන. මිනිසාට වැලදෙන්නට පුළුවන් පිළිකා ගණන 100 කට වඩා වැඩි බව සදහන් වේ. ඒ පිළිකා වලින් 10% කට වඩා ඇති වන්නේ තරබාරුකම නිසා බව පිලිගැනේ. මේ වන තෙක් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී තිබෙන්නේ මස් අනුභවය වැඩි අය අතර පිළිකා ඇතිවීමද වැඩි බවකි. කොහොම වුනත් වැඩිපුර එළුවලු පලතුරු සහ ධාන්‍ය වර්ග ගැනීම කොයි කාටත් අගුණ නොවන දෙයක් බව පෝෂණ විශේෂඥයෝ අවධාරණය කරති.

නවයුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

July 27, 2015

ඔබත් සමබල ආහාර වේලක් ගන්නවද?

සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වන්නට නම් මිනිසා හොඳ ආහාර වේලක් ගත යුතුය. “හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැමවිටම අවශ්‍යම පෝෂක කොටස් වලින් සමන්විතය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවන, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට ඇතුලත් විය යුතුය. ආහාර ලබාගන්නා පුද්ගලයා කරන කාර්යය, වයස, ස්ත්‍රී පුරුෂ බව රෝගී - නිරෝගී බව සැලකිල්ලට ගෙන මේ සෑම පෝෂණ කොටසක්ම ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ. ඒ වගේම සෑම පෝෂ්‍ය කොටසක්ම නිවරදි අනුපාත වලින් ආහාර වේලට එකතු කර ගැනීමට හැම කෙනෙකුම උත්සුක විය යුතුය.
ඇතම් පෝෂක කොටස් අධික ලෙස අඩංගු ආහාර වේලක් ගන්නට පුරුදු වුණොත් එයින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වන්නට පුලුවන. ස්ථූලතාව ඇති වීම, දියවැඩියාව වැනි රෝග මතුවීම පමණක් නොව පිළිකා ඇතිවන්නටත් එය  හේතුවක් විය හැක. ආහාරයේ අඩංගු පෝෂණ කොටස් යම් ලෙසකින් අඩු වී නම් එයින් ද බරපතල ගැටලු ඇති වේ. නිදසුනක් ලෙස ප්‍රෝටීන් අඩු වී යයි සිතන්න. එවිට ශරීරයේ වර්ධනය අඩුවේ. ඒ වගේම ශරීරයේ පටක නැවත පිළිසකරවීමක් හෝ අලුත්වැඩියා වීමක් හෝ සිදුවන්නේ නැත.
පර්යේෂකයන් සදහන් කරන්නේ එළවළු වගේම පලතුරුත් අප ගන්නා ආහාර වේලට ඇතුලත් විය යුතු බවයි. එසේ නොවුන හොත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වන්නට පුළුවන් බව ඔවුන්ගේ මතයයි. එ ‍වගේම අවශ්‍ය තරමට ජලය පා‍නය කිරීමත් අනුවාර්යෙන්ම සිදුවිය යත්තක් බව පෝෂණවේදීහු පෙන්වා දෙති.
ස්කන්ද දේහ දර්ශකය එහෙත් නැත්නම් ඉංග්‍රීසියෙන් Body Mass Index වශයෙන් හැඳින්වෙන්නේ පුද්ගලයාගේ බර සහ උස අතර සම්බන්දය විදහා දැක්වෙන දර්ශකයකි. මේ සම්බන්දය ඇසුරින් කෙනෙකුට තමන් ස්තූලතාවයෙන් යුතුද නැද්ද යන්න සොයා ගන්නට පුලුවන. ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබේ උස සහ බර නිවරදි ව ලබාගැනීමයි උස මීටර් වලිනුත් බර කිලෝග්‍රෑම් වලිනුත් ලබාගත්තේ නම් පහත සඳහන් සමීකරණයට ඒ අගයන් යොදන්න.
දේහ ස්කන්ද දර්ශකය              =          ස්කන්ධය (කිලෝග්‍රෑම්)
                                                                        උස2


දේහ ස්කන්ද දර්ශකය(වර්ගමීටරයට කිලෝග්‍රෑම්)
වර්ගීරණය
18.50 ට අඩු
බර වැඩියි
18.50 – 24.99
සාමාන්‍ය බර
25.00 – 29.99
බර වැඩිය
30.00 – 34.99
පලමු පන්තියේ ස්තූලතාවය(තරමක් බර වැඩිය)
35.00 – 39.99
දෙවන පන්තියේ ස්ථූලතාවය(ඉතාමත් බර වැඩියි)
40 ට වැඩි
තෙවන පන්තියේ ස්ථූලතාවය(අධික ලෙසම බර වැඩියි)
මෙම ගණනය කිරීමෙන් ලබාගන්නා අගය මතු දැක්වෙන වගුවේ සඳහන් අගයන් සමග සංසන්දනය කරන්න. එවිට ඔබ සිටින්නේ කොතන දැයි කියා ඔබටම තීරණය කල හැක.
විවිධ රට වල ජීවත්වන  අයගේ දේහ ස්කන්ධ දර්ශනයේ අගයන් විවිධය. ඒ වගේම ලමයින් සඳහා වෙනම දේහ සකන්ධ දර්ශකයක් තිබේ.




නව යුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.